කොරෝනා ආසාදිතයින් රැගෙනගොස් රඳවා තබාගන්නා පූනානි කඳවුර සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයන් එල්ලවෙමින් තිබේ. 
 
 
පහත පලවන්නේ එහි රඳවාගෙන සිටි මුදාහරිනු ලැබූවකුගේ සටහනකි. 
 
''දකුණු කොළඹ රෝහලේ සිට මඩකලපුව පූනානි කොවිඩ්  රෝගීන්ගේ කඳවුරට යැවූ තරුණයෙකු, අසාධ්‍යව නැවත කොළඹට ගෙන ඒමෙන් පසු මරණයට පත්ව ඇත. 
 
කිලෝ මීටර් 600ක් එහා මෙහා ගෙන ගියේ කාගේ වුවමනාවකට දැයි අපි නොදනිමු.
 
 ggdf
 
 
අතීතයේ වසූරිය රෝගීන් කැලේ ගැසුවාක් මෙන් දුප්පත් රෝගීන් මඩකලපුව ගෙන යාම  සිදුවේ. 
 
පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොවේ. හිට්ලර් පන්නයේ කඳවුරකි. 
 
වෛද්‍යවරු නැත. ICU BED, VENTILATOR ඔක්සිජන් නැත.  එය දණ්ඩන කඳවුරකි. 
 
රෝගය අසාධ්‍ය වුවහොත් එහිදී මරණයට වඩා වැඩි දෙයක් අපේක්ෂා කළ නොහැක. 
 
සෞඛ්‍ය අංශ පවසන අන්දමට රෝගීන් රැකබලා ගැනීමක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී සිදු නොවේ.
 
මේ පිළිබඳව මීට ඉහතදී ද අප කිහිපවරක් සඳහන් කළ ද වෙනසක් සිදුවන බවක් නොපෙනේ. 
 
පහත වීඩියෝව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී අසාධ්‍ය තත්වයට පත් රෝගියෙකු පිටතට ගෙන යාම සඳහා ට්‍රැක්ටරයකට පටවන අවස්ථාවක ගන්නා ලද්දකි. මධ්‍යස්ථානයේ අනෙකුත් දෑ ප්‍රවාහනය කරන්නේත්, ආහාර පාර්සල් රැගෙන එන්නේත් මෙම ට්‍රැක්ටරයෙන් බව රෝගීහු පවසති.
 
 
 
 
 

 
සබැඳි පුවත් :
 
 
 
 
 

 

 

 


 

 

 THE LEADER TV 

සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!

 

බැසිල් රට යන්න කලින් ගෝඨා තියාගෙන මහින්දට කියපු කතාව!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්