කොරෝනා වසංගතය සදහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන
ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී.
 
නිවේදනයක් නිකුත් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාතාංශය පවසන්නේ, කොව්ඩ් 19 තුන්වැනි අවස්ථාවත් සමග ඇති වී තිබෙන රෝගි තතත්වයේ ව්‍යාප්තියේ වැඩිවීමත් සමග කොව්ඩ් 19 රෝගය සදහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු පසුගිය අවස්ථා වලට වඩා සීඝ්‍රයෙන් මෙම අවස්ථාවේ විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වන බවයි.
 
එවැනි ආගන්තුක ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකරගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනය මගින් සමස්ත ජනතාවගෙන් ඉල්ලා තිබේ.
  
වසංගතයේ දෙවැනි රැල්ල නැග ආ සමයේ ප්‍රතිකාරයක් ලෙස ප්‍රචාරය කෙරුණු “ධම්මික පැණිය” නමින් ප්‍රකටවූ පානයට පාර්ලිමේන්තුවේ අනුග්‍රහය ලබාදෙමින් එය පානය කළ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද කොරෝනාසාදිත වී බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් අනුව දැන් සුවපත් වී සිටින්නීය.
 

pavithra

 
ආයුර්වේදයේ හා දේශිය වෙදකම තුළ රෝගයක් සදහා ඖෂධ සකස් කිරීමේදී ඊට යොදාගනු ලබන අමුද්‍රව්‍ය පිළිබද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇගේ යටතේ පවතින දේශීය වෛද්‍ය අමාත්‍යංශය දැන් පවසද්දී, සමාජ මාධ්‍ය ඔස්සේ කරලියට පැමිණ ඇති එවැනි කොරෝනා ඖෂධ වට්ටෝරු ජාවාරමක් ගැන rata.lk වෙබ් අඩවිය අනාවරණය කර ඇත්තේ සාක්ෂි හා තොරතුරු ද සහිතවය.
 
පහත පලවන්නේ rata.lk හි පලවූ එම වාර්තාවයි.
 
 
 
කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්
 
 002A2773 768x512
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකතුවෙන් කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයකි.  ඔහු තවත් කිහිප දෙනකු හා එක්ව කරගෙන යන්නේ නීති විරෝධී වෙළඳාමකි. 
 
මේ බව හෙළි වූයේ එම ඖෂධය සොයාගත් බව පවසන උදාර සම්පත් ගුණවර්ධන නමැති වෛද්‍යවරයා හමුවී ඔහු සමඟ සාකච්ඡා කරමින් සහ ඔහු කළා යැයි කියන  පර්යේෂණය හා නිෂ්පාදනය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක දී ය.
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා සඳහා ඖෂධයක් සොයාගෙන ඇති බව පුවත්පතක විශේෂාංග ලිපියකින්, යූ ටියුබ් නාලිකා කිහිපයකින් හා සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරයක් ලැබෙමින් තිබේ. එම වෛද්‍යවරයා සොයාගත් ඖෂධයෙන්  පෙනහළු ශක්තිමත් වී කොරෝනා රෝගීන් සුවපත් වන බවටත් ප්‍රචාරය කෙරෙමින් පවතී. මෙවැනි ඖෂධයක් පිළිබඳ ඇතිවූ සැකය හේතුවෙන් අපි එම වෛද්‍යවරයා හමුවීමට තීරණය කළෙමු.
 
අදාල වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ සාමාන්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරයි. 
 
අපි මෙම වෛද්‍යවරයා හමුවීමට යාමට පෙර ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සූත්‍ර කමිටුව, ආයුර්වේද කොමසාරිස්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, රුහුණ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ආයුර්වේද අමාත්‍යාංශය යන අයතන සහ පුද්ගලයන්ගෙන් විමසූ අතර අපට අනාවරණය වූයේ එම කිසිදු ආයතනයකින් මෙවැනි ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් අනුමත කර නැති බවයි.
 
add 
කෙසේ වෙතත් එම ඖෂධය බව පවසන නිෂ්පාදනයෙන් වරකට එක් කරලක් බැගින් දවසට තුන්වතාවක් දින හතරක් පානය කළ යුතු බව පවසන වෛද්‍යවරයා එම අවශ්‍ය කරල් ‍12ක් සහිත පෙට්ටියක් රුපියල් 3,750.00ක මුදලකට අළෙවි කරයි.
   
වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන හමුවී සුළු වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි පසු අපි ඔහුගෙන් ප්‍රශ්න කෙළමු. 
 
#  එහි දී අනාවරණය වූයේ මෙම වෛද්‍යවරයා ඖෂධ නිෂ්පාදනය පිළිබඳ කිසිදු පුහුණුවක් ලබා නොමැති බවයි. 
 
 
# එමෙන්ම ඔහු පවසන්නේ ආචාර්ය උපාධියක් සහිත තම සොහොයුරා මේ සම්බන්ධයෙන් තමන්ට සම්පූර්ණ සහයෝගය දක්වන බව වුව ද අවම වශයෙන් එම සොහොයුරාගේ දුරකථන අංකය හෝ ලබාදුන්නේ නැත.
 
එම සොහොයුරා සමඟ සහ මෙම පර්යේෂණය සඳහා උදව් කළා යැයි පවසන මහමෝදර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලෙස සිටින තම බිරිඳ හෝ අපට සම්බන්ධ කිරීමට මෙම වෛද්‍යවරයා කැමති වූයේ නැත. 
  
# ඔහු කියා සිටියේ ශාක වර්ග ගැන තොරතුරු සොයාගැනීමේ දී පමණක් තම බිරිඳ ඔහුට සහයෝගය දැක්වූ බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඇය සම්බන්ධ කරගැනීම අනවශ්‍ය බව ඔහු කියා සිටියේය.
 
 
# නමුත් අපි ඔහුගේ සහෝදරයා වෙනත් මාර්ගයකින් සම්බන්ධ කරගෙන ඇමතුම් ගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත. ඔහුට කෙටි පණිවිඩයක් යවා ඇමතීමට අවශ්‍ය කරුණ ගැන විමසූ විට තමන් රෝහලේ සිටන බව දන්වා පණිවිඩයක් එවා තිබිණි. මෙම නිෂ්පාදනය සඳහා ඔහුගේ දායකත්වයක් ඇත්දැයි විමසූ විට ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා එවා තිබුණේ නැත.
 
 
# රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලැබීමෙන් පසු තමන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන හෝ පර්යේෂණ සිදුකළ විශ්වවිද්‍යාල, රසායනාගාර හෝ වෙනත් අධ්‍යයන ආයතන හෝ පෙන්වාදීමට ඔහුට හැකිවූයේ නැත.
 
 
#  ආචාර්ය උපාධියක් හෝ ඇති බව නොකී මෙම වෛද්‍යවරයා තමන්ට මේ පර්යේෂණ සඳහා උපකාරකළා යැයි කියන අපට සම්බන්ධකර නොදෙන සොහොයුරාගේ නම හැර වෙනත් කිසිම විශේෂඥයකු හෝ පර්යේෂණ සහායකයකු ගැන හෝ කීමට සමත්වූයේ නැත.
 
 
# එමෙන් ම මෙම ඖෂධය සඳහා පර්යේෂණ කළ ස්ථානයක් හෝ නොකියන උදාර සම්පත් ගුණවර්ධන නමැති වෛද්‍යවරයා තමන් පර්යේෂණ සිදුකළේ කොරෝනා වයිරසයෙන් සිරුරේ රසායනික ද්‍රව්‍ය වෙනස්වන ආකාරය පිළිබඳ විදේශ රටවල පර්යේෂකයන් විසින් ලියා ඇති පර්යේෂණ වාර්තා කියවීමෙන් ඊට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ශාක සාර හඳුනාගැනීමෙන් බව කීවේ‍ය.
 
 
# නමුත් ඔහු සතුව ඇතැයි කියන පර්යේෂණ වාර්තා කිසිවක් ඔහු පෙන්නුවේ නැත. කොරෝනා වයිරසය සිරුරට ඇතුළු වූ පසු සිරුරේ සිදුවන වෙනස් කම් කිහිපයක් වෛද්‍යවරයා අපට පැවසුව ද ඒවා සාමාන්‍ය දැනීමක් ඇති මා හට වුව ද තේරුම්ගත හැකි කරුණු කිහිපයක් පමණි. 
 
