ජනතාව දේව විශ්වාස හෝ දෙවියන් විසින් ප්‍රකාශ කරන දේ පිළිබඳව විශ්වාසයන් පිළිපදින්නේ නම්
දෙවියන් විසින් නියම කරන ප්‍රතිකාර ක්‍රම පිළිගැනිමට නොහැක්කේ මන්දැයි අද තර්කයන් මතුවී තිබේ. මෙම තර්කය සමාජය තුළ මුල්බැස ගැනීම ආගමික දර්ශනයන්ට, ආගමික විශ්වාසයන්ට පමණක් නොව පෙරදිග හා අපරදිග වෛද්‍ය  ක්‍රමයන්ට විශාල හානියක් සිදුකරයි.
 
ලොව විවිධ ආගමිකයන් තුළ විශ්වාස කරන ආගමික විශ්වාස තිබේ. 
 
මෙයින් බුදදහම වැනි දර්ශනයක් සර්ව බලධාරී මැවුම්කාර දෙවියකු ගැන ඇති විශ්වාසය ප්‍රතික්ෂේප කරයි. එපමණක් නොව අවශේෂ දෙවිවරුන් හට මිනිස් සමාජයට කළ හැකි බලපෑම අවම යයිද වදාරයි. 
 
''මෙයින් බුදදහම වැනි දර්ශනයක් සර්ව බලධාරී මැවුම්කාර දෙවියකු ගැන ඇති විශ්වාසය ප්‍රතික්ෂේප කරයි. එපමණක් නොව අවශේෂ දෙවිවරුන් හට මිනිස් සමාජයට කළ හැකි බලපෑම අවම යයිද වදාරයි.''
 
එසේ නමුත් ඇතැම් ආගම් සර්වබලධාරී මැවුම්කාරී දෙවියන් වහන්සේ නමක් ගැන විශ්වාස කරයි. 
 
මේවා ඒ ඒ ආගම් අදහන්නන්ගේ විශ්වාසයන්ය. මේ විශ්වාසයන් හා සමාජයේ රෝග සුව කිරීමට කෙරෙන වෛද්‍ය ක්‍රම අතර විශාල වෙනසක් තිබේ. 
 
ලොව ප්‍රධාන වෛද්‍ය ධාරාවන් දෙකක් පවතී. එය පෙරදිග හා අපරදිග යනුවෙනි. 
 
මෙයින් අපරදිග වෛද්‍ය ක්‍රමය කිසිසේත්ම දේව විශ්වාසයන් මත පදනම්ව නොමැත. 
 
පෙරදිග වෛද්‍ය ක්‍රමය ඇතමුන් සිතා සිටින්නේ දේව විශ්වාසය මත පදනම්ව ඇති බවය. එසේ වුවද එයද තර්කානු පදනමක් මත පිහිටා ඇති වෛද්‍ය ක්‍රමයක් මිස දේව විශ්වාස මත පදනම් වූ වෛද්‍ය ක්‍රමයක් නොවේ. 
 
ආයුර්වේදයේ මූලධර්ම පිළිබඳව කෙරෙන සාකච්ඡාව අතිශයින්ම ගැඹුරු හා බරපතලය. මෙය අපරදිග වෛද්‍ය  විද්‍යාවේ රෝග විග්‍රහ කිරීම් වලට වෙනස් නමුත් යම්කිසි තාර්කික පදනමක් මත පිහිටා ඇති බව ඒ පිළිබඳව හදාරන අයෙකුට වැටහේ. 
 
චරක සංහිතාව, සුශ්රත සංහිතාව වැනි ආයුර්වේද පොත් මෙම පෙරදිග ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගැඹුරුභාවය විදහා දක්වයි. 
 
ආයුර්වේදයේ මූලධර්ම පිළිබඳව කෙරෙන සාකච්ඡාව අතිශයින්ම ගැඹුරු හා බරපතලය. මෙය අපරදිග වෛද්‍ය  විද්‍යාවේ රෝග විග්‍රහ කිරීම් වලට වෙනස් නමුත් යම්කිසි තාර්කික පදනමක් මත පිහිටා ඇති බව ඒ පිළිබඳව හදාරන අයෙකුට වැටහේ. 
 
