අද ලංකාවේ බහුලව නාථ දේව නාමය සඳහන්වේ. නාථ දෙවියන් විසින් නියම කරන ලද ප්‍රතිකාර, ඖෂධ හා රෝග හා බැඳුණු ඇතැම් විද්‍යාත්මක සොයා ගැනීම් ගැන සාකච්ඡා වේ.
එනිසා මෙම නාථ දේව සංකල්පයේ ආරම්භය හා විකාශනය පිළිබඳව ඓතිහාසික හා සමාජ විද්‍යාත්මක විග්‍රහයක් කිරීම වැදගත් වේ.
ලංකාවේ ප්‍රධාන නාථ දේවාලය පිහිටා ඇත්තේ මහනුවර දළදා මාලිගාව අසලය. ඒ හැරුණු කොට ලංකාවේ බහුලව නාථ දේවාල නොමැත.
මහනුවර දළදා මාලිගාවේ නාථ දේවාලය
නාථ දෙවියන් පොදුවේ ගැමි හෝ නාගරික ජනයාගේ වන්දනාවට පාත්‍ර වන දෙවියකු නොවේ.
ඔවුන් විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි, ගම්බාර, විභීෂණ, දැඩි මුණ්ඩ වැනි දෙවිවරුන් දීපව්‍යාපත්ව අදහන අතර මෙම දෙවිවරුන්ගේ දේවාල පන්සල් ආශ්‍රිතවද පවතී.
එසේ නමුත් එවැනි නාථ දේවාල ලංකාවේ ප්‍රචලිතව නොපවතී.
නාථ දෙවියන් ලංකාවේ සතරවරම් දෙවිවරුන්ගේ ගණයටද මූලික වශයෙන් නොවැටේ.
සතර වරම් දෙවියන්ගේ ගණයට අයිතිවන දෙවිවරුන්ද ඓතිහාසිකව විවිධ අවස්ථාවල වෙනස් විය.
එක් කළක ඔවුන් දෘඨරාෂ්ඨ, වීරූප, වීරූපාක්ෂ, වෛෂ්‍රවණ සහ ඇතැම්විට විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි ලෙසද හැඳින්විණි.
ඇතැම්විට මෙම පත්තිනි දේවිය විභීෂණ දෙවියන්ගෙන් අවතැන්වී තිබිණි.
එසේ නමුත් නුවර දළදා මාලිගාව අශ්‍රීතව පවතින සතර දේවාල නම් විෂ්ණු, පත්තිනි, කතරගම හා නාථ දේවාලයි.
දළදා වහන්සේ හා බැඳුණු ප්‍රබල සම්බන්ධතාවයක් නාථ දෙවියන්ට ඇත.
එසේම නාථ දේවාලය ආශ්‍රිත කෙරෙන ප්‍රධාන මංගල්‍යයක් වන්නේ, අලුත් අවුරුද්ද හා බැඳුණු ඖෂධ වර්ග බෙදාහැරීමයි. මෙයට හේතුව කුමක්ද?
නාථ දේවාලය ආශ්‍රිත කෙරෙන ප්‍රධාන මංගල්‍යයක් වන්නේ, අලුත් අවුරුද්ද හා බැඳුණු ඖෂධ වර්ග බෙදාහැරීමයි. මෙයට හේතුව කුමක්ද?
ලංකාවට දළදා වහන්සේ රැගෙන ආවේ ඉන්දියාවේ “කාලිංග“ දේශයෙන් බව “මහාවංශයේ“ සඳහන්ව තිබේ. ඒ හතරවෙනි සියවසේදීය.
මහා වංශයේ හා වෙනත් ඓතිහාසික ග්‍රන්ථවල “දන්තපුරය“ නමින් හඳුන්වන ඒ ස්ථානය අදටත් “ආන්ද්‍ර“ ප්‍රදේශයේ උතුරු කෙලවරේ එකළ කාලිංගයට අයිතිව තිබූ ප්‍රදේශයක ඇත.
මෙම ස්ථානය අද හඳුන්වන්නේ “දන්තපුරම්“ නමිනි.
මීට වසර පහකට ප්‍රථම ඝණ කැළයෙන් වැසුණු මෙම ස්ථානයට විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ගොස් ඇති අතර, එහි කැළය තුළ විශාල වශයෙන් බෞද්ධ නටඹුන් ඇති බව පවසයි.
