කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් නොකරන බවට

ඇතැම් ආරක්ෂක හා සෞඛ්‍ය නිලධාරීන් චෝදනා කරනු දැකිය හැකිය.

රෝගීන් අපරාධකාරයන් පිරිසක් වුවත්, මානව හිමිකම් පිළිගත් රටක් වන ශ්‍රී ලංකාවේ ඔවුන් කකුල් දෙකෙන් එල්ලා මූණ යටින් මිරිස් පුච්චා ඇත්ත කියපියව්, නැතිනම් මරනවා යි තර්ජනය කරමින් හෝ බංකුවක් උඩ බාවා මහත පොලිස් නිලධාරීන් හතර පස්දෙනෙකු ඇඟ උඩ වාඩි වී දිග බැටන් පොල්ලකින් යටි පතුල්වලට තලමින් හෝ ආශ්‍රිතයන් ගැන ප්‍රශ්න කරන්නට බැරිය.

ඒ නිසා, තමන් විසින් නිෂ්පාදනය නොකරන ලද හා තමන් විසින් චීනයෙන් හෝ වෙනත් රටකින් විශේෂයෙන් ඇණවුම් කර ඊබේ හරහා ගෙන්වා නොගත් වයිරසයක් ආසාදනය වූ රෝගීන් ගැන මුන් ඇත්ත කියන්නෙ නැහැ කියන්නට හෝ අපට දෙන්න අපි ඇත්ත එළියට ගන්නන් කියන්නට හෝ කොයිම ආරක්ෂක ලොක්කෙකුටවත් බලයක් නැත.

ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු ස්වේච්ඡාවෙන් ලබාදෙන්නට රෝගීන් පෙළඹවිය යුතුය.

ඒ සඳහා ඔවුන් තුළ එම විශ්වාසය ගොඩනැගිය යුතුය.

ඒ සඳහා හමුදා, පොලිස් නිලධාරීන් හා දොස්තරලා මාධ්‍ය ඉදිරියට පැමිණ රස කෑලි කියන එක හෝ ඒවා මාධ්‍යවලට හොරෙන් දෙන එක හෝ නැවැත්විය යුතුය.

මාධ්‍ය යනු මොකක් හෝ කුණු අතුනුබහන් කෑල්ලක් සොය සොයා සිටින කපුටන් පිරිසකි.

ඕනෑම පුද්ගලයකුට පෞද්ගලික මෙන්ම නීති විරෝධී නොවන රහස්‍ය ජීවිතයක් ද තිබීමේ අයිතියක් තිබේ.

 එවැනි කරුණු හෙළිදරව් කිරීම තනිකරම ස්වේච්ඡාවෙන් සිදුවිය යුතුය.

මාධ්‍ය යනු මොකක් හෝ කුණු අතුනුබහන් කෑල්ලක් සොය සොයා සිටින කපුටන් පිරිසකි. ඕනෑම පුද්ගලයකුට පෞද්ගලික මෙන්ම නීති විරෝධී නොවන රහස්‍ය ජීවිතයක් ද තිබීමේ අයිතියක් තිබේ. එවැනි කරුණු හෙළිදරව් කිරීම තනිකරම ස්වේච්ඡාවෙන් සිදුවිය යුතුය.

ආරක්ෂක අංශවලට එම කරුණු සොයන්නට අවශ්‍ය නම් රහස් ඔත්තු උපක්‍රම භාවිතා කළ හැකිය.

එසේ සොයාගන්නා තොරතුරු අනුව රහසිගතව හා පෞද්ගලිකත්වයන් ආරක්ෂා වන පරිදි කටයුතු කරනවා විනා මාධ්‍යවලට පැමිණ කට රවුං කරමින් රස කතා කියන්නට කාටවත් අයිතියක් නැත.

මේ සරල යථාර්ථය නොතේරෙන තරමට මේ කිසිදු නිලධාරියෙකු සුද්ධවන්තයකු නොවන බව ද අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ''

 

වෙන රටවල් ටෙස්ට්! ශ්‍රී ලංකාව ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!

