2021 අයවැය රචනාව ගණන් විජ්ජාවලින් පිරුණු එකක් බවත්, ගණන් විජ්ජාවලින් ආර්ථිකයක් ගොඩගත නොහැකි

බව ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා 2021 අයවැය විවාදයට එක්වෙමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රීවරයා විසින් සිදුකළ සම්පූර්ණ කතාව මෙසේය.

 

ගරු කථානායකතුමනි,

ඔබතුමාට බොහොම ස්තුතියි. විපක්ෂය වෙනුවෙන් අය වැය විවාදය ආරම්භ කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් වෙලා අදට හරියටම අවුරුද්දයි.

අපේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 75වන උපන් දිනයත් අදයි.

පක්ෂ පාට භේදයකින් තොරව අපි අතිගරු ජනාධිපතිතුමාටත්, ගරු අගමැතිතුමාටත් ශුභ පතනවා; දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තවත් අවුරුදු 4කින් මේ ර‍ට අපට භාර දෙනතෙක් රටේ ලක්ෂ 210ක් වූ ජනතාවට සෙතක් සලසන්න ආණ්ඩුවට හැකියාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

 

"Budget 2021: Gota’s Third War,...."

ගරු කථානායකතුමනි, මුදල් ඇමතිවරයා හැටියට ගරු අගමැතිතුමා ඊයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථම අය වැය ඉදිරිපත් කළා. ඊට කලින් සඳුදා "Daily FT" පුවත් පතට අප කවුරුත් දන්නා, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහත්මයා ලිපියක් ලියා තිබුණා. එතුමාගේ ලිපියේ title එක තමයි, "Budget 2021: Gota’s Third War,....".

පළමුවන යුද්ධය තමයි එල්ටීටීඊය පරාජය කිරීම. ඒ යුද්ධය ජයග්‍රහණය කළා. දෙවැනි යුද්ධය තමයි, දේශපාලන බලය අල්ලාගැනීම. ඒකත් ජයග්‍රහණය කළා. හැබැයි, මේ තුන්වන යුද්ධය තමයි අමාරුම යුද්ධය කියලා එතුමා කියා තිබුණා.

පළමුවන යුද්ධය තමයි එල්ටීටීඊය පරාජය කිරීම. ඒ යුද්ධය ජයග්‍රහණය කළා. දෙවැනි යුද්ධය තමයි, දේශපාලන බලය අල්ලාගැනීම. ඒකත් ජයග්‍රහණය කළා. හැබැයි, මේ තුන්වන යුද්ධය තමයි අමාරුම යුද්ධය කියලා එතුමා කියා තිබුණා.

එතුමා ඒ ලිපිය අවසන් කරන්නේ මෙහෙමයි. By  the  words, "If he"  there, he  means the President, Prime Minister and the Government .    The last line of the  article states, I quote : " If he makes a mistake here, it is irrecoverable, and Sri Lanka will be destined to remain a lower middle-income country forever."

 

වා පිත් සෙම් බැලන්ස් කරපු අයවැයක් ද?

ගරු කථානායකතුමනි, එතුමා ඊයේ රෑ කරපු comments වගයක් "WhatsApp" message එකකින් කවුදෝ මට එවා තිබුණා. ඒ අභියෝගය ඉදිරිපත් කරපු විජේවර්ධන මැතිතුමා ඊයේ රෑ කියන්නේ මොකක්ද? ඒ සාකච්ඡාවේදී, "Budget එක කොහොමද?" කියා අහනවා. අජිත් නිවාඩ් කබ්රාල් මහත්මයාත් එතුමාට එහා පැත්තේ ඉන්නවා. එතකොට එතුමා කියනවා, "මේක වාතයයි, පිතයි, සෙමයි balance කරපු අය වැයක් වාගෙයි" කියලා. මම හිතන්නේ නැහැ, එතුමා මේ Budget එකෙන් බලාපොරොත්තු වුණේ ඒකයි කියලා. වාතයයි, පිතයි, සෙමයි balance කරපු අය වැයක් නොවෙයි, බලාපොරොත්තු වුණේ. Growth oriented, එහෙම නැත්නම් රට සංවර්ධනය කරා ගෙන යන Budget එකක් තමයි බලාපොරොත්තු වුණේ. ගරු කථානායකතුමනි, 2021 අය වැය පිළිබඳ ඉදිරියේදී තර්ක විතර්ක කරන කොට මේ සම්බන්ධයෙන් කථා වෙයි.

ගරු කථානායකතුමනි, මේ අය වැය රචනාව ලියපු කෙනා සෑහෙන්න මහන්සි වෙලා තිබෙනවා; සියලු පව් වෙනත් අය මත පටවා තිබෙනවා. ඒ කොහොමද? ජනාධිපතිතුමායි, අගමැතිතුමායි, බැසිල් රාජපක්ෂ මහත්මයායි එකතු වෙලා රට සෞභාග්‍යයවත් කරන්න කටයුතු කරනවා කියා ඔහු විස්තර කර තිබෙනවා. ඒ සියලු කාරණා මම පසුව විග්‍රහ කරන්නම්. ඊට කලින් කිව යුතු දෙයක් තිබෙනවා.

ගිය සතියේ ඉදිරිපත් කරපු 2020 වර්ෂයේ අය වැය රචනාවේ -'රචනාව' කියලායි මා එයට කියන්නේ- අඩංගු වෙච්ච මහා ප්‍රෝඩාව සම්බන්ධයෙන් උත්තර බඳින්න ඔවුන්ට සිද්ධ වනවා. ගරු කථානායකතුමනි, කථානායකතුමා හැටියට ඔබතුමාට වග කීමක් තිබෙනවා, ඒ උත්තර බැඳීම කරන්න කියලා ඔවුන්ට කියන්න.

මම ඒ අය වැය ගැන කියන්නම්. ජීවිතයට නොකරපු අන්දමින් ජනතාව මුළා කිරීමක් 2020 වියදම් හරහා කර තිබෙනවා. මොකද, ඒ වියදම් 2019 ට, විගණකාධිපතිවරයා විගණනය කළායින් පසුවත්, මාරු කර යවා තිබෙනවා.

අපි අභියෝග කළා, විගණකාධිපතිතුමාගෙන් සහතිකයක් අරගෙන එන්න කියලා, එහෙම කරන්න පුළුවන් කියලා.

 

2020 දේශපාලනිකව නම් සාර්ථකයි ඒත්....

රජය පෙන්වන්න හදනවා, 2020 අවුරුද්ද අභියෝග සියල්ල ජය ගත් අවුරුද්දක් හැටියට. ඔව්, දේශපාලන අතින් නම් සාර්ථකයි: ඡන්ද දෙකක් දිනුවා; තුනෙන් දෙකක බලයක් ලබාගත්තා; විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගත්තා. දැන් රටේ සම්පූර්ණ පාලන බලය එතුමන්ලාට තිබෙනවා. ජනාධිපතිකම තිබෙනවා; අගමැතිකම තිබෙනවා; ඇමති මණ්ඩලය ඉන්නවා; බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතිව හෝ නැතිව තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුව තිබෙනවා; පළාත් පාලන ආයතනවල බහුතරය තිබෙනවා; අධිකරණය ඇතුළු රජයේ අනික් ‍සියලු තනතුරු සඳහා තමන්ට කැමති අය පත් කරගන්න හැකියාවක් තිබෙනවා.

ගරු කථානායකතුමනි,

ඊට අමතරව, මාධ්‍යයත් මුළුමනින්ම වාගේ තිබෙනවා. හැබැයි, මා මෙතැනදී යමක් කියන්න ඕනෑ. මේ දවස්වල සමාජ මාධ්‍යවල රජය විවේචනය කරන අය හිරේ දමනවා. තිස්දෙනෙකු දැනට හිරේ දාලා තිබෙනවා කියලා ඊ‍යේ පුවත් පතක සඳහන් වෙලා තිබුණා. අපි රජයට කියනවා, විවේචන භාරගන්න කියලා. අපි බලයේ ඉන්න කොටත් සමාජ මාධ්‍ය මඟින් විවේචන ඉදිරිපත් කළා. එදා ඉරාන් වික්‍රමරත්න හිටපු ඇමතිතුමාටත් CID එකට කථා කරලා තිබුණා, එතුමා press conference එකක කියපු දෙයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වුණා කියලා. භය කරන්න හදන්න එපා. මේක තවම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක්.

 

කෝවිඩ් 19 අභියෝගය සහ ආණ්ඩුවේ කයිවාරුව

ගරු කථානායකතුමනි, දැන් ආණ්ඩුවට නිදහසට කාරණා නැහැ. එකම අභියෝගය තමයි, කොරෝනා වයිරසය. රජය කියන විධියට මේ ආණ්ඩුව දැන් ඒකත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා තිබෙනවා; මැඩ පවත්වලා තිබෙනවා. ඇමතිවරුන් එහෙම කියනවා අපි අහලා තිබෙනවා.

ඔවුන් අපට පෙන්වන්නේ, කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් අපේ රට ලෝකයේ විශිෂ්ටතම රටවලින් ‍එකක් කියලායි. 'Worldometers' website එක‍ට අපේ අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා කියනවා ලු, "ඇමෙරිකාවේ මෙච්චර ආසාදිතයන් ඉන්නවා. ලංකාවේ ආසාදිතයන් ඉන්නේ මෙච්චරයි" කියලා.

අනික් කාරණය මේකයි. යම් අඩු පාඩුවක් වෙලා තිබෙනවා නම් එය රටේ මිනිසුන්ගේ වැරැද්ද, අපේ වැරැද්ද නොවෙයි කියලා ජනාධිපතිතුමා කියනවා. කොවිඩ් වසංගතය පැතිරෙනවා නම් පැතිරෙන්නේ, රටේ මිනිස්සු හරියට හැසිරිලා නැති නිසා කියලා කියනවා.

ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බලන කොට, හරිම වාසනාවන්ත කණ්ඩායමක් තමයි මේ ගරු සභාවේ ආණ්ඩුව පාර්ශ්වයේ පැත්තේ -අප ඉදිරිපසින්- සිටින්නේ. මේ රට, වාසනාවන්ත රටක්, නියම වැඩ්ඩෝ ඉන්න රටක්, ගරු කථානායකතුමනි. මොකද, මම එහෙම කියන්නේ? මෙතුමන්ලා කොවිඩ් වසංගතය ජයග්‍රහණය කළා වාගේම ආර්ථිකයත් ජයග්‍රහණය කරලා තිබෙනවා.

 

සියලු පුරෝකතන බොරු කරපු ආර්ථික වර්ධනයක්...

ගරු කථානායකතුමනි,

බොහෝදෙනෙක් සිතුවා, 2020 අපේ රටේ ආර්ථිකය ඍණ වෙයි කියලා. ලෝක බැංකුව පුරෝකථනය කරලා තිබුණා, අපේ රටේ ආර්ථික වර්ධන වේගය ඍණ 6.7ක් වෙයි කියලා. ආසියානු සංවර්ධන බැංකුව කියලා තිබුණා, ඍණ 5ක් වෙයි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තිබුණා, ඍණ 4.7ක් වෙයි කියලා.

ගරු කථානායකතුමනි, මහ බැංකුව පවා කියලා තිබුණා, මූර්ත ආර්ථික වර්ධනය ඍණ 1.7ක් වෙයි කියලා. හැබැයි ගරු කථානායකතුමනි, කැලණි ගඟ දෙබෑ කරගෙන මණිඅක්ඛික නාග රාජයා මතු වුණා වාගේ මේ සියල්ල බොරු කරගෙන, ගිය සතියේ ශ්‍රී ලංකාවේ නාමික ආර්ථික වර්ධනය ධන 6.7යි කියලා මෙන්න මේ අය වැය කථාවේ සඳහන්ව තිබෙනවා. මම එය පැහැදිලි කරන්නම්.

