මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා මා හට විවිධ අවස්ථාවන් හීදී හමුවී තිබුණත් හරිම විදිහට මුණගැහුනෙ මම සංහිඳියා  යාන්ත්‍රණ සම්බන්ධීකරණ මහලේකම් කාර්යාලයේ
දේශීය කටයුතු අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරන අවධියේ නිල හමුවීමකදී ය. 
 
ඒ 2017 වසරේදී බව මතකයේ තිබේ. 
 
අප තුළ එතුමාට විශේෂ ගෞරවයක් නිතැතින්ම ඇති වූයේ අප කටයුතු කළ ආයතනය නිර්මාණය කරන්නට අවශ්‍ය සියලු පසුබිම ගොඩනගමින් ඒ සඳහා ස්ථානයක් ද ලබා දී තිබුනේ එතුමාගේ අමාත්‍යාංශය යටතේ වන බැවිනි. 
 
තිස් වසරක යුද්ධයකින් විනාශ වී ගිය භෞතික දේපළ මෙන්ම  බිඳුණු සිත් නැවත පිළිසකර කරන සංහිඳියා යාන්ත්‍රණයන් ඇති කිරීම සඳහා විශාල කැපවීමකින් සහ උනන්දුවකින්  එතුමන් කටයුතු කරන ලදී. 
 
එතුමන් අලුතින්ම ඇතිකරන යාන්ත්‍රණ වල ප්‍රගතිය පිළිබඳ නිරන්තරයෙන් විමසීම් සිදුකරන ලදී.
 
xcdgh
 sdsfdf
 
sanjeewa
 සංජීව විමලගුණරත්න
 
  
එමෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ද එතුමන් විසිනි. 
 
ඉන්පසු එතුමා මුදල් අමාත්‍ය ධූරයට පත්වුණා.
 
මුදල් අමාත්‍යවරයා විදිහට කටයුතු කරද්දී එතුමාට අවශ්‍ය වුණා 2018 අයවැය ලේඛණය තුළ  සංහිඳියාව වෙනුවෙන් වෙනම වැය ශීර්ෂයක් යටතේ ජාතීන් අතර සාමය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීම සඳහාත්, නැවත රට ගැටුම්කාරී වාතාවරණයකට තල්ලු නොවීම සදහාත් ගන්නා ක්‍රියාමාර්ග සඳහා මුදල් වෙන් කිරීමට.
 
ඒ සඳහා රුපියල් බිලියන 12.5 එම අයවැය  ලේඛණයෙන් වෙන්කරන්නට එතුමන් කටයුතු කලේ මෙරට සිටින සියලු ජාතීන් අතර ද ජාත්‍යන්තරය තුළ ද ශ්‍රීලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව  විශ්වාසය තහවුරු කරමිනි.
 
 
 
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන තිබු කාන්තාවන්ට සහනයක් 
 
එහිදී විශේෂයෙන් උතුරු පළාත ද ඇතුළුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක එකොළහක ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන එම මුදල් ගෙවා ගැනීමට නොහැකිව අසරණ භාවයට පත්ව සිටී කාන්තාවන් 49500 කගේ  රුපියල් ලක්ෂය ට අඩු නොගෙවූ ණය කපා හැරීමට එතුමන්  කටයුතු කලා පමණක් නොව නැවත තම ව්‍යාපාර කටයුතු හා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා උතුරු පළාත් සමූපකාර පද්ධතිය හරහා ඉතා සහනදායි ණය යෝජනා ක්‍රමයක් ද හඳුන්වා දුන්නා.
 
 උතුරු පළාත තුළ නිෂ්පාදන සමුපකාර ව්‍යාපාර 42 ක් අලුතින් ඇති කිරීමට කටයුතු කළා.
 
සංහිදියාව වැය ශීර්ෂය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කාර්ය සාධනය සඳහා මා ද ඇතුළුව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කොට මාසිකව ප්‍රගති සමාලෝචනය සිදුකිරීමට ද කටයුතු කලා.  
 
මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ඔහු කෙතරම් කාර්යබහුල වුණත් මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන ආකාරය සියැසින් දැක බලා ගැනීම සඳහා උතුරු පළාතෙහි කිහිපවිටක්ම සංචාරයේ ද නියැළිණ.
 
