1200 x 80 DMirror
 
 

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය රැඳී පවතින ප්‍රධාන පරිශ්‍රයන් හතරක් හඳුනාගත හැකිය. 
 
ඉන් පළමුවැන්න, දේශපාලන අධිකාරියයි. එනම්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුව හෙවත් දේශපාලන බලාධිකාරියයි.
 
 දෙවැන්න, නීතිය සහ අධිකරණයයි. 
 
තෙවැන්න, මාධ්‍යයයි. 
 
සිව්වැන්න, ජනතාවයි. 
 
දේශපාලන බලාධිකාරිය පිළිබඳ සාකච්ඡාව විවිධ මාතෘකා ඔස්සේ දෛනිකව අපට අසන්නට දකින්නට ලැබේ. 
 
එහි අනාගත ස්වභාවය කෙසේ වේද යන්න, 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමේදී දැකගත හැකි විය. 
 
'ස්වාධීන' කොමිෂන් සභා නියෝජනත්වය සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු කවුන්සිලයට පසුගියදා (24) යවන ලද නාමලේඛන පෙරේදා දැකගත හැකි විය. 
 
ස්වාධීන යන වචනය පෙරළි කොමා තුළ යෙදුවේ හිතාමතාමයි. 
 
කලින් පැවති 'ව්‍යවස්ථා සභාව' යටතේ පැවති ස්වාධීන කොමිෂන් සභා, 20 වැනි සංශෝධනය යටතේ දැන් ක්‍රියාත්මක වන්නේ, බලතල කිසිවක් නැති 'පාර්ලිමේන්තු කවුන්සිලය' නමින් හැඳින්වෙන උපදේශන මණ්ඩලයක් හරහා ය. 
 
ජනාධිපතිවරයා ඊයේ යවන ලද 'ස්වාධීන' කොමිෂන් සභාවලට පත්කෙරෙන සාමාජික නාමලේඛන ගැන මේ කියන 'පාර්ලිමේන්තු කවුන්සිලයට' කළ හැකි දෙයක් නැත. 
 
මන්ද යත්, 'පාර්ලිමේන්තු කවුන්සිලයේ' අදහස් අනුව, ඒ ලැයිස්තුවේ යෝජනා කොට ඇති කිසි නමක් වෙනස් කිරීමට හෝ ඉල්ලා අස්කරගැනීමට, 20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයා බැඳී නැති බැවිනි. 
 
ජනාධිපතිවරයා යවන ලද 'ස්වාධීන' කොමිෂන් සභාවලට පත්කෙරෙන සාමාජික නාමලේඛන ගැන මේ කියන 'පාර්ලිමේන්තු කවුන්සිලයට' කළ හැකි දෙයක් නැත. මන්ද යත්, 'පාර්ලිමේන්තු කවුන්සිලයේ' අදහස් අනුව, ඒ ලැයිස්තුවේ යෝජනා කොට ඇති කිසි නමක් වෙනස් කිරීමට හෝ ඉල්ලා අස්කරගැනීමට, 20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයා බැඳී නැති බැවිනි. 
 
දෙවැනුව, ඒ කොමිෂන් සභා සඳහා ජනාධිපතිවරයා යවා ඇති නාමලේඛන දෙස බැලීමේදී පෙනී යන්නේ, 'ස්වාධීන' බවක් සාමාජිකත්වය දරන මනුෂ්‍යයන්ගෙන් පවා අපේක්ෂා කළ නොහැකි බවයි. 
 
වෙනත් වචනවලින් කිවහොත්, ආයතනික වශයෙන් ගත්තත්, ඒවායේ සාමාජිකත්වය දරන මනුෂ්‍යයන් සම්බන්ධයෙන් ගත්තත්, මේ කියන කොමිෂන් සභා 'ස්වාධීන' නොවන බව එහි අදහසයි.   
 
