අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගය සැප්තැම්බර් 29 වෙනි දින ආරම්භ කෙරිණ.

පෙත්සම් කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙන්නේ සමගි ජන බලවේගය විසිනි.

දෙමළ ජාතික සන්ධානය, ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, මානව හිමිකම් ක්‍රියාධරයන්, නීතිවේදීන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සැබෑ දේශප්‍රේමියෝ සහ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද සමස්ත පෙත්සම් ප්‍රමාණය 39 කි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව මෙතරම් පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.

පෙත්සම් විභාගකරනු ලබන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් විසිනි.

විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් 20 වෙනි සංශෝධනයේ ඇතුළත් කරුණු පෙත්සම්කරුවන්ගේ මෙන්ම දෙස්, විදෙස් ප්‍රබල අවධානයට ලක් වී තිබේ.

Senaka postවිස්සට එරෙහිව නීතිඥයින් විස්සක්

 

අධිකරණයට අදාළ සංශෝධන මොනවාද?

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත්, එවක් පටන්:

# අග්‍ර විනිශ්චයකාරවරයා    
# ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්    
# අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ සියලු විනිසුරුවරුන්    
# අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙක් සාමාජිකයන් (අග්‍ර විනිශ්චයකාරවරයා නිල වශයෙන් එහි සභාපතිවරයාය)    
# නීතිපතිවරයා සහ    
# විගණකාධිපතිවරයා

යන සියලු දෙනා පත්කරනු ලබන්නේ විධායක ජනාධිපතිවරයා විසිනි.

එහිදී ජනාධිපතිවරයා ඒ සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ ඉල්ලා සිටිය යුතු වුව ද එම නිර්දේශ මත අදාළ පත්කිරීම් සිදුකිරීමට ඔහු බැඳී නැත.

17 වෙනි සංශෝධනය මගින් පිහිටුවන ලදුව 19 වෙනි සංශෝධනයෙන් අනතුරුව ක්‍රියාත්මක වූ ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීමට ද 20 වෙනි සංශෝධයෙන් යෝජනා කෙරේ.

 

නීතිඥ සංගමයේ මතය:

නව ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළකරනු ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව විමසා වාර්තාවක් සකස් කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කරන ලදි.

ජනාධිපති නීතිඥ එල් එම් කේ අරුලානන්දන් එම කමිටුවේ සභාපතිවරයාය.

පසුගිය සැප්තැම්බර් 21 වෙනි දින එම කමිටුව සිය නිගමන ඇතුළත් වාර්තාව නීතිඥ සංගමයට භාරදුන් අතර, විනිසුරුවන් සහ නීතිපතිවරයා පත්කිරීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ කරුණු පිළිබඳව එම කමිටුවේ නිගමනය වී තිබෙන්නේ එමගින් තුලන හා සංවරණ ක්‍රමවේදය යටපත් වන බවය.

''විශේෂයෙන්ම රජයේ එක් අංශයකට තවත් අංශයක සංයුතිය සම්බන්ධයෙන් අධිකාරී බලයක් තිබිය නොහැකි බව පෙන්වාදෙන කමිටු වාර්තාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාර විනිසුරුවන්, අධිකරණ සේවා කොමිසම සහ නීතිපතිවරයා පත්කිරීමේ බලය විධායකයට හිමිවිය යුතු නැති බව අවධාරණය කරයි.''

විශේෂයෙන්ම රජයේ එක් අංශයකට තවත් අංශයක සංයුතිය සම්බන්ධයෙන් අධිකාරී බලයක් තිබිය නොහැකි බව පෙන්වාදෙන කමිටු වාර්තාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාර විනිසුරුවන්, අධිකරණ සේවා කොමිසම සහ නීතිපතිවරයා පත්කිරීමේ බලය විධායකයට හිමිවිය යුතු නැති බව අවධාරණය කරයි.

"කිසියම් ලෙසකින් ආණ්ඩුවේ එක් අංශයකට එවැනි බලයක් තිබෙන්නේ නම් එම බලය හිමිවිය යුත්තේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවටය."

කමිටුව යෝජනා කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් පත්කිරීමේ දී ජනාධිපතිවරයා සිය නාම යෝජනා පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කළ යුතු අතර, පාර්ලිමේන්තු සභාව අනුමත කරන පුද්ගලයන් ජනාධිපතිවරයා විසින් අදාළ තනතුරුවලට පත්කරනු ලැබිය යුතු බවය.

 114668818 97a952f4 fda1 4963 a5fb 32d6097c2705කමිටු වාර්තාවෙන්

 

පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර නීති විශාරදයින්ගේ කොමිසම (ICJ) ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ඒ පිළිබඳ බරපතල අවධානය යොමුකොට තිබුණේ ශ්‍රී ලංකාවේ මෙතෙක් දියත් වූ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය විනාශ කරන, "ඒකාධිපති ස්වරූපයේ ව්‍යවස්ථාවක්" ලෙසින් විග්‍රහ කරමිනි.

''එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර නීති විශාරදයින්ගේ කොමිසම (ICJ) ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ඒ පිළිබඳ බරපතල අවධානය යොමුකොට තිබුණේ ශ්‍රී ලංකාවේ මෙතෙක් දියත් වූ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය විනාශ කරන, "ඒකාධිපති ස්වරූපයේ ව්‍යවස්ථාවක්" ලෙසින් විග්‍රහ කරමිනි.''

මේ අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පොදු රාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංසදය (CMJA), පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංසදය (CLEA), පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංසදය (CLA), පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍යවේදීන්ගේ සංසදය (CJA) සහ විනිසුරුවන් වෙනුවෙන් විනිසුරුවෝ (Judges for Judges) සංවිධානය, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවිය හැකි බලපෑම පිළිබඳව බරපතල අවධානය පළ කර තිබිණ.

