1200 x 80 DMirror
 
 

 
ගණිකා වෘත්තිය ලෝකෙ පරණම වෘත්තිය කියල කට කතාවට කිව්වට ඒක ඇත්තක් නෙමෙයි.
 ලෝකෙ පරණම වෘත්තිය වෙන්න ඕන දඩයම හෝ ආහාර එකතු කිරීම සම්බන්ධ දෙයක්.
 
 හැබැයි හැම ශිෂ්ටාචාරයකම ගණිකා වෘත්තිය පැවතුනා. 
 
සල්ලි හෝ භාණ්ඩ සේවා හුවමාරුව පටන් ගත්ත තැන ඉඳන් සෙක්ස්වලටත් දේවල් හුවමාරු වුනා.
 
 
ක්‍රිපූ 18වෙනි සියවසේ බැබිලෝනියාවෙ හමුරාබි කියන රජතුමා ගණිකාවන්ගේ උරුමයන් වෙනුවෙන් වගන්ති නීති පොතට ඇතුලත් කරනවා. සහෝදරවරු ඉන්නවා නම් ඒ අය තමන්ගේ ගණිකා නැගෙණිය සමග දේපොල බෙදාගත යුතු ආකාරය දක්වනවා. ගණිකාවන් තමයි පිරිමින්ගෙන් යැපෙන්නෙ නැති එකම ගැහැණු කාණ්ඩය විදිහට සලකන්නෙ.
 
අපි අතීතෙට ගියොත් ගණිකා වෘත්තිය කියන එක අතිසුලබ දෙයක්. 
 
ඒත් අද ඇමෙරිකාවෙ වුනත් තාම ගණිකා වෘත්තිය නීති විරෝධීයි. නෙවාඩා ප්‍රාන්තෙ විතරයි ගණිකා වෘත්තිය නීතිගත විදිහට පිලිගන්නෙ. 
 
එංගලන්තෙ වගේ රටක් ගත්තොත් ලිංගික සේවා ලබාදීම නීතිවිරෝධී නෑ. ඒත් ගණිකා නිවාස පවත්වාගෙන යාම ආදිය නීති විරෝධීයි. 
 
 
ලංකාවෙ මෑත දෙන ලද නඩු තීන්දු අනුව නම් ගණිකා වෘත්තියේ යෙදීම නීති විරෝධී නෑ. ගණිකා සේවයේ යෙදවීම තමයි නීති විරෝධී වෙන්නෙ. ඒත් ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත නෑ.
86969974 479156549420996 648454265429295104 o
 
ග්‍රීසියේ ගණිකාවන් කාණ්ඩ තුනක්:
 
ක්‍රි.පූ 6 වෙනි සියවසේ ග්‍රීසියෙ අධිනාගරික ප්‍රදේශවල රාජ්‍ය අනුග්‍රහයෙන් ගණිකා නිවාස ඉදි කළා. ග්‍රීසියේ ගණිකාවන් කාණ්ඩ තුනක් හිටියා. පොර්නායි කියන්නෙ වහල් ගණිකාවො. 
 
ඊළඟට හිටියා නිදහසේ ඉපදුනු වීදි ගණිකාවො. 
 
මේ වර්ග දෙකේ පිරිමින් සහ ගැහැණුන් දෙපිරිසම හිටියා. 
 
තරාතිරමක් නැතුව ඕනම කෙනෙකුට මුදල් ගෙවලා මේ දෙපිරිසෙන් තමන්ගේ ආශා සංසිඳුවාගන්න පුළුවන්. 
 
 
හෙටේරා : ඉහළම මට්ටමේ ගණිකාවන්                         original.jpg
 
 
 
ඊළඟට හිටියා හෙටේරා කියල ඉහළම මට්ටමේ ගණිකාවන්. මේ අය හිටියෙ ගැහැණු විතරමයි. 
 
මේ අය දාර්ශනික සංවාද පවත්වන, කවි ගැන විචාර කරන මට්ටමේ දැනුමක් තිබුනු අය.
 
 සමාජයේ ඉහළම වංශවතුන් තමයි හෙටේරලව ඇසුරු කළේ.
 
හෙටේරලා විවිධ ශිල්පවල දක්ෂ අය. ගායනය, නර්තනය සමහරු ජිම්නාස්ටික් පවා කළා. 
 
පුද්ගලික සාදයකට ගියත් අද කාලෙ ගානෙන් ඩොලර් හත්අටදාහක් දවසට හම්බු කළා. 
 
ඒ අය ගැන සාහිත්‍ය ලියවුනා. කලා නිර්මාණ කෙරුනා.
 
 
රෝම කාලෙ වෙනකල්ම ගණිකා වෘත්තිය නීතිගතයි:
 
 
රෝම කාලෙ වෙනකල්ම ගණිකා වෘත්තිය නීතිගතයි. ක්‍රිස්තියානි රෝම අධිරාජයන් විසින් තමයි මේක ටික ටික අධෛර්ය කරන්න පටන් ගන්නෙ. ඒක ක්‍රිස්තියානි ආගමේ බලපෑම.
 