 
හෙළවෙදකම :
 

Hela Wedakama

පෙරදිග වෛද්‍ය ක්‍රමයේ ම විකාශනයක්ව ඇති අද හෙළවෙදකම යයි ඇතමුන් සඳහන් කරන ලංකාවට ආවේනික වූ වෛද්‍ය ක්‍රමයක්ද තිබේ. 
 
එය ශාකයන්ගේ හා අන් රසායන ද්‍රව්‍යවල ගුණාගුණ පිළිබඳ විග්‍රහ කොට සකස් කරගන්නා ඖෂධ මගින් ප්‍රතිකාර කරන ක්‍රමයකි. 
 
මෙම ප්‍රතිකාර ක්‍රමය බොහෝ විට පාරම්පරිකව පවුල්වලට ආවේනික ප්‍රතිකාර ක්‍රම ලෙස පැවතගෙන එන අතර, ඇතැම් වෛද්‍ය පරම්පරාවන් ලංකාව තුළ සුප්‍රසිද්ධ වී ඇත. 
 
උදාහරණයක් ලෙස හොරවිල කැඩුම්බිඳුම් වෙදකම, නීලම්මහර මානසික වෛද්‍ය ක්‍රමය, පාතකඩ ජලභීතිකා වෙදකම සහ විවිධ සර්ප විෂ, හන්දි රෝග පිළිබඳ සුප්‍රසිද්ධ වෛද්‍ය පරම්පාරාවන් ලංකාවේ පැවැතිනි. 
 
මෙම කිසිම වෛද්‍ය පරම්පරාවක් තමන්ට මෙය දෙවියකු හෝ භූතයකු විසින් ලබාදුන්නේ යයි පවසා ඖෂධයන් නියම කළේ නැත.
 
උදාහරණයක් ලෙස හොරවිල කැඩුම්බිඳුම් වෙදකම, නීලම්මහර මානසික වෛද්‍ය ක්‍රමය, පාතකඩ ජලභීතිකා වෙදකම සහ විවිධ සර්ප විෂ, හන්දි රෝග පිළිබඳ සුප්‍රසිද්ධ වෛද්‍ය පරම්පාරාවන් ලංකාවේ පැවැතිනි. මෙම කිසිම වෛද්‍ය පරම්පරාවක් තමන්ට මෙය දෙවියකු හෝ භූතයකු විසින් ලබාදුන්නේ යයි පවසා ඖෂධයන් නියම කළේ නැත.
 
මෙසේ දෙවියන් හෝ භූතයන් ඖෂධ මගින් නියම කිරීම කිසිවිටකත් ලංකාවේ හෝ පෙරදිග වෛද්‍ය ක්‍රමවල ප්‍රධාන ප්‍රවාහය හෝ රාජ්‍ය  අනුග්‍රහය ලත් වෛද්‍ය ක්‍රමයක් බවට පත්ව තිබුණේ නැත. 
 
එය ඇතැම් යකදුරන් හෝ ප්‍රේතයන් අවේශ වන හෝ දේවාරූඩයෙන් බෙහෙත් කියන තැන් තැන් වලට සිමා වූ බොහෝ දෙනා විශ්වාස නොකරන වෛද්‍ය ක්‍රමයක්ව පැවතුණි. 
 
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය “හෙළවෙදකම“ යයි අද හඳුන්වන “පාරම්පරික දේශිය වෛද්‍ය“ ක්‍රමයන් හා දේව, භූත, ප්‍රේත ඖෂධ අතර, පැහැදිලි වෙනසක් තිබේ. 
 
අද මේ අවුල ඇතිවී ඇත්තේ මෙසේ දෙවියන් හෝ භූතාත්ම විසින් පවසන වෛද්‍ය ක්‍රමයන් කරළියට පැමිණිමත් සමගය. 
 
මෙය දේශීය වෛද්‍ය ක්‍රමයට හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට දැඩි ප්‍රශ්ණයක් මතු කරනු ඇත. මෙම ක්‍රමය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා දේශීය වෛද්‍ය ක්‍රමය සමග පටලවා ගැනීම නිසා අනාගතයේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි හා පාරම්පරික වෛද්‍ය ක්‍රමය ගැන බහුතරයක් ජනයාගේ ඇති විශ්වාසය විනාශ වනු ඇත.
 
