ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අවිනිශ්චිතම, අඳුරුම මොහොතක ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සවිමත්ම කුළුණක් ලෙස ස්වාධීන ජනමාධ්‍ය නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේය.
සැබෑවකි. ඇමෙරිකානු ජනාධිපතිවරණය අවුල් ජාලාවක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.  
 
ඇමෙරිකාවට මැතිවරණයක්වත් පවත්වන්නට බැරියැයි චීනයත් ඇතුළු අනෙක් රටවල් උසුළු විසුළු කළේය. 
 
එහෙත්, මැතිවරණයක පරාජය බාරගන්නට බැරි ළදරු මානසිකත්වයක් ඇති ජනාධිපතිවරයෙකුගේ හැසිරීමක් මිස, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් සිදු වී නොමැති බව ක්‍රමයෙන් ප්‍රතිඵල අවසන් වෙද්දී පෙනෙන්නට ඇත. 
 
ප්‍රජාතන්ත්‍රවාදය යනු අංග රැසක එකතුවකි. 
 
හුදු මැතිවරණ පැවැත්වීම පමණක් ප්‍රජාතන්ත්‍රවාදය නො‍වේ.
 
ස්වාධීන ආයතන සහ ස්වාධීන නිලධාරීන් ක්‍රියාත්මක වීම, මහපාරට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාව උද්ඝෝෂණ කිරීම මෙන්ම ස්වාධීන ජනමාධ්‍ය ක්‍රියාත්මක වීමත් ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත්ය.
 
 
us politics media trump
 
ආයතන ස්වාධීනත්වය ගැනත් කෙටියෙන් වාක්‍යයක් සඳහන් කොට ස්වාධීන ජනමාධ්‍ය පිළිබඳ කතාවට යොමු විය යුතුය.
 
 ශ්‍රී  ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව දැන් පත් කරන්නේ ජනාධිපතිවරයාය. 
 
ඒ අනුව මෙවැනි මැතිවරණයක තීන්දු වෙනස් කරගන්නට යම් ජනාධිපතිවරයෙකුට අවැසි නම් තමන්ට ඕනෑ පුද්ගලයන් මැතිවරණ කොමිසමට පත් කළ හැකිය. 
 
එහෙත් ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රියාවලිය ජනාධිපතිවරයාගෙන් ස්වාධීන වන අතර එවැනි බලපෑම් කළ නොහැක.
 
ඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වෙන්නට පෙර තමන් ජයගත් බව කිහිප වතාවක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය. 
 
 115221270 58f716a5 63f7 4332 9d2e f89017cb7724
නිත්‍යානුකුලව ප්‍රකාශ වූ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කිරීමට තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය නොලත් ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කළේය.
 
මැතිවරණය අවසන් වන්නට පෙර ඔහු ජයග්‍රහණය සමරමින් කතාවක් පවත්වනු ලැබීය.
 
 එහිදී ඡන්ද ගණන් කිරීම අවසන් නොවූ ප්‍රාන්ත කිහිපයක් තමා ජයගත් බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරනු ලැබීය. 
 
එම ප්‍රකාශයෙන් පසු නිල ප්‍රතිඵල එන විට ඒ ඇතැම් ප්‍රාන්ත ට්‍රම්ප් පරාජය වී තිබුණි.
 
ඒ වන විටත් ප්‍රකාශ කර තිබුණු ඡන්ද ගණන් කරන අතරතුර වුව ව්‍යාජ ලෙස ඔහු ප්‍රකාශ කළේ, ඡන්ද ගණන් කිරීමෙන් පසු අමතර ඡන්දය ප්‍රකාශ කිරීම් තවමත් සිදුවන බවය.
 
 ඔහු වැරදි ප්‍රකාශ ට්විටර් සහ ෆේස්බුක් වෙබ් අඩවිවලත් පළ කළේය. 
 
