1200 x 80 DMirror
 
 

යුද ගැටුම් අවසන් වී දොළොස් වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියාව සඳහා වූ දේශීය මුලපිරීම්වලින් ප්‍රතිඵල ලබා දීමට නැවත නැවතත් ආණ්ඩුව අසමත් වී ඇතැයි චෝදනා කරන
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එයට වඩාත් ගැඹුරින් හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව අතීතය ප්‍රතික්ෂේප කිරීමේ තත්වයක පැවතීම තුළ අපරාධවලට දඬුවම් නොලැබීම සහ වින්දිතයින් තව තවත් ප්‍රශ්ණ වලට යොමු කිරීම තුළින් පවතින පද්ධතිය කෙරෙහි ඔවුන් තුළ අවිශ්වාසය වර්ධනය වීම බවත් සඳහන් කරයි.
 
ඉහළම රාජ්‍ය නිලධාරීන් අතීත අපරාධ පිළිබඳ කිසිදු පිළිගැනීමක් ලබාදීමට ප්‍රතික්ෂේප කිරීමත් සමඟ රජය විසින් සත්‍යය සෙවීමේ උත්සාහයන් අත්හිටුවා ඇති බව පෙන්වා දෙන කවුන්සිලය මෙය වර්තමානයට මෙන්ම අනාගතයට සෘජුවම බලපානු ඇති බවට අවධානය පළ කර තිබේ.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරමින් සාමාජික රටවලට යෝජනා කරන්නේ, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් හෝ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි හෝ වගකිව යුතු යැයි විශ්වාස කළ හැකි රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් පුද්ගලයන්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් කිරීම වැනි ඉලක්කගත සම්බාධක සහ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල් වලට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන ආධාරක මුල පිරීම් ද යෙදිය හැකි බවයි.
 
 
 
මෙම වාර්තාව මගින් ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු නම්කිරීම විශේෂත්වයක් බව විශ්ලේෂකයෝ පවසති.
 
 
 

 116722630 gettyimages 1198656768

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙබරවාරි 4 වන දින කොළඹ පැවති 72 වන නිදහස් දින සැමරුමේ වේලාව පරීක්ෂා කරමින්. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පිටුපසින් (ඡායාරූප මූලාශ්‍රය, NURPHOTO GETTY IMAGES)
 
 
 
 
ජනාධිපතිවරයා විසින් 2020 සිට ප්‍රධාන පරිපාලන තනතුරු සඳහා සේවය කරන හෝ හිටපු හමුදා සහ බුද්ධි අංශ සාමාජිකයින් 28 දෙනෙකුවත් පත් කර ඇති බව වාර්තාවේ දැක්වේ. 
 
විශේෂයෙන් කනස්සල්ලට හේතුවක් ලෙස එම වාර්තාව දක්වන්නේ ගැටුමේ අවසන් වසරවලදී යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාවලට නම් සඳහන් වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත් කිරීමය. 
 
2019 අගෝස්තු මාසයේදී යුද හමුදා ප්‍රධානියා ලෙස ශවේන්ද්‍ර සිල්වා සහ 2019 නොවැම්බරයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කමල් ගුණරත්න පත්කිරීම ගැන එහි විශේෂයෙන් සඳහන් වේ.
 
"ආරක්ෂක ක්‍ෂේත්‍රය තුළ කිසිදු විමර්ශන හෝ පුළුල් ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමෙන් අදහස් වන්නේ බරපතළ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විශ්වසනීය ලෙස චෝදනා ලැබූ රාජ්‍ය යාන්ත්‍රණය සහ එහි සමහර සාමාජිකයන් තවදුරටත් එම ස්ථානයන්හිම සිටිනා බවය," යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.
 
