(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්න ලදී)
 
අප්‍රේල් 11වැනිදා,⁣
කොළඹදී.
ප්‍රිය සිද්දිකා,
 
පුරැදු පරිදි මේ ලියුමට එබිල බැලුව මගේ බිරිඳ ඇහුවා, මුළු රටටම අප්පිරිය උන්දැව ඔයාට විතරක් ප්‍රිය වු⁣ණේ කොහොමද කියල. අවංක මනුස්සයින්ට මම කවදත් ප්‍රිය බව කියා හිටියම බිරිඳගේ කට පුදුමයෙන් ඇරැණා. 
 
කොම්පැණි කඩාගෙන වැටෙන්න පුළුවන් නිසා විෂකාරක චුට්ටක් විතර තියෙන කෑමබීමට තමන් අනුමැතිය දෙනව කියල පුසිද්ධියේ කියපු ගෑනි නේද ඔය කියල ඈ අහනවා.
 
ඒත් සිද්දිකා, ඔයා දෙමව්පියන් විසින් අවංකකමට හදපු ළමයෙක් නිසානෙ පුමිති කාර්යාංශෙ ඇත්තටම සිද්දවෙන දේවල් රටට එළිකළේ. 
 
ඔයා සටකපට ගෑනියෙක් වුණා නම් ඔය ඔක්කොම වහගෙන අපි වසවිස බිංදුවක්වත් නැති ආහාර වලට විතරයි අනුමැතිය දෙන්නෙ, කොම්පැණි වැහිල ගියත් අපි එහෙමයි කියනවනෙ. 
 
ඒත් බලන්න ඔයා අවංකව ඇත්ත කියපු නිසා දැන් මුළු රටම ඔයාව මරාගෙන කන්න හදනවනෙ. 
 
ඒකනෙ කියන්නෙ අවංකකමට මේ රටේ තැනක් නෑ කියල.
 
ඒත් සිද්දිකා, ඔයා හරි ගොන්. නැත්නම් මුඛරිකමයි, කපටිකමයි නැති ඔයා වගේ කෙනෙක් වහන්න දේවල් අටෝරාසියක් තියෙන ආයතනයක් වෙනුවෙන් ටෙලිවිෂන් සාකච්ඡාවකට එනවද?
 
 
 
හරිහමන් බඩ්ඩක් ඔය සාකච්ඡාවට ආව නම් අනිත් පැත්ත හැරිල මාධ්‍යවේදියගෙන් අහන්න තිබුණනෙ අපි විතරද කොම්පැණි රකින්නේ ඔහේලගෙ මාධ්‍ය ආයතනවලින් කොච්චර කොම්පැණි ආරක්ෂා කරනවද කියල. එහෙනම් සිද්දිකා ඔයත් එක්ක කතාකරපු මාධ්‍යවේදියා විතරක් නෙවෙයි අපි ඔක්කොම තාමත් ඇඹරෙනවා.
 
කොහොම වුණත් සිද්දිකා ඔයා රටට ලොකු සේවයක් කරා අපි කෑම කනව කියල කන්නෙ වහ කියල මෙතෙක් දැනගෙන හිටියෙ නැති අහිංසකම අහිංසක ජනතාවක් දැනුවත් කරල.
 
සිගරට් බොමින් අරක්කුවලට කොකාකෝලා කලවම් කරගෙන බයිට්ටෙකට අජිනමොටෝ යහමින් දාපු කොත්තුවකුයි රයිස්සෙකකුයි කන මහත්තුරු ඔයා රටට වස කවනව කියන කතා අහගෙන සුදුවෙන්න ක්‍රීම් ගාන නෝනලායි, ෆාස්ට් ෆුඩ් නැත්නම් කෑම එපා කියන දූදරුවොයි අගුල්පත් තියන හැටි අහන්නත් ආසයි.
 
 
කනබොන දේවල විතරක් නෙවෙයි කිසිම කිසිදේක පුමිතියක් නැති රටේ පුමිති කාර්යාංශෙන්වත් පුමිතියක් බලාපොරොත්තු වෙච්ච ජනතාවක් ඒ මෝඩ විශ්වාසයෙන් මිදෙව්වාටත් ඔයාට ස්තූතියි.
 
