(මහචාර්ය චරිත හේරත්ගේ ''රට හමුවේ ඇති අභියෝග තුනක් ! '' විග්‍රහයට පිළිතුරක් )
 
 
ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් 'ලංකාදීප' වපසරිය තුළ සතිපතා රෝපනය කිරීමට තැත් කරන ඒකපාක්‍ෂික රාජ්‍ය මතවාද බෙහෙවින් විවාදාපන්නය. 
 
2012 - 2015 කාලයේ  'ලංකාදිප'ය  බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දේශපාලන කතිකාව සඳහා ඉඩකඩ පක්‍ෂ ප්‍රතිපක්‍ෂ මතවාදයන්ට සමව බෙදා දුන් බව කිව යුතුවේ. 
 
ඒ කාලයේ ගුරුදා විග්‍රහය බෙහෙවින් විවෘත සංවාදයකි. සිකුරාදා ලිපිය පාලක රාජපක්‍ෂ පිළේ උවමනාවන් සඳහා වෙන් කෙරිණ. 
 
එහෙත් ලංකාදිපයේ වර්තමාන ප්‍රතිපත්තිය උඩුයටිකුරුවී ඇත.  
 
ආණ්ඩුවේ මහාචාර්ය වරයාට රජයේ මතවාදය හිරිකිතයකින් තොරව ප්‍රකාශ කිරීමේ සියලු ඉඩකඩ සලසන ලංකාදීපය,  තම පාඨකයන්ට ඒ මතවාදයන්ට ප්‍රතික්‍රියා දැක්වීමේ අයිතිය, ඉඩකඩ අහුරා ඇත. 
 
ආණ්ඩුවේ මහාචාර්ය වරයා ලියන ලිපිය පළ කිරිමත් ඊට පිළිතුරු දීම හෝ නොදීමත් කර්තෘගේ වගකීම වේ. 
 
පාර්ලිමේන්තුවේ ප්‍රතිවිරුද්ධ මතවාද පහසුවෙන් යටපත් කිරීමේ හැකියාව චරිත හේරත්ලා සතුය. ඒ හයිය ලංකාදිප වැනි ජාතික පුවත්පතක් හරහා රුපියල් තිහක් හරහා මිලදී ගන්නා පාඨකයන්ට පෙන්වීම කිසිසේත් සදාචාර සම්පන්න නැත. 
 
දිනපතා ජාතික පත්තරයක් කියවන්නාගේ ආත්ම ගෞවරය මතු නොව අමාරුවෙන් උපයා ගන්නා රුපියල් සත පවා හෑල්ලූ කිරීමකි.   
 
රට හමුවේ අභියෝග තුනක් යනුවෙන් පසුගිය 20 වෙනි සිකුරාදා 'කිවිදා දැක්ම' පළ කළ ආණ්ඩුවේ මහාචාර්ය වරයාගේ ලිපියෙන් ආණ්ඩුවට මෙන්ම පක්‍ෂ විපක්‍ෂ සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂ මුහුණ දී ඇති අභියෝග තුනක්  ආණ්ඩුවේ මහාචාර්ය වරයා හඳුනා ගෙන ඇත. 
  
පළමුවැන්න කොරෝනා වසංගතය නිර්මානය කළ සෞඛ්‍ය කරුණුය. 
 
දෙවැන්න  වසංගතය හරහා නිර්මානය වී ඇති රටේ ආර්ථීක ගැටළුකාරි තත්වයයි.  
 
තෙවැන්න, මතුවෙමින් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආකෘතියම ප්‍රශ්න කෙරෙන සාම්ප්‍රදායික මාධ්‍ය අවකාශය යටපත් කරන සමාජ මාධ්‍ය හැසිරීමය. 
 
එකී හැසිරීම ආණ්ඩුවේ මහාචාර්ය වරයාගේ නිරීක්‍ෂණ අනුව, බරපතල නව දේශපාලන තත්වයක් මෝදුවීමකි. (අපට අසන්නට ඇත්තේ ඇයි ප්‍රශ්නයක්ද කියා පමණකි.)
 
මේ නව ප්‍රවනතාවට වගකිව යුත්තේ (සමාජ මාධ්‍ය නොවේ.) ලංකාදීප පත්තරය වැනි ජාතික පුවත්පත් ආණ්ඩුවට කඬේ යාමය. 
 
