කොවිඩ් වසංගතය හමුවේ රට හමුවේ ඇති අභියෝග, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රට ගොඩනැංවීමට ගෙන යන

වැඩපිළිවෙළ සහ බැසිල් රාජපක්ෂගේ  දේශපාලන පුනරාගමනය යනාදී කරුණු කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර  දිනමිණ සමඟ සිදුකළ සංවාද සටහනකි


මේ ආණ්ඩුව බලයට පත්කරගැනීමට අප පෙළ ගැසුණේ 2015දී බලයට පත්වූ ආණ්ඩුව හැසිරුණු ආකාරය නිසා. අප හැමෝටම පෙනෙන්නට තිබුණා ඒ ආණ්ඩුව රටට ආපස්සට හැරුණු බව. ඒ ආපස්සට හැරීම විද්‍යාමාන වුණා. ඒ කියන්නේ රට ආපස්සට හැරීම හැමෝටම පෙනෙන්නට තිබුණා. ඒ ආණ්ඩුවේ ගමන ආපසු හැරවීමේ බලවේග හරහා බලවේග වෙත, බලවේග තුළට මහජනතාව රොද බැඳගත්තා. එකතු වුණා. එතැනදී මිනිසුන් මූලික කාරණා තුනක් ගැන කල්පනා කළා.

 

මූලිකවම මිනිසුන් කල්පනා කළේ මොකක්ද අපේ රටට අවශ්‍ය කරන දර්ශනය කියලා. අපි දන්නවා මහින්ද රාජපක්ෂProf Ranjith Bandara 200x200 මහතා මහින්ද චින්තන දැක්ම පෙරදැරි කරගෙන නිදහසෙන් පසු කාලසීමාව තුළ මේ රටේ තීරණාත්මක වෙනසක් ඇති කළ බව.

 

යටිතල පහසුකම් සංවර්ධනය, රටේ ආර්ථිකය නවීකරණය පැත්තෙන්, මිනිසුන්ගේ අපේක්ෂාවන් මුදුන් පැමිණවීම පමණක් නොවෙයි රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් එතුමාගේ අතින් සිදුවුණා.

 

රට තුළ පැවැති යුදමය තත්ත්වය පහකිරීමට පමණක් එතුමාගේ සේවය සීමා කරන්න මම කැමැති නැහැ. එතුමාගේ නායකත්වයෙන් යුතුව පැවැති ආණ්ඩුව ඒ වසර එකොළහ තුළ විශාල වැඩකොටසක් සිදුකළා.

 

අපි විවිධ යුග පහු කළා. සේනානායක යුගය, බණ්ඩාරනායක යුගය, ජේ. ආර්. ජයවර්ධන යුගය යන සියලු යුගවලට වඩා සුවිශේෂී යුගයක් බවට මහින්ද රාජපක්ෂ යුගය පත්වුණා. මිනිසුන් කල්පනා කළා අපි කුමන අරමුණක් වටා රොක්විය යුතුද කියලා. ඒ අරමුණ තමයි මහින්ද රාජපක්ෂ මහතා අරගෙන ගිය මහින්ද චින්තන වැඩපිළිවෙළ.

 

දෙවැනි කරුණ තමයි මිනිසුන් හිතුවා අපි කුමක් වටාද එකතු වෙන්නේ කියලා. අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙලා නිදහස් පක්ෂයේ තිබුණු දාර්ශනික පදනම මුළුමනින්ම විනාශ කරගත්තා. ඒක හරියට පිරිසක් එකතු වෙලා කාන්තාවක් දූෂණය කරන විදියට කට අරින්න බැරි විදියට නිදහස් පක්ෂයේ දාර්ශනික පදනම විනාශ කරගත්තා.

ඊළඟට අපි දැක්කා වසර පහනකට වැඩි දේශපාලන ඉතිහාසයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි සමහර මිනිසුන්ගේ තිබුණු විශ්වාසය මුළුමනින්ම බිඳ වැටුණු බව. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් අපට ලොකු විශ්වාසයක් තියාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂය පාරාජිකා තත්ත්වයට වැටිලා තිබුණේ. ඒක අපිට පේනවා මේ රටේ පැරැණිතම, විශාලතම දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයට අඩුම ගාණේ එකම ආසනයක්වත් දිනා ගන්න බැරි තැනට වැටීම නිසා.

ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ මිනිසුන්ට එකතු වෙන්න ඒ අවශ්‍ය පදනම සකසන්නයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මිනිසුන්ගේ වේදිකාව. Peoples Platform එක. මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තැබූ පිරිස බැසිල් රාජපක්ෂ මහතාගේ අප්‍රතිහත ධෛර්යෙන් මුසුවෙලා මේ රටේ තීරණාත්මක දේශපාලන පක්ෂයක් 2016 නොවැම්බර් මාසයේ මේ රටේ බිහිවුණා.

තුන්වෙනි කාරණය ලෙස මිනිසුන් කල්පනා කළේ අපි කවර නම් පුද්ගලයකු වටේ මේ රටේ ඉදිරි සංවර්ධන වගකීම භාර දිය යුතුද යන්නයි. අපි දැක්කා මිනිස්සු හොයමින් හිටියේ අලුතෙන් හිතන, නූතනවාදී, යම්කිසි වැඩක් කර පෙන්නූ නායකයෙක්. වියත්මඟ, එළිය, බලය වශයේන පොදුජන පෙරමුණට පරිබාහිර බලපෑම් කණ්ඩායම් රාශියක් එකට එකතු වී තිබුණා. මිනිසුන් 2016 වන විටම තිරණය කර ඉවරයි මේ වගකීම භාරගත යුත්තේ රාජපක්ෂවරයෙක් කියලා. 19 වැනි සංශෝධනය හරහා නැවත වරක් රාජපක්ෂවරයකු මේ රටේ ජනාධිපති ධුරයට පත්වෙන එක මෙ අය ඇහිරුවා. අපි කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි හිතන්න ඕනේ මේ අය ඒක හිතාමතා කළ එකක් බව.

 109721920 9a825a14 05ca 4fef a6c6 dc7d281c66bd

 

රාජපක්ෂ පවුල මේ සටනින් ඉවත් කරන්න ඒ අයට ඕනෑ වුණා. ඒ වෙනකොට හිටපු ආරක්ෂක ලේකම්වරයා, වත්මන් ජනාධිපතිවරයා ජනතාව විසින් ජනතාව වෙතට කැඳවාගෙන අවසන්. හැමෝම විශ්වාස කරන්න ගත්තා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව. ඒ නිසා 69 ලක්ෂයක් එතුමට ඡන්දය දුන්නේ මේ කියන මූලික කාරණා තුන මුල්කරගෙනයි.

 

අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට ඒ පෙරමුණ සමඟ එක්වූ මිත්‍ර පක්ෂ සමඟ මුලින්ම මුහුණ දුන්නේ පළාත් පාලන මැතිවරණයට. අපි ඒ පළාත් පාලන මැතිවරණයේදී ඵෙතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. මේ ජයග්‍රහණය ලැබුවේ බාධාවකින් තොරව බව කියන්නට කාටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. රටේ රාජ්‍ය නායකයා, හිටපු ජනාධිපතිවරයා කෙළින්ම කිව්වා අලුත් දේශපාලන පක්ෂයක් හදලා බලමු, එහෙම හැදුවොත් මහ පාරේ ඇවිද්දවනවා කියලා.

 

නමුත් 2017 කම්කරු දිනය දා ඵෙතිහාසික ජනගඟක් ගාලුමුවදොර පිටිය වෙත කැඳවාගෙන එන්න අපට හැකිවුණා. අපි ඔප්පු කරලා පෙන්නුවා මැතිවරණයකට යන්න සූදානම් කියලා. පළාත් පාලන ආයතනවලින් සියයට 84ක බලය අපි තරුණ දේශපාලන පක්ෂයක් ලෙස තහවුරු කරගත්තා. ජනාධිපතිවරණයේදී කොන්දේසි විරහිතව 69 ලක්ෂයක ජනතාවක් සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනවරමක් ජනාධිපතිවරයාට ලබාදුන්නා.