2020 අපේ රටේ ආර්ථිකය ඍණ වෙයි කියලා. ලෝක බැංකුව පුරෝකථනය කරලා තිබුණා, අපේ රටේ ආර්ථික වර්ධන වේගය ඍණ 6.7ක් වෙයි කියලා. ආසියානු සංවර්ධන බැංකුව කියලා තිබුණා, ඍණ 5ක් වෙයි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තිබුණා, ඍණ 4.7ක් වෙයි කියලා. මහ බැංකුව පවා කියලා තිබුණා, මූර්ත ආර්ථික වර්ධනය ඍණ 1.7ක් වෙයි කියලා. හැබැයි ගරු කථානායකතුමනි, කැලණි ගඟ දෙබෑ කරගෙන මණිඅක්ඛික නාග රාජයා මතු වුණා වාගේ මේ සියල්ල බොරු කරගෙන, ගිය සතියේ ශ්‍රී ලංකාවේ නාමික ආර්ථික වර්ධනය ධන 6.7යි කියලා මෙන්න මේ අය වැය කථාවේ සඳහන්ව තිබෙනවා. 

මූර්ත ආර්ථික වර්ධනය ගැන තමයි දැන් අප කථා කරන්නේ. ඒ කියන්නේ, නාමික ආර්ථික වර්ධනයෙන් උද්ධමනය අයින් කරන්න ඕනෑ. උද්ධමනය 3 නම්, මූර්ත ආර්ථික වර්ධනය ධන 3.7යි. උද්ධමනය 4 නම්, මූර්ත ආර්ථික වර්ධනය ධන 2.7යි. උද්ධමනය 5 නම්, මූර්ත ආර්ථික වර්ධනය ධන 1.7යි.

පුදුමයි! ඒත්, මුදල් අමාත්‍යාංශයට අනුව ඇත්තයි! අතිවිශිෂ්ටයි! අනෙක් රටවල් -අපට වඩා වැඩ බැ‍රි රටවල්, වැඩ්ඩෝ නැති රටවල්- සම්බන්ධයෙන් 2020 වර්ෂයේ පුරෝකථන මොනවාද කියලා අපි බලමු.

ඉන්දියාව ඍණ 10.3යි;

තායිලන්තය ඍණ 7.1යි;

මැලේසියාව ඍණ 6යි;

පාකිස්තානය ඍණ 1යි;

ඉන්දුනීසියාව ඍණ 1.5යි;

මාලදිවයින ඍණ 18.5යි;

සිංගප්පූරුව ඍණ 6යි.

චීනය සම්බන්ධයෙන් විතරක් සඳහන්ව තිබෙනවා, ධන 1.9ක්. හැබැයි, ඊට වඩා ලොකු රටවල් වන,

ප්‍රංශයේ ඍණ 10යි;

කැනඩාවේ ඍණ 7යි;

ජර්මනියේ ඍණ 6යි;

ජපානයේ ඍණ 5.3යි;

කොරියාවේ ඍණ 2යි;

ස්පාඤ්ඤයේ ඍණ 13යි;

එංගලන්තයේ ඍණ 10යි.

එහෙම නම්, අපේ රට සම්බන්ධයෙන් කොහොමද මෙහෙම වුණේ? මේක ඩොක්ටර් ඒලියන්ත වයිට් මහත්මයාගේ මුට්ටිය වාගේ ප්‍රෝඩාවක් ද කියලා අපි අහනවා.

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතට අනුව නිකුත් කරන වාර්තාවක් 2020 නොවැම්බර් මාසයේ 17වැනි දා ඉදිරිපත් කළා. එය තමයි, "රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2020-21". මම කැමතියි එම වාර්තාවේ 92වැනි පිටුවේ සඳහන් කරුණක් කියන්න. මේක ඊයේ ඉදිරිපත් කරපු වාර්තාව. මම මීට කලින් කිව්වේ, ගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු budget ‍එකට අදාළ 2020 වර්ෂයේ කථාව. "රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2020-21" හි  92වන පිටු‍‍වේ මෙසේ සඳහන් වෙනවා:

"ලොව පුරා කොවිඩ්-19 වසංගත තත්වයේ බලපෑම මත දේශීය හා බාහිර ක්‍රියාකාරකම් සඳහා පීඩනය වැඩි කරමින් 2020 දී ආර්ථිකය සියයට 1.5 ක ප්‍රතිශතයකින් මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙ‍රේ."

කලින් එක විධියකට කියලා, මේ වාර්තාවෙන් කියනවා ආර්ථිකය සියයට ඍණ 1.5කින් මන්දගාමී වෙයි කියලා.

 

ගණන් විජ්ජාවලට වැඩි ආයුෂ නෑ...

මෙන්න මේ පොතත් -"2020 ඔක්තෝබර් මෑත කාලීන ආර්ථික ප්‍රවණතා 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා"- ඊයේම සභාගත කළා. මේ පොත මොකක්ද? නීතියට අනුව මේ පොතත් Budget එකට කලින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉදිරිපත් කරන්න ඕනෑ.

මේ පොත බලන්න කලින්, "රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2020 - 21" පොතේම 5වන පිටුව බලමු. මා කලින් පෙන්නුවේ 92වන පිටුවයි. මේ පොතේ 5වන පිටුවට අනුව සියයට ඍණ 1.5ක ආර්ථික වර්ධනයක් ලබා ගන්න නම් උද්ධමනය සියයට 8.2ක් වෙන්න ඕනෑ.

මොකද, මා කලින් කිව්වා වාගේ නාමික ආර්ථික වර්ධනයෙන් උද්ධමනය අඩු කරන්න ඕනෑ. මොකද, උපකල්පනය කරලා තිබෙන්නේ, 2020 රටේ දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 16,030ක් කියලායි. පසුගිය අවුරුද්දේ රුපියල් බිලියන 15,016යි. එතකොට උද්ධමනය සියයට 4 නම් මූර්ත වර්ධනය සියයට 2.7යි. හැබැයි, ආර්ථික වර්ධනය සියයට ඍණ 1.5 වෙන්න නම් උද්ධමනය සියයට 8.2ක් වෙන්න ඕනෑ. ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා, උද්ධමනය සියයට 4යි කියලා.

හැබැයි, මේ අය මේ සභාවට ඇවිත් කියනවා, උද්ධමනය සියයට ඍණ 8.2යි කියලා. "රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2020 - 21" පොතේ 92වන පිටුවේ තිබෙනවා, ආර්ථික වර්ධනය සියයට ඍණ 1.5යි කියලා. 6වන පිටුවේ තිබෙනවා, ආර්ථික වර්ධන වේගය සියයට 2.2 යි කියලා.

ගරු කථානායකතුමනි, ඉතාමත්ම පටලැවිලි සහගත දත්ත තමයි මෙහි තිබෙන්නේ. හැබැයි මෙය  විහිළුවක් නොවෙයි. ගණන් විජ්ජාවක් කරලා, රට දියුණුයි කියලා මිනිසුන් රවටන්න පුළුවන් ටික දවසයි. මිනිස්සු මෝඩයන් නොවෙයි. ඔවුන්ට ඇත්ත තේරනවා. අනික් කාරණය, කිසි විටක ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළ මෙහෙම රවටන්න බැහැ. රවටන්න ගිහිල්ලා රැවටෙන්නේ අපිමයි. පීඩාවට පත් වෙන්නේ අපේ මිනිස්සුයි.

 

ගණන් රැවටිල්ලෙන් වැනසුණු ග්‍රීසිය...

මෙවැනි සෙල්ලම් විජ්ජා කරන්න ගිහින් අගාධයට ගිය රට ග්‍රීසිය කියලා අපි කවුරුත් දන්නවා. ඔවුන් ආර්ථික දත්ත ගැන පුරවැසියන්ට හා ලෝකයට දිගින්-දිගටම අසත්‍ය ප්‍රකාශ කළා. ආදායම වැඩි කරලා පෙන්නුවා. වියදම අඩු කරලා පෙන්නුවා. අය වැය පරතරය අඩු කරලා පෙන්නුවා. ණය හැංගුවා.

2009 වර්ෂයෙන් පටන්ගෙන 2010 මැයි මාසයේදී ග්‍රීසිය කඩා වැටෙන කාලයේ අය වැය පරතරය සියයට හතහමාරයි කියලා කලින් කියලා තිබුණාට, එය සියයට දොළහමාරයි කියා පසුව පෙන්වා දුන්නා.

පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිව්වා, ඒකත් වැරදියි; ඇත්ත අය වැය පරතරය සියයට 15.4යි කියලා. නමුත් ආයෝජකයන් ඒක දැන ගත්තා. ඒක තමයි ග්‍රීක බැඳුම්කරවලින් ආයෝජකයන් ඉවත් වුණේ. අපි දන්නවා, සමහරු ගිහිල්ලා නැවතත් ඒවා ගත්තා.

ඒ කෙසේ වෙතත්, ග්‍රීසිය ආර්ථික දත්ත බොරු කළ නිසා අවසානයේදී රට කඩාගෙන වැටුණා; ආණ්ඩු එක පිට එක පෙරළුණා; ආර්ථිකය කුඩු පට්ටම් වුණා; මිනිසුන් අනාථ වුණා.

 

රුපියල් බිලියන 513කට වගකියන්නෙ කවුද?

ගරු කථානායකතුමනි, මා ලංකාව ග්‍රීසිය සමඟ සංසන්දනය කරන්න හදනවා නොවෙයි.

නමුත් අපට එයින් ඉගෙන ගන්න වටිනා පාඩම් ගොඩක් තිබෙනවා. දැන් බලන්න, මහ බැංකුවේ 2019 වාර්තාව. 2020 අප්‍රේල් 23වන දින මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහත්මයා එය අත්සන් කර තිබෙනවා. 2019 ණය වාරිකය ගෙවීම් හැර මුළු වියදම රුපියල් බිලියන 2,915යි කියලා 2019 මහ බැංකු වාර්තාවේ තිබෙනවා.

නමුත් පසුගිය සතියේ 2020 අය වැය කථාවේදී කිව්වා, මුළු වියදම රුපියල් බිලියන 3,428යි කියලා.

එහෙම කොහොමද වෙන්නේ? දෙයියනේ, කොහොමද එහෙම වෙන්නේ?

එක්කෝ මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහත්මයා බොරු කියනවා. එහෙම නැත්නම් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්මයා බොරු කියනවා.

කවුද, ඇත්ත කියන්නේ? ලක්ෂ්මන් මහත්මයාද හරි, පී.බී. ජයසුන්දර මහත්මයාද හරි? මහ බැංකුවද හරි, ට්‍රෙෂරියද හරි?

ගරු කථානායකතුමනි, මා අවධාරණය කරනවා, ඔබතුමාට තමයි මේකේ අවසාන වගකීම එන්නේ.

මොකද, මේකේ හරි වැරදි බලන්න තිබෙන අවසාන තැන තමයි මේ පාර්ලිමේන්තුව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍වේ 148වන ව්‍යවස්ථාව අනුව මූල්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සම්පූර්ණ බලය තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවටයි. කෝ, රුපියල් බිලියන 513? කොහොමද, ඒවා නැති වුණේ? මොකක්ද, විජ්ජාව?

 

බිලියන 702ක කැපිල්ලක්...

2020 ඔක්තෝබර් 2වන දා නිකුත් කළ 2020 විසර්ජන පනතේ තිබෙනවා, ණය වාරික නැතුව මුළු වියදම රුපියල් බිලියන 3,556යි කියලා.

පසුගිය සතියේ අය වැය කථාවේදී ඉදිරිපත් කළ ආකාරයට 2020 මුළු වියදම රුපියල් බිලියන 2,854යි.

රුපියල් බිලියන 702ක් අඩු වෙලා. ලක්ෂ නොවෙයි, මිලියනත් නොවෙයි, බිලියන 702ක්. බිලියනයක් කියන්නේ කෝටි 100ක්.

එහෙම වෙන්න බැහැ. ඒ කරලා තිබෙන්නේ, බොරුවක් ගොතන්න, අය වැය පරතරය අ‍ඩු කරලා මිනිසුන්ට පෙන්නපු එකයි.

