1200 x 80 DMirror
 
 

ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක් - 06 වන කොටස


ප‍්‍රතිවිරෝධයන් හිතේ තියාගෙන, තම තමංගෙ ප‍්‍රතිවිරෝධී ආභාශයෙන් වල විදිහට බොරුකාරයින් විසින් ස්වයංව-විමර්ශනාත්මකව කරන ප‍්‍රත්‍යාවර්තකතා ප‍්‍රකාශවල යම් ආර්ශණීය ගතියක් තියෙනව තමයි.

ඒත් මේ ස්වයං-විමර්ශනය පුළුල්ව විශ්ලේෂණය කරල බලපුවහම, ඒ විමර්ශනවලින් ප‍්‍රත්‍යාවර්තකතාවය සංකල්පයට දීල තියෙන්නේ අඩු අවධානයක් බව පේනව.

මේ තත්වය හරි අමුතුයි.

මොකද ප‍්‍රත්‍යාවර්තකතාව කියන්නේ සබෑ යථා ලෝකයට බලපාන දෙයක්.

ඒත් ස්වයං-විමර්ශනය කියන්නේ හුදු වාග්-විද්‍යාත්මක සංසිද්ධියක් විතරයි.  

සරල කරල කිව්වොත්, බොහොම විධිමත්ව නැත්තං අවිධිමත්ව, තනිවම පරිශීලනය කරන උදවිය ඉන්න පුළුවන්. හැබැයි එයාලගෙ විමර්ශන සිද්ධ වෙන්නෙ භාෂා ලෝකයක් ඇතුළෙ විතරයි. ඒත් ප‍්‍රත්‍යාවර්තකතාව තේරුම් ගන්න භාෂා ලෝකය විතරක් තිබිල මදි. සබෑ ලෝකයේ සිද්ධවෙන දේවල් එක්ක ප‍්‍රායෝගික ගණු දෙනුවක් තියෙන්නත්  ඕන.

තවත් සරල කරල කිව්වොත්, යම් කෙනෙක් ස්වයංව කරන හැදෑරීමක් නිසා ඇතිවන අදහස්, එයා ඉන්න සබෑ ලෝකයේ ආර්ථික අත්දැකීමට මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නෙ කියලවත් ඇගයීමක් නැතුව, ඔහේ  ප‍්‍රකාශ කරල දාන්න ගියොත්, ඒ වගේ ප‍්‍රකාශ ප‍්‍රතයාවර්තකතා ප‍්‍රකාශ විදිහට භාරගන්න අපහසුයි.  

සොරොස් කියන විදිහට, ”හැබෑ ලෝකයේ දී, සිතීමෙන් සහභාගිවන සහභාගීකරුවන්ගේ සිතීම හෙවත් චින්තනය කියන දේ හුදු ප‍්‍රකාශ මත විතරක් පදනම් වෙන්නෙ නැහැ. ඇත්ත වශයෙන් ම හැබෑ ලෝකයට යාවෙන හිතීම පදනම් වෙන්නේ, නැත්තං හොයාගන්න වෙන්නෙ, අපිට පිටින් තියෙන ලෝකයේ ඇති විවිධාකාර ක‍්‍රියාවන් සහ හැසිරීම්වල ස්වරූප තුළින්.”

 

ඒ හින්ද, හිතට එන  ඕන දෙයක් ඔහේ තමන්ට ඕන විදිහට කියල දැම්මටවත්, තමන් කියවපු පොතක්, ප‍්‍රකාශනයක් හෝ මොන යම් හැදෑරීමකින් හරි හිත පත්තු වෙලා හෝ ආශ්වාදය ලැබපු පමණින් ප‍්‍රකාශ නිකුත් කළ පලියටවත් ඒක ප‍්‍රත්‍යාවර්තකතා ප‍්‍රකාශයක් වෙන්නේ නැහැ.

ප‍්‍රත්‍යාවර්තකතාව කියන්නේ විනයක්. හිතීම ඇතුළෙ ඇතිකරගත යුතු විනයක්. ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පිළිපැදිය යුතු විනයක්. ඒ හින්ද දැන් ලංකා දූපතේ ඉන්න අපි අවට මුදල් වෙළඳපො ගැන, වෙළඳපොල ගැන, සහ ව්‍යාපාර ගැන හෝ වෙන  ඕනම ආර්ථිකයට සම්බන්ධ දෙයක් ගැන කයිවාරු ගහන නහුතයක් තරම් කතා ගැන අපිට නැවතවරක් හිතල බලන්න වෙනව.

ප‍්‍රශ්නය හරි සරලයි.

ආර්ථිකය ගැන විතරක් නෙවෙයි, වෙන මොන දේ කතා කරන්න ගියත්, අපි නියෝජනය කරන්නේ ස්වයං-පරිශීලනය විතරක් නම්, සෑහීමට පත් වෙන්නෙ ඒකෙන් විතරක් නම් අපි බොරුකාරයො. ඉතිං අපි ප‍්‍රකාශ නිකුත් කරන්න යන්නෙ ඒ විදිහට ද?

එහෙමත් නැත්තං අපි නියෝජනය කරන්නේ, හැබෑ ලොකයේ සිදුවන ක‍්‍රියා සහ හැසිරීම් ස්වරූප විමසා බලා විනයගත රාමුවක ඉඳන් අදහස් දක්වන සිතුම් සහභාගිකරුවන්ගේ විදිහ ද?

ලංකා දූපත ඇතුළෙ මගේ සමාජ අත්දැකීමට අනුව නම්, ආර්ථිකය ගැන ප‍්‍රතිලාභ ලබන නොලබන සහ කයිවාරු ගහන ලංකා දූපතේ බොහෝ උදවියට ස්වයං-පරිශීලනයවත් නැහැ. එයාල බොහෝ විට කරන්නෙ, ඔහේ හිතට එන  ඕන ම සිතිවිල්ලක් විනයක් නැතුව දඩාං ගාල කියල දාන එක. එහෙමත් නැත්තං දෙකට දෙවාලේ කියල දාන එක.

thediplomat 2016 06 19 17 22 53

ඒ හින්ද ලංකාවෙ අපි අපිට ඇහෙන දකින සංනිවේදන ලෝකයට සීරුවෙන් ඇහුම්කන් දුන්නොත්, අපිට වැඩිපුර ම හමුවෙන්නෙ, ආර්ථිකය ගැන විනයක් සහ යොමුවක් නැති කයිකතන්දර ලෝකයක්.  

