''සවිඥානක වන තෙක් කෙනෙකුට කැරලිගැසිය නොහැක. කැරලි ගසා අවසන් වන තෙක් කෙනෙකුට සවිඥානක විය නොහැක.'' -ජෝර්ජ් ඕවල්
''සවිඥානක වන තෙක් කෙනෙකුට කැරලිගැසිය නොහැක. කැරලි ගසා අවසන් වන තෙක් කෙනෙකුට සවිඥානක විය නොහැක.''
-ජෝර්ජ් ඕවල්
2012 නොවැම්බර් 3 වැනිදා වැලිකඩ සිරගෙදර සිදු වූ කැරැල්ලකදී සිරකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණි.
එය දෙවැනි වුණේ 1983 ජුලි 25 සහ 27 වැනිදා එම සිරගෙය තුළදීම සිදු වූ තවත් සමූහ ඝාතනයකට පමණි. එහිදී දෙමළ සිරකරුවන් 53 දෙනෙකු ඝාතනය කෙරුණි.
මේ ඉල් පසළොස්වක පොහොය දා මහර සිරගෙදරදී ඇති වූ කැරැල්ලත් ඝාතනයත් ඉහත සඳහන් සිදුවීම් සමග සැසඳීමට සමහරු තැත් කළත්, ඒවා අතරේ සාම්‍යත්වයක් ඇතැයි මේ ලියුම්කරුට නොපෙනේ.
බලධාරීන් විසින් සිදු කළ 2012 ඝාතනයත්, බලධාරීන්ගේ ආශීර්වාදයෙන් සිංහල සිරකරුවන් පිරිසක් විසින් සිදු කළ 1983 ඝාතනයත්, කලින් සැලසුම් කොට චේතනාන්විතව ක්‍රියාවේ යෙදවූ සිද්ධීන් වශයෙන් හඳුනාගත හැකිය.
''බලධාරීන් විසින් සිදු කළ 2012 ඝාතනයත්, බලධාරීන්ගේ ආශීර්වාදයෙන් සිංහල සිරකරුවන් පිරිසක් විසින් සිදු කළ 1983 ඝාතනයත්, කලින් සැලසුම් කොට චේතනාන්විතව ක්‍රියාවේ යෙදවූ සිද්ධීන් වශයෙන් හඳුනාගත හැකිය. ''
1983 වැලිකඩ ඝාතනය ජේ. ආර්. ජයවර්ධනගේ රාජ්‍ය පාලනය යටතේද, 2012 වැලිකඩ ඝාතනය මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය පාලනය යටතේද සිදු විය.
මහර සිදුවීම සම්බන්ධයෙන් දැනට දැනගැනීමට ඇති තොරතුරු අනුව, බලධාරීන්ගේ පැත්තෙන් එසේ කල්තියා සැලසුම් කළ ක්‍රියාවලියක් තිබී ඇති බවක් නොපෙනේ.
එසේ වෙතත්, බලධාරීන් වගකීමෙන් මිදෙන්නේ නැත.
සිරගෙයක සිටින සියල්ලන් අහිංසකයන් වශයෙන් පිළිගැනීමට ලැදියාවක් දක්වන නාස්තිකවාදී අදහස සමග මේ ලියුම්කරුගේ ඇයිහොඳයියක් නැත.
සිරගෙවල් යනු හුදෙක් සමාජ ක්‍රමයේ ඇති වරදක් නිසා ගොඩනැඟී ඇති ස්ථාන වශයෙන් පමණක් ගැනීම 'රැඩිකල්' සහ 'විප්ලවකාරී' විය හැකි වෙතත් යථාවාදී නොවේ.
සිරගෙවල් යනු හුදෙක් සමාජ ක්‍රමයේ ඇති වරදක් නිසා ගොඩනැඟී ඇති ස්ථාන වශයෙන් පමණක් ගැනීම 'රැඩිකල්' සහ 'විප්ලවකාරී' විය හැකි වෙතත් යථාවාදී නොවේ.