විගණනය කරපු විධියට 2019 තිබුණු අය වැය පරතරය සියයට 6.8යි. නමුත් මොවුන්ගේ ගණන් විජ්ජාවත් එක්ක 2019 අය වැය පරතරය සියයට 9.6යි. සියයට 41කින් වැඩි වුණා ලු. කොහොමද, එහෙම වෙන්නේ?

ගරු කථානායකතුමනි,

මා මේ ගැන කථා කරන්නේ මේක ඉතාම වැදගත් දෙයක් නිසායි.

අපි අය වැය පරතරය සියයට 0.1ක් ගැන කථා කරනවා. අපි බදු අය කරන ‍එක, සහන දෙන එක, රුපියල් මිලියන 100 ගැන කථා කරනවා.

නමුත් අපි මේ කථා කරන්නේ, අය වැය පරතරය සියයට 41කින් වෙනස් වෙලා කියලා. 2020 සම්බන්ධයෙන් ඇත්ත කථාව මොකක්ද,

ගරු කථානායකතුමනි? ඊයේ ඉදිරිපත් කළ Fiscal Management Report එකේ විසිවන පිටුවේ තිබෙනවා, පළමුවන මාස අටට ආදායම රුපියල් බිලියන 906යි කියලා.

අපි උපකල්පනය කරමු, ඒ විධියටම ඉස්සරහට යනවා කියලා. මේ කොවිඩ් ප්‍රශ්නය අමතක කරමු. අපි හිතමු, කිසි ප්‍රශ්නයක් නැතුව ඒ කට්ටිය කියන විධියට ආර්ථිකය හොඳට යනවා කියලා. එහෙම නම් මාස දොළහට එන්න පුළුවන් රුපියල් බිලියන 1,350යි. වියදම රුපියල් බිලියන 3,550යි.

එතකොට හිඟය -පරතරය- රුපියල් බිලියන 2,200යි. දැන් අපි ශ්‍රී ලංකාවේ මහ බැංකුව ඊයේ නිකුත් කළ මේ වාර්තාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. අපි ඒ වාර්තාවේ දහනව වැනි පිටුව හරවමු, ගරු කථානායකතුමනි. මේ දහනව වැනි පිටුවේ තිබෙන 2020 දළ දේශීය නිෂ්පාදන ඇස්තමේන්තුව ගනිමු. රුපියල් බිලියන 15,462යි.

 මම ඊයේ සභාගත කළ වාර්තාවේ  19වැනි පිටුවේ තිබෙන දත්ත එක්ක බැලුවොත්, අය වැය පරතරය සියයට 14.3යි. සියයට 7.6ක් නොවෙයි, සියයට 14.3යි.

ගරු කථානායකතුමනි, මම මේ පිළිබඳව දිගින් දිගට කථා කරන්න යන්නේ නැහැ. නමුත් මම මේ කියන කාරණාව අපි සියලු දෙනාම අවධානයට ගන්න ඕනෑ.

 

ගිණුම්කරණයේ පිළිගත් ක්‍රමවේද අත්හළ අයවැයක්...

රජය කියන්න උත්සාහ කරනවා, "නොගෙවූ බිල්පත් තිබුණා, එම නිසා ඒවා ගිය වසරට ගණන් තිබ්බා" කියලා.

නමුත් ගිණුම්කරණයේ පිළිගත් ක්‍රමවේදයක් තිබෙනවා. රජය ගිණුම් තියන්නේ accrual basis මත නොවෙයි, cash basis මත. උපචිත පදනම මත නොවෙයි, මූල්‍ය පදනම මත. හැම අවුරුද්දේම එහෙමයි.

උදාහරණයක් හැටියට ගත්තොත්, 2014 තිබුණු ආණ්ඩුව මාරුවෙලා 2015 දී නව ආණ්ඩුව ආවාම මම Treasury එකෙන් ඇහුවා, 2014 කරපු වියදම් ගෙවන්න කොපමණ තිබුණාද කියලා. නොගෙවූ බිල්පත් රුපියල් බිලියන 240 ගණනක් තිබුණා කියලා කිව්වා. 

නමුත් ඒ ආණ්ඩුව ඒවා 2014 වර්ෂයට මාරු කළේ නැහැ. ඒ ආණ්ඩුව ඒවා 2015 වියදම් හැටියට තමයි ගිණුම්ගත කළේ.

2014 තිබුණු ආණ්ඩුව මාරුවෙලා 2015 දී නව ආණ්ඩුව ආවාම මම Treasury එකෙන් ඇහුවා, 2014 කරපු වියදම් ගෙවන්න කොපමණ තිබුණාද කියලා. නොගෙවූ බිල්පත් රුපියල් බිලියන 240 ගණනක් තිබුණා කියලා කිව්වා. නමුත් ඒ ආණ්ඩුව ඒවා 2014 වර්ෂයට මාරු කළේ නැහැ. ඒ ආණ්ඩුව ඒවා 2015 වියදම් හැටියට තමයි ගිණුම්ගත කළේ.

මොකද, ඒක තමයි පිළිගත් ක්‍රමය. හැම අවුරුද්දේම එහෙමයි. ආදායමත් එහෙමයි, වියදමත් එහෙමයි.

පසුගිය අවුරුද්දට වියදම මාරු කරනවා නම්, tax ගැහුවේ ගිය අවුරුද්දේ නිසා ආදායමත් ඒ විධියට මාරු කරන්න ඕනෑ. ආදායම විතරක් මේ අවුරුද්දට තබාගෙන වියදම විතරක් කලින් අවුරුද්දට ගෙනයන්න බැහැ. ඒ ව‍ගේ hybrid ගිණුම් ක්‍රමයක් මේ ලෝකයේ කිසිම රටක් අනුගමනය කරන්නේ නැහැ. එක්කෝ cash basis, එහෙම නැත්නම් accrual basis වෙන්න ඕනෑ. එළ හරකායි, මී හරකායි වගේ මේ දෙකම අරගෙන ගිහිල්ලා මෙතැනට ඇවිල්ලා මහා ලොකු කථාවක් කරලා පෙන්වන්න හදනවා,

අපේ වැඩ්ඩෝ මේ ආර්ථිකය විශිෂ්ඨ ලෙස ඉහළ දැම්මා කියලා.  ඒක අමූලික බොරුවක්.

මම කලිනුත් කිව්වා වාගේ ගිය සතියේත් මා අභියෝග කළා, මේ රජයේ ගිණුම්කරණ ක්‍රමවේදය උල්ලංඝනය වෙලා නැහැ කියන විගණකාධිපතිවරයාගේ සහතිකය මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා රජයේ සහතිකය මෙතැනට ඉදිරිපත් කරයි,  

එහෙම නැත්නම් මේ බොරුව වෙනස් කරලා නැවත සත්‍ය හෙළි කරයි කියලා. මම කලින් කිව්වා වගේ පාර්ලිමේන්තුවට තමයි ඒ බලය තිබෙන්නේ.

 

අයවැය නිසා මහ බැංකු ලොක්කෙක් ගෙදර යවලා...

යම් කිසි විධියකට මට කනගාටුවක් ඇති වන තව කාරණාවක් තිබෙනවා. අපට ආරංචි වෙනවා, මේ දත්ත විජ්ජාව කරන්න එකඟ නොවුණු මහා භාණ්ඩාගාරයේ ඉහළම පුද්ගලයෙක් එතැනින් අයින් කළා කියලා. 

තමන්ට ඕනෑ විධියට ගණන් හිලව් වෙනස් කර ගන්න මහා භාණ්ඩාගාරයේ professionalsලා හැටියට කටයුතු කරන එම පුද්ගලයන් එකඟ වෙන්නේ  නැත්නම්, ඔවුන් අයින් කරන්න එපා.  ඔවුන් වෘත්තියවේදියෝ. අවුරුදු ගණනක් වැඩ කරලා, professional qualifications අරගෙන තමයි ඔවුන් එතැන ඉන්නේ.

දේශපාලනඥයන්ට ඕනෑ විධියට නැමෙන්නේ නැති රජයේ නිලධාරින් තමයි අපට අවශ්‍ය. එහෙම  ඔවුන්ව එහාට මෙහාට තල්ලු කරන එක සම්පූර්ණයෙන්ම වැරැදියි කියලා මම කියන්න කැමැතියි. අනෙක් කාරණය තමයි මේ කරන වැඩෙන් විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා.

 

අද තිබෙන ප්‍රධානම අර්බුදය මොකක්ද?

ගරු කථානායකතුමනි,

අපි දැන් නැවතත් 2021 වර්ෂය සඳහා වන අය වැයට අවධානය යොමු කරමු. මම කල්පනා කළා, අය වැය රචනාව ලිව්වේ සමාන්තර විශ්වයක ඉඳලාද කියලා.

මොකද, අද තිබෙන ප්‍රධානම අර්බුදය මොකක්ද?

කෙටි කාලීන ගැටලුව තමයි, කොවිඩ් වසංගතය නිසා ඇති වෙලා තිබෙන ආර්ථික කඩා වැටීම. මම අලුතෙන් කියන්න ඕනෑ නැහැ නේ. ආයතන වහලා, ස්වයං රැකියා අහිමි වෙලා, පඩි කපලා, මිනිස්සු පාරට වැටිලා. මේ සම්බන්ධයෙන් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ වාර්තාව මම සභාගත* කරනවා.

ඒකෙන් මොකක්ද කියන්නේ? ඒ ගොල්ලෝ කියනවා, 18,000කගේ සමීක්ෂණයක් කළා කියලා.  එම සමීක්ෂණය අනුව මහා පරිමාණ ආයතනවල නිෂ්පාදන තත්ත්වයන් පිළිබඳව  සඳහන් වෙනවා. කර්මාන්තවල නිෂ්පාදන සියයට 23ක් බැහැලා, විදුලිය උත්පාදනය සියයට 33ක්, ඉදිකිරීම් සියයට 23ක්, තොග හා සිල්ලර වෙළෙඳාම සියයට 29ක්, නවාතැන් හා  ආහාර ලබා දීම සියයට 78කින් බැහැලා යනාදී වශයෙන් එහි තිබෙනවා.

ඊළඟට කුඩා හා මධ්‍යම පරිමාණයේ ආයතන ගැනත් තිබෙනවා. එහි සඳහන් වනවා,  කැනීම් ආයතන සියයට 72ක්, කර්මාන්ත සියයට 51ක්, ඉදිකිරීම් සියයට 73ක්, වෙළෙඳ කටයුතු සියයට 52ක්, සමස්ත සේවා සියයට 71ක් වැටිලා තිබෙනවා කියලා.

මේක තමයි ඇත්ත,

ගරු කථානායකතුමනි.  මිනිසුන් මහ පාරේ දුක් විඳිනවා. ඊයේ-පෙරේදා WhatsApp  වැනි සමාජ ජාල හරහා  අපි දැක්කා,  මැජෙස්ටික් සිටි එක ඇතුළේ කඩ පිළිබඳ තත්ත්වය.  ඒ කඩ ඔක්කෝම වහලා.  ඒවා කාඩ්බෝඩ් දමා වහලා; එහෙම නැත්නම් ලෑලි ගහලා වහලා. කිසි කෙනෙකු නැහැ. ඒ අයගේ රැකියා සම්පූර්ණයෙන්ම නැති වෙලා.

මෙතැන සිටින රජය නියෝජනය කරන කණ්ඩායමට ගිහිල්ලා බලන්න පුළුවන්, ඒ මිනිසුන් දුක් විඳින්නේ නැද්ද කියලා.

ජනතාව බලාපොරොත්තු වුණේ සහනයක්; ඔවුන්ට නැඟිටින්න අත් වැලක්. මේ අය වැය තුළින් කිසිම ආර්ථික උත්තේජක වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරලා නැහැ; there is no stimulus package in this entire Budget for the suffering people of this country.  ඒ ගැන අපි කනගාටු වෙනවා.

ජනතාව බලාපොරොත්තු වුණේ සහනයක්; ඔවුන්ට නැඟිටින්න අත් වැලක්. මේ අය වැය තුළින් කිසිම ආර්ථික උත්තේජක වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරලා නැහැ; there is no stimulus package in this entire Budget for the suffering people of this country.  ඒ ගැන අපි කනගාටු වෙනවා.

