මංගලගේ ජීවිතය කලාවක්. මංගලගේ උඩින් ඔපේ සහ යටින් හපේ කියලා දෙකක් ඔහුට තිබුණේ නෑ.
සාමය, නිදහස, යුක්තිය, සතුට සහ නිර්මාණශීලීත්වය ඔහුගේ ජීවීතය පුරාම තිබුණා.
මංගල රටකට ජාතියකට සීමා නොවූ විශ්වීය මිනිසෙක්.
ඔහුගේ ජීවීතයත් දේශපාලනයත් දෙකක් නෙවෙයි එකක්.
ඇත්තටම මංගල කියන්නේ, ජීවීතයක් නෙවෙයි, ජීවන රටාවක්. ඒ ජීවන රටාව දැන් බෝ වෙනවා.
දේශපාලකයෝ සහ තරුණ පරපුර ඒ ජීවන රටාව වැළඳගන්නවා. මේ රට ලෝකය එක්ක ඉදිරියට ගෙනයන්න.
ඒකට ඔවුන් කියන්නෙ, #Mangalogy කියලා.
මංගලගේ අභාවයෙන් පසු මෙරට තරුණ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් රැසක්ම පක්ෂ බේදයෙන් තොරව #Mangalogy ජීවන රටාව වැළඳ ගනිමින් සිටිනවා.
මේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක්
Mangala had a dream.
He dreamt of a Sri Lanka that was better. A Sri Lanka that was united by citizenship and not divided by race, religion, caste or creed.
He dreamt of a Sri Lanka with opportunity. Where every person, no matter their difference or background could achieve their full potential.
He dreamt of peace. A genuine, forgiveness-seeking, peace. A peace based on brotherhood and equality for every Sri Lankan. Not one based on fear, control or subjugation.
He dreamt of justice. Not just for some but for all. Because he believed that we all deserved it.
He dreamt of a country where everyone was free. Free from fear, free to be themselves, free to pursue their dreams.
The SJB is committed to keep Mangala’s dream alive. That is the only way we can honour him.
We will continue his fight for a Sri Lanka where everyone is equal and everyone is free. Where everyone can pursuit their own happiness and dreams.
Rest in power my friend / sir
-Harin Fernando
මංගල ශ්‍රී ලාංකීය අනාගත තරුණ පරම්පරාව ගැන තැබූ බලාපොරොත්තුව විශ්වාසය සුළුපටු නැහැ.
පසුගිය වසරක කාලය තුල ඔහු මෙරටේ තරුණ තරුණයින් විශාල පිරිසක් සමග සමීපව කටයුතු කළා . ඔවුන්ගේ අදහස් යෝජනා සවන් දුන්නා.
සැබෑ දේශප්‍රේමියෝ කරලියට එන්නේ ඒ තරුණයින්ගේ අදහසක් අනුව. ශ්‍රී ලංකාව යලි ලෝකයේ දිදුලන රටක් කරන්න ඒ ගමන් මාර්ගය මංගල නම් 'රැඩිකල් සෙන්ටර්' කියල.
එහෙම ගොනුවෙන තරුණ තරුණියන් වෙනුවෙන් තමයි 'ෆ්‍රීඩම් හබ්' හැදුවේ. එක අලුත් කොල්ලෝ කෙල්ලන්ගේ සංවාද මණ්ඩපය.
අද මංගල නැතත් එහෙම ගොනුවුන තරුණ තරුණියන් 'ෆ්‍රීඩම් හබ්' වටා ගොනුවෙමින් සිටිනවා.
දැන් මංගල කියපු බොහෝ කාරණා මේ රටේ තරුණ දේශපාලනඥයින් සමාජ ගත කරමින් සිටිනවා.
මේ ආචාර්ය හර්ෂ ද සිල්වා සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු වීඩියෝවක්.
ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ තරුණ තරුණියන් රැසක්ම '#Mangalogy' තමන්ගේ කරගෙන.
ඒ අතරේ එතරම් ප්‍රසිද්ධියක් නැති තරුණ තරුණියන් රැසක්ම මංගලගේ ජීවන රටාව අගයමින් තම තමන්ගේ සමාජ මාධ්‍ය තුළ අදහස් පළකර තියනවා.
THE LEADER TV
මංගල චොයිස් එකට නොබැන්ඳට දරුවො ඉන්න තාත්තෙක්!
කොරෝනා ඇඳුම් කට්ටල ජාවාරම කාගේ වැඩක්ද?