''දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දකින භයානක ම හීනය වෙලා තියෙන්නේ 2015'' ප්‍රවීන සාහිත්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වන ගාමිණී වියන්ගොඩ පවසයි.
 
 
ඔහු එබව කියා සිටියේ 'පුරවැසි බලය' විසින් පසුගියදා සංවිධානය කර තිබු මාධ්‍ය හමුවේදීය. 
 
එහිදී ඔහු එම කාරණය තව දුරටත් විග්‍රහකරමින් මෙසේ සඳහන් කළේය. 
 
''ගිය සතියේ ‘ගම සමග පිළිසඳරෙදී’ ජනාධිපතිවරයා අමුතු කතාවක් කිව්වා. ඒ තමයි, 2015 කරපු වැරැද්ද නැවත කරන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියපු එක. මොකක්ද මේ 2015 දී ජනතාව කරපු වැරැද්ද? මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පරාජයට පත්කරලා ගෙදර ඇරපු එක. 
 
දැන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මේක හදිසියේ මතක් වුණේ ඇයි? තවම මේ ආණ්ඩුව පිහිටුවලා අවුරුදු එකහමාරයි. 
 
ඒ වගේ කෙටි කාලයක් තුළ, 2015 වෙච්ච දේ ගැන බයක් මේ වෙලාවේ ජනාධිපතිවරයාට ඇති වෙන්නේ ඇයි? 
 
තමා සහ තමාගේ ආණ්ඩුව කොච්චර අසාර්ථකද කියන වැටහීමක් ඇති වෙන්න පටන් අරං තියෙන නිසා. 
 
මං හිතන්නෙ, දැන් ජනාධිපතිවරයා දකින භයානක හීනය වෙලා තියෙන්නේ 2015.
 
ජනාධිපතිවරයාට නෙවෙයි මේ රටේ සාමාන්‍ය ජනයාට පාරේ යන එන සාමාන්‍ය වැසියන්ට පවා දැන් මහ දවල් දිනපතාම පේන්න තියෙනවා දැන් මොනවද රටේ සිද්ධ වෙන්නේ කියලා.
 
 Deforestation
''ලංකාවේ මේ වෙනකොට පරිසරය කියන එක මහා විනාශයකට ලක්වෙලා තියෙනවා.මහ දවල් කැලෑ කපනවා. ඒ කැලෑ කැපීමට විරුද්ධව කතා කරන අය ද්‍රෝහීන් විදිහට හැඳින්වීමටත් ඔවුන්ට විරුද්ධව නොයෙකුත් විදියේ දේශපාලනික මඩගැසීම් කරන්නටත් මේ ආණ්ඩුව පටන් අරන් තියෙනවා. ''
 
  
විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට පත්වලා විසිවෙනි සංශෝධනය කියලා සංශෝධනයක් ගෙනාවා. 
 
ඒ 20 වෙනි සංශෝධනයෙන් කළේ ඒ දක්වා පාර්ලිමේන්තුවට තිබ්ච්ච බලය ජනාධිපතිවරයා කියන තනි පුද්ගලයෙක් අතට පත්කර ගැනීමයි.
 
එකෙන් වුණේ ඒ දක්වා අධිකරණයේ තිබුණ ස්වාධීනත්වය විනාශ කෙරුණා. පොලිසියේ තිබුණ ස්වාධීනත්වය විනාශ කෙරුනා. රාජ්‍ය සේවයේ තිබුණ ස්වාධීනත්වය විනාශ කෙරුණා. .
 
අද වෙනකොට ජනාධිපතිවරයා ඇතුළු ඔහු වටේ සිටින කිහිප දෙනෙක් විසින් තමයි සියලුම දේවල් තීරණය කරන්නේ. 
 
අධිකරණයේ තියෙන නඩු වල තීන්දු පවා තීරණය කරන්නේ ඔවුන්. 
 