 

කබ්රාල්ගේ සීනි බෝල කතා...

මම අහගෙන සිටියා, අද උදේ අපේ මිත්‍ර අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා එතුමාගේ මිත්‍රයකු වන රියාස් මිහුලර්ගේ ප්‍රශ්නයකට උත්තරයක් දෙන ආකාරය.

රියාස් මිහුලර් මහතා කියනවා, "We are happy to see that this Government has not given out any goodies" කියලා.  Goodies දුන්නේ නැහැයි ලු. මිනිසුන්ට සීනිබෝල දුන්නේ නැහැයි කියලා මේ පුද්ගලයා කියනවා.

අපේ ගරු රාජ්‍ය ඇමතිතුමා කියනවා, "ඔව්, ඔව්, ඔව්. ඒක හරි. මිනිසුන්ට සීනිබෝල දෙන්න අපට අවශ්‍යතාවක් නැහැ. මම රට වටේ ගියා. ගියාම මිනිසුන් අපෙන් බඩු මිල අඩු කරන්න කියලා කොහේදිවත් ඉල්ලුවේ නැහැ. කවුරුත් අපෙන් සීනිබෝල ඉල්ලුවේ නැහැ" කියලා.

මේ මනුෂ්‍යයා ජීවත් වන්නේ  මහ පොළොවේද කියලා අපි අහන්න කැමැතියි. අපි කථා කරන්නේ සීනිබෝල ගැන නොවෙයි. මිනිසුන්ට ජීවත් වන්න අත්වැලක් දෙන්න ඕනෑ. මේ Budget එකෙන් කිසිම විධියකට ඒ අත්වැල ලැබිලා නැහැ.

දර්ශන හඳුන්ගොඩගේ නැමැති අයගේ  interview එකකට මම ගියා.  එතුමා කිව්වා, 69 ලක්ෂයක් නොවැම්බර්වරු කියලා. 

ගරු කථානායකතුමනි, හරි.  69 ලක්ෂයක් නොවැම්බර්වරු විතරක් නොවෙයි,

මේ රටේ සිටින සියලුම දෙනා බලාගෙන සිටියාට ඔවුන්ට ආර්ථික උත්තේජනයක් ලැබුණේ නැහැ.

අපි එක උදාහරණයක් ගත්තොත්,  අද වනකොට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන අයට බින්දුව. මොකද, tourist guidesලාට වැඩ නැහැ. අපේ ගම වන හික්කඩුවේ කිසිම tourist shop එකක් වැඩ කරන්නේ නැහැ. ඒ ඔක්කෝම බින්දුව.

මෙවර කරලා තිබෙන එකම දේ මොකක්ද? ඒ ගොල්ලන්ට කියලා මේ Budget එකෙන් සෘජුවම කිසිම දෙයක් දෙන්න සූදානම් නැහැ. පරණ ණය ගෙවන්න තව කාලයක් දීලා තිබෙනවා.  එච්චරයි දීලා තිබෙන්නේ.

ආණ්ඩුවෙන් වෙනත් කිසිම දෙයක් කරලා නැහැ. ශත පහකවත් උත්තේජනයක් දීලා නැහැ.

හැබැයි, පාරවල් කාපට් කරන්න විතරක් රුපියල් බිලියන 220ක් වෙන් කරනවා. මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 330ක් වෙන් කරනවා.

ගරු කථානායකතුමනි, අද ප්‍රමුඛතාව වෙලා තිබෙන්නේ පාරවල් කාපට් කරන එකද, එහෙම නැත්නම් කඩා වැටුණු මේ ක්ෂේත්‍ර ගොඩ ගන්න එකද කියලා අපට අහන්න සිද්ධ වනවා.

කබ්රාල් මහත්මයා කියනවා,  ප්‍රමුඛතාවන් තුනක් තිබෙනවා කියලා.

එකක්, ජලය. ඒක අපි පිළිගන්නවා. ජනතාවට ජලය දෙන්න ඕනෑ. ඒක හොඳයි. නමුත්, මේ අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් කරන්න ඕනෑ ජලය ලබා දෙන එකද, එහෙම නැත්නම් ජීවත් වන්නට අත දෙන එකද?

අනෙක් එක, අලි-මිනිස් ගැටුම කියලා කියනවා. අපට අලි-මිනිස් ගැටුමටත් විසඳුම් අවශ්‍යයි. නමුත්, මේ අවස්ථාවේදී අලි-මිනිස් ගැටුමට වඩා මිනිසුන්ට කන්න නැති ‍එකේ ප්‍රශ්නයක්  තිබෙනවා. 

මෙවර දෙනවාය කියලා තිබෙන එකම දේ තමයි, රැකියා අහිමි වූ අයට කොවිඩ් රක්ෂණයක් ලබා දීම. ඒකටත්  තමන්ගේ ආයතනයේ ආදායමෙන් සියයට දශම 25ක දායකත්වයක් දෙන්න ඕනෑය කියලා කියනවා. ඒ නිසා නිදහසට කාරණා කොපමණ කිව්වත් වැඩක් නැහැ, මේ උත්තේජන ලබා දෙන්න ආණ්ඩුවට fiscal space එකක් නැහැයි කියලා ආණ්ඩුව කියනවා.

ඒ කියන්නේ රජයට රාජ්‍ය මූල්‍ය හිඩැස නැහැ; හැකියාව නැහැ; මුදල් නැහැ.

ඇත්ත තමයි. ජනවාරි - අගෝස්තු උපකල්පනයට අනුව ණය පොලිය මුළු ආදායමෙන් සියයට 72යි. වැටුප්, විශ්‍රාම වැටුප්  සඳහා මුළු ආදායමෙන් සියයට 74යි.

ජනවාරි - අගෝස්තු කාලයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,670යි. මුළු ආදායම රුපියල් බිලියන 906යි. ඒ කියන්නේ ආදායම වාගේ සියයට 188ක් වනවා,

2020 වර්ෂයේ ජනවාරි ඉඳලා අගෝස්තු වන තෙක් වර්තන වියදම. පුරෝකථනය, 2021 අය වැයට පොලිය සියයට 42යි. වර්තන වියදම ආදායමෙන් සියයට 124යි.

හැබැයි, ඒක සියයට 72 ඉඳලා සියයට 42ට අඩු වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ.

සියයට 188 ඉඳලා 127 දක්වා අ‍ඩුවෙන්නේ කොහොමද කියලාත් මම දන්නේ නැහැ. කියන්න කනගාටුයි,

ගරු කථානායකතුමනි. බොහෝ අය හිතුවේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වියතුන් සමඟ එකතුවෙලා මේ අය වැය තුළින් විප්ලවීය ආර්ථික දැක්මක් ඉදිරිපත් කරාවි කියලායි.

නමුත් තවදුරටත් වකුටු වුණු, ළිං මැඬි ආර්ථික දැක්මක් තමයි මේ තුළින් ඉදිරිපත් කර තිබෙන්නේ.

බොහෝ අය හිතුවේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වියතුන් සමඟ එකතුවෙලා මේ අය වැය තුළින් විප්ලවීය ආර්ථික දැක්මක් ඉදිරිපත් කරාවි කියලායි.

නමුත් තවදුරටත් වකුටු වුණු, ළිං මැඬි ආර්ථික දැක්මක් තමයි මේ තුළින් ඉදිරිපත් කර තිබෙන්නේ.

ලංකාවේ ප්‍රශ්න තවත් වර්ධනය වෙන එකයි මේකෙන් වෙන්නේ. ලංකාව ලෝකයෙන් ඈත් වෙලා ගල් යුගයකට යන එකයි වෙන්නේ. මේකත් රාජපක්ෂලා හැම දාම ඉදිරිපත් කළ අය වැයක් වාගේයි.

මෙවැනි අය වැය ලේඛන කීයක් රාජපක්ෂලා ඉදිරිපත් කළාද? ඒවායෙන් මේ රටේ ණය බර වැඩි වෙලා, රට පහළට වැටුණු එක විතරයි වුණේ.

අද, මේ අය වැය දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවන දවසයි. අපේ ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාත්, තව මන්ත්‍රීතුමන්ලා දෙදෙනෙකුත් ඇරෙන්න, ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් මේ වෙලාවේ සභාවේ නැහැ. ඒ ගැන  අපි කනගාටු වෙනවා.

මොකක්ද, මේකෙන් දෙන පණිවුඩය? කිසිම responsibility එකක් නැහැ, අත් හැර දමලා. ඒකයි, ඇත්ත කථාව.

ගෝඨාභය ජනාධිපතිතුමාගේ මේ අය වැයෙන් ඔප්පු කර තිබෙන්නේ, එතුමා තවත් රාජපක්ෂ කෙනෙක් පමණක් බවයි.

මොකද, මේකේ ජාන ලක්ෂණවලින් කියන්න පුළුවන්, ලංකාව පස්සට අරගෙන ගිය පරණ සෙට් එකම තමයි මේ අය වැයත් හදා තිබෙන්නේ කියලා.

රචනාව ලස්සනයි; සුන්දර වචන ගොඩක් තිබෙනවා. නමුත් දර්ශනයක්, දැක්මක් විධියට ගත්තාම මේක නිකම්ම නිකම් හුළං බෝලයක් විතරයි කියලා තමයි අපට කියන්න වෙන්නේ,

ගරු කථානායකතුමනි.

මම පොඩි කථාවක් කියන්නම්. තාත්තා කෙනෙක් සිටියා. ඔහු තමන්ගේ දුවට නිවැරදි මඟ පෙන්වූවා; හොඳට ඉගැන්වූවා. ලෝකය සමඟ බුද්ධිමත්ව කටයුතු කරලා, ජීවිතයේ ගොඩක් ඉස්සරහට යන්න ඇයට හැකියාව තිබෙන බව තාත්තාට තේරුණා. තාත්තා ඒ දුවගේ අනාගතය සැලසුම් කළා. අවාසනාවකට, අන්තිමට මොකක්ද වුණේ?

නොයෙක් බොරු ගොතා කියපු, හරිහමන් දැක්මක් නැති, සෝබනකාරී තරුණයෙකුට ඒ දුව රැවටුණා. ඔවුන් ආදරය කළා; විවාහ වුණා.

පසු කාලයේදී මේ තරුණයා අර කාන්තාවගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙව්වා. ඇය නිවාසයටම කොටු කළා. ඇය තම මිතුරියන් ඉදිරියට යනකොට, මේ ළිං මැඬි තරුණයා තමන් ගැන විතරක් හිතලා අර කාන්තාවගේ මුළු අනාගතයම අඳුරු කළා.

අවසානයේ ඔවුන්ගේ කසාදයත් අසාර්ථක වුණා.  ඒ වාගේ ඛේදවාචක අපේ රටේ, සමාජයේ කොච්චර තිබෙනවාද?

මේ අය වැය ලේඛනය කියවන කොට මට හිතෙනවා, රටක් විධියට අප ඉදිරියේ තිබෙන්නේත් අර ළිං මැඬි තරුණයා නිර්මාණය කළා වාගේ ඛේදවාචකයක් නේද කියලා.

ඇයි, මම එහෙම කියන්නේ?

අද අපි විවාදයට ගන්නේ මේ රටේ ඉදිරි ආර්ථික දැක්ම සනිටුහන් කරන ලියවිල්ලයි. ඔවුන් පෙන්වනවා, රට ගෙන යන තැන.   කබ්රාල් රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා, මේක තමයි fundamental එක කියලා; foundation එක මේකයි කියලා කිව්වා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා නැවතත් සභාවට පැමිණෙනවා.

ගරු ඇමතිතුමනි, ඔබතුමාට මේ කථාව අහගෙන ඉන්න ශක්තිය තිබෙන්න ඕනෑ. [බාධා කිරීමක්] බොහොම හොඳයි.

ගරු කථානායකතුමනි, අර ළිං මැඬි තරුණයා වාගේ, මේ ආණ්ඩුව අපේ ර‍ට වටේට තාප්පයක් ගසා කොටු කරගන්න යනවා. ඒ බව තමයි මේකෙන් පෙනී යන්නේ.