 
ස්පාඤ්ඤයෙ විසිගොත් රජු තමයි ක්‍රි.ව පළවෙනි සියවසේදි ක්‍රිස්තියානිය වැළඳගෙන ගණිකා වෘත්තිය පළවෙනි වරට තහනම් කරන්නෙ. 
 
ඒ තමන්ගෙ රට ක්‍රිස්තියානි ඇදහිල්ල එක්ක පෙළට තියාගන්න. 
 
ගණිකාවක් සමග ඉඳලා අහුවෙන පිරිමියෙකුට කිසි දඬුවමක් නියම වුනේ නෑ. 
 
ගැහැණියට කස පහර 300ක් සමග පිටුවහල් කිරීමේ දඬුවමක් නියම වුනා. මරණ දඬුවම පවා පැනවීමේ හැකියාව තිබුන.
 
 
 
එංගලන්තෙ දෙවෙනි හෙන්රි :
 
මධ්‍යතන යුගයත් එක්ක එංගලන්තෙ දෙවෙනි හෙන්රි ගණිකා වෘත්තිය අධෛර්ය කළත් ඒක තහනම් කරන්න උත්සාහ ගත්තෙ නෑ.
 
 නිතර මේ ගණිකා නිවාස පරීක්ෂා කිරීම් වලට ලක්වුනා. ඒ ඒවා ඇතුලෙ වෙනත් නීති විරෝධී දේවල් වෙනවද කියල බලන්න.
 
 
 
ඉතාලිය ගණිකා වෘත්තිය ආදරෙන් වැළඳගන්නවා:
 
 
prostitutes ischia porto
 
 
1358දි ඉතාලිය ගණිකා වෘත්තිය ආදරෙන් වැළඳගන්නවා. ඒක ලෝකෙට අවශ්‍ය වෘත්තියක් හැටියෙන් වැනිසියේ මහා කවුන්සිලය ප්‍රකාශයට පත් කරනවා. ප්‍රධාන නගරවල රජයේ මුදල්වලින් ගණිකා නිවාස ඉදි කරනවා.
 
ගණිකාවකට අනිත් කාන්තාවන්ට නැති වරප්‍රසාද ලැබුනා. 
 
උදා විදිහට වෙනත් කාන්තාවකට අධ්‍යාපනය ලබන්න පුළුවන් වුනේ කන්‍යාරාමයකට ගියොත් විතරයි. නමුත් ගණිකාවකට නිදහසේ අධ්‍යාපනය ලබන්න හැකියාව තිබුන. 
 
ඒ වගේම විවාහක ස්ත්‍රියකට ලැබෙන ආරක්ෂාව සහ ස්ථාවරත්වයත් ඇයට ලැබුන. 
 
නොබැඳ හිටපු අයට වඩා ගණිකාවන්ගේ ජීවිතය ලස්සන වුනා. ඒ අයට හැමදේම අතරෙ තමන්ගේ ආශාවන් සන්තර්පනය කරගන්නත් පුළුවන්කම තිබුන.
 
 
 
මේ ගණිකාවන් උසස් සංස්කෘතියක් තිබුණු ගැහැණු. මේ අය හෙටේරලා වගේම ගැඹුරු දේවල් ගැන සංවාද කළා. සෙක්ස්වලට අමතරව මේ බුද්ධිමය ගැහැණු ඇසුර වංශවතුන් ප්‍රිය කළා. මේ හින්දම මේ ගණිකාවන්ට පුළුවන්කම තිබුණ රටේ දේශපාලනයට සිඩක්ෂන් ඇතුලෙ ලොකු බලපෑමක් කරන්න.
 
 
 
මරණ දඬුවම ලැබිය හැකි වරදක් :
 
 
 
1500 ගණං වෙද්දි ගොඩක් යුරෝපයේ රටවල ගණිකා වෘත්තිය මරණ දඬුවම ලැබිය හැකි වරදක් මට්ටමට ඇවිත් තිබුනා. හැබැයි කවුරුවත් ඕක ක්‍රියාත්මක කළේ නෑ. 
 
පස්වැනි පෝප් සික්ස්ටස්ට ඕන වෙනවා මේ අණ තදින් ක්‍රියාත්මක කරන්න. එයා කිව්වා ගණිකා වෘත්තියෙ යෙදෙන හැම කෙනෙක්ම මරාදාන්න කියල. එයාගෙ අණ කොයිතරම් දුරට ක්‍රියාත්මක වුනාද කියල සාක්ෂි නෑ.
 