පහුගිය අවුරුදු එකහමාරක කාලය තුළ අපි බැලුවොත් විවිධ පුද්ගලයන් දූෂණ චෝදනා සම්බන්ධයෙන්  නීතිය ඉදිරියට පමුණුවා තිබුණ පුද්ගලයන් එකින් එක නඩු අරගෙන ඔවුන්ව නිදොස් කොට නිදහස් කර හැරීමේ ව්‍යාපාරයක් දැන් පටන් අරන් තියෙනවා.
 
ඔවුන් කියන්නේ මේ අය යහපාලන ආණ්ඩුව කාලේ දේශපාලනික පලිගැනීම්වලට ලක්වීම නිසා මේ නඩු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා කියන එක.

 
 
හැබැයි මේ සෑම නඩුවක්ම අපි අරගෙන බැලුවොත්, ඒ සෑම නඩුවක්ම පවරලා තියෙන්නේ අවශ්‍යකරන සියලුම තොරතුරු හොයලා, සියලුම සාක්ෂි එකතු කරලා, ඒවායේ වාර්තා නීතිපතිවරයාට යවලා. 
 
නීතිපති දෙපාර්තමේන්තුව මගින් නඩු පැවරීමයි සිද්ධ කරලා තියෙන්නේ.
 
එතකොට දැන් ඒ සෑම පුද්ගලයෙක්වම එක්කෙනා දෙන්නා වගේ සතිපතා නිදොස්කොට නිදහස් කරලා හරින කොට අපිට පේන්නේ දේශපාලනික ක්‍රියාව වෙන්නේ ඔවුන්ට විරුද්ධව ඊට කලින් අපරාධ හා දූෂණ සම්බන්ධයෙන් නඩු පවරලා තිබිච්ච එක නෙවෙයි.
 


එසේ නඩු පවරලා තිබිච්ච දේවල් වලින් දැන් දේශපාලනික හස්තය පාවිච්චි කරලා ඔවුන්ව නිදහස් කර හැරීමයි.
 
ඒක පේනවා හොඳටම ඉදිරිපත් කරන හේතුවචන වලින්. 
 
මේ එක එක්කෙනා නිදහස් කරන හේතුවචන මොනවද?
 
නීතිපති දෙපාර්තමේන්තුව කියනවා මේ නඩුවේ තාක්ෂණික දෝශයක් තියෙනවා කියලා. තාක්ෂණික දෝෂය කාගෙද? නීතිපති දෙපාර්තමේන්තුවම තමයි ඒ තාක්ෂණික දෝෂය ඇති කරලා තියෙන්නේ. අද මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඇවිල්ලා එහෙමත් නැත්නම් වෙනත් විනිශ්චයකාරයෙක් ඉදිරියට ඇවිල්ල කියනවා මේකේ තාක්ෂණික දෝෂයක් තියෙනවා අපි මේක ඉල්ලා අස් කරගන්නවා කියලා. 
  
 ඒ විදිහමයි අල්ලස් හා දූෂණ කොමිසමත්. 
 
දැන් අපි දන්නවා ටික දවසකට ඉස්සෙල්ලා මිහින් ලංකා එකේ මිලියන 883 ක වංචාවක් කිරීම පිළිබඳව නඩුවකට මුහුණ දීල හිටපු සජින් වාස් ගුණවර්ධනව ඒ නඩුවෙන් සම්පූර්ණයෙන්ම අයින් කරා. 
 
විනිශ්චය කරුවන්ට කරගන්න දෙයක් නැහැ. 
 
එක්කො නීතිපති දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අල්ලස් හෝ දූෂණ කොමිසම ඇවිල්ල කියනවා මෙයාට තියෙන නඩු අපි ඉල්ලා අස් කරගන්නවා කියලා, එතකොට එයා නිදහස් වෙනවා.
 
ඊළඟට පිල්ලෙයාන්ට විරුද්ධව තිබුණ පරරාජසිංහම් කියන ටීඑන්ඒ මන්ත්‍රීවරයව ඝාතනය කිරීම 2005 දී ඒකට විත්තිකාරයෙක් වෙලා හිටපු පිල්ලෙයාන්ව නිදහස් කළා.
 
ඊළඟට ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන,මහින්දානන්ද අලුත්ගමගේ,  බැසිල් රාජපක්ෂ විතරක් නෙවෙයි, එදා හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්.
 