නීතිය සහ අධිකරණය ගැන සාකච්ඡාව මේ වන විට විවිධ ඉසව් ඔස්සේ මතුවෙමින් තිබේ. 
 
සිද්ධිමය වශයෙන් ගතහොත්, සිල්රෙදි නඩුවේ වැරදිකරුවන් වශයෙන් තීන්දු වී සිටි පුද්ගලයන් නිදොස් වී නිදහස් වීමේ සිට පරරාජසිංහම් ඝාතන නඩුවට සම්බන්ධ පිල්ලෙයාන් පසුගියදා (24) ඇප පිට නිදහස් වීම දක්වා ඒවා විහිදෙයි. 
 
Shani Pillean
මිනීමැරුමකට සම්බන්ධ පිල්ලෙයාන් ඇප පිට එසේ නිදහස් වෙද්දී, මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ රාශියක් නීතිය ඉදිරියට පමුණුවා පරිසමාප්තියට පත්කිරීමේ රාජකාරිය නිර්භයව ඉටු කළ පොලිස් නිලධාරියෙකු වූ ෂානි අබේසේකර දැන් මාස ගණනක් තිස්සේ තවමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී. 
 
මිනීමැරුමකට සම්බන්ධ පිල්ලෙයාන් ඇප පිට එසේ නිදහස් වෙද්දී, මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ රාශියක් නීතිය ඉදිරියට පමුණුවා පරිසමාප්තියට පත්කිරීමේ රාජකාරිය නිර්භයව ඉටු කළ පොලිස් නිලධාරියෙකු වූ ෂානි අබේසේකර දැන් මාස ගණනක් තිස්සේ තවමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී. 
 
මේ වන විට ඔහු කොරෝනා රෝගියෙකුගේ තත්වයට පත්ව ඇති බව වාර්තා වෙයි.  
 
පාලකයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට, ජනතාව වැදගත් වන්නේ ඊළඟ මැතිවරණයකදී ය. 
 
2019 නොවැම්බරයේ ජනාධිපතිවරණයේදී සහ ඊළඟට 2020 අගෝස්තුවේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව සතුව පැවති, ස්වෛරී යැයි හැඳින්වෙන පරමාධිපති බලය මේ වන විට වියැකී ගොසිනි. 
 
Asanka Welikalaව්‍යවස්ථා නීතිය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකු සහ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවියේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ අධ්‍යයනාංශයේ අධ්‍යක්ෂවරයාද වන අසංක වැලිකල අද තබා ඇති 'ට්විටර්' පණිවිඩයකින් කියැවෙන පරිදි, අපේ රටේ වර්තමාන පාලකයන් 'මූනිච්ඡාව' ගැනවත් තකන්නේ නැත.
 
මූනිච්ඡාව යන්නෙන් අදහස් වන්නේ, යමෙකු මොන තරම් වැරදි කළත්, එය පිටතට නොපෙනෙන සේ කිරීමට ගන්නා උත්සාහයයි.
 
මීට පෙර මේ කොලමේ, 'ලජ්ජා බය නැතිකම' නමැති යෙදුම යටතේ ඒ ගැන යම් තරමකට විස්තර කෙරී ඇත. 
 
ජනතා බලය යනුවෙන් අදහස් වන්නේ, පාලකයා මෙහෙයවීමට ජනතාවට ඇති බලයයි. 
 
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ පාලකයා දමනය වන්නේ, ජනතාව සතු ඒ බලය පිළිබඳව පාලකයා තුළ ඇති දැනුවත්භාවය නිසා ය. 
 
එහෙත් ආචාර්ය අසංක වැලිකල පෙන්වා දෙන පරිදි, පාලකයා මූනිච්ඡාවටවත් තමන්ගේ වැරදි ක්‍රියා යුක්තිසහගත කරගැනීමට නොබලන්නේ නම්, එහි අදහස වන්නේ ජනතාව කුමක් සිතුවත් මට කමක් නැතැයි සිතන අඩියකට පාලකයා පත්ව ඇති බවයි. 
 
