1200 x 80 DMirror

 
 

(news19.lk හි පළවී ඇති මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් ගේ සටහනකි)
 
‘මොන අම්මටයි, තාත්තාටද පුළුවන් තමන්ගේ දරුවාව බලෙන් පුච්චනකොට එතනට ගිහින් බලාගෙන ඉන්න. අපේ පපුව පැලිලා මැරෙයි නේද?’
 
අපි මේ අකුරු කරන්නේ දවස් විස්සක දරුවෙක් නැති වුණ පියෙකුගේ කතාවය. මේ සටහන ලියද්දීත් දෑත් වෙව්ලන්නේය. ලෝකය මෙච්චර අසාධාරණ ඇයි? මිනිස්සු මෙච්චර අකාරුණික ඇයි?
 
අප මේ සටහන් කරන්නේ, කොවිඩ්-19 නිසා අසන්නට ලැබුණු සංවේදීම කතාවය. මෙය පියෙකුගේ මහා වේදනාවකි. මේ කතාවට මාධ්‍ය ආයතන බොහොමයක් හිතාමතා ඉඩ දෙන්නේ නැත.
 
කොවිඩ් නිසා දවස් විස්සක දරුවෙකු මියයෑම ජාතියක් ලෙස දුක්විය යුතු මොහොතක් නේද? ඒ දුක්බර සිදුවීමට යම් තරමකට ජාතිවාදයක් ගාවාගෙන, පියා පීඩාවට පත් කර, පියාගේ හඩ යටපත් කර, ඔහු දුෂ්ඨයාට ඇන්දීම රටක් ලෙස දුක් විය යුතු මොහොතකි.
 
''කොවිඩ් නිසා දවස් විස්සක දරුවෙකු මියයෑම ජාතියක් ලෙස දුක්විය යුතු මොහොතක් නේද? ඒ දුක්බර සිදුවීමට යම් තරමකට ජාතිවාදයක් ගාවාගෙන, පියා පීඩාවට පත් කර, පියාගේ හඩ යටපත් කර, ඔහු දුෂ්ඨයාට ඇන්දීම රටක් ලෙස දුක් විය යුතු මොහොතකි.''
 
‘බබාව පිච්චුවට පස්සේ බබාගේ ‘මිනි අළු’ ටික මුට්ටයක දාලා කියලා මේක අරන් යන්න කියලා. මගේ මල්ලි කියලා ඔයාලා බලහත්කාරයෙන් අපේ දරුවාව පිච්චුවානම්, අළු ටිකත් ඔයාලාම තියාගන්න කියලා මල්ලි කනත්තෙන් එළියට ඇවිත්.’  ඒ කතාවේ දුක්බරම මොහොතක් ඔහු විස්තර කළේ එලෙසය.
 
මොහොමඩ් ෆායිම් පසුගිය සතියේ මාධ්‍යවලින් මහා දුෂ්ඨයෙක්ට අන්දා තිබුණි. ඒ තමන්ගේම දරුවා මැරුණාට පසු මිනියවත් බාරගන්නා මිනිසෙකු ලෙසය. ඔහුගේ ජාතියත් ගාවමින්, එය ජාතිවාදී කාරණයකට හරවන්නත් ඇතැම්හු උත්සාහ කළහ.
 
ආදරයෙන් හදාවඩාගත් තමන්ගේම දරුවා මරණයට පත් වූ පසු, ඒ වේදනාවට අමතරව මේ මිනිසාට සමාජයේ අපවාදවලටත් මුහුණදෙන්නට සිදුවීම හද කම්පා කරන සිදුවීමකි.
 
ලංකාවට කොවිඩ්-19 ආවේ කාගේ වරදින්ද? මේ දරුවාගේ මරණයට වගකියන්න ඕනෑ කවුද? මේවා තවත් ප්‍රශ්නය.
 
''ලංකාවට කොවිඩ්-19 ආවේ කාගේ වරදින්ද? මේ දරුවාගේ මරණයට වගකියන්න ඕනෑ කවුද? මේවා තවත් ප්‍රශ්නය.''
 