මෙය දේශීය වෛද්‍ය ක්‍රමයට හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට දැඩි ප්‍රශ්ණයක් මතු කරනු ඇත. මෙම ක්‍රමය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා දේශීය වෛද්‍ය ක්‍රමය සමග පටලවා ගැනීම නිසා අනාගතයේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි හා පාරම්පරික වෛද්‍ය ක්‍රමය ගැන බහුතරයක් ජනයාගේ ඇති විශ්වාසය විනාස වනු ඇත.
 
ලොවෙහි කිසිම දියුණු රටක මෙසේ දෙවියන් හෝ භූතයන් ගැන පවසමින් ඖෂධයන් නියම කිරීම බහුජනයා විශ්වාස කළේ නැත. 
 
සම්ප්‍රදායික ආගමික සංස්ථාවන් දේවාරූඩය හෝ භූතාරූඩය මගින් ඖෂධ පැවසීම ප්‍රතික්ෂේප කළේය. 
 
මධ්‍ය කාළීන යුගයේදී යුරෝපයේ මෙවැනි අය මන්ත්‍රකාරයන් ලෙස හඳුන්වා විටෙක කතෝලික පල්ලිය විසින් දරුණු ක්‍රියාමර්ග ගත්තේය. 
 
ඇතැම් විට මෙවන් අය පණපිටින් පුළුස්සා දැමිම පවා සිදුකෙරෙනි. කතෝලික පල්ලිය මෙවැනි ප්‍රතිකාර කිරීම් වලට දැඩිව ප්‍රතික්‍රියා කළේ එසේය.  
 
 
'යුනානි' වෛද්‍ය ක්‍රමය:
 
එසේම අරාබිකරයේ ඉස්ලාම් දහම පවතින රටවල “යුනානි“  යයි පිළිගත් වෛද්‍ය ක්‍රමයක් තිබේ. මෙම වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේම විකාශනයක් වන අතර, එයට කිසිම ආගමික පදනමක් නොමැත. 
 
චීනයේ පවා චීන වෛද්‍ය ක්‍රමය පදනම්ව ඇත්තේ “ටාඕ“ දර්ශනයේ ඇති “යින්ග්යැන්ග්“ සංකල්පයෙනි. මෙය කිසිවිටෙකත් ආගමික මතවාද පදනම්ව නැත.
 
බුදුදහමේද, බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේලා නොකළ යුතු දෑ අතරට, වෙදකමද එකතු කර ගත්තේය. 
 
බුදුන් වහන්සේද රෝගී වූ විට ප්‍රතිකාර ගත්තේ ජීවක වෛද්‍යවරයාගෙන් මිස දෙවියකුගේ හෝ භූතයකුගෙන් නොවේ. 
 
මෙසේ දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් ඖෂධ අසා ගන්නා ක්‍රමය පවතින්නේ නොදියුණු වනචාරී ගෝත්‍රීයකයින් අතර පමණි.  
 
''බුදුන් වහන්සේද රෝගී වූ විට ප්‍රතිකාර ගත්තේ ජීවක වෛද්‍යවරයාගෙන් මිස දෙවියකුගේ හෝ භූතයකුගෙන් නොවේ. මෙසේ දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් ඖෂධ අසා ගන්නා ක්‍රමය පවතින්නේ නොදියුණු වනචාරී ගෝත්‍රීයකයින් අතර පමණි.  ''
 
මෙසේ ආගම සහ වෛද්‍ය ක්‍රමය අතර පැහැදිළි වෙනසක් අපරදිග පමණක් නොව පෙරදිග පවා තිබුණි. 
 
ආගම සහ වෙදකම කළවම් කර ගන්නා අවස්ථාවල කිසිඳු විටෙක රාජ්‍යය මෙය පටලවා ගැනීමට අනුබල දුන්නේ නැත. 
 
එම නිසා බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා ආයුර්වේදය හා හෙළවෙදකම යයි අද හඳුන්වන පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රම අද රැකගැනීමට නම් මෙවැනි කිසිම වෛද්‍ය  ක්‍රමයකට අනුගත නොවෙන ගුප්ත ඖෂධ ගැන ප්‍රසිද්ධියක් ලබාදීම වහාම නැවැත්වීම කළ යුතුය. 
 
(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සමග සාකච්ඡා කොට සකස් කලේ සුජීව සෙනරත්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්