ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කාන්තාවන් විසින් දක්වනු ලබන දායකත්වය ඉතා ඉහළ මට්ටමක තිබුනද විවිධ හේතු නිසා ඔවුන්ව නිසි ඇගයීමකට ලක් නොවීම දැකිය හැක. 
 
 
ජාතික තොරතුරු පිලිබඳ දත්ත පදනමක් ක්‍රමවත්ව නොමැතිකම මෙන්ම විශ්වාසදායක තොරතුරු අඩුකම නිසා මේ කරුණු පිළිබඳව ප්‍රමාණාත්මක තොරතුරු හිඟයක් පවතී.  
 
කෘෂිකර්ම හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ හා විශේෂයෙන්ම එහි අවිධිමත් අංශවල කාන්තාවන් ආශ්‍රීතව පවතින තත්ත්වය පිලිබඳ වූ තොරතුරුවල අඩුකම විශේෂ අවධානයට ලක් විය යුතුය. 
 
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙසේ අවිධිමත්ව සම්බන්ධ වී ඇති එහෙත් රටේ දියුණුවට හා පැවැත්මට විශාල දායකත්වයක් දක්වනු ලබන ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ සැඟවුණු මේ ශක්තිය නිසි ඇගයීමකට ලක් නොවීම මෙන්ම ඔවුන්ට කළමනාකරණ මට්ටමේ අවස්ථා අහිමිවීමත්, ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට නිසි අවධානයක් නොලැබීමත්, ඔවුන්ගේ හඬට අඩු බලපෑමක් තිබීමත් වැනි කරුණු දක්නට තිබේ. 
 
මේ නිසා දශක කිහිපයක් තිස්සේ කාන්තා ගැටලු හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින හා කටයුතු කරන විශේෂයෙන්ම ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරන ජාතික මට්ටමේ සංවිධානයක් වන කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානය  (CENWOR) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ආධාර හා උපදෙස් මත ශ්‍රී  ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒමට අවශ්‍ය  ප්‍රතිපත්ති සැකසීම උදෙසා අදහස් ලබාගැනීමට සිද්ධි අධ්‍යනයන් සිදු කළ අතර එම අදහස් පදනම්ව සකස් කරනු ලැබූ   ප්‍රතිපත්තිමය යෝජනා මේ වන විට විවිධ පාර්ශව සමග විවිධ මට්ටම් වලින් සාකච්ජාවට භාජනය වෙමින් පවතී. 
 
ආර්ථිකය තුළ සැබැවින්ම ඇගයිය යුතු එහෙත් ප්‍රමාණවත් අවධානයට ලක් නොවී ඇති මෙම කාන්තාවන්ගේ  දහදියට නිසි වටිනාකමක් ලබා දී ඔවුන්ගේ ශ්‍රමයට සාධාරණයක් ඉටු කිරීමට මෙම ප්‍රතිපත්ති යෝජනා වලට රජයේ  හා අදාළ පාර්ශවයන්ගේ  අවධානය යොමු කොට නිසි පියවර  හැකි ඉක්මනින් ගැනීම සඳහා කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානය (CENWOR) විසින් මේ වනවිට කටයුතු කරමින් තිබේ. 
 
මෙම අධ්‍යනයනයන් සිදුකිරීමේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් අවිධිමත්ව නියැලී සිටි යැයි සැලකෙන, අභ්‍යන්තර ධීවර හා ජලජීවී වගා, කුඩා තේ වතු, කිරි නිෂ්පාදන, අපනයන කෘෂිකාර්මික  වැනි අංශ මෙන්ම ඒ හා ඍජුව සම්බන්ධ  වාරිමාර්ග හා කෘෂිකාර්මික ව්‍යාපෘති අංශ පිළිබඳවත් අවධානය යොමු කරන ලදී.
 

Raising ornamental fishශ්‍රී ලංකාවේ ධිවර කර්මාන්තය පිළිබඳ සැලකීමේදී කාන්තාවන් බහුතරයක් නියැලී සිටින්නේ වැව් ආශ්‍රිත අභ්‍යන්තර ධිවර කර්මාන්ත හා විසිතුරු මසුන් ඇති කිරීම හා සම්බන්ධ ජලජීවි වගා අංශ තුළය. 

 
 
වැව් ආශ්‍රිත (අභ්‍යන්තර) ධිවර කර්මාන්තය:
 
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පිහිටා ඇති වැව් පද්ධතින්, අභ්‍යන්තර ධීවර කර්මාන්තය සඳහා ඉතා වැදගත්  යටිතල පහසුකමක් ලෙස සැලකිය හැක. 
 
 වැව්  ආශ්‍රිත ප්‍රදේශ වල ජිවත්වන ආර්ථික වශයෙන් දුප්පත් පිරිමින් හා කාන්තාවන් සිය ජීවනෝපාය සලසා ගැනීම සඳහා කාලයක් තිස්සේ වැව් ආශ්‍රිතව ධීවර කටයුතුවල නියැලී සිටී. 
 