කොවිඩ් වසංගතය ආවා. අපි පළමු රැල්ල අවසානයේ මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. අපේ මිත්‍ර දේශපාලන පක්ෂ සමඟ තුනෙන් දෙකක බලයක් හිමිකරගන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබුණා. දැන් අපි ගත කරමින් ඉන්නේ කොවිඩ් වසංගතය තුළ. මේ රට හරියටම මාස 16කට ආසන්න කාලයක් ලෝකයේ වෙනත් රටවල් වගේම අකර්මණ්‍ය වුණා. අපි පූර්ණ ධාරිතාවයෙන් දුවන්නේ නැහැ. කර්මාන්තකරුවෝ, සංචාරක ව්‍යාපාරය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මේ හැමෝටම ප්‍රශ්න. රට ඇරලා තියන්න පුළුවන්කමක් නැහැ.

මේක ගෝලීය වසංගතයක්. අපට තිබුණු විකල්ප ඉතාම සීමිතයි. ලෝකයේ ප්‍රබල රටවල් දවසකට තමන්ගේ ජනතාවගේ ජීවිත දහස් ගණන් මේ වසංගතයෙන් එළියට එන්න බැරිව පූජා කරන කොට අපට පුළුවන්කම ලැබිලා තිබෙනවා මිලියන තුනහමාරකට වැඩි පිරිසකට, එනම් ජනගහනයෙන් සියයට 20කටත් වැඩි පිරිසකටත් එන්නත ලබාදෙන්න අපට හැකියාව ලැබිලා තිබෙනවා. සැප්තැම්බර් මාසය වන විට සියයට 60කට මේ එන්නත ලබාදෙනවා. එතකොට මේ රටේ ජනතාව සුරක්ෂිතයි. මේක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ජනතාව බලාපොරොත්තු වූ ජාතික ආරක්ෂාව. ජාතියක් විදියට කොහොමද අපිව ආරක්ෂා කරන්නේ කියන එක තමයි ජාතික ආරක්ෂා කියන්නේ.

 153455a3 5e96 42e2 ab80 d0e410d39822

 

කොවිඩ් වසංගතයත් එක්ක ජනාධිපතිවරයා උත්සහ කළා මේ වසංගතය මුහුණ දෙන අතරවාරයේ කොහොමද රටේ ආර්ථිකය හසුරුවන්නේ, කොහොමද මේ රටේ කල්පවත්නා වූ දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නය විසඳන්නේ කියලා. එතුමා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කළා බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව. ඒ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා. ආර්ථික කාර්ය සාධන බළකාය මොකද කළේ? කොවිඩ් වසංගතයට මුහුණදෙන අතරේ රටේ ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.

ඒ වගේම රටේ ජනගහනයෙන් සියයට 23ක් ආණ්ඩුවේ මොනම හෝ ආධාරයක් ඇතිව ජීවත්වෙන පිරිසක්. සමෘද්ධිය වෙන්න පුළුවන්, වැඩිහිටි ආධාර වෙන්න පුළුවන්, වකුගඩු රෝගී ආධාර හෝ ආබාධිත ආධාර ලබන අය වෙන්න පුළුවන්. මේ අය රැකබලා ගැනීම පමණක් නොවෙයි මේ අය මේ යැපුම් මට්ටමින් එහාට ගැනීම මේ බළකායේ වගකීමක් වුණා.

 

අපට උදම් අනන්නට පුළුවන්කමක් නැහැ අපි වැඩිපුර සමෘද්ධි දෙනවා කියලා. අපි වැඩිපුර සමෘද්ධි දෙනවා කියන්නේ රට වැඩිපුර දුප්පත්කමට ඇදගෙන යනවා කියන එකයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කිව්වා අපි ලක්ෂ හයකට වැඩිපුර සමෘද්ධි දීමනාව දෙනවා කියලා. ඒ කියන්නේ රටේ දුප්පත්කම වැඩිවෙලා කියන එකයි. ඒ නිසා අපි අද ඉන්නේ අතිශයින් තීරණාත්මක තැනකයි.

