(tbsnews.net වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙනි) 
 
බංගලාදේශය, ණය බරින් පීඩාවට පත් වී සිටින ශ්‍රී ලංකාවට තම විදේශ විනිම සංචිතයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට කටයතු කරමින් සිටින බව ද, මේ අකාරයෙන් ණය ලබා දීම සම්මත ශ්‍රේණිගත කිරීමේ අවශ්‍යතාවනට අනුකූල නොවන බැවින්, අදාළ බංගලාදේශ බැංකුව මෙම ණය ලබා දෙන්නේ භාන්ඩාගාරයේ අභ්‍යන්තර ආයෝජන මාර්ගෝපදේශයෙන් ද නොතකා  බව ද වාර්තා වේ.
 
එලෙසම, මෙබඳු මුදල් හුවමාරු ගනුදෙනුවක් හරහා මහ බැංකුව විසින් මෙවැනි ආයෝජනයක යෙදෙන්නට යන පළමුවන වතාව ද මෙය බව තවදුරටත් වාර්තා වේ.  
 
ශ්‍රී ලංකාව විසින් මේ ලිහිල් කිරීමේ සහය ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් බංගලාදේශ බැංකුව විසින් විශේෂ අවදානමක් ගනිමින් මෙලෙස මේ ගිවිසුම අනුමත කරනු ලැබ ඇත.
 
මහ බැංකුව විසින් මේ තීරණය ගෙන ඇත්තේ, ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්ත ආයතනවලට අනුව, ශ්‍රී ලංකාව ප්‍රධාන ධාරාවෙන් අහකට විසිව යාමේ අවධානමක පවතින මේ ගෙවෙන කාලාවකවේ දී ය.
 
අභ්‍යන්තර භාණ්ඩාගාර මාර්ගෝපදේශයන් පෙන්වා දෙන පරිදි, බංගලාදේශ බැංකුවට ඇමරිකා එක්සත් ජනපදය වැනි වෙනත් රටවල භාණ්ඩාගාර සේ තම විදේශ විනිම සංචිතය ඉහළ මට්ටමේ බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කළ හැකි ය.
 
cvxv
 
ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ඒස්. ඇන්ඩ්. පී. ආයතනය, ශ්‍රී ලංකාවට අදාළ දිගුකාලීන මුදල් ශ්‍රේණිගත කිරීම CCC + දක්වා ලඝුකොට දක්වා ඇති අතර, එමගින් මේ දූපත් රාජ්‍යය ආර්ථීකමය වශයෙන් පෘථීවිගෝලයේ ප්‍රධාන ධාරාවෙන් බැහැරට විසිවීමේ අවධානමකට ද මුහුණ දෙමින් සිටින බව අනාවරණය වේ.  
 
මේ විදිහට සැලකූ කළ, ශ්‍රී ලංකාවේ වත්මන් ණය ලකුණ, මේ වන විට ආජන්ටීනාව, මොසැම්බීක් සහ බේලීස් (Argentina, Mozambique, and Belize.) වැනි ආර්ථීකව දුර්වල රාජ්‍යයන්ට ලබා දී ඇති ණය ලකුණට සමාන වෙමින් පවතී.
 
 
 
උපරි අනාරක්ෂිත තත්වයකට ඇද වැටේ :
 
ආයෝජන ඇගයීමේ දී මෙතෛක් බංගලාදේශ බැංකුව විසින් වැඩි අවධානයකින් සලකනු ලැබූ මූඩිස් නම් ශ්‍රේණිගත ගෝලීය ආයතනය විසින් පෙන්වා දෙන පරිදි, වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දීර්ඝ කාලීන මූල්‍ය නිකුතුව විමසා බැලීමේ දී, ශ්‍රී ලංකාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී Caa1 සිට B2 දක්වා ලඝු වී මූල්‍ය ආර්ථීක වශයෙන් උපරි අනාරක්ෂිත තත්වයකට ඇද වැටී ඇත.
 
මේ ශ්‍රේණිගත තක්සේරුවෙන් පිළිබිඹු වන්නේ, කොරෝනා වෛරසය හඹා ඇවිත් ඇති කරන ලද කම්පනයට ද පසුව, එතෙක් ශ්‍රී ලංකාවට ලැඛෙමින් පැවති බාහිර ස්ථාවරභාවය සේ ම දියාරු අරමුදල් පවා තීරණාත්මකව හීන වී යාමට නියමිත බව ය.
 
මූඩි ආයතනයේ තක්සේරුව පරිදි, ශ්‍රී ලංකාවට අදාළව වෙලඳපොල මූල්‍ය ප්‍රතිපාදන කෙරෙහි ආයෝජකයන්ගේ සිත් පෙළඹවීම අස්ථාවර වීමට නියමිත ඉදිරි වසරවල දී, ශ්‍රී ලංකාවේ භාහිර ණය ගෙවීම් සේවා සිදු කිරීමට ඇති ආරක්ෂිත අරමුදල් මාර්ග ද සීමිතව ගොස්, නව දියාරු ආර්ථීක තත්වයක් උද්ගත වී රට බරපතල භාහිර අවදානමකට ඇද වැටීමට නියමිත ය.
 
