“හිස් මාස්ටර්ස් වොයිස්” එහෙම නැත්නම් “හාම්පුතාගේ හඬ” හරිම අපූරු කතන්දරයක්. මේ යෙදුම් මුලින්ම භාවිතා උනේ එක්දාස් අටසිය අනූ ගණන්වල

එංගලන්තයේ ග්‍රෑම්පෝන් සංගීත් තැටි නිෂ්පාදන සමාගමක් හඳුන්වන අනවර්ත නාමයක් විදිහට.

වාදනය වන ග්‍රෑම්පෝන් තැටියකට කිකරු බල්ලෙක් ඇහුම්කන් දෙන විදිහ එම සංගීත තැටි සමාගමේ (HMV- His Master’s Voice) වෙළඳ නාම සංකේතය වුණා.

 

f54100f9 f4e1 4aa4 afd3 c20836c340da

HMV- His Master’s Voice

 

හැබැයි පසු කාලයේදි හිස් මාස්ටර්ස් වොයිස් යෙදුම භාවිතා වුනේ හාම්පුතා වෙනුවෙන් අවිචාරශීලීව මොර දෙන පුද්ගලයන් සංකේතවත් කරන්න.

ඒ වගේම හාම්පුතා ගැන ඇත්ත නොදැන හාම්පුතා කියන දේ ඒ විදිහටම පිළිගන්න මිනිස්සු සංකේතවත් කරන්න.

ඉහළ සිට පහළට කරන ඒකපාර්ශවික අධිපතිවාදි සන්නිවේදන ක්‍රමය මෙමගින් සංකේතවත් කරනවා.

 

අණබෙරකාරයා

 

අපේ රටේ රජකාලේ අණබෙරකාරයා කියලා නිලධාරියෙක් හිටියා. ඔහුගේ රාජකාරිය තමයි රජ්ජුරුවෝ කියන දේ ආපහු ඒ විදිහටම ජනතාවට කියන එක.

රජ මාළිගාවේ දී රජු ඉදිරියේ දණ ගසා බඩගාගෙන ගොස් “පස්වාන් දහසකට බුදුවී මේ බලු ගැත්තාට සමාවෙලා ඔබ වහන්සේගේ පනිවුඩය වදාරන්න යයි” පවසමින් රජුගේ නියෝගය ලබාගන්නා අණබෙරකාරයා මාලිගාවෙන් පිට වුණාට පස්සේ රජුටත් වඩා රජෙක්.

රජ මාලිගාවෙන් පිටවී අණබෙර ගහමින් උස් ස්ථානයකට නගින අණ බෙර කාරයා “අසව්” “අසව්” කියමින් උස් හඬින් කෑගසමින් ජනතාව එක්රැස් කර, රජු කියපු දේ රජුටත් වඩා උජාරුවෙන් සහ ආඩම්බරයෙන් රජුගේ යටත් වැසියන්ට දැනුම් දෙනවා. නියෝග පනවනවා.

ජනතාව ඉදිරියේ අණබෙරකාරයා හිතාගෙන ඉන්නේ තමන් තමයි රජ්ජුරුවෝ කියලා.

අණබෙරකාරයා කියන දේ ප්‍රශ්න කරන්න, ඒ ගැන තමන්ගෙ ප්‍රතිචාරයන් දක්වන්න යටත් වැසියන්ට කිසිම ඉඩක් නැහැ. රජු කියපු විදිහට ජීවත් වෙන එක තමයි යටත්වැසියන් කරන්න ඕන.

 

මේ රාජපක්ෂ ආණ්ඩුවේ සන්නිවේදන ක්‍රමය විදිහට අවසානයේ අණබෙර සන්නිවේදන ක්‍රමය තෝරා ගෙන තිබෙනවා. ඒ සඳහා අණබෙරකරුවෙකු එහෙම නැත්නම් හාම්පුතා වෙනුවෙන් කෑමොර දෙන්නේක් තෝරාගෙන තිබෙනවා.

 

ආන්ඩුවේ මේ තීරණය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මාධ්‍ය නිදහසට කරනු ලබන බරපතල අනතුරු හැඟවීමක්.

යම්කිසි රටක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ විවිධ දේශපාලන අදහස්, මතිමතාන්තර ප්‍රකාශ කරන්න ජනතාවට නිදහස තිබුනොත් විතරයි.