"විධායක බලය පිළිබඳ වැඩි සංවරණයන් හා තුලනයන් ලබා දුන් 2015 ප්‍රතිසංස්කරණ ආපසු හරවා ඇති අතර අධිකරණයේ සහ අනෙකුත් ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය තවදුරටත් ඛාදනය වී තිබේ. සුළුතර ප්‍රජාවන් සමඟ වැඩි පිළිගැනීමක්, ගෞරවයක් හා ප්‍රතිසන්ධානයක් පොරොන්දු වූ සියලුදෙනා ඇතුළත් ජාතික කතිකාවක ආරම්භය ආපසු හරවා ඇත."
 
 
 
 116722628 gettyimages 1230025550
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ 2020 දෙසැම්බර් 9 වන දින ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී.
 
 
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ 30/1 යෝජනාව මගින් පොරොන්දු වූ "නැවත ඇති නොවන බවට සහතික වීම" සාක්ෂාත් කර ගැනීම වෙනුවට, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ට තුඩු දුන් ප්‍රතිපත්ති හා භාවිතයන් පුනරාවර්තනය වීමට ශ්‍රී ලංකාවේ වර්තමාන ගමන් මඟ සකස් කර ඇති බවට එම වාර්තාවේ චෝදනා කරන අතර එහි පවසන්නේ COVID-19 වසංගතය විසින් ඇති කර ඇති අභියෝගයන් මුළුමනින්ම අවබෝධකරගත හැකි අතරම, පිරිහෙන මානව හිමිකම් තත්ත්වය පිළිබඳ පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා සහ අනාගත උල්ලංඝනයන් සැලකිය යුතු ලෙස ඉහළ යන අවදානමත් පසුගිය වසර තුළ මතුවී ඇති ප්‍රවණතා පිළිබඳව මහ කොමසාරිස්වරයා දැඩි අවධානයෙන් සිටින අතර ඒවා වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ඉල්ලා සිටින බවයි.
 
 
"රජය විසින් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා තම කැපවීම ප්‍රකාශ වී තිබියදීත්, දෙමළ හා මුස්ලිම් සුළුතරයන් වැඩි වැඩියෙන් කොන් කිරීමට ජාතික දැක්මෙන් හා රජයේ ප්‍රතිපත්තියෙන් බැහැර කරනු ලබන අතර ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේ බෙදීමේ සහ වෙනස් කොට සැලකීම් ප්‍රතිපත්තිය තවදුරටත් ධ්‍රැවීයකරණය හා ප්‍රචණ්ඩත්වය ජනනය කිරමේ හැකියාව ඇත."
 
 
 

1558769326 775730 hirutvblog 20

''පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇති වූ හදිසි ආරක්ෂක විධිවිධාන රාජ්‍යයේ මිලිටරිකරණය වැඩි කිරීම දක්වා විකාශනය වීම මහ කොමසාරිස්වරයාගේ අවධානයට යොමුවී ඇත.''
 
 
"2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇති වූ හදිසි ආරක්ෂක විධිවිධාන රාජ්‍යයේ මිලිටරිකරණය වැඩි කිරීම දක්වා විකාශනය වීම මහ කොමසාරිස්වරයාගේ අවධානයට යොමුවී ඇත. සිවිල් පරිපාලනයේ ප්‍රධාන තනතුරු සඳහා යුධ අපරාධවලට සම්බන්ධ නිලධාරීන් ඇතුළු ක්‍රියාකාරී හා විශ්‍රාමික හමුදා නිලධාරීන් රජය විසින් පත් කර ඇති අතර, සිවිල් කාර්යයන් කිරීමට සමාන්තර කාර්ය සාධක බලකා සහ කොමිෂන් සභා නිර්මාණය කර තිබේ. එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායකයේ වැදගත් ආයතනික සංවරණයන් සහ තුලනයන් ආපසු හැරවීමත් සමඟ මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වී ඇත." යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.
 