ඒ හින්ද ලංකා දූපතේ හිතීම තියෙන්නේ ප‍්‍රත්‍යාවර්තකතා සංකල්පයට ගොඩක් දුරින්. ඒ හින්ද ම අඩුම තරමින් ඉන්දියාවෙ අම්බානි තරම්වත් කොන්ද පන තියෙන ස්ථාවර ධනපතියෙක් බිහිකරගන්නවත් බැරුව, ගෝලීය ආර්ථික ලෝකයේ ප‍්‍රධාන ධාරාවන්ට ගොඩක් දුරින් තමයි අපි ඉන්නේ. ඒ හින්ද තමයි ගෝලීය ආර්ථිකය ඇතුළෙ අපිව පරිවාරයෙනුත් අහකට විසිවෙමින් තියෙන්නේ.

අපේ රටේ උදවිය ඉන්නෙ වරදවා වටහා ගැනීමක.

අපිට ධනපතියො ඉන්නව කියල අපි වැරදියට වටහාගෙනයි ඉන්නේ. ධනපතියො කියන්නෙ අඩුම තරමින් ධනපතියෙක් සහභාගීවන මූලික ක‍්‍රියාවලිය ඇතුළෙවත් ජීවත් වෙන උදවිය වෙන්න  ඕනනෙ.

ඒ කියන්නෙ, ඒ උදවිය බය නැතුව ප‍්‍රාග්ධනය ආයෝජනය කරන්න  ඕන (ප‍්‍රාග්ධනය තියෙන්නත්  ඕන ඒකට, -  ආයෝජනය කරන ප‍්‍රාග්ධනය යොදවල යම් වෙළඳභාන්ඩ නිෂ්පාදනය කරන්න  ඕන, - ඒ වෙළඳ භාණ්ඩ ජාතික වෙළඳපොලේ නැතිනම් ගෝලීය වෙළඳපොලේ වෙලඳාම් කෙරිල අතිරික්ත ප‍්‍රාග්ධනය (ලාභය එයාලගෙ එකවුන්ට්වල එකතුවීම හෙවත් සමුච්චකරණය කියන දේ සිද්ධවෙන්න  ඕන. නැත්තං කොටස් හිමියෙක් විදිහට කාගෙහරි අතිරික් ප‍්‍රාග්ධන නිපදවන සමාගම හෝ ඊට අනුබද්ධ ආයතනයකවත් නියුතුවෙලා ඉන්න  ඕන.

ලංකා දිවයිනේ අපි ධනපතියො (ක්‍්චසඒකසිඑිල* කියල හඳුනගන්නෙ පෝසත්තු-ඔයැ ඍසජය (ඉන්න දුප්පතුන්ට සාපේක්ෂව, බොහෝ දෙනෙක් මේ කිසි ම දෙයක් කරන්නනෙ නැහැ. එයාල කරන්නේ මං අර කරපු ධනපති ක‍්‍රියාවලිය හරහා හරියට යන ඇමරි-යුරෝ කලාපයේ හෝ නැගෙනහිර ආසියා කලාපයේ හෝ වෙන යම් රටක ධනපතියෙක් හෝ ධනපති ආයතනයක් එක්ක ඞීල් එකක් දාල අරමුදල කියන නාමයෙන් ආධාරයක් හෝ ණයක් ලබාගෙන එයින් කට් එකක් තමං තියාගන්න වැඩක්. නැත්තං වෙන ආයෝජකයෙක් කරපු නිෂ්පාදනයක් මේ වෙළඳපොළට තොග ගාණට විකුණල අතරමැදියෙක් විදිහට කට් එකක් තියාගන්න වැඩක්.

මේක ධනපතිකම නෙවෙයි. මේක බ්‍රෝකර්කම.

ඉතිං ”සමාජවාදී ආර්ථිකය” වගේ මහා සංකල්ප ගැන කතා කරන්න කළින්, සමාජවාදය බිහිවෙන්නෙ මොහොකට එරෙහිවද කියල හිතල බලන්න  ඕන. ඒ කියන්නෙ සමාජවාදය පැමිණිය යුත්තෙ මොහොකට එරෙහිවද කියල ප‍්‍රතයාවර්තකතා විනයෙන්වත් හිතල බලන්න වෙනව.

විරෝධී ධර්මයක් එන්න  ඕන තියෙන දේකට එරෙහිවනෙ. නැති දේකට එරෙහිව එන සංකල්පය වඳ ධර්මයක්. සංකල්පයේ වැරැැද්දක් නෙවෙයි. සංකල්පයට අදාළ ග්රවුන්ඞ් රියැලිටි එක නැති කමේ වැරැද්දක්.  

අපි සාරාංශ කරල කිව්වොත් හැම ධනපතියෙක් ම බොහෝ විට පෝසත්, ඒත් හැම පෝසතෙකුට ම ධනපතියෙක් වෙන්න බැහැ. ඒකට සුදුසුකම් තියෙන්න  ඕන. ඒකට අවම තරමින් අර කලින් කියපු ක‍්‍රියාවලියේවත් සහභාගිවෙලා තියෙන්න  ඕනෙ.

මාක්ස් කියල තියෙන්නේ සමාජවාදය එන්න  ඕන ධනවාදයට එරෙහිව කියල නම්, ඒ කියන්නේ ප‍්‍රාග්ධනය සමුච්චකරණය කරන ධනවාදයට එරෙහිව නම්, ඔක්කොට ම කලින් මෙහෙ ධනවාදය තියෙන්න  ඕන.



එහෙම එකක් මෙහෙ නැහැ. මොකද මෙහෙ ධනපතියො නැහැ. ඉන්නෙ බ්‍රෝකර් පෝසත්තු.

එහෙනං මොකක් ද අපි කරන්න  ඕන. අවුරුදු 500ක යටත් විජිත සමයකින් පස්සෙ අපේ ස්වයං නිෂ්පාදන මාදිලිය යටපත් වෙලා භංගවෙලා ගිය හින්ද, ඒකට ජාතිකවාදයක් කරගහගෙන නාහෙං අඬල වැඩක් නෑ. 1948 ඉඳන් අවුරුදු 70ක් තිස්සේ අපේ ම ගොයියො ටිකත් ආර්ථික සංවර්ධනය කියල ආර්ථිකය නොවන දේ ම කරල තියෙන හින්ද අපිට දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ මොනවද?

colonial ceylon chiefs

එංගලන්තකයො අද වෙනකං ලංකා දුපතේ බලය තියාගෙන හිටිය නම්, මේක අපිට කරන්න වෙන්නෙ නැහැ. මොකද එතකොට අපිට තියෙන්නේ එයාලගෙ නිෂ්පාදන මාදිලිය හින්ද අපි එයාල වගේ අදටත්. එතකොට අපිට තියෙන්නෙ එයාලගෙ ප‍්‍රශ්න සහ එයාලගෙ විසඳුම්.