 

ජාත්‍යන්තර වෙළෙඳ ‍ගිවිසුම් හානිකරයිලු...

උදාහරණයක් ගත්තොත්, ජාත්‍යන්තර වෙළෙඳ ‍ගිවිසුම් ගැන මේ Budget එකේ කථා කරනවා; ඒවා හානිකර බව පවසනවා. ඒ හරහා නිෂ්පාදන ක්ෂේත්‍ර රාශියක් පසුබෑමට ලක් වෙලා කියා  කියනවා. රට තුළ නිපදවා ගත නොහැකි අමුද්‍රව්‍ය සහ අන්තර් භාණ්ඩ උපකරණ පමණක් ආනයනය කිරීම රජයේ වෙළෙඳ ප්‍රතිපත්තියයි කියා මේ අය වැයෙන් කියනවා.

තේ, කුරුඳු, ගම්මිරිස් වැනි කෘෂි නිෂ්පාදන, පාරම්පරික විසිතුරු භාණ්ඩ, එළවලු, ධාන්‍ය, පලතුරු අපනයනය සඳහා පමණක් ද්වි-පාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ යුතු බව ඔවුන් කියනවා.

කිසි ‍විටෙකත් සේවා අංශය විවෘත නොකරන බවත් කියනවා.

ආනයන ආදේශන කර්මාන්ත හරහා විදේශ විනිමය ඉතිරි කර ගත හැකි වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ඔවුන් කියනවා.

අනේ, අපොයි! ගරු කථානායකතුමනි, ලංකාව වාගේ ලෝකයේ ස්වර්ණමය ස්ථානයක පිහිටි රටක් මේ වාගේ අමනෝඥ විධියට කටයුතු කළ යුතු නැහැ. ඔය කියන ආර්ථික දර්ශනය අසාර්ථක වෙලා දැන් ගොඩක් කල් වෙනවා.

ගරු කථානායකතුමනි, මා මිත්‍ර ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමාත් ‍මේ ගරු සභාවේ  ඉන්න නිසා මේ ඉදිරිපත් කර තිබෙන ආර්ථික න්‍යාය ගැන පොඩ්ඩක් කථා කළොත් හොඳයි කියා මම හිතුවා.

ආනයන ආදේශන කාර්මීකරණය - Import Substitution Industrialization - තුළින් කියන්නේ, මූලික වශයෙන් රටක් සංවර්ධනය කිරීමේදී සංවර්ධිත රටවල් මත ඇති යැපීම අඩු කරගන්න කියන එකයි. ඒක තමයි, න්‍යාය. එහි අවසාන ඉලක්කය, රට ස්වයංපෝෂිත කර ගැනීමයි. ඒක තමයි, ඔය න්‍යාය. ඒක තමයි, ‍මේකේ ලියා තිබෙන්නේ. කොහොමද තිබෙන්නේ?

ඒක තමයි ඒ න්‍යාය. ඒක තමයි මේකේ ලියලා තිබෙන්නේ. මේ න්‍යායට අනුව දේශීය කර්මාන්ත රැක ගන්නවා; ශක්තිමත් කරනවා; වර්ධනය කරනවා. ලස්සන වචන සෙට් එකක්. ඒක තමයි මේ රචනාවේ තිබෙන්නේ.

හැබැයි, මේක සාර්ථක වෙන්නේ කොහොමද? Practical වෙන්න නම් ඉහළ අපනයන බදු  ගාස්තු- tariffs and duties -  දාන්න ඕනෑ;  ආනයන සීමා කරන්න ඕනෑ; quotas දාන්න ඕනෑ. ඊළඟට, අධි ප්‍රමාණයක් වුණු විනිමය අනුපාතයක් - overvalued currency - තියා ගන්න ඕනෑ.  

ඒ කියන්නේ පළමුවෙනි පිටුවේ කථා කරන සාපේක්ෂ වාසිය  එහෙමත් නැත්නම්  comparative advantage එක මේ න්‍යායට ප්‍රතිවිරුද්ධයි.

මගේ උගත් මිත්‍රයා දන්නවා, 1950 ගණන්වල දී රාවුල් ප්‍රෙබිෂ් කියන ආර්ජන්ටිනාවේ ආර්ථික විද්‍යාඥයා තමයි මේ පිළිබඳ වැඩිපුරම වැඩ කළේ කියලා. ඒ කාලයේ ආර්ජන්ටිනාව, බ්‍රසීලය, මෙක්සිකෝව වැනි දකුණු ඇමෙරිකානු රටවල්,  ඉන්දියාව වාගේ රටවල්   ISI  - Import Substitution Industrialization -  ප්‍රතිපත්තිය අනුගමනය කළා.

ඔබතුමාට මතක ඇති, මේ ප්‍රතිපත්තිය තමයි සමාජවාදී රටක් ගොඩනඟන්න 1959 සිට 1968  පමණ වනතෙක් අපේ රටේත් ක්‍රියාත්මක කළේ කියලා.

හැබැයි, ඒ කාලයේ ජීවත් වෙච්ච කට්ටිය දන්නවා,  ඒ වාගේම  මහ බැංකු වාර්තා අරගෙන බැලුවොත් පෙනෙනවා,

මේ රටේ වැඩිපුරම විරැකියාව තිබුණේ 1975 වර්ෂයේදීයි කියලා. වැඩිම සංවෘත සහ වැඩිම නියාමනය තිබුණු Communist Bloc එකෙන් එහා පැත්තේ තිබුණු රට තමයි ලංකාව. හැම ක්ෂේත්‍රයකම දැඩි වෙළෙඳ හා විනිමය පාලනයක්. හැමතැනම රජය ආර්ථික කටයුතුවල නිරත වෙලා. නොයෙකුත් රාජ්‍ය සංස්ථා ඇති කරලා. නමුත් එන්න එන්නම රටේ ජනතාව පීඩනයට පත් වුණා. වි‍රැකියාව සියයට 20ට වඩා ඉහළ ගියා. 1975 දී විදේශ සංචිත තිබුණේ මාස එකහමාරකට පමණයි. ආර්ථිකය බිංදුවටම වැටුණා.

එහෙම තමයි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා හයෙන් පහක ඡන්දයක් අරගෙන system change එකක් කළේ. [බාධා කිරීමක්] නමුත් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පටන් ගත්ත ඒ system change එක දිගටම කර ගන්න බැරි වුණා. මොකද, අපේ රටේ පටන් ගත්ත යුද්ධය සහ ආණ්ඩු මාරු වෙනකොට තිබුණු නොයෙකුත් දේශපාලන න්‍යායවල් නිසා ඒ ක්‍රමවේදය හරියට ඉස්සරහට යන්න බැරි වුණා.

එය hybrid එකක් වුණා, එහෙටත් නැති මෙහෙටත් නැති. හැබැයි, ඒ වෙනුවට ආසියාවේ "Asian Tigers" කියලා හඳුන්වන රටවල් ලෝකයත් එක්ක එකතු වුණා; සම්බන්ධ වුණා; විවෘත වුණා; ආනයන අපනයන ශක්තිමත් කළා; ශීඝ්‍රයෙන්  දියුණු වුණා.

ගරු කථානායකතුමනි, මම තව කථාවක් කියන්නම්. ලංකාව කියන්නේ පිටකොටුවේ තිබෙන කඩ කාමරයක් වාගේ. අපි ඒ විධියට උපකල්පනය කරමු. ඒක analogy එකක් විතරයි. පිටකොටුවේ තිබෙන කඩ කාමරය කියන්නේ වෙළෙඳාමට නියම තැනක්. පිටකොටුවේ කඩයක් තිබෙන කෙනෙක් සාමාන්‍යයෙන් දුප්පත් වෙන්න බැහැ නේ. ඔහු මොකක්ද කරන්න ඕනෑ? වෙළෙඳාම. එතකොට තමයි ඔහු දියුණු වෙන්නේ.

හැබැයි, කවුරුන් හෝ කියන්න පුළුවන් ගරු කථානායකතුමනි, "මේ දවස්වල කහ හරි ගණන්. ඒ නිසා කඩය කඩලා තාප්පයක් ගහලා අපි  පිටකොටුවේ තිබෙන මේ පර්චස් දහයේ කහ වවමු" කියලා. හරියට මේ අය වැයේ තිබෙන යෝජනාත් අන්න ඒ වාගේ කථා.

ඒකෙන් ආර්ථික ප්‍රතිලාභ ගන්න පුළුවන් එක ඇත්ත. හැබැයි, කහවලින් ගන්න ආදායමට වඩා දහස් ගුණයක් ගන්න තිබුණා, පිටකොටුවේ කඩේ කඩලා දාන්නේ නැතිව එතැන සිට ඔහු වෙළෙඳාම කළා නම්. ඒ ආදායම පර්චස් දහයේ කඩය තිබුණු ඉඩමේ කහ වවලා හම්බ කරන ගණනට වඩා ගොඩක් වැඩියි.

ඒක තමයි ගරු කථානායකතුමනි, පිහිටීමහි වැදගත්කම අනුව සැලසුම් සකස් කර ගන්න ඕනෑ කියන්නේ. ඒකයි ලංකාව වටේට තාප්ප බඳින එකට වඩා ලංකාවෙන් පාලම් බඳින එක වැදගත් වෙන්නේ.

ගරු කථානායකතුමනි, අපේ ආර්ථිකය ගොඩගන්න දේශීය කෘෂිකර්මය ගොඩගන්න ඕනෑ; දේශීය කර්මාන්ත ගොඩගන්න ඕනෑ; දේශීය සේවා ගොඩගන්න ඕනෑ. නමුත්, එය සාර්ථකව කර ගන්න පුළුවන් වෙන්නේ වෙළෙඳ පොළ ප්‍රසාරණය කිරීම හරහායි.

අපි කාර්යක්ෂම, තරගකාරී ව්‍යවසායකයින් බිහි කරන්න ඕනෑ. ඒකයි කරන්න ඕනෑ. ඒකට නිසි ප්‍රතිපත්තියක් ඕනෑ. ළිං මැඩි ආර්ථික දැක්ම හරියන්නේ නැහැ.

දඹුල්ලේ ගොවි මහතා නිපදවන භෝග Dubai supermarket එකේ හොඳ ඩොලර් ගණනකට විකුණන්න නම්, අපි කෘෂි සැපයුම් ජාල එක්ක එකට බැ‍ඳෙන්න ඕනෑ. ලෝකය එක්ක එකතු වෙන්න ඕනෑ. අපේ ඉහළ හැකියාවක් තිබෙන තරුණ තරුණියන්ට ඒ සඳහා අවස්ථාවක් තිබෙන්න ඕනෑ.

කලාපීය නිෂ්පාදන ජාලවලට සම්බන්ධ වෙන්න ඕනෑ. ඉන්දියාවේ Bangalore, Andhra Pradesh  වාගේ අපට පුළුවන් වෙන්න ඕනෑ ලෝකයත් එක්ක එකට බැඳිලා, සැපයුම් ලබා දීලා, තරුණ තරුණියන්ගේ හැකියාවට සරිලන හොඳ පඩියක් ලබා ගත හැකි, හොඳ රැකියාවක් කරන්න අවස්ථාව ලබා දෙන්න.

දැන්වත් අපි දඹුල්ලේ පටන් ගත්ත ප්‍රභාෂ්වර කියන තෙතමනය සහ උෂ්ණත්වය පාලනය කරන ලංකාවේ පළමුවන ඒ කෘෂි ගබඩාව හදලා ඉවර කරන්න. එහෙම තමයි අපට පුළුවන් වෙන්නේ දඹුල්ලේ ගොවි මහතාගේ කෘෂි භෝග ටික ඩුබායි රටට අරගෙන යන්න.

ගරු කථානායකතුමනි,

මීට දවස් තුන-හතරකට කලින් වියට්නාමයේ අත්සන් කළා RCEP - Regional Comprehensive Economic Partnership- කියන ලෝකයේ ලොකුම වෙළෙඳ ගිවිසුම. ආසියානු රටවල් 10යි. ඒකට එකතු කරලා තිබුණා ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, නවසීලන්තය සහ දකුණු කොරියාව.