දෙසැම්බර් 07 වැනිදා කොවිඩ්-19 හේතුවෙන් මියගිය දරුවාගේ පියාය. ඔහු සිංහල භාෂාව වැඩිපුර නොදන්නා,  තොටලඟ වැලිගොඩ පදිංචි තරුණ පියෙකි.
 
‘දරුවා මැරිලා කියලා මම දැනගන්නත් කලින්, මාධ්‍ය ඔක්කොටම කියලා ඉවරයි.’ ඔහු එසේ පවසන්නේය.
 
අපි ඔහු සමඟ දෙමළ භාෂාවෙන් කතා කළෙමු. මේ එම සංවාදයේ සිංහල සටහනකි.
 
Baby.20 day
සමාජ මාධ්‍ය හරහා සංස්රණය වන දින 20 ක් වයසැති බිළිදාගේ සේයාරුවක්
 
දෙසැම්බර් 07 වෙනිදා බබාව උණ වැඩි වුණ නිසා රෑ 10 විතර  රිජ්වේ හොස්පිටල් එකට ගෙනිච්චා. බබාව රිජ්වේ අරන් ගියේ මමයි, මගේ බිරිඳයි ඇගේ තාත්තායි. 
 
අපි රෝහලට ගියාට පස්සේ වෛද්‍යවරු සහ හෙදියන් බබාව පරීක්ෂා කළා. ඉන්පස්සේ බබාට සේලයින් දුන්නා. රෑ 11 ට විතර අපිට වෛද්‍යවරයෙක් ඇවිත් කිව්වා බබාට නිව්මෝනියාව හැදිලා, බබා අසාධ්‍ය තත්වයේ ඉන්නේ කියලා.
 
රෑ 11.30 ට විතර අපිට කිව්වා බබාට පීසීආර් පරීක්ෂණයක් කරන්න ඕන කියලා. බබාව පරීක්ෂා කළේ මගේ බිරිඳගේ අතේ තියාගෙන. ඉන්පස්සේ  අපිට වෛද්‍යවරු කිව්වේ බබාට කොවිඩ් පොසිටිව් වෙලා කියලා. 
 
ඉන්පස්සේ මගේ බිරිඳගේ රැපිඩ් ටෙස්ට් එකක් අරන් බැලුවා. ඇගේ රැපිඩ් එක නෙගිට්ව් කිව්වා. තාත්තා ඉන්නවාද කියලා අහලා, මගේ රැපිඩ් පරීක්ෂණයකුත් කළා. ඒ පරීක්ෂණයත් නෙගිට්ව් කියලා කිව්වා. (රැපිඩ් පරීක්ෂණය සීයට 70ක් හෝ ඊට අඩු නිරවද්‍යතාවයක් පෙන්නුම් කරයි.)
 
ඉන්පස්සේ බබාව පරීක්ෂා කරන වෛද්‍යවරයාගෙන් මම ඇහුවා අපිට කොවිඩ් නැතුව, බබාට විතරක් හැදුනේ‍ කොහොමද කියලා. ඔහු අපිට කිව්වේ  ඒක කොහොමද වුණේ කියලා අපි දන්නේ නැහැ. ඒත් අපි ආපහු බබාට පීසීආර් පරීක්ෂණයක් කරනවා කියලා. 
 
බබාගේ‍ෙ පරීක්ෂණයෙන් පස්සේ වෙනත් කොවිඩ් රෝගීන්ව පරීක්ෂා කරනවා වගේම තමයි දවස් 20 දරුවාවත් එයාලා පරීක්ෂා කලේ.
 
පාන්දර 3ට විතර බබාව හදිසි ප්‍රතිකාර ඒකකයට මාරු කළා. ඉන්පස්සේ අපිට කිව්වා මෙතන කිසි කෙනෙක්ට ඉන්න බැහැ, ඔයාලා යන්න කියලා. මගේ බිරිඳ ඇහුවා එයාට බබා ගාව ඉන්න පුළුවන්ද කියලා.
 
