ඩෙස්මන්ඩ් චතුරංග අල්විස් නමැති වෙබ් මාධ්‍යවේදියා මේ වන විට සිරගත කොට තිබේ.

ඒ ඔහු තම පරිඝනකය හරහා තොරතුරු සංසරනය කිරීමෙන් අධිකරනයට අපහාසාත්මක වන හා/ හෝ බලපෑමක් සිදු කර ඇත්තේය යන පදනමකිනි.

මෙම සිදුවීම අරබයා සමාජ සංවාද ගනනාවක් මේ වන විට උත්පාදනය වී තිබේ.

 ඉන් එකක් වන්නේ මාධ්‍ය සදාචාරය පිලිබඳවය. අනෙක අධිකරනය ඉදිරියේ ඔහුට වගකීම ආරෝපනය කිරීමේ හැකියාව පිලිබඳවය. තුන්වැන්න සයිබර් අවකාෂය තුල සත්‍යය වෙනුවෙන් සටන් වැදීම හා පුරවැසියන් දැනුවත් කිරීම ට අදාලව වෙබ් මාධ්‍යවේදීන්ගේ අයිතිය පිලිබඳවය.

මෙම සිදුවීම අරබයා සමාජ සංවාද ගනනාවක් මේ වන විට උත්පාදනය වී තිබේ. ඉන් එකක් වන්නේ මාධ්‍ය සදාචාරය පිලිබඳවය. අනෙක අධිකරනය ඉදිරියේ ඔහුට වගකීම ආරෝපනය කිරීමේ හැකියාව පිලිබඳවය. තුන්වැන්න සයිබර් අවකාෂය තුල සත්‍යය වෙනුවෙන් සටන් වැදීම හා පුරවැසියන් දැනුවත් කිරීම ට අදාලව වෙබ් මාධ්‍යවේදීන්ගේ අයිතිය පිලිබඳවය.

මෙම ක්ෂේත්‍රයන් 3 හිම ගැඹුරු සංවාදයක් අද අපට අවශ්‍යව තිබේ.

ඒ සියලු ක්ෂේත්‍රයන් පිලිබඳ මාගේ මතය එලිදැක්වීමට බලාපොරොත්තු වන අතර ඉන් පලමු වැන්න නීතිය හා තාක්ෂණයේ කෝනයෙන් මෙලෙසට ඉදිරිපත් කොට සිටිමු.

 

නීතිය හා තාක්ෂණයේ කෝනයෙන්:

සයිබර් අවකාෂය තුල තොරතුරු සන්නිවේදනය කරන සයිබර් මාධ්‍ය කන්ඩායම් දෙකක් සිටිති.

එක් කන්ඩායමක් තාක්ෂනිනව හඳුන්වාදෙන්නේ සමාජ ජාල වෙබ් අඩවි (social networking web sites) (SNW) ලෙසටය.

අනෙක් කන්ඩායම හඳුන්වන්නේ සමාජ මාධ්‍ය ජාල (social media platforms) පවත්වා ගෙන යන කන්ඩායම් ලෙසටය. එම කන්ඩායම ෆේස් බුක්, ට්විටර්, ඉන්සටර්ග්රෑම්, ඇකඩමියා, ලින්ක්ඩ් ඉන්, ටික් ටොක් වැනි සමාජ වේදිකාවන් පවත්වාගෙන යන්නන්ය.

ධනාත්මක කෝනයෙන් ගත් කල මෙම කන්ඩාම් දෙකම සිදු කරන්නේ සහ සිදුකල යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතියේ සඳහන් ලෙස දේශසීමා නොතකා තොරතුරු ලබාදෙමින් හුවමාරු කරමින් මානවයා තොරතුරු වලින් බලසතු කිරීමයි.

