1200 x 80 DMirror
 
 

මහාචාර්ය සේනක බිබිලේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙරට බිහි කරමින් ඖෂධ ප්‍රතිපත්තිය සකස් කළේ හැත්තෑව දශකයේය. ප්‍රමිතියෙන් ගුණාත්මක ඖෂධ අඩු මිලට සැපයීම ඔහුගේ අරමුණ විය. එලෙස සකස් කළ
ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයද පවා පිළිගත්තේය. නමුත් එය මෙරට ක්‍රියාත්මක වූයේ මන්දගාමීවය. 
 
මේ අතරේ 2015 රජය 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කළේය. ඒ ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ හා වෛද්‍ය උපකරණ 5000ක් පමණ නියාමනය කරමින් රෝගී ජනතාවට අඩු මිලට ගුණාත්මක ඖෂධ දීමේ අරමුණෙනි. 
 
ලංකාවට ඖෂධයක් ගෙන්වන්නට පෙර මේ අධිකාරියේ අනුමැතිය අත්‍යවශ්‍යය.
 
 
 මේ අතරේ කොවිඩ් 19 රෝගයට චීනයෙන් එන්නතක් ගෙන්වීමට ආණ්ඩුව තීරණය කළේය. එහෙත් එම එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණේ නැත. ඒ හේතුවෙන් අධිකාරියේ පුටු පෙරළියක් වූ බව සෞඛ්‍ය ක්ෂේත්‍රයට නොරහසකි. 
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සංඛ්‍යාව 13කි. ඒ සභාපතිවරයාද ඇතුළුවය. 
 
විෂයය භාර අමාත්‍යවරයාට පත් කළ හැකි සාමාජිකයන් සංඛ්‍යාව හතරකි. ඉතිරි සාමාජිකයන් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, මහා භාණ්ඩාගාර නියෝජිතයා, ප්‍රධාන විධායක නිලධාරීවරයා, ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක්, ඖෂධවේදය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෛද්‍ය විද්‍යායතන හතරෙන් නම් කරන විශේෂඥ වෛද්‍යවරුන් වෙති. 
 
ශල්‍ය වෛද්‍ය, ළමා රෝග, කායික රෝග හා ප්‍රසව හා නාරිවේද යන වෛද්‍ය විද්‍යායතනවලින් නම් කරන වෛද්‍යවරයා ඊට ඇතුළත් වෙයි.
එන්නත දීමට එරෙහි වූ වෛද්‍යවරුන්ට ගෙදර යන්න වෙයි:
 
 

Lakkumar fernando 11.04වෛද්‍ය පාලිත අබේකෝන් , මහාචාර්ය අසිත ද සිල්වා , වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු

 
 
මෙම පුටු පෙරළියෙන් පළමු එළියට වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ය. 
 
දෙවනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වූ මහාචාර්ය අසිත ද සිල්වා මේ වන විට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හත් දෙනකු ඉවත් කර තිබේ. ඒ පුරප්පාඩුවට අලුතෙන් පිරිසක් පත්කර තිබේ. 
 
ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අන්තිමට ඉවත් කෙරුණේ මීගමුව මහා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දුය. ඔහු එම රෝහලේ ඩෙංගු රෝග ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍යවරයාද වෙයි.
 
 
 
 'ඇස්ට්‍රා සෙනිකා' එන්නත්
 
කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ආරම්භ වූයේ ජනවාරි මස 29 වනදාය. ඒ ඉන්දියාවේ නිෂ්පාදිත ‘‘ඇස්ට්‍රා සෙනිකා’’ එන්නත් ලැබීමත් සමගය. 
 
ඉන්දියාවේ සීරම් ආයතනය මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කළ අයැදුම්පතකට අනුමැතිය හිමි වීමෙන් පසු එන්නත ලංකාවට ආනයනය කිරීමට අවසර හිමි විය. 
 
ඉන්පසු රුසියාවේ නිෂ්පාදිත ‘‘ස්පුටිනික්’’ එන්නතට අවසරය හිමි විය. එම එන්නත් මිලියන හතක් මෙරටට ගෙන්වීමට රජය තීරණය කළේය. 
 
 106824991 1610695920355 gettyimages 1230559085 AFP 8YN3QJ
 
 
එහෙත් චීනයේ නිෂ්පාදිත ‘‘Sinopharm’’ එන්නත මෙරට ගෙන්වීමට මෙතෙක් අවසරය හිමි වී නොමැත. එම එන්නත ගෙන ඒමට යාමේදී මතු වූ ගැටලුකාරී තත්ත්වය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය උඩුකුරු විය.
 