 
රිචඞ් සොයිසාලා මරා දැමූ ආර්. ප්‍රේමදාස, රන්ජිත් විජයවර්ධන උඹ දැන ගනින් මම කවුද කියා ප්‍රසිද්ධියේ තර්ජනය කළද විජයවර්ධනලා සිය මාධ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත. එහෙත් වර්තමානයේ  කවුදෝ කෑ පතේ පහරමින් සිටියි.
 
  
ආර්. සම්බන්ධන් නොකළ ප්‍රකාශයක් තීරණාත්මක මැතිවණයක් හමුවේ රටට ඇද බෑ ජ්‍යෙෂ්ඨ ලංකාදීප මාධ්‍ය වේදිනියක් රටට ඇසෙන්නට වරද පිළිගෙන රැකියාවෙන් ඉවත් වීමේ ලිපිය භාරදි ගෙදර ගියාය. 
 
එයින් දින දෙකකට පසුව, රාජපක්‍ෂලා ජයගත් වහාම ගෙදර ගිය මාධ්‍ය වේදිනිය නැවත රස්සාවට කැඳවන ලද්දේ කවුද යන්න කිසිවෙකු ඇසුවේ නැතිවාය.  
 
පත්‍ර කලාව කැලේ පැන්න විට දැක්වූ ප්‍රතික්‍රියා  පිළිබඳ ශ්‍රී ලාංකේය අත්දැකීම් බොහෝය. 
 
විටෙක පාඨකයන් පත්‍ර මිලදී ගැනීමෙන් වැළකී සිටිති. තවත් අවස්ථාවක එකී මාධ්‍ය නො ගන්නා ලෙස පාරට බසිති. 
 
 තෙවැන්න 1955දී මෙන් ලේක්හවුස් ප්‍රකාශන ප්‍රසිද්ධියේ ගිනි තැබීමය. 1973 දී මෙන් වර්ජනය කිරීමය. 
 
ලංකාදීප කර්තෘගේ අත්දැකීම් අනුව මේ කියන අතීතය නොදන්නවා නොවේ. එසේ නම් මේ සිද්ධ වෙන්නේ කවුදෝ කාගේදෝ හේනක් රැකීමට නිදි මැරීමය. 
 
නිදහස් සටනේ පුරෝගාමි ඩි.ආර්.විජයවර්ධන නිර්මානය කළ ලේක් හවුස් ව්‍යාපරය අහිමි වුණේ ඇහැටුල්ලන් නිසා බව වඩා හොඳ අවබෝධයක්  විජයවර්ධන අනුප්‍රාප්තිකයන්ට තිබිය යුතුවේ.  
 
 
පළවූ අදහසකට එරෙහි පිළිතුරක් පළ නොකර සිටිය හැක්කේ ආණ්ඩුවේ ගැසට් පත්‍රයට පමණකි. හෝ කළු සල්ලි සුදු කිරීමට නිකුත් කරන මාධ්‍යට පමණකි.  විජයර්ධනලා විදේශ විනිමය වංචාලට කොටු කර ගැනීමටවත් හැත්තෑ ගණන්වලදී බණ්ඩාරනායකලාටත් නොහැකි විය.
 
  
තමන් පරිශීලනය කරන ජාතික මාධ්‍ය සිය වෘත්තීය සදාචාරය ඉක්මවා යයි නම්.....? එතැන් සිට රටේ කී වෙනිදෝ ආණ්ඩුව ලෙස සක්‍රිය වන්නේ (ආණ්ඩුවේ මහාචාර්යට අනුව) විකල්ප මාධ්‍ය අවකාශයන්ය. මේ සිදුවෙමින් පවත්නේද, ආණ්ඩුවේ මහාචාර්ය වරයා බරපතල තත්වයක් ලෙස දකින්නේද  එයයි. 
 
තුවක්කු කාරයන් පත්තර කන්තෝරු වලට එවා එය මැඩ පැවැත්වූ කාලය ඉක්ම ගොස්ය. 
 