එය ඉතා භයානක පෙරනිමිත්තකි. 
 
ජනතාවගේ ග්‍රහණයෙන් සහ පාලනයෙන් ඉවත් වී, පුද්ගල-කේන්ද්‍රීය ස්වායත්තභාවයක් අත්කරගැනීමට පාලකයෙකු පෙලඹීම, ලෝක ඉතිහාසය තුළ තුඩුදී ඇත්තේ ප්‍රජාපීඩක ෆැසිස්ට් රාජ්‍ය තන්ත්‍රයන් උත්පාදනය කිරීමටයි. 
 
''ජනතාවගේ ග්‍රහණයෙන් සහ පාලනයෙන් ඉවත් වී, පුද්ගල-කේන්ද්‍රීය ස්වායත්තභාවයක් අත්කරගැනීමට පාලකයෙකු පෙලඹීම, ලෝක ඉතිහාසය තුළ තුඩුදී ඇත්තේ ප්‍රජාපීඩක ෆැසිස්ට් රාජ්‍ය තන්ත්‍රයන් උත්පාදනය කිරීමටයි. ''
 
 
 
මාධ්‍ය පිළිබඳ කාරණාව :
 

Tv1977 විවෘත ආර්ථීකය තුළින් ලංකාවට පැමිණි රූපවාහිනිය වැඩි කල් නොගොස්
ලංකාවේ මාධ්‍ය ප්‍රේක්ෂාවලිය ගුණාත්මකවත් ප්‍රමාණාත්මකවත් පොහොසත් කෙළේය. 

 
මේ ලිපියේ පළමු ඡේදයේ සඳහන් ඉහත කී කාරණා තුන, එනම්, දේශපාලන අධිකාරය, නීතිය/අධිකරණය සහ ජනතාව යන සාධක පිළිබඳ මේ වන විටත් සෑහෙන දුරට සාකච්ඡා වී ඇති නිසාත්, ඉදිරියේදී තවදුරටත් ඒ පිළිබඳ නිදර්ශනාත්මක අවස්ථාවන් නිතිපතා උදේ හවා උද්ගත වීමට හැම ඉඩකඩක්ම ඇති නිසාත්, මේ ලිපියේදී මා වඩාත් අවධානය යොමු කරන්නේ මාධ්‍ය පිළිබඳ කාරණාවටයි.
 
අප මාධ්‍ය සාක්ෂරතාව අතින් ඉහළින් සිටින රටකි. 
 
1977 විවෘත ආර්ථීකය තුළින් ලංකාවට පැමිණි රූපවාහිනිය වැඩි කල් නොගොස් ලංකාවේ මාධ්‍ය ප්‍රේක්ෂාවලිය ගුණාත්මකවත් ප්‍රමාණාත්මකවත් පොහොසත් කෙළේය. 
 
60 දශකයේදී, ලංකාදීප සහ දිනමිණ නමැති සීමිත මුද්‍රිත මාධ්‍යයෙන් සහ රජයේ ගුවන්විදුලිය නමැති තනි විද්‍යුත් මාධ්‍යයෙන් පමණක් තොරතුරු දැනගත් පුරවැසියා අද වන විට, කිසි පුවත්පතක් මිලදී නොගෙන, පැය බාගයක් නිවසේ රූපවාහිනිය ඉදිරියේ වෙනත් වැඩක යෙදෙමින් හෝ වාඩි වී සිටියොත් දවසේ ප්‍රවෘත්ති සාරාංශයක් දැනගත හැකිය. 
 
60 දශකය, ඒ අංශයෙන් ගත් විට මන්දපෝෂණයෙන් පෙලූණු යුගයක් ලෙස දළ වශයෙන් හඳුනාගත හැකි නම්, අද එය අධිපෝෂණයෙන් පෙලෙන යුගයක් බවට පත්ව ඇත.
 
