ලංකාවේ අතිශය ජනප්‍රිය කාන්තා චරිතයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරන විඩියෝවක සිටින්නේ ඇය නොවන බව කියමින් සිටින්නීය….
එහිදී සිදුව ඇති දේ බොහෝ දෙනාට පැහැදිලි විය යුතුය….
 
එනම්, ඇයගේ රුවට ආසන්න රුවක් සහිත වෙනත් විදේශික කාන්තාවකගේ විඩියෝවක්, ප්‍රසිද්ධිය ලබන අටියෙන් කූඨ ලෙස සමාජ මාධ්‍යයන්ට එක් කර තිබීමය…..
 
ඒ සිටින්නේ තමා නොවන බව කියමින් ඇය යූ ටියුබ් චැනලයක හඬා වැටෙන විඩියෝවක්ද සංසරණය වෙමින් තිබේ….
 
 කෙනෙකුට නිරුවත් විඩියෝවක් හෝ ඡායාරූපයක් පෙන්වා ඒ සිටින්නේ තමා නොවන බවට හගිස්සවමින් හඬා වැටෙන්නට සිදුවන තරමට සරාගී බව සහ ශෘංගාර සමීපනය ( ඉන්ටිමසි ) භයානක දෙයක් වී තිබීම වෙනම සාකච්ඡාවට ගත යුතුය….. 
 
එම කාන්තාවට සමාන රුවක් ඇති කවර හෝ තැනැත්තියක් යුද හමුදා කැළෑ ඇඳුම (කැමෆ්ලාජ්) ඇඳ, ගිනි අවියක් අත දරාගෙන, යුද්ද ටැංකියක් පිට ඉන්නා සේයාරුවක් හෝ විඩියෝවක් “ඇගේය” කියා සමාජගත වූවා නම්, ඇයට ඒ ඉන්නේ තමා නොවන බව කියමින් සමාජය ඉදිරියේ දණින් වැටී හඬන්නට සිදු නොවනු ඇත….
 
නමුත්, කිව යුතු දේ එය නොවේ…..
 
ජනප්‍රිය චරිත වල මුහුණු වලට සමරුව ඇති අයගේ විඩියෝ, අදාළ පුද්ගලයන්ගේ යැයි කියමින් යැවීම මෙතරම් භයානක නම්, තාක්ෂණය සමඟ ඉදිරිය බොහෝ සෙයින් අඳුරු විය හැක…..
 
කෘත්‍රිම බුද්ධිය හෙවත් “ආටිෆිෂල් ඉන්ටෙලිජන්සි ” නිර්මාණකරණයට ඈඳා ගැනීමත් සමඟ බිහිවූ විෂය පථයකි : කෘත්‍රිම පරිකල්පනය හෙවත් “ආටිෆිෂල් ඉමැජිනේෂන්”
 
මේ කෘත්‍රිම පරිකල්පනය යටතේ එන විෂය ක්ෂේත්‍රයක් වන්නේ “සින්තටික් මීඩියා” ය….
 
කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින්, කෘත්‍රිම බුද්ධියේ සියුම් හඳුනා ගැනීමේ සහ වෙනස් කිරීමේ ඥාණයන් මෙන්ම, අතිශය සංකීර්ණ ලෙස යමක් විශ්ලේෂණය කිරීමේ ඥාණය යොදාගනිමින් රූපයන් පමණක් නොව, විඩියෝ පවා “අන්‍ය ආකාර” කිරීම “ඩීප් ෆේක්” නමින් හැඳින්වේ…..
 
මේ ඩීප්ෆේක් ගැන කථාව මුලින්ම කරළියට එන්නේ 2017 වසර ආශ්‍රිතවය….
 
Deep Fack
 
රුසියාව කේන්ද්‍ර කරගනිමින් බිහිවූ මෘදුකාංග නිමැවුම්කරුවන් ජාලයක් විසින් “ඩීප් නියුඩ්” යන සන්නාමය සහිතව, ඕනෑම කෙනෙකුගේ ඕනෑම ආකාරයක ඡායාරූපයක්, විනාඩි කිහිපයකින්, ඉතාම ස්වභාවික ලෙස නිරුවත් කර දීම සමඟ ඒ අයට බොහෝ ඉල්ලීම් ගලා එන්නට විය….
 
එයින් නොනැවතුනු තවත් කණ්ඩායම් කිහිපයක් 2019 වසර අගභාගය වනවිට “ඩීප් නියුඩ්” යන නම සහිතව ස්මාට්ෆෝන් ඇප් එකක්ද නිර්මාණය කරන ලදී….. 
 
කාන්තා රූප වලට පමණක් ක්‍රියාත්මක වන එම ඇප් එක, ඕනෑම කාන්තා රූපයක ඇඳුම් විනාඩි 12 ක උපරිමයක් තුළ ඉවත් කර, ඇයගේ සමට සහ ශරීරයේ හැඩතල වලට ගැලපෙන පරිදි එම සේයාරුව නිරුවත් කර දෙයි….
 