අපි ඒගොල්ලන්ගෙ පෙකනි වැලෙනුත් කැපිල අහක් වුණාට පස්සෙ අපිට තියෙන්නෙ වෙනිං උභතෝකෝටික ප‍්‍රශ්ණයක්.

දැන් අපිට තියෙන්නේ ධනවාදය නැතිකම. එහෙමත් නැත්තං ධනවාදය කියල ඒකෙ මූලික හරහට පිටින් තියෙන බ්‍රෝකර්වාදයක්.

නැති දෙයක් තියෙනව කියල හිතාගත්තු රාජ්‍යයන් ඉතිහාසයෙක් භංගවෙලා ගිහින් තියෙනව තියෙන මෝඩ මරි කමට ම.  

අපිට ධනවාදය නැති වුනාට, පොදු ලෝක ගෝලයෙන් ධනවාදයේ පීඩනය නම් තියෙනව. එහෙනම් අපි මේ දුප්පත් පීචං අවස්ථාවෙ කරන්න  ඕන ලෝක ගෝලයේ තියෙන ධනවාදයට රටක් විදිහට එක්සේසත් වෙලා පහර දෙන්නද?

එහෙම ගොං තීරණයක් ගත්තොත් ඇපත් නැති වෙනව.
අපිට තියෙන්නෙ අපිත් ධනවාදීන් විදිහට තරඟ පිටියේ කොහේ හරි මුල්ලක තැනක් දිනාගන්න.    

ඒ හින්ද දැන් අපිට සිද්ධවෙලා තියෙන්නෙ පිටින් හරි ධනවාදය කැන්ද ගන්න.

අඩුමතරමින් ජාතික ආර්ථික ප‍්‍රතිපත්තියක් යටතේ කේන්ද්‍රයේ රටවල් එක්ක ඒකාබද්ධ-ව්‍යාපාර (joint-venture business)  කිහිපයක් බිහිකරල, ගෝලීය ධනවාදය ඇතුළෙ පවා වැඩකරන්න දක්ෂ, ඉන්දියාවෙ අම්බානිට සමාන්තර තරමේවත් ජාතික ධනපතියො ටිකක් බිහි කරගන්න එක තමයි අපේ හැබෑ අභියෝගය.



සොරොස් කියපු දේ ආයෙමත් වෙන විදිහකින් කිව්වොත්, ”යථා හෝ තථ්‍ය (real) ලෝකයේ දි, සිතීමෙන් සහභාගිවන්නන් තම හිතීමේ නැතිනම් චින්තනයේ ප‍්‍රකාශන විදිහ හොයාගන්නේ තමන්ගෙ ම හිතීම ඇතුළට ගිලිල හෝ එම ප‍්‍රකාශනයේ භාෂා ලෝකයක් ඇතුලේ පියාඹලා නෙවෙයි. යථා සිතන්නෝ සිතීම කරන්නට සිතිවිලි සහ තම සිතීම ප‍්‍රකාශ කරන විදිහ හොයාගන්නේ ඔවුන් අවට පවතින විවිධාකාර ආර්ථික කි‍්‍රයා සහ හැසීරීම් සැලකිල්ලට අරගෙන.”  



උදාහරණයක් විදිහට කවුරුහරි මතුපිටින් බලල හෝ හිතට ආපු පළියට හෝ උඩයන්න ආස නිසා හෝ වෙන මොනයම් අභූත හේතුවක් නිසා හෝ තමන් ධනපතියෙක් කියල හෝ වෙනකාවහරි ධනපතියෙක් කියල ප‍්‍රකාශ කළාට වැඩක් නැහැ. මොන පරිශීලනයන් කරල ඒක කිව්වත් වැඩක් නැහැ.

සොරොස්ට අනුව එහෙම කියන්න කලින් ක‍්‍රියාවෙන් සහ හැසිරීමෙන් එයා ධනපතියෙක් යා යුතව තියෙනු ක‍්‍රියාවලියක් හරහා ගිහින් තියෙන්න  ඕන. නැතිනං යන්න  ඕන. නැතිනං බලහත්කාරයෙන් හරි යවන්න  ඕන.

ඒ හින්ද කවුරුහරි පාදඩයෙක්ට එකපාරට රත්නපුරෙන් මැණික් ගලක් හම්බවෙලා, ස්වීප් එකක් ඇදිල හෝ බැංකුවක් කඩල හෝ තාවකාලිකව පෝසෙතෙක් වුණාට එයා ධනපතියෙක් වෙන්නෙ නැහැ. ලෝකයේ ස්වීප් ටිකට් ඇදුන උදවියගෙන් සියයට අසූවක් ම කලින් හිටපු තත්වයෙනුත් පහළ වැටිල තමයි නැවතිල තියෙන්නේ.

ඇයි?

ධනවාදය දන්නේ නැහැ.

ඒ හින්ද ධනවාදයේ ප‍්‍රධාන චරිතය වන ධනපතියෙක් වෙන්න එයාලට බැහැ.

ලංකාවෙ සමහර වමේ කතිකාවන්වල කියල දීල තියෙන විදිහට ධනපතියා කියන්නේ මොට්ට ගොබ්බ හරක් නාම්බෙක්වත්, කපටි කයිරාටික නරියෙක්වත් නෙවෙයි.

ගොංකමයි, කපටිකමයි, මසුරු කමයි තිබුණහම මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන්, හැබැයි ධනපතියෙක් වෙන්න බැහැ.

ධනපතියෙක් වෙන්න අඩුම තරමින් ලෝකයේ ක‍්‍රියා සහ හැසිරීම් හරහා සිතමින් ප‍්‍රාග්ධනය ආයෝජන කිරීමේ ක‍්‍රියාවලිය හරහා ගිහින් තියෙන්න  ඕන.    