මම කැමැතියි අපේ උගත් මිත්‍රයන්ට charts තුනක් පෙන්වන්න. මේ charts තුනේ තිබෙන්නේ,  මේ වියට්නාමය. මේ තිබෙන්නේ, වියට්නාමයේ ආනයනය; මේ තිබෙන්නේ අපනයනය. ගරු කථානායකතුමනි, ‍මම මෙම charts හැන්සාඩ්ගත කිරීම සඳහා සභාගත* කරනවා. [බාධා කිරීම්] එතකොට තමයි මේ ideology එකේ වෙනස තේරෙන්නේ.

ගරු කථානායකතුමනි, රූප සටහනේ මේ ලක්ෂ්‍යයෙන් පෙන්වන්නේ, 1998 ඉඳලා වියට්නාමයේ අපනයනය වැඩි වුණේ කොහොමද කියලා. ඉස්සර කාලයේ අපනයනය කළේ රෙදිපිළි, කෘෂි භාණ්ඩ සහ minerals. නමුත් 2012, 2014, 2016 සහ 2018 වනකොට electronics, machinery වාගේ ඒ ගොල්ලන්ගේ අපනයන එන්න එන්න අතිශයින් වැඩි වුණා.

හැබැයි, ඒ වාගේම ඒ ගොල්ලන්ගේ ආනයනත් වැඩි වුණා. ආනයනත් වැඩි වුණා. හැබැයි, ඒවා අපනයන අමු ද්‍රව්‍ය හැටියට පාවිච්චි කරනවා. ඒ අනුව අපනයනය වැඩි වනවා.

ගරු කථානායකතුමනි, පසු ගිය අවුරුද්දේ ඒ ගොල්ලන්ගේ වෙළෙඳ ශේෂයේ අතිරික්තය, ඩොලර් බිලියන 10යි. ඒක පොඩි රටක්. නමුත්, වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් තිබෙනවා. තායිලන්තය බලන්න. තායිලන්තයේත් එහෙමයි. මේ බලන්න. අපනයන එන්න එන්න වැඩි වනවා. පරණ දේවල් වෙනුවට නවෝත්පාදන එකතු වනවා. Electronics export එක වැඩි වනවා. අපේ උගත් මන්ත්‍රීතුමනි, දැන් ලංකාව බලන්න. මේ chart එක බලන්න. මේ තිබෙන්නේ, අනිත් රටවල්. මේ ලංකාව.

මේ බලන්න. මේ තිබෙන්නේ අපේ අපනයන. මේ ති‍බෙන්නේ ආනයන. වෙනස බලන්න. මේ රූප සටහනෙන් වෙනස පේනවා. කිසිම විධියකින් අපේ electronics export වැඩි වෙලා නැහැ. තාක්ෂණය මුසු කරපු export වැඩි වෙලා නැහැ. තවමත් අපි රෙදිපිළි අපනයනය කරමින් ඉන්නවා. [බාධා කිරීම්] අපි මේකෙන් ඉගෙන ගත යුතු පාඩම මොකක්ද? ඒ තමයි, සරල භාණ්ඩ නිෂ්පාදනය කරලා අපට දියුණු වෙන්න බැරි බව. අපි සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනෑ. එතකොට තමයි වැඩි පඩි සහිත, හොඳ රැකියා අපේ තරුණ තරුණියන්ට ලැබෙන්නේ, ගරු විදේශ ඇමතිතුමනි. ඒකට ලෝකයේ කලාපීය නිෂ්පාදන ජාල සමඟ එකතු වෙන්න ඕනෑ. ඒවා කරන්න නම්, අපි වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වෙන්න ඕනෑ,

 

ආණ්ඩුවේ බදු සහනය මුදලාලිලාට...

ගරු කථානායකතුමනි, අපි දැන් ජනතාවගේ එදිනෙදා ප්‍රශ්නවලට එමු.

මේ අය වැයේ ඒ සම්බන්ධයෙන් තිබෙන්නේ මොකක්ද? ජනාධිපතිතුමා ඡන්දය දිනපු ගමන් බදු අඩු කළා. "ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 37වැනි පිටුවේ මෙසේ සඳහන් වනවා:

"බදු අඩු කිරීමෙන් අඩුවන අත්‍යාවශ්‍ය බඩුවල මිල අඩුවීම ස්ථාවර ව පවත්වාගෙන යාමට කටයුතු කෙ‍රේ."

එය ප්‍රධානතම අංගය කියලා කිව්වා.

ගරු කථානායකතුමනි.

හරි. නමුත් අත්‍යවශ්‍ය බඩු මිල අඩු වුණාද?  බඩු මිල අඩු වුණා. ඉල්ලුම පහළ දමලා, උද්ධමනය අඩු කරන කාලය වුණත් සංසන්දනය කරන්න.

සෘජු බදු නැති භාණ්ඩ අපි ගනිමු.

පරිප්පු කිලෝව අද රුපියල් 173යි, මාස ‍කට කලින් රුපියල් 135යි.

මුං ඇට කිලෝව අද රුපියල් 437යි, පසු ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ රුපියල් 275යි.

මම පසු ගිය සතියේ මහ බැංකු වාර්තාවෙන් තමයි තොරතුරු ලබා ගන්නේ.

සීනි කිලෝව අද රුපියල් 126යි, එදා රුපියල් 106යි.

වියළි මිරිස් කිලෝව අද රුපියල් 651යි, එදා රුපියල් 454යි.

කහ කිලෝව අද රුපියල් 4,500යි. [බාධා කිරීමක්] සමා වෙන්න, අද කහ නැහැ.

මේ වාගේ සෘජු බදු නැති ඒවාත් තිබෙනවා. කැකුළු හාල් කිලෝව රුපියල් 105යි. සම්බා කිලෝව රුපියල් 127යි. මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 75යි.

ගරු කථානායකතුමනි, අනික් පැත්තට පෙට්‍රල්, ඩීසල් එදා ඉඳලා දිගටම (බාධා කිරීම්)

ගරු කථානායකතුමනි,

මම කියාගෙන ආවේ මේකයි.  බදු අඩු කිරීමෙන් ජනතාවට වෙච්ච සෙතක් නැහැ. ඒ සහනය ලැබිලා තිබෙන්නේ මුදලාලිලාට විතරයි.

බදු අඩු කිරීමෙන් ජනතාවට වෙච්ච සෙතක් නැහැ.
ඒ සහනය ලැබිලා තිබෙන්නේ මුදලාලිලාට විතරයි.

මේ අලුත් බදු ප්‍රතිපත්තිය මොකක්ද? අලුත් බදු ප්‍රතිපත්තියෙන් කියනවා, 2020 ආදායම රුපියල් බිලියන 1,580ක් වනවාලු.

ගරු කථානායකතුමනි, 2021දී රුපියල් බිලියන 2,019ක් වෙනවාලු. සියයට 28කින් මේ බදු වැඩි කරනවාලු.

ඊයේ Budget එකෙන් කියනවා, ජනතාව මත ගහපු බදු සියයට 28කින්  වැඩි කරනවාලු කියලා. [බාධා කිරීම්]

හැබැයි, 2020දී ඔය කියන රුපියල් බිලියන 1,580 ලැබෙන්නේ නැහැ කියා මම කියනවා. ලැබෙන්නේ රුපියල් බිලියන 1,350යි.

එහෙම වුණොත් බදු වැඩි කිරීම සියයට 49.5ක් වනවා. කවුද, මේවා ගෙවන්නේ? මේවා ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. කෑම බදු, වැට් බදු, GST බදු කියලා අලුත්ම එකක් ගහනවාලු. හැබැයි, ගරු අගමැතිතුමාගේ කට්ටිය නම් නොවෙයි. මේක පුදුමයි. ඒත් ඇත්තයි.

Budget එකේ 50 වැනි පිටුවේ කියනවා, හංගාගෙන ඉන්න කළු සල්ලි ටික අරගෙන ආවොත් එහෙම ඒ කට්ටියට සියයට එකක විතර බද්දක් ගෙවලා ඒවා පාවිච්චි කරන්න ඉඩ දෙනවා කියලා. එහෙම හංගා ගෙන ඉන්න සල්ලි සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ,

ගරු කථානායකතුමනි. බදු පිට බදු ගහලා මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ,

ගරු කථානායකතුමනි. නමුත් මෙවර අය වැයෙනුත් තවත් බදු අය කරනවා. [බාධා කිරීම්] හරි. බදු ගෙව්වා කියමුකෝ. පොරොන්දු වෙච්ච ප්‍රතිලාභ මොනවාද? අඩු ගණනේ බදු සහන ලැබෙන ලොකු හාල් මෝල් හිමියන්ගෙන් රුපියල් 98ක සහතික මිලක් යටතේ හාල් කිලෝ එකක් දෙන්න කියන්න,

ගරු කථානායකතුමනි. මෙච්චර බදු ගෙවන ජනතාවට ඒ සහනය ලබා දෙන්න. ජනතාවට එක් සහනයක් ලබා දෙන්න. ගැසට් එකේ ගහපු මිලට හාල් ටික දෙන්න. සම්බා කිලෝ එක රුපියල් 98ට දෙන්න. ඒ ටිකවත් කරන්න කියලා අපි ඉල්ලනවා. වැඩ බැරි පුරාජේරු ආණ්ඩුව කියලා මිනිස්සු කථා කරන්නේ ඔන්න ඔය නිසයි.

 

ඩඩ්ලි  බන්දුලව joke එකකට අරගෙන

කොච්චර system change කළත් විශාල වී අස්වැන්නක් තිබෙන මේ කාලයේ ගැසට් එකේ ගණනට බදු ගෙවන ජනතාවට හාල් ටික දෙන්න බැරි අපේ ආණ්ඩුවෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද‍?

ඩඩ්ලි  මහත්මයා අපේ බන්දුල මහත්මයාව භය කරගෙන. ඩඩ්ලි  මහත්මයා බන්දුල මහත්මයාව joke එකකට අරගෙන. අඩු ගානේ අපි පටන් අරගෙන සාර්ථකව කරගෙන ගිය SME හාල් මෝල්  සම්බන්ධ කරගෙන ගිය සමුපකාර ශක්ති සහල්  වැඩ පිළිවෙළ දැන්වත් නැවත පටන් ගන්න කියලා මම ඔබතුමාගෙන් ඕනෑකමින් ඉල්ලනවා. එවිට රුපියල් 98ට සහල් ගන්න සාමාන්‍ය බදු ගෙවන ජනතාවට සහනයක් දෙන්න හැකි වේවි.

ගරු කථානායකතුමනි, අවුරුදු 72ක් තිස්සේ අපේ රටේ තිබුණු නොයෙකුත් රජයන් බදු ගහනවා; වියදම් කරනවා. නමුත්, මිනිස්සු එතැනමයි.

 

ණය, ණය, ණය උගුල

හැබැයි, ණය කන්ද නම් එන්න එන්න වැඩි වෙනවා. මම මේ ආණ්ඩුවට විතරක් මේක කියනවා නොවෙයි. ආණ්ඩු කළ සියලුම දෙනා මේ පිළිබඳව වග කියන්න ඕනෑ.

ගරු අගමැතිතුමනි, පසුගිය ආණ්ඩුව මාස 60කට රුපියල් බිලියන 5,600ක් ණය අරගෙන තිබෙනවා. ඒවායින් නොයෙකුත් දේවල් කරලා තිබෙනවා. මගෙන් පසුව කථා කරන කථිකයෝ ඒවා පෙන්වා දේවි.

නමුත් මේ ආණ්ඩුව මාස 7කට රුපියල් බිලියන 1,231ක් ණය අරගෙන තිබෙනවා. එතකොට අවුරුද්ද ඉවර වෙනකොට එම ණය මුදල රුපියල් බිලියන 2,000ක් වෙන්නත් ඉඩ තිබෙනවා. මම ඒ ගැන හරියටම දන්නේ නැහැ; ‍මොකද, දත්ත තවම දීලා නැහැ.

ණය පසුගිය ආණ්ඩුවේ මාස 60ට රුපියල් බිලියන 5,600යි; මේ ආණ්ඩුවේ මාස 7කට රුපියල් බිලියන 1,231යි.

