එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා වූ

 
යෝජනාව මාර්තු 23 දින බහුතර ඡන්දයෙන් සභා සම්මත විය. 
 
මේ සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන Tamils for conservative සංවිධානයේ සභාපති, ආචාර්ය අර්ජුන් සිවානන්දන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර සිටියේ, මංගල සමරවීර විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කළේ නම් කිසි ලෙසකින් හෝ මෙම යෝජනාව සම්මත නොවනු ඇති බවය.
 
සිවානන්දන් එසේ ප්‍රකාශ කර සිටින්නේ, දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදීන්ට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ ජිනීවා යෝජනාව මෙවර සම්මත කර ගැනීමට හැකි වූ බවය. 
 
මේ පිළිබඳ ඔවුන්ගේ අවශ්‍යතාව හා යෝජනාව වූයේ, ශ්‍රී ලංකාව තුළ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලත් පුද්ගලයන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවා ඊට අදාළ දඬුවම් ලබා දිය යුතු බවය. 
 
නැතහොත් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පිහිටුවන අධිකරණයක් තුළ ඒවා විමර්ශනය කළ යුතු බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘විදුලි පුටුව‘ යැයි අර්ථ ගැන්වූයේ ද එයමය. 
 
48 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී එය සම්මත වී ඇත. 
 
එසේත් නැතහොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ නොසැලකිල්ල හෝ නොදැනුවත්කම හෝ අනවබෝධය මත අද දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව ලෝක මට්ටමින් ජයග්‍රහණය කර ඇත. 
 
 
2015 පෙර තත්ත්වය
 

President and UN Sec Gen Hold Discussions2009 මැයි 19 එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද යෝජනාවකට අනුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් ලංකාවට 2009 මැයි 23 දින පැමිණියේය. 

  
මහ ලේකම්වරයාගේ දින තුනක සංචාරයකින් අනතුරුව 2009 මැයි 26 වෙනිදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවට අනුව ශ්‍රී ලංකා රජයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලේය. (joint statement by un Secretary-General, government of Sri Lanka)
  
එකී ඒකාබද්ධ ප්‍රකාශයට අනුව කටයුතු කරනු ඇතැයි සියලු දෙනා බලාපොරොත්තු දල්වා බලා සිටිය ද ශ්‍රී ලංකා ආණ්ඩුව ඒ සඳහා කිසිදු නැමියාවක් නොදක්වා කටයුතු කරන්නට විය. 
 
එය පළමු වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ 2012 අප්‍රේල් 03 දින  තහවුරු වූය.
 
ඒ එදින ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ගෙන ආ යෝජනාව (19/2) 24ට 15 ක් ලෙස ජයග්‍රහණය කිරීම නිසාය.   
 
එසේම නැවතත් 2013 අප්‍රේල් 09 දින ද  22/1 යෝජනාව ද 2014 මාර්තු 26 දින 25/1 යෝජනාව ද නැවතත් ලංකාවට පරාජය අත්කර දෙමින් මානව හිමිකම් කවුන්සිලය ජයග්‍රහණය දිනා ගත්තේය.
 
 
 
පිට පිට තුන් වතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වීම නිසාම ලංකාව ලෝකයෙන් හුදකලා වීමේ තත්ත්වයක පසු විය. 
 
 
2015 මංගල මොකද කළේ?
එදා 2015 ජනවාරි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් දින 48කට පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ, එවකට විදේශ ඇමති මංගල සමරවීර කියා සිටියේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වගවීමට සිය ආණ්ඩුව සුදානම් බවත්, ඒ සඳහා අවශ්‍ය නෛතික හා විමර්ශන ආයතන ශ්‍රී ලංකාව තුළ ගොඩනගන බවය. ඒ සඳහා ජාත්‍යන්තරයේ අත්දැකීම් හා උපදේශන පමණක් පාදක කරගැනීමට කටයුතු කරන බවය. 
 
එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය මූලික පියවර රැසක් මේ වන විටත් ගනිමින් සිටින බවත් එම නිසා යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවයක් නොමැති බවයි. 
 

 
මංගලගේ මේ ප්‍රකාශය නිසාම එදා ජාත්‍යන්තරය තුළ හුදකලා රටක් බවට පත්වෙමින් තිබූ සහ ආර්ථික සම්බාධක අභිමුව සිටි ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තරය තුළ අභිමානවත් රටක් ලෙස සිය නාමය සළකුණු කරන්නට සමත් විය. 
 
එසේම දෙමළ ඩයස්පෝරාවට සිය ජාත්‍යන්තර අධිකරණ යෝජනාව හකුලා ගන්නට සිදුවිය.
 
