බයියෝ මාර හැපි එකේ.
පාර පුරා කිරිබත් උයලා කනවා.
කැවුම් බදිනවා.
රබන් ගහනවා.
හරියටම ප්රභාකරන් මැරිච්ච දවස වගෙයි.
කිංබානට්තුමා මේ මොකක්ද කියලා බලන්න පාර පැත්තට බැස්සා.
" මොකක්ද මේ පුදුම සන්තෝසෙකින් සමරන්නේ ....?"
කිංබානට්තුමා බයියෙක් ළඟට කිට්ටු වෙලා ඇහුවා.
" අපේ ගෝඨාභය සර් ආවා කියලා මොනවද උනේ කියලා ටොයියෝ ඇහුවා...."
බයියා කියවන්න පටන් ගත්තා.
" ගෝඨාභය සර් ආවා කියලා වෙච්ච එක දෙයක් කියන්න කියලා කොචෝක් කළා...."
බයියා දිගටම කියවනවා.
" ඉතිං මොකක්ද දැන් ගෝඨාභය සර් කළේ...?
කොරෝනා මරණ භූමදානය කරන්න ගත්ත එකද...?
සහතික මිලටම ගොවීන්ගේ හාල් ටික සේරම ආණ්ඩුවේ මෝල්වලට ගත්තු එකද...?
එක රටක එක නීතියක් ක්‍රියාත්මක කරලා සබ්රිට ඕන ඕන විදියට නටන්න නොදීපු එකද...?
එහෙමත් නැත්තං කැලෑ කපන එක නතර කරපු එකද...?"
කිංබානට්තුමා ප්‍රශ්න වැලක්ම අහගෙන ගියා.
" ඔය එකක්වත් නෙවෙයි .... ඔයිටත් වඩා ලොකු දෙයක් වුණා...."
බයියා කිරිබත් කෑල්ලක් කිංබානට්තුමාට කවන ගමන් කිව්වා.
" ඉතිං මොකක්ද ගෝඨාභය සර් ආපු නිසා වෙච්ච වැඩේ...?"
කිංබානට්තුමා බයියා ගෙන් ඇහුවා.
" අවුරුදු ගාණක් තිස්සේ මුළු රටම විඳවපු කරුමයක් ඉවර වෙනවා....!"
" ඒ කිව්වේ ...?"
කිංබානට්තුමා ෆුල් හොල්මන් වෙලා ගිහින් බයියා ගෙන් ඇහුවා.
" සිඳු ඉවර වුණා...!"
(King Barnet)
මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ...