අද සැප්තැම්බර් දෙවෙනිදා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන උපන් දිනය. මුලින්ම රටේ රාළ නීල මහා යෝධයාට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.

හැබැයි රටේ රාළ මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ උපන්දින සුබපැතුමක් එකතු කලා නිකං ඉන්න නෙවෙයි. ඊට වඩා එහාට ගිය සාකච්ඡාවකට දොරක් අරින්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය ගැන ගොඩක් කතා තියනවා. සමහරුන්ට අනුව ඒක සුජාත එකක්. තවත් සමහරුන්ට අනුව ඒක එජාපයේ හිටිය බණ්ඩාරනායකගේ පාවාදීමක්. කොහොම උනත් රටේ රාළ ඒ සංවාදයට වැටෙන්නේ නෑ. මේ තර්කය ගොඩනගන්න රටේ රාළට ඕනි ශ්‍රීලනිපය බිහි වෙනකොට රටේ තිබුණ වාස්තවික තත්වය විතරයි.

z p10 Greatness 01

1951 සැප්තැම්බර් 02 දා වනකොට අපේ රටේ තිබුණ දේශපාලන යථාර්ථය දිහා බැලුවොත් වැදගත් නිරීක්ෂණයන් ගොඩක් මේ සාකච්ඡාවට එකතු කරන්න පුළුවන්. 1951 ක කියන්නේ අපිට සුද්දාගෙන් ලැබුණ ඊනියා නිදහසට යන්තම් අවුරුදු තුනක් සම්පූර්ණ වුණා විතරයි. ඒ වෙනකොට අපේ රටේ තිබුණේ ප්‍රධාන දේශපාලන කදවුරු දෙකයි. එහෙමත් නැත්නම් මතවාදී කදවුරු දෙකයි. එකක් තමයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ධනේශ්වර කදවුර. රටේ රාළ කැමති මෙතනදී ඒකට දක්ෂිණාංශික කදවුර කියලා කියන්න. ඊළඟට සමසමාජ,කොමියුනිස්ට් පක්ෂ මුල්කරගත්ත සමාජවාදී කදවුර. නැත්නම් ඒකට හොඳම වචනය වමේ කදවුර කියන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපත දුන්න බණ්ඩාරනායක කියන්නේ ඔය කියන එජාප දක්ෂිණාංශික කදවුර නියෝජනය කරපු කෙනෙක්. ඒත් ශ්‍රීලනිපය බිහි කරනවාත් එක්ක බණ්ඩාරනායක අපේ රටට අළුත් දේශපාලන මාවතක් කියා දුන්න. ඒ තමයි දක්ෂිණාංශික කඳවුරටත්,වාමාශික කදවුරටත් අතරමැදින් වැටෙන මැද මාවත.

රටේ රාළට ගන්න ඕනි අන්න ඒ න්‍යායකි සාකච්ඡාව. මොකද ඒක තමයි අද මේ රටට වැදගත්ම සාකච්ඡාව. දැනට ඔය කියන මැද මාවතේ ශ්‍රීලනිපය අඩුපාඩුකම් සහිතව, පීලිපැනීම් සහිතව අවුරුදු 70 ක් ඇවිත් තියනවා. ඒ අවුරුදු 70 වට පස් දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීලා තියෙනවා. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන. අගමැතිවරු දෙන්නෙක්. ඒ අතර ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය. ජනාධිපතිවරු තුන් දෙනෙක්. ඇත්තටම අභිමානවත් ඉතිහාසයක්. රටේ රාළගේ මේ කතාවේ මෙතනින් එහාට කතා නායකයෝ වෙන්නේ මේ නායකයෝ පස්දෙනා. මෙතනින් එහාට මේ සාකච්ඡාවේදී එයාලා විවේචනයට හරි පැසසුමට හරි ලක්වෙන්නේ රටේ රාළගේ දේශපාලන මතයට සාපේක්ෂව නෙවෙයි. ශ්‍රීලනිපයේ දේශපාලනයට සාපේක්ෂව හා ලංකාවේ දේශපාලනයට සාපේක්ෂව. ඒ මධ්‍යථකම තියාගන්න රටේ රාළ උපරිම උත්සාහය ගන්නවා. සමහර පොඩි පොඩි Mistake වෙයි. ඒවටත් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා.