 Mohan peiris
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්
 
 
මේ මොහාන් පීරිස් බරපතල දූෂණයක් සම්බන්ධයෙන් විත්තිකාරයෙක් විදිහට උසාවියට ඉදිරිපත්කරලා තිබුණ පුද්ගලයෙක්. 
 
ඔහුව නිදහස් කරලා අපේ ශ්‍රී ලංකා නියෝජිතයා විදිහට ඇමෙරිකාවටත් යවලා තියෙනවා.
 
කවුද මේ පුද්ගලයා ? 
 
යහපාලන ආණ්ඩුව බලයට පත්වෙච්ච වෙලාවේ 2015 ජනවාරි 08 වෙනිදාට දවස් දෙකකට පස්සේ එදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව හම්බවෙලා, ඔහුගේ ගෙදරට ගිහිල්ල ඒ ජනාධිපතිවරයට කිව්වා, මාව අග්‍ර විනිශ්චයකාර දූරයෙන් අයින් කරන්න එපා, මම ඔබතුමාට අවශ්‍ය විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු දෙන්නම් කියලා කිව්වා. 
 
හිටපු ජනාධිපති සිරිසේන මේ කතාව ප්‍රසිද්ධියේ කිව්වා.  
 
අද වෙනකන් මේ මොහාන් පීරිස් කියන පුද්ගලයා කියලා නැහැ මම එහෙම කිව්වේ නැහැ කියලා.  
 
දැන් වෙලා තියෙන්නේ මොකක්ද?
 
ඒ විදිහට ජනාධිපතිතුමා ගාවට ගිහින් මම ඔබතුමාට ඕන විදිහට අධිකරණ තීන්දු තීරණ දෙන්නම් කිව්වා පුද්ගලයව පවා නිදහස් කරලා තියෙනවා.
 
දැන් මෙහෙම වුණාම අපේ අධිකරණයට මොකද වෙන්නේ ?, පොලිසියට මොකද වෙන්නේ ? , නීතිපති දෙපාර්තමේන්තුවට මොකද වෙන්නේ ?, මේ සියලු ආයතන ජනාධිපතිවරයාගේ සහ ඔහු වටා සිටින පුද්ගලයන්ගේ අතේ නැටවෙන රූකඩයන් බවට පත් වෙනවා. ඒක තමයි දැන් මේ මොහොතේ මේ ලංකාවේ සිද්ධ වෙමින් තියෙන්නේ. 
 

New Project 4 2රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර

 
මේ කියපු සහ නොකියපු සියලු අපරාධකරුවන්ව නීතිය ඉදිරියට ගෙනෙන්නට සියලුම විද්‍යාත්මක පරීක්ෂණ කරලා,  ඒ සියලු සාක්ෂි සම්පාදනය කරලා උසාවියට ඉදිරිපත් කරපු සීඅයිඩී එකේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර තවමත් හිරේ තියාගෙන ඉන්නවා.
 
දේශපාලකයන්ගේ බලපෑමට යටත් නොවී අපරාධකාරයින්ව නීතිය ඉෂ්ට කරපු ශානි අබේසේකර අදටත් දැන් මාස ගණනක් තිස්සේ හිරභාරයේ තියාගෙන ඉන්නවා.
 
අද මේ කතාකරන මොහොතේ ඔහුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට එනවා. 
 
මේක ඉතාමත්ම ඛේදජනක තත්වයක්. එක පැත්තකින් දූෂිතයන්ව නිදහස් කරනවා. අනික් පැත්තෙන් ඒ අපරාධකාරයන්ව නීතිය ඉදිරියට පමුණුවපු  කොන්ද කෙලින් තියෙන පොලිස් නිලධාරියෙකුව අත්අඩංගුවේ තියාගෙන ඉන්නවා. දැන් මේකෙන් අපිට හිතාගන්න පුළුවන් රට යන්නේ කොහාටද කියලා.
  