 
ඔහු ශාක සාර යොදාගත්තේ කවර නම් වූ රසායනිකයකට එරෙහිව ද යන්නත් ඊට එරෙහිව ඔහු‍ගේ නිෂ්පාදනයේ ක්‍රියාත්මක වන රසායනික ද්‍රව්‍ය කවරේද කීමට හෝ ඔහු සමත්වූයේ නැත. ඔහු යොදා ගන්නා ශාක වර්ග ලෙස සුදුළූණු, ආඩතෝඩා, කොත්තමල්ලි, වද කහ, මදුරුතලා, ඉඟුරු නම් කළ ද ඔහුට ඒවායේ උද්භිද විද්‍යාත්මක නම් හෝ මතක නැත. නමුත් මේ ශාක වර්ග 06 සමඟ මාස හයක් පර්යේෂණ කළ බව ඔහු පවසයි. 
   
# පර්යේෂණ කළ ආයතනයක් හෝ තැනක් කීමට ඔහු අසමත්ය. මෙම ශාක වර්ග 06ට අමතරව පර්යේෂණ කළ වෙනත් ශාක වර්ග කවරේද ඒ කොපමණ විශේෂ ප්‍රමාණයක් ද යන්න විමසූ විට ද ඔහු එම ප්‍රශ්නය මඟ හැරියේ මේ ශාක වර්ග සුදුසු බව තේරුම් ගත්තා යැයි කියමිනි.
 
 
# ඔහු විසින් වරෙක ඖෂධයක් ලෙසත් තවත් අවස්ථාවක ආහාර අතිරේකයත් ලෙසත් හඳුන්වන මේ නිෂ්පාදනය සඳහා අනුමැතිය ඇති බව ඔහු කීව ද අප අනුමැතිය ගත යුතු ඒ ඒ ආයතන නම් කරමින් අනුමැතිය ගත්තේ දැයි ඇසූ විට තමන් එම කිසිදු ආයතනයකින් අනුමැතිය ගෙන නැතැයි උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයා නිහතමානීව පිළිගත්තේය.
 
 
# නමුත් ඔහු කියා සිටියේ Bureau Veritas නම් ජාත්‍යන්තර ආයතනයකින් තමන් මෙය ආහාර අතිරේකයක් බවට අනුමැතිය ලබාගත් බවයි. ඒ සහතිකය දැන් පෙන්වන්න යැයි කී විට එය තම ජංගම දුරකථනයේ නොමැති බවත් වාහනයේ තිබෙන බවත් ඔහු කීවේය. නමුත් එය පෙන්වන්න යැයි ඔහුට තුන්වරක් සිහිපත් කළ ද ඔහු එවැන්නක් පෙන්වූයේ නැත.
 
 
#  නමුත් මා වෙතින් ඉවත්ව යාමෙන් පසු ඔහු කියා සිටියේ නිවසට ගිය වහාම එම අනුමැතිය ඇති සහතිකය මා වෙත එවන බවයි. නමුත් මේ ලියන මොහොත වනවිට ඔහු හමුවී පැය 12කට වැඩි කාලයක් ගතව ඇතත් ඔහු මා වෙත එවැනි අනුමත ලිපියක් එවා නැත.
 
 
# උදාර සම්පත් ගුණවර්ධන චමුදිත සමරවික්‍රම සමඟ පැවැත්වූ යූ ටියුබ් සාකච්ඡාවේ දී පවසන්නේ තමන්ට ISO 22000 තත්ත්ව සහතිකය තිබෙන බවයි. එමෙන්ම මේ නිෂ්පාදනයේ කැඩ්මියම් හො රසදිය වැනි බැර ලෝහ නොමැති බවට Bureau Veritas ආයතනය සහතික කර ඇති බවත් ඔහු කීවේය.
 
fsdfsdf
 
# මේ කරුණු පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට කතා කළ විට එම ආයතනය පැවසුවේ එවැනි නිෂ්පාදනයකට කිසිදු ISO සහතිකයක් ලබා දී නැති බවයි. නමුත් Bureau Veritas නම් ආයතනය ද තත්ත්ව සහතික ලබාදෙන බව කීවේය. 
 
 
# අපි Bureau Veritas ආයතනයේ වෙ‍ළඳ අංශයේ මනේෂ් කෙවින් හට කතා කළ විට ඔහු කීවේ මෙම වෛද්‍යවරයාගේ නිෂ්පාදනය සඳහා කිසිදු ISO සහතිකයක් නිකුත් කර නැති බවයි. එමෙන්ම ඖෂධ හෝ ආහාර අතිරේක සඳහා තම ආයතනයට එවැනි සහතික ලබාදීමට බලයක් නොමැති බවත් ඔහු කීවේය. 
 