වින්කොන්සින් ප්‍රාන්තය ජෝ බයිඩන් ජයගත් පසු එම ප්‍රතිඵලය වැරදි බව ප්‍රකාශ කළේය.
 

Screen Shot 2020 11 07 at 7.54.35 PM

ට්විටර් සහ ෆේස්බුක් අඩවිවල පළකරන ලද වැරදි ප්‍රකාශවලට ඉහළින් එම වෙබ් අඩවි දෙකෙන් විශේෂ ප්‍රකාශයක් පළ කරනු ලැබීය. 
 
ඒ එම ප්‍රකාශ වැරදි ඒවා බව සඳහන් කරමින්ය. 
 
එවැන්නක් පළකිරීම අහඹු සිදුවීමක් නොවේ. 
 
ට්විටර් සහ ෆේස්බුක් අඩවිවල පළකරන ලද වැරදි ප්‍රකාශවලට ඉහළින් එම වෙබ් අඩවි දෙකෙන් විශේෂ ප්‍රකාශයක් පළ කරනු ලැබීය. ඒ එම ප්‍රකාශ වැරදි ඒවා බව සඳහන් කරමින්ය. එවැන්නක් පළකිරීම අහඹු සිදුවීමක් නොවේ. 
 
ට්විටර් සහ ෆේස්බුක් වෙබ් අඩවි දෙකේම හිමිකරුවන් මෙවැනි වැරදි ප්‍රකාශයක් කිසිම කරුණු නිවැරදි කිරීමක් නැතිව තම වෙබ් අඩවියේ හුවමාරු වනු දකින්නට කැමතිය. 
 
එසේ වුවහොත්, විශාල කැළඹීමක් ඇතිවන අතර, ඒ කැලඹීම නිසා විශාල පිරිසක් එම වෙබ් අඩවිවලට එකතු වී රැඳී සිටිනු ඇත. 
 
එසේ වන තරමට එම වෙබ් අඩවි හිමිකරුවන්ට ලාභ හිමිවෙයි.
 
එහෙත්, පසුගිය කාලයක් තිස්සේ මහජන කැළඹීම්වලින් ලාභ ඉපයීමේ සමාජ මාධ්‍යවල උපක්‍රම පිළිබඳ ජනමාධ්‍ය ආයතනවලින් හෙළිදරව් කර තිබුණි. 
 
ලොව විශාලම සමාජ මාධ්‍ය ආයතන වන නිසාත්, ඒ අනුව ඒ සමාජ මාධ්‍යවලට විශාල බලයක් හිමිවන නිසාත් ජනමාධ්‍ය ආයතන නිහඬව සිටියේ නැත. 
 
මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාම වැරදි ප්‍රකාශ සමාජ මාධ්‍යවලින් කළ පසු, ඒවා නිවැරදි කරන්නට වෙබ් අඩවි පෙළඹුනේ නැත. 
 
මෙවැනි සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු හුවමාරු වීම පිළිබඳ ජනමාධ්‍ය ආයතනවලින් සවිඥාණිකව සිදුකළ මැදිහත්වීම් නිසා සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු ප්‍රචාරය වීම සීමා විය.
 
අනෙක් අතට ජනාධිපතිවරයාගේ සෑම ව්‍යාජ ප්‍රකාශයක්ම ව්‍යාජ ප්‍රකාශ බව පැහැදිලිව ජනමාධ්‍ය වාර්තා කරනු ලැබීය. 
 
ජනමාධ්‍ය හුදු ට්‍රම්ප් ප්‍රකාශය වාර්තා කිරීමෙන් නොනැවතී එම තීරණාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයින් බලපාන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරමින්, එම ප්‍රකාශ අසත්‍ය බව පැහැදිලිව සඳහන් කරමින් ට්‍රම්ප්ගේ ප්‍රකාශ වාර්තා කළේය.
 
