ඉකුත් 2019 වසරේ අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථානය ඇතුලු

සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් සිදුවූ මාරාගෙන මැරුණ ප්‍රහාරය පිලිබඳව සොයන ජනාධිපති කොමිෂන් සභාව  මගින් ⁣එම මරාගෙන මැරුණු  ප්‍රහාරයන්ට අදාළව විවිධ පාර්ශවයන්ගේ හා පුද්ගලයන්ගෙන් සාක්ෂි විමර්ශනය කරමින් සිටින අතර මාධ්‍ය වාර්තා කරන අන්දමට මේවන විට එම විමර්ශනයේ අවසානය කරා සමීප වෙමින් පවතින බව සදහන් කරයි. 

ලාංකීය කතෝලික බැතිමතුන් මෙන්ම දෙස් විදෙස් සංචාරයකයන් ඇතුලු අහිංසක නිරායුධ පුරවැසියන් 300 කට වැඩි පිරිසක් ඉන් මියගිය අතර එම ප්‍රහාරය හේතුවෙන් බරපතළ සහ සාමාන්‍ය තුවාල ලැබු සංඛ්‍යාව 500 ඉක්මවීය. 

මෙම ප්‍රහාරය සමග ලාංකීය සමාජයේ සාතිශය බහුතර ජනතාව මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවති ආණ්ඩුව රටට සපයා ඇති ජාතික ආරක්ෂාව පිලිබඳව බරපතළ සැකසංකා මතුකර ගන්නා ලදි. 

2015 ජනාධිපතිවරණය පරාජයත් සමග ගමක් ගමක් පාසා විහාරයක් විහාරයක් පාසා ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවසන ලද ජාතික ආරක්ෂාව දුර්වල යැයි කතාව ඒ සමගම විජයග්‍රාහී ලෙස තහවුරු විය. එය රාජපක්ෂවරුන්ට යලි ආණ්ඩු බලය ලබාගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් විය. 

2015 ජනාධිපතිවරණය පරාජයත් සමග ගමක් ගමක් පාසා විහාරයක් විහාරයක් පාසා ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවසන ලද ජාතික ආරක්ෂාව දුර්වල යැයි කතාව ඒ සමගම විජයග්‍රාහී ලෙස තහවුරු විය. එය රාජපක්ෂවරුන්ට යලි ආණ්ඩු බලය ලබාගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් විය. 

සැබවින්ම එම ප්‍රහාරය රටේ බල හුවමාරුවකට ප්‍රබල සාධකයක්වු අතර මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ, ඇතුලු වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධකරුවන්ට ලබාදෙන බවට රටට පොරොන්දුවූ සහ අනුගමනය කරන බව සදහන් කල කඩිනම් ඉදිරි ක්‍රියාමාර්ග මේ දක්වා ගෙන නොමැත. 

එකල කතෝලික සමාජයේ නායකත්වය දරණ මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුලු බහුතරයක් දෙනා ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඒ පිලිබඳව යුක්තිය ඉල්ලා සිදුකරනලද නොයෙක් බලපෑම් හා ප්‍රකාශ, උද්ඝෝෂණ, මේ වනවිට හීනවි දියාරු  ස්වභාවයක් ගෙන ඇත.  

cbd

පාස්කු ප්‍රහාරය පිලිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ මේ දක්වා එලිදරව් වී ඇති සාක්ෂි සහ වෙනත් මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් මියගිය හා තුවාල ලැබූවන්ට යුක්තිය ඉටුකිරීමට නම් පහත සදහන්  ප්‍රශ්න කෙරෙහි අපක්ෂපාතීව විශේෂ අවධානයක් සහ විමර්ශනයක් සිදුකල යුතු යැයි යෝජනා කරමු .

 
01. 2010 සිට  2014 දක්වා කාලය ඇතුළත සහරාන් ඇතුලු අන්තවාදී සංවිධානවලට ආරක්ෂක අමාත්‍යාංශය මගින් වැටුප් ගෙවා තිබුනේ ඇයි?
 
02. මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කිරීමට සහරාන් ඇතුලු ත්‍රස්තයන්ට තාක්ෂණික දැනුම හා පුහුණුව ලැබුනේ කෙසේද ?
 
03 .හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර කොමිෂන් සභාවේදී. සදහන් කල දෙහිවල ලැගුම්හලකදී බෝම්බය පුපුරවාගත් ප්‍රහාරකයා එම පුපුරුවා ගැනීමට පෙර හමුවු බුද්ධි නිලධාරීයා කවුද ? 
 
