එමානුවෙල් මැක්රෝන්. වත්මන් ප්‍රංශ ජනාධිපති (photo@AP)
ළමයි හම්බ වෙලා නැහැ තමයි. ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ තමයි. තමන්ට වඩා සියවස් කාලක් විතර වයසත් වැඩියි. එක යුගයක තමන්ගේ ඉස්කෝලේ ටීචර්. 'හුඟක් අය හංගල කරන දේ, හුඟක් අය වැරදියට හිතන ආදරයක්, අපි සමාජය ඉස්සරහට ගෙනාව. අපිට සම්භාව්‍ය පවුලක් නැහැ තමයි. ඒත් කොයිම විදියකින්වත් අපි ළඟ එයාලට වඩා ආදරය අඩුයි කියල කියන්න බැහැ'.
තමන්ගේ වියපත් පෙම්වතිය - බිරිඳ - තමන් ළඟ තියාගෙන ලෝකයක් ඉස්සරහ එහෙම කිව්වේ එමානුවෙල් මැක්රෝන්. වත්මන් ප්‍රංශ ජනාධිපති. මිනිස් ආදරය ගැන, ඒකෙ සීමා ගැන, ඒකෙ අවුල් ගැන, ඒකෙ මරණීය අවසානය ගැන තීරණය ගන්නෙත් ඒ ආදරය කරන මිනිස්සුම තමයි. ප්‍රේක්ෂකයෝ නෙවෙයි.
රෝමියෝ සහ ජූලියට්, ජැක් සහ රෝස්, සහ තව ඕනෑ තරම් එහෙම කරලා තියනවා. අනාගතේ කරන්නත් නියමිතයි.
ළමයි ඉන්න හෝ නැති නිසාම මිනිස්සු ආදරය කරනවාද නැද්ද කියල තීරණය කරන්න බැහැ. ගැහැණියකට එයාගේ ගර්භාෂයේ අයිතිය හිමියි. තවත් ගොඩක් දේවල් එයාට හිමියි.
මවක් කියන්නේ ජීව විද්‍යාත්මක ශරීරයකට විතරක් නෙවෙයි. ගැඹුරු සංස්කෘතික ආදරයකට. බලන්න 'හුණුවටයේ කතාවේ' ගෘෂා. 'දිරිය මව සහ ඇගේ දරුවෝ' නාට්‍යයේ කැත්රින්.
මහින්ද රාජපක්ෂ, අපි ඔයා එක්ක කවදාවත් එකඟ උනේ නැත්තේ මෙන්න මේ පුළුල් 'මිනිස් බව' ඔයාගෙන් අපි දැක්කේ නැති නිසා...එදත් අදත් හෙටත් ඒ ගැන අපි ආඩම්බර වෙනවා. අපි හැමදාම ගියේ කිසිදා හමුවෙන්න නියමිත නැති පාරවල් දෙකක.
ලෝකය අයිති පෙම්වතුන්ට.
මහේෂ් හපුගොඩ
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
THE LEADER TV
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය?
කළු සල්ලි ජාවාරමුන්ට අති විශාල කප්පමක් ?