 
# එම සහතිකය ලබාදිය යුත්තේ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියෙන් බව ද ප්‍රමිති ආයතනය හා Bureau Veritas ආයතයන පැවසූ අතර ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියෙන් තමන් කිසිදු අනුමැතියක් ගෙන නැතැයි වෛද්‍යවරයාම අප සමග කීවේය.
 
 
# ආහාර හෝ ඖෂධ නිෂ්පාදනයක් සඳහා තත්ත්වය සහතිකයක් ලබාගැනීමටනම් එම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබාගන්නා ස්ථානවල සිට නිෂ්පාදනය කර අවසන්වන තුරු ක්‍රියාවලියේ ම ගුණාත්මක භාවය හා එම තාක්ෂණය පිළිබඳ පරීක්ෂණ වාර්තා රැසක් ගත යුතුය. නමුත් උදාර සම්පත් ගුණවර්ධන එම අමුද්‍රව්‍ය ගන්නා ආකාරය හෝ සපයා ගත හැකි ප්‍රදේශ ගැන හෝ කියන්නට දන්නේ නැත.
 
 
 
සායනික පරීක්ෂණ පැවැත්වූ ස්ථාන හා ඒවායේ වාර්තා ?
 
#  මෙම නිෂ්පාදනය කොරෝනා ආසාදනයෙන් වැළකී සිටීම සඳහා ඉවහල් වන බවට තහවුරු කළ සායනික පරීක්ෂණ පැවැත්වූ ස්ථාන හා ඒවායේ වාර්තා පිළිබඳ අපි ඔහුගෙන් විමසා සිටියෙමු. ඔහු කීවේ එවැනි සායනික පරීක්ෂණයක් සිදුකර නැති බවයි.
 
 
# එමෙන්ම තමන් විසින් ශාක සාරවල ඇති රසායනිකයන් හඳුනාගෙන ඇත්නම් ඒවායේ නම් කිහිපයක් පවසන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී ඔහු කීමට සමත් වූයේ මදුරුතලාවල ඊජන් ඔයිල්, ආඩතෝඩාවල බෙනිලෝයි සහ වදකහවල බී-ඇසරෝන් ඇතැයි යන්න පමණි. ඉඟුරු, සුදු ළූණු හා කොත්තමල්ලිවල ඇති කිසිදු රසායනිකයක් සිහිපත් කර ගැනීමට මේ පර්යේෂකයකු හා ඖෂධ නිෂ්පාදකයකු යැයි කියන වෛද්‍යවරයාට හැකිවූයේ නැත.
 
පර්යේෂණ කළ රසායානගාරයක් හෝ පර්යේෂණාගාරයක් කිව නොහැකි, පර්යේෂණ වාර්තාවක් නැති, පර්යේෂණයට සහභාගී වූ වෙනත් කිසිදු පුද්ගලයකු හඳුන්වා නොදෙන, හඳුනාගත්තා යැයි කියන රසායනික ද්‍රව්‍ය හෝ යොදාගත් බව කියන ශාකයක විද්‍යාත්මක නම හෝ නොදන්නා, පර්යේෂණ පත්‍රිකාවක් ලියා ප්‍රකාශයට පත් නොකර තමන් ඖෂධයක් සොයාගත්තා යැයි කියමින් කිසිදු සායනික පර්යේෂණයක් නොකර ඒ පිළිබඳ ප්‍රචාරය දෙමින් ඒවා මුදලට විකුණන මේ වෛද්‍යවරයාට පර්යේෂණ පිළිබඳ ඉතිහාසයක් ද නැත.
 
# ඔහු පවසන්නේ තමන් පුද්ගලික චැනලින් සේවාවන්හි නොයෙදන බවයි. නිරන්තරවම තමන් ජනතාව වෙනුවෙන් ම කැපවී සේවය කරන බව පවසන මේ වෛද්‍යවරයා රාජ්‍ය නොවන සංවිධාන හා සම්බන්ධ වී දේශන පැවැත්වීමේ ඉතිහාසයකට හිමිකම් කියයි. 
 
 
# එමෙන්ම කොතැනක හෝ ඉඩමක් විකිණීමට ඇත්නම් එම දුරකථන අංකවලට කතා කර ඉඩම් විකුණන පුද්ලයා හා සම්බන්ධ වී ගනුදෙනුකරවුන් සෙයාදෙන අතරමැදියකු ලෙස ද මේ වෛද්‍යවරයා කටයුතු කර තිබේ.
 