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ජලාශ ඝනත්වයක් සහිත දූපත් ජාතියක් වුවත් එහි පවතින අභ්‍යන්තර ධීවර හා ජලජීවී වගාවේ තිබෙන ඉතා ඉහළ අවස්ථාවලින්  ප්‍රයෝජන ගන්නේ ඉතා අඩු කාන්තා පිරිසකි. 
බොහෝ ප්‍රදේශවල මෙම අභ්‍යන්තර ධිවර කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ධිවර සමිති පිහිටුවා ගෙන සිටින්නේ කාලයක සිටය. 
 
අදාළ ප්‍රදේශවල ධීවරයන්ට මුහුණදීමට සිදුවී තිබෙන ගැටළුවලට විසැදුම් ලබාදෙමින්, ඔවුන්ගේ හා පවුල්වල සුභසිද්ධිය උදෙසා කාලයක සිට මෙම පොදු ධීවර සංවිධාන පවත්වාගෙන යනු ලැබුවද ඒවා පිරිමින්ගේ බලය කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන ව්‍යුහයන් ලෙස සැලකේ.
 
මෙම පොදු ධීවර සමිති කාන්තා සංවර්ධනය වෙනුවෙන් දක්වනු ලබන අවධානය ප්‍රමාණවත් නොවන බව හා ඔවුන්ව යම් කොන්වීමකට ලක් වී තිබෙන බව කාන්තාවන්ගේ මතයයි.  
 
එසේම, කාන්තාවන්ටම ආවේනික වූ ගැටලු හා අවශ්‍යතා සාකච්ඡා කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩක් මෙම සමිතිවලදී   නොලැබේ. 
 
සමහර ප්‍රදේශවල මෙම කරුණු කාන්තාවන්ටම අවබෝධ වී තිබීම නිසා මෙම කාන්තා ධීවර සමිති වෙනම ආයතන ලෙස  බිහි වී ඇත.  
 
සිය සාමාජිකයන්ගේ ස්වයංරැකියා අවස්ථා සහ පවුල්වල ආදායම වැඩිකිරීම සඳහා කාන්තාවන්ගේ දායකත්වය ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු අරමුණු කරගත් මෙම කාන්තා සමිති, කාන්තා අභිවෘද්ධියට මෙන්ම සමස්ත පවුලේ දියුණුවට වඩාත් පුළුල් සේවයක් කළ හැකි බව මෙම ධීවර කාන්තාවන්ගේ අපේක්ෂාවයි.
 fish in Negombo
වැන්දඹුවන් ද ඇතුලත් ගෘහමුලික කාන්තාවන් මෙම ධිවර කටයුතුවල නිරත වී සිටීම දැකිය හැකි අතර සමහර විට ඔවුන්ගේ දියණියන්ද උසස් අධ්‍යාපන අවස්ථා හා ආසන්න ප්‍රදේශවල රැකියා අවස්ථා හිඟකම නිසා පරම්පරා උරුමයක් ලෙස මෙම කටයුතුවල  නියැලීම දක්නට ලැබේ.  
 
වැව් මැදට ඔරුවෙන් ගොස් ගැඹුරු දියේ මාළු ඇල්ලීමෙන් වඩා හොද අස්වැන්නක් හා ආදායමක් ලබා ගත හැකි බව මෙම කාන්තාවෝ හොදින්ම දැන සිටියද ඒ සඳහා ඔවුන්ට ශාරීරික හැකියාව පැවතුනද පුරුද්දක් ලෙස ඔවුන් වැව මැදට යෑමට වැඩි කැමැත්තක් හෝ උත්සහායක් දක්වන්නේ නැත. 
 
වැව මැදට ගොස් ගැඹුරු දියේ මාළු ඇල්ලීම පිරිමින්ට උරුම වූ කටයුත්තක් සේ ම, එය වඩාත් අනතුරුදායක කටයුත්තක් ලෙස කාන්තාවන් තුළ මෙන් ම එම සමාජය තුළ ද, මුල් බැසගත් මතයක් පැවැතීම මෙම පසුගාමීත්වයට හේතුව විය හැකි ය.
 
කාන්තාවන් විසින් අල්ලන මත්ස්‍ය අස්වැන්න එම තොටුපළට පැමිණෙන මාළු වෙළෙදුන්ට අඩු මුදලකට විකිණීමට මෙම ධීවර කාන්තාවෝ පුරුදු ව සිටිති.
 
 මෙම වෙළඳුන් වෙනත් ප්‍රදේශවලට ගොස් මාළු අලෙවි කර වැඩි ආදායමක්  ලබා ගනී. 
 