මේවා සියල්ලම වාගේ මහායාන නටඹුන්ය.
එම නිසා ලංකාවට දන්ත ධාතූන් වහන්සේ රැගෙන ආවේ ඉන්දියාවේ මහායානය ප්‍රචලිතව තිබූ ස්ථානයකින් බව පැහැදිළිය.
මෙම කරුණු සියල්ලම වෛද්‍ය අජිත් අමරසිංහ විසින් රචිත විජිත යාපා ප්‍රකාශනයක් වන “Finding Sinhabahu “ නම් ග්‍රන්ථයේ පැහැදිළිව සඳහන් කර ඇත.
කිත්සිරිමෙවන් රජ දවස ලංකාවට ගෙන ආ දන්තධාතූන් වහන්සේ මහාවංශයට අනුව බාරකළේ අනුරාධපුරයේ “අභයගිරි“ විහාරයටය.
ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ “මහාවිහාරයට“ දන්ත ධාතූන් වහන්සේ බාර නොකොට මහායාන කේන්ද්‍රස්ථානය වූ අභයගිරිට එය භාර කළේ ඇයි?.
එයට හේතුව නම් මහායාන ප්‍රදේශයකින් ගෙන ආ දන්ත ධාතූන් වහන්සේ මහායාන විහාරයකට බාරකිරීම ප්‍රයෝගික වන නිසාය.
බුදුදහම ථේරවාද හා මහායාන වශයෙන් බෙදී වෙන්වූයේ දෙවන ධර්ම සංඝායනාවෙන් පසුවය. මෙයින් මහායානිකයින් පිරිසිඳු බුදුදහමෙහි හැසිරෙණු වෙනුවට විවිධ ගුප්ත විද්‍යා, වෛද්‍ය කර්ම, ඉන්ද්‍රජාල වැනි කාර්යයන්ගේ නියුතු විය.
බුදුදහම ථේරවාද හා මහායාන වශයෙන් බෙදී වෙන්වූයේ දෙවන ධර්ම සංඝායනාවෙන් පසුවය.
මෙයින් මහායානිකයින් පිරිසිඳු බුදුදහමෙහි හැසිරෙණු වෙනුවට විවිධ ගුප්ත විද්‍යා, වෛද්‍ය කර්ම, ඉන්ද්‍රජාල වැනි කාර්යයන්ගේ නියුතු විය.
එයට වසර ගණනාවකට පසුව ඉන්දියාවේ පාඨලීපුත්‍ර නුවර තිබූ තුන්වන ධර්ම සංඝායනාවෙන් පසුව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේය.
උන්වහන්සේ ථෙරවාදී සම්ප්‍රදායට අයිතිවුණු අතර, උන්වහන්සේගෙන් පැවැත එන “මහා විහාර“ සම්ප්‍රදායට අනුව අද දිනටත් ලංකාව “ථේරවාදී බුදුදහමේ මධ්‍යස්ථානය“ ලෙස ලෝකයේ ගෞරවාදරයට පත්වී ඇත.
මිහිඳු මහරහතන් වහන්සේ පැමිණීමෙන් පසු විවිධ අවස්ථා වලදී මහායානිකයින් ලංකාවට පැමිණි අතර ඔවුන්ගේ මධ්‍යස්ථානය වූයේ අභයගිරියයි.
මෙම මහායානිකයින් හා ථේරවාදී සම්ප්‍රදායින් අතර, විවිධ මත ගැටුම් තිබූ අතර, ඇතැම්විට ථේරවාදය විනාශ කිරීමට පවා මහායානිකයින් ප්‍රබල විය.
එසේ නමුත් අනුරාධපුරයේ සිට පොලොන්නරුවට අගනගරයට ගෙන ගිය පසුද දන්තධාතූන් වහන්සේ මහායානික භික්ෂුන් සතුව පැවැති බවට සාක්ෂි සෙල් ලිපි වලින් හෙළිවේ.
පොළොන්නරුවේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජු බරපතල සංඝ සංශෝධයක් කොට සියළු මහායානිකයින්ගේ සිවුරු හරවා ගිහියන් බවට පත් කළ පසු මහායානය මුළුමනින්ම පාහේ ලංකාවෙන් තුරන්වී ගියේය.
ඉන් පසුව දන්ත ධාතූන් වහන්සේ ථේරවාදී භික්ෂුන්ගේ බාරයට පත්විය. ඒ දක්වා වසර 800ක පමණ කාලයක් ලංකාවේ දන්ත ධාතුන් වහන්සේ බාරව සිටියේ මහායානික භික්ෂුන්ය.