ධනවාදයේ ප‍්‍රධාන චරිතය වෙන්න නම්, ධනවාදයේ ස්ක‍්‍රිප්ට් එකේ ප්ලොට් එක හෙවත් ප‍්‍රස්තුතය දැනගෙන ඉන්න  ඕන. ඒක අඩුම තරමින් රිහර්ෂල් කරලවත් තියෙන්න  ඕන.  

ප්ලෙෘඤූ එක තමයි ප‍්‍රාග්ධන සමුච්චකරණ තර්කය.  

ඒ තර්කය අල්ලගන්න නම්, ඉස්සෙල්ල ම, ධනපතියා කියන්නේ සෘණාත්මක චරිතයක් කියන ආකල්පයෙන් ගැලවෙන්න  ඕන.



සොරොස්ට අනුව, ”සීතිමෙන් සහභාගිවන්නන් පල කරන අදහස් ඇවිත් පවතින සිදුවීම් අනුපිළිවෙලට හෙවත් ශ්‍රේණියට බලපෑමක් නැත්තම් ආභාශයක් දෙනව. ඒ වගේ ම, අනික් පැත්තෙන් සිදුවීම් අනුපිළිවෙලක් ඇවිත් සිතීමේ සහභාගිකරුවන්ගේ දැක්මටත් බලපෑමක් හෙවත් ආභාශයක් දෙනව. මේ බලපෑම හෙවත් ආභාශය අඛන්ඩව හෙවත් නොකඩවා දිගින් දිගටම සහ නිරන්තරව චක‍්‍රයක් වගේ සිද්ධ වෙනව. මේ බලපෑම හෙවත් ආභාශ චක‍්‍රය ම තමයි, ඒ චක‍්‍රය ප‍්‍රතිපෝශණය කරන පුඩුවක් (කොක්කක් බවට හැරවෙන්නෙත්.”)



ඒ හින්ද ප‍්‍රාග්ධනයේ සහ ධනපතියාගේ ක‍්‍රියාව සහ හැසිරීම ගවේශණයට විනයගතව සිතීමත්, ඒ සිතීම විනයගතව ප‍්‍රකාශ කිරීමත්, සමාජයේ ආර්ථික සිදුවීම් පෙළට මැදිහත් වීමත් දිගින් දිගට ම කරන්න ගත්තොත්, ඒ තුළ ඇතිවෙන අර ප‍්‍රතිපෝෂණ පුඩුව හරහා එය ප‍්‍රතිපෝශණයෙන් වර්ධනය වෙන්නට බැඳී සිටිනව. අදාල ක‍්‍රියාවලියට ඇතුළු වුනහම එයා කැමති වුණත් නැතත් එයාව ඉසියුම් කෙනෙක් වෙනව ම යි.

අදාළ ධනේෂ්වර ක‍්‍රියාවලියට ඇතුළු වුනහම එයාව ඉසියුම් ධනපතියෙක් වෙනව ම යි.  

හැබැයි ඒකට මේ ප‍්‍රතිපෝෂණ පුඩුව සහ එහි සංකීර්ණතා පිළිවෙලට හදාරල තියෙන්නත්  ඕන. මේ ප‍්‍රතිපෝෂණ පුඩුවෙන් කරන්නේ ප‍්‍රතිපෝෂණ චක‍්‍රය පළල් සහ සාරවත් එකක් බවට පත් කරන එක.

අපි පුඩුවට කියන්නේ ප‍්‍රත්‍යාවර්තක ප‍්‍රතිපෝෂණ පුඩුව (Reflexive feedback Loop) කියල.

”මේ ප‍්‍රත්‍යාවර්තක ප‍්‍රතිපෝෂණ පුඩුව” දැඩිව විශ්ලේෂණයට ලක් කරල තිබිල නැහැ. ඉතිං මම මුළින් ම එවැනි පුඩු මුණගැහුණ විට ඒවා විශ්ලේෂණය කරන්නට හදනකොට, මට අනේක විදිහේ සංකීර්ණතාවලට මුහුණ පාන්න සිද්ධ වුණා,” කියල සොරොස් කියනව.

ඒත් සොරොස් මේ විදිහට අරගල කරල හොයාගත්තේ ද්විත්ව නැත්තං දෙමුහුම් සිතීමක්.

බලන්න,

සිතීමෙන් සහභාගිවන මේ උදවිය, එයලගේ දැක්ම දෙවිදිහේ සබඳතාවක් විදිහට එකවර නඩත්තු කරන්න ගත්තොත් මොනව වෙයි කියල ද හිතෙන්නේ?

දැන් මේක කියවගෙන යන සමහර උදවියට ”ධනපතියෙක් වෙන විදිහ තවම හරියට කියල දුන්නෙ නෑනෙ අප්පා” කියල හිතෙන්න පුළුවන්. මොකද තවමත් කාටත් හොරා තනියම ධනපතියෙක් වෙන්න හිතාගත්තු උදවිය නහුතයක් තරම් ඉන්න රටක්නෙ මේක.  ඉතිං ඇත්තට ම ධනපතිය කියන නම එතනට දාගත්තට එහෙම එකක් නෙවෙයි අපේ උදවියට  ඕන. අපේ අය ද්න ධනවාදයක් නෑ, අපේ උදවියට  ඕන සැපවිඳින්න තරමට පෝසත් වෙන්න. ඒක ලොකු හොරකමක් කරලත් කරන්න පුළුවන්නෙ. ඉතිං එයාල පුළු පුළුවන් විදිහට ඒක කරමින් තමයි මේ ඉන්නේ.

සොරොස් අහන පරිදි අපිත් මෙහෙම අහමු!

”කවුරුහරි හුදෙකලා හාදයෙක්, තමං කවුද කියල හරි, තමං පෙනී ඉන්නේ මොකක් වෙනුවෙන්ද කියල හරි තමංගෙන් ම අහගෙන වෙනස්වෙලා, එයාගේ ප‍්‍රත්‍යාවර්තකතා සිතීමක් ඇතිවෙලා, ඒකෙ  සිතීමෙහි ප‍්‍රතිඵලයක් විදිහට එයාගෙ හැසිරීම වෙනස් කරගත්තෝතින් මොකක් වේවි කියලද හිතන්නේ?”

එයාට මොකෙක් වෙන්න පුළුවන් වෙයිද?