ගමට හෝ නගරයට ගොස් මාළු විකිණීමෙන් ඉහළ මිළක් ලබාගැනීමට අවස්ථාව තිබුණ ද, මාළු වෙළඳාම පිරිමින්ගේ රැකියාවක් ලෙස පිළිගැනීම නිසා කාන්තාවන් ඊට සම්බන්ධ වන්නේ නැත. තව ද, එම කටයුතුවලට කාන්තාවන් සම්බන්ධ වීමෙන් දරුවන් රැකබලා ගැනීම ඇතුළු පවුලේ අනෙකුත් ගෘහස්ථ කටයුතුවලට බාධාවන  බව  ඔවුන්ගේ විශ්වාස කරයි.
 
මෙම ප්‍රාථමික ජීවනෝපාය ක්‍රියාදාමයෙන් ඔබ්බට ගොස් වෙනත් අමතර අළෙවිකරණ ක්‍රමෝපායක් හෝ අගය එකතු කළ හැකි ක්‍රියාකාරකමකට සම්බන්ධ වී සිය ජීවනෝපාය තවදුරටත් වැඩිදියුණු කර ගන්නට ඔවුන් උනන්දුවන  බවක් පෙනෙන්නට නැත. 
 
ප්‍රාථමික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස්, සිය  දියුණු  කිරීම පිළිබඳ ඔවුන් සතු දැනුම හා පළපුරුද්ද ඉතා අවම මට්ටමක පැවැතීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රාග්ධනය නොමතිවිම ද මෙහි දී දැකිය හැකි ලක්ෂණයන්ය.
 
අභ්‍යන්තර ධීවර කර්මාන්තයේ දී, විශේෂයෙන් මාළු ඇල්ලීමේ ක්‍රියාවලියට අවශ්‍යකරනු ලබන ක්‍රියාකාරකම් හා හැකියාවන් පිළිබඳ සැලකීමේ දී, පිරිමින් හා  කාන්තාවන් අතර වෙනසක් නොමැත. 
එහෙත් පිරිමින් හා සම මට්ටමින් කාන්තාවන් එම කටයුතුවලට සම්බන්ධ නොවන්නේ ඔවුන් බොහෝවිට ඒකාකාරී වූ ප්‍රාථමික චින්තන රාමුවකට  සිර වී සිටින නිසා ය. ඉයුම්-පිහුම් වැනි පවුලේ ගෘහස්ත කටයුතු හා දරුවන් රැක බලා ගැනීමේ කටයුතු තම මුලික වගකීම් ලෙස මෙම කාන්තාවෝ බොහෝවිට සලකති. 
 
 
බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල සමහර රැකියා කටයුතුවලදී කාන්තාවන්ට පිරිමින් සමග සමානව කටයුතු කළ හැකි වුණ ද, ඔවුන් එසේ නොකරන බව පෙනේ.  
 
මෙම ඇතැම් සීමා කාන්තාවන් විසින් ම ඇති කර ගනු ලබන ස්වයං වාරණයන් ය. ග්‍රාමීයව පිළිගත් සංස්කෘතික හා සමාජ ආකල්ප මෙම  තත්ත්වයනට දැඩිලෙස බලපා ඇති බව පෙනෙන්නට ඇත.
 
සිය ජිවනෝපාය පිළිබඳ කටයුතුවල දී කාන්තාවන්  බොහෝවිට අදාළ වෘත්තිමය වගකීම් හා නීතිමය රාමුවලට සිමා  වී ප්‍රවේශමෙන් කටයුතු කරන බව පෙනේ. එම සිමා හෝ නීතිමය රාමු කඩකිරීමට කාන්තාවන් බොහෝ විට කටයුතු නොකලද සමහර පිරිමින් එසේ කරන අවස්ථා තිබෙන බව මෙම කාන්තාවන් ප්‍රකාශ කරයි.   
 
Fish ladyඅභ්‍යන්තර ධීවර කර්මාන්තය පිළිබඳ අදහස් දක්වමින් කාන්තාවන් බහුතරයක් ප්‍රකාශ කළේ, මෙම රැකියා කටයුතුවල දී ඔවුන් විසින් කළයුතු ක්‍රියාකාරකම් ඔවුන්ටම තෝරා ගැනීමට උපරිම නිදහස ලැබී ඇති බැවින් එම  ස්වාධීන බව පිළිබඳව තමන්  සතුටුවන බවයි. 
මෙහිදී පවුලේ ජිවන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත හැකි බව ඔවුන්ගේ අදහසයි. 
 
මෙම  වෘත්තිමය ක්‍රියාකාරකම්වලට තම සමාජයේ නිසි පිළිගැනීමක් ඇති බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටි.  ඔවුන්ව කිසිවකු විසින් අධීක්ෂණය හෝ පාලනය නොකරන බැවින්, ඉහළ ස්වාධීනත්වයකින් තමන්ට කටයුතු කිරීමේ හැකියාවක් ඇති බව ද  ඔවුන්ගේ හැඟීම යි. 
 
