හා.. හොඳයි අපි ඇත්තටම හිතමු සතියකට දවසක් පන්සල් යන එක අනිවාර්ය වුණා කියල.
ඒ කියන්නේ අපේ කැමැත්තෙන් තොරව (against free will) අපි පන්සලට දක්කන නීතියක් සම්මත වුණා කියල. 
 
මේ වෙනකොට ගොඩක් අය ආගමික හින්ද විපක්ෂේ අයත් එක්ක එකතුවෙලා ඒකච්චන්දෙන් මේක පාර්ලිමේන්තුවේ සම්මත වුණා කියල. 
 
මේක නිකම් මැජික් රියලිස්ම් වගේ පෙනුනට ඇත්තටම වෙන්න පුළුවන් කියල මට නම් හිතෙනවා. 
 
මේ 'බලහත්කාරී වරණය' (forced choice) කියන්නේ ලෝකේ සිදුවෙච්ච අමුතු දෙයක් නෙවෙයි. 
 
සියළු කාලවල මේවා වෙලා තියනවා. 
 
ඒක නාසි ජර්මනියේද ඇෆ්ගනිස්තානේ තලේබාන් පාලනය යටතේද කියල වෙනසක් නැහැ. 
 
අවම වශයෙන් නිදහස් කියන ලෝකේ ඇතුලෙත් මෙහෙම තමයි. 
 
මේ නීතිය සම්මත වුනාම එතකොට ගම්මාන පිටින් ඔක්කොමලට පන්සල් යන්න සිද්ද වෙනවා. බයි ටොයි බේදයක් නැතුව. 
 
දැන් සිල් අම්මලා දහ දෙනක්ටවත් ඉඩකඩක් නැති ගම්වල පන්සල් සූ ගාල ලොකු කරන්න වෙනවා. 
 
මීටරේ දුරින් හිටියේ නැතත් ගමේ ඔක්කොම පන්සලේ ඔබන්න සෑහෙන ලොකු ඉඩක් ඕනි වෙනවා. 
 
සෙනග වැඩි නිසා ටයිම් ටේබල් එකක් හදන්න වෙනවා. 
 
ටවුමේ සෙනග සහ පන්සල් ගැන කියනුම කවරේද...
 
මේ නිසා පන්සල් ටික ලොකු කරන්න උනත් ලොකු ලෝන් එකක් ගන්න වෙනවා. 
 
ෂින් ජින් පිං ලොකු පිනක් කර ගන්නවා අපේ පන්සල් ටික ලොකු කරලා දීලා. 
 
නිස්සංක මල්ල රජ්ජුරුවන්ට පස්සේ සිදුවන ලොකුම පන්සල් ව්‍යාපෘතිය වේවි මේක. 
 
ඔබ බටහිර අදහස් ගැන මොනවා හරි අල බෝලයක් දන්නා කෙනෙක් නම් 'නිදහස් වරණය' කියන එක අහලා ඇති. 
 
ඒ අදහසට තව බර වචනෙකුත් තියනවා. ඒ තමයි ස්වඡන්දතාව (free will) යනුවෙන් හඳුන්වන්නේ. 
 
පුද්ගලභාවය (individuation) කියන එක එක්ක බටහිර දියුණු වෙච්ච අදහසක් තමයි ඒක. 
 
ඕනෑම වැඩිහිටි පුද්ගලයෙක් එයාගේ ජීවිතය ගැන ගන්නා සියලු තීරණ ගැන වගවීම (responsibility) එයා බාර ගන්නවා. 
 
ඒක තමයි නිදහස් වරණයේ සරල සාංදෘෂ්ටික අර්ථය. 
 
පන්සල් නොගියොත් අපායේ යන එක අප ගන්නා වගකීමක්. 
 
මගේ ප්‍රශ්නය ඒක නෙවෙයි. 
 
පුළුල්ව ගත්තොත් ඇත්තටම අපි නිදහස් ද? 
 
මම කියන්නේ පන්සල් ගියා හෝ නොගියා කියන දෙකෙන් මොකක් උනත් මේ මොහොතේ පවා අපිට පුළුවන් වෙලා තියනවා ද ඇත්තටම අපිට කැමති දේ කරන්න? 
 
රටක් හැටියට හෝ පුද්ගලයින් හැටියට? 
 
අඩුම තරමෙන් අපිට කැමති එන්නතවත් ගහගන්න අපිට මේ කියන මහා ලොකු වෙළදපළ ඇතුලේ පුළුවන් ද? 
 
තුන්වන ලෝකයේ අපේ ජීවිත වල අනාගතය (අනාගතයක් නැති බව) බලවත් රාජ්‍ය විසින් තීරණය කරලා ගොඩක් කල්. 
 
ඒ කියන්නේ හෙට දවසේ වෙන්නේ මොකක්ද කියල එයාල අද දවසේ ප්‍රෝග්‍රෑම් කරලා ඉවරයි. 
 
චීනය සේද මාවත ආයෙත් හදනවා. අපි එයාලගේ මාවත දෙපස ඉන්න හිඟන්නෝ පිරිසක් විතරයි. 
 
චීනය දැන් ප්ලෑන් කරන්නේ රුසියාව එක්ක එකතු වෙලා හඳේ එයාලගේ යුධ අවි රඳවන්න. 
 
එලොන් මස්ක් අඟහරු වල ජනාවාස හදන්න ප්ලෑන් කරනවා. 
 
එයාගේ ස්පේස් ශටල් එකේ අපිට ඉඩක් තියෙයිද? 
 
අවම වශයෙන් අවසන් රැඩිකල් තේරීම හැටියට මැරෙන්නවත් නිදහසක් අපිට තියනවද මම නම් දන්නේ නැහැ. 
 
උපතේ සිට මරණය දක්වා සියල්ල කලින් ප්‍රෝග්‍රෑම් කරපු ලෝකෙක මොකද්ද තියෙන්න පුළුවන් නිදහස? මැරෙන හැටි ඉගෙන ගන්නත් ගූගල් බලන්න වෙනවා නම් එතකොට...? 
 
මේ අධිරාජ්‍යවල තේරීම් වලට ඔබ්බෙන් අපේ සංකේත ලෝකයක් ගොඩ නගන්න අපිට පුළුවන් ද? ඒකට ඕනි සම්පත් අපිට තියනවද? අඩුම තරමේ සිහිනයක්වත් තියනවද? සිහිනයක් තිබ්බත් කරන්න දෙයිද?
 
අපේ ජීවිත පතුලේ අරක්ගෙන තියන අනාගත අවිනිශ්චිත බව සහ අඳුර එක්ක ගත්තම ඇත්තටම පන්සල් යනවා හැරෙන්න වෙන විකල්පයක් පෙනෙන තෙක් මානෙක නැහැ තමයි.
 
 
මාලා...එන්න මල් කඩන්න...අපි පන්සල් යමු!
 
 

Mahesh Hapugoda

(මහේෂ් හපුගොඩ )
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
(උපුටා ගැනීම - මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්)
 

 

 

 


 

 
 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

තරුණ තරුණියන් මේ ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට මගේ පුතාත් මේ සටනට එයි - CBK

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්