 
 
 
මෑත වසරවල පුළුල් වූ ස්වාධීන මාධ්‍ය ඇතුළු සිවිල් සමාජයට ඇති අවකාශය වේගයෙන් හැකිලෙමින් පවතින බවට මහ කොමසාරිස්වරිය තැතිගෙන සිටින බවට එහි සදහන් අතර එම යෝජනාවලියේ තවදුරටත් පවසන්නේ නීත්‍යානුකූල සිවිල් සමාජ ක්‍රියාකාරකම් පිළිබඳ නීතිමය පියවර ගැනීම, මානව හිමිකම් ආරක්ෂකයින්, නීතිඥයින්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහි හිරිහැර කිරීම් ඇතුළු සියලු ආකාරයේ ක්‍රියා සහ රාජ්‍ය නියෝජිතයින්ගේ බිය ගැන්වීම් සහ අපහසුතාවයට පත්වන ආකාරයේ රජයේ උසස් නිලධාරීන්ගේ සෝදිසි කිරීමේ ගමන් වාර වහාම නතර කරන ලෙස මහ කොමසාරිස්වරිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
 
 
 
 
"එබැවින් මානව හිමිකම් කවුන්සිලය නැවත වරක් - ශ්‍රී ලංකාව සමඟ එකඟත්වයක් ඇතිකර ගැනීමේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටී. මීට පෙර දෙවරක්, කවුන්සිලය දේශීය වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු සඳහා සිය සහයෝගය ලබා දී ඇති අතර එය 30/1 යෝජනාවෙන් මැනවින් කියැවෙයි."
 
"ජාත්‍යන්තර අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම සඳහා අර්ථවත් මාවතක් අනුගමනය කිරීමට ඇති නොහැකියාව සහ අකමැත්ත රජය විසින් මේ වන විට පෙන්නුම් කර ඇති අතර, ඒ වෙනුවට වන්දි ගෙවීම සහ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන මූලික වශයෙන් වෙනස් ප්‍රවේශයක් සංඥා කරන නමුත් වින්දිතයින්ට සත්‍යයට සහ යුක්තියට ඇති අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමට හා වගකිවයුත්තන්ට තවදුරටත් දඩුවම් නොකිරීමේ හැකියාවක් ඇත."
 
 
 
 
මෙම වාර්තාවේ තවදුරටත් සදහන් වන්නේ "පළමුවෙන්ම, අතීතය සමඟ කටයුතු කිරීමට අපොහොසත් වීම, සිය ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳ සත්‍යය සෙවීම සඳහා අඛණ්ඩව නිරතවන, දිවි ගලවා ගත් දස දහස් ගණනක් - කලාත්‍රයන්, දෙමාපියන්, දරුවන් සහ අනෙකුත් ඥාතින් ඇතුළු සියලු ජන කොටස් කෙරෙහි අඛණ්ඩව විනාශකාරී බලපෑම් ඇති කරන අතර ඔවුනට යුක්තිය සහ හදිසි වන්දි ගෙවීමක් අවශ්‍ය වේ," යනුවෙනි.
 
 
"දෙවනුව, වගවීම හා ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙනයාමට අපොහොසත් වීම 2030 න්‍යාය පත්‍රයට අනුකූලව තිරසාර සාමය, මානව හා ආර්ථික සංවර්ධනය සඳහා වන අපේක්ෂාවන්ට බාධා ඇතිකරයි. එසේම අනාගතයේ දී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අනාගත ගැටුම්ව නැවත මතුවිය හැකිය."
 
"අවසාන වශයෙන්, මෙම වාර්තාවේ ඉස්මතු කර ඇති ප්‍රවණතා, මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය වැළැක්වීම සම්බන්ධයෙන් යළිත් වැදගත් අභියෝගයක් පෙන්නුම් කරයි.
 