 
 
20170826 bkp501 2
 
මේ පෝප්ම තමයි ගබ්සාව අපරාධයක් කියල කිව්වෙත්. මුලින් පල්ලියෙ තිබුනෙ සති 20ක් යනකල් කළලය මිනිස්බවෙන් තොරයි කියල විශ්වාසයක්. සික්ස්ටස් ඒක වෙනස් කළා. පිළිසිඳ ගත්ත තැන ඉඳන්ම නැති කිරීම අපරාධයක් කියල කිව්වා.
 
තුර්කියෙ බාත්හවුස්:
 
 
a3105c54f763d2a75923263cddd58aa6
                      Turkish Bath House “Hamam Al-Basha”
 
 
ඔටෝමන් අධිරාජ්‍යය කාලෙදි ගණිකාවො වුනේ ගැහැණුම නෙමෙයි.
 
 තුර්කියෙ තිබුණ බාත්හවුස් කියල ස්නානාගාර වගයක්. මේවායේ වැඩට හිටියෙ තරුණ කොල්ලො. මේ ගොල්ලො තමයි එතනට එන පිරිමි ක්ලයන්ට්ලට සේවා සැපයුවෙ. 
 
සොඩොමි, ඒ කියන්නෙ සමලිංගික, ගුද සංසර්ග ආදී විකෘති යැයි සම්මත ලිංගික හැසිරීම් නීතියෙන් තහනම් වුනත් මේ කොල්ලො කොහොම හරි ඒ අවශ්‍ය තෘප්තිය තමන්ගේ ක්ලයන්ට්ලට ලබාදුන්නා. 
 
ඒ ගොල්ලො ඉතා සමීප සම්බන්ධතා මේ ධනවතුන් එක්ක ගොඩනගා ගත්තා. ඒ ලැබෙන මුදල් ඒ අයටම තියාගන්න අවසර තිබුනු නිසා ඒ ගොල්ලො ලොකු මුදලක් මේ රැකියාවෙන් ලැබුන.
 
 
 
ජපානෙ ගේෂා ස්ත්‍රීන් :
 
ජපානෙ අපි ගණිකාවන් කිව්වම අහලා තියෙන්නෙ ගේෂා ස්ත්‍රීන් ගැනනෙ. ඒත් ගේෂා කියන්නෙ ජපානෙ සෙක්ස්වලට හිටපු අය නෙමෙයි. ඒ ගොල්ලො එන්ටර්ටේනර්ස්ලා. නැත්තං සත්කාර සේවා සපයන අය. ජපානෙ ඔයිරාන් නැත්තං ප්ලේ වුමන් කියල කියන්නෙ ලිංගික ශ්‍රමිකයො විදිහට හිටපු අයට.
 
 
 
Two maiko geisha walking on a street in Kyoto, Japan during a storm with red umbrella
 
1600-1800 විතර වෙනකල් ජපානයේ ඊඩෝ කාලය කියල හඳුන්වන පරිච්ඡේදයෙදි ගණිකාවන්ට ඉහළම තත්වයක් තිබුන. 
 
මේ කාලෙදි ගණිකා වෘත්තිය නීතිගතයි. මේ අය සේවය කළේ උසස් අය වෙනුවෙන්. ඒ නිසා ඉතාම වැදගත් භාෂාවක් කතා කළා. අනර්ඝතම ඇඳුම් ඇන්දා. 
 
ජපානයේ පවුල්ම ක්‍රමය දැඩි පීතෘ මූලික එකක්. නමුත් ඉන් පිටත හිටපු ගණිකාවන්ට නිදහස් ගැහැණු විදිහට ජීවත් වෙන්න ඉඩ ලැබුන. ඒ අයට බලය සහ අනුහස දෙකම තිබුන. 
 
කසාද ගෑනියෙකුට ජපානෙ තිබුනෙ ඊට වඩා ගොඩක් වෙනස් තත්වයක්.
 
 
 
දෙවෙනි ලෝක යුද්ද කාලෙදි අධිරාජ්‍යවාදී සොල්දාදුවො ගණිකා නිවාස සහ ගම්මාන හැමතැනකම ගැහැණු දූෂනය කළා. මරලා දැම්මා. 80,000-300,000 අතර පිරිසක් හිර කරගෙන මිලිටරි පිරිස්වලට ලිංගික සුවපහසුව ලබන්න බලකා හැදුවා. අද වෙනකලුත් ජපානය මේ බලහත්කාරී ගණිකා සේවයේ වගකීම බාරගන්නෙ නෑ.
 
ප්‍රංශයේ සදාචාර පොලිසිය :
 
 
 
ප්‍රංශයේ ගණිකා වෘත්තිය වෙනුවෙන් අමුතු වැඩක් කළා. එතෙක් පැවතුනු සාම්ප්‍රදායික තහංචි අයින් කරලා ඒ වෙනුවෙන් වෙනම සදාචාර කාර්යාංශයක් හැදුවා. මේක වුනේ ප්‍රංශ විප්ලවයට පස්සෙ. 
 