 
සියයට 2 ක පොලියකට :
 
මෙම හුවමාරු ගනුදෙනුව පරිදි බංගලාදේශ බැංකුව ශ්‍රී ලංකාවට මුදල් ආධාර ලබාදෙන්නේ සියයට 2 ක පොලියකට වන අතර, මෙය වත්මන් ගෝලීය ණය දෙන පොදු අනුපාතයට ද වඩා ඉහළ අගයකි. තවද මේ ගනුදෙනුව, ණය අරමුදල් පියවා වසරක් යනතෙක් ම බලාත්මක් වන අතර, ණය මුදල් ලබාගත් මොහොතේ පටන් මාස තුනෙන් තුනට ගෙවීමට ද නියමිත ය.
  
මේ ගණුදෙනුවට අනුව, ශ්‍රී ලංකා ආණ්ඩුව බංගලාදේශ බැංකුව සමඟ මේ මුදල් හුවමාරුව කරන්නට යන්නේ, ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් ප්‍රමාණයට සමානුපාතිකව ය.
 
ශ්‍රී ලංකාව මෙසේ මෙබඳු මුදල් හුවමාරු ගනුදෙනුවක් මීට පෙර ඉන්දියාව සහ චීනය සමඟ ද සිදු කර ඇති බව සැලයි.
 
 rajapaksa hasina pid 1616138677122
Bangladesh Prime Minister Sheikh Hasina welcomes her Sri Lankan counterpart Mahinda Rajapaksa with a bouquet at Hazrat Shahjalal International Airport in Dhaka on Friday, March 19, 2021 PID
 
 
පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බංගලාදේශ නිදහස් සැමරුමත්, මන්ගබන්දු ෂික් මුජිබූර් රහමන්ගේ සියවන උපන්දිනය සැමරීමත් යන ද්විත්ව සැමරුම් උළෙලට සහභාගිවීම සඳහා බංගලාදේශයට ගිය අවස්ථාවේ මේ මූල්‍ය හුවමාරවට අදාළ මූලපිරීම සිදුකර ඇත.
 
මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නිළධාරියෙකුට අනුව, මැයි මස පළමුවන සතිය වන විට මෙරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 44කට ආසන්න වන අතර, එය ප්‍රමාණවත් වන්නේ, එතැන් පටන් ඉදිරියට එන මාස 8ක ආනයන වියදම් පියවා ගැනීම සඳහා පමණකි.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරන ආකාරයට, මෙම විදේශ විනිම සංචිතය ප්‍රමාණවත් වන්නේ, මාස 3ක සිට 8ක් දක්වා වියදම් පියවා ගැනීමට යාමේ දී එහි ශේෂය ප්‍රමාණවත් වනවා නම් පමණි.
 
19399556 303 
 
මෙම හුවමාරු ගණුදෙනුව සඳහා කරන ලද ආයෝජන අදාළ මාර්ගෝපදේශවලින් බැහැරව සිදුව ඇත්තේ ඇයිදැයි නියෝජ්‍ය ආන්ඩුකාර කාසි සෙයිදූර් රහ්මන් (Kazi Sayedur Rahman) මහතාගෙන් විමසූ විට, දිගු කලක් විදේශ විනිම සංචිත කළමණාකරණය පිළිබඳ හසල වගකීම් භාරව කටුයුතු කළ අයෙකු වී නමුත්, ඔහු ඊට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කළේ ය.
 
විධායක අධ්‍යක්ෂකවරයෙකු සහ බංගලාදේශ බැංකුවේ ප්‍රකාශකයෙකු වන එම්. ඩී. සෙරාජූල (Md Serajul Islam) 
මහතා පවසන පරිදි, ''මෙම ආයෝජනයන් වල අවදානමක් නොමැති අතර, විදේශ විනිම සංචිතය තුළ ඔවුන්ට ඉතා හොඳ අස්ථානයක් පවතී.''  
 
කෙසේ වෙතත් මෙයින් ලැඛෙන ප්‍රතිලාභය අනෙක් අයගෙන් ලැඛෙනවාට වඩා ඉහළ අගයක් වන බව ඔහු තවදුරටත් පවසා ඇත.
 
 MG 9931 copy Web
Dr Zahid Hussain -Lead Economist
 
 
නමුත් ලෝක බැංකුවේ ඩකා කාර්යාලයේ හිටපු ප්‍රධාන ආර්ථීක විද්‍යාඥයෙකු වන ආචාර්ය සහීඩ් හුසේන් (Dr Zahid Hussain) පැවසුවේ, මෙම ආයෝජනයේ ලැඛෙන ප්‍රතිලාභයට වඩා එහි අවදානම ඉහළ අගයක පවතින බව ය.
 