ඒත් එයාලා අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. වෛද්‍යවරු අපිට කිව්වේ බබාව තියලා, ගෙදර ගිහින් එළියටවත් බහින්නේ නැතිව ගෙදරටම වෙලා නිරෝධායනය වෙන්න කියලා.
 
බබා බලන්නවත් එන්න එපා කිව්වා. රෝහල අවට ඥාතීන් කවුරු හරි ඉන්නවා නම් ඒ අයව රෝහලට එවන්න කිව්වා.’
 
මේ පියා විස්තර කරන්නේ, අසනීප වී සිටින තමන්ගේම දරුවා බලන්නටවත් නොදුන් බවය. දරුවෙකුගේ මාපියන්ට මේ හැඟීම කෙලෙස දැනෙනවා විය හැකිද.
 
මේ පියා විස්තර කරන්නේ, අසනීප වී සිටින තමන්ගේම දරුවා බලන්නටවත් නොදුන් බවය. දරුවෙකුගේ මාපියන්ට මේ හැඟීම කෙලෙස දැනෙනවා විය හැකිද?
 
‘අපිට රෝහලේ දූරකථන අංකයක් දීලා කිව්වා, දරුවාගේ විස්තර මේ අංකයට කතා කරලා දැනගන්න පුළුවන් කියලා. ඒ නිසා පහුවදා  දවල් මම ඒ දූරකථන අංකයට කතා කරලා බබාගේ විස්තර ඇහුවා. දූරකථනයෙන් කතා කරපු හෙදියක් කිව්වා ‘බබාගේ රිපෝට් වගයක් එන්න තියෙනවා. ඒ රිපෝට් ඇවිත් දොස්තර මහත්තයා බබාව චෙක් කළාට පස්සේ, අපි ඔයාට කෝල් කරන්නම්’ කියලා.
 
නැවත මම දවල් 2 ට විතර  කතා කළා. දූරකථනයෙන් මගෙත් එක්ක කතා කරපු වෛද්‍යවරයා කිව්වේ ‘ බබා තවම අසාධ්‍ය තත්වයේ ඉන්නේ, තවම කිසිම යහපත් ප්‍රතිචාරයක් නැහැ ‘ කියලා.
 
ආපහු මම හවස 5.15 ට විතර රෝහලට දූරකථනයෙන් කතා කළා. දූරකථනයට පිළිතුරු දුන්න වෛද්‍යවරයෙක් කිව්වේ ‘ඔයාගේ බබා හවස 4.15ට මැරුණා කියලා. මට රෝහලට එන්න කිව්වා’ 
 
ඒත් මට කියන්න කලින් ලංකාවේ සියළුම මාධ්‍ය ආයතනවලට රෝහලෙන් මගේ දරුවා මැරුණ ප්‍රවෘත්තිය කියලා. ඒ වෙලාවේ මම කෝල් කළේ නැත්නම් අපි කවුරුවත් දන්නේ නැහැ බබා මියගිහින් කියලා.
 
''ඒත් මාධ්‍ය හරහා කතා කරපු රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂකවරයා කිව්වේ ‘ බබාගේ දෙමාපියන්ට අපි කිව්වේ නැහැ ගෙදර යන්න කියලා.''
 
ඒත් බබාව රෝහල ඇතුළත් කරපු දවසේ වෛද්‍යවරුම තමයි අපිට කිව්වේ ඔයාලා ගෙදර ගිහින් නිරෝධායනය වෙන්න කියලා.  එයාලා බොරු කරන්නේ කියලා එයාලාගේ හෘද සාක්ෂිය දන්නවා ඇති.
 
 දවස් 20 දරුවෙක්ව ඉස්පිරිතාලේ දාලා එනකොට මගේ බිරිඳ කොච්චර ඇඩුවාද? මොන අම්මාටද පුළුවන් තමන්ගේ දවස් 20 දරුවාව තනිකරලා එන්න. 
 
ඇය වෛද්‍යවරුන්ට කකුල් පාමුල වැන්දා. මට ඉන්න දෙන්න කියලා. ඒත් වෛද්‍යවරු කියන දේට ගරු කරලා අපේ දරුවාව ඒ අයට භාර දීලා අපි ගෙදර ආවා.
 