ඔහු මට කීවේ තමන් 06 වතාවක් ඇමෙරිකාවට ගොස් ඇති බවයි. ඒ විදවතුන් හමුවීමටත්, දැනුම බෙදාගැනීමටත් සමුළු සඳහා සහභාගීවීමටත් බව කීවේය. ජර්මනියට ගොස් දැඩි සත්කාර ඒකක සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ බව ද කීවේය. ඔහු ආචාර්ය උපාධියක් ඇති වෛද්‍යවරයකු බව මේ නිෂ්පාදනය අළෙවි කිරීම සඳහා සැකසූ පත්‍රිකාවක් සඳහන් කර ඇත. 
   
# නමුත් ඔහුට එවැනි ආචාර්ය උපාධියක් ඇති බව සනාථ කළ නොහැකි විය. රටවල් ගණනාවකින් පැමිණි විද්වතුන් සමඟ ඔහු කටයුතු කර ඇතැයි ද එම පත්‍රිකාවේම දැක්වේ. ඒ ඔහු සහභාගී වූ සමුළුවකට සහභාගී වූ අනෙක් රටවල නියෝජිතයන් ගණනයි.
 
 
# මුදල් ඉපයීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකට පුද්ගලයකු ඔහුට උපදෙස් ලබා දී ඇති බව ද ඔහුගේ ම ප්‍රචාරක පත්‍රිකාවක සඳහන් කර ඇත. මේ ජාවාරම ආරම්භ වන්නට ඇත්තේ එම පුද්ලයාගේ මඟ පෙන්වීමෙන් ද යන්න අපට මතුවන බරපතල සැකයකි.
 
 
# Your energy well නමින් මිනිස් සිරුරේ ඇති ශක්තිය ගැන දේශන පවත්වන මේ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන ගොස් ඇත. ඔහු පවසන්නේ තමන් එම වැඩසටහන් සඳහා ඇමෙරිකාවට ගිය බවයි. 
 
7.Mel Gibson 1
 
# ඇමෙරිකාවේ Highpoint university නමැති විශ්වවිද්‍යාලයකට ගොස් එහි සභාපතිවරයා සමඟ කටයුතු කළ බව ඔහු කීව ද ඒ කුමන කාර්යයන් සඳහා දැයි විමසූ විට ඔහු කීවේ සුළු වේලාවකට හමුවූ බවයි. 
 
 
# ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයකු ද හමුවූ ඡායාරූපයක් ඔහු මට පෙන්වූ අතර ඒ සමුළුවක දී ගත් ඡායාරූපයකි. 
 
# ඔහු ඇමෙරිකාවේ දී කරන ලද අධ්‍යයනය කටයුතු හෝ පර්යේෂණ කටයුතු ගැන සඳහන් කරන්නේ නැත. මේ සෑම අවස්ථාවකටම ඔහු සහභාගී වී ඇත්තේ පුද්ගලික සංචාර ලෙස බව වෛද්‍ය ගුණවර්ධන අප සමඟ කීවේය.
 
  
දැන් ඔහු යමක් නිෂ්පාදනය කර තිබේ. තමන් මේ කරල් වර්ගය අළුත්ගම තම ගම් ප්‍රදේශයේ නිෂ්පාදනය කරන බව චමුදිත සමරවික්‍රම සමඟ සාකච්ඡාවට එක්වෙමින් කී වෛද්‍ය ගුණවර්ධන අප සමඟ කීවේ තමන් මේ ඖෂධයේ රසායනික සංයුතිය වෙනත් සමාගමක දී ඔවුන් එය නිෂ්පාදනය කරන බවයි. එම නිෂ්පාදන සමාගම Megha caring (Pvt) Ltd ලෙස ඔහු හඳුන්වා දුන්නේය. එම සමාගම ආහාර අතිරේක නිෂ්පාදනය පිළිබඳ ආයතනක් බව ද ඔහු කීවේය. එම නිෂ්පාදනය අලෙවි කරන පෙට්ටියේ අදාල ආයතනයේ වෙබ් අඩවි ලිපිනයක් දක්වා ඇතත් එම වෙබ් අඩවිය විවෘත වන්නේ නැත.
   
