Image@Into the Wild (2007)
 
  
සමහර කෘති තියනවා බැලුවට පස්සේ ඔලුව නිදහස් කර ගන්න පුළුවන්. සමහර කෘති තියනවා බැලුවට පස්සේ ඒ චරිත, ස්ථාන සහ තේමාවල් ඔළුවේ හොල්මන් කරන. 
 
ඔය The Silence of the Lambs, Melancholia, Shawshank Redemption වගේ චිත්‍රපට අයිති වෙන්නේ ඒ දෙවැනි ගොඩට. ඒ දෙවැනි ගොඩේ තිබිල හිත නිදහස් කරන්න කියල ආයේ නොබලන්න හිතා ගත්ත ෆිල්ම් එකක් තමයි Into the Wild (2007) කියන්නේ. 
 
ඒ උනාට ඒක නැවත නැවත මතකයට එනවා. නැවත නැවත හොල්මන් කරනවා. මේ සටහන ලියන්නේ දෛනිකව මරණයේ විෂාදය අපේ පැවැත්ම ඉස්සරහා නළියන වෙලාවක වීම සහ මේ සටහන එක්ක තවත් ඔබ විෂාදයට ගමන් කරයි නම් මේක කියවන්න හෝ ඉහත චිත්‍රපටය බලන්න හෝ එපා. 
 
නමුත් මේ සටහන ඒ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වන ශිෂ්ටාචාරයෙන් පසුබෑම ගැන ලියවෙන එකක් නෙවෙයි. ඒ වෙනුවට මේ සටහන මිනිස් හමුවීම, වෙන්වීම, ස්ත්‍රිය, ආදරය සහ විනය කියන අදහස් එක්ක බැඳුන නො අවසන් ඒ වගේම අසම්පුර්ණ අකුරු කිහිපයක්. 
 
ඉනුත් විනය (discipline) කියන එක පසුගිය දිනවල කතා බහට ලක්වෙච්ච අදහස් අතර ප්‍රධාන වෙච්ච නිසා මේක ලියන්න හිතුණා. නමුත් මේක අවසන් අදහසක් හැටියට ගන්න එපා. 
 
21wild 600
 
Image@Into the Wild (2007)
 
 
අපේ කතා නායකයා වන ක්‍රිස්ටෝපර් මැක්කැන්ඩ්ල්ස් (Christopher McCandless) ඒ කියන්නේ 'ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රැම්ප්' තමන්ගේ මෙතෙක් තිබ්බ සියළු සමාජ අනන්‍යතා අවසන් කරලා අවසානයක් නැති ගමනක් ආරම්භ කරනවා. 
 
පවුල් සංස්ථාවෙන් එළියට, පාසල් විශ්ව විද්‍යාල වලින් එළියට, සාප්පු සංකීර්ණ වලින් එළියට, කොටින්ම සමාජය (society) කියන ප්‍රපංචයෙන් එළියට එයා අභිනිෂ්ක්‍රමණය කරනවා. 
 
සල්ලි, හැඳුනුම්පත්, ක්‍රෙඩිට් කාඩ් මුකුත් නැතුව එයා ආරම්භ කරන ගමන ඇතුලේ එයා රූපකයක් විදියට දහසක් සානු, දහසක් නිම්න, දහසක් කඳු මුදුන් තරණය කරනවා.  
 
ලස්සන මිනිස්සු, වෙනස් මිනිස්සු, නිදහස හොයන මිනිස්සු, ආදරය හොයන මිනිස්සු, අළුත් අර්ථයන් හොයන මිනිස්සු එයාට හම්බ වෙනවා. ඒ එක තැනකවත් එයා නවතින්නේ නැහැ. ආපසු ඒ තැන් වලට එන්න අවස්තා තිබුණට එයා ඒ තැන්වල නවතින්නේ නැහැ. 
 
එයාගේ අරමුණ ඇලස්කාව තරණය කරන්න. ඒකත් ආශාවක්. අභිප්‍රායක්. 
 