''ධනාත්මක කෝණයෙන් ගත් කල මෙම කණ්ඩායම් දෙකම සිදු කරන්නේ සහ සිදුකල යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතියේ සඳහන් ලෙස දේශසීමා නොතකා තොරතුරු ලබාදෙමින් හුවමාරු කරමින් මානවයා තොරතුරු වලින් බලසතු කිරීමයි.''

මෙම අයිතිය මෙන්ම අරමුන අති පුලුල් නිදහසක් ජනනය කරන නිසා එම නිදහස භවිතා කිරීමේ සීමා ද ඉහත කී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතිය මගින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ජාතීන් හා ආගම් අතර වෛරය ඉස්මතු කෙරෙන තොරතුරුද හිංසනයට උඩගෙඩි දෙන ප්‍රකාශ ද  පුද්ගල අපහාසයට තුඩු දෙන ප්‍රකාශ ද තහනම් කොට තිබේ.

WhatsApp Image 2020 09 01 at 3.15.38 PMඅත්අඩංගුවට ගත් මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් මුහුන දෙන නීතිමය අභියෝග....

 

පරිඝනක අපරාධ පනතේ 6 වගන්තිය ?

මේ කරුනු සියල්ල කියන්නට සිදුවී ඇත්තේ පසුගිය දා සීඅයිඩිය විසින් අත්අඩංගුවට ගත් ඩෙස්මන්ඩ් චතුරංග අල්විස් මුහුන දෙන නීතිමය අභියෝග සැලකිල්ලට ගත්කලය.

චතුරංගට සීඅයිඩිය ඉදිරිපත් කරන චෝදනා වන්නේ පරිඝනක අපරාධ පනතේ 6 වගන්තිය යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111c යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කරන ලද බවය.

6 වගන්තිය කියන්නේ පරිඝණක තොරතුරු සංසරනය තුලින් ජාතික ආර්ථිකය ජාතික ආර්ථිකය හා පොදු යහපතට හානිවන තොරතුරු සංසරනය කිරීම වරදක් බවය.

මෙම වරද ස්ථාපනය කිරීම සඳහා අදාල අමාත්‍යංශයේ ලේකම් වරයාගෙන් එසේ හානියක් වී ඇතිබවට සහතිකයක් අවශ්‍ය  බව සඳහන් වේ.

''මෙම වරද ස්ථාපනය කිරීම සඳහා අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් එසේ හානියක් වී ඇති බවට සහතිකයක් අවශ්‍ය  බව සඳහන් වේ. ''

චතුරංග සම්බන්දයෙන් ගත් කල චෝදනා කරන පොදු යහපතට හානි කිරීමක් වන නිසා ඒ සම්බන්දයෙන් සහතිකයක් නිකුත් කිරීම ආරක්ෂක ලේකම් වරයාගේ වගකීමකි.

එම සහතිකය පැමිනෙන තුරු චතුරංගට වරදක් ආරෝපනය වන්නේ නැත. තවමත් එම සහතිකය සීඅයිඩිය අධිකරනයට ඉදිරිපත් කර නැත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111c  වගන්තිය ?

චතුරංගට ඇති දෙවන චෝදනාව ස්ථාපිත කරන්නේ 111c යටතේ අධිකරනයේ යහපැවැත්මට හා විනිසුරු වරයන්ට බලෑමක් ඇති තොරතුරු සංසරනය කිරීම වරදක් බවට ඇති ප්‍රතිපාදනයයි.

ඒ මත මහාධිකරනයක් ඉදිරියේ නඩු පවරා වරදකරු වුවහොත් වසරක බරපතල වැඩ සහිත දඬුවම් නියම කලහැකි බව සඳහන්වෙති.