#  මෙම වෛද්‍යවරයාගේ නිෂ්පාදනය ලබාගත හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබූ දුරකථන අංකයකට අපි ඇමතුමක් ගත්තෙමු. එවිට එම ඇමතුම හා සම්බන්ධ වූ කාන්තාවක් කියා සිටියේ තම ආයතනය මෙය බෙදාහැරීම පමණක් කරන රූපවාහිනී වැඩසටහන්, දැන්වීම් හා ටෙලි නාට්‍ය නිෂ්පාදන ආයතනයක් බවයි. 
 
 
# එම ආයතනයේ සංක නමැති අයකුට ඇමතූ විට ඔහු කීවේ තමන් මේ නිෂ්පාදනයේ ප්‍රචාරක කටයුතු පමණක් භාරව ඇති බවයි. වැඩි විස්තර නොදන්නා බවත් තමන්ට වඩා ප්‍රදීප් බුලත්සිංහල විස්තර දන්නා බවත් ඔහු කීවේය.
 
fgdgfui
ඕෂධී හේවාමද්දුම - ප්‍රදීප් බුලත්සිංහල යුවල
 
 
ප්‍රදීප් බුලත්සිංහලගේ දුරකථනයට ඇමතූවිට ඔහුගේ බිරිඳ ඕෂධී හේවාමද්දුම කතා කළාය. මා කවුරුන්දැයි හඳුන්වා දී ඇගෙන් තොරතුරු විමසූ විට කියා සිටියේ Megha caring (pvt) Ltd ආයතනය වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ ආයතනයක් බවයි. ඔහු වෛද්‍යවරයකුව සිටිය දී අධ්‍යක්ෂධූරයක් දැරිය නොහැකි බැවින් වෙනත් අය අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබෙන බවත් වෛද්‍යවරයා විසින් ගෙන එන නිෂ්පාදන තමන් අළෙවි කිරීම හා ප්‍රචාරය පමණක් කරන බව ද ඇය කියා සිටියාය. තමන්ට ඖෂධ හේ ආහාර අතිරේක නිෂ්පාදන ආයතනයක් නොමැති බව ද ඇය කීවාය.
  
මේ නිෂ්පාදනය මෙරට අළෙවි කිරීම සඳහා අනුමැතියක් ලබා තිබේ දැයි විමසූ විට ඇය කියා සිටියේ සියළු අනුමැතීන් ඇති බවයි. ISO තත්ත්ව සහතිකය ද එම නිෂ්පාදනයට ඇති බව ඇය කීවාය. අප එවිට ඇයට කියා සිටියේ අප වෛද්‍යවරයා හමු වී කතා කළ විට එවැනි අනුමැතියක් නොමැති බව වෛද්‍යවරයා පිළිගත් බවයි. 
 
එවිට විනාඩි 05ක් ඇතුළත වෛද්‍යවරයා අමතා අපට යළි අමතන බව පවසමින් ඇය දුරකථනය විසන්ධි කළාය. නමුත් පැයකට පමණ පසු ඇයට අප දුරකථන ඇමතුම් ගත්ත ද සිදුවූයේ ඒ ඇමතුම් විසන්ධි කිරීම පමණි. නමුත් ඇය මගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එවා තිබිණි. එහි මෙසේ සඳහන් විය.
 
  
“හරි දේට බොරුවක් කියලා චෝදනා කරන ඔයාටත්, ඉක්මනට ඔය බෙහෙත බොන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.” මෙය ආශිර්වාදයක් ද වක්‍රාකාරයෙන් කරන ද තර්ජනයක් දැයි තේරුම්ගත නොහැක.
  
මෙලෙස අනුමැතියක් නැති නිෂ්පාදනයක් ඖෂධයක් ලෙස අළෙවි කිරීමෙන් කොරෝනා සම්බන්ධයෙන් ජනතාව තුළ ගොඩනැගී ඇති භිය ප්‍රයෝනයට ගනිමින් මුදල් සෙවීම වරදක් නොවේ ද යන්න වෛද්‍යවරයාගෙන් විමසූ විට ඔහු අපට කීවේ,
 
“ඒ නිසා තමයි අපි මෙය ආහාර අතිරේකයක් කියලා අළෙවි කරන්නේ. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නෑ.” යනුවෙනි. එයින් ගම්‍ය වන්නේ ඔහුගේ අරමුණයි.
 
 
 
රුපියල් ලක්ෂ 600ක් උපයාගෙන අවසන් !
 