”ඉතිං මම ඔයාලට කලින් කිව්ව වගේ, මෙන්න මේ වගේ අසීරු දුෂ්කරතා විසඳගන්න වෑයම් කරල , එක උදේවරුවක මම ම ලියපු ප‍්‍රවර්ග අතර ම අතරමං වුණා. මම ම අර කලින් දවසෙ ? ලියපු ප‍්‍රවර්ගය අද උදේ වෙනකොට මොකක්ද කියලවත් මට තේරුම් ගන්න බැරි වුණා.” කියල සොරොස් කියනව.

https bucketeer e05bbc84 baa3 437e 9518 adb32be77984.s3.amazonaws.com public images 7c37d565 b47a 445c 92ba a35267b8a8ae 2560x1757 

ඒ හින්ද මේක කියවන අපි තේරුම් ගන්න  ඕන දෙයක් තමයි, සොරොස් කියන්නෙත් තවත් මනුස්සයෙක් කියල. ලෝකය ම එක ආකාරයක ආර්ථික සංකල්ප ගොන්නක් විශ්වාස කරමින්, එවා මත විතරක් තමන්ගේ වැඩකටයුතු කරමින් යත්දී, අලූත් සංකල්පයක් ගේන කෙනාට සියළු දැනුම එකවර සමබර කරගන්න අසීරු වෙනව.

අපි හොඳින් මතක තියාගන්න  ඕන දෙයක් තමයි, සොරොස් අධ්‍යාපනය ලබන්නට යන්නේ, ආර්ථික සංකල්ප බිහිවීමට ලොකු ඉතිහාසයක් තියෙන පෘථිවියේ ඇමෙරි-යුරෝ කලාපයට. ඒ හින්ද එයාට හැප්පෙන්න වෙන්නෙ, විධිමත්ව යම් ශාස්ත‍්‍රීය තර්ක පද්ධතියකට අනුකූලව ගොඩනැගුනු සහ පැවත ආ ආර්ථික සංකල්ප ගොන්නක් එක්ක. ඒ හින්ද යම් හැදෑරීමේ පිළිවෙලක් අනුගමනය කිරීම හරහා මේ අපහසුතාව විසඳගන්න සොරොස්ට පුළුවන් වන පසුබිමක් ඔහු අවට ම තියෙනව. ඒ හින්ද එයාට පිස්සු හැදෙන්නෙ නැහැ.

නිකමට හිතන්න ලංකා දුපත ගැන. මේ රටේ මේ පහුගිය අවුරුදු 70ට ම, ප‍්‍රවනතාවයක් විදිහට ගොඩනැගී පැවත ආපු, අවම තරමින් දකුණු ආසියාවටවත් යා දෙන ආර්ථික සංකල්ප ප‍්‍රවර්ග ගොන්නක් හෝ එවන් සංකල්ප නිරන්තරව ශාස්ත‍්‍රිය භාවිතයට ගන්න සම්ප‍්‍රදායක්වත් තියෙනවද?

එහෙන් පමෙහෙන් කුකුල්ලූ කොටනව වගේ අනුන්ගෙන් ණයට ගත්තු සංකල්ප ටිකක් විසිකරමින් ඇඟ බේරගන්න යොදාගන්නව මිසක්, එහෙමත් නැතිනම්තමන්ට වාසි සිද්ධ කරන කාවහරි යුක්ති සහගත කරන්න යොදාගන්නව මිසක්, ප‍්‍රවර්ධනය කරපු ආර්ථික සංකල්ප ඉතිහාසයක් ලක් දූපතේ අපිට දැන් නැහැ.

ඉතිං අනිවාර්යයෙන්ම දේශපාලන බලය අතට ගන්න කෙනෙකුට, රටේ ආර්ථික විද්වතුන් කියන උදවියට තනතුරු පවරල, වරදාන දීලා, ඒ අයව තමංගෙ පොකට් එකට දාගෙන, ආයෝජනය කරන්නට හෝ වෙනයම් සේවා සපයන්නට තියෙන ප‍්‍රාග්ධනයෙන් පදාස පිටින් තමංගෙ රහස් බැංකු ගණු දෙනුවලට අතුරුදහන් කරගන්න පුළුවන් සම්භාවිතාවක් මේ රටේ පවතිනව.

අවස්ථාව ආවොත්  ඕන කෙනෙක් ඒක කරනව. මොකද ඒක දේශපාලකයගෙ වැරැද්දක් විතරක් නෙවෙයි. ආර්ථික සංකල්ප ඉතිහාසයක් නැති සංකල්පීය මුඩු බිමක් වසර 70ක් තිස්සෙ නඩත්තු කිරීමේ වැරැද්ද.  

ඒක නැති කරන්න නම්, අලූත් ජාතික ආර්ථික සංකල්ප ගොඩනැගීම වෙනුවෙන්, ලෝක ආර්ථික සංකල්ප හැදෑරීම සහ ඒවා සමඟ චින්තනමය වශයෙන් සහ ප‍්‍රායෝගිකව අරගල කිරීම අවශ්‍ය යි.    

ඉතිං සොරොස්ගෙ සංකල්පය අපිට වටිනව වුණාට, අපිට ගණු දෙනු කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ, සොරොස් වගේ බුද්ධිමය ධාරිතාවෙන් පෝසත් ආරීථික විද්‍යා දැනුමක් පරිශීලනය කරන පිරිසක්  ඉන්න වටාපිටාවක නෙවෙයි. අපිට ගනු දෙනු කරන්න සිද්ධවෙලා තියෙන්නනෙ ආර්ථික විද්‍යා සංකල්ප භාවිතයෙන් හිත් මලකඩ කාපු ඔළුගෙඩි ටිකක් එක්ක.      

ඉතිං අපිට තෝරා ගැනීම් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ.

1. දන්න කියන අතලොස්සක් දෙනාට, නොදන්න නහුතයක් උදවිය දිහා ඔහේ බලාගෙන ඉඳල එයාල එක්ක නොදැනුවත්කමේ අවදානමේ ම ගිලිල නහින එක.

2. නැත්තං නොදන්න අයට බලෙන් හෝ ආර්ථිකය කියාදීම.

මේ සොරොස් අනුවර්තනය කරන මගේ පුද්ගලික යෝජනාව නම්, සංවිධාන බිහිවෙන්න  ඕන  ආර්ථික කොන්දේසි වලින් දේශපාලනය පාලනය කරන්න මිසක්, දේශපාලන කොන්දේසිවලට අනුව ආර්ථිකය ගෙඟ් යවන්න නෙවෙයි.