 
එදා ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ සක්‍රීය මංගල සමරවීර දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදී කණ්ඩායමට මහත් හිසරදයක් විය. ප්‍රධාන බාධකයක් විය. එසේම ඔවුන්ගේ අරමුණු දිනාගැනීමට අකුල් හෙලූ ප්‍රධාන චූදිතයා වූයේ ද මංගලය. 
 
නමුත් අද මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයට ආයුබෝවන් කියා කටයුතු කරන නිසා දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදීන්ට එය මහත් වූ ජයග්‍රහණයක් බවට පත් වී ඇත. ඔවුන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව හුදකලා කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇත. 
 
මානව හිමිකම් චෝදනාවල චූදිතයා බවට ශ්‍රී ලංකාව පත්කොට ඇත. යුද අපරාධ සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර අධිකරණය දිනාගෙන ගැනීමට අවශ්‍ය මූලික පදනම සකස් කරගෙන ඇත.
 
මංගලගේ ජිනීවා මැදිහත් වීම යහපාලනයේ පරාජයට හේතු වූ බව කියන බොහෝ දෙනා නොකියන කතාව මේකය. 
 
ජාත්‍යන්තරය තුළ රට පාවාදුන්නා යැයි කියන අය නොදන්නා කාරණාව ද මේකමය.
 
 
 
මංගල රට පවා දුන්නා ද?
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව වගේම ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම වැනි කරුණු සම්බන්ධයෙන් දේශපාලනයේ ආරම්භයේ පටන් මැදිහත් වූ සහ කටයුතු කළ මංගල සමරවීර ශ්‍රී ලංකාවේ සෑම ජාතිකවාදී කල්ලි කණ්ඩායමකම ගොදුරක් බවට පත් විය. 
 
එල්ටීටීඊ ඇතුළු අන්තවාදීන්ගේ ප්‍රධාන වෛරකාරයෙක් බවට මංගල පත් වීමට මූලික හේතුව වූයේ එදා බෙදුම්වාදී ත්‍රස්තවාදයට හා සාම විරෝධී අන්තවාදයට එරෙහිව 1995 ජූලි 8 දින ආරම්භ කරන ලද සුදු නෙළුම් ව්‍යාපාරයට මූලිකත්වය ගැනීමය.
 
මංගලට තිබූ එල්ටීටීඊ තර්ජන සම්බන්ධයෙන් ගත් කළ 2001/12/04 දාතම 1213/11 දරණ අංකය සහිත ගැසට් නිවේදනය මීට කදිම සාක්ෂියකි. 
 
එදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, රත්නසිරි වික්‍රමනායක, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, අනුර බණ්ඩාරනායක, අනුරුද්ධ රත්වත්තේ යන අයවලුන්ට එල්ටීටීඊ සංවිධානයේ තර්ජන ඇති බැවින් සිය නිවසේ සිට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව නිර්මාණය කරදීමට එවකට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මෙම ගැසට් නිවේදය මගින් කටයුතු කළේය. 
 
 
 
 
gazette 2020.09.18
එල්.ටී.ටී.ඊ. තර්ජන හේතුවෙන් නිවස්ව වල සිට ම ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි නිකුත් කරනලද විශේෂ ගැසට් නිවේදනය 
 
 
එසේම එල්ටීටීඊයේ ප්‍රධානතම සතුරෙකු බවට මංගල පත්වූයේ 2006 දී යුරෝපා සංගමය තුළ එල්ටීටීඊය තහනම් කිරීම සඳහා වූ මංගලගේ රාජතාන්ත්‍රික මෙහෙයුම නිසාය. 
 
1990 දශකය අග භාගයේ  ඇමරකාව සහ මහ බ්‍රිතාන්‍ය දෙරටෙහි එල්ටීටීඊය තහනම් කිරීමට එවකට විදේශ ඇමති වූ ලක්ෂ්මන් කදිරගාමර් කටයුතු කළා. ඒ හේතුව නිසාම කදිරගාමර් එල්ටීටීඊයේ ප්‍රධාන සතුරෙකු බවට පත් විය.
 
එසේම 2005-2006 කාලය වන විට එල්ටීටීඊයට සිය ආයුධ ගැනීම සඳහා වූ වැඩිම මුල්‍ය ආධාර ලැබුණු යුරෝපීය රටවල ඔවුන්ට තිබූ පිළිගැනීම අවසන් කිරීමට මංගල සිය පෞද්ගලික සබඳතා වගේම සියලු රාජතාන්ත්‍රික සබඳතා උපයෝගී කරගනිමින් සිය මෙහෙයුම දියත් කළේය. 
 
