1200 x 80 DMirror
 
 

රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකාවට අන්තර් ජාතික වශයෙන් තවත් පරාජයත් අත්කර දුන්නේය.
 
 
 රාජපක්ෂ ආන්ඩු පැවතුනු තාක් 2012, 2013, 2014 වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාණ්ඩුව ලැබූයේ පරාජයන්ය. දැන් යළිත් එම කළ දසාවම ලබා තිබේ.
 
දැන් ජිනීවාහිදී පරාජය වි ඇත්තේ රාජපක්ෂලා බලයට ඒමට පාවිච්චි කළ පටු ජාතිවාදයයි. 
 
එම දෘෂ්ඨිවාදය නිසාම රාජපක්ෂ ආණ්ඩුව 2020 මාර්තුවේදී ඒ තාක් කල් ශ්‍රී ලංකාණ්ඩුව මානව හිමිකම් කවුන්සිලය, වෙනත් වචනයකින් කියන්නේ නම් අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රජාව සමඟ ඇති කරගෙන තිබූ එකඟතාවයන්ට පයින් ගැසුවේය. දැන් හරියටම ඊට වසරකට පසු අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රජාව ඊට පිළිතුරු දී තිබේ.
  
ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමට ලක්කිරීමට දිනකට පෙර ආණ්ඩුවේ ලේක්හවුස් හොරනෑකරුවන් කීයේ තත්වය ශ්‍රී ලංකා ආණ්ඩුවට වාසිදායක වී ඇති බවයි. 
 
ඒ කොතෙක්ද යත් ගෝඨාභ‍ය රාජපක්ෂගේ විදේශ ලේකම් අද්මිරාල් කොළඹගේ ඉන්දියාව යෝජනාවට විරුද්ධවන බවට ශ්‍රි ලංකාවට පොරොන්දුවක් දී ඇතැයි කියේය. 
 
එහි ප්‍රතිපලය වුයේ තමිල්නාඩුවෙහි ප්‍රධාන පෙළෙහි සියලූම දේශපාලන පක්ෂ වහාම කොළඹගේ ප්‍රකාශය සඳහන් කරමින් අගමැති නරේන්ද්‍ර මෝඩිට ලිපියක් යැවීමය. එම ලිපිය මගින් යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ලෙස ඉල්ලා තිබුණි.
 N 7a2af3c5 0image story
ජිනීවාහී දී ශ්‍රී ලංකා තානාපති වන්ද්‍රප්‍රේම කලේ ඊටත් වඩා දුරදිග නොබලන ප්‍රකාශයන්ය. ඔහු 'දි අයිලන්ඩ්' පුවත්පතට ලියූ ලිපි දැන් ශ්‍රී ලංකාණ්ඩුවේ ස්ථාවරය ලෙස මානව හිමකම් කවුන්සිලයේදී ඔහු කියවනවා වැන්න. 
  
ඔහු බටහිර රටවල්ට පමණක් නොව ක්වොඩ් නමින් හදුන්වන ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල සන්ධානයට දිගට හරහට පහර ගැසුවේය. සමහර විට තමාගේ ප්‍රහාරයන්ට බියෙන් එම රටවල් යෝජනාවට විරුද්ධ වනු ඇතැයි ඔහු සිතන්නට ඇත.
 
ඊටත් වාඩා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා උත්සාහ කලේ සමස්ත එක්සත් ජාතීන්ගේ ක්‍රමයටම පහර ගැසීමටය. එමෙන්ම මහ කොමසාරිස්වරිය තමන්ට අයත් නැති දේ කරන බවට තර්ක ගෙන ඒමය. එම තර්ක නෙළුම් කොළයකට වට වැහි බිදු මෙන් පිටතට ගලා ගියේය.
 
අඩුම වශයෙන් සිය ආණ්ඩුව ඉදිරියෙදී මානව හිමිකම් රැකීමට ගන්නට යන පියවර එකක් හෝ ඉදිරිපත් කිරීමට තානාපතිවරයා සමත්වූයේ නැත. ඉන් සාමාජික රටවල්ට ඒත්තු ගැනුනේ එවැනි වැඩ පිළිවෙලක් රාජපක්ෂ ආණ්ඩුවට  නැති බවයි.
 
 
කවුන්සිලයේ පැවැති විවාදයන්හිදී රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ මිතුරන් ලෙස ලෝකයාට හදුන්වා දුන්නේ වර්ථමානයෙහි දරුණුතම ඒකාධිපති ආන්ඩු පවතින උතුරු කොරියාව, ඉරිත්‍රියාව, වෙනිසියුලාව, ඊජිප්තුව වැනි රටවල්ය. එවැනි මිතුරන් සිටින රටකට සතුරන් අවශ්‍ය නැති තරම්ය. මන්ද යත් එවිට ඉබේම සතුරු ආකල්පයක් ඇතිවන නිසාය.
  