 
කොවිඩ් රෝගය ලෝකය පුරා පැතිර යාමේදී සමාගම් රැසක් එන්නත් සොයා ගැනීමට තරගකාරීව ඉදිරිපත් විය. ඒ අතර චීනයද විය. කොවිඩ් 19 වසංගතය ලෝකයේ ආරම්භ වූයේද චීනයෙනි.
 
 එහෙත් ලෝකය පුරා වයිරසය පැතිර යද්දී කාටත් කලින් සාර්ථකව එය මැඬපැවැත්වීමට චීනය සමත් විය. ඒ චීන වැසියන් සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කිරීම නිසාය. 
 
චීනය නූතන ලෝකය තුළ විද්‍යාත්මක හා තාක්ෂණික කාරණා අතින් ඉහළින්ම සිටින රටකි. ඉතා සාර්ථක එන්නත්ද නිපදවා ඇත. දැනට ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේදී යොදා ගන්නා ‘‘ජැපනිස් එන්පලයිසීන්’’ එන්නත හොඳම උදාහරණයනකි. 
 
එම එන්නත දෙන්නේ දරුවෙකුගේ පළමු වසර සම්පූර්ණ වීමෙන් අනතුරුවය. එමගින් ජැපනීස් එන්සපලයිසීස් රෝගයෙන් දරුවන් ආරක්ෂා වෙයි.
 
එහෙත් චීනයේ නිෂ්පාදිත ‘‘සිනොෆාම්’‘ එන්නත මෙරටට ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමක් මගින් අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණි.
 
එම ආයතනය චීන සමාගමේ දේශීය නියෝජිතයා වුවද එන්නත් මිලදී ගැනීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කරයි. 
 
මෙම එන්නත හදිසි අවශ්‍යතාව මත මිලදී ගැනීම සඳහා තීරණය විය. 
 
හදිසි අවස්ථාවක එම ක්‍රමවේදය වන්නේ අපක්ෂපාතී විද්වත් මණ්ඩලයක් වෙත එන්නත් නිපදවන සමාගම විසින් දෙන විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කිරීමයි. කාර්යක්ෂමභාවය හා ආරක්ෂාකාරී බව කියන කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසරය දෙයි.
 
 
පනතට අනුව හදිසි අවශ්‍යතාවකදි ලියාපදිංචියට මාස ගණනක් යනවානම් රෝගියාගේ නමට පමණක් ඖෂධය හෝ එන්නත ආනයනය කළ හැකිය. ඒ ලියාපදිංචි කර නොමැති නිසාය. රෝගියාගේ නමට පමණක් ගෙන්වන ඖෂධවලටද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විරෝධතා නොමැති බවට ලිපියක් යොමු කළ යුතුය. කෙසේ වෙතත් සිනොෆාම් එන්නත එවැනි දෙයක් නොවෙයි.
 
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් ලක්ෂ හයක් මෙරටට ලැබෙන බව දැනුම් දී තිබුණි. ඒ අනුව ලැබී තිබූ අයැදුම්පත මාර්තු මස 17 වන දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡාවට ගනු ලබන්නේ එන්නත් පිළිබඳ අධ්‍යයනය කළ විද්වත් මණ්ඩලයේද වාර්තාවද සමගිනි. 
 
මෙම විද්වත් මණ්ඩලය 2017 වර්ෂයේ මුලින්ම පත් කෙරිණි. ඒ ප්‍රංශයේ නිෂ්පාදිත ඩෙංගු එන්නතක් සඳහා අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවකදීය.
 
 
 
 එම විද්වත් මණ්ඩලය චීන සිනොෆාම් එන්නත භාවිතයට නුසුදුසු බව තීරණය කර තිබුණි. ඊට හේතුව වූයේ විද්වත් මණ්ඩලය ආනයනකරුගෙන් ප්‍රශ්න 11ක් විමසා සිටියත් ඔහු නිසි පරිදි පිළිතුරු සහ අදාළ ලිපි ලේඛන සැපයීමට අපොහොසත් වී තිබුණි.
 
 
විද්වත් කමිටු වාර්තාවද සමග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මාර්තු 18 වන දින පස්වරු 3.30 වත්මන් සභාපති මහාචාර්ය සිසිර සිරිබද්දනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 
 
ආරම්භයේදීම සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම එන්නත ප්‍රශ්නයක් නොමැති බවත් අවශ්‍ය සියලු දත්ත තමන් සතුව බවත්ය. 
 