අපි එයාලාව විශ්වාස කළා.
 
රෝහලේ අධ්‍යක්ෂක යුටීවී චැනල් එකට කතා කරලා කිව්වා අපි බබාව රෝහලට ඇතුළත් කලේ දෙසැම්බර් 08 වෙනිදා උදේ පාන්දර 4ට කියලා. ඒ චැනල් එකට මමත් කතා කළා. 
 
චැනල් එකේ මාධ්‍යවේදීන් රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් ඇහුවාම’ බබාගේ තාත්තා කියනවා දෙසැම්බර් 07 රාත්‍රි 10 ට බබා රෝහල් ගත කළේ කියලා. 
 
අධ්‍යක්ෂවරයා කිව්වේ ඔව්, බබාව රෝහලට ඇතුල් කලේ රෑ 10ට ඉන්පස්සේ පාන්දර 4ට  අපි බබාව අයිසීයු එකට ඇතුල් කළා කියලා. 
 
 
මේ විදියට ඉගෙන ගත්ත, බුද්ධිමත් මිනිස්සු ප්‍රසිද්ධීයේ බොරු කියන්නේ කොහොමද?
 
බබා නැතිවුණා කියලා කිව්වාට පස්සේ හවස 6ට විතර මම රිජ්වේ රෝහලට ගියා. ඒ වෙලාවේ වෛද්‍යවරයෙක් මට ග්ලව් දෙකක් දීලා කිව්වා, මේක දාගෙන මේ කොලේට අත්සන් කරන්න කියලා.
 
මම ඇහුවා මොකටද මගෙන් අත්සන් ගන්න යන්නේ, කෝ මගේ දරුවා, මට පෙන්වන්න කියලා.
 
ඒ වෙලාවේ වෛද්‍යවරයා කිව්වේ’ බබාව පෙන්වන්න බැහැ. ඔයාට අපි එන්න කිව්වේ අත්සනක් ගන්න කියලා. 
 
මම ඇහුවා අත්සන් කළාට පස්සේ බබාව අරන් යන්න පුළුවන්ද කියලා, ඉන්පස්සේ ඒ වෛද්‍යවරයා කිව්වේ බබාව දෙන්න බැහැ, මෙතන අත්සන් කරලා යන්න කියලා.
 
''මම ඔහුට කිව්වා මගේ දරුවා ගෙනියන්න දෙන්නේ නැත්නම් ඇයි මගෙන් අත්සන් ගන්නේ. මටයි, මගේ බිරිඳවටත් කොවිඩ් නැත්නම් මගේ දරුවාට කොහොමද වෛරසය යන්නේ. මම පෞද්ගලික රෝහලකින් හරි ආපහු දරුවාට පීසීආර් කරන්නම්, මට ඒකට ඉඩ දෙන්න.''
 
මගේ දරුවාව පුච්චන්න අනුමැතිය දෙන්න නම් මට බැහැ කියලා. මොන තාත්තාටද  පුළුවන් තමන්ගේ දවස් 20 දරුවාව පුච්චන්න කියලා කොලේකට අත්සනක් දාලා ගෙදර යන්න.’
 
තමාගේ දරුවා අහිමි වූ පියෙකු, දරුවාගේ සිරුර බලන්නට ඉල්ලීම වරදක් වන්නේ කෙලෙසද?
 
එක්වරම සිදු වූ මේ සිදුවීම ඒ පියා දරාගන්නේ කෙලෙසද?
 
කොළයකට අත්සන් නොකිරීම, දරුවා ප්‍රතික්ෂේප කිරීමක් යැයි අර්ථකතනය කරන්නේ කිනම් පදනමකින්ද?
 
‘ඒ වෛද්‍යවරයාට මම කිව්වා, ඒ පීසීආර් පරීක්ෂණයෙන් බබාට කොවිඩ් පොසිටිව් වෙලා තිබුණා කියලා රිපෝට් එක ලැබුණොත් මම අනිවාර්යයෙන්ම මේ කොලේ අත්සන් කරන්නම් කියලා. මම ගෙදර ආවා.
 