Lanka new web today.org නැමති සමාජාල වෙබ් අඩවිය යම් බරපතල ප්‍රවෘත්තියක් තම වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. (එම ප්‍රවෘත්තිය පිලිබඳව මෙහි සඳහනක් නොකරන්නේ එහි නිරවද්‍ය භාවය හෝ මුලාශ්‍ර තොරතුරු පිලිබඳව සැහීමකට පත්නොවී එම ප්‍රවෘත්තිය නැවත පුනරුච්ඡාරනය කිරීම සදාචාරිකව නොකලයුත්තක් බැවිනි)

 

සීඅයිඩියේ පරිඝනක වෝහාරික පරීක්ෂණ ඒකකය :

කෙසේ නමුත් සීඅයිඩියේ පරිඝනක වෝහාරික පරීක්ෂණ ඒකකය කියන්නේ තමන් සොයාගත් කරුනු අනුව එම ප්‍රකාශනය චතුරංග අල්විස් ගේ ක්‍රියාවක් වන බවයි.

''බැලු බැල්මට පෙනෙන පරිදි ඉහත වෙබ් අඩවිය org ඩොමේනයකි. එසේ නම් එය විදේශයක ලියා පදිංචිවු වෙබ් අඩවියකි. එසේනම්, සීඅයිඩිය ලංකාවේ සිට පරිඝනකය හසුරුවන චතුරංග එම වෙබ් අඩවියේ එක්කෝ domain manager හෝ web editor බව ඔප්පු කල යුතුය.''

බැලු බැල්මට පෙනෙන පරිදි ඉහත වෙබ් අඩවිය org ඩොමේනයකි. එසේ නම් එය විදේශයක ලියා පදිංචිවු වෙබ් අඩවියකි. ලංකාවේ සිට පරිඝනකය හසුරුවන චතුරංග එසේ නම් එම වෙබ් අඩවියේ එක්කෝ domain manager හෝ web editor බව ඔප්පු කල යුතුය.

එසේ ඔප්පු කිරීම සඳහා සීඅයිඩිය චතුරංග අදාල වෙබ් අඩවියේ ප්‍රකාශන බලතල තිබු පුද්ගලයා බව ඔප්පු කල යුතුව තිබේ.

එසේ කරන්නට චතුරංග අදාල වෙබ් අඩවියේ domain manger හෝ web administrator විය යුතුව තිබේ.

එනම් වෙබ් අඩවියක් තුල ප්‍රකාශනයක් සිදුවන්නේ ඔවුන් අතින් වන නිසාය.

 

Domain Manger & Web Administrator :

වෙබ් අඩවියක් පාලනයේ දී domain manager සතුව master key එක පවතින අතර යම් ප්‍රවෘත්තියක තාක්ෂනික දොරටු (tech keys) සහ හරය (content ) එම පුද්ගලයා පාලනය කරයි.

එම නිසා එම පුද්ගලයා හඳුන්වන්නේ web master යන නමිනි.

මෙම වෙබ් මාස්ටර්ට පහලින් සිටින්නේ web administrator නැතහොත් web editor නමැත්තාය. ඔහු ස්වභාවයෙන් වගකීම දරන්නේ ප්‍රවෘත්තියක හෝ මතයක හරය (content) පිලිබඳවය.

එම නිසා අපහාසය පිලිබඳ නඩු කටයුත්තක දී මෙම දෙදෙනා සමාන වන්නේ පත්තරයක මුද්‍රණකරු, ප්‍රකාශක හා කර්තෘවරයාටය.

''අපහාසය පිළිබඳ නඩු කටයුත්තක දී Domain Manger හා  Web Administrator යන දෙදෙනා සමාන වන්නේ පත්තරයක මුද්‍රණකරු, ප්‍රකාශක හා කර්තෘවරයාටය.''

 

පරිඝනකයේ activity log ??

සීඅයිඩිය කියන්නේ චතුරංග ඉහත කී වෙබ් අඩවියේ admin කෙනෙකු බවය. එය සොයා ගත්තේ අදාල පරිඝනකයේ activity log එකෙන් බව කියා ඇත.