 
මුලින්ම පැරිසියෙන් පටන් අරන් මේ කාර්යාංශය පස්සෙ රට පුරාම ක්‍රියාත්මක වුනා. මේකට පැවරුණු කාර්යය වුනේ ගණිකා නිවාස අධීක්ෂණය කරන එක. 
 
ඒ අය නිසි විදිහට නීතියට අනුකූලව සේවා සැපයීම කරනවද කියල සොයාබලන එක. 
 
ඒවා ආශ්‍රයෙන් වෙනත් නීති විරෝධී දේවල් සිද්ද නොවීම තමයි මේ සදාචාරයේ අරමුණ වුනෙ. 
 
අවුරුදු සීයකට ආසන්නව මේ සදාචාර පොලිසිය තිබුන. පස්සෙ අහෝසිවෙලා ගියා.
 
 
 
 
4dc8a4cdd740a9b6bb8b1df5491d0ecd701285cfec828261b76bebc3457519cf 
 
ඉන්දියාව ගත්තම ගණිකා වෘත්තිය ගැන ලොකු ඉතිහාසයක් තියෙනවා. මේක පූර්ව වෛදික අවධිය වෙනකල් යනවා කියලයි කියන්නෙ. ඔය ගණිකා කියන වචනෙම වුනත් ඉන්දියාවෙ එකක්. ගණිකා කියන්නෙ ඉහළම ස්ථරයේ ලිංගික ශ්‍රමය සපයන ගැහැණු. ඒ අය ශිල්ප 64ක් දැනගෙන හිටියා. විවිධ දර්ශනවාද සහ සෞන්දර්යවේදයන් දැනගෙන හිටියා. ඒ අයට වෙනම මන්දිර තිබුන. ඒවායේ සංවාද සංවාස රති ක්‍රීඩා කෙරුනා.
 
 
 
පූර්ව වෛදික කාලෙ ගත්තොත් ගණිකා වෘත්තියක් කියල එකක් ස්ථාපිත වෙලා තිබුනෙ නෑ. 
 
මොහොන්ජදාරොවෙන් හම්බුන ලෝකඩ පිලිමයක් තියෙනවා කාන්තාවක් මාතෘ දෙවඟන වෙනුවෙන් නර්තනයේ යෙදෙන හැටි දැක්වෙන. 
 
හැබැයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නෙ දියුණු වාණිජ ශිෂ්ටාචාරයක්. මේ නිසා වයින් සහ ස්ත්‍රීන් වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න පුළුවන් වෙළෙන්දො හිටියා. 
 
ඒත් මේ නගරවල ගණිකා නිවාස කියල වර්ගයක් ස්ථාපිත වෙලා තිබුන කියන්න සාක්ෂි තාම හොයාගෙන නෑ.
 
වේද යුගයෙදි ආර්යයො ගත්තොත් ඒ ගොල්ලො කෘෂිකර්මාන්තෙ එක්ක හිටපු අය. ඒ අය වැස්ස අව්ව වෙනුවෙන් දෙවියන්ට පූජා පැවැත්තුවා. මේ පූජාවලදි ඒ අය සෝම පානය කළා. 
 
මේ අවස්ථාවල අයාලේ යාමත් යම් පමණකට සිදුවුනා කියල අනුමාන කරන්න පුළුවන්.
 
 කසාදය කියල එකක් තාම සම්මත වෙලා නැති නිසා මේකට ගණිකා සේවනය කියල කියන්න බෑ.
 
 
කාලයත් එක්ක සමූහ පවුල් ක්‍රමයක් සහ මාතෘමූලික රටාවක් ගොඩනැගෙද්දි මේ අයාලේ යාම ආගමික සහ දේශපාලන උත්සව වගේ තැන්වලට විතරක් සීමා වුනා.
 
 
ඍග් යජූර් වේද කාලෙ එද්දි විවාහය ගැන සංකල්පයක් හැදිලා තිබුන. ඒකෙ හැටියට දෙන්නෙක් හෝ කීපදෙනෙක් දරුවන් ලැබීමේ අරමුණ ඇතුව සමාජ සම්මතයෙන් ලිංගික ක්‍රියාව සඳහා එළඹීම විවාහයක්. ඒත් විවාහය එක්ක තිබුනු නීති ඉතාම ලිහිල් නිසා මිනිස්සුන්ට ලිංගික නිදහස තිබුන. ගණිකා වෘත්තියක අවශ්‍යතාවය ඇතිවුනේ නෑ. ඍග්වේදයේ ඒ කාලයේ නර්තනයේ යෙදුනු ගැහැණු ගැන යම් විස්තර කියවෙනවා. ඒත් ගණිකා වෘත්තියක් වගේ තත්වයක් තිබුනෙ නෑ කියලයි හිතන්නෙ.
 
 Yoni statue
 
 වෛදික නොවන අනෙක් ද්‍රවිඩ වගේ පිරිස් ලිංග සහ යෝනි වන්දනාවෙ යෙදුනා. 
 