මෙම කර්මාන්තයේ නිරතවන  කාන්තාවන්ට යම් අවශ්‍යතා සඳහා නිවසේ නතර ව සිටීමට හෝ නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය වූ විට,  කිසිවකුගේ අවසරය හෝ අනුමැතියඅවශ්‍ය නොවී තමන්ටම තීරණය කළ හැකිවීම ඉතා වැදගත් නිදහසක් බව ඔවුන්ගේ  පිළිගැනීමයි. 
 
එමෙන් ම ඔවුන් ට තමන්ගේ පවුල්වල පිරිස් සමඟ ගත කිරීමට ප්‍රමාණවත් වන විවේක කාලයක් ඇති බව ද, එය පවුලේ දෛනික කටයුතු හා දරුවන්ගේ අවශ්‍යතා නිසා ඉතා වැදගත් බව ද, ඔවුන් දෙන්වා දෙයි. 
 
ආගමික විශ්වාසයන් මත පදනම් කර ගෙන බිහි වූ සංස්කෘතික හා සමාජ පිළිගැනීම් මෙම ප්‍රදේශවල තවමත් පවතින බැවින්, ඔවුන් සාමන්‍යයෙන් පෝය දිනවල ධීවර කටයුතුවල යෙදෙන්නේ නැත. 
 
අලි ඇතුන් සහ කිඹුලන් ඇතුළු වන සතුන් බහුල ප්‍රදේශවල කාන්තාවන්  සිය ආගමික, සංස්කෘතික හා සමාජ පිළිගැනීම් හා විශ්වාසයන් හේතුවෙන් මෙම වන සතුන්ගෙන් ඔවුන්ට  හිරිහැර නොවන බව විශ්වාස කරති. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල දී මිනිසුන්ට මෙම වන සතුන්ගෙන් හානි වන අවස්ථා ද දැක ගත හැකි ය.
 
මෙම කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඔවුන්ගේ දෛනික යැපීම සඳහා ප්‍රමාණවත් යැයි කාන්තාවන් සෑහීමකට පත්වන බැවින්, ඊට වඩා ආදායම් ඉපයීමේ ක්‍රමවේද පිළිබඳ ඔවුන් උනන්දු නොවී ගතානුගතිකව කටයුතු කරන බව ඉතා පැහැදිළි පෙනේ.. 
 
 
තාක්ෂණ භාවිතය පිළිබඳ දැනුම ඉතා සිමාසහිතය:
 
ඔවුන්ට තාක්ෂණය භාවිතය පිළිබඳ දැනුම ද ඉතා සිමාසහිත ය. මෙම කාන්තාවන් දුරකථනය භාවිතා කරන්නේ ද, එකිනෙකා සමග කථා කිරීම වැනි මූලික සන්නිවේදන ක්‍රියාකාරකම් සඳහා පමණි. 
 
තොරතුරු හා දැනුම ලබා ගැනීම, නව තාක්ෂණය සොයා ගැනීම, නව වෙළඳපොළට ප්‍රවේශය වීම, රජයේ ව්‍යාපෘති සේවා, උපදේශන සේවා හා අනෙකුත් රජයේ සේවා වෙත ප්‍රවේශ වීම, වැනි සේවා ලබා ගැනීමට මෙවලමක් ලෙස දුරකථන භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ ඔවුන්ට හැඟීමක් හෝ දැනුමක් නොමැති බව දැක ගත හැකිය.
 
 මෙම නව දුරකථන පහසුකම් හා ඉන්ටර්නෙට් ආදිය අධ්‍යාපනය හා පුහුණුව ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ට සුදුසු මෙවලමක් ලෙස ඔවුන් දකින්නේ ද නැත. 
 
මෙම ධීවර කටයුතුවල නිරත බහුතරයක් පිරිමින්ගේ මුල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම හා අවබෝධය ඉතා පහළ මට්ටමක පවතින අතර, ඔවුන්ට සුළුවෙන් හෝ ඉතිරි කිරීමට පුරුද්දක් නොමැති බව පැහැදිළිව දැකගත හැකි ය. 
 
එදිනෙදා උපයා ගන්නා ආදායම එදින ම වියදම් කොට අවසන් කිරීමේ පුරුද්ද ඔවුන්ගෙන් වැඩිදෙනෙකු තුළ පවතී. 
 
තමන් විසින් උපයා ගනු ලබන අදායම මත්පැන් වැනි අත්‍යවශ්‍ය නොවන වියදම් වෙනුවෙන් නාස්ති කිරීමට බොහෝ පිරිමි හුරු වී සිටීමත්, එවැනි අවශ්‍යතා වෙනුවෙන් නිතර ණය වීමත් මෙම සමාජය තුළ දැක ගත හැකි ය.
 