සාමාන්‍යයෙන් ඡන්දය දීමෙන් වැළකි සිටින දකුණු කොරියාව මෙවර යොජනාවට පක්ෂව ඡන්දය දුන්නේය. ආසියානු රටවලින් රාජපක්ෂ ආණ්ඩුවට සහාය ලැබුණේ පකිස්තානය, බංගලිදේශය සහ පිලීපීනය යන රටවලින් පමණි. 
 

Duterte

තමන් විසින්ම සැකකරුවකට ගුවනේදී වෙඩි තැබැ මරා දැමූ බව ප්‍රසිද්ධියේ පිළිගත් පිලිපින ජනාධිපති දුතර්තේද අද රාජපක්ෂ පාලනයේ ගජ මිතුරෙකි.
  
ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාට පක්ෂ ඡන්දය විමසීමට පෙර කතා කලේ කියුබාව, පකිස්ථානය, චීනය, වෙනිසියුලාව සහ රැසියාව යන රටවල්ය. මෙම රටවල් අතරන් නාමික හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේ පකිස්තානයේ සහ රැසියාවෙහි පමණි. නමුත් එම රටවල් දෙකෙහිද ඇත්ත බලය දරන්නේ යුද හමුදාවන්ය.
 
රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රටවල් 11, එනම් චීනය, රැසියාව, කියුබාව, වෙනිසියුලාව, සෝමාලියාව, පකිස්තානය, බංගලිදේශය, උස්බෙකිස්තානය, පිලිපීනය, බොලිවියාව, සහ ඉරිත්‍රියාව යන රටවල් දෙස බලන විට පෙනී යන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ මිතුරන් වැඩි දෙනෙක් ඒකාධිපතියන් බවය.
 
ඇත්ත වශයෙන්ම නම් රාජපක්ෂ විදේශ පිළිවෙත නොබැදි එකක් නොවේ. එය ඒකාධිපතියන් සමඟ බැදී පවතින දුෂ්ඨ පිළිවෙතකි. ජිනීවාහිදී පරාජය වුයේ එම පිළිවෙතයි.
  
මෙම යෝජනාව ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනාවක් නොවේ. ශ්‍රී ලංකා ජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් නැගෙන අන්තර් ජාතික හඩකි. 
 
යෝජනාව විවාදයට ගැනිමට දෙදිනකට පෙර ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ තමන්ට ඇහුම්කන් නොදෙන ජනමාධ්‍යන්ට පාඩම් ඉගැන්වීමට තමන් දන්නා බවයි. ඒ හඩ සහ ලසන්ත කියන්නේ කව්දැයි අපහාසාත්මක කොක්හඩළෑමකින් ඇසූ හඩ අතර වෙනසක් නැත.
 
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් ද වෙනුවෙන් ලෝක මානව හිමිකම් පාර්ලිමේන්තුවෙහි, එනම් මානව හිමිකම් කවුන්සිලයෙහි රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව යෝජනාවක් සම්මත වූ දිනයේම, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සංවිධාන හයක් එක්ව ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය දඩයමට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කිරීම ඉතිහාසයේ අරුමයක් වැන්න.
 
ශ්‍රී ලංකාවෙහි ඇතිවන්නට නියමිත මර්දනකාරී දේශපාලනය ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගිය පෙබරවාරි මුලදී කළ පුරෝකතනය දැනටමත් යතාර්තය බවට පත් වෙමින් තිබේ.
 
ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිලිබඳ සාකච්චජා වට හතරක් පැවැති මෙම මාර්තු මාසයෙහි රාජපක්ෂ ආණ්ඩුව විසින් මුදා හරින ලද මානව සහ මානව හිමිකම් විරෝධි පියවරයන් පෙළට තැබූ විට ඉහත කී පුරෝකතනය කොතරම් යථාර්තවාදී දැයි පෙනේ. නමුත් ශ්‍රී ලංකාන්ඩුව දිගින් දිගටම කීවේ එකී පුරෝකතනයන් වැරදි බවයි.
 
 

UNHRC 2021

රාජපක්ෂ ආණ්ඩුවට සහ දේශපාලනයට ජිනිවාහිදී ප්‍රදර්ශණය වූ ලෝක දේශපාලනය තේරුම් ගැනීමට හැකියාවක් නැත. ඔවුන් තවදුරටත් තුරුලුවනු ඇත්තේ දරුණු ඒකාධිපතියන් සමඟය. ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාව තව තවත් අන්තර් ජාතික වශයෙන් හුදකලා වනු ඇත. එහි විපාක විදින්නට වන්නේ රාජපක්ෂ පවුලට නොව රටේ සාමාන්‍ය ජනයාටය.
 
(උපුටා ගැනීම- srilankabrief.org)

 

 


 

 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

subscribeYT

subscribeYT

නවතම පුවත්