sdsdsd

ඇත්තටම බණ්ඩාරනායකලා හදපු මැද මාවතේ ගැන විවිධ දේශපාලන විග්‍රහ තියෙනවා. අදටත් එහෙමයි. කොහොම උනත් බණ්ඩාරනායකලා කියන්නේ ධනපති පන්තියම තමයි කියලා රටේ රාළ මුලදිම කිව්වා. හැබැයි මේ මැද මාවත ගොඩනගද්දී බණ්ඩාරනායකලා තමන්ට ප්‍රගතිශීලී හැඩයක් ආරෝපණය කරගත්තා. එජාපය ප්‍රතිගාමී ධනපති පන්තිය වෙද්දී බණ්ඩාරනායකයා ප්‍රගතිශීලී ධනපති පන්තිය වුණා. පස්සෙ කාලෙක ජවිපෙ විග්‍රහයට අනුව එයාලා කිව්වේ ප්‍රතිගාමී හා ප්‍රගතිශීලි කියලා ධනපති පන්තියක් නෑ සියලු දෙනා ප්‍රතිගාමීන් විතරයි කියලා. පැරණි වමේ ව්‍යාපාරයට ආණ්ඩු පිහිටවීම සදහා ශ්‍රීලනිපය අවශ්‍ය නිසා බණ්ඩාරනායකලාට ප්‍රගතිශීලී හැඩයක් ආරෝපණය කළා කියලයි. හැබැයි ඒ තර්කය බිද වැටෙන තැන් කීපයක් තියනවා. ලෝකයේ සමාජවාදී කදවුර ඇතුළෙත් බණ්ඩාරනායකලාට ගෞරවණීය පිලිගැනීමක් තිබුණා. එයාලා,විශේෂයෙන්ම සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව ප්‍රමුඛ ලෝක සමාජවාදී කදවුර ශ්‍රී ලංකාවේ දේශපාලනයේදී සමීප උනේ බණ්ඩාරනායකලාට.

බණ්ඩාරනායකලා එක්ක පැරණි වමේ ව්‍යාපාරය සන්ධාන ගතවෙලා සිටීම ඒකට විශාල රුකුලක් වෙන්න ඇති. කොහොම උනත් අධිරාජ්‍ය විරෝධී ස්ථාවරයක ඉදින් ලෝකය එක්ක ගනුදෙනු කරපු සෝවියට් සමූහාණ්ඩුවේ ශ්‍රී ලාංකීය Choice එක වුනේ බණ්ඩාරනායකලා. ගොඩක් රටවල් අපිව හදුන්වලා තිබුණේ බණ්ඩාරනායකලාගේ රට කියලා. ඇත්තටම බණ්ඩාරනායකලා ගැන එක දෙයක් කියන්න ඕනි. බණ්ඩාරනායකලා රටට අපකීර්තියක් ගෙනත් දීලා නෑ කවදාවත්. මේ විශේෂය නිසා ලෝක සමාජවාදී කදවුරේ පූර්ණ සහය අපට ලැබුණේ ශ්‍රීලනිපය ප්‍රමුඛ වමේ ආණ්ඩු තිබියදී කියන එක පැහැදිලි. ඊළඟට ශ්‍රීලනිපය වටේ එකතු වෙලා හිටිය බලවේගය කියන්නේ වමේ හැගීම තිබුණ වමට ආදරය කරපු බලවේගයක්. ඒකට හොදම උදාහරණය තමයි 2004 ශ්‍රීලනිප හා ජවිපෙ ගොඩනගපු එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඒක ඇතුළේදී ශ්‍රීලනිප ඡන්දදායකයා තමන්ගේ නායකයන් පැත්තකට දාලා ජවිපෙ සාමාජිකයන් අති බහුතරයක් පාර්ලිමේන්තුවට යැව්වා. ඒ එවිවෙත් බහුතරයක් දිස්ත්‍රික්කවල තමන්ගේ නායකයන් දෙවෙනි හෝ තුන්වෙනි තැනට ඇදලා දාලා. ඒක නිසා ඒවගේ ප්‍රගතිශීලී බලවේගයක් නඩත්තු කරන්න ප්‍රතිගාමීන්ට බෑ. ඒක නිසා රටේ රාළ පිලිගන්නවා ඒ ප්‍රගතිශීලී හැඩය බණ්ඩාරනායකලා තුළ වගේම ශ්‍රීලනිපය තුළත් තිබුණා කියලා.