ඒ පිලිබඳව විමර්ශන නොකරන්නේ මන්ද..?
 
04. ප්‍රහාරය පිලිබඳව පුර්ව දැනුවත් කිරීම් පිලිබඳව දැන දැනම සේනාධිනායක ලෙස කටයුතු කල මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ කිසිම දැනුවත් කිරීමකින් තොරවම ඔහුගේ පවුලේ උදවිය සමග සිංගප්පූරුවේ හදිසි සංචාරයක නිරතවුයේ ඇයි.? 
 
(ඔහු එම ප්‍රහාරය එල්ලවන බව කලින්ම දැන විදෙස් ගතවුණා යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොමිෂන් සභාවට සදහන් කලා )
 
05. ප්‍රහාරය පසුව ඔහු දුරකථනයකින් හෝ සම්බන්ධ කරගැනීමට දුෂ්කර වුයේ ඇයි.?  කඩිනමින් නැවත ලංකාවට නොපැමිණීමට හේතුව කුමක්ද .? 
 
06. රටතුළ ඇතිවූ හදිසි තත්ත්වය පාලනය කරගැනීමට අදාළව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කැදවන ලද හදිසි ආරක්ෂක රැස්වීමට ආරක්ෂක ලේකම් වරයාට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නොයන ලෙස මෛත්‍රීපාල සිරිසේන උපදෙස් නිකුත් කලේ ඇයි.?
 
07. සහරාන් පිලිබඳව දීර්ඝ කාලයක සිට විමර්ශන සිදුකළ  එවකට ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කල නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සිරගත කලේ ඇයි.?
 
ඔහුගෙන් මෙම කොමිෂන් සභාව වැඩිදුර ප්‍රශ්න කිරීම් හෝ විමර්ශන නොකලේ ඇයි.?
 
08 . නාමල් කුමාර නම් පුද්ගලයෙක් යොදා නිර්මාණය කල මෛත්‍රීපාල සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් තිබුණේ යැයි කියු සිද්ධිය පිලිබඳව වැඩිදුර විමර්ශන පාස්කු ප්‍රහාරයත් සමග නතර කලේ ඇයි.?
 
09. 2012 වසරේ සිට 2019 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) මුස්ලිම් සේවය මගින් රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගනිමින් ප්‍රචාරය කරනලද සහරාන් නියෝජනය කල අන්තවාදී සංවිධානයන්ගේ මතවාද සජීවී දේශනා සහ අදහස් පිලිබඳව මේ දක්වා කිසිම විමර්ශනයක් සිදුනොකරන ලද්දේ ඇයි .?
 
එම වැඩසටහන් සදහා උපදෙස් හා මුල්‍ය ආධාර ලබාදුන්නෙ කවුද ?
 
ADA 10 19
 
10. සහරාන්ගේ බිරිඳ මෙම ජනාධිපති කොමිෂන් සභාවට සිදුකරන ලද කිසිම ප්‍රකාශයක් මාධ්‍යට වාර්තා කිරීමට ඉඩ ලබානොදුන්නේ ඇයි .?
 
''සහරාන්ගේ බිරිඳ මෙම ජනාධිපති කොමිෂන් සභාවට සිදුකරන ලද කිසිම ප්‍රකාශයක් මාධ්‍යට වාර්තා කිරීමට ඉඩ ලබානොදුන්නේ ඇයි.?''
 
11. පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වනාතවිල්ලුවදී සොයාගන්නා ලද අධිබලැති පුපුරන ද්‍රව්‍ය පිලිබඳව නිසි විමර්ශනයක් සිදු නොකලේ ඇයි .?
 
12. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිවරනය සදහා  නියෝජනය කල ඒකාබද්ධ පොදුජන පෙරමුණ සන්ධානයේ  බරපතළ විරෝධය හා පිලිකුලට ලක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණයේදී එම සංධානයේම සභාපති ලෙස පත් කරගත්තේ ඇයි..?  

 

එම බිහිසුණු ප්‍රහාරයෙන් මියගිය අයගේ සහ තුවාල ලැබුවන්ගේ නෑ හිතමිත්‍රයන් ඇතුලු සැමට සත්‍ය දැනගැනීමට  හැකිවන්නේත් ඉතිරිව ඇති අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමට හැකියාව ඇත්තේත් මේ පිලිබඳව විමර්ශන සිදුකලහොත් පමනි. 

මේ පිලිබඳව කතෝලික සභාවේත් පාපවහන්සේගෙත් ජාත්‍යන්තරයේත් අවධානය යොමුවිය යුතුය. 

(විශේෂ ලියුම්කරු)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්