මේ කාලෙ ආර්ය වෙළෙන්දො මේ ද්‍රවිඩ රජවරුන්ට තෑගි විදිහට සුන්දර කන්‍යාවක් පිරිනමන්න පටන් ගන්නවා. 
 
මේ රජවරුන් එක්ක දිගට සම්බන්ධතා පවත්වාගන්න මිත්‍රත්වය තහවුරු කරගැනීමක් විදිහටයි මේක කරන්නෙ.
 
ඍග් වේදයේ තැන් කීපයක ඒ කාලෙ ලිංගික ශ්‍රමික තත්වයට ආසන්න තත්වයන් තිබුනු වග සඳහන් වෙනවා. 
 
රජවරුන් සහ වංශවතුන් විසින් වහල් කෙල්ලන්ට තෑගි පිරිනැමීමක් ගැන ඒකෙ කියවෙනවා. 
 
ඒ වගේම මේ කාලෙදි සහෝදරයෙක් නැති සහෝදරියක් ඉබේටම ගණිකාවකට සමාන තත්වයකට පරිවර්තනය වුනු වග පේනවා.
 
මේ වෛදික සමාජයේ ලිංගික චර්යාවන් පැවැතුනු තැන් තිබුන. 
 
උදා විදිහට ‘සමන’ කියල කරත්ත රේස් තරග තිබුන. මේවට එන ගැහැණු ඒ අයගෙ පෙම්වතුන් එක්ක මුලු රාත්‍රියෙම විනෝද වුනා. ඒ වගේම ගණිකාවනුත් මේ උත්සවවලට ආවා.
 
තව තිබුනා වෛදික සභා කියල ජාතියක්. මේවා එක එක දේවල් වෙනුවෙන් පාවිච්චි වුනු ශාලාවන්. ඒවා අද කාලෙ ක්ලබ් විදිහටත් පාවිච්චි වුනා. මේ ශාලාවකට එන ශභාවත් යෝෂා කියල ගැහැණියක් ගැන ඍග් වේදයේ කියවෙනවා. ඒ චරිතය ගණිකාවක් හැටියෙන් අනුමාන කරනවා.
 
 
බ්‍රාහ්මණ කාලෙදි ගණිකා වෘත්තිය පිලිගැනීමට ලක්වුනා. වෛශ්‍ය කියන වෙළඳ කුලය වෙනුවෙන්ම සේවා සැපයීමට වේශ්‍යා හෙවත් වේසි කියල සිංහලෙන් කියන වෘත්තිය පැවතුනා. ගණිකා, බණ්ඩිකා, රුප්ජිවා, වරංගනා, කුල්ටානි, සම්භාලි, පුම්සාලි කියන වේශ්‍යා වර්ග තිබුන. 
 
 
 
අන්තපුර විදිහට වෙනමත් පුද්ගලික ස්ත්‍රීන් විදිහට වෙනමත් කාන්තාවන් හිටියා. මේ කාලෙ පාරිශුද්ධභාවය, කන්‍යාභාවය වගේම මොනොගමික කසාදය වගේ දේවල් හොඳටම ස්ථාපිත වුනු කාලයක්. 
 
අනිත් පැත්තෙන් වෙළදාමත් එක්ක නගර බිහිවෙමින් ගණිකා වෘත්තිය සාමාන්‍ය මිනිසුන්ගෙ අවශ්‍යතාවයක් බවට පත්වුනා.
 
ඒත් ගණිකාවන් වෙනුවෙන් පැනවූ නීති රීති හෝ ඒ අයගෙ ජීවිත රටාව සඳහනක් හෝ බ්‍රාහ්මන සාහිත්‍යයේ මුනගැහෙන්නෙ නෑ.
 
 
ඉන්දියාවෙ පුරාවෘත්ත යුගය :
 
ඊට පස්සෙ ඉන්දියාවෙ පුරාවෘත්ත යුගය එනවා. ඒ කියන්නෙ මහාභාරතය, රාමායනය වගේ එපික් ලියවුන කාලෙ. මේ කාලෙදි ගණිකාවන්ට නීතිමය පිලිගැනීමක් තියෙනවා. මහාභාරතයේ පවා එනවා ජයග්‍රහණය කරලා එන රාමාව පිළිගන්න වෛශ්‍යාවන්ට නියෝග කරන තැනක්. මේ යුගයෙදි ඒ අය රක්තවර්ණ වටිනා වස්ත්‍රවලින් සැරසිලා විවිධ සමාජ උත්සවවලට සහභාගි වුනා. රතුපාටෙන් සංකේතවත් කලේ ආශාවේ භයානකකම.
 