 
 
ගම්පෙරළිය:
 
sdfdf 
ඉන් නොනැවතුණු ඔහු ගම්පෙරළිය වැඩසටහන හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පළාත් වල අඩුපාඩු සැකසීම සඳහා රුපියල් බිලියන දෙසීයකට අධික මුදලක් ලබා දීමට කටයුතු කළා.
 
ශ්‍රී ලංකාව ව්‍යවසායකයින්ගේ පාරාදීසයක් බවට පත් කිරීමේ අභිප්‍රාය ඇතිව ගම්පෙරළිය වැඩසටහනට වැඩසටහනට සමගාමීව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා (Enterprise Sri Lanka) වැඩසටහන මෙරට ව්‍යවසායකයින්ට දිරිදෙන වැඩසටහනක් ලෙස මොණරාගලින් ආරම්භ කොට යාපනය දක්වා රැගෙනයාමට කටයුතු කළා. 
 
ඒ ඔස්සේ මෙරට ව්‍යවසායකයින් 96056 කට සහන ණය ලබා දීම සිදුකරන ලද අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ව්‍යවසායකයින් ලෙස ගොඩනගා රට සංවර්ධනයට දායක කිරීම සඳහා විශාල වෙහෙසක් ගෙන කටයුතු කළා.
 
640 
 
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන කරගෙන යද්දි සංහිඳියාවෙන් තොර සංවර්ධනයක්  නොමැති බව ප්‍රකාශ කළ ඔහු මා ඇතුළු කණ්ඩායමකට "අහන්න"  වැඩසටහන ක්‍රියාත්මක කිරීමට භාර කලා.
 
සංහිඳියාව සම්බන්ධයෙන් විශාල ජන විරෝධයක් කෘතිමව ගොඩනඟා තිබුණු අවධියක එකී උඩුගම් බලා පිහිනීමේ අභියොගය අප භාරගත්තේ ඔහු ලබාදුන් උත්තෙජනය නිසාත් මා වැනි ග්‍රාමීය තරුණයකු පිළිබඳ ඔහු තැබු විශ්වසයත් නිසාය. 
 
අප 'අහන්න' වැඩසටහන තුළ නගර 46 ආවරණය කලේ මෙරට සිවිල් ක්‍රියාකාරීන්ගේ සහය ද එම වැඩසටහනට ලබාගනිමිනි.
 
 
 
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්
 
 
ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙක හමාරක කාලය තුළ 2018 වසරේ සහ 2019 වසරේ නිදහසින් පසු ප්‍රථම වරට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් රඳවා  ගැනීමට හැකිවූයේ ඔහු නිදහස් මනසකින් කටයුතු කල නිසාත් මුදල් අමාත්‍යවරයා ලෙස මනෝ තිත්තවැල්ල වැනි ජ්‍යෙෂ්ඨයන් සමග දේශාල් ද මෙල් වැනි තරුණ උපදේශකවරුන් සමඟ ද එකට වැඩකිරීමට නිදහස් අවකාශයක් ගොඩනැගූ හෙයිනි. 
 
නැවත ශ්‍රී ලංකාව තුළ ඔහු වැනි නිර්ව්‍යාජ දේශපාලනඥයෙක් බිහිවීමට ඇති අවකාශය ද ඉතා විරලය. 
 
ඔහු විසින් අප හට ලබා දුන් අත්දැකීම් මෙන්ම මඟ පෙන්වීම ද සිත් හි තබාගෙන සැබෑ දේශප්‍රේමීන් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳ ඔහු දුටු සිහිනය යථාර්ථයක් කිරීමට කැපවී කටයුතු කිරීම සැබෑ දේශප්‍රේමීන්ගේ මෙතැන් පටන් අභිලාෂය විය යුතුය.
 
අවසාන වශයෙන් මා තුළ සැඟවී හෝ ජාතිවාදියෙක් සිටියානම් ඒ ජාතිවාදියා මරා දැමීම පිළිබඳ ස්තුතිය ඔහුට පුදකරනු කැමැත්තෙම.
 
මංගල සමරවීර අමාත්‍යතුමනි..ඔබට සුබ ගමන්!
 
sanjeewa W(සංජීව විමලගුණරත්න)
හිටපු අධ්‍යක්ෂ 
සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ මහලේකම් කාර්යාලය.

 

 


 

THE LEADER TV 
 
ලංකාව ඇතුළෙ වට්ස් ඇප් භීතියක්!
 
 
 
ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්