සැබවින්ම activity log මගින් up load කලේ කව්ද edit කලේ කව්ද යන්න සොයා ගත හැකි නමුත් ලංකාවේ service providers ලාට IP log එකක් නැති නිසා එසේ කල පුද්ගලයා කුමන කුමන IP ලිපිනයක් සමග ගනුදෙනු කලේද යන්න සම්බන්දතාවයකින් පැය 3 කට පසුව සොයාගත නොහැකි වන්නේය.

''සැබවින්ම activity log මගින් up load කලේ කව්ද edit කලේ කව්ද යන්න සොයා ගත හැකි නමුත් ලංකාවේ service providers ලාට IP log එකක් නැති නිසා එසේ කල පුද්ගලයා කුමන කුමන IP ලිපිනයක් සමග ගනුදෙනු කලේද යන්න සම්බන්දතාවයකින් පැය 3 කට පසුව සොයාගත නොහැකි වන්නේය. ''

එම නිසා චතුරංග අදාල වෙබ් අඩවියේ admin කෙනෙකු බව ඔප්පු වුවද ඔහු org domain එකක් සහිත විදේශයක සිට බලපවත්වන වෙබ් අඩවියක වෙබ් මාස්ටර් හෝ වෙබ් එඩිටර් බව බව ඔප්පු කිරීම අසීරු කරුනක් වනු ඇත.

සාමාන්‍ය වෙබ් පැවත්වාගෙන යාමේ ව්‍යවහාරයේ වෙබ් එඩිටර්වරයකු sub admin ලා පවත්වා ගෙන යන බව සියල්ලන් දන්නා කරුනකි.

එම නිසා චතුරංග ගේ පරිඝනකයෙන් අදාල තොරතුර up load වු පමනින් ඔහු එහි ප්‍රකාශකයා ලෙස තීරනය කිරීමට හැකි නොවනු ඇති බව මාගේ මතයයි.

නමුත් චතුරංග විසින් TOR browser එකක් හෝ deep freezing app එකක් තම කාර්ය ඉටු කරගන්නට භාවිතා කලේ නම් හෝ Google voice නොම්මරයක් භාවිතා කලේ නම් අනාගත නඩුවකදී නීතිඥයින්ට චතුරංග වෙනුවෙන් මෙවැනි හෝ වෙහෙසක් දරන්නට සිදුනොවනු ඇති බව මාගේ විශ්වාසය යයි.

''චතුරංග විසින් TOR browser එකක් හෝ deep freezing app එකක් තම කාර්ය ඉටු කරගන්නට භාවිතා කලේ නම් හෝ Google voice නොම්මරයක් භාවිතා කලේ නම් අනාගත නඩුවකදී නීතිඥයින්ට චතුරංග වෙනුවෙන් මෙවැනි හෝ වෙහෙසක් දරන්නට සිදුනොවනු ඇති බව මාගේ විශ්වාසය යයි.''

සාමාන්‍ය  නීතිය යටතේ අපහාසහයක් සඳහා වගකීම ආරෝපනය කිරීමට පලමුව එය ප්‍රකාශනයක් ලෙසට එලිදැක්වා ඇති බවත්, එමගින් පැමිනිලිකරුට හානියක් සිදුවී ඇති බවත් එම ප්‍රකාශනය ද්වේශ සහගතව තමන්ට හානියක් කිරීමේ අරමුනින් සිදු කර ඇති බවත් එනයින් තමන්ට මුල්‍යමය අලාබයක් සිදු කර ඇති බවත් ඔප්පු කල යුතුව තිබේ.

 

Cyber අවකාෂය තුල අපහාසය විප්ලවීය තලයකට...

Cyber අවකාෂය තුල අපහාසය නැතහොත් virtual අවකාෂය තුල සිදුවන අපහාසය දැන් විප්ලවීය තලයකට පැමින තිබේ.

මෙම තලයේ දී ප්‍රකාශනයක් යනු කුමක්ද එහි ප්‍රකාශකයාට වගකීම ආරෝපනය කරන්නේ කෙසේද යන්න පිලිබඳව තියුනු සංවාදයක් අධිකරණ තුල ගෝලීය තලයේ පවතී.