Test

මෙම කාරණය සම්බන්ධයෙන් සමාජ හා දේශපාලන විශ්ලේෂකයකු වන අජිත් පැරකුම් ජයසිංහ praja.lk වෙබ් අඩවියේ මෙවැනි සටහනක් පළකර තිබේ.

''ස්විට්සර්ලන්තයේ ජීවත් වන ලාංකික දේශපාලන ක්‍රියාධරයකු වන සරත් ප්‍රනාන්දු හෙවත් දුම්රිය සරත් කතා කළා. සරත්ගේ ගෙදරට පසුගිය දිනෙක සමීප මිතුරෙකු ඇවිත් රැයක් නිවසේ නතර වීත් ඉඳලා. ගෙදර පුටු, මේස, ඇඳන්, පිඟන්-කෝප්ප, නාන කාමර ආදිය පරිහරණය කරලා.

මේ මිතුරාට අසනීප ගතියක් තිබිලා ඔහු කොවිඩ්-19 ආසාදිතයකු බව පීසීආර් පරීක්ෂණවලින් හෙළිදරව් වෙලා. ඔහු සේවය කළේ වැඩිහිටි රැකවරණ ස්ථානයකයි. එහි කොවිඩ්-19 පැවතුණා. ඔහුට බෝ වී ඇත්තේත් එතැනින්.

ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ සති දෙකක් පමණ ඔහුගේ නිවසේ විවේකයෙන් සිටියා. සාමාන්‍ය රෝග ලක්ෂණ හැර බරපතල තත්වයක් ඔහුට ඇතිවුණේ නැහැ.

මේ අතර සරත්ටත්, ඔහුගේ බිරිඳටත් දින 10ක් නිවසේ ස්වයං නිරෝධායනය වන්නට සිදු වුණා. එක් වරක් ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළා. එය නෙගටිව්.

සෞඛ්‍ය අංශවලින් නිතර කතා කරමින් ඔවුන්ගේ දුක සැප විමසුවා. සමීප අසල්වාසීන් නිවසේ ගේට්ටුව අසලට ආහාර පාන ආදිය ගෙනැවිත් දුන්නා. අවට හැමෝම ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්වන බව දන්නේවත් නැහැ.

මේක තමයි ලෝකය කොවිඩ්-19 සමග ජීවත් වන විදිය. ලෝකෙ වැඩිදෙනෙකු දැන් දන්නවා යම් විසඳුමක් සොයාගන්නා තුරු අප කොවිඩ්-19 යථාර්ථයක් ලෙස භාරගෙන හැඩගැසිය යුතු බව.

ඒ වුණාට ලංකාවෙ අපි හිතන් ඉන්නෙ කොවිඩ්-19 හැදෙන්නෙ බලු මිනිස්සුන්ට, බලු ගෑනුන්ට කියලා. ඒ නිසා කාටහරි කොවිඩ්-19 ය කියලා දැනගත්තොත්, අපි ඒ ලෙඩ්ඩුන්ට මුළු හදින්ම වෛර කරනවා. ෆේස්බුක් එකෙන් පලු යන්න බනිනවා. මාධ්‍යවලින් කොරෝනා අම්මයි-දුවයි වගේ පද බඳිනවා. පොලිසියට අල්ලලා දෙනවා.

''ලංකාවෙ අපි හිතන් ඉන්නෙ කොවිඩ්-19 හැදෙන්නෙ බලු මිනිස්සුන්ට, බලු ගෑනුන්ට කියලා. ඒ නිසා කාටහරි කොවිඩ්-19 ය කියලා දැනගත්තොත්, අපි ඒ ලෙඩ්ඩුන්ට මුළු හදින්ම වෛර කරනවා. ෆේස්බුක් එකෙන් පලු යන්න බනිනවා. මාධ්‍යවලින් කොරෝනා අම්මයි-දුවයි වගේ පද බඳිනවා. පොලිසියට අල්ලලා දෙනවා.''

පොලිසියත් ඇවිත්, ඒගොල්ලන්ව අල්ලගෙන යනවා. ආශ්‍රය කළේ කවුද, ඇත්ත කියන්න, හංගන්න එපා, හැංගුවොත් දඬුවම් කරනවා, මොකුත් හංගන්න එපා හරිද කිය කිය ප්‍රශ්න කරනවා.