''මෙවැනි මුල්‍යමය කැපකිරීමක් සිදුකිරීම හරහා ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කෙරෙන කිසිදු හේතුවක් මට නම් පේන්නේ නැහැ''යි ආචාර්ය සහීඩ් හුසේන් තවදුරටත් විග්‍රහකරදී ඇත.
  
මෙලෙස ඔහු වෙන අකාරයකින් කියමින් සිටින්නේ, බංගලාදේශ විදේශ විනිම සංචිතය ප්‍රමාණවත් මට්ටමක තිඛෙන නමුත් එය ඉහළ මට්ටමක නොපවතින බව යි.
 
සහිඩ් හුසේන් පවසන පරිදි, ආනයනය දැනටමත් ඉහළ යමින් පවතින නිසා ඉදිරි දිනවලදී භණ්ඩ මිල ද ඉහළ ගොස්, ඒ හරහා ආනයන වියදම් ද ඉහළ යාමට නියමිත ය.    
 
වර්තමාන විදේශ විනිම සංචිතය ප්‍රමාණවත් වන්නේ, මාස අටක ආනයන වියදම් පියවා ගැනීම සඳහා පමණි. සාමාන්‍ය කාලවල දී මාසික ආනයනය වන්නේ ඩොලර් බිලියන 5ත්-6ත් අතර ප්‍රමාණයකි. එමනිසා ඉන්ධන පිරිවැය ඇතුළු ගෝලීය වෙලඳ භාණ්ඩ මිල ඉහළ යන විට, එය අදාළ සංචිතයට පීඩනයක් ගෙන එනු ඇතැයි ද ආර්ථීක විද්‍යාඥයා තවදුරටත් පැහැදිලි කළේ ය.  
 
කොරෝනා වෛරසයේ දෙවෙනි රැල්ල ආරම්භ වීමට පෙර ආර්ථීක ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි පැවති මාස කිහිපයක කාලයක් පුරා බංගලාදේශ ආනයනයන් ඉහළ යමින්  පැවතිණි.
 
මෙහි ප්‍රතිඵලයක් ලෙස, ජංගම ගිණුම් ශේෂයේ අතිරික්තය අඩුවන්නට පටන් ගත් අතර, මාර්තු මාසයේ දී සහල් සහ කාර්මික අමුද්‍රව්‍ය ආනයනය සිදු කළ පසුව, අතිරික්තය ද තීරණාත්මකව පහළ වැටිණි.
 
වත්මන් මූල්‍ය වර්ෂයේ ජූලි-මාර්තු කාලය අතරතුර පවතින ජූලි-පෙබරවාරි කාල පරාසය තුළ, ජංගම ගිණූම් අතිරික්තය ඩොලර් බිලියන 1.36 සිට ඩොලර් මිලියන 125 දක්වා පහත වැටී ඇත.
 
 dfdsf
බංගලාදේශ පුවත්පතල පලවී තිබු කාටුනයක් 
 
 
බංගලාදේශ බැංකුව විසින් බ්‍රහස්පතින්දාවක නිකුත් කරන ලද යාවත් කාලීන වාර්තාවකට අනුව, පසුගිය මූල්‍ය වර්ෂයේ යට කී කාලයට සාපේක්ෂව ගත් කළ, අදාළ වරේ ජූලි සහ මාර්තු මාසයන් අතරතුර කාලයේ දී, ආනයනය 6% සිට ඩොලර් බිලියන 42.76 දක්වා ඉහළ ගොස් ඇත.
 
ආහාර තොග වැඩි කරගැනීම සඳහා සහල් ආනයනය වැඩි කිරීම වෙනුවෙන් රජය දරන වියදම්, ආනයනයන් වර්ධනය කිරීමෙහි ලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකර ඇත. 
 
ඊට අමතරව කාර්මික නිෂ්පාදනයේ දී යොදාගන්නා බොර තෙල් ඇතුළු අනෙකුත් අතරමැදි අමුද්‍රව්‍ය ආනයනය කිරීම ද සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇත.  
 
වර්තමාන මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය තුළ දී, සහල් ආනයනය සඳහා රජය විසින් ඩොලර් බිලියන 2 පමණ වියදම් කර ඇති අතර, එය පසුගිය මූල්‍ය වර්ෂයේ එම කාලයේ ම සිදුකළ ආනයනයන්ට වඩා 41 % ට වැඩි ප්‍රමාණයකි.
 
 
 
මූලාශ්‍රය :
 
 
(අනුවාදය  - අරවින්ද)

 

 


 

THE LEADER TV 
 

කුරුණෑගල හොඳටම කළේ ජොනී

 

සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්