සොරොස් කියන විදිහට ඔහුත්, ආර්ථිකය පිළිබඳව ඔහුගේ දාර්ශනික ගොඩනැගීම් පැත්තක දාල, වරෙක ඒහි ප‍්‍රායෝ්ගික ලෝකය වන මුදල් සෙවීමේ ලෝකයට තම ජීවිතය කැප කළා. හැබැයි එයා එහෙම ගියහම එයාට ගනුදෙනු කරන්න වෙන්නේ, එයා විවේචනය කරපු මෙතෙක් භාවිතා වුණු ආර්සංකල්ප ම යි. ඒත් එයා ඒක දරාගෙන දිගට ම මුදල් සෙවීමේ ම නියුතු වුණා.

සොරොස් ඒක කළේ තමන්ව මේ නව සංකලප බිහිකිරීමට අදාළ භාෂා ලෝකයක ගිලී ප‍්‍රායෝගික ලෝකය අහිමිවන්නට තිඉුණ උගුලෙන් ගැලවෙන්න.

ඒ නිසා අපි ජීවත් වෙන ලෝකයේ යථ හොවත් යථාව හෙවත් යථාවේ අර්තය වෙන යථාර්තය අව බෝද කරගනිද්දි අපි යම් විනයක පිහිටන්න ම වෙනව. නැතිනම් අපිට වෙන්නෙ අපිලිවෙල සහ අදාළ නැති අරුත් ගොන්නක අතරමං වෙච්ච චින්තන රෝගීන් වෙන්න.

ආර්ථිකය හෝ වෙන මොනයම් දේ හැදෑරුවත් අපි පහිටන්න  ඕන විනයක් තියෙනව. මේ වගේ රටකට බුද්ධිමය විනය කියල නතර නොකර, බුද්ධිමය විනය, බුද්ධිමය විනය සහ බුද්ධිමය විනය කිය කිය නැවත නැවත මතක් කරල දෙන්න වෙන තත්වයක් තියෙන්නෙ.      

යථාව හැදෑරීමට විනයක් ඇති කරගන්න නම්, අපිට යථාව පිළිබඳ වන වස්තු-මූලික (objective) සහ මනෝමූලික මනස-මූලික (subjective)අංශ දෙක අතර වෙනස තේරුම් අරන් කටයුතු කරන්න වෙනව.

(දැන් මේ objective  සහ subjective  කියන වචන දෙකත් පරණ වමේ කතිකාව අතුළෙ විෂය-මූලික සහ  මනෝ-මූලික කියන ශබ්දකෝශ පදනම්කරගත් අරුත්වල ගිල්වලයි තියෙන්නෙ. ඒත් මේ වචනවලින් ගැඹුරු හැදෑරීම්වලට ඇති කරන්නේ දුරාවබෝධයක්. බලන්න අපි දන්න තරමින් විෂය කියන දේ හැදෙන්නෙ මනසෙ. පිටත තියෙන්නෙ වස්තුව. එතකොට වස්තුව මූලික කරගැනීම කියන එකට විෂය මූලික කිව්ව ගමං වඬේ ජෝන් බාස්ට යනව. ඒත් කාලයක් මිනිස් ප‍්‍රජාවක් පාවිච්චි කරල ප‍්‍රජාගත වුනහම අපිට ඒක භාවිතා කරන්න වෙනව. මේකට වග කියන්න  ඕන ලංකාවෙ වමේ කතිකාව හදන්න මැදිහත් වෙච්ච පරිවර්තකයො. මේක අලූත් දැනුම නවත්තවන අවිඥානික ශාස්ත‍්‍රීය උගුලක්.)  

ඉතිං සොරොස් කියන විදිහට, චින්තනය කියන්නේ මනස-මූලික (subjective) අංගය.  සිදුවීම් කියන්නෙ වස්තු-මූලික (objective) අංගය.

තමංගෙ හිත හිතන්නෙ මේ ප‍්‍රාථමික වෙනස විනයක් කරගෙන නෙවෙයි නම්, අනේ ධනපතියෙක් වෙන්න හිතන්නවත් එපා. ගිහිං සරුවත් කඩයක් දාගැනීම වගේ ස්වයං රැකියාවක් පටන් ගන්න.  

බලන්න, තව විදිහකට කිව්වොත්, මනස-මූලික (subjective) අංගයන් වලින් ආවරණය කරන්නේ සීතීමෙන් සහභාගිවන උදවියගේ මනසේ සිද්ද වෙන දේවල්.

වස්තු-මූලික (objective) අංගය වලින් ආවරණය කරන්නේ, අපෙන් භාහිර යථාර්තයේ සිද්ධ වෙන දේවල්.

සොරොස්ට අනුව, තියෙන්නේ එක භාහිර යථාර්තයක් විතරයි.  ඒ වුණාට ඒ ගැන  මනස-මූලික (subjective) දැක්මවල් ගොඩාරියක් අපි අවට තියෙනව. මොකද යථාව එකක් වුණාට ඔළුගෙඩි ගාණන ගොඩාක් හින්ද.



”ප‍්‍රත්‍යාවර්තකතාවට පුළුවනි, යථාර්තයට අදාළ  ඕනෑම අංශ දෙකක් හෝ ඊට වැඩි ගණනක් යා කරන්න හෙවත් සම්බන්ධ කරන්න. ඒක කරන්නේ ඒ යථාර්ත අංශ අතර ද්වී-මාර්ගික ප‍්‍රත්‍යාවර්තක ප‍්‍රතිපෝෂණ පුඩු (Reflexive feedback Loops) සකසලයි,” කියා සොරොස් පවසනව.



අපි සුවිශේෂී අවස්ථාවක් ගෙනහැරපෑවොත්, හුදෙකලා පුද්ගලයෙක් තමංගේ ස්වයං-අනන්‍යතාව ප‍්‍රකාශ කරන විදිහට මුළු යථාර්තය තුළ පවතින තනි අංශයක් ප‍්‍රකාශ කිරීම තුළින් වුණත් සිද්ධ වෙන්න පුළුවන්.

මේකට කියන්නේබ ස්වයං-ප‍්‍රත්‍යාවර්තකතාව කියල.

අන්න එතකොට අපිට පළල් කාණ්ඩ දෙකක් අතර වෙනස හඳුනාගන්න පුළුවන් වෙනව.