ඕනෑම සමාජ ක්‍රමයක අපරාධකරුවෝ සිටිත්. ධනපති සමාජ ක්‍රම තුළ සේම, සමාජවාදී කොමියුනිස්ට් සමාජ ක්‍රම තුළත් සිරගෙවල් තිබේ. එය මිනිස් ශිෂ්ඨාචාරයේ ස්වභාවික සංසිද්ධියකි.
එසේම අනිත් අතට, සිරගෙයක සිටින සියල්ලන් අපරාධකරුවන් වශයෙන් හංවඩු ගසන සුද්ධෝදනවාදී මතයත් බැහැර කළ යුතුය.
රටක නෛතික සහ අධිකරණ ක්‍රියාවලියේ විවිධ දුර්වලතා නිසාම අපරාධකරුවන් වී හිරේ සිටින පුද්ගලයන් සේම, ඒ නෛතික සහ අධිකරණ දුර්වලතා නිසාම හිරේට නොවැටී නිදහසේ එළියේ සිටින අපරාධකරුවන්ද රටක සිටින බවද අපි දනිමු.
ඒ නිසා, යම් සමාජයක් යනු, වැරදිකරුවන් සහ නිවැරදිකරුවන්ගේ සම්මිශ්‍රණයක් බවත්, පොදුවේ ගත් විට, ඕනෑම සමාජයක වැරදිකරුවන් සහ නිවැරදිකරුවන් අතර අනුපාතය, පිළිවෙළින් වැරදිකරුවන් ඉතා සුළුතරයක් වන බවත්, හොඳ මිනිසුන් අතිබහුතරයක් වන බවත් නිරීක්ෂණය කළ හැක.
තවත් විදිහකින් කිවහොත්, ලංකාවේ නීත්‍යානුකූල පුරවැසි අතිබහුතරය අතරේ නීත්‍යානුකූල නොවන පුරවැසි සංඛ්‍යාව ඉතා සුළුතරයකි.
ඒ සුළුතරයෙන් අතිබහුතරය, යම් දඬුවමක් සහ පුනරුත්ථාපනය හරහා යළි සමාජයට උකහාගත හැකි සහ උකහාගත යුතු පිරිසකි.
''සිරගෙයක් තුළ කැරැල්ලක් වැනි නීති විරෝධී සිද්ධියක් ඇති වන විට, එළියේ සිදුවන කැරැල්ලකට වඩා වෙනස් අඳුරු චිත්‍රයක් ඒ සම්බන්ධයෙන් අපේ සිත් තුළ ඇඳී යා හැකිය. එසේ වන්නේ, සිරකරුවා ගැන එළියේ සිටින නිදහස් මිනිසුන් තුළ ඇති එක්තරා අගතියක් නිසා ය. ''
සිරගෙයක් තුළ කැරැල්ලක් වැනි නීති විරෝධී සිද්ධියක් ඇති වන විට, එළියේ සිදුවන කැරැල්ලකට වඩා වෙනස් අඳුරු චිත්‍රයක් ඒ සම්බන්ධයෙන් අපේ සිත් තුළ ඇඳී යා හැකිය.
එසේ වන්නේ, සිරකරුවා ගැන එළියේ සිටින නිදහස් මිනිසුන් තුළ ඇති එක්තරා අගතියක් නිසා ය.
උදාහරණයක් වශයෙන්, මහර හිරගෙය ඉදිරියේ හඬා වැලපෙන අම්මලාට බණ කියන ෆේස්බුක් පණ්ඩිතයන් ගත හැකිය.
ඉන් ඇතැමෙකු කියා ඇති පරිදි, ''මේ අම්මලා මීට කලින් දරුවන් ගැන හරියට සොයා බැලූවේ නම් දැන් මෙසේ හඬන්නට සිදු නොවන'' බවයි.
එබැවින්, නිතැතින්ම කැරැල්ලේ පරම වරදකරුවන් බවට සිරකරුවන් පත්වීමට ඇති ඉඩකඩ බොහෝ ය.
සාධාරණ මිනිසුන් වශයෙන් අප පරිස්සම් විය යුත්තේ ඒ අගතිගාමී විනිශ්චය සම්බන්ධයෙනි.