ඒ ගමන අතර ඇලෙක්සැන්ඩර් ට කැලිෆෝනියා වලදී හම්බ වෙනවා හිපි ජෝඩුවක්. ඔවුන්ටත් ආදරය ගැන ප්‍රශ්න තියනවා ඒ දෙන්නා අතර විසඳා ගතයුතු. එයාල එක්ක ඇලෙක්සැන්ඩර් දවස් කිහිපයක් ගෙවනවා. ඒ වුනාට ඇලෙක්සැන්ඩර් එයාලටත් සමු දෙනවා. 
 
නමුත් නැවත ටික කාලෙකින් ඔවුන් හමුවෙනවා. ඒ හමු වෙනකොට එයාල එක්ක ඉන්නවා ට්‍රේසි (Tracy) කියන තරුණ කෙල්ලක්. ලස්සන කෙල්ලක්. විදියේ සින්දු කියන කෙනෙක්. 
 
අර හිපි කපල් එක ඉතාම ආශාවෙන් ට්‍රේසි මුණ ගස්සනවා ඇලෙක්සැන්ඩර් ට. මගේ සටහන මේ සිද්ධියට විතරක් සීමා කරනවා. 
 
මෙතැනදී දෙන්නා හමු වෙනවා. කතා කරනවා. හඳුනා ගන්නවා. දෙන්නා පාරවල් දෙකක ගමන් කරන බව දෙන්නා තේරුම් ගන්නවා. 
 
MV5BMTM1MjQzMDA5NV5BMl5BanBnXkFtZTcwMDk5MDg3Mw. V1  
Image@Into the Wild (2007)
 
 
ට්‍රේසි ට අවශ්‍ය වෙනවා ඇලෙක්සැන්ඩර් ට ආදරය කරන්න. සමහර විට එයා එක්ක එක පාරක යන්න. එක දවසක එයා එයාගේ දෙමව්පියෝ නැති වෙලාවක ඇලෙක්සැන්ඩර් ට ආරාධනා කරනවා එයාගේ ට්‍රේලර් එකට. මාත් එක්ක ඉන්න එන්න.
 
ඇලෙක්සැන්ඩර් අහනවා එයාගේ වයස. ට්‍රේසි බොරු කියනවා. මට දැන් දහ අටක්. ඇලෙක්සැන්ඩර් ඒ බොරු කියල දැනගෙන අහනවා උපන් දිනය. එතකොට ට්‍රේසි කියනවා ඔව්...මට තවම දාසයයි...මොකක්ද ප්‍රශ්නේ....
 
ඇලෙක්සැන්ඩර් හිනාවෙලා කියනවා ..ඔයාට අපි දෙන්නා එකතු වෙලා කරන දෙයක් නේ ඕනි...හරි අපි දෙන්න අද හවසට එකට සිංදු කියමු. ඒ කරලා දෙන්නා සිංදු කියනවා. 
 
හමුවීමේ නිර්මාණශීලි ලිබිඩෝ ශක්තිය වෙනත් අතකට ගලා යන්න ඉඩ දෙනවා. සිංදු කියනවා. වෙරළේ ඇවිදිනවා. ඒත් භෞතික ශරීර හමු වෙන්නේ නැහැ. 
 
ඒ නො-හමුවීම හමුවීමක් කර ගන්නේ එයා කවුද කියන එක ට්‍රේසි තුළ ශේෂ කරලා. ආයේ ඇට කෝටුවෙත් මතක තියන විදියට තමයි ඒ වෙන්වීම සනිටුහන් කරන්නේ. එතන ලොකු ආදරයක් එයාට පෙන්නනවා. පිරිමි කම කියන්නේ මොන වගේ දෙයක් ද කියල සනිටුහන් කරනවා. 
 
ඇලෙක්සැන්ඩර් ට්‍රේසිගෙන් වෙන් වෙන තැනදී එයා කියනවා 'ඔබ ඉන්ද්‍රජාලයක් වගේ ලස්සනයි. ජීවිතේ ඔබට මොනවා හරි ඕනි උනොත් ඒක වහාම ලබා ගන්න'. 
 