දේශීය විරෝධතා කළමනාකරණය කර ගැනීමට අසමත් ආණ්ඩුවකට විශ්ව ගම්මානය පුරා ජාලගතව විසිරි සිටින සමාජ මාධ්‍ය  පාලනය කිරීමට හැකිවේද? 
 
ගෙවුණ වසර තුළ ලංකාවේ සමාජ මාධ්‍ය වේදීන් කිහිප දෙනෙකු පීඩනයට ලක් කෙරිණ.  
 
ඊට වගකිව යුත්තේ රටේ පාලකයන් නොවේ. සිය මතය ප්‍රකාශ කිරිමට ඉඩ අවුරා සිටින ජාතික පුවත්පත් කළමනාකරුවන්ය. 
 
පිළිතුරු දීමේ අයිතිය අවහිරවූ විට සිදුවන්නේ කුමක්ද යන්න බොහෝ උත්තර සහිත සරල ප්‍රශ්නයකි.
 
fsdfsdf චරිත හේරත් දකින සමාජ මාධ්‍ය හැසිරීමේ බරපතලකමට වගකිව යුත්තේ ජනතාව අතර බහුලව ගැවසෙන මාධ්‍ය මිස අයිතිවාසිකම් අහිමිව පාරට ඒකරාශීවන ජනතාව නොවේ.
 
  
සමාජ මාධ්‍ය හැසිරීම බරපතලම අභියෝගයක් බව ආණ්ඩුවේ මහාචාර්ය වරයාට තේරීමත් කාලයේ ජයග්‍රහණයකි.  රටක මාධ්‍ය යනු කී වෙනිදෝ ආණ්ඩුව යන කියැවීම තුළ පටිසෝතගාමි චරිත, වැඬේ පටන් ගෙන ඇත. 
 
ඊයේ පෙරේදා ජාතිය ඇමතූ ජනාධිපති ගෝඨාභය රට අරාජික නොකරන්නැයි ඉල්ලා සිටියේය. රට අරාජික කළේ කවුද? රාජපක්‍ෂ පවුලද? නැත. සමාජ මාධ්‍ය විසිනි. 
 
ලක්‍ෂ ගණන් ගුරු පරපුර පාරට බැස්සේත් ආණ්ඩුවට වඩා ඉදිරියට ගොස් නගර තෙමේම වසා ගත්තේද සමාජ මාධ්‍ය හයියෙනි. රට අරාජික වුණේ එහෙමය. 
 
image 1c781bb61cඅනෙක් රටවල ලොක් ඩවුන් කිරිමට එරෙහිව ජනතාව පාරට බසිද්දී ලංකාවේ මිනිස්සු ලොක් ඩවුන් කරන්න කියා පාරට බසින බව කියන ආණ්ඩුවේ මහාචාර්ය හේරත් තම වාමාංශික මිතුරු ධම්ම දිසානායකත් එසේ කීම ගැන දුක් වේ. ආණ්ඩුවේ මහාචාර්ය අපේක්‍ෂා කරන්නේ තිස්ස විතාරණලා මෙන් වම හැසිරිය යුතු බවය. ධම්ම දිසානායක යනු ශ්‍රී ලනිපයේ මාධ්‍ය විධායක සභිකයෙකි. 
  
හෙට මෛත්‍රීපාල සිරිසේනට කට්ටක් දෙකක් විසි කළොත් ධම්ම දිසානායකගේ ලියැවිල්ල අවසන්ය. ඒ වෙනුවට ලංකාදීපයේ ආරාධනය ලැබෙන්නේ තවත් රාජපක්‍ෂලාගෙන් යැපෙන්නෙකුටය.  
 
ආණ්ඩුවේ මහාචාර්ය හේරත්  සිය ලිපියේ සමාජ මාධ්‍ය අවදානම මෙසේද විස්තර කරයි. 
 