මේ රට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ කිසිම ප්‍රමිතියක් ප්‍රතිපත්තියක් ඉතුරු නොකර තනි පුද්ගලයෙකු විසින් සියල්ල තීරණය කළ හැකි, ඒකාධිකාරී, ඒකාධිපති, අධිකාරිවාදී  පාලන තන්ත්‍රයක් ස්ථාපිත කරමින් තමයි මේ යන්නේ.
 
බලයට පත් වෙන්නට කලින් මේ දේවල් කියලා තිබුණේ නෑ. 
 
බලයට පත් වෙන්න කලින් 69 ලක්ෂයේ ජනතාව කල්පනා කරේ මොකක්ද?
 
අපි තිබ්ච්ච වැරදි නැති කරගන්න වැරදි නැති ආණ්ඩුවක් පත් කර ගන්නවයි කියලා. 
 
දැන් 69 ලක්ෂය කලකිරීමට පත්වෙලා තියෙනවා අපි කළකිරීමට පත්වෙලා ඉන්නවට වැඩිය. 
 
ඒ තරම් පිරිහීමකට ගිහිල්ලා තියෙනවා.
 
එක පැත්තකින් ගත්තහම නීතිය නවන තත්වයක් ඇති කරගෙන තියෙනවා, අනික් පැත්තෙන් ගත්තහම සාමාන්‍ය පරිපාලනය පවා මේ ආණ්ඩුවෙන් වල්මත් වෙච්ච තත්වයකට පත්කරලා තියෙන්නේ.
 
Pavithra Hany
 
කොවිඩ් වසන්ගතයට කොහොමද මේ ආණඩුව මුහුණ දුන්නේ. බොරු මිත්‍යාමත කරේ තියාගෙන කරන්න ඕන දේවල් නොකර. 
 
වතුර කළ ගංගාවලට දාගෙන සෞඛ්‍ය ඇමතිවරියට පැනි පොවලා එතුමියවත් කොවඩ් රෝගියෙක් බවට පත් කරලා තමයි මේගොල්ලො පෙන්නුම් කරේ කොවිඩ් වසන්ගතය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාර්යක්ෂම ආණ්ඩුව කොයි තරම් අසාර්ථක ද කියලා.
 
 
 
''අලුත් හොරු දැන් පැටව් ගහගෙන යනවා..''
 
මෙයාලා පරන හොරු නිදහස් කරනවා විතරක් නෙවෙයි අලුත් හොරු මේ ආණ්ඩුව යටතේ දැන් පැටව් ගහගෙන යනවා.
 
රටම දැන් දන්නවා පසුගිය දවස්වල වෙච්ච මගඩි ගණනාවක්ම ඒකෙන් සීනි එක මගඩියක් දැන් පිළිකාකාරක තෙල්.
 
මේගොල්ලො දැන් මේ කරන්නේ මොකක්ද දූෂිත ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකුට මේ රටේ ජනතාව ගසා කන්නට අවස්ථාව සලසා දීමයි.
 


ගැසට් නිවේදනයක් ගහනවා උදේ ටැක්ස් එක අඩු කරනවා කියලා. ඊට පහුවදා තවත් එකක් ගහනවා අර අඩු කරපු ටැක්ස් එක ආපහු දානවා කියලා.

 
 
ඒ ගත වෙච්ච පැය 24 තුළ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ඉන්නවා ප්‍රකෝටිපතියෝ වෙච්ච අය. 
 
අර අඩු කරපු බද්ද අනුව රේගුවෙන් බඩු එළියට අරගෙන මාකට් එකට ගෙනාව.
 
ඉතින් මෙන්න මේ විදිහයි රාජපක්ෂ පාලනයේ වැඩ සිද්දවෙන්නේ. 
 
2015 දක්වා නොතිබිච්ත තත්වයක් ඇත්තටම. 
 
2005 ඉඳලා 2015 දක්වාත් මේ දේම සිද්ධ වුණා.
 
 
නමුත් දැන් මහ දවල් සාමාන්‍ය මනුස්සයාට පවා පේන්න තමයි මේ හොරකම් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ බය නැති තත්වයක් ඇති වෙලා තියෙනවා පාලකයින්ට. අපි බය නැහැ කියන සඥාව තමයි මේ දෙන්නේ. 
 