එයත් එක්ක හිටියේ නැත්තේ එයාගේ මොකක් හරි අඩුවක් නිසා නෙවෙයි කියන එක තමයි ඒ වාක්‍යයේ යටිපෙළ අර්ථය. ඔයා ගැන ආශාවක් නැති නිසා නෙවෙයි මම ඔයාගෙන් යන්නේ....තව ඔයාට ඔයා බවට පත් වෙන්න ඉඩ තියලා. තවත් විකසිත වෙන්න ඉඩ හැරලා.  
 
ශිෂ්ටාචාරයෙන් ගැලවිලා වන ගත වෙන්න උත්සාහ කෙනෙක් විදයට ඇලෙක්සැන්ඩර් පුදුම ආත්ම සංයමයක්, විනයක්, ශිෂ්ටාචාර වටිනාකම් වෙනුවෙන් ගෞරව කිරීමක් පෙන්නනවා. 
 
උඹලා ඉන්නවා කියන ඔය කියන ශිෂ්ට සමාජයේ ඇත්තටම ශිෂ්ට වෙයල්ලා....ඒක අභියෝගාත්මක පණිවිඩයක්...
 
දහසක් නිම්න තුළ ඔබට මේ චිත්‍රපටය තුළ පෙනෙන මහත් වූ පුදුමය ඒක. විශේෂයෙන් ළමා ලිංගික ශ්‍රමිකයින් ඕසෙට ඔන්ලයින් සහ ඕෆ්ලයින් විකිණෙන ලෝකෙක. 
 
සෙක්ස් කරන්න, එකතු වෙන්න, ලිබිඩෝ ව මුදා හරින්න, ගැලවිලා යන්න, නිදහස් වෙන්න ඕනි තරම් හැකියාව තිබුණත් ඇලෙක්සැන්ඩර් අලුත් ශිෂ්ට බවක් ශිෂ්ටාචාරයෙන් ඉල්ලා සිටිනවා. 
 
 
 
Image@Into the Wild (2007)
 
 
විනය කියන්නේ මට හිතෙන විදියට මනුෂ්‍ය ආත්මයේ ගැඹුරින් එන තේරීමක්. වරණයක්. ආශා කරන්න පුළුවන් තමයි. ඒත් ඒ ආශාවේ සීමාව පෙන්වන්නේ විනය විසින්. ඇත්තටම ස්වයං - විනය විසින් නීතිය තව දුරටත් අවශ්‍ය නැති දෙයක් බවට පත් කරනවා. 
 
සමාජය ගැඹුරින් වෙනස් කියල තේරෙන්නේ මේ ස්වයං-විනය කියන එක ආත්මගත වෙච්ච දවසට. සංස්කෘතික වෙනවා කියන්නේ මේ විනය තමන් ඇතුලේ වගා දිගා වෙනවට. 
 
ඇලෙක්සැන්ඩර් අපෙන් ඉල්ලන්නේ එක දෙයයි කියල මට හිතෙනවා. බොරු පොෂ් නෙවෙයි ඇත්තටම සංස්කෘතික වෙන්න කියන එක. එහෙම ඉල්ලන්නේ මේ සරුව පිත්තල ලෝකෙන් සදහටම ආපසු නොඑන්න යන ගමන්....මඟ හරින්න බැරි තරම් ඉන්ද්‍රජාල තිබියදීත් ඒවා පසුකර යමින්. 
 
ආශාවේ සියළු සැඩ පහරවල් විසින් ඔබ ආශාවේ අභිප්‍රාය දිශාවට තල්ලු කරන විටදී පවා ඒ සැඩ පහරට එරෙහිව උඩුගං බලා පිහිනන්න....(එමානුවෙල් කාන්ට්). 
 
 
 
 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
 
  
 
 
 
THE LEADER TV 
 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 
 
 
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්