‘‘.... කෙටියෙන් කිවහොත්  මෙතෙක් කල් ‘දේශපාලනය යයි සිතා සිටි බොහෝ දේවල්’ ප්‍රතික්‍ෂේප කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයම ප්‍රශ්නයක ලක් කරන, කිසිදු දේශපාලන වෘපෘතියක කොටස් කරුවන් ලෙසින් ඍජු ලෙසින්ම පෙනී නො සිටින විශාල සමාජ කණ්ඩායමක් දේශපාලන අවකාශයට අවතීර්ණව ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ දේශපාලන අවකාශය රටේ බරපතලම ප්‍රකාශකයා බවට පත් වී හමාරය.  දේවානිලාගේ භාග්‍යලාගේ ප්‍රශ්නයේ සිට ගුරු විදුහල්පති ප්‍රශ්නය දක්වා විසිරී ඇති සමස්ත විවේචක අවකාශයම පවතින්නේ දේශපාලන පක්‍ෂ තුළ හෝ පාර්ලිමේන්තුව තුළ නොවන තැනට සංවාදය ගමන් කරමිනි. 
 
(උපුටා ගැනීම අවසන්ය.)
 
 
මේ තත්වය සමග ගණුදෙණු කිරිම සඳහා භාෂාවක් සොයා ගැනීම මේ යුගයේ හැමෝම මුහුණ දෙන දේශපාලන අභියෝගය බව ආණ්ඩුවේ මහාචාර්ය වරයා කියා සිටි. නව භාෂාවක් සෙවීමට කල්පනා කිරීම නම් අගය කළ යුතුවේ. හේතුව චරිත හේරත්ලාට නායකත්වය දෙන දේශපාලනඥයන් 2015ට පෙර ලසන්තලාට, එක්නැලිගොඩලාට පොහොද්දල ජයන්තලාට තාරකලාට කතා කළ භාෂාව ගැන කාට කාටත් මතක ඇති නිසාය. ලංකාදිපයේ ඩබ්ලිව්. ජී. ගුණරත්න මෙහිදී ආදරයෙන් සිහිපත් කළ යුතුවේ. 
 
ආණ්ඩුවේ මහාචාර්යවරයා රටේ පවත්නා දේශපාලන සංවාදය,  දේශපාලන පක්‍ෂ තුළ හෝ පාර්ලිමේන්තුව තුළ පමණක් සිදුවිය යුතුයයි ඒකපාක්‍ෂිකව තීරණය කරන හැටියකි. 
 
ලංකාදිප කර්තෘ ඊට අනුගත වුණාට සමාජ මාධ්‍ය සක්‍රිය වෙමින් සිටි. රටේ පවත්නා දේශපාලන සංවාදය පාර්ලිමේන්තුවෙන්, පක්‍ෂ කාර්යාලවලින් පිටතට ගෙන ගොස් දේවානිලාගේ භාග්‍යලා සිට ගුරු සංහතිය දක්වා රටේ ජනතාව මත ප්‍රකාශ කීරිමේ අයිතිය පවරා ගෙන හෝ ප්‍රශ්න කිරීම ආරම්භ වුණේ එහෙමය. වඩා වේගවත් ශබ්දයද? ආලෝකයද? 
 
රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයකට රටේ හමුදාපතිට ප්‍රසිද්ධියේ පිළිතුරු දීමේ අයිතිය පවතී. එහෙත් දේවානිලාට භාග්‍යලාට සමාජ මාධ්‍යයට එසේ මත ප්‍රකාශ කළ නොහැකිය. මෙය ජේ.ආර්. ජයවර්ධන කී තරු පහේ මොකක්දෝ එක විය හැකිය. සමාජ මාධ්‍ය අත දරා සිටින්නේ බෝල් පොයින්ට් පෑන් මිස තුවක්කු නොවේ. 
  
ඉහතින් උපුටා දැක්වූ ජේදය චරිත හේරත් අවසන් කරන්නේ මෙසේය. ''මේ තත්වය සමග ගනුදෙනු කරන දේශපාලන භාෂාව සොයා ගැනීම මේ යුගයේ හැමෝම මුහුණ දෙන දේශපාලන අභීයෝගය බව මගේ මතයයි. ''
 
අප ආණඩුවේ මහාචාර්යට සුභ පතමු. ඔබ ලංකාදීපයෙන් එන්න අප සමාජ මාධ්‍ය හරහා දැනටමත් පැමිණ සිටින්නෙමු. වඩා වේගවත් ආලෝකයේ වේගයද ශබ්දයේ වේගයද? මේ එය පරීක්‍ෂා කරන මොහොතය. 
 