ප්‍රජාතන්ත්‍රවාදය යනු, පාලකයා සහ ජනතාව අතර බලය හුවමාරු වන ව්‍යුහයට අදාළව දැනට තිඛෙන විශිෂ්ටතම මාදිලියයි. 
 
පාලකයා ඉදිරියේ ජනතාවගේ ස්වෛරී බලය කේඩෑරි වන අවස්ථාවකදී ඒ තත්වය වළක්වා ජනතා බලය තිරිහන් කරන වැදගත් සාධක දෙකක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබේ. එනම්, නීතිය හා අධිකරණයත්, මාධ්‍යයත් ය.  
 
පාලකයා ඉදිරියේ ජනතාවගේ ස්වෛරී බලය කේඩෑරි වන අවස්ථාවකදී ඒ තත්වය වළක්වා ජනතා බලය තිරිහන් කරන වැදගත් සාධක දෙකක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබේ. 
 
එනම්, නීතිය හා අධිකරණයත්, මාධ්‍යයත් ය. 
 
ඉහත සඳහන් පෙළගැස්වීමේදී මේ කාරණා දෙකට උඩින් දේශපාලන අධිකාරියත්, මේ කාරණා දෙකට පහළින් ජනතාව යන කාරණයත් සඳහන් කෙළේ යම් අදහසක් පෙරදැරිව ය. 
 
පිළිගත්, සම්මත, ස්වභාවික යුක්තිය පසිඳලන්නේ නීතිය හා අධිකරණයයි. 
 
මාධ්‍ය යනු, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යාවශ්‍ය 'දැනුවත් පුරවැසියා' බිහි කිරීම සඳහා උපකාරී වන යාන්ත්‍රණයයි. 
 
ස්වාභාවික යුක්තිය පසිඳලීම සඳහා, ජනතාව නොදන්නා නීතිය පිළිබඳ කරුණු අධිකරණය ඉදිරියේ දක්වා සිටින නීතිවේදියා මෙන්, ජනතාව නොදන්නා තොරතුරු සමාජයට ඛෙදාහරින්නා මාධ්‍යයයි. 
 
අධිකරණයක් ඉදිරියේ කරුණු දක්වන්නේ එක පාර්ශ්වයක් නොවේ. 
 
එක පාර්ශ්වයක් පමණක් දක්වන කරුණු මත පදනම් වෙමින් යුක්තිය පසිඳලු අධිකරණ ක්‍රමයක් කොමියුනිස්ට් රටවල තිබුණි. 
 
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේදී එය වෙනස් ය. 
 
ඒ ආකාරයෙන්ම, එක පාර්ශ්වයක තොරතුරු පමණක් නොව, විවිධ පාර්ශ්වවල තොරතුරු ජනතාව ඉදිරියේ තැබීම, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක 'දැනුවත් පුරවැසියා' බිහි කිරීමට අත්‍යාවශ්‍ය වන්නේය.
 

Pattaraලංකාවේ වර්තමාන මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට ලැඛෙන (ලංකාදීප, දිවයින, මව්බිම, අරුණ, දිනමිණ, රාවය සහ අනිද්දා වැනි) බහුවිධ පරාසය, විද්‍යුත් මාධ්‍ය තුළ, විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය තුළ දක්නට නැත. 

 
ලංකාවේ වර්තමාන මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට ලැඛෙන (ලංකාදීප, දිවයින, මව්බිම, අරුණ, දිනමිණ, රාවය සහ අනිද්දා වැනි) බහුවිධ පරාසය, විද්‍යුත් මාධ්‍ය තුළ, විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය තුළ දක්නට නැත. 
 
මුද්‍රිත මාධ්‍යයේ මෙන් විකල්ප ශාඛාවක් එහි ඇත්තේම නැත. 
 