2020  වර්ෂයේ මුළු ණයබර රුපියල් බිලියන 14,261යි. ඒ කියන්නේ ගරු අගමැතිතුමනි, අපේ රටේ එක පුද්ගලයෙක් රුපියල් 713,000ක් ණයයි.

ගරු කථානායකතුමනි, මේක තමයි අපි මුහුණ දෙන විශාලතම ප්‍රශ්නය. ණය, ණය, ණය උගුල. නමුත්, මේ ණය ගෙවන්න නැවත ණය ගන්න සිද්ධ වෙනවා. ඒකයි "ණය උගුල" කියන්නේ.

කොවිඩ්-19 ප්‍රශ්නය ගැන කථා නොකළා වාගේම ගරු කථානායකතුමනි, fundamental එක තමයි මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය ගැන මේ අය වැයේ ආර්ථික ඉදිරි දැක්මේ කිසිම තැනක කථාවක් නැහැ.

ගරු කථානායකතුමනි, ඒකයි මම කලින් ඇහුවේ, මේ රචනාව ලිව්වේ සමාන්තර විශ්වයක ඉන්න කෙනෙක් ද කියලා.

කොහොමද, මේ ණය ගෙවන්නේ? අපි පක්ෂ විපක්ෂ භේදය පොඩ්ඩකට පැත්තකින් තියමු. මොකද, මේක වැදගත් ජාතික ප්‍රශ්නයක්.

දේශීය ණය රුපියල් බිලියන 7,708ක් තිබෙනවා. බැංකුවලින් රුපියල් බිලියන 7,695ක්, බැංකු නොවෙන ආයතනවලින් රුපියල් බිලියන 4,013ක් තිබෙනවා. මේක තමයි මුළු ණය. මේ මුළු ණයවලින් වැඩි හරියක් තිබෙන්නේ EPF එකයි, NSB එකයි හරහා වැඩ කරන ජනතාව විශ්‍රාම යනකොට ලැබෙන ඒ මුදල් ආයෝජනය කරලා. මේ රජය වාගේම ගරු අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාත් කියනවා මම අහගෙන හිටියා, "අපට මේ ට්‍රිලියන 14න් ට්‍රිලියන 1.4ක් වැඩි වෙලා තිබෙන්නේ ණය පොලිය වැඩි වෙච්ච නිසයි. ඒ නිසා අපි පොලිය අඩු කර ගන්න ඕනෑ" කියලා. ඒකේ වරදක් නැහැ.

නමුත් අපි ඒක කොහොමද කරන්නේ? ඒක බලෙන් කරනවා ද, එහෙම නැත්නම් වෙළෙඳ පොළෙන් කරනවා ද? කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් අරගෙන තිබෙනවා, ඒක බලෙන් කරන්න. ඒ තීරණයේ කියනවා, මෙන්න මේක නිසා තමයි  ඒ බිල්පත් සඳහා වැඩිම පොලියක් අපි අර්ථසාධක අරමුදලට සහ අනෙක් කට්ටියට ගෙවන්නේ  කියලා.

 

විශ්‍රාම වයස 60 කිරීමේ යටි අරමුණක්...

ඊයේ මෙම ගරු සභාවේදී හොඳ කථාවක් කිව්වා. අර්ථසාධක අරමුදල ගන්න වෙන්නේ, retire වෙන්නේ අවුරුදු 60 දී. මොකද,   අවුරුදු 55 ඉඳලා අවුරුදු 60 වෙනකම් දැන්  අවුරුදු 5ක් කල් වැඩි කර තිබෙනවා, retire වෙන කාල සීමාව. 

දැන් මේකේ යටි අරමුණ මොකක්ද?

මේ ප්‍රශ්නයට පිළිතුර වශයෙන් මම ගරු මුදල් ඇමතිතුමාගෙන් අහන්න කැමැතියි, "ඒක නොවෙයි"  කියලා. නමුත් අපට අහන්න අයිතියක් තිබෙනවා.

ඒ කියන්නේ අවුරුදු 5ක් තිස්සේ අර ගෙවන්න තිබෙන මුදල ගෙවන්න වෙන්නේ නැහැ. ඒ මුදල නැවතත් රජයට ගන්න පුළුවන් ආයෝජනය කරන්න; ඔවුන්ගේ ණය ගෙවන්න. නමුත්, ඒ ණයවලට ගෙවන පොලිය සම්පූර්ණයෙන්ම පහළට බැහැලා තිබෙනවා. ඒ පොලිය ගිය සතියේ සියයට 5ට අඩු වෙලා තිබෙනවා. බොහෝ දෙනා ජීවත් වෙන්නේ ඒ ලැබෙන පොලියෙන්. අපේ වයසක තාත්තලා, අම්මලා ජීවත් වෙන්නේ තමන්ගේ pension එකෙන් ලැබිච්ච දේ බැංකුවේ දාලා ලැබෙන පොලියෙන්. ඔවුන්ට හරිම අමාරුයි.

ඉතින් බලන්න, ඉලංගරත්න මහත්මයා මේ වැඩ පිළිවෙළ ගෙනාවා. රොනී ද මෙල් මහත්මයාගේ කාලයේ, ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලයේ මේක තවදුරටත් සංශෝධනය කළා.

හැබැයි, මේ මුදල් රජය විසින් තමන්ගේ ඕනෑ එපාකම්වලට පාවිච්චි කරනවාට වඩා, මේ මුදල් තිබෙන්නේ වැඩ කරන ජනතාව වෙනුවෙන් බව රජය තේරුම් ගන්න ඕනෑ. ඒ නිසා මේ වැඩේ නම් කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

විශ්‍රාම යන කාල සීමාව වයස 55  සිට 60 දක්වා වැඩි කරන එක ගැන නොවෙයි මම මේ කියන්නේ. ඒ මිනිසුන්ගේ ආයෝජන මුදල්වලට සරිලන පොලියක් ගෙවන්න කියලයි මම කියන්නේ.

අනෙක් කාරණය තමයි විදේශ ණය. This is the problem, Hon. Speaker. We have 6.6 trillion rupees in foreign loans. That is 35.4 billion in US Dollars. Out of that, about US Dollars 15 billion consists of commercial loans and within that, we have about  US Dollars 14. 5 billion in International Sovereign Bonds. Outside of this, there are bonds called Sri Lanka Development Bonds that are subscribed to by local banks but in foreign currency. 

ගරු අගමැතිතුමනි, ඉදිරි මාස 12 තුළදී අපට මුහුණ දෙන්න තිබෙන විශාලතම අභි‍යෝගය තමයි ඩොලර් මිලියන 6,700ක් ගෙවන්න තිබෙන එක.

ඊට අමතරව swap තිබෙනවා, ඩොලර් මිලියන 1,300ක්. ඇමෙරිකාවේ මහ බැංකුවෙන් ගත්ත ඩොලර් මිලියන 1,000ක  -ඩොලර් බිලියනයක- repo එකකුත් තිබෙනවා.

මේ ඩොලර් ප්‍රමාණය අපි හොයා ගන්නේ කොහොමද?

ඊට අමතරව මේ ඉදිරිපත් කරන ලද අය වැය  අනුව, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10ක පමණ දේශීය ණය ගන්නත් බලාපොරොත්තු වෙනවා. මෙය කළ යුතු දෙයක් නොවෙයි.

නමුත් කාලයක් තිස්සේ රජය කරන්නේ රෝල ගහන එකයි, එහෙම නැත්නම් roll over කරන එකයි.

අපි ජාත්‍යන්තරයට ගිහින් ඒ ණය වාරිකය ගෙවන්න නැවතත් අලුත් ණයක් ගන්නවා.

 

දිගින් දිගටම ශ්‍රේණිගත කිරීම්වලින් පහළට....

මේ අවස්ථාවේදී අපට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළේ දොරවල් වැහිලා තිබෙනවා. අපට අද ඒ අවස්ථාව නැහැ. 2019 ඉදිරිපත් කළ බදු සං‍ශෝධනත් එක්ක සහ  කොවිඩ් - 19 නිසා කඩා වැටුණු ආර්ථිකයත් එක්ක ශ්‍රේණිගත කිරීමේ ආයතනය අපව පහළට දමා තිබෙනවා.

2015 සිට 2019 අවසානය දක්වාම එක ශ්‍රේණිගත කිරීමකින්වත් අප පහළට ගියේ නැහැ. එදා කවුරුන් ‍හෝ එහෙම කිව්වා නම් ඒක වැරැදියි. එකම එක අවස්ථාවකයි එවැනි දෙයක් සිද්ධ වුණේ. අර දින පණස්දෙකේ හොර ආණ්ඩුව පත් වුණු දවසේ ශ්‍රේණිගත කිරීම අනුව  B+   සිට B2 දක්වා පහළට දැම්මා. ඊට පසු ශ්‍රේණිගත කිරීම්වලදී පහළට දැම්මේ, ඊයේ පෙරේදායි.

2015 සිට 2019 අවසානය දක්වාම එක ශ්‍රේණිගත කිරීමකින්වත් අප පහළට ගියේ නැහැ. එදා කවුරුන් ‍හෝ එහෙම කිව්වා නම් ඒක වැරැදියි. එකම එක අවස්ථාවකයි එවැනි දෙයක් සිද්ධ වුණේ. අර දින පණස්දෙකේ හොර ආණ්ඩුව පත් වුණු දවසේ ශ්‍රේණිගත කිරීම අනුව  B+   සිට B2 දක්වා පහළට දැම්මා. ඊට පසු ශ්‍රේණිගත කිරීම්වලදී පහළට දැම්මේ, ඊයේ පෙරේදායි.

ගරු අගමැතිතුමනි, දැන් බලන්න, ඊයේ හැන්දෑවේ ද්විතීයික වෙළෙඳ පොළේ ස්වෛරී බැඳුම්කරවල මිල කීයද, පොලිය කීයද කියලා.

2021 ජූලි මාසයේ කල් පිරෙන බැඳුම්කරය විකිණෙන්නේ සියයට 24.5කටයි.

2022 ජනවාරි මාසයේ කල් පිරෙන බැඳුම්කරය විකිණෙන්නේ සියයට 30.7කටයි.

2025 මාර්තු මාසයේ කල් පිරෙන බැඳුම්කරය විකිණෙන්නේ සියයට 18කටයි.

2030 මාර්තු මාසයේ කල් පිරෙන බැඳුම්කරය විකිණෙන්නේ සියයට 15.4කටයි.

අපට මේ ගණන්වලට ණය ගන්න බැහැ,

ගරු කථානායකතුමනි. ඒ නිසා රජය කොහොමද, මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ? හැමදෙනාම කියනවා, ඔක්තෝබර් මාසයේ ඩොලර් බිලියන 1,000ක ණයක් අපි ගෙව්වාය කියලා.

ඔව්, ඒ මුදල ගෙව්වා. ඒ මුදල ගෙව්වේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමාට පින් සිද්ධ වෙන්නයි.

මොකද, එතුමාගේ දුර දක්නා නුවණ නිසා මේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා, සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත.

එයින් එකතු කරගත් සංචිතවලින් තමයි මේ අය ඒ ණය ගෙව්වේ. නමුත් අපට හැම දාම සංචිතවලින් ණය ගෙවන්න බැහැ. අපට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි.

අපි හිතමු, මා කලින් කිව්ව ඩොලර් මිලියන 6,700න් ඇමෙරිකාවේ මහ බැංකුවෙන් ගත් ඩොලර් මිලියන දහස roll over කළාය කියලා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ.

ඊළඟට, swap වගයක් තිබෙනවා නේ, ඩොලර් මිලියන 1,300ක. ඒකත් roll over කළාය කියමුකෝ. ඒ ගැනත් ප්‍රශ්නයක් නැහැ. 

ඒ වගේම, ඇමෙරිකානු ඩොලර් මිලියන 6,700ක් තිබෙනවා. ඒවායේ තිබෙනවා, පෞද්ගලික ආයතනවලින් ගත් ණය සහ බැංකුවලින් ගත් ණය. අපි හිතමු, ඒවාත් ගෙවා දැම්මාය,  ප්‍රශ්නයක් නැහැයි කියලා.