සිරකරුවා යනු, එළියේ සිටින යම් පවුලක සාමාජිකයෙකි.
ඔහු හෝ ඇය, පියෙකු/මවක, පුතෙකු/දුවක, සහෝදරයෙකු/සහෝදරියක ආදී වශයෙන්, වැරදි නොකළ පවුල් කුලකයක සාමාජිකයෙක්/සාමාජිකාවක් වෙයි.
මේ සිරකරුවා, තමන් කළ වරදක් සම්බන්ධයෙන් වරදකරු වී සිටියත් යම් දවසක අර පවුල සමග එක්වීමට නියමිතව සිටින්නේය.
ඔහු නීතියෙන් ලද දඬුවම, සිරගෙයක් තුළදී සිදුවන මෙවැනි අහඹු සිද්ධියක් නිසා මරණ දඬුවමක් බවට පත්වීම, ඔහු සම්බන්ධයෙන් පමණක් නොව, අර කී පවුල් දාමය සම්බන්ධයෙනුත් අමානුෂික දෙයක් වන්නේය.
මේ ගැන බුද්ධදාස ගලප්පත්ති කවියා පසුගියදා දියණියකගේ ඇසින් මුහුණුපොතේ පළකොට ඇති කවියක් මෙහිදී උපුටා දැක්වීම යෝග්‍යයි.
ඒ මෙසේ ය:
මේ කවියේ මගේ සිත්ගත් කාරණා තුනක් තිබේ.
එකක් වන්නේ, තාත්තා නිදහස් වීමට තිබුණේ තව සති තුනක් පමණක් යැයි කීමයි. එය, මහර සිද්ධියට කෙලින්ම සම්බන්ධයි.
ඇත්ත වශයෙන්ම මේ මියගිය සිරකරුවන් අතර එසේ හෙට අනිද්දා නිදහස් වීමට නියමිත සිරකරුවන්ද සිටි බව දැනගැනීමට තිබේ.
දෙවැනි කාරණය වන්නේ, මීට ඉහතින් මා කියා ඇති සමාජ ප්‍රශ්නයට අදාළයි.
එනම්, 'වෙඩි වැද මියගියේ ඔබ නොව අප තිදෙන' යන්නයි.
මතක තියාගන්න: මේ දියණිය කියන්නේ, අපරාධකරුවෙකු වශයෙන් නීතියෙන් සහ අධිකරණයෙන් තීන්දු වී මරණය දණ්ඩනයට පත්කෙරුනු පියෙකු ගැන නොවේ.
හෙට අනිද්දා ගෙදර ඒමට නියමිතව සිටි තාත්තා කෙනෙකු ගැනයි.
තුන්වැනි කාරණය මහරට පමණක් නොව සමස්ත මනුෂ්‍යත්වයට ආමන්ත්‍රණය වන්නකි.
එනම්, ''තාත්තේ ටිකක් ඇහැ ඇරලා බලනවද- අඬන්නෙපා යැයි අම්මට කියනවද'' යන අවසාන අදහසයි.
මහර ඝාතනයේ සමස්තයාර්ථය තුළින් ද්වනිත වන මනුෂ්‍යත්වය අපූරුවට එයින් විසද කෙරේ.
ෆැසිස්ට්වාදයට එරෙහිව ජීවිත කාලය තිස්සේ මතවාදීමය වශයෙන් අරගල කළ සහ ඒ බව ක්‍රියාවෙන් පවා පෙන්වමින්, 1936 දී ස්පාඤ්ඤයේ නැඟී එමින් පැවති ෆැසිස්ට්වායට එරෙහිව ස්වේච්ඡාවෙන් යුද්ධ කිරීමට එංගලන්තයේ සිට තකහනියක් ස්පාඤ්ඤයට ගිය ජෝර්ජ් ඕවල් නමැති නවකතාකරුවා පසු කලෙක ලියූ යුගකාරක නවකතා දෙකක් ලෝක කීර්තියට පත්විය.