මේ වන විට, හිරු, දෙරණ, ස්වර්ණවාහිනී, ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන්. වැනි ප්‍රධාන ප්‍රවාහයේ නාලිකා සියල්ල එකම මතවාදයක් වෙනුවෙන් පෙනී සිටී. 
 
ඒවායේ ප්‍රවෘත්ති මෙන්ම ප්‍රවෘත්ති විශ්ලේෂණද ගන්නේ එකම මාර්ගයකි. එකම දිසාවකි. 
 
සිරස ඊට යම් තරමක වෙනසක් පෙන්නුම් කළත්, අදාළ ප්‍රස්තුත ඉදිරියේ කලින් කී ප්‍රවාහය සමගම ඒකීය විය හැකිය.
 
 උදාහරණයක් වශයෙන්, රනිල් වික්‍රමසිංහ නමැති සාධකය කරලියට පැමිණියොත්, සිරස අනිත් සියලූ මාධ්‍යයන් සමග එකට සිටගනී. 
 
වික්‍රමසිංහ ගැන සිරස දරන දරුණු ප්‍රතිවාදීත්වය, අනිත් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේනගේ පාස්කු ප්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් සුහද මිත්‍රශීලි බවක් වෙත විතැන් වෙයි. 
 
ඒ නිසා මේ එක නාලිකාවක්වත්, එකහෙලා ජනතාව පැත්තේ සිටගන්නේ නැත. 
 
ඔවුන් සිටගන්නේ, තමන් දරන මතිමතානිතර අනුව, තමන්ගේ දේශපාලනික න්‍යාය පත්‍රයක් මත ජනතාව පෙළගැස්වීම කෙරෙහි ය. 
 
ප්‍රධාන නාලිකා හත අටකට පමණක් සීමා වී තිඛෙන රටක මෙය අස්වාභාවික නැත.
 
 නාලිකා විශාල සංඛ්‍යාවක් ඇති රටකට වඩා, ප්‍රාග්ධනය සහ දේශපාලනික න්‍යාය පත්‍ර මෙවැනි රටක සීමිත විද්‍යුත් මාධ්‍ය තුළ පිනුම් ගසයි.
 
ඒ  සියලූ සීමාකම් මධ්‍යයේ වූවත්, සිරස නාලිකාව දීර්ඝ කාලයක් තිස්සේ, අනිත් නාලිකාවන්ගෙන් වෙනස් කඳවුරක් නියෝජනය කෙළේය. 
 
එසේම, තමන්ගේ ස්ථාවරයන් නිසා විරුද්ධවාදීන්ගේ ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ටත් ලක්විය. 
 
sirasa
ප්‍රධාන ප්‍රවාහයට යම් ආකාරයක 'විකල්ප' ප්‍රවණතාවක් සිරස තුළ තවමත් දක්නට ලැබේ. ඔවුන්ගේ කුමන සීමාකම් මධ්‍යයේ වූවත්, ඒ විසම්මුතික සීමිත ඉඩකඩ ආරක්ෂා කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයට වැඩදායක ය.
 
මේ නිසා, ප්‍රධාන ප්‍රවාහයට යම් ආකාරයක 'විකල්ප' ප්‍රවණතාවක් සිරස තුළ තවමත් දක්නට ලැබේ. 
 
ඔවුන්ගේ කුමන සීමාකම් මධ්‍යයේ වූවත්, ඒවිසම්මුතික සීමිත ඉඩකඩ ආරක්ෂා කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයට වැඩදායක ය.
 
ලංකාවේ පාලකයන් විසින් ජනතාව ස්වකීය අයිතීන්ගෙන් අස්වාමී කරනු ලැබීම වඩාත් සාර්ථකව වීමට ඉඩ ඇත්තේ, නීතිය හා අධිකරණය හරහා හැරුණු විට, මාධ්‍ය හරහා බව අවධාරණය කිරීම වැදගත් ය. 
 
ඒ, මාධ්‍ය ඒකාධිකාරයක් ගොඩනැංවීමෙනි. 
 