එහෙම නම් රජයට ගෙවන්න ඉතිරි වෙනවා, ඩොලර් මිලියන 4,100ක්. මෙන්න මේක තමයි ගැටලුව.

මීට අමතරව අපට තිබෙනවා, අපේ අපනයන සහ ආනයන අතර වෙනස; ලංකාවට එන ප්‍රේෂණයි, ලංකාවෙන් යන ප්‍රේෂණයි අතර වෙනස; අපි පිටරට ගිහින් වියදම් කරන ඒවායි, පිටරට අය මේ රටට ඇවිල්ලා වියදම් කරන ඒවායි අතර තිබෙන වෙනස. මෙයට කියනවා, ජංගම ගිණුම කියලා.

මේ අවුරුද්ද අවසාන වනකොට මේ ජංගම ගිණුමේ අවම වශයෙන් ඩොලර් බිලියන 1.5ක පමණ හිඟයක් තිබෙනවා. ඒ නිසා අපට ඩොලර් බිලියන 5ත්, ඩොලර් බිලියන 6ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා, සංචිතවලින් ගෙවන්න. අපට එපමණ සංචිත නැහැ,

ගරු කථානායකතුමනි. අපට තිබෙන්නේ, ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8ක සංචිතයි. ඒකෙනුත් ඩොලර් මිලියන 400ක් තිබෙන්නේ රත්‍රන්වලින්. එය ඊට වැඩි ප්‍රමාණයක් තිබුණා.

නමුත් මේ ළඟදී ශ්‍රී ලංකා මහ බැංකුව රත්‍රන් ටික විකුණා දැම්මා.

අපි හිතමු, චීනය, ඉන්දියාව වැනි මිත්‍ර රටවලින් අපට ඩොලර් බිලියන 2ක ණයක් ලැබුණාය කියලා. ඒත් අපට ණය ගෙවන්න තවත් ඩොලර් බිලියන 4ක් අවශ්‍ය වෙනවා.

අපි හිතමු, ඩොලර් බිලියන දෙකක් සංචිතවලින් ගත්තා කියලා. ඒත් අපට ගෙවන්න ඩොලර් බිලියන දෙකක් මදි වෙනවා.

එම නිසා මේක තමයි අපට හෙට අනිද්දාම විසඳන්න තිබෙන මූලික ප්‍රශ්නය. මේක කල් දමන්න බැහැ. In English, we say, "Do not kick the can down the road." We cannot kick the can down the road anymore. Hon. Speaker, we must understand this.  Hon. Dinesh Gunawardena, you, as the  Foreign Minister, must understand  that we are not facing a liquidity issue. Our issue is one  relating to  insolvency. It is not about liquidity, it is about insolvency. එම නිසා මේ ප්‍රශ්නයට fundamental උත්තර හොයන්න වෙනවා,

අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා කිව්වා වාගේ. එහෙම නම් නොම්මර, දත්ත වසන් කරලා, ලොකු කථා කියලා, Rating Agenciesවලට කෑ ගහලා, මාධ්‍ය නිවේදන නිකුත් කරලා ප්‍රශ්න විසඳන්න බැහැ. එම නිසා රජය වහාම මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න ඕනෑ.

රජය අපට කිව්වා, මෙවලම් -tools- තිබෙනවා කියලා;

රට රොකට් එකක් වාගේ වර්ධනය වෙනවා කියලා. හැබැයි, එහෙම වෙන්නේ නැහැ.

 

විකල්ප නොසලකා ඉන්න එපා!

නමුත්, රජයට විකල්පයක් තිබෙනවා. වග කියන විපක්ෂයක් හැටියට අපි ඒ විකල්පයත් ඉදිරිපත් කරන්න සූදානම්,

අපේ උගත් විදේශ ඇමතිතුමා ඇතුළු ආණ්ඩුවට. මා ඒ විකල්පය කියන්නම්. අපට පුළුවන්, ඕනෑ නම් ණය සහන කාලයක් -moratorium එකක්- ලබාගන්න. බොහෝ රටවල් දැනට ඒවා ලබාගෙන තිබෙනවා. සාමාන්‍ය business එකක් තිබෙන්නේ, කොවිඩ් වසංගතය ඇවිල්ලා, ණය ගෙවාගන්න බැහැ, ආදායම අඩු වෙලා තිබෙනවා, ඒ නිසා මාස හයක, නැත්නම් මාස දොළහක moratorium එකක් දෙන්න කියලා බැංකුවට කියනවා. වෙනත් රටවලුත් එහෙමයි.

නමුත් අපට එහෙම උවමනාවක් නම් නැති පාටයි,

ගරු විදේශ ඇමතිතුමනි. [බාධා කිරීමක්] ඔබතුමාට වුවමනාවක් තිබුණාට- [බාධා කිරීමක්] හරි. ඒක තමයි මා මේ කියන්නේ. මේක අපි ඔබතුමන්ලාට කරන එක යෝජනාවක්. පිළිගන්නවා නම්, පිළිගන්න. එහෙම නැත්නම් පිළිගන්න එපා. ඒක ඔබතුමන්ලාගේ වැඩක්. It is a prerogative of yours, not mine. But it is my duty as a responsible  Member of the Opposition to show that-  immaterial of  the party that we represent here- as a nation, we have to face this problem and so many other countries have done that. The IMF has given rapid financial assistance to more than 30 to 40 countries.

හැබැයි, අපේ මුදල් රාජ්‍ය ඇමතිවරයා මොකක්ද කිව්වේ?

"අපි ඉන්නේ ICU එකේ නොවෙයි. අපට ලේ ගන්න අවශ්‍යතාවක් නැහැ. ලේ දෙන්නේ ICU එකේ ඉන්න කොට. දැන් අපේ ප්‍රශ්නය ඉවරයි." කියලායි කිව්වේ.

දත්ත වෙනස් කරලා නම් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියන එක මා නැවතත් කියනවා.

හැබැයි, මා එකක් කියන්නම්. අපි වහාම යම්කිසි විධියක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගියේ නැත්නම්, මේ රට ලොකු අගාධයකට වැටෙන්න ඉඩ තිබෙනවා.

දත්ත වෙනස් කරලා නම් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියන එක මා නැවතත් කියනවා. හැබැයි, මා එකක් කියන්නම්. අපි වහාම යම්කිසි විධියක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගියේ නැත්නම්, මේ රට ලොකු අගාධයකට වැටෙන්න ඉඩ තිබෙනවා.

There are two ways of doing it. One is restructuring. එකක් තමයි, ගෙවන්න තිබෙන සම්පූර්ණ ණය වාරිකයත්, ඒ අතර වාරයේ ගෙවන්න තිබෙන පොලී ප්‍රමාණයත් යම්කිසි කැපීමක් කරන එක. අපි එයට 'haircut' කියා කියනවා.

එහෙම නැත්නම්, reprofile කියන ක්‍රමය තිබෙනවා. ගරු ඇමතිතුමනි, reprofile ගැන ඔබතුමා දන්නවා. ණය ගෙවන ප්‍රමාණය අඩු කරගන්න අවශ්‍ය නැතත්, ගෙවීම කල් දමාගන්න පුළුවන්.

ණය ගෙවීම කල් දමාගන්න පුළුවන්, 'reprofile' කරලා.

ඒ අනුව අපට කියන්න පුළුවන්, "මාස දහඅටකින්, මාස විසිහතරකින්, මාස තිස්හයකින් අපට නැවත මේ ණය ගෙවන්න පුළුවන් වෙයි" කියලා.

ඇයි අපට එහෙම කරන්න අවශ්‍ය වන්නේ? අපේ රටේ මිනිස්සු දුක් විඳිනවා. ඔවුන්ට stimulus එකක් දෙන්න ආණ්ඩුවට සල්ලි නැහැ කියා ආණ්ඩුව කියනවා.

අපි පෙන්වන්න හදන්නේ, ආණ්ඩුවට සල්ලි නැහැ කියන එක ඇත්ත කථාවක් නොවන බවයි. ආණ්ඩුවට සල්ලි හොයාගන්න හැකියාවක් තිබෙනවා.

ඒ සත්‍යයට, යථාර්ථයට මුහුණ දෙන්න ඔබතුමන්ලාට ශක්තියක් තිබෙන්න ඕනෑ. ඒ ශක්තිය තිබෙනවා නම්, කොන්ද පණ තිබෙනවා නම්, මේ ආණ්ඩුවට කියන්න හැකියාවක් නැහැ, "අපේ මිනිසුන්ට උත්තේජකයක් දෙන්න, වැටිලා තිබෙන අපේ ආයතනවලට stimulus එකක් දෙන්න අපට සල්ලි නැහැ" කියලා.

පාරවල තාර දමන්න, ඒවා නැවත කාපට් කරන්න සල්ලි තිබෙනවා නම්, "මිනිසුන්ට සීනි බෝල දෙන්න බැහැ - We do not need to give goodies -" කියා කියන්න ඔබතුමන්ලාට සදාචාරාත්මක අයිතියක් නැහැ කියා මා කියනවා.

ගරු කථානායකතුමනි, මා මේ කාරණය කියා මගේ කථාව අවසන් කරන්නම්. මා ගොඩක් වේලා කථා කළා. මේ වසංගතයෙන් පීඩා විඳින සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙච්ච කිසිම සහනයක් මේ පතෝල අය වැයෙන් ලැබුණේ නැහැ. අපේ රටේ උගත් තරුණ තරුණියන්ට තමන්ගේ දැනුම, බුද්ධිය පාවිච්චි කරලා ලෝකයත් එක්ක එකතු වෙලා දියුණු වෙන්න තිබුණු අවස්ථාව, මේ ඉදිරිපත් කරපු ළිං මැඩි න්‍යායෙන් සම්පූර්ණයෙන්ම වසා දමලා තිබෙනවා. අපනයන වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන තරගකාරි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න මේ අය වැයෙහි කිසිම යෝජනාවක් නැහැ. එම නිසා ණය උගුලෙන් ගොඩ වෙන්න, ආර්ථිකය වර්ධනය කරලා ලෝකයත් එක්ක එකතු වෙලා අපනයන වැඩි කරලා ඩොලර් හොයාගන්න, ඩොලර් ණය ගෙවාගන්න වැඩ පිළිවෙළක් නැහැ. වචනවලට එහා ගිය සමාජ සුභසාධන යෝජනා ගැන සඳහන් වන තැනක් නැහැ.

උන්නත් එකයි, මළත් එකයි වාගේ තමයි මිනිසුන්ට සලකලා තිබෙන්නේ.

ගරු කථානායකතුමනි, මේ කාරණයත් කියා මම මගේ කථාව අවසන් කරන්නම්. මේ අය වැයෙන් පෙනෙන්නේ, මේ රජයට අපේ රටේ මිනිසුන්ගේ හැකියාව ගැන විශ්වාසයක් නැහැ කියන එකයි. No! Sri Lanka can, Hon. Minister. [බාධා කිරීම්] කියන්න, "අපට කරන්න පුළුවන්!" කියලා. අපි ලෝකයට බය වෙන්න ඕනෑ නැහැ. අපි කවදාවත් ලෝකයට බය වුණේ නැහැ. [බාධා කිරීම්] අපි ලෝකයට බය වුණේ නැහැ. අපට කරන්න පුළුවන්. ආත්ම ශක්තිය ඇති කරගන්න. අධිෂ්ඨානය ඇති කරගන්න. කැපවීම තිබෙනවා නම්, අපට ඒ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් කියා මම කියනවා.

මේ රටේ ජනතාවට තිබෙන්නේ එකම විකල්පයයි. ඉදිරි අවුරුදු 4න් පසුව එන නූතනවාදි, නව්‍ය, ප්‍රගතිශීලි සමඟි ජන බලවේගය ආණ්ඩුවෙන් රටේ ජනතාවට සෙතක් සලසන්න අපි බලාපොරොත්තු වෙනවා.

බොහොම ස්තුතියි.

subscribeYT

නවතම පුවත්