ඔහු කළ නිෂ්පාදනයක් පෙන්වාදීමට නොහැකි වූ තැන මා විකුණන්නේ ආහාර අතිරේකයක් කියා නීතියෙන් බේරී යාමට තැත් දරයි. ඔහු අප සමඟ කීවේ දැනටමත් 50,000ක පමණ පිරිසකට අවශ්‍ය ප්‍රමණය නිෂ්පාදනය කර දැනට 30,000ක් පමණ ඉතිරිව තිබෙන බවකි. එසේනම් 20,000ක් දැනටමත් අළෙවි වී අවසන්ය. මේ වෛද්‍යවරයාට එක පැකට්ටුවකින් රුපියල් 3000.00 ලාභයක් ඇත්නම් ඔහු දැනටමත් රුපියල් ලක්ෂ 600ක් උපයාගෙන අවසන්ය.
  
# කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බව කියන මේ වෛද්‍යවරයා මා හමුවට ආවේ ද එන් 95 මුඛ ආවරණයක් පැළඳගෙනය. ඔහු සේවය කරන වාට්ටුව පසුගිය සතියෙ නිරෝධායනය කර තිබිණි. කරාපිටියේ කොරෝනා ආසාදිතයෝ ද ඔවුගේ ආශ්‍රිතයෝ ද ඇති තරමට සිටිති. ඔහු ඔවුන් කිසිවෙකුට මේ ඖෂධය ලබා දී කොරෝනා ආසාදනයෙන් ඔවුන් සුවපත් කරගෙන නැත.
 
 
# අප ඔහුගෙන් තවදුරටත් විස්තර විමසද්දී එතෙක් නොපෙන්වූ හදිසියක් ඇතිකරගත් මේ වෛද්‍යවරයා තමන් සතුව ඇතැයි කියූ ලිපි ලේඛන පවා පෙන්වීමට අපොහොසත්ව එතැනින් නැගිට ගියේය.
 
 
# කරාපිටියේ වෛද්‍යවරයකු මෙවැනි ඖෂධයක් විකුණන බවත් එය නීත්‍යානුකූල ද යන්න පිළිබඳවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ, වෛද්‍යවරුන්ට කිසිම ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් ප්‍රවර්ධනය කළ නොහැකි බවයි. එබැවින් මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්වත් කර විමර්ශනයක් ආරම්භකිරීමට කටයුතු කරන බව ද එම ප්‍රකාශකයා කීවේය.
 
ඔහු සමඟ කළ සාකච්ඡාවෙන් තහවුරු වන්නේ මෙය සැබැවින්ම ඖෂධයක් නොවන බවයි. එය මුදල් සෙවීමට කරන ලද ව්‍යාජ නිෂ්පාදනයකි. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම අදාල ආයතනවල කාර්යයි.
  
# ඔහු සෘජුවම කීවේ තමන් අවම වශයෙන් මේ පිළිබඳ සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද අමාත්‍යාංශය හෝ අයුර්වේද දෙපාර්තමේන්තුව හෝ දැනුම්ත් නොකළ බවයි.
 
 
# අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තමන් ආශිර්වාද ලබාගත් බවත් අදාල ආයතනවලින් අවසර ගන්නා ලෙස අගමැතිවරයා කීවත් තමන්ට එය කළ නොහැකි වූ බව ද ඔහු කීවේය.
 
 
කොරොනාවලට භිය වී සිටින මිනිසුන් මෙවැනි ව්‍යාජ නිෂ්පාදවලට රැවටී නොමග ගොස් තමන් අත ඇති පිච්චිය ද වියදම් කරගැනීම සැබැවින්ම කණගාටුවට කරුණකි.
කොරෝනාවලින් මියයන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. දැන් බුරුතු පිටින් අළෙවි වන මේ ව්‍යාජ නිෂ්පාදනය ලබාගත් අයත් කොරෝනා වයිරස ආසාදනය වූ විට හෝ ඒ බව දැනුම්වත් කිරීම රටේ ජනතාවට සිදුකරන මහ මෙහෙවරක් වනු ඇත.
 
 
(උපුටා ගැනීම- rata.lk)
 
 
සබැඳි පුවත් :
 

 


 

THE LEADER TV 

කොවිඩ් මරණ: හේමසිරිට, පූජිත්ට බෙදන හැන්ද වත්මන් බලධාරීන්ට අදාළද?

 

 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්