1. මනස-මූලික (දඉවැජඑසඩැ* අංශ සම්බන්ද කරන ප‍්‍රත්‍යාවර්තක සම්බන්ධතා.

2. වස්තු-මූලික (දඉවැජඑසඩැ* අංශය හා සම්බන්ධ ප‍්‍රත්‍යාවර්තක සිදුවීම්.

උදාහරණයක් විදිහට විවාහය කියන්නේ ප‍්‍රත්‍යාවර්තක සම්බන්ධතාවයක්. හැබැයි 2008 ඇමරි-යුරෝ කලාපයේ රටවල වෙච්ච ආර්ථික වැටීම ප‍්‍රත්‍යාවර්තක සිදුවීමක්.

ඒ වෙලාවෙ ඇමරි-යුරෝ රටවල් බහුතරයක මේ ඇදවැටීම සිද්ද වුන හින්ද, එයාල සවිඥානකව හෝ අවිඥානකව මේ වැටීමට මුහුණ දුන්නේ දැනුමක් එක්ක. අනික මේ වැටීම ගැන පෙර-දැනුමක් ඒ රටවල ශාස්ත‍්‍රඥයින්ට තිබුණ හින්ද තමයි ඒයාලගෙ යුරෝ කලාපය තනි මුදල් වර්ගයක් භාවිතා කරන එකට ව්‍යවස්ථානුකූලව එකඟ වුණේ සහ සම්මත කරගත්තේග (1986, 1992 වසරවල සම්මත කරගත්තේ-(Single European Act: 1986, Maastricht Treaty: 1992).

යුරෝව කියල තනි මුදලක් යුරෝපය ම පාවිච්චි කරන්න ගත්තට පස්සේ පොදුවේ ලොකු මුදලක් ඉතිරි කරගන්නට එයාලට පුළුවන් වුණා. මුදල් වර්ග මාරු කරගැනීමේ දී රටවල් අතර ඇතිවන මූල්‍ය ආතතිය නවතගන්න පුළුවන් වෙච්ච එකෙන් තමයි ඒක රගන්න පුළුවන් වුණේ. යුරෝව කියල පොදු මුදල් ඒකකයක් හඳුන්වල දුන්නු ගමං යුරෝ කලාපයේ සාමාන්‍ය ආදායම ඩොලර් 20,900 ඉඳන් ඩොලර් 33, 900 දක්වා ඉහළ ගියා. රැකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය සීයට 63.6(63.6‍්‍ර* ඉඳන් සීය 71.0 දක්වා ඉහළ ගියා.

ඒක කරගන්න පුළුවන් වුණේ යුරෝ රටවල ආර්ථික සංකල්ප භාවිතයේ තිබුනු ශාස්ත‍්‍රීය දැනුමේ පදනමට දිග ඉතිහාසයක් තිබුණ හින්ද යි.

නිකමට හිතන්න අපි දකුණු ආසියාවට එකම මුදල් ඒකකයක් භාවිතා කරන්න යෝජනා කළා කියල. රටවල් කිහිපයක් විතචරක් නෙවෙයි රටවල් ඇතුළෙ ඉන්න බොහෝ උදවියත් අබලන් තර්ක උස්සගෙන ඇවිත් මරාගන්න හදාවි. දකුණු ආසියානු රටවල උදවියට යුරෝ රටවලට වඩා සීරියස් ආර්ථික ප‍්‍රශ්න තිබිලත්, අපේ ආර්ථික සංකල්ප භාවිතයේ දුර්වලකම හින්ද, මේ තීරණයක් ගන්න බයවෙලා පිස්සු කලින්න ගන්න පුළුවන්. ලංකාවට ගෝලීය ආර්ථිකය ගැන දුර දැක්මක් තියෙනව නම්, මේ වෙලාවෙ මහන්සි වෙන්න ඕන මේ වගේ තීරණයකට ඉන්දියාවෙ එකඟතාව ලබා ගන්නා ව්‍යාපෘතියක් දියත් කරන්න.

”ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්නෙ අප්පා” කියන විදිහට හරි මේව ඇඹිය යුතු වැඩ.

Sri Lanka Bankruptcy 2021.06.17

ලංකාව ගත්තොත්. දැන් ලංකාව පවතින්නේ, ඇමරි-යුරෝ කලාපයේ වෙච්ච ආර්ථික කඩා වැටීමටත් වඩා අන්ත නෝන්ජල් සහ අවදානම්සහගත අදියරක. සොරොස් කියන විදිහට කිව්වොත්, අපි ඉන්නේ වස්තු-මූලික (objective)අංශය හා සම්බන්ධ දරුණු ප‍්‍රත්‍යාවර්තක සිදුවීමකට මුහුණ දෙමින්. දත්ත පිරික්සල එහෙම බැලූවොත් මේක කඩා වැටීමකට වඩා ප‍්‍රපාතයකින් ඇද වැටීම වගේ කියල කියන්නත් පුළුවන්. කවුරුහරි දේශපාලකයෙකුගෙ ඔළුවෙ ඇතිවෙන මාන්නක්කාර ගතියට හෝ කිව්ව නාහන ගතියට මේ ව්‍යසනයට මුහුණ දෙන්න බැහැ.

ඒත් ඒ තත්වයට මුහුණ දෙන්න තරමින් මනස-මූලික (objective) අංශ සම්බන්ද කරන ප‍්‍රත්‍යාවර්තක සම්බන්ධතා අපිට නැහැ. දවසකට රටේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනවල පලවෙන ආර්ථිකය පිළිබඳ කතාබහවල් තොගය දිහා බැලූවහම අපිට අපේ මනස මෙහෙයවන මනස-මූලික කරගත් සංකල්ප නැති බව සහ තිබුණත් නොකිය ඉන්න බව තමයි පේන්නට තියෙන්නේ. අඩුම තරමේ සොරොස් ඏහිවෙන්නට කලින් ලෝකයේ තිබුණ සංකල්පවත් යොදාගෙන ප‍්‍රශ්න විසඳන බවක් පෙන්නට නැහැ.

මේ රටේ ඉන්නෙ හිස් හැඟීමෙන් හිත් පුරවගත්තු බියගුළු ශාස්ත‍්‍රඥයො ටිකක්.