ශ්‍රී ලංකා රජයට අයත් ධීවර අමාත්‍යංශයට අනුබද්ධව, අභ්‍යන්තර ධීවර කර්මාන්තය සංවර්ධනයද අරමුණු කර ස්ථාපිත කර ඇති “ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය“ (NAQDA) මඟින් ධීවර කර්මාන්තය හා එහි නියුතු ශ්‍රමිකයන්ගේ මෙන්ම ව්‍යවසායකයන්ගේ දියුණුව සඳහා විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති දීපව්‍යාප්තව, කලක් තිස්සේ ක්‍රියාත්මක කරනු ලබයි. 
 
වැව්වල මත්ස්‍ය ගහණය වර්ධනය කිරීමේ අරමුණින් NAQDA මඟින් අභිජනන මධ්‍යස්ථාන පිහිටුවා ඇත. 
 
මෙවැනි මධ්‍යස්ථානවල කුඩා මාළු පැටවුන් බෝ කර, දින 45 ක් තිස්සේ වර්ධනය කරයි. ඉන්පසුව NAQDA මඟින් මෙම කුඩා මාළු පැටවුන් වැඩිදුර වර්ධනය කිරීමට ධිවර සමිති වෙත බෙදා හරිනු ලබයි. 
 
මෙසේ බෙදා දෙනු ලබන කුඩා මාළු පැටවුන් වර්ධනය වනතුරු ආරක්ෂිතව රැක බලා ගැනීම, මෙම වැව් ආශ්රිත ධිවර ප්රජාවගේ වගකීම ය. සාමාන්යයෙන් සෑම මාස තුනකට වරක් ම, මෙසේ කුඩා මාළු පැටවුන් NAQDA මඟින් ලබා දේ. 
 
 
සත්ව ප්රෝටීන් ඉල්ලුමෙන් 65% ක් :
 
ජලජීවී වගාව මගින් ශ්‍රී ලංකාවේ සත්ව ප්රෝටීන් ඉල්ලුමෙන් 65% ක් පමණ සපයා මන්දපෝෂණය අඩු කිරීමට දායක විය හැකි අතර දිළිඳුකමින් මිදීමට හැකි ආදායමක් උපයා ගත හැකිය. ජලජීවී වගාව මිනිසුන්ට පෝෂණයට අවශ්‍ය   ප්රෝටීන් සපයයි, තර්ජනයට ලක්ව ඇති හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජලජීවී විශේෂයන් සංරක්ෂණය කරයි; ඔවුන්ගේ වාසස්ථාන ප්‍රතිෂ්ඨාපනය කරයි; ස්වභාවික ජලජිවි  තොග වැඩි කරයි; සහ මාළු ඇල්ලීම සඳහා ඇමවල් මෙන්ම සත්වෝද්යාන සහ මින්මැදුර සඳහා ආහාර නිෂ්පාදනය කරනු ලබයි. එය ලෝකයේ ආහාර නිෂ්පාදනය  සඳහා වේගයෙන් වර්ධනය වන ක්‍රමවේදයකි.
 
 
 
විසිතුරු මත්ස්‍ය වගාව :
 
Fish
විසිතුරු මත්ස්ය වගාව ශ්‍රී ලංකාවේ ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කර්මාන්තයකි
 
 
ලෝකයේ විසිතුරු මත්ස්ය අපනයනය කරන රටවල් අතර, ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ආසන්න වශයෙන් දහවන වන ස්ථානය යි. 
 
වයස් භේදයකින් තොරව විසිතුරු මත්ස්‍ය වගාව සඳහා ජනතාව උනන්දු වන බවක් පෙනෙන්නට ඇත. නිවසේ සිටින කාන්තාවන්ට සිය සාම්ප්‍රදායික ගෘහස්ථ කටයුතු හා දරුවන්ගේ කටයුතු සොයා බලන අතරතුර අමතර ආදායමක් ලබා ගත හැකි යෝග්‍ය ජීවනෝපායක් ලෙස විසිතුරු මත්ස්ය වගාව හැඳින්විය හැකි ය.
 
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල විසිතුරු මත්ස්‍ය වගාව සිදු කරන අතර බොහෝ විට මේ පිළිබඳව  කාන්තාවන්ගේ උනන්දුව වැඩිවන බවද දක්නට ඇත.  
 
තමන්ට ලැබෙන ස්වාධීනත්වය නිසා මෙම කුඩා පරිමාණයේ ව්‍යාපාර වල යෙදී සිටීමට කාන්තාවන් වඩාත් කැමැත්තක් දක්වයි.
 
කාන්තාවන් සිය පවුල්වලට ඉඩම්වල සාමන්‍ය පරිමාණයයෙන්  මෙම කර්මාන්තය එනම් මින් මදුරු පවත්වාගෙන යන  බව පෙනේ.  
 
කාන්තාවන් බොහෝ විට මාළු අභිජනනය කරන්නන්ගෙන් කුඩා මාළු පැටවුන් මිල දී ගෙන, දින විසි එකක් (21) තිස්සේ එම පැටවුන් ටැංකි තුළ වර්ධනය කරති.
 