MS FB
මංගල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකාවේ හිටපු තානාපතිනිය සමන්තා පවර් හා  පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සමග පෞද්ගලික හමුවක
 
 
විශේෂයෙන් එවකට යුරෝපා සංගමයේ ඇතැම් රටවල් එල්ටීටීඊය තහනම් කිරීමට එකග නොවන තත්ත්වයක් තිබිය දී ඒ සඳහා විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ  එවකට නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙකු වූ නිකලස් බර්න්ගේ සහයෝගය ලබාගෙන එකී රටවලට බලපෑම් කර යුරෝපා සංගමය තුළ එල්ටීටීඊය තහනම් කිරීමට මංගල සිදුකළ මෙහෙයුම ශ්‍රී ලංකාව ලත් විශිෂ්ඨ ජයග්‍රහණයක් බවට පත්විය.
එය තවත් තහවුරු වන කාරණයක් වන්නේ එවකට එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පවා යුරෝපා සංගමය තුළ සිය සංවිධානය තහනමට ලක්වීම තමන් ලද විශාලතම පරාජයක් බව පවසා තිබීම හේතුවෙනි. 
 
මේ හේතුව නිසාම එල්ටීටීඊය සිය ඝාතන ලැයිස්තුවට මංගලගේ නම ඇතුළත් කර තිබූ බව එවකට රාජ්‍ය ආරක්ෂක බුද්ධි අංශ විසින් තහවුරු කර තිබිණි. එය එවකට ආරක්ෂක බලධාරීන් ද හොඳින්ම දන්නා කරුණකි.
 
එසේම 2014 කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ සහභාගීත්වය නොමැතිව පවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ යෝජනා සම්මත කරගැනීමට කටයුතු කරමින් සිටියේය.
 
එසේ වුවද 2015 ජනාධිපතිවරණයෙන් පසු විදේශ ඇමති ලෙස පත් වූ මංගල සමරවීර, 28 වෙනි ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන ඒමට සකස්කර තිබූ යෝජනාවලියට විකල්ප යෝජනාවලියක් සකස් කරමින් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කර, එදා දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදීන්ගේ වුවමනාව යටපත් කොට ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිදි ගැටලුව විසඳා ගැනීමට සමත් විය.
 
ඒ එක් රටක් දෙකක් නොව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසම නියෝජනය කළ සියලු රටවල සහයෝගය ද දිනා ගනිමිනි. එපමණක් නොව දෙමළ ඩයස්පෝරාවේ මධ්‍යස්ථ කොටස්වල සහයෝගය ලබා ගැනීමට ද එදා හැකියාව ලැබුණි. 
 
 
කෙසේ නමුත් අද දෙමළ ඩයස්පෝරා අන්තවාදීන්ගේ වුවමනාව ජයග්‍රහණය කොට ඇත. එනම් 2014 දී ඔවුන් බලාපොරොත්තු වූ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනාවට 2021දී ශ්‍රී ලංකාව ගොදුරු කර අවසන්ය. 
 
අද පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්ව සිටින මංගල ගැන දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදීන් උදම් අනන්නේ ද ඒ නිසාය.
 
එදා පටන් දකුණේ සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනය ද මංගලට එලව එලවා පහර දුන්නේ ද සියලු අන්තවාදීන්ට එරෙහිව  ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ සාම වැඩපිළිවෙළට මූලිකත්වය ගත් නිසාමය.
 
මංගලගේ දේශපාලනය තුළ මේ රටේ සාමය ගොඩනැගීමට කටයුතු කිරීම, එල්ටීටීඊයට තර්ජනයක්, බාධකයක් ලෙස ඔවුන් සලකා ඇති බවය. 
 
එල්ටීටීඊ සංවිධානය යුදමය පරාජයෙන් පසුව වුවද දෙමළ ඩයස්පෝරාවට ද මංගල හිසරදයක් වූ බව ආචාර්ය අර්ජුන් සිවානන්දන්ගේ උක්ත ප්‍රකාශය හරහා පැහැදිලිය.
 
එසේ නම්, මංගල සමරවීර එදා ජිනීවා සමුලුවේ සිදුකළේ කුමක් ද යන්න දැන් පැහැදිලිය. 
 
ඒ අන් කිසිවක් නොව විවිධ ස්වරූපයන්ගෙන් පෙනීසිටි උතුරේ දකුණේ පමණක් නොව ජාත්‍යන්තරයේද ජාතිකවාදී වුවමනාවන්ට ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලබා නොදීමය. 
 
ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනාවන්ගෙන් නිදහස්කර ගැනීමට කටයුතු කිරීමය. 
 
එදා දේශපාලන වේදිකාවේ දෝංකාර දුන් “විදුලි පුටුව“ පරාජය කිරීමය. 
 
ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකේය නාමය ලෝකය තුළ තහවුරු කිරීමය.
 
 
 
10338881 528345020611257 8094911793079416866 n(තුෂාර කොඩිකාර)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(තුෂාර කොඩිකාරගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 

 
 
THE LEADER TV 
බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්