hdfgdfg

ශ්‍රීලනිප දේශපාලන දර්ශණයේ මහ මොළකරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක කීම වරදක් නෑ.ඒක නිර්මාණය කරන්න එයාට ජාතික හා ජාත්‍යන්තර ආභාෂයන් ගොඩක් ලැබෙන්න ඇති.ඇත්තටම රටේ රාළට බණ්ඩාරනායක චරිතය ගැන අධ්‍යයනය කරන්න ලොකු ඉඩක ඉතිහාසය දුන්නේ නෑ ඒක නිසා රටේ රාළ මහ බණ්ඩාරනායක ගැන දන්නේ ටිකයි. ඒ ටිකෙන් මහ බණ්ඩාරනායක ගැන රටේ රාළගේ ඔළුවේ තියන චිත්‍රය පාට කරගන්න බෑ. කොහොම උනත් ශ්‍රීලනිප දේශපාලනට න්‍යායාත්මක ප්‍රවේශය අරන් දුන්නේ බණ්ඩාරනායක කියලා රටේ රාළ පිලිගන්නවා.බණ්ඩාරනායක ගැන අධ්‍යයනය කරන්න බැරිවීමට බලපාපු තවත් කාරනයක් තමයි 56 යේ බලය ගත්ත බණ්ඩාරනායක 1959 වෙඩි තියලා මරණවා. රටේ රාළ උපදින්නේ ඊට අවුරුදු එකොලහකට පස්සේ. කොහොමත් බණ්ඩාරනායක මහගැරීම වරදක් කියන එක රටේ රාළ දැන් පිලිගන්නවා. බණ්ඩාරනායකගෙන් පස්සේ ශ්‍රීලනිප නායකත්වය හිමි වෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායකට.බණ්ඩාරනායක මැතිනියට, චන්ද්‍රිකාගේ අම්මාට.

ලංකාවේ දේශපාලනයේ රටේ රාළගේ සිත් ගත්ත නායකයා තමයි ගුරු රෝහණ විජේවීර සහෝදරයා. ඊළඟට රටේ රාළ ධනේශ්වර දේශපාලනයේ පිලිගන්න චරිතය තමයි සිරිමාවෝ බණ්ඩාරනායක. ඒකෙන් කියන්නේ නෑ එයාගේ දේශපාලනයට රටේ රාළට විවේචන නෑ කියලා. හැබැයි බණ්ඩාරනායක Clear කරලා දුන්න මැද මාවත හරියටම ස්ථානගත කළේ (Establish) සිරිමාවෝ බණ්ඩාරනායක කිව්වොත් ඒක වැරදි නෑ. ඒක කළේ ආර්ථික උපායමාර්ගයකුත් එක්ක. ඇත්තටම සිරිමාවෝ ගැන හරිම විග්‍රහය ගන්න නං එයාගේ සම්භවයත් එකක් කතා කරගන්න ඕනි.සිරිමාවෝ කියන්නේ අපේ රටේ රඳල වංශාධිපති පරම්පරාවේ Product එකක්. ඒක නිසා සිරිමාවෝ ගැන හිතන්න වෙන්නෙත් අපේ රටේ රඳළයෝ ගැන හිතන විදිහටම තමයි. ඒ කියන්නේ උද්දච්ච, වැඩවසම් ලක්ෂණ ගොඩක් තියන කෙනෙක් විදිහට. ඊළඟට ලාංකීය සමාජයේ සම්ප්‍රදායයි ගැහැණියක් වීම ඒ තත්ත්වය තවත් වර්ධනය කිරීමට ලොකු රුකුලක් වෙනවා. හැබැයි ඒ කතාවෙන් රටේ රාළට ලංකාවේ කාන්තාවන් සම්බන්ධව තියෙන්නේ Negative අදහසක් කියලා දාගන්න එපා.

fddf

මේක විහාර මහ දේවි, අනුලා දේවිය, සෝමා දේවි, සුගලා දේවි, ඇහැලේපොළ කුමාරිහාමි... උපන්න රට. වකවානු අතර ලොකු පරතරයක් තියෙන බව ඇත්ත. සමාජ ක්‍රම අතර ලොකු පරස්පරයකුත් ඇති. ඒත් ඒ කාන්තා පෞරුෂයන් අතර එකට තියන්න පුළුවන් නූතන කාන්තා චරිතය සිරිමාවෝ බණ්ඩාරනායක තමයි. ඇත්තටම සිරිමාවෝට ජාතියේ අම්මා කියන්න පුළුවන් චරිතයක්. අද ඉන්න මේ ජාතියේ අම්මලාට, නැන්දම්මාට වඩා සිරිමාවෝට ඒ සුදුසුකම 100% ක් තියනවා. අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක තමන් වටේට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අති දැවැන්ත නායකත්ව පෞරුෂයක් ගොඩනගා ගත්ත කෙනෙක්. තමන් වැඩවසම් චරිතයක් නොවන බව සිරිමාවෝ ඔප්පු කළේ නොබැදි සමුළුවට නායකත්වය දෙමින්. ලෝකයේ ධනවාදී හා සමාජවාදී කදවුර කියන දෙකේම ගෞරවය සම්මානයට පාත්‍ර වුණ හෙළ කුළ කත තමයි සිරිමාවෝ. අදටත් සිරිමාවෝගේ චීන සංචාරය දැක්කම ඇස්වලට කදුළු එනවා. එහෙම පිලිගැනීමකට ලංකාවේ නායකයෙක් එතෙක් මෙතෙක් ලක්වෙලා නැතිව ඇති. සමහරවිට ජේ.ආර් ජපානයේදී ඊට කිට්ටු පිලිගැනීමකට ලක්වෙන් පුළුවන් කම තිබුණා.