 මෙසේ වර්ධනය කර ගන්නා මාළු, ඔවුන් විසිතුරු මත්ස්‍ය වෙළෙඳුන්ට අළෙවි කරති. සුපුරුදු  ගැණුම්කරු නියමිත දිනට තම මාළු මිල දී ගැනීමට නොපැමිණි අවස්ථාවල දී, එම මාළු  තොගය වෙනත් ගැණුම්කරුවකුට ලබා දීමට ඔවුන්ට  සිදුවේ. එවිට ඔවුන්ට ලැබෙන්නේ සාමාන්‍යයෙන් ලබන ආදායමින් 50%කටත් වඩා අඩු ආදායමක් පමණි. 
 
වැඩිදුර සොයා බැලීමේ දී පෙනී ගියේ මෙම විසිතුරු මත්ස්‍ය ව්‍යාපාර බොහොමයක ම නීත්‍යනුකුල අයිතිය පිරිමින් සතු බව යි. ඔවුන් බොහෝ දෙනා ඉහළ ආදායම් සහිත වෙනත් ව්‍යාපාරවල නියැලී සිටින නිසා හෝ වෙනත් ස්ථිර රැකියාවක නිරතව සිටින බැවින් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු කාන්තාවන් ට භාර දී ඇති බව පෙනී යයි. 
 
 
විසිතුරු මත්ස්‍ය ව්‍යාපාර හා සම්බන්ධ කර්මාන්තවල නියුතු පිරිස් එක් ව සමුපකාර සමිති පිහිටුවා ගෙන ඇති නමුත්, එහි සාමාජිකයන් වන්නේ ද පිරිමින් ම වීම විශේෂත්වයකි. 
  
 
මාළු පැටවුන්ගේ ගැහැණු සතුන් සහ පිරිමි සතුන් ටැංකිවලට වෙන් කිරීම මුල් අවස්ථාවේ දී ම සිදුකළ යුතු ය. සාමන්‍යයෙන් තනි ටැංකියක මාළු පැටවුන් 1500 ක් පමණ වන සේ පවත්වාගෙන යන අතර, දක්ෂ මාළු වෙන් කරන්නකුට දිනකට ටැංකි 7 -10 ක් පමණ  වෙන් කළ හැකි ය. 
 
මාළු පැටවුන් 1500ක් වෙන් කිරීම සඳහා රුපියල් නව සියයක් (රු. 900ක්) පමණ මුදලක් සාමන්‍යයෙන් ගෙවනු ලබයි. 
 
විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේ  බොහෝ මින්මදුරුවල අයිතිය පිරිමින්ට වුවද මෙම කටයුතු බොහෝවිට සිදු කරනු ලබන්නේ කාන්තාවන් විසින් ය.
 
විසිතුරු මසුන් විකිණීමේ දී මිල ගණන් තීරණය වන්නේ අදාළ මාළුවන්ගේ ශාරීරික ප්‍රමාණය හා ස්වභාවය අනුවය. 
 
දරුවන් සිටින කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වන්නේ නිවසේ කටයුතු සිදුකරන අතරතුර, නිවසේ ම රැඳී සිටිමින් තම ව්‍යාපාර කරගෙන යෑමට ය.  මෙවැනි ව්‍යාපාරයක් කළමනාකරණය කිරීම සඳහා විශාල කැපවීමක් අවශ්‍ය වේ. මාළු පැටවුන් ට කෑම දැමීම ආදී කටයුතු නියමිත වේලාවට ම සිදු කිරීම මෙහි දී අත්‍යවශ්‍ය වන බැවින් ඒ සඳහා නිසි සහයෝගයක් නිවසෙන් නොලැබෙන්නේ  නම්, එය  කාන්තාවන්ට ඉතා අපහසු කටයුත්තක් වේ. 
 
 
පවුලේ සහයෝගයක් නොමැතිව තනි ව මෙම කටයුතු සියල්ල සිදු කරන්නට සිදු වුවහොත්, එමගින් ඇතිවන කාර්ය බහුල බව හේතුවෙන් බාහිර සමාජය සමග පවතින සබඳතා ඇණහිට, ව්‍යාපාරයට ම කොටු වීමට කාන්තාවන්ට සිදු වේ. 
 
dff කුඩා පවුලකට ගෘහස්ථ මට්ටමින් කළමනාකරණය කර ගහ හැකි හොඳම කර්මාන්තයක් ලෙස විසිතුරු මත්ස්‍ය  වගාව කාන්තාවන්ගේ ආකර්ෂණයට ලක් වී තිබේ. 
 
 
විසිතුරු මත්ස්‍ය වගාව ව්‍යාපාරයක් ලෙස ආකර්ෂණීය වුව ද,කාන්තාවන්ට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු ව තිබීම දැකගත හැකි ය. 
 