 

scs

 

ඒ වෙනුවට අණබෙරකාරයෙක් ලවා මහජනයා සතු පොදු දේපල භාවිතා කරලා ආන්ඩුවේ මතය, ආණ්ඩුව කරන දේවල්වල එක පැත්තක් විතරක් කියමින් සමහර දේවල් හංගමින් එයින් විතරක් මිනිස්සුන්ගේ ඔලු පුරවන්න හදන එක බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට කරන්න හදන අනතුරක පෙර නිමිත්තක්.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූලික මාධ්‍ය ආචාර ධර්මයක් වන්නේ මාධ්‍යකරුවා සහ මාධ්‍ය ආයතනය තමන්ගේ අයිතිය යටතේ තිබෙන මාධ්‍ය ආයතනයෙන් තමන්ගේ අදහස් මත දැක්වීම් නොකළ යුතුයි කියන එක.

ඒව වගේම යම් මාධ්‍ය වැඩසටහන්කදී යම් පුද්ගලයෙකු විවේචනය කරන්නේ නම් එසේ විවේචනයට ලක්වෙන පුද්ගලයාටද ඊට තම ප්‍රතිචාරය දැක්වීමට ඉඩ ලබා දිය යුතු යැයි කියා මූලික මාධ්‍ය ආචාර ධර්මයක් තිබෙනවා.

 

මහජනයා සතු පොදු දේපලක් වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයාට ඉහතින් සඳහන් කරපු මූලික මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරන්න ආණ්ඩුව ඉඩ සලසා දෙනවා කියන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, සහ විසම්මුතිය ට ඉඩ දීම කියන මූලිකාංග තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ කියන එක.

 

ජීවිතේ සැඳෑ සමය ගත්කරමින් සිටින හඩ්සන් සමරසිංහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් පස්වෙනි වතාවටත් පත්කිරීමෙන් මේ සියල්ල සංකේතවත් කරනවා. මේ සියල්ල පිළිබඳ පෙරනිමිත්තක්.

 

මහජන සේවා මාධ්‍ය

 

නිදහස් මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින සමහර මාධ්‍යකරුවන් මේවා මේ විදියට සිද්ධ වෙන එකට යටි හිතෙන් හරිම කැමතියි.

 

උදාහරණයක් විදිහට මංගල සමරවීර ජනමාධ්‍ය ඇමැති වෙලා ඉන්න කාලේ ආණ්ඩුවට අයිති ගුවන්විදුලි සංස්ථාව ඇතුළු ආන්ඩුවේ ජනමාධ්‍ය ආයතන ආන්ඩුවේ පාලනයෙන් නිදහස් කරලා ස්වාධීන මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් කරන්න විශේෂඥ කමිටුවක් පත් කළා.

 

1 SLRC

 

ජාත්‍යන්තර කීර්තියටපත් මාධ්‍ය විශේෂඥයෙක් වන, ලෝකයේ විවිධ රටවල් නිදහස් මාධ්‍ය සංවර්ධනය සඳහා මැදිහත් වූ UNESCO සන්නිවේදන අංශයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර එම කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළා.

මමත්, මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ නාලක ගුණවර්ධන තවත් කිහිප දෙනෙකු එහි සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කළා.

ජිනීවා ඉඳලා නිදහස් මාධ්‍ය වෙනුවෙන් හඩනගන සුනන්ද දේශප්‍රිය කළේ ඒ වැඩපිළිවෙළ බොරු තර්ක ගෙනල්ලා කඩාකප්පල් කරල දාන එක,

ඒ අනුව හඩ්සන් සමරසිංහට ආයෙත් ගුවන් විදුලි සංස්ථාව භාරදීම සුනන්ද දේශප්‍රියගේ උවමනාවන් සංකේතවත් කිරීමක්.

එදා විජයානන්ද ජයවීර කමිටුවට ක්‍රියාත්මක වෙන්න මෙරට මාධ්‍ය ප්‍රජාව ඉඩ ලබල දුන්නනම් අද දවසේ ආන්ඩුවේ මාධ්‍ය ජාලය, අණබෙරකරුවන් ගේ “හිස් මාස්ටර්ස් වොයිස් ” පාරාදීසයක් කරගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

මහජන සේවා මාධ්‍ය (Public Service Media) කියන්නේ ආණ්ඩුවේ, වෙළෙඳපොළ සහ වෙනත් බලය තියෙන කණ්ඩායම්වලින් ස්වාධීන වූ මාධ්‍ය වෘත්තිය ආචාරධර්ම මත පමණක් මාධ්‍ය අන්තර්ගතය සකස් කරන මහජනතාවට පමණක් වග වන ස්වාධීන සහ අපක්ෂපාතී මාධ්‍ය ආයතන ව්‍යුහයක්.

 

Dr Pradeep N Weerasinghe 255x276 1(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය.

 

 

 

 

 

 

##########
THE LEADER TV 
බැසිල් එනවට ශ්‍රීලනිපයත් මනාප නැහැ ? 
 
කපුටු උපදෙස් වැඩ කරයි : අරක්කු සමාගමට රුපියල් බිලියන 1.5 ක බදු සමාවක් ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්