 2009 දී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් මගින් නිගමනය වූයේ ගැටුම අවසන් වන විට "වැළැක්වීමේ න්‍යාය පත්‍රය" ක්‍රමානුකූලව අසාර්ථක වී ඇති බවයි. ජාත්‍යන්තර ප්‍රජාව එම වැරදි නැවත නොකිරීමට හෝ වෙනත් සන්දර්භයන්හි බරපතල උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම වැළැක්වීමට සහ ඒවා සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහයට වලක්වන පූර්වාදර්ශයකට ඉඩ නොදිය යුතුය."  මහ කොමසාරිස්වරිය 2030 න්‍යාය පත්‍රය සඳහා රජය ප්‍රකාශ කළ කැපවීම පිළිගනී. 
 
 
 
 
සාමය ගොඩනැංවීම, වන්දි ගෙවීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ යම් යම් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන නමුත් ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් හා සාමයක් අත්කර ගැනීමට හැකිවන්නේ එය ප්‍රජා අවකාශය සහතික කර ආයතනික හා පද්ධතිමය දඩුවම් නොලැබීමේ ගැටලුව ඵලදායී ලෙස ආමන්ත්‍රණය කළහොත් පමණක් බවට එහි සදහන් වේ.
 
කෙසේ වෙතත්, 30/1 යෝජනාවට සහ ඊට අදාළ ක්‍රියාමාර්ග සඳහා වූ සහයෝගය රජය ඉවත් කර ගැනීමෙන් සහ එම යෝජනාවේ සම්පූර්ණ විෂය පථය පුරා අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට නැවත නැවතත් අපොහොසත් වීමෙන්, දේශීය සංක්‍රාන්තියක් හරහා දඩුවම් නොලැබීම අවසන් කිරීම සඳහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ අව්‍යාජ ප්‍රගතියක් ලබා ගැනීමේ හැකියාව රජය බොහෝ දුරට අවහිර කර ඇත යනුවෙන් එම වාර්තාව සදහන් කරයි.
 
"මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින්නේ, රජයේ නව මුල පිරීම්වල ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අධීක්ෂණය වැඩි දියුණු කරන ලෙසත්, ජාත්‍යන්තර මට්ටමේ වගවීමේ විකල්පයන් ඉදිරියට ගෙන යාම සඳහා සුහද හා ඵලදායී සැලැස්මක් සකස් කරන ලෙසත් ය."
 
 
 
 
සාපරාධී වගවීම ඉදිරියට ගෙනයාමට සහ වින්දිතයින් සඳහා සහන සැලසීමට සාමාජික රටවලට විකල්ප ගණනාවක් තිබෙන බවට එහි සඳහන් කර ඇත.
එනම් ශ්‍රී ලංකාවේ තත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමට පියවර ගැනීමට අමතරව, සාමාජික රටවලට ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවයන් විසින් සිදුකරන ලද ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් භූමියෙන් එපිට හෝ විශ්ව අධිකරණ මුලධර්මයන්ට අනුව ඔවුන්ගේම ජාතික අධිකරණ ඉදිරියේ ක්‍රියාකාරීව ඉදිරියට ගෙන යා හැකි බවයි.
සිදුවිය හැකි ජාත්‍යන්තර අපරාධ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීම ඇතුළුව වගවීම වැනි මාර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, වින්දිතයින් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමඟ කටයුතු කිරීමට සාමාජික රටවලට දිරිගන්වයි.
 
බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් හෝ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි හෝ වගකිව යුතු යැයි විශ්වාස කළ හැකි යැයි කියනු ලබන රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් පුද්ගලයන්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් කිරීම වැනි ඉලක්කගත සම්බාධක සාමාජික රටවලට ද වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල් වලල්ට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන ආධාරක මුල පිරීම් ද යෙදිය හැකි බවට එහි යෝජනා කර ඇත.
 

 116683394 gettyimages 1228506742

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ 2020 සැප්තැම්බර් 14 වන දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ යුරෝපීය මූලස්ථානයේදී මානව හිමිකම් කවුන්සිලයේ 45 වන සැසිවාරය ආරම්භ කරමින් සිය කතාවට පෙර ඉඟි කරමින්.
 