වියළි කාලය තුළ මුහුණ දීමට සිදුවන ජල හිඟය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ජලයේ pH අගය නිතර වෙනස්වීම, පළිබෝධනාශක හා කෘමිනාශක ජලයට මුසුවීම වැනි හේතු නිසා ඇලදොළ වැනි ස්වභාවික ජල මුලාශ්‍ර භාවිත කිරීම කළ නොහැකි බැවින්, මාළු ටැංකිවලට අවශ්‍ය ජලය සම්පාදනය කරගැනීමට සිය ඉඩම් වල අලුතින් ලිඳක් කැපීමට හෝ තිබෙන ළිඳකින් ජලය පොම්ප කර ගැනීමට ඔවුන්ට සිදු වේ.
 
විසිතුරු මත්ස්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන බොහෝ ප්‍රදේශ ආවරණය කිරීමට සිටින්නේ එක් පශු වෛද්යවරයකු පමණකි. මෙම  ව්‍යාපාරයේ නිරත ව්‍යසායකයන්ට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන්ගේ හිඟකම ද ඔවුන් සොයා පිටත ප්‍රදේශවලට යාමට සිදු වීමද කාන්තාවන්ට ඇති තවත් අභියෝගයකි. 
 
විසිතුරු මත්ස්‍ය අභිජනනය සඳහා මඩ පොකුණු ඉදි කර, මේ සඳහා මාළු ටැංකි හයක් ඉදි කිරීමට යම් ප්‍රාග්ධනයක් අවශ්‍ය කෙරේ. මෙවැනි විවිධ අවශ්‍යතා සපුරා ගෙන සිය ව්‍යාපාර පුළුල් කර ගැනීමට අවශ්‍ය මුල්‍ය  ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීමට යම් ප්‍රවේශයක් නොතිබීම ද කාන්තාවන් මුහුණ දෙන තවත් අභියෝගයකි. 
 
මෙම ව්‍යාපාරය පිළිබඳ යාවත්කාලීන තොරතුරු සහ පුහුණු අවස්ථා පිළිබඳ සන්නිවේදනය වීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම ද සැලකිල්ලට ගත යුතු කරුණකි.
 
 
 
ප්‍රතිපත්ති සැකසීම සඳහා යෝජනා:
 
අභ්‍යන්තර ධීවර හා ජලජීවී වගා කටයුතු තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය පිළිබඳ සලකා බැලීමේ දී ඔවුන් වැව්වල මිරිදිය මාළු ඇල්ලීම සහ විසිතුරු මත්ස්‍ය ගොවිපලවල් කළමනාකරණය වැනි තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට පමණක් සිමා වී කටයුතු කරන බව පැහැදිලිව දැක ගත හැකි ය. 
 
එසේ ම කාන්තාවන් හා පිරිමින් වෙන් වෙන් ව ගත් කළ, ඔවුන් ඒ සඳහා යොදවන ශ්‍රමය මෙන් ම භූමිකාවන් තුළ ද පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබේ. 
 
මෙම අංශයට අදාළ ප්‍රතිපත්ති තුළ කාන්තාවන්ට රැකියා උත්පාදනය කර ගැනීමට ඇති අවස්ථා පෙන්නුම් කළ ද, ඔවුන් බහුතරයක් අගය දාමයේ ප්‍රාථමික මට්ටම්වලට සම්බන්ධ වී කටයුතු කිරීම හා සාම්ප්‍රදායක භූමිකාවන්ට පමණක් සීමා වීම වැඩි වශයෙන් දැක ගත හැකි ය. 
 
Fish girl මෙම අංශයේ කාන්තාවන්ගෙන් ලද තොරතුරු අධ්‍යනය කර බැලීමේ දී පෙනී යන්නේ අභ්‍යන්තර ධීවර හා ජලජීවී වගාව සඳහා ඔවුන් ප්‍රගතිශීලීව සහභාගී කර ගැනීමට නම්, මෙම ක්ෂේත්‍රයේ පවතින සැබෑ යථාර්ථය හදුනා ගෙන, ඊට අවශ්‍ය උපායමාර්ගික ප්‍රවේශයන් ලබා ගත යුතු බව ය.
 
 
ක්ෂේත්‍ර මට්ටමින් කරන ලද නිරීක්ෂණ මගින් ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම සඳහා පහත යෝජනා ඉදිරිපත් කළ හැකි ය.
 
# කාන්තාවන්ගේ හා පිරිමින්ගේ සේවා අවශ්‍යතා එකිනෙකෙට වෙනස් වන බැවින්, අදාළ ව්‍යාපෘති සේවා සැලසුම් කිරීමේදී හා සැපයීමේ දී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. 
 
# මාළු ඇල්ලීමේ ක්‍රියාවලිය පිළිබඳ සැලකීමේ දී, කාන්තාවන් හා පිරිමින් අතර වෙනසක් නොමැති අතර ඔවුන් සමාන හැකියාවලින් ද යුක්ත වන බැවින්, දෙපාර්ශ්වයට ම වැඩිදුර පුහුණුව හා දැනුම ලබා දීම කළ යුතු ය.
 