2018 දී ප්‍රකාශයට පත් කල ඕස්ට්‍රේලියානු නඩු තීන්දුවක් වන Trkuja එදිරිව Google LLC මගින් ප්‍රකාශකයා කෙසේ වෙතත් අපහාසාත්මක ප්‍රකාශනයක්  සොයාගැනීමට ඉවහල් වෙන search engine හිමි කරුවකු වන goggle සමාගමට වරදකාරීත්වය ආරෝපනය කරන්නට කටයුතු කර තිබේ.

''2018 දී ප්‍රකාශයට පත් කල ඕස්ට්‍රේලියානු නඩු තීන්දුවක් වන Trkuja එදිරිව Google LLC මගින් ප්‍රකාශකයා කෙසේ වෙතත් අපහාසාත්මක ප්‍රකාශනයක්  සොයාගැනීමට ඉවහල් වෙන search engine හිමි කරුවකු වන goggle සමාගමට වරදකාරීත්වය ආරෝපනය කරන්නට කටයුතු කර තිබේ. ''

නමුත් බ්‍රිතාන්‍යයේ පනවනු ලැබු Communication decency Act එක මගින් web site domain hosts සහ Internet Service Providers (ISPs) මෙවැනි වගකීමකින් නිදහස් කොට තිබේ.

එසේම සාමාන්‍ය අපාහාසයකට නඩු මඟට බැසිය හැක්කේ අදාල ප්‍රකාශය ප්‍රකාශයට පත්වන දිනයේ සිටය.

නමුත් සයිබර් අවකාෂය තුල දී මුල් ප්‍රවෘත්තියක් විවිධ වෙබ් හා සමාජ ජාල හරහා නිරන්තරයෙන් එකම ප්‍රකාශනයක්  අනවරතව ප්‍රකාශයට පත්වෙති.

ඒ අනුව නඩු නිමිති හට ගැනීමද වගකීම් ආරෝපනය කිරීමද සංකීර්න හා ව්‍යාකුල තත්වයට පත්වෙති.

 සාමාන්‍ය නීතියේ දී මෙම සංකීර්නතාවය single publication rule නමැති රීතිය මගින් පාලනය වන්නේය.

නමුත් සයිබර් අවකාෂය තුල සිදුවන අපහාසයකදී Multiple publication rule නමැති රීතිය භාවිතයට ගත යුතු යයි විවාදයක් අධිකරන තුල පවතී.

''නමුත් සයිබර් අවකාෂය තුල සිදුවන අපහාසයකදී Multiple publication rule නමැති රීතිය භාවිතයට ගත යුතු යයි විවාදයක් අධිකරන තුල පවතී. ''

ඉන්දීයාවේ දී 2012 දි ලබාදුන් Khawar Butt එදිරිව Asif Nazir Butt තීන්දුව මගින් මෙම රීතිය පිලිගෙන අනුගමනය කරන ලදී.

එසේම අමරිකා එක්සත් ජනපදයේ Woodson එදිරිව Syracuse News papers නඩුතීන්දුව මගින්ද එම රීතිය පිලිගත්තේය.

නමුත් India IT Act 2000 මගින්ද අමරිකාවේ Defamation Act 2013 මගින් මෙම multiple publication rue එක ව්‍යතිරේකයන්ට යටත්ව බැහැර කොට තිබේ.

ව්‍යතිරේකය වන්නේ මුල් ප්‍රවෘත්තිය යම් වෙනසකට භාජනය වුයේ නම් ඒ මත බහු නඩු නිමිති ඇතිවිය හැකි බවයි.