''පොළොන්නරුවේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජු බරපතල සංඝ සංශෝධයක් කොට සියළු මහායානිකයින්ගේ සිවුරු හරවා ගිහියන් බවට පත් කළ පසු මහායානය මුළුමනින්ම පාහේ ලංකාවෙන් තුරන්වී ගියේය. ඉන් පසුව දන්ත ධාතූන් වහන්සේ ථේරවාදී භික්ෂුන්ගේ බාරයට පත්විය.''
මහායානිකයින් වන්දනා කරන බෝධි සත්වයන් රාශියක් සිටී. ඒ අතර, මෛත්‍රී, අවලෝකිතේෂ්වර, අමිතාභ, වජ්රපානී ප්‍රධාන ස්ථානයක් ගනී.
මෙයින් අවලෝකිතේෂ්වර, අවලෝකිතේෂ්වරනාථ ලෙසින්ද හඳුන්වයි. මෙම අවලෝකිතේෂ්වර බෝසතානන්ගේ ප්‍රධාන හැකියාව වන්නේ රෝග සුව කිරීමයි. මහායානය පැතුරුණු බොහෝ රටවල අවලෝකිතේෂ්වර වන්දනාව පවතී.
ථේරවාදී බුදුදහමේ බෝධිසත්ව වන්දනාවට ඉඩක් නොතිබුණි.
එම නිසා එදා අවලෝකිතේෂ්වරනාථ ලෙස දන්ත ධාතුව සමග ලංකාවට පැමිණි බෝසතානන් අද “නාථ“ දෙවියන් ලෙස පරිනාමය වන්දනාවට පාත්‍ර වන බව පැහැදිළිය.
පැරණි පිළිම හා රූප වල අවලෝකිතේෂ්වරනාථ “නෙළුම්“ මලක් අතදරා සිටින ආකාරයක් පෙන්වයි.
අද ලංකාවේ වන්දනාවට පාත්‍රවන නාථ දෙවියන්ද නෙළුම් මලක් අත දරා සිටී. නෙළුම් මල අවලෝකිතේෂ්වරනාථ බෝසතානන්ගේ සංඛේතයයි.
මෙම දෙදෙනාම රෝග සුවකිරීමට සම්බන්ධ අයය.
බුරුමයේද මෙම අවලෝකිතේෂ්වරනාථ වන්දනාව අතුරුදහන්ව ගොස් “ලෝකනාථ“ නම් දෙවියෙක් රෝග සුව කිරීමට අදාළව වන්දනාමාන කරයි.
මහායාන සම්ප්‍රදාය අනුව මෛත්‍රිය හා අවලෝකිතේෂ්වර පැහැදිළිවම වෙනස් බෝසතුන් දෙදෙනකු වන අතර, ලංකාවේ මේ දෙදෙනා පටලවා ගෙන ඇත.
මේ පිළිබඳව තවත් වැදගත් සාක්ෂියක් වන්නේ ලංකාවට ලංකාවට දන්තධාතුව ගෙන ආ කාලිංග දේශයේ අද “ඔරිස්සා“ යයි හඳුන්වන ප්‍රාන්තයේ “පූරි“ නම් ස්ථානයේ ඇති “ජගන්නාථ“ නම් සුවිශාල දේවාලයයි.
මෙම ජගන්නාථ දේවාලය අවලෝකිතේෂ්වර බෝධිසත්වන්ට පෙරකළ වන්දනා මාන කිරීමට තිබූ මහායාන දේවාලය, පසුකළක හින්දු දෙවොලක් බවට පරිණාමය වූවක් බව විද්වතුන් විශ්වාස කරයි.
මහායානික සම්ප්‍රදායන් අනුව රෝග සුවකිරීමේ හැකියාව අවලෝකිතේෂ්වරනාථ බෝධිසත්වයන්ට මෙන්ම අද දිනයේ නාථ දෙවියන්ටද ඇත.
''මහායානික සම්ප්‍රදායන් අනුව රෝග සුවකිරීමේ හැකියාව අවලෝකිතේෂ්වරනාථ බෝධිසත්වයන්ට මෙන්ම අද දිනයේ නාථ දෙවියන්ටද ඇත.''
(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සමග සාකච්ඡා කොට සකස් කලේ සුජීව සෙනරත්)