එහෙත් එම දත්ත නොදැකපු බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරුන් වන ලක්කුමාර ප්‍රනාන්දු සහ ආනන්ද විජේවික්‍රම අධ්‍යයනයට දත්ත ඉල්ලා සිටියහ. තවත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අට දෙනකු පමණ සිටියත් ඔවුන් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කළේ නැත. 
 
 
 
මෙසේ දත්ත ඉල්ලා සිටි එක් වෛද්‍යවරයෙක් වන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් 19 ඇතුළු වසංගත රෝග සඳහා1587987050 ananda wijewikrama l ප්‍රතිකාර කරන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාය. මතු නොව කොවිඩ් 19 එන්නත ගත් මුල්ම ශ්‍රී ලාංකිකයාය. 
 
 
 
කොවිඩ් 19 වැලඳී අසාධ්‍ය තත්ත්වයට පත් වු සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිටද ප්‍රතිකාර කර ඇගේ ජීවිතය බේරාගත්තේ ඔහුය. 
 
එන්නත මෙරටට ගෙන්වන නියොජිතයන් එන්තත ලංකාවේ ජනතාවට දීම සඳහා අනුමැතිය ඉල්ලා සිටියේ ජනවාරි මාසයේය. නමුත් අයැදුම්පත් සමග අවශ්‍ය කරන දත්ත නොලැබී තිබුණි. 
 
 
‘‘දත්ත නොමැතිව එන්නතක් අනුමත කරන්න බැහැ. එමගින් පූර්වාදර්ශ මෙන්ම ප්‍රශ්න රැසක්ද ඇති වෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනුමැතිය සඳහා ලැබෙන අවසාන එන්නත මෙය නොවෙයි. මොනවා හෝ වෙනත් ඕනෑම රෝගයන් සඳහා එන්නතක් එන විට එය අනුමැතියට නිවැරදි ක්‍රමවේදයක් පමණක් භාවිත කළ යුතුයි. ලංකාවේ අනුමැතිය සඳහා ලබන සියලු ඖෂධවලටත් මෙම නීතිය පොදුයි. එන්නත් හෝ ඖෂධ දෙන්නේ මෙරට ජනතාවටයි. ලිපිය සම්පාදනය කිරීමේදී විද්වත් මණ්ඩලයේ සිටි සාමාජිකයන්ගෙන් කළ කරුණු විමසීමේදී ඔවුහු පැවසූහ.
 
 
 
කෙසේ වෙතත් මාර්තු 18 වනදා පස්වරුවේ පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එන්නත පිළිබඳ තීරණය ගැනීම රාත්‍රියට ප්‍රමාද කෙරිණි. 
 
චීනය ශ්‍රී ලංකාවට එන්නත් දීමට ප්‍රථම මාලදිවයිනට දුන්නත් ඔවුන්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වන තුරු එන්නත රටවැසියන්ට දුන්නේ නැත.
 
 
 
තවත් සිව් පුද්ගල කමිටුවක් ?
 
 
 
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසු මෙම එන්නත පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා තවත් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ. විශේෂඥ වෛද්‍යවරු සිව් දෙනෙක් ඊට ඇතුළත් වෙති. 
 
මේ වනවිට 2017 වර්ෂයේ සිට මෙරටට ආනයනය කළ ඖෂධ එන්නත් අධ්‍යයනය කළ විද්වත් කමිටුව ‘‘සිනොෆාම්’’ එන්නත සුදුසු නොමැති බව තහවුරු කර ඇත. එවැනි කමිටුවකින් දුන් නිර්දේශයක් අබිබවමින් තවත් නවක කමිටුවක් පත් කිරීම කොතරම් හාස්‍යජනකද? 
 
එන්නත සඳහා අවශ්‍ය දත්ත ගැනීමට ප්‍රමාද විය හැකිය. එන්නතේ හොඳ නරක පරීක්ෂා කිරීමට ජනතාව විශාල වශයෙන් අවශ්‍ය වෙයි. 
 
නමුත් මෙම එන්නතට අදාළ තුන්වන අදියරේ පරීක්ෂණ කරන විට චීනය කොවිඩ් පාලනය කර තිබුණි. එම නිසා කොවිඩ් රෝගීන් සොයා ගැනීමේ ගැටලුවක් මතුව ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටුවේ මතය වී තිබේ.
 
 
චීනයේ නිෂ්පාදිත එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙතෙක් අවසර දී නොමැත. අවසර ඉල්ලා එම සමාගම අයැදුම්පත ඉදිරිපත් කර තිබුණේ ජනවාරි මාසයේය. එන්නතට මාර්තු මාසයේ අවසරය දීමට නියමිතව තිබුණත් එය අප්‍රේල් මස අවසානය දක්වා කල් දමා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයද නිවේදනය කර ඇත.
 