ඊළඟට 1948 සුද්දා දුන්න ඊනියා නිදහසට ඇත්ත අර්ථයක් එකතු කරන්න 1972 ජනරජ ව්‍යවස්ථාව ගෙනාවේ සිරිමාවෝ රජය. නැත්නම් තවමත් මේ රටේ තියෙන්නේත් මහා රැජිණගේ ආණ්ඩුවක්.දැන්නම් ගොඩක් අය කියනවා ඒක තිබුණා නම් හොදයි කියලා. ඒ කියන්නේ මේ අපේ රටේ ඉන්න නායකයන්ගේ වැඩවලට සාපේක්ෂව මිසක් පරගැතිකම හොඳයි කියන නිසා නෙවෙයි. අනික සිරිමාවෝ චරිත අධ්‍යයනය කිරීමේදී රටේ රාළට හොඳටම Hit වුන තැනක් තියනවා. ඒ සුනේත්‍රා කියපු කතාවක්. තමන්ගේ විවාහයන් සම්බන්ධව තම මවගේ තිබුණ අදහස දවසක් ඇය කිව්වා. "ඒක එයාලගේ තේරීමක් එයාලගේ කැමත්ත තමයි මගේ කැමැත්ත" කියලා සිරිමාවෝ කිව්වා කියලා. ඒ විඩියෝ එක ගැන රටේ රාළටත් පොඩි මතකයක් තියනවා. ඇත්තටම ඒ අදහසෙන් සිරිමාවෝගේ චරිතය තවත් කියවගන්න පුළුවන්. සුනේත්‍රා විවාහ වුණේ දමිළ ජාතිකයෙක් එක්ක, චන්ද්‍රිකා විවාහ වුණේ විජය එක්ක. ඒවාට ආශීර්වාද කිරීමෙන් සිරිමාවෝ ජාතික, ආගම්, කුල අතර විශමතාවය සලකපු අයෙක් නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන්.උතුරේ දෙමළ ජනතාව අතර ශ්‍රීලනිපය වේගයෙන් වර්ධනය වෙලා තියෙන්නේ සිරිමාවෝ සමයේ.අදත් සිරිමාවෝ ගැන කතා කරන කෘතවේදී දමිළ මිනිස්සු යාපනයේ ඉන්නවා. රටේ රාළ එහෙම කීපදෙනෙක් හම්බ වෙලත් තියනවා.

ඇත්තටම මෙතන වැදගත්ම කාරණය තමයි සිරිමාවෝ ඉදිරිපත් කළ ආර්ථික වැඩපිළිවෙල. එදා ඒකාධිකාරි ධනවාදය ඇතුළේ සිරිමාවෝ ස්වදේශීය ආර්ථික වැඩපිළිවෙලක් ගැන හිතුවා. ඇත්තටම සිරිමාවෝ ආරම්භ කරපු ඒ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගියා නම් අද අපි ඉන්නේ මෙහෙම අසරණකමක නෙවෙයි. එදා ඒ වැඩපිළිවෙලට රටේ ජනතාව මතවාදීව ගැටගහ ගන්න සිරිමාවෝට බැරිවුණා. ඇත්තටම ඒ වැඩපිළිවෙලේ තිබුණ එකම ලොකු අඩුව ඒක.ඒ කඩුල්ලත් සිරිමාවෝ පැන්නා නම් අපි අද රටක් විදහට ඉන්නේ මෙතන නෙවෙයි. හාල් පොලු, මිරිස් පොලු, පෝලිම් යුගය අතරින් අපට ගොඩක් දුර යන්න තිබුණා. අදත් මේ තියන විවෘත ආර්ථික අස්සේ අපට කොහොම පොලු ද වැටිලා තියෙන්නේ. කොහොම උනත් සිංගප්පූරුව ගොඩනගපු ලී ක්වාන් යුලා ගත්තේ සිරිමාවෝගේ ආදර්ශය. දකුණු කොරියාව, ඇතැම් තැන්වලදී ජපානය, වියට්නාමය පවා ඒ ආදර්ශය ගත්තා. එයාලා එදා සිරිමාවෝ ඉදිරිපත් කරපු ආර්ථික දර්ශණයේ අඩුපාඩු හදලා, වැඩිදියුණු කරලා තමන්ගේ රටට ආදේශ කලා. ඒත් අපි ඒක අතෑරලා දාලා විනාශය වැලද ගත්තා.