 
ජනතාව මොනව හිතුවත් මට ඕන විදිහටයි මම කරන්නේ. මම හිතනවා නම් රාජ්‍ය අංශ කාර්යක්ෂම කරන්න අවශ්‍ය වන්නේ හමුදා නිලධාරීන් කියලා මම ඒ හමුදා නිලධාරීන්ව පත්කරනවා ඒ රාජ්‍ය සේවයේ ඉහළම තැන්වලට.
 
 දිසාපතිල පත් කරන්න ඕන කියලා හිතනවා නම් හමුදා නිලධාරින්ගෙන් මම ඒක තමයි කරන්නේ. 
 
 
මෙන්න මේ විදිහේ චින්තනයක් තමයි වර්ථමාන ජනාධිපතිවරයාගෙන් අපිට දකින්න තියෙන්නේ.
 
ඉතින් මේකෙන් අපි ඉතාමත්ම කම්පාවට පත්වෙන කාරණයක් වෙලා තියෙන්නේ කොහොමද පාලකයෙක් බය නැතුව මේවා කරන්නේ කියන එක.
 


සාමාන්‍යයෙන් දේශපාලනඥයෝ මේ දෙවල් කරනකොට ටිකක් බයයි. 
 
එක හොරකමක් කරාට පස්සේ ඊළඟ හොරකම කරන්න ටිකක් බයයි, ටිකක් කල් ගන්නවා.
 
නමුත් මේක දිනපතා කරනකොට පේන්නේ පාලකයාගේ තියනවා බය නැති ගතියක්.
 
මේ බය නැති කම ඉතාමත්ම නරකයි ප්‍රජාතන්ත්‍රවාදයට. මොකද කිසිම විදිහකට එයාව පාලනය කෙරෙන්නේ නැහැ.
 
ඉතින් ඒ නිසා මේ වෙලාවේ පුරවැසි බලය විදිහට අපි හිතනවා සියලුම ජනතාව මේක තේරුම්ගත යුතුව තිබෙනවා. 
 
නිදහසේ ඉඳන් අපි දිනාගත්ත ජ්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ආපස්සට හැරවීමේ ක්‍රියාදාමයක් මේ යන්නේ කියන එක තේරුම්ගත යුතුව තිබෙනවා.
 
 
 
 
මිලිටරි ජුන්ටාවක් !
 Armed Thai police in Bang 015
මියන්මාරයේ හමුදා ජුන්ටා පාලනයක්....
 
 
අපිට තව ටික කාලයක් යනකෙට මිලිටරි ජුන්ටාවක් යටතේ මේ රට පාලනය වෙන්න සිද්ධ වුණොත් අපි පුදුමයට පත් වෙන්නේ නැහැ.
 
දැන් අපි දන්නවා මියන්මාරයේ දශකයක් පමණ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය අත්හදා බලමින් තිබුණ ඒ රටේ හමුදාව ගිහිල්ලා නීත්‍යානුකූල පාර්ලිමේන්තුව විසුරුවලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායක නායිකාවන් අත්අඩංගුවට අරගෙන අද හමුදා පාලනයක් ගෙනියනවා.
 
මේකේ පුංචි පුංචි ලක්ෂණ අපිට දැන් පෙනෙන්නට තියෙනවා. අර විදිහට හමුදා නිලධාරීන් හැමතැනකටම ජනාධිපතිවරයා පත්කරමින් යද්දි.
 
ඉතින් ඒක නිසා මේක හරි භයානක තත්වයක් මේක ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කිරීමක් පමණක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය සමූලඝාතනය කිරීමක් මේ වෙනකොට සිද්ධ වෙමින් තිබෙනවා. 
 
මෙන්න මේක නතර කළ යුතුයි අපි. 
 
මේ සඳහා ජනතාව පෙළ ගැස්වීම අපි හිතනවා සිවිල් ව්‍යාපාරයක් විදියට අපිට පැවරි තිබෙන වගකීමක් කියලා.''
 

 

 


 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්