 

විපක්ෂය අද නොයෙකුත් අවලාද නඟන නමුත් පසුගිය අවුරුදු එකහමාරක කාලය තුළ මේ ආණ්ඩුව කරපු දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වූ ප්‍රධානතම කාරණයක් තමයි ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. ඒ කාරණය අද ඉෂ්ඨ කර තිබෙනවා. යුද්ධයකදී වෙන්න පුළුවන්, ස්වභාවික විපතකදී වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ගෝලීය වසංගතයකදී වෙන්න පුළුවන් රට ආරක්ෂා කර ජනතාවට සුරක්ෂිත හැඟිමක් ලබාදීම තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. අපේකම, අපේ සංස්කෘතිය, අපේ ජනතාවගේ ආරක්ෂාව පෙරට වඩා යහපත් අතට අද හැරිලා තිබෙනවා. සමහර තැන් එදා තිබුණා වෙනම කලාප වශයෙන්. කුරගල, මුහුදු මහා විහාරය දැන් නැවතත් අපට අයත් වෙලා තිබෙනවා. බුදුදහම ආරක්ෂා කරන්න පියවර ගෙන තිබෙනවා.

 



ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. කුඩා පාලම් 5,000ක් ඉදිකිරීමට කටයුතු කරනවා. අතරමඟ නතර වී තිබූ අධිවේගී මාර්ග සියල්ලම කඩිනමින් අවසන් කිරීමට උපදෙස් දී තිබෙනවා. වරාය නගරය දැන් ආයෝජනවලට විවෘත කරලා විදේශ විනිමය මෙරටට ගෙනඒමේ අඩිතාලම දමා තිබෙනවා. ජාතික පාසල් දහසක් අලුතෙන් ඉදිකරන්නට වගේම පුරවර විශ්ව විද්‍යාල වැඩසටහන මඟින් රැකියා පදනම් කරගත් විශ්වවිද්‍යල අධයාපනයක් ලබාදෙන්නට කටයුතු යොදලා තිබෙනවා. ඒ හැරුණම දීර්ඝකාලයක් තිස්සේ ගැටලුවක් වී තිබුණු පාසල් අධ්‍යාපනයට ගතවන දීර්ඝකාලය අඩු කරලා අවම කාලයකින් උපාධිධාරියකු බිහිකිරීමට අධ්‍යාපනය අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු යොදලා ඉවරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් දැනට රටේ දැවැන්ත වෙනසක් ඇති වෙමින් තිබෙන බව මම පැහැදිලි කළා. කොවිඩ් වසංගතය නිසා අපට මාස 16කට වැඩි කාලයක් රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකිවූයේ නැහැ. ඒ නමුත් ජනතාව හමුවේ අපි වසර පහකින් ඉටුකරන බවට දුන් පොරොන්දු ඇතුළත් සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නැංවිය යුතුව තිබෙනවා. එතැනදී අපට කොවිඩ් හෝ වෙනත් හේතුවක් ඉදිරිපත් කරන්නට පුළුවන්කමක් නැහැ. අහිමි වූ කාලය සලකා බලමින් අපි අපේ ගමන දැන් වේගවත් කළ යුතුව තිබෙනවා.

 

ඒක වේගවක් කරන්න නම් අපට දැන් ඕනෑකම තියෙනවා Proven Leader එහෙම නැත්නම් ඔප්පු කළ හැකි නායකයකු මේ යාන්ත්‍රණය තුළට කැඳවාගෙන එන්න. අපි ඕනෑම නායකයකු ගත්තම එයාට නායකයා කියන්නේ කාරණා තුනක් මුල්කරගෙනයි. මඟ දනියි (Knows the way) මඟ පෙන්වයි (shows the way) මඟ රැගෙන යයි (Takes the way) කාරණා තුන තමයි ඒ.