 
ස්මෘති අවධියෙදි මේ ගණිකාවන්ට තිබුණු තත්වය නැවත පිරිහෙන්න ගන්නවා. ඒ අයව සමාජයෙන් පිටුවහල් කරන ලද කොටසක් හැටියට සලකන්න ගන්නවා. අන්තපුරයක් පාලනය කරන හෝ ඉහල මට්ටමේ වංශවතෙකුගේ ස්ත්‍රියක් වීම තමයි උපරිමයෙන් ලබන්න පුළුවන් තත්වය වුනෙ.
 
 
බෞද්ධ යුගයෙදි...
 
 
බෞද්ධ යුගයෙදි ආපහු මේ තත්වය වෙනස් වෙනවා. ඒ කාලෙ ප්‍රඥාවන්තයන් පොකුරු පිටින් බිහිවුනු යුගයක්. 
 
බුදුන් සමග මහාවීර වගේ තවත් ශෘස්තෘවරුන් ගැඹුරු දර්ශනයන් දේශනා කරමින් හිටියා. 
 
පාටලීපුත්‍ර කියන පලාතෙ චන්ද්‍රගුප්ත මෞර්ය කාලෙදි තිබුනා ගණිකා නගරයක්. 
 
මේ කාලෙදි තමයි මේක රාජ්‍ය ආදායමක් කරගන්න පුළුවන් කියල කල්පනා කලේ. ගණිකා නිවාසවලට ටැක්ස් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. 
 
 
 
කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ ලියනවා ගණිකාවක් පැවතිය යුතු ආකාරය ගැන. ඇගේ සේවාවන් සකස් විය යුතු අන්දම ගැන. ඒ වගේම දක්ෂ ගණිකාවන්ව ඔත්තු සේවාවල පවා යොදා ගැනුනා. අර්ථ ශාස්ත්‍රය අනුව ගණිකාවක් කියන්නෙ රාජ්‍ය දේපොලක්. ඇයට හානි කිරීම වරදක්.
 kamasutra2 kJOD 621x414LiveMint
 
කාමසූත්‍ර, නාට්‍ය ශාස්ත්‍ර ආදිය ලියවෙන ගුප්ත යුගය වෙද්දි ගණිකා වෘත්තිය ඉතා ඉහළ තැනකට එනවා. 
 
මේ අයට නගරවල වෙනම ක්වාර්ටස් තියෙනවා. පණ්ඩිතයො දාර්ශනිකයො නිතර ගිහින් මේ අය එක්ක සාකච්ඡා කරනවා. 
 
මේ අතර ග්‍රීකයො විසින් මදුරාපුරය ආක්‍රමණය කරනවා. ඒත් මේ ලිබරල් සොල්දාදුවන් වඩා හොඳින් ගණිකාවන්ට සළකන්න ගත්තා කියලයි කියන්නෙ.
 
 
 
නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර කරනවා ගණිකාවක් කියන්නෙ කවුද කියල. ඇය විවිධ කලාවන්හි දක්ෂ වෙන්න ඕන. විද්‍යාව සහ සාහිත්‍ය දැනගන්න ඕන. සූසැට ශිල්පය ප්‍රගුන කරන්න ඕන. නැටුම් සංගීතය ආදියෙහි සුරු වෙන්න ඕන. වැඩිහිටියන්ට සහ සමාජ සම්ප්‍රදායන්ට ගරු කරන්න ඕන.
 
 
 
 
මේ නිසා ගණිකාවක් සාමාන්‍ය ගැහැණියක් සතුව තිබුනු දුර්වලතා වලින් තොර ඉතාම නිදහස් ශක්තිමත් සහ බුද්ධිමත් ගැහැණියක් වුනා කියලයි කියන්නෙ. ගණිකාවන්ට පුහුණු වීම පිණිස පාඨශාලා පවා තිබුනා.
 
 
 
1ad07bfa0fdfc6a87397b7dbf5464a8c 1 672x372
 
මධ්‍යතන යුගය වෙද්දි කෝවිල්වලට දේවදාසියන් ලෙස ගැහැණු දරුවන් බාරකිරීමේ සම්ප්‍රදායක් පවතිනවා. මේ අයට කෝවිලේ වතාවත් කිරීම තමයි මුලින්ම පැවරුනෙ. 
 
ඊට පස්සෙ දෙවියන් වෙනුවෙන් නර්තන පූජා පැවැත්වීම කෙරුනා. දේවදාසියන් දෙවියන්ට විවාහ කරදී ඇති නිසා යළි කිසි දවසක සාමාන්‍ය මනුස්සයෙකු සමග විවාහ වෙන්න බැරි වුනා.
 
 ගොඩක් වෙලාවට පහල කුලවල දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො තමයි දේවදාසියො විදිහට කෝවිල්වලට පවරගත්තෙ. 
 
මේ පූජ්‍ය පක්ෂය ටික ටික දූෂ්‍ය වෙනවත් එක්කම දේවදාසියො කෝවිලේ ලිංගික ශ්‍රමිකයන් වුනා. වයසත් යනවත් එක්ක ඒ අය කිසිම පිළිසරණක් නැති ගණිකාවන් විදිහට පාරට වැටුනා.
 