පසුව ලොවපුරා නැගී ආ විරෝධයත් සමඟ එම ඇප් එක අන්තර්ජාලයෙන් ඉවත් කරගන්නට එහි නිර්මාතෘවරු කටයුතු කර තිබිණි….
 
නමුත් ඒ වනවිට රටවල් ගණනාවක පුද්ගලයන් කාන්තා සේයාරූ මිලියන 2 ක් පමණ ඒ ඇප් එක යොදාගෙන නිරුවත් කරගෙන තිබිණි….
 
මේවා ඔබ මෙතෙක් දන්නා “ෆොටෝ එඩිටින් ” නොවේ…..
 
කිසි ලෙසකින් වත් ව්‍යාජයැයි කිව නොහැකි තරම් මනාව කෘත්‍රිම බුද්ධිය මඟින් සකසන ලද රූපය…..
 
ඒවා අදාළ රූපයේ හිමිකාරියට “අන්‍ය යථාර්තයක” නිරුවතක් ( නියුඩිටි ඉන් ඇන් ඕල්ටර්නේටිව් රියැලිටි ) මවන තරම් සූක්ෂමය…..
 
එයින් පසුව එම ක්ෂේත්‍රයේ පැමිණ තිබෙන නවතම අභියෝගය වන්නේ “ඩීප් ෆේක් ඉන් මෝෂන් ඉමේජස්” හෙවත් “ඩීප් ෆේක් විඩියෝස්” ය…..
 
බිල් ගේට්ස් අමු තිත්ත කුණුහරුප කියමින් කෑ ගසන ආකාරය, චීන ජනාධිපතිවරයා ඇමරිකාවට එරෙහිව යුද්ද ප්‍රකාශ කරන ආකාරය ( සී.එන්.එන් බ්‍රේකින් නිව්ස් පසුතලයක් සහිතව ), පාප් වහන්සේ දෙවියන් නොමැති බව ප්‍රකාශ කරන ආකාරය, හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිටසක්වළ ජීවීන් තවත් ස්වල්ප මොහොතකින් පෘතුවියට පහර දෙන බව පවසන ආකාරය, යනාදී වශයෙන් විඩියෝ රාශියක් මේ වනවිට ඔබට අන්තර්ජාලයේ සොයාගත හැක…. ඒවායින් සමහරක් ව්‍යාජයක් යැයි කිව නොහැකි තරම් දක්ෂ ලෙස මුහුණු බද්ධ කරවා තිබෙන අතර, සමහර ඒවායේ පසුතලය සහ පුද්ගලයාගේ ශරීරය පවා ව්‍යාජව සකසා තිබේ….
 
මේ වනාහි අනාගතයේදී ඔබ පුද්ගලිකත්වය විෂයෙහි මුහුණ දෙන අභියෝගයයි….
 
මෑතකදී ඔබ අප සියලු දෙනා ඉමහත් ආශාවෙන් යුතුව අපගේ මුහුණු ලිංග විපර්යාසයකට ලක් වූ පසු කෙබඳුද යන්න බලාගත් ඇප් එක, අප ගැහැණුන් වූවා නම්, පිරිමින් වූවා නම්, බිළිඳුන් වූවා නම්, මහල්ලන් වූවා නම් කෙසේදැයි ඉතාම විශිෂ්ඨ ලෙස පෙන්වා දුන්නා නොවේද…..?….. 
 
එහිම ඊළඟ මට්ටම වූයේ චිත්‍රපටි වල විවිධ ජවනිකා සඳහා ජනප්‍රිය නලුවන් හෝ නිළියන් වෙනුවට අපේ මුහුණු වලට බද්ධ කරන ලද කඳක් රඟන ඇප් එකකි…..
 
එයද මාත් ඇතුලුව බොහෝ දෙනෙකු භාවිතා කළ බව ඔබ දකින්නට ඇති….
 
ඒ වනාහි අනාගතයේ එන්නට යන තාක්ෂණයේ ඉතාම සුළු, ප්‍රාථමික අදියරක් පමණි…..
 
ඉතින් අදාළ ජනප්‍රිය චරිතයට මේ මොහොතේ හිනැහෙන, “එයා එහෙම නෑ බන්” කියමින් සමච්චල් කරන ඔබ සැමට, තම තමන්ගේ නමට කැපවුනු විඩියෝ පටවල ඉන්නේ තමන් නොවන බව කියමින් දස අතේ දිවුරන්නට වෙන දිනය ඉතාම ආසන්නය….
 
ඒ තාක්ෂණය දැනටමත් භාවිතාවේ ඇත……
 
ඔබේ නොවන සිරුරක් සමඟ, යථාවේ නොපවතින ඇඳක, ඔබව නිරුවත් කර යහන් ගත කරන “ඩීප් ෆේක්” දැනටමත් පවතින බැවින්, අන් අයගේ පෞද්ගලිකත්වයට එල්ලවන ප්‍රහාර වල රස විඳින්නේ සහ හිනාවෙන්නේ පරිස්සමින්.
 
-දමිත් කේතකගේ ෆේස්බුක් සටහනක්-
(උපුටා ගැනීම : facultyofsex.com)

 

 


 

 

බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්