අපිට පෞද්ගලික රෝහලකින් පීසීආර් එකක් කරන්න වත්කමක් නැහැ.ඒත් දෙසැම්බර් 09 වෙනිදා වෙනකම් මගේ බබාට පීසීආර් එකක් කරලා, මගේ බිරිඳට අපේ බබාගේ මුහුණ පෙනවන්න ගෙදර ගේන්න මට වුවමනා වුණා. ඒකට මම සෑහෙන්න උත්සහයක් දැරුවා. 
 
දෙසැම්බර් 09 වෙනිදා දවල් 1.30 විතර  අපේ ගෙදරට රෝහලෙන් ඇමතුමක් ඇවිත් තිබුණා. බබා මෘත දේහය බලන්න මෝචේරියට එන්න කියලා.
 
මම කොහොමද මගේ පොඩි එකා මැරිලා ඉන්නවා බලන්නේ. එයාව අපේ ඥාති කවුරුත් දැකලාත් නැහැ. අපි කාටත් පෙන්නුවෙත් නැහැ. මගේ මල්ලි කෙනෙක් විතරයි බබාව දැකලා තිබ්බේ. 
 
මම මල්ලිට කිව්වා රිජ්වේ රෝහලේ මෝචේරියට යන්න කියලා.  මල්ලි ගියාම එයාටත් කොළයක් දීලා අත්සන් කරන්න කියලා. මල්ලි අහලා තියෙනවා බබාව පෙන්වන්න කියලා. 
 
එතන හිටපු අය කියලා තියෙනවා ‘ දරුවාව පුච්චන්න පවුලේ කෙනෙක්ගේ අවසරයක් ඕන, ඒනිසා  මේකට අත්සන් කරලා යන්න කියලා. ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා ඇවිත් තිබුණා. ළමයාව බලන්නේ නැතිව අත්සන් කරන්න බැහැ කියලා.
 
හවස 3.00 විතර.  ‘ මරණ සහතිකය ගන්න දරුවා මැරුණා කියලා රෝහලෙන් දුන්න රිසිට් එකයි, පීසීආර් පරීක්ෂණයේ රිපෝට් එකයි පොටෝ ගහලා වට්ස්අප් එක හරහා රිජ්වේ එකෙන් මැසේජ් එකක් ඇවිත්. මම ඒ බවත් දන්නේ නැහැ. මම ඒ වෙලාවේ හිටියේ රිජ්වේ රෝහල ඉස්සරහා හිටගෙන හිටියේ.  
 
හවස 3.30 ට විතර අපේ ගෙදරට පණිවිඩයක් ඇවිත් දරුවාගේ මෘත දේහය පුච්චන්න බොරැල්ල කනත්තට අරගෙන ගිහින් තියෙනවා කියලා. ඉන්පස්සේ මම රෝහලෙන් කෝල් එකක් ආවා. ‘ ඒ අය කිව්වේ එයා කනත්තට එන්නේ නැද්ද? අපි ඔයාගේ දරුවාගේ අවසන් කටයුතු කරන්න කනත්තට ඇවිත් ඉන්නේ ‘කියලා. 
 

borelle cemetry'මම දන්නවා මම කනත්තට ගියත් නැතත් මගේ දරුවාව ඒ අය පුච්චනවා කියලා. මගේ  එක්ක රෝහල ඉස්සරහා හිටපු  හැමෝම බොරැල්ලේ කනත්ත ගාවට ගියා. මගේ දරුවාව පුච්චනකොට මට ඒක දරාගන්න බැරි නිසා මම ඇතුළට ගියේ නැහැ. ''

ඒත් මගේ මල්ලි සහ තවත් කිහිපදෙනෙක්ම කනත්ත ඇතුළට ගියා.
 
කනත්තේදී මගේ යාළුවෝ අහලා තියෙනවා කොරෝනා හැදිලා මැරුණ තවත් මරණ ගණනාවක්ම තියෙනවා නේද? ඇයි මේක විතරක් මෙච්චර ඉක්මනට පුච්චන්නේ කියලා. ඒ වෙලාවේ  ඒ අය කියලා ඒ සේරම මරණ අපි පුච්චනවා කියලා.
 