 
 
ඉන්දියාවෙ සුල්තාන් යුගයෙදී ...
 
 
59c85cf745d2a027e83bef9f
 
ඉන්දියාවෙ සුල්තාන් යුගයෙදි ගණිකා වෘත්තිය සශ්‍රීක වෙන්න පටන් ගත්තා. සුල්තාන්ලට ඕනවුනේ ලෝකෙ ඕනම තැනක තියෙන ඉහලම සැප විඳින්න. 
 
ලෝකෙ පුරාම රටවල්වලින් ඒ ගොල්ලො ගණිකාවන් ඉන්දියාවට ගෙන්න ගත්තා. තමන්ගේ මන්දිර අන්තපුර බවට පෙරලුවා. 
 
ඒ ගැන කිසිම සදාචාරාත්මක අවුලක් සුල්තාන්ලට තිබුනෙ නෑ. විවිධ රටවල විවිධ ආගම්වලින් ගෙන්වාගන්නා ගණිකාවන්ව මුස්ලිම් ආගමට හරවාගත්තා. 
 
සමහර තැන්වල කාන්තාවන් කාලයකට කුලියට ගතහැකි ක්‍රමයක් පවා ක්‍රියාත්මක වුනා.
 
 
මෝගල් අධිරාජ්‍යය කාලෙදි....
 
මෝගල් අධිරාජ්‍යය කාලෙදිත් ගණිකා වෘත්තිය රාජ්‍ය මට්ටමෙන් කෙරුනා. අක්බාර් අධිරාජයා කාන්තාවන් 5000කින් සමන්විත අන්තපුරයක් තමන් වෙනුවෙන් පවත්වාගෙන ගියා. 
 
ඉතාම හොඳින් මිළමුදල් ලැබෙන කාලයක් නිසා වංශවතුන් වඩාත් සුඛ විහරණවලට වියදම් කළා.
 
 තමන් වෙනුවෙන්ම වෙනම රති ක්‍රීඩා මන්දිර පවත්වාගෙන ගියා. වෙනම කාන්තාවන් නඩත්තු කළා. 
 
ගොඩක්ම ප්‍රකට වුනේ පුද්ගලිකව වංශවතුන් සඳහා සැපයෙන ගණිකා සේවය සහ අන්තපුර ක්‍රමය.
 
 
 
බ්‍රිතාන්‍යයො තමයි ගණිකා වෘත්තිය සීමා කරන නීති සම්මත කරන්නෙ. මොකද ඒ රටේ වැඩකරන්න ආපු හැම සුද්දටම ඉන්දියාවෙ තවත් ගැහැණියක් හෝ ගැහැණුන් කීපදෙනෙක් ඉන්න තත්වයක් ඇතිවෙනවා. ඒ අයගෙ පවුල් අවුල් වෙන්න ගන්නවා. ඒ වගේම සමාජ රෝග බෝවීමේ අවදානමක් ඇතිවෙනවා. මේ නිසා මේක පාලනය කිරීමේ අවශ්‍යතාවයක් බ්‍රිතාන්‍යයන්ට එනවා. 
 
මුලින් බෝවෙන රෝග පණතක් විදිහට මේ වෑයම එනවා. පස්සෙ සදාචාර විරෝධී ජාවාරම් තහනම් කිරීමේ පණතක් විදිහට 1956දි ගණිකා වෘත්තිය සීමාකරන නීති ගේනවා. 
 
මේ පනත ගණිකා ජාවාරමට එරෙහිව ගෙනාවත් ඇත්තටම පීඩාවට පත්වුනේ ඒ වෘත්තියේ යෙදෙන ගැහැනුන්මයි. 
 
මේ නිසා ගණිකාවක් හැටියට සේවයේ යෙදෙන කෙනෙක්ව ගණිකා ජාවාරමේ යෙදුනා කියන වරදට හසුකළ නොහැකි අන්දමේ ප්‍රඥප්ති පස්සෙ නිර්මාණය වුනා.
 
 

delhis red light area where the vote is valued even if parties are not
 
 
සමහර සීමිත පලාත්වල ගණිකා වෘත්තිය පවත්වාගෙන යන්න බ්‍රිතාන්‍යයන්ටත් සිද්ද වෙනවා.
 
 මුම්බායිවල කාමාතිපුර කියන්නෙ ආසියාවෙ ලොකුම රෙඩ් ලයිට් ස්ට්‍රීට් එක. මේක බ්‍රිතාන්‍යයන් වෙනුවෙන්ම පවත්වාගෙන ගිය ගණිකා ප්‍රදේශයක්.
 
 
 
ස්වීඩනය ගණිකා වෘත්තිය:
 
1999දි විතර ස්වීඩනය ගණිකා වෘත්තිය ගැන වෙනස්ම එළඹුමක් ගන්නවා. ඒ අය මේක කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වයක් විදිහට ස්ත්‍රීවාදී කෝණයකින් මේ දිහා බලනවා.
 