 
 
මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා රජයට කරන නිර්දේශ
 
 
 
 
අ) ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම මත පදනම්ව, 2030 තිරසාර දැක්ම ප්‍රවර්ධනය කිරීම.
 
 
ආ) ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සිදු කරන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සහ මානව හිමිකම් කවුන්සිලය මගින් සිදු කරන නිර්දේශ පිළිගැනීම. 
 
 
ඇ) වධහිංසා පැමිණවීම, ලිංගික හිංසනය සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් යන දෑ තහනම් කර ඇති බවත් එවැනි සිදුවීම් සිදුවුවහොත් ක්‍රමානුකූලව විමර්ශනය කර දඩුවම් කරනු ලබන බවට හමුදාවටන්ට, බුද්ධි අංශයන්ට, එහි අනෙකුත් අංශයන්ට සහ පොලිස් බලකායට පැහැදිලි උපදෙස් නිකුත් කිරීම. 
 
 
(ඈ) මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් උල්ලංඝනයවූ වින්දිතයින්ට එරෙහිව සිදු කරන හිරිහැර කිරීම්, පළිගැනීම් සහ සියළුම ආකාරයේ නිරීක්ෂණ වහාම අවසන් කරන ලෙස සියලු ආරක්ෂක ආයතනවලට නියෝග කිරීම. 
 
 
(ඉ) මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම, වධහිංසා පැමිණවීම සහ අයුතු ලෙස සැලකීම ඇතුළු චෝදනා කඩිනමින්, අපක්ෂපාතීව විමර්ශනය කර නඩු පැවරීම සඳහා ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීම.
 
 
(ඊ) මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධ යෙන් චෝදනා ලබා ඇති ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමත් වගවීම ශක්තිමත් සහ සහතික කිරීම සඳහා ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම. 
 
 
උ) මානව හිමිකම් කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ව්‍යුහාත්මක ආරක්ෂණය, ස්වාධීනත්වය සහ ප්‍රමාණවත් සම්පත් ලබාදීම.
 
 
(ඌ) අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය සහ ස්වාධීනව ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පරිසරයක් සහතික කිරීම, ඔවුන්ගේ රාජකාරි කාර්යක්ශමව ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් සහ තාක්ෂණික ක්‍රම ලබා දීම. 
 
බලපෑමට ලක්වී ඇති පවුල් කෙරෙහි අවධානය යොමු කර අතුරු සහන පියවර සමග පුළුල් වන්දි ලැබීමේ අයිතිය සහ සත්‍යය දැනගැනීමට ඇති අයිතිය ලබා දී ඔවුන්ට යුක්තිය ඉටු කිරීම. 
 
 
එ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා තහනමක් පනවා ජාත්‍යන්තර රීතින්ට අනුකූල එය ප්‍රතිස්ථාපනය වන තෙක් අත්අඩංගුවට ගැනීම නැවැත්වීම. 
 
 
ඒ) ජනාධිපති සමාව ලබා දීමේ දී සම්මත ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කර, අධිකරණ සමාලෝචනයට යටත්ව එය කිරීමටත්, මිනීමැරීම් සම්බන්ධයෙන් සහ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති වැරදිකරැවන්ට සමාව ලබා නොදීය හැකි ආකාරයට නීති සම්පාදනය කිරීම.
 
 
"ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය
 
 
 
මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලය සහ සාමාජික රටවලට කරන නිර්දේශ:
 
 
අ) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අධීක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා OHCHR (මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය) වෙතින් ඉල්ලීමක් කරන අතර වගවීම සහ ප්‍රතිසන්ධානය සඳහා වන ප්‍රගතිය ඇතුළුව, මානව හිමිකම් කවුන්සිලයට නිතිපතා වාර්තා කිරීම.
 