ඒ නිසා මේ මොහොතේ මේ ආර්ථික මර උගුලෙන් ගැලවෙන්න අපිට අන් කවරදාකටත් වඩා විශාල ධනේෂ්වර ආර්ථික සංකල්ප (Capitalist Economic Concepts) හැදෑරීම සහ බිහි කිරීම අවශ්‍ය යි. ඒ වගේ ම මේ ගෙවෙන මොහොතේ මේ ප‍්‍රත්‍යාවර්තකතා සිදුවීමට මුහුණ දීම සඳහා මානසිකව ඒ සිදුවීම් කෙරෙහි ප‍්‍රත්‍යාවර්තකතා සම්බන්ධතාවක් ඇති කර ගැනීම හරි වැදගත්. ඉතිං කවුරුහරි කෙනෙක් අඩුම තරමින් මේ මහා කාර්යභාරයට නොබියව ශාස්ත‍්‍රීය පටුනක්වත් සැපයිය යුතුයි,

ආරම්භයක් විදිහට.      

ලීඩර් හරහා මේ කරමින් ඉන්නේ ඒක.

මොකද සොරොස් කියන විදිහට, ”යථාර්තයට මුහුණදීමට මානසික අංශයක් නැතිනම්, එතන ප‍්‍රත්‍යාවර්තකතාවයකුත් නැහැ.”

ඒ කියන්නේ, යථාර්ථයට ප‍්‍රත්‍යාවර්තකව මුහුණ දීමට හිස්මොළ ඇතුළෙ ශාස්ත‍්‍රීය විනයක් සහිත ප‍්‍රත්‍යාවර්තක සංකල් වර්ධනය වෙන්න  ඕන. වර්ධනය වෙලා නැතුව අපි ඉන්නේ ආර්ථිකය ගැන සිතීම පැත්තෙන් අබාධිත තත්වයක නම්, අපි මහන්සිවෙලා හදාරලා ඒවා අපේ හිත් ඇතුළෙ විනය රාමුවකට යටත්ව වර්ධනය කරගන්න  ඕන.

මගේ කල්පනාවෙ හැටියට, ඉදිරියට එන දශකය ඈතුළත, ලංකා දුපතේ උදවිය අතුරින් අඩුම තරමින් 5ස් දෙනෙක්වත් ඉන්දියාවේ අම්බානිට ලඟින්වත් යන ධනපතියො ටිකක් බවටවත් පත්කරගන්න බැරි වුණොත්, අපිට වෙන්නෙ තව දශකයකින් පසුව එන දියුණු රටවල නව ආයෝජනවලට ශ‍්‍රමය දෙන ශ‍්‍රම කඳවුරක් වෙන්න විතරයි.

දෙවෙනි දේ වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද ආර්ථිකය පිළිබඳ ලංකාවෙ පොදු ඥානවිභාගය සහ ආසියාවෙ දියුණු රටවල පොදු ඥාන විභාගය අතරත් තියෙන ඥාන විභාගාත්මක පරතරය අහසට පොළව වගේ.  

අනික ප‍්‍රත්‍යාවර්තකතාව ඉතා ම සීරුවන් සහ විනයගතව, අවධානගතව සහ සිහියෙන් ඉඳං හදාරන්න  ඕන සංකල්පයක්. මොකද ප‍්‍රත්‍යාවර්තකාව තුළ වුණත්, අපි අර කලින් කිව්ව ප‍්‍රතිපෝෂණ පුඩු හැමවෙලාවෙම ධනාත්මකව වර්ධනය වෙන ඒව නොවෙන්න පුළුවන්. කෝකද වඩා යෝග්‍ය කියන එක වෙනම කාරණාවක්. ඒත් අපි දැනගන්න  ඕන මේ දෙවිදිහෙම පුඩු තියෙනවය කියල.



”ප‍්‍රතිපෝෂණ පුඩු ධනාත්මක වගේ ම සෘණාත්මක ඒවා වෙන්න පුළුවන්. සෘණාත්මක ප‍්‍රතිපෝෂණය විසින් සිතීමෙන් සහභාගීවන්නන්ගේ අදහස් සැබෑ තත්වයට ලං කරවනව. ධනාත්මක ප‍්‍රතිපෝෂණය විසින් සිත්නන්ව තවදුරටත් එකම මඟක තල්ලූ කරනවා. ඒ විදිහට ගත්තහම සෘණාත්මක ප‍්‍රතිපෝෂණය කියන්නේ ස්වයං-නිවැරදි කිරීමක්,” කියලයි සොරොස් කියන්නේ.



ඒ හින්ද ඔයාල ඇතුළෙ ප‍්‍රත්‍යාවර්තක අදහසක් දෙසට එන ධනාත්මක

ප‍්‍රතිපෝෂණයන්ට වඩා සෘණාත්මක ප‍්‍රතිපෝෂණයන් වර්ධනාත්මක යි.  

අපිට පිටින් තියෙන යථාර්තයේ සැලකිය යුතු තරම් වෙනස්කම් වෙන්නෙ නැති නම්, මේ ස්වයං නිවැරදි කිරීමට, සදහට ම පවතින්න පුළුවන්. එහෙම වුණොත් ඒක අවසාන සමතුලිතතාවක් ඇති වෙන්න හේු වේවි. අනික ඒක සිතීමෙන් සහභාගී වෙන උදවියගේ සැබෑ තත්වයන්ටත් අනුරූප වෙනවා.  

ඇත්තට ම මූල්‍ය වෙළඳපොලවල් වල සිද්ධ වෙන්න  ඕන විදිහත් ඒක තමයි.

”ඒ හින්ද ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය අවස්ථාව වන සෘණාත්මක ප‍්‍රතිපෝෂණවල අන්තවාදී අවස්ථාවක් බවට පෙරලෙන්න පුළුවන්. මගේ සංකපීලය රාමුව තුළ නම් මේක සීමිතව එළඹෙන්න පුළුවන් අවස්ථාවක්.” කියල සොරොස් අපිට කියනව.

ඊළඟ කොටස හෙට....

 

Aeavinda Hettiarachchi 1(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා 
සමාජ විශ්ලේෂක 
 
 
 
 
 
 
 
 
කියවන්න :
 
 
 
 
 
 

THE LEADER TV 
 
 
විශ්වාසය භංග වී ඇත්තේ අගමැතිගේ : දයාසිරි ගේම ඉල්ලයි !
 
 
 
 
විමල්ගෙන් පොස්පේට් ගැලෙව්වේ ස' ටත් කොලේ වහලා?
 
 
 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්