 මේ නිසා ගණිකාවන් රජය මැදිහත්වීමෙන් වෙනත් වෘත්තීන් වලට පුහුණු කරනවා. ඒ වගේම සෙක්ස් විකිනීම වරදක් නොවුනත් සෙක්ස් මිළදී ගැනීම වරදක් බවට පත් කරනවා.
 
 
 
දකුණු අප්‍රිකාව :
 
 
 
දකුණු අප්‍රිකාව වගේ රටවලට ගණිකා වෘත්තියේ ඉතාම ඛේදනීය ඉරණමකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. දුප්පත් රටවල් ගොඩක් වටවෙලා තියෙන හින්ද ගණිකා වෘත්තියට ලේසියෙන්ම යොමුවන පිරිස වැඩියි. 
 
මේ නිසා සෙක්ස් ට්‍රැෆිකින් නැත්තං වෙනත් රටවල අයගේ විවිධ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ගැහැණුන් විකිනීම දරුණුවට සිද්ද වෙනවා. 25%ක් විතරම මෙතනදි ගොදුරු වෙන්නෙ බාලවයස්කාර දැරියන්. 
 
2007 වගේ කාලෙදි ඒ රජය ඉතා දැඩි නීති සම්පාදනය කරමින් මේ තත්වය පාලනය කරන්න උත්සාහ ගත්තා.
 
 
 
ඇමරිකාවෙ නෙවාඩා ප්‍රාන්තය: 'ලිබටේරියන්'
 
5a3a7b7c4aa6b526008b6210 
ඇමරිකාවෙ නෙවාඩා ප්‍රාන්තයේ විතරක් ගණිකා වෘත්තිය නීතිගතයි. ගණිකා නිවාස පවත්වාගෙන යන්න නිශ්චිත තැන් තියෙනවා. කොන්ඩම පැළඳීම අනිවාර්යයි. 
 
තීරණය ගැනීමේ අයිතිය ලිංගික ශ්‍රමිකයා නැත්නම් ඒ කාන්තාව සතුයි. 
 
අනිවාර්යෙන්ම සතිපතා රෝග පරීක්ෂාවන් සිද්ද කරනවා.
 
 
නෙවාඩා වල මේ නිදහස ලැබෙන්න හේතුව එහේ ජනතාව ලිබරල් වීමද? නෑ ඒ ගොල්ලො ලිබටේරියන්. ඒ අය පුද්ගලිකව ගණිකා වෘත්තියට අකමැතියි. නමුත් තමන්ගේ පුද්ගලික අකමැත්ත රාජ්‍යය නීතියක් බවට පත්වෙලා යමක් සීමා කිරීම ගැන ඒ අය ඊට වඩා අකමැතියි. ගණිකා වෘත්තිය කියන එක රාජ්‍ය මට්ටමෙන් නීත්‍යානුකූලව පවත්වාගෙන යාම වරදක් නෑ කියලයි ඒ මිනිස්සු දකින්නෙ.
 
 1608870104 8939491 hirunews
 
 
ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන විවිධ සංවාද මතුවෙනවා. 
ඒ අතරෙ හැමදාම ගොසිප් පිටුවල, හිරු නිව්ස්වල ගණිකා නිවාස වටලනවා. 
ඒ කාන්තාවන් මාධ්‍ය සහ නීතියේ අතවරයට ලක්කරනවා. 
ඒත් නෙවාඩාව වගේ අපි අකමැති වුනත් සමාජයට අවශ්‍ය දෙයක් තිබිය හැකියි කියන එක පිලිගන්න තරමට අපේ රටේ මනස දියුණු වෙලා නෑ. 
ඒ නීති නිසා තව මනුස්සයෙකුගේ ජීවිතයට තියෙන බලපෑම අපේ සදාචාරයෙන් එලියට ඇවිත් බලන්න අපි ලෑස්ති නෑ. 
අපි කැමතියි හංගන්න. තවත් යටපත් කරන්න. සෙක්ස් කියන එක හැංගිලා කරන්න ඕන දෙයක් කියල අපි විශ්වාස කරනවා. 
ඒ හැංගීම නිසා ජාවාරම් බිහිවෙනවා. ගැහැණු දූෂණය වෙනවා. සමාජ රෝග පැතිරෙනවා. ගැහැණු පොලිස් අතවරවලට ලක්වෙනවා. 
ඒ වගේම ගෙවන මුදලට සරිලන සෞන්දර්යාත්මක ආස්වාදයක් ලැබීමේ අවස්ථාව පාරිභෝගික අපි හැමෝටමත් නැති වෙනවා.
ඒත් අපි සදාචාරය කියන්නෙ මේකට.
 
 
 
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(facultyofsex.com)
logo

subscribeYT

subscribeYT

නවතම පුවත්