අධිකරණය සහ අධිකරණ සේවය සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමු වී ඇති බව පවසන එම නිවේදනය, අධිකරණයේ ස්වාධීනත්වය සහ බල තුලනය සම්බන්ධ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තීන්ට අනුගත වන පරිදි අදාළ සංශෝධන සම්මත කිරීමට උත්සුක වන මෙන් ශ්‍රී ලංකාවේ විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලීමක් කරයි.

Commonwealth Lawyers Association : Statement on The 20th Amendment to the Constitution of Sri Lanka

 114679469 7544fa86 9f70 4b02 bedc 30baad4f6758

 

අධිකරණය කෙරෙහි දැඩි නිශේධනීය බලපෑමක්!

20 වන සංශෝධනය මගින් අධිකරණය කෙරෙහි දැඩි නිශේධනීය බලපෑමක් එල්ල කරන බව පේරාදෙණිය විශ්විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලණ සේනාරත්න ගේ ස්ථාවරයය.

"එමගින් අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේත්, අභියාචනාධිකරණයේත් විනිසුරුවන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට (නැතහොත් තනි පුද්ගලයෙකුට) පැවරේ.

 කෙසේ වුවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හැරුණු විට එය ශ්‍රී ලංකාවේ අන් සෑම ජනාධිපතිවරයෙකු සතුව තිබූ බලයකි," යනුවෙන් ආචාර්ය කලණ සේනාරත්න බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් පැවසීය.

Kalana S''20 වන සංශෝධනය මගින්
අධිකරණය කෙරෙහි
දැඩි නිශේධනීය බලපෑමක් එල්ල කරන බව
පේරාදෙණිය විශ්විද්‍යාලයේ නීති පීඨයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
කලණ සේනාරත්නගේ ස්ථාවරයය.''

"අවාසනාවකට, මේ තත්වය මගින් සිදු වූයේ සමස්තයක් වශයෙන් බහුතර මානසිකත්වයක් සහිතව ගතානුගතිකවාදී ආකල්පයක් සහ ක්‍රමවේදයක් පැවති ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන (අධිකරණය ඇතුළු) සම්බන්ධ ගැටලු උග්‍ර කිරීමකි.

එවැනි සමාජ-දේශපාලන සහ ආයතනික සන්දර්භයක් තුළ අධිකරණ සහ වෙනත් ආයතනවලට කෙරෙන පත්වීම් බහුපාක්ෂික සහ සියලු පාර්ශව ඇතුළත් මණ්ඩලයක් (ව්‍යවස්ථා සභාව වැනි) මගින් සිදුකිරීම එම ආයතනවල ස්වාධීනත්වය කිසියම් දුරකට හෝ රඳවා ගැනීම පිණිස තිබුණු එකම ක්‍රමවේදය විය."

 

සැබෑ මාධ්‍යවේදියෝ වෙනුවෙන් මංගලගෙන් පෙත්සමක්

මේ අතර අධිකරණය වෙත පෙත්සමක් ගොනුකරමින් හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ ද ඉහළ අධිකරණවල විනිසුරුවන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පවරාදීම බලතුලනය පිළිබඳ සංකල්පය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කෙරෙන්නක් බවය.

 114685526 d6159a58 fda0 4a5f 9efd ef624ec0ca72මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා ගොනු කළ පෙත්සමෙන් කොටසක්

නීතිවේදිනී සොරායා ඩීන් සිය අදහස් දැක්වීම ආරම්භ කළේ "ව්‍යවස්ථාව කියන්නේ රටේ ජනතාව ගේ උත්තරීතර නීතිය. නීතිඥවරියක් විදියට ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න මම දිවුරුම් දීල තියෙනව," යනුවෙනි.

"20 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා කාටවත් යටපත් කළ නොහැකි ඉතා බලගතු කෙනෙක් බවට පත්කරලා තියෙනවා. නීතියට ඉහළින්. මහා බලයකුත් එක්ක."

ලොව කිසිදු පුද්ගලයෙකු නීතියට ඉහළින් සිටිය යුතු නැති බව පවසන නීතිවේදිනී සොරායා ඩීන්, විනිසුරුවන් පත්කිරීමේ අභිමතානුසාරී බලය සහ ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ලෙසකින් නඩු පැවරිය නොහැකිවීම වැනි කරුණු මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අවභාවිත කර ඇති බවත් පවසයි.

 

සංශෝධනයේ පසුබිම හා ආණ්ඩුවේ ස්ථාවරය :

 114685528 gettyimages 1228021905අගමැති සහ ජනපති දෙසොහොයුරෝ

මේ පෙත්සම් විභාගවන අවස්ථාවේ එයට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සම් ඉදිරිපත් කරන බව ආණ්ඩුව පවසයි. විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය විධායක ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සඳහා බාධා කරන්නක් බැවින් එය අහෝසි කළ යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ.

සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කෙරිණ.

එවක් පටන් 20 වෙනි සංශෝධනයේ විවිධ වගන්ති කෙරෙහි විරුද්ධ පක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශවයන් වෙතින් ද බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.

එහෙත් ආණ්ඩුව පවසන්නේ, 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී තමන්ට ජනවරමක් ලැබී තිබෙන බවය.

20 වෙනි සංශෝධනය තාවකාලිකව සම්මත කරගනු ලැබුව ද ඉක්මනින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සිය අභිප්‍රාය බව ආණ්ඩුවේ නායකයෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඒ සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කරනු ලැබ තිබේ.

(උපුටා ගැනීම් -සරෝජ් පතිරණ BBC සිංහල )

අවධාරණය කිරීම් අපෙන් - සංස්කාරක

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්