ඒකාධිකාරය යනු එක අයිතිකරුවෙකු යටතට සියලූ නාලිකා ගෙන ඒම නොව, අයිතිකරුවන් අතලොස්සක් අතේ එක තනි දේශපාලනික ව්‍යාපෘතියක් ගොඩනැංවීම ය. 
 
''ඒකාධිකාරය යනු එක අයිතිකරුවෙකු යටතට සියලූ නාලිකා ගෙන ඒම නොව, අයිතිකරුවන් අතලොස්සක් අතේ එක තනි දේශපාලනික ව්‍යාපෘතියක් ගොඩනැංවීම ය. ''
 
මේ ලිපියේ ඉඩකඩ අනුව විස්තරාත්මකව දැක්විය නොහැකි වුවත්, ලෝකයේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මාධ්‍ය අයිතිය වඩාත් පුළුල් වපසරියක පැතිර ඇති බවත්, අඩුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල වැඩියෙන්ම මාධ්‍ය අයිතිය සංකේන්ද්‍රණය වී ඇති බවත් කිව හැකිය.  
 
20 වැනි සංශෝධනයෙන් කෙරුණේ දේශපාලනික බලය එක අතක සංකේන්ද්‍රණය කරගැනීමයි. 
 
ඒ ආකාරයේම මතවාදීමය සංකේන්ද්‍රණයක් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මේ මොහොතේ ඇති කරගැනෙමින් පවතී.
 
 මීට ඉහතින් සඳහන් කළ 'දැනුවත් පුරවැසියා' වෙනුවට එහිදී ගොඩනැංවෙන්නේ 'ප්‍රබන්ධ පුරවැසියෙකි'. 
 
ඒ පුරවැසියාගේ පොදු ලක්ෂණය වන්නේ, ප්‍රබන්ධය සත්‍යය වශයෙන් බාරගැනීමයි. (නූතන ලෝකය තුළ මෙය වෙනත් අංශයන්හිදීත් දැකගත හැකි වෙතත්, පාලකයාගේ සුවිශේෂී දේශපාලනික ව්‍යාපෘතියක් තුළ ප්‍රජාතන්තවාදයට ඉන් ඇති විය හැකි හානිය, වෙන් කොට හඳුනාගැනීම පැහැර හැරිය යුතු නොවේ).   
 
මේ 'ප්‍රබන්ධ පුරවැසියා' ගොඩනැංවීම සඳහා මාධ්‍ය හැසිරවෙන ආකාරය උදාහරණයකින් පැහැදිලි කරගැනීමට බලමු.
 
පසුගිය සති කිහිපය තුළ, දීර්ඝ කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබූ අපරාධ සහ දූෂණ සිදුවීම් පිළිබඳ නඩු හිතාගත නොහැකි වේගයකින් මෘදු නඩු බවට පත්විය. 
 
''පසුගිය සති කිහිපය තුළ, දීර්ඝ කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබූ අපරාධ සහ දූෂණ සිදුවීම් පිළිබඳ නඩු හිතාගත නොහැකි වේගයකින් මෘදු නඩු බවට පත්විය. ''
 
වැරදිකරුවන් වී සිටි සමහරු නිදහස් වී නිදොස් වූහ. 
 
තවත් අය ඇප පිට නිදහස් වූහ. 
 
ඒ අතරේ තවත් නඩු ඉල්ලා අස්කර ගැනුණි.
 
 මේ සියල්ල අධිකරණ ඇමතිවරයා එක වචනයකින් පැහැදිලි කෙළේය. 
 
එනම්, ඒවා 'දුර්වල' නඩු බවයි. 
 
එසේ වීමටත් බැරිකමක් නැත. 
 
එහෙත් එක කොස්සක් තිබේ. 
 