# කාන්තාවන්ට ද පිරිමින් මෙන් ම මෙම ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකයන් වීමේ හැකියාව පවතින අතර, ඔවුන් දැනට එල්බ ගෙන සිටින සාම්ප්‍රදායක භූමිකාවන්ගෙන් ඔබ්බට ගොස්, නව ක්‍රියාකාරකම්වල යෙදීමට මඟපෙන්වීමක් හෝ පෙළඹවීමක් කිරීම මෙන්ම සමඅවස්ථා ලබාදීමට පියවර ගත යුතුය  
 
# ධීවර කර්මාන්තයේ නියැලී සිටින සියලුම කාන්තාවන්ගේ අගය එකතු කිරීම පිළිබඳ දැනුම ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතුය.
 
# මාළු ඇල්ලීමේ නිරත වන කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයටම මුල්‍ය කළමනාකරණය පිළිබඳ පුහුණුව හා දැනුම ලබා දීම කටයුතු කළ යුතුය. 
 
# විසිතුරු මත්ස්‍ය ගොවිපළවල හිමිකාරීත්වය බොහෝවිට දරන්නේ පිරිමින් වන අතර, කාන්තාවන් එම ගොවිපළවල ශ්‍රමිකයින් වී සිටින බව හඳුනා ගත හැකි ය. එබැවින් කාන්තාවන්ට ද පිරිමින් ට මෙන් මෙම ව්‍යාපාරවල අයිතිය විමර්ශනය කොට අදාළ අවස්ථාව ලබා ගැනීමට නොහැකි වී ඇති හේතු පිළිබඳ සොයා බලා එම අයිතිය කාන්තාවන්ට ලබා ගැනීමට පහසුකම් වැඩි දියුණු කළ යුතුය. 
 
# පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට මෙම වෙළඳ පොළ සම්බන්ධයෙන් ඇති අවබෝධය සහ ඒ හා ගනුදෙනු කිරීමට අවශ්‍ය සබඳතා මට්ටම එතරම් සතුටුදායක මට්ටමක නැති බැවින් එම තත්වය වෙනස් කොට කාන්තාවන්ට එම පහසුකම් වැඩිකිරීමට පියවර ගතයුතුය.
 
# බැංකු හා මුල්‍ය ආයතනවලට ඇපකර තැබීමට කාන්තාවන්ට ඇති හැකියාව ඉතා ම පහත් මට්ටමක පැවැතීම හේතුවෙන් ප්‍රාග්ධන ආයෝජන ලබා ගැනීමට හෝ ව්‍යාපාර පුළුල් කිරීමට, මුල්‍ය පහසුකම් ලබා ගැනීම ඔවුන්ට ඇති ප්‍රධාන අභියෝගයක් බැවින් මෙම ගැටළුව විසඳීම සඳහා පහසුකම් සපයන ක්‍රමවේද හඳුන්වා දිය යුතුය. 
 
# ජලජිවි වගා අංශයේ සාර්ථක වීමට අදාළ ව්‍යපෘති නිළධාරීන් සමඟ ඇති සමීපව කටයුතු කිරීමේ  තීරණාත්මක සාධකයක් වන අතර, එය කාන්තාවන්ට ඇති තවත් අභියෝගයක් බැවින් කාන්තාවන්ට පහසුවෙන් ව්‍යපෘති නිලධාරීන් සමග වෘත්තීය මට්ටමින් වැඩ කිරීමට අවස්ථා යෝග්‍ය පරිදි බහුල කළ යුතුය 
 
# විසිතුරු මත්ස්‍ය ගොවිපළ කළමනාකරණයේ දී, ටැංකි කළමනාකරණය සඳහා උපදෙස් ලබා ගැනීමට සිටින විශේෂඥයන් සීමිත වීම ද, කාන්තාවන්ට හා පොදුවේ සැමට මුහුණ දීමට ඇති තවත් අභියෝගයක් වන බැවින් මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සේවා ලබා ගැනීමේ අවස්ථා හා ක්‍රමවේද පුළුල් කළ යුතුය 
 
# කාන්තාවන්ට ව්‍යවසායකයන් ලෙස ඔවුන්ගේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා මෙම අංශයේ පවතින පුහුණු හා ධාරිතා සංවර්ධන අවස්ථා විධිමත් කළ යුතුය.
 
# කාන්තාවන් මෙම අංශයට යොමු කරවා ගැනීම සඳහා ජලජ මත්ස්‍ය හා සැකසූ මාළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය වෙළඳ පොළ පිළිබඳ නිසි අවබෝධයක් ඔවුන්ට ලබා දීමට පහසුකම් සැලසිය යුතුය.

 

කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානය  (CENWOR)www.cenwor.lk
225/4,Bernard Soysa Mawatha (Kirula Road),Colombo-5, Sri Lanka
Phone94-11-236953094-11-250215394-11-2368965
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 


 

 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්