බබාව පිච්චුවට පස්සේ බබාගේ ‘මිනි අළු’ ටික මුට්ටයක දාලා කියලා මේක අරන් යන්න කියලා. මගේ මල්ලි කියලා ඔයාලා බලහත්කාරයෙන් අපේ දරුවාව පිච්චුවානම්, අළු ටිකත් ඔයාලාම තියාගන්න කියලා මල්ලි කනත්තෙන් එළියට ඇවිත්’
 
‘පහුවදා ටීවී එකේ  කිව්වේ ’ළමයාගේ ඥාතීන් තමයි ආවේ, දෙමාපියන් ආවේ නැහැ’ කියලා. මොන අම්මටයි, තාත්තාටද පුළුවන් තමන්ගේ දරුවාව බලෙන් පුච්චනකොට එතනට ගිහින් බලාගෙන ඉන්න. අපේ පපුව පැලිලා මැරෙයි නේද?
 
මගේ දරුවා මැරුණා.. මට ඒක පිලිගන්න පුළුවන්. අපි අසරණ මිනිස්සු. 
 
ඒත් රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂවරයා ටීවී එකේ  ඇවිත් කියන බොරු අපිට ඉවසගෙන ඉන්න බැහැ. 
 
ලංකාවේ  හැම මාධ්‍යක්ම රෝහලේ ප්‍රධානියා කියන දේට ඉඩ දෙනවා. ඒත් මේ සිද්ධියෙන් අසාධාරණයක් වුණ අපේ හඬට මාධ්‍යවල කිසි ඉඩක් නැහැ.’
 
පාංශුකූලයක් ලබාදීම බෞද්ධයන්ට දැනෙන්නේ කෙලෙසද ? අවසන් දේව මෙහෙයක් කතෝලිකයන්ට දැනෙන්නේ කෙලෙසද ? තමන්ගේ දරුවෙක් මිය ගිය පසු, පාංශුකූලයක් දෙන්නට බැරි වුණොත් බෞද්ධ මවකට කෙලෙස දැනෙනු ඇතිද ?
 
පාංශුකූලයක් ලබාදීම බෞද්ධයන්ට දැනෙන්නේ කෙලෙසද? අවසන් දේව මෙහෙයක් කතෝලිකයන්ට දැනෙන්නේ කෙලෙසද? තමන්ගේ දරුවෙක් මිය ගිය පසු, පාංශුකූලයක් දෙන්නට බැරි වුණොත් බෞද්ධ මවකට කෙලෙස දැනෙනු ඇතිද?
 
පුද්ගලයෙකුගේ මරණයක් සම්බන්ධ විශ්වාසයක් කියන්නෙ හරිම සංවේදී කාරණයකි. තමන් ආදරය කරන කෙනෙක් ජීවිතයෙන් සමුගත්තාට පසු, අවසන් කටයුතු ටික හරියට කරන්න නොලැබීම මහා වේදනාවකි. මිනිසුන්ගේ විශ්වාස හරි අමුතුය. ඒ විශ්වාසයන්ට ගරු කිරීම වැදගත්ම දෙයකි.
 
මරණයට පත්වෙන පුද්ගලයන් භූමදානය කිරීම ඔවුන්ගේ විශ්වාසයය. විද්‍යාත්මකව භූමදානය කළ හැකිය. 
 
මේ වනතුරු දේශීය මට්ටමෙන් හෝ ජාත්‍යන්තර මට්ටමකින් කිසිම විද්‍යාත්මක පත්‍රිකාවකින්, පර්යේෂණයකින් හරිහැටි භූමදානය කළොත් කොවිඩ්-19 පැතිරෙන බව කියා නැත. 
 
දූපත් රටවල්, භූගත ජලය පවතින රටවල් ඇතුළු ලොව රටවල් 188ක් සෞඛ්‍යාරක්ෂිතව භූමදානය සිදුකරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය භූමදානය පිළිගනී.
 

(news19.lk - රේඛා නිලුක්ෂි හේරත්)

 
සබැඳි පුවත් :
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58