චීන එන්නත කෙතරම් හොඳ යයි විශ්වාස කළත් අවශ්‍ය දත්ත නොමැතිව නිර්දේශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයද කල් දමා ඇති මොහොතක ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගත්තේ එම එන්නතට අනුමැතිය නොදීමය. 
 
දත්ත ඉල්ලූ අවස්ථාවලදී ආනයනයකරු ලබා දී ඇත්තේ චීනය මෙම එන්නත ප්‍රදානය කළ රටවල ලේඛන පමණි. 
 
එන්නත කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අනුමැතිය ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට විවිධ බලපෑම්ද කර ඇත. එය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට නොරහසකි. 
 
අනුමත කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළද රාජ්‍ය තාන්ත්‍රික භාවය සලකා කඩිනමින් අනුමත කරන ලෙස දේශපාලන අධිකාරිය ඇතැම් අවස්ථාවලදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට පෙන්වා දී තිබේ.
 
 
 unnamed 2
 
 
එන්නත් දෙන්නේ රෝගීන්ටය. එම නිසා එන්නත්කරණයේදී පසු ඇති වන අතුරු ආබාධ හෝ ජීවිත හානි පිළිබඳවද අධ්‍යයන කළ යුතුය. එන්නත් ලියාපදිංචි කිරීම සඳහා නිර්දේශ දීමේදී එම කරුණුද සැලකිල්ලට ගනියි.
 
 2017 වර්ෂයේ පිලිපීනයේ ඩෙංගු සඳහා දුන් Denvaxia එන්නත නිසා දරුවන් කිහිප දෙනෙක් මිය ගියහ. එම එන්නත අනුමත කිරීමට හේතු වුණු අයට වසර ගණනාවකට පෙර සිරදඬුවම් නියම විය. එම එන්නත 2017 වර්ෂයේදී මෙරටට ගෙන්වීමටද යෝජනා ඉදිරිපත් වුවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට අවසර නොදීම නිසා ලාංකිකයන් එම අවදානමෙන් බේරුණි.
 
කෙසේ වෙතත් චීන එන්නත ලියාපදිංචි කිරීමට විරෝධය පළ කළ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කර ඇත. එලෙස විරෝධය පළ කළ ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තවමත් අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරයි.
 
චීන එන්නතට අනුමැතිය නොදීමේ වරදට බොහෝ විට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඊළඟට දංගෙඩියට බිලි වනු ඇත්තේ ඔහුය.
 
 
 cde3fcf2ce13780170aeeef9c4234823 XL
චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී.
 
 
 
කෙසේ වෙතත් චීන එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී ඇත. මෙරට සිටින චීන වැසියන්ට එම එන්නත දීම ආරම්භ කර තිබේ. 
 
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ එහි ක්‍රියාකාරිත්වය 70%ක් බවයි. 
 
එන්නත ප්‍රදානයක් ලෙස භාර ගැනීමට හා චීන වැසියන්ට පමණක් එන්නත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ. මෙරට සිටින චීන ජාතිකයන් 8000කට එන්නත දීමට නියමිතය.
 
 
ඇමැතිවරියගේ තීරණයට විරෝධයක් !
 
 
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයන් ඉවත් කිරීම ගැන පැහැදිලි කරමින් තිබේ. 
 
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත අනුව ඇමැතිවරයාට පැවරී තිබෙන බලතල මත අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනකු පත් කළ බවයි. 
 
සභාපතිවරයා තම කැමැත්තෙන් ඉල්ලා අස් වූ බවත් අනෙකුත් සාමාජිකයන්ගේ කාලය අවසන් වූ නිසා ඉවත් කළ බවය. 
 
 
එහෙත් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු ජාතික ඖෂධ නියමාන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළේ සියලුම ළමා රෝග වෛද්‍යවරුන් වෙනුවෙන් බවයි. එමනිසා දැනට ගෙන ඇති තීරණය අහෝසි කරන ලෙස සංගමය සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියි.
 
මේ පිළිබදව අප ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති මහහාචාර්ය චන්න ජයසුමනගෙනුත් විමසුමක් කළද ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවිය.
 
(උදයජීව ඒකනායක - අරුණ පුවත්පතින් උපුටා ගැනිණ )
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
####################
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

subscribeYT

subscribeYT

නවතම පුවත්