ජනමාධ්‍ය හුදු ට්‍රම්ප් ප්‍රකාශය වාර්තා කිරීමෙන් නොනැවතී එම තීරණාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයින් බලපාන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරමින්, එම ප්‍රකාශ අසත්‍ය බව පැහැදිලිව සඳහන් කරමින් ට්‍රම්ප්ගේ ප්‍රකාශ වාර්තා කළේය.
මේ තත්වය මෙසේ වනු ඇතැයි ජනමාධ්‍ය මුල සිටම වාර්තා කර තිබුණි.
 
 ඒ අනුව ට්‍රම්ප් ජයගත් බව කීවාට ජනමාධ්‍ය එය ඇති සැටියෙන් වාර්තා කළේ නැත. 
 
ජනමාධ්‍ය ඊට වඩා වගකීම් සහගත විය.
 
ඒ අනුව මේ තීරණාත්මක මොහොතේ ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ ආණ්ඩුකරණයේ සිව්වැනි කුළුණ යැයි ඇතැමුන් හඳුන්වන ස්වාධීන ජනමාධ්‍ය ආයතන ය.
 
මීට පෙර ඉතිහාසයේත් ස්වාධීන ජනමාධ්‍ය මැදිහත් වී, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත් අවස්ථා ඇත. 
 
‘පෙන්ටගන් පේපර්ස්’ හෙළිදරව් කරමින් ඇමෙරිකාවේ මිලිටරි කටයුතු හෙළිදරව් කිරීමත්, ඉන්පසු තීරණාත්මක ලෙස වෝටර්ගේට් සිදුවීම හෙළිදරව් කිරීමත් සමග හිටපු ජනාධිපති රිචඩ් නික්සන් ඉල්ලා අස්වන තැනට බලපෑම් කළේ ස්වාධීන ජනමාධ්‍ය ආයතනය.
 Cover
ඇමෙරිකානු ඉතිහාසයේ කළු පැල්ලම – වෝටර්ගේට් අපවාදය
 
ගාඩියන් වෙබ් අඩවියේ පවා ස්වාධීන ජනමාධ්‍යල වැදගත්කම සහ එවැනි ජනමාධ්‍ය ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් බවට විශේෂ සඳහනක් කර තිබුණි.
 
ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලයක් ගැන බලයේ සිටින ජනාධිපතිවරයෙකු වැරදි ප්‍රකාශ කරන්නට පටන්ගතහොත් කුමක් සිදුවනු ඇතිද? 
 
ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමාට බලය හිමි වූ බව ප්‍රකාශ කළොත්, කුමන්ත්‍රණයක යෙදුණොත් කුමක් සිදුවේද? 
 
අනුමාන අවශ්‍ය නැත. අපට මෑතකාලීන උදාහරණ ඇත.
 
2018 ඔක්තෝබර් මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් මහින්ද රාජපක්ෂට අගමැතිකම ලබාදුන් මොහොතේ අනිද්දා පුවත්පත හැර අනෙක් සෑම මාධ්‍ය ආයතනයක්ම පාහේ නීතිවිරෝධී අගමැතිවරයාට ‘අගමැති’ යන යෙදුම පාවිච්චි කළේය. 
 
එහෙත් අප දිගින් දිගටම පාවිච්චි කළේ ‘නීතිවිරෝධී අගමැති’ යන යෙදුමය. 
 
කළු කලාපයක් පකාශයට පත් කරමින් කුමන්ත්‍රණය පරාජය කළ යුතු බව ඍජු ප්‍රකාශයට පත් කරන්නට අපි කටයුතු කළෙමු.
 
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් එක් පාඩමක් හෝ අපේ සමාජය ඉගෙනගන්නවානම්, ඒ ස්වාධීන ජනමාධ්‍යවල අවශ්‍යතාව පිළිබඳ පාඩමය. 
 
එවැනි ජනමාධ්‍ය ශක්තිමත් කරමින් රැකගත යුතු බවට වන පාඩමය.
 
 
(අනිද්දා - තරිඳු උඩුවරගෙදර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්