ලංකාදිපය හැම පිටුවක්ම චරිත හේරත්ලාට විකුණා ඇතුවාට සැක නැත. විශේෂඥ වෛද්‍ය මතය වෙනුවෙන් පෙනි සිටියේද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිමයන් රටට දැනුම් දුන්නේද සමාජ මාධ්‍ය විසිනි. 
 
එහෙත් රට අරාජික නොකරන්නැයි 69 ලක්‍ෂයේ භාරකාරයා වැඳ වැටුණේ හෙ`ඞ් වේගයට වඩා ආලෝකයේ වේගය වැඩි නිසාය. 
 
මහාචාර්ය තුමනි, ආලෝකයට භාෂාවක් නැත. ස්පර්ශ කළ නොහැකිය. එය විදුලි ක්‍ෂණයකි. එසේම සමාජ මාධ්‍ය මේ ආණ්ඩුව අතරමග කඩන්න ඉඩ දෙන්නේද නැත. සමාජය තුළ චරිත හේරත්ලා වැපුරූ බොරුව කුදුරුස් වී කාණු පල්ලේ ඇද වැටෙන තෙක් බලා සිටිනවාය.
 
sdfsdf ආණ්ඩුවේ මහාචාර්ය වරයාගේ ලිපියේ වසංගත අවදානම ගැන කතා කරයි.
ලිපිය පළවූ අගෝස්තු 20  වෙනි දිනයට කොවිඞ් මරණ 6000ක් බව දක්වා ඇත.
මේ ලිපිය ලියන අගෝස්තු 22 උදේ 7.00ට කොවිඞ් මරණ සංඛ්‍යාව 7000 ඉක්මවා ඇති බව
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් උපුටා දක්වමින් සමාජ මාධ්‍ය වාර්තා කරයි. 
 
 
මේ දිනයට පමණක් වාර්තාවූ දෛනික කොවිඞ් මරණ ප්‍රමාණය 198කි.  මැරුණේ රෝගි වුනේ මිනිසුන් මිස මැසි මදුරුවන නොවේ. ඒ නිසා මේ ගණන් හරහා බලය හෙට්ටු කිරීමට පටිසෝතගාමින් උත්සාහ නොකරනු ඇත. 
 
සෞඛ්‍ය අංශ ප්‍රකාශයට  පත් කළ යුතු නිවේදන හමුදාපතිගේ හඬින් ප්‍රකාශ කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ කුමක්ද? 
 
කොළඹ කළුබෝවිල රෝහල්වල ගොඩ ගැසුණ මළ සිරුරු ආදාහන කිරීම ගැන කොළඹ දිසාපති ප්‍රකාශ කිරිමේ විකාරය කුමක්ද? 
 
 
වසංගතයකින් ජනතාව මුදා ගැනීම සහ සන්නද්ධ කල්ලි වලින් ප්‍රදේශයක් මුදා ගැනීම අතර ඇත්තේ මහා වෙනසකි. ඒ වෙනස පාලකයන් තේරුම් ගත්තා නම්  ක්‍රියාන්විතය ආරම්භ කරන්නේ ජනාධිපති මන්දිරයෙන් නොවේ. ගමේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සහ ග්‍රාම නිලධාරි හරහාය. 
 
  
බ්‍රේන්ඩික් පොකුර විහිදීම සමග පැනියක් පොවා කොවිඞ් මර්ධනය කිරිමට තැත් කළ බලධාරිහූ ක්‍ෂණීකව මාත්‍රාව ජනතාවට දුන්නා කියන විට, රටේ මිනිස්සු බලන්නේ ජාතික පත්තර නොවේ. සමාජ මාධ්‍ය ප්‍රකාශයන්ය. 
 
ජනාධිපති ජාතිය ඇමතීමට මොහොතකට පෙර එක් සමාජ මාධ්‍යක මෙසේ පළ විය. අද රාත්‍රීයේ ජාතිය අමතන අතර ජනාධිපතිවරයා යුද්ධය යන වචනය කී වතාවක් පාවිච්චි කළාද යන්න නිවැරදිව  කියා ත්‍යාග දිනාගන්න.
 
(සමබර මාධ්‍ය කෙරෙහි විශ්වාසය තබන පුරවැසියෙකු විසිනි.)
 
සබැඳි ලිපිය :
 

 

 


 

THE LEADER TV 
 
 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්