 

 

Basil Rajapaksa 1

අපි බැසිල් රාජපක්ෂ දකින්නේ චින්තකයකු සහ කරන්නකු (Thinker and Doer) ලෙසයි

ඔහුට සුවිශේෂී කුසලතා තුනක් තිබෙනවා. ඔහුගේ සිතුවිලි තුළ සියුම් දාර්ශනික පදනමක් තියෙනවා. එය ක්‍රියාවට නැංවිය හැකියි. ඒ වගේම ඔහුට එය ක්‍රියාවට නැංවීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි බැසිල් රාජපක්ෂ දකින්නේ චින්තකයකු සහ කරන්නකු (Thinker and Doer) ලෙසයි. මිනිසුන් තුළ අද ගොඩනැගී තිබෙන්නේ අසීරු අවස්ථාවක ජනතා අපේක්ෂාව විදියටයි.

රටක බරක් කරගහන්න පුලුවන් ඒ රටේ සහ ඒ හා සම්බන්ධ සෑම අංශයකම අවබෝධයක් තියෙන නායකත්වයකට. යුද්ධයත් එක්ක අපි අවුරුදු 30ක් බැට කාල ඒ යුද්ධ අස්සෙත් මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා හරියට පවත්වාගෙන යන්න එවකට රාජපක්ෂ ආණ්ඩුව වගබලාගත්‍තා. බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා කියන්නේ යුද්ධෙන් පස්සෙ රට සංවර්ධන මාවතකට අරගෙන යන්න උර දුන්න ශක්තියක්. යුද්ධෙන් පස්සෙ රටේ ආර්ථික සංවර්ධන ඇමති විදියට දිවි නැගුම , මග නැගුම ව්‍යාපෘති දියත් කරමින් රටේ යටිතල පහසුකම් ටික හදන්නත් කඩා වැටිච්ච ආර්ථිකය ගොඩගන්නත් රාජපක්ෂ මහතා මහ මොළකරුවෙක් වුණා..

දේශපාලනිකව විපක්ෂෙන් කුමන්ත්‍රණ කරල රටේ දියුණුව උදා වෙනකොට පක්ෂ කඩන්න ගත්ත උත්සහය අපි අත් වින්දා. ඒ කාලෙ සැලසුම් නැතුව රට වැටෙද්දී පොදුජන පෙරමුණ සංකල්පය ගෙනල්ලා රටේ පෙරළියක් කරන්න පක්ෂෙ එකතු කරල වැඩ කරන්න පිරිස් බලය හැදුවෙත් ඒ බැසිල් රාජපක්ෂ ම තමයි.

 

 


කොවිඩ් 19 ලංකාවට එනවත් එක්කම අපි හිතපු නැති ව්‍යසනයකට මුළු ලෝකයක් එක්ක අපිට මූණ දෙන්න වෙනවා. ඒක කුඩා රටක් වෙච්ච අපිට බලපාපු විදිය ප්‍රබලයි. බැසිල් රාජපක්ෂ මහතාට හැකියාව ලැබුණා එම තත්ත්වය ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මනාව කළමනාකරණය කරන්න. බැසිල්ටම ගහන්න කොතෙක් උත්සහ කළත් කොරෝනා ප්‍රශ්නෙ එක්ක මිනිස්සු බඩගින්නෙ නොතියන්න අත්‍යාවශ්‍ය සේවා ටික පවත්වාගෙන යන්න, බේත් හේත් ටික දෙන්න, කොරෝනා වැළදුන මිනිස්සුන්ට කඩිනම් ප්‍රතිකාර කරන්න මේ හැම දෙයක්ම තමන්ගෙ කරට අරගෙන ජනාධිපතිට හයියක් වෙන්න බැසිල් රාක්පක්ෂ මහාතට පුළුවන් වුණා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා පත්කරනුයේ ඒ අවබෝධය ඇතිවයි. මේ හැම තත්වයක්ම පාලනය කරගන්න අපිට පුළුවන් කියන තැන බැසිල් රාජපක්ෂ ඔප්පු කළා. අඩු ආදායම්ලාභී පවුල්, සුළු හා කුඩා ව්‍යාපාර කරන අය, සමෘද්ධි ලාභීන් වෙනුවෙන් රු. 5000 දීමනාව දෙවතාවක්ම දෙන්න රජයක් විදියට හොඳ මෙහෙයවීමක් දුන්නා.