ඊට පස්සෙ ඇඟ පුරා තෙල් ගහන හැටි ටීවී එකෙනුත් පෙන්නලා බස්වල පටවලා අරන් යනවා.

ලෙඩ වෙලා මැරෙන අයට මැරෙන්නට පෙර ඈත සිටවත් දරුමල්ලන්ගෙ මූණ බලන්න ලැබෙන්නෙ නැහැ. පවුලේ අයටවත් මිනිය බලන්න ලැබෙන්නෙ නැහැ.

එහෙම අරන් යන හුඟදෙනෙකුට කිසිම රෝගී තත්වයක් නැහැ. ඔවුන් යන්නෙ දුකෙන්. ඔවුන්ගෙ පවුල් සීසීකඩ ඉහිරෙනවා.

ගෙවල්වලට පොලිසිය, හමුදාව, පීඑච්අයිලා ඇවිත් ගමට පේන්න සංදර්ශනාත්මකව හයියෙන් අවවාද කරලා ගේට්ටුවෙ බෝඩ් ගහලා යන ගමන්, මේගොල්ලන් එළියට ආවොත් එහෙම කෝල් කරන්න කියලා අල්ලපු ගෙවල්වල අයටත් කියනවා. අහල පහළ එවුන් මේ පවුල කොන්කරනවා.

ගම්වලට ඇඳිරි නීති දානවා. එතකොට රජයේ සේවකයන්ට නම් සතුටුයි.

අනෙක් අයගෙ රැකියා, බිස්නස් ඇතුළු ජීවනෝපාය අවදානමට ලක්වෙලා සුසුම් හෙළනවා.

හැමෝම ගිහින් කඩ බක්කි හූරලා පුළුපුළුවන් විදියට හාල්, සීනි, පරිප්පු, පිටි ගෙදර ගෙනිහින් ගොඩගහගන්නවා.

මේ අස්සෙ අජිත් රෝහණ අපට බනිනවා. සර් නිලධාරීන්ට බනිනවා. මං ශවේන්ද්‍රට අරෙහෙම කිව්වා, මෙහෙම කිව්වා කියනවා. කොහොම කොහොම හරි නැවතත්, තත්වෙත් පාලනය කරගන්න නිසා ඒකෙ වරදක් කියන්නත් බැහැ.

''මේ අස්සෙ අජිත් රෝහණ අපට බනිනවා. සර් නිලධාරීන්ට බනිනවා. මං ශවේන්ද්‍රට අරෙහෙම කිව්වා, මෙහෙම කිව්වා කියනවා. කොහොම කොහොම හරි නැවතත්, තත්වෙත් පාලනය කරගන්න නිසා ඒකෙ වරදක් කියන්නත් බැහැ.''

අපි හරි වෙනස්. අපේ නායකයන් බිහිවෙලා තියෙන්නෙ කොරෝනා වයිරසේ සීරෝ කරන්නනෙ. ඒක කරන්නෙ එයාපෝට් වහලා. ඇඳිරි නීති දාලා. ආර්ථිකය කඩාකප්පල් කරලා. ලෙඩා මළත් මොකද, බඩසුද්දයිනෙ.

 හැබැයි පීසීආර් පරීක්ෂණ කරලා නම් නෙමෙයි. ජනගහනයෙන් මිලියනයකට කර තිබෙන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අනුව ලංකාව ඉන්නෙ ලෝකෙ රටවල් ලැයිස්තුවෙ පිටිපස්සෙ අග්ගිස්සෙ.

 

වෙන රටවල් ටෙස්ට්! ටෙස්ට්! ටෙස්ට්! ශ්‍රී ලංකාව ට්‍රේස්! ට්‍රේස්! ට්‍රේස්!

 තේරෙන භාෂාවෙන් කියනවා නම්, ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!

කරන්න දෙයක් නැහැ. ඔය කරන දේට ඒ විදියට සපෝට් එක දෙමු.

(උපුටා ගැනීම - praja.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image