මේ අතරින් බොහෝ නඩු සම්බන්ධයෙන් මේ අධිකරණ ඇමතිවරයා ඇතුළු නීතිඥයන් එදා අනුගමනය කළ ක්‍රියාකලාපය වුණේ, විවිධ හේතු යටතේ හැකිතාක් ඒ නඩු කල් දමා ගැනීමයි. 
 
බැසිල් රාජපක්ෂගේ එක් නඩුවක් වරක් මාස හතකින් කල් ගිය බව මතකයේ තිබේ. 
 

basil courtබැසිල් රාජපක්ෂගේ එක් නඩුවක් වරක් මාස හතකින් කල් ගිය බව මතකයේ තිබේ. 

 
එනම් ඒ නඩු කැඳවුණේ වසරකට වරක් හෝ දෙවරක් පමණක් බවයි. 
 
විටෙක සෞඛ්‍ය හේතුද, විටෙක වෙනත් නොයෙක් තාක්ෂණික හේතුද දක්වමින් විත්තියේ නීතිඥවරු හැමදාමත් නඩු කල් දමා ගැනීමේ ප්‍රතිපත්තියක් එදා අනුගමනය කළෝය.
 
 නඩුවක් 'දුර්වල' නම්, තමාගේ සේවාදායකයා දීර්ඝ කාලයක් තිස්සේ විත්තිකරුවෙකු (අපරාධකරුවෙකු හෝ හොරෙකු) වශයෙන් සමාජ අපවාදයක් තුළ තබාගන්නවා වෙනුවට නීතිඥයෙකු කරනු ඇත්තේ, හැකි ඉක්මනින් එම නඩුව ඉවරයක් කරගෙන තම සේවාදායකයාගේ අහිංසක බව ස්ථාපිත කිරීමයි. 
 
ඒ සඳහා ඉක්මන් දිනයක් ලබා ගැනීමයි. 
 
එහෙත් පසුගිය වසර පහක කාලය තිස්සේ ඔය කියන කිසි නඩුවක් වෙනුවෙන් පෙනී සිටි කිසි නීතිඥවරයෙකු එසේ අධිකරණයෙන් ඉක්මන් දිනයක් ඉල්ලා ඇති බවට වාර්තා වී නැත. 
 
දැන් මේ කියන 'දුර්වල' නඩු නමැති ප්‍රබන්ධය, රූපවාහිනිය ඔස්සේ දිනපතාම පාහේ රටවැසියාට අසන්නට දකින්නට ලැබේ. 
 
විද්‍යුත් මාධ්‍ය තුළ සිරස හැරුණුකොට වෙන කිසි රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවක් මේ ප්‍රබන්ධය ප්‍රශ්න කරන්නේ නැත. 
 
ඒ අනුව බලන විට, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ තිඛෙන ලොකුම අනතුර, ඒකාධිකාරී මාධ්‍ය අධිරාජ්‍යයක් බිහිවෙමින් පැවතීම බවට නිරීක්ෂණය කළ හැකිය.    
 
''ඒ අනුව බලන විට, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ තිඛෙන ලොකුම අනතුර, ඒකාධිකාරී මාධ්‍ය අධිරාජ්‍යයක් බිහිවෙමින් පැවතීම බවට නිරීක්ෂණය කළ හැකිය.''  
 
පෙරනිමිති සතරක් දැන් අප ඉදිරියේ තිබේ. 
 
සිදුහත් කුමරා දුටු ලෙඩෙක්, මහල්ලෙක්, මළකඳක් සහ පැවිද්දෙක් යන සතර පෙරනිමිතිවල අවසාන සාධකය තුළ පිළිතුර/ගැලවීම ඉදිරිපත් කෙරුණි. 
 
අපේ පෙළගැස්වීම තුළ එම ස්ථානය ගන්නේ ජනතාව ය.
 
 
Gamini Viyangoda Colombo Telegraph(ගාමිණි වියන්ගොඩ) 
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ) 

nalan mendis

subscribeYT

subscribeYT

නවතම පුවත්