 
(ආ) අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා සාක්ෂි එක්රැස් කිරීම හා සංරක්ෂණය කිරීම නිත්‍ය ක්‍රමයක් සැකසීම, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සහ නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල අදාළ අධිකරණ කටයුතු සඳහා සහාය වීම.
 
 
ඇ) දේශභූමියෙන් බාහිර හෝ විශ්වීය අධිකරණ බලතල (extraterritorial or universal jurisdiction) මූලධර්ම වලට අනුව දේශීය අධිකරණ බල ප්‍රදේශවල අධිකරණ ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවයන් විසින් සිදු කරන ලද ජාත්‍යන්තර අපරාධ විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට වින්දිතයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
 
 
ඈ) බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් විශ්වසනීය චෝදනා ලැබූ වැරදිකරුවන්ට එරෙහිව ඔවුන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් කිරීම් වැනි ඉලක්කගත සම්බාධක පැනවීම පිළිබඳව ඇති හැකියාව ගවේෂණය කිරීම.
 
 
(ඉ) හමුදා හුවමාරුව සහ පුහුණු වැඩසටහන් සඳහා හඳුනාගෙන ඇති ශ්‍රී ලංකා පොලිසියේ සහ හමුදා නිලධාරීන්ට දැඩි පරීක්ෂණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම.
 
 
(ඊ) සිවිල් සමාජ මූලාරම්භකයන්ට සහය දැක්වීම සහ වන්දි ගෙවීම සහ වින්දිතයින්ගේ ආධාර සඳහා වන ප්‍රයත්නයන් සහ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට, ඔවුන්ගේ ද්විපාර්ශ්වික මානුෂීය, සංවර්ධන හා ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා ආධාර කිරීම සඳහා ප්‍රමුඛතාවය දීම.
 
 
(උ) පළිගැනීම්වලට මුහුණ දෙන අයවළුන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලාංකික ජාතිකයන් සම්බන්ධයෙන් සරණාගත ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමේදී වධහිංසා පැමිණවීමේ හෝ වෙනත් බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සැබෑ අවදානමක් ඇති අවස්ථාවන්හිදී නැවත හරවා යැවීම වළක්වා ගැනීම.
 
 
 
මහ කොමසාරිස්වරිය එක්සත් ජාතීන්ගේ ආයතනවලට කරන නිර්දේශ
 
 
අ) මානව හිමිකම් පිළිබඳ මහලේකම්වරයාගේ කැඳවීම ශ්‍රී ලංකාවේ සියලුම එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තීන්ට සහ වැඩසටහන්ගත කටයුතුවලට මඟ පෙන්වන බවට සහතික වීම.
 
 
(ආ) සියලු සංවර්ධන වැඩසටහන් 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට අනුකූලව ඵලදායි, වගවීම සහ සියළු දෙනා ඇතුළත්වීම, වෙනස් කොට නො සැලකීම සහ වඟවීම තමන්ගේ ක්‍රියාවන් පිළිබඳව තමන්ටම තීරණය කිරීමේ හැකියාව යන මූලධර්ම මත පදනම් වී ඇති බවට සහතික වීම.
 
 
ඇ) ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ඇති ආරක්ෂක හමුදා සහ සියලු ආයතන සමඟ සම්බන්ධ වීමේදී දැඩිව මානව හිමිකම් පිළිබඳව අවධානය යෙදවීම.
 
 
ඈ) එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යයන්හිදී මානව බල උත්පාදනය කිරීමේ අභියෝගයන් සම්පූර්ණයෙන් වටහා ගන්නා අතරම, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් හිදී ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ශ්‍රී ලංකා නිලධාරීන් නිතර සමාලෝචනය කිරීම.
 
 
 
 
(රංග සිරිලාල් - බීබීසී සිංහල)
 
(අවධාරනය කිරීම් අපෙන් - සංස්කාරක )

 

 
 
 

 

nalan mendis

subscribeYT

subscribeYT

නවතම පුවත්