Chathuranga Court

 

''ලෝකය කෙසේ වෙනස්වෙමින් පවතින සන්දර්භයන්ට ප්‍රතිචාර දැක්වුවද ලංකාවේ දී චතුරංග ගේ නඩුවට ප්‍රතිපාදන සොයාගත යුත්තේ රෝම ලන්දේසි නීතිය යටතේ සහ computer crimes act එක හරහාය. ''

ලෝකය කෙසේ වෙනස්වෙමින් පවතින සන්දර්භයන්ට ප්‍රතිචාර දැක්වුවද ලංකාවේ දී චතුරංග ගේ නඩුවට ප්‍රතිපාදන සොයාගත යුත්තේ රෝම ලන්දේසි නීතිය යටතේ සහ computer crimes act එක හරහාය.

රෝම ලන්දේසි නීතිය යටතේ චතුරංගට කියන්නට වන්නේ තමන්ට අදාල ප්‍රවෘත්තිය සංසරනය කිරීමට ජනමාධ්‍යවේදියකු ලෙසට පුර්න හෝ අර්ධ වරප්‍රසාදයක් තිබුන බවයි.

එසේත් නැතහොත් fair comment එකක් ලෙස සිදුකරන ලද සාධාරන විවේචනයක් බවයි.

එසේ නැතිනම් එය පොදු අවකාෂයේ (public domain) එම ප්‍රවෘත්තිය තිබු බවයි.

කෙසේ නමුත් ලංකාවේ බලපවත්වන Computer Crimes Act එක මත හෝ දැනට බලපවතින තාක්ෂනය හරහා චතුරංගගේ පරිඝණකයට එපිටින් පවතින තොරතුරු ආවේශ්‍යය කර ගැනීමේ හැකියාවක් ඇත්තේම නැති බව කිව යුතුව තිබේ.

 ඒ පිලිබඳව වැඩිමනත් දැන ගැනීමට අවැසි වන්නේ නම් එය අමරිකාවේ Information Technology Act 2008 පරිශීලනය කල යුතුව තිබේ.

එම පනත මගින් ඉතා පැහැදිලි ලෙස පරිඝනක හරහා සිදුවන අපහාසයන්ට අදාලව අතරමැදියන්ට (intermediaries) මුක්තියක් දානය කොට තිබේ.

 

විප්ලවීය සංවාදයක් ඇති කිරීමට සමත්වනු ඇති නඩුවක් :

''චතුරංගට එරෙහිව පැවරෙන නඩුව ලාංකික සයිබර් නීති ක්ෂේත්රයට අදාලව විප්ලවීය සංවාදයක් ඇති කිරීමට සමත්වනු ඇති බව අපගේ විශ්වාසයයි.''

තත්වය එසේ නම් චතුරංගට එරෙහිව පැවරෙන නඩුව ලාංකික සයිබර් නීති ක්ෂේත්රයට අදාලව විප්ලවීය සංවාදයක් ඇති කිරීමට සමත්වනු ඇති බව අපගේ විශ්වාසයයි.

නමුත් ලංකික වෙබ් මාධ්‍යවේදීන්ටද මේ හරහා ගත යුතු යමක් ඇතැයි අපට සිතේ. ඒ අන් කිසිවක් නොව තමන් ගේ කාර්ය තුල අනුගමනය කල යුතු ප්රෝටෝකෝලයන් (protocol) යන් නීතියට හා තාක්ෂනයට අනුව ගොඩනඟා ගැනීමයි.

එසේ නොකරන වෙබ් මාධ්‍යවේදීයාට පවතින හා ඇතිවන නව බල සන්දර්භයන් හමුවේ වියැකී යනු ඇත.

ඒ බව චාර්ල්ස් ඩාවින් ගේ පරිනාමය හා වියැකීමේ න්‍යය තුලින් ආභාෂයට ගත හැක්කේ නම් කදිමය. මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්තයත් එයම වන්නේය.

Shiral lakthilaka

 

නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




(මාධ්‍යවේදී ඩෙස්මන් වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටියේ මෙම නීතිඥයා පමණි,)

subscribeYT

නවතම පුවත්