කොහොම වුණත් සිද්දිකා රටේ හැමෝම ඔයා වගේ අවංක වෙන්න ගියොත් නම් මහා විනාසයක් සිද්ද වෙනවා.
 
හිතල බලන්න ජනාධිපති අවංක වෙලා මට දීපු අවුරැදු පහෙන් නෙවි තව අවුරැදු විසිපහකින්වත් මේ රට නම් හදන්න බෑ කියල කිව්වොත් මොකද වෙන්නෙ කියල.
 
මේ රටේ අධ්‍යාපනයෙන් රටේ ඉතා වැඩිදෙනෙකුට වෙන සුගතියක් නෑ කියල කියන්න තරම් අධ්‍යාපන ඇමති අවංක වුණොත් වෙන්නෙ මොකද කියල හිතල බලන්න.
 
අතේමිටේ සල්ලි නැත්නම් ලෙඩවෙන්නෙ බලාගෙනයි කියල සෞඛ්‍ය ඇමතිනී අවංකව කිව්වොත් ඉවරයි නේද?
 
ඒගොල්ලො එහෙම අවංකව කියන්නෙ නැත්තෙ වංක නිසා නෙවෙයි, ලෝකෙන් උතුම් රට  ලංකාවයි කියල අපි දකිමින් ඉන්න සුන්දර සිහිනෙන් අපිව අවදිකරන්න පව් කියල  හිතලයි.
 
ඒ නිසා සිද්දිකා, ඔයා දැන්වත් තේරැම් ගන්න ⁣මේ බුදුන්ගේ දේශයේ අවංකකම කියන්නෙ මෝඩකමට කියන තවත් වචනයක් කියල.
 
හැබැයි සිද්දිකා ඔයාට මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ කලබල වෙන්නෙ නැතුව කටපියාගෙන ඉන්න විතරයි.
 
මොකද තව ටික දවසකින් අපි පුමිති කාර්යාංශෙ පුමිතියෙන් නැත්නම් පොල්තෙල්වල ඇෆල⁣ටොක්සින්වලින් සමුගන්නවා.
 
අපිට මීට වැඩිය ආකර්ෂණීය මාතෘකාවක් එනතුරු තමයි  ඔයා ඉවසගෙන ඉන්න තියෙන්නෙ. 
 
නිකමට හිතල බලන්න අපිට 2021 පටන්ගත්ත දවසෙ ඉදන් තිබිච්ච මාතෘකා තොගය ගැන. 
 
හරක් මැරීම තහනම් කිරීම, ධම්මික පැණිය, ෂුක්රා මුනර්වා, කෘඩියා සිලෙනිකා, බුර්කා තහනම, සිංහරාජයේ භාග්‍යා, සීනි බද්ද හා පොලිස් ගුටිවලටත් පස්සෙයි පොල්තෙල්වල ඇෆල⁣ටොක්සින් ආවෙ.
 
ඊළග මාතෘකාව කරළියට ඇවිත් ඔයාට වේදිකාවෙන් බැහැල යන්න වෙන තුරැ විතරයි පොල්තෙල්වල වසවිස අපිට මතක තියෙන්නෙ.
 
මම,
මානි
 
 
 
ප:ලි:
 මෙන්න බොලේ මගේ ලියුමට එබිකම් කරපු අපේ පුතා කියනවා, තාත්තෙ සිද්දිකා දැනටමත් පරණ නිළියක්, අලුත් මාතෘකාව විවාහක රෑ රැජින කියල. ඇත්ත නේන්නම්, ගෑනියෙකුට හතුරැකමක් කරන්නෙ තව ගෑනියෙක් කියනෙකත් මේකෙන් බොරු වුණානෙ. බලන්න කැරොලයින් ජූරි ඔයාට කරපු උදව්ව, පුෂ්පිකා ද සිල්වගෙ ඔටුන්න ගලවල. ගෑනියෙකුට උදව් කරන්නෙ තව ගෑනියෙක්මයි, සිද්දිකා. ඔයත් දැන් ගොඩ.
 
(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
 

THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්