කොවිඩ් තත්වය දැඩි වෙන්න ගත්තම පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය, ඉන්ජිනේරු සංවිධානය , කාන්තා සංවිධානය , තරුණ සේවා සභාව වගේ සමාජ කණ්ඩායම් එකතු කරගෙන ඔවුන්ට ශක්තියක් වෙලා දින 10න් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇඳන් 10,000ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. ඇඳන් 10,000 වෙනුවට ඇඳන් 17,000ක් හදන්න පුළුවන්කම ලැබුණා.

අසීරුම අවස්ථාවල රජයට හයියක් වෙන්න පුලුවන් නායකත්වයක් හැමෝටම නෑ.ජනාධිපතිතුමාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශය තුළ රජයක් විදියට කරපු යහපත් වැඩ ගොඩක් කියවුණා. අපි අද වෙනකොට කොවිඩ් පාලනය කරගන්න ලෝකෙ අනෙක් රටවල්වලට වඩා හොඳ තැනක ඉන්නවා.

 

ඒ වගේම වැක්සීන් එක ජනතාවට ලබා දීමේ ක්‍රියාන්විතය සාර්ථකව වැඩ කරනවා. මේ වෙලාවෙ රටේ ආර්ථිකය ආයෙ ගොඩගන්න ජනාධිපතිතුමා එක්ක එකට හිටගන්න බැසිල් රාජපක්ෂ කැබිනට් එකට එන්නම ඕනෙ. දුරින් ඉන්නවට වඩා ළඟින් ඉඳන් හයියක් වෙන්න පුලුවන් නායකත්වයක් බැසිල් රාජපක්ෂ මහත්තයා ගාව තියෙනවා කියල මේ වෙනකොටත් ඔප්පු වෙලා ඉවරයි. මේ මොහොතේ ඒ කියන්නේ මේ අසීරුම මොහොතේ මිනිස්සු වුනත් අපේක්ෂා කරන්නේ කෙලින් හිටගන්න පුලුවන් බැසිල් රාජපක්ෂ වගේ බුද්ධිමත් , උගත් හයියක්!


ඒ වගේම ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩල ඇතුළේ රටේ මූල්‍ය විනය හදන්න හයියක් අවශ්‍යයි. විශේෂයෙන් මේ වගේ කාලවකවානුවකදි මූල්‍ය පාලනය හරියට ගෙනියන්න ඒ වෙනුවෙන් සුවිශේෂී නායකත්වයක් අවශ්‍යයි. ජනාධිපතිතුමාට පරිපාලනය සම්බන්ධයෙන් ඉතා හොඳ දැනුමක් තියෙනවා. අගමැතිතුමා දේශපාලන නායකයෙක්. මේ සහසම්බන්ධය ඇතුළෙ කැබිනට්ටුව ඇතුළෙ හැම කැබිනට් ඇමති කෙනෙක්ම හිතන්නෙ තමන්ගෙ අමාත්‍යාංශය ගැන. එතකොට එතනදී මේ හැම දෙයක් ගැනම මධ්‍යස්ථව හිතන, රටේ මූල්‍ය විනය , සංවර්ධනය ගැන හරියට හිතන ඇමති කෙනෙක්ට එහා ගිය නායකයෙක් ඒ වෙනුවෙන් අවශ්‍යයි. ඒ නායකත්වයට මේ මොහොතේ අවශ්‍යම කෙනා වෙන කවුරුත් නෙමෙයි බැසිල් රාජපක්ෂ නම් නායකත්වය විතරමයි!


ධනුෂ්ක ගොඩකුඹුර

 

 
##########
 
THE LEADER TV 
 
 
 
ජනතාවට ඇත්ත කිව්වොත් බලාගෙනයි චීනා තගදායි 
 
 
 
ශවේන්ද්‍ර, විරසක රාජපක්ෂලා එකතු කළ හැටි ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image