දැන් අපි කතා කරන්නේ අපේ ආදර්ශයන් අරගෙන ගිහින් නැගිට්ට ලී ක්වාන්යුලා ගැන. සිරිමාවෝ කියපු ස්වදේශීක ආර්ථික වැඩපිලිවෙල හමස් පෙට්ටියට දාලා වහලා ජේ.ආර් ගෙනත් දුන්න විවෘත ආර්ථිකයත් අරන් අපි ඉස්සරට ගියා.ඒ වරද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කළා.බණ්ඩාරනායක දෙපළගෙන් පස්සේ ශ්‍රීලනිපයට මැද මාවත හා ස්වදේශීක ආර්ථික සංකල්පය බොහෝ දුරට අමතක වුණා.දැන් ශ්‍රීලනිපය නිශ්චිත දේශපාලන වැඩපිලිවෙලක් නැතිව.නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් නැතිව ඔහේ යනවා.

000023

සිරිමාවෝගෙන් පස්සේ ශ්‍රීලනිපයේ නායකත්වය ගත්ත චන්ද්‍රිකාත් ශ්‍රීලනිපය යම් ප්‍රමාණයකට දක්ෂිණාංශය පැත්තට හැරෙව්වා.ඒත් 100% ක් නෙවෙයි.චන්ද්‍රිකා දක්ෂිණාංශික මතය සමග ගනුදෙනු කළාට චන්ද්‍රිකා ඒක ශ්‍රීලනිපයට බලෙන් පටවන්න උත්සාහ කළේ නෑ.රටේ රාළට හිතෙනවා එක වෙලාවක චන්ද්‍රිකා දක්ෂිණාංශික පැත්තට හැරුණාද නැත්නම් හැරෙව්වාද කියලා.හැබයි චන්ද්‍රිකා ශ්‍රිලනිපය ඇතුළේ තිබුණ නායකත්ව පෞරුෂයන්ට ගැහුවේ නෑ.ඒවත් ශ්‍රීලනිපය තුළ වැඩුණා. මෛත්‍රී, මහින්ද, ලක්ෂ්මන් කදිරගාමර්, රිචඩ් පතිරණ, මංගල.. ඔය වගේ ගොඩක් හිටියා. මෙතනදී එකක් කියන්න ඕනි මොන අඩුපාඩුකම් තිබ්බත් චන්ද්‍රිකා බණ්ඩාරනායකවරුන්ගේ ප්‍රතිරූපයට කෑලලක් කළේ නෑ. චන්ද්‍රිකාගේ නම ඉස්සරහා හොරකමේ චෝදනා ගෑවුනේ නෑ. ඇත්තටම චන්ද්‍රිකාට හොර හිතක් තිබුණේ නෑ. ශ්‍රීලනිපය සම්පුණයෙන් දක්ෂිණාංශික පැත්තට හැරවීමේ පාප කර්මය කළේ රාජපක්ෂවරුන්. එයාලට තමන්ගේ පවුලට ගැලපෙන විදිහේ ශ්‍රීලනිපයක් ඕනි වුණා. සියලු නායකත්ව පෞරුයන් විනාශ කරලා අන්ත දක්ෂිනාංශික. අන්ත දූෂිතයන්ගෙන් පක්ෂය පුරෝ ගත්තා. එදා ශ්‍රීලනිප නායක මහින්දගේ පටන් පහලම මහජන නියෝජනයා දක්වා දූෂණ චෝදනා එල්ල වුණා.

President Mahinda Rajapaksa

අදත් ඒ චෝදනාවලට උත්තර නෑ. අන්තිමට මහින්ද තමන්ගේ දේශපාලන අම්මා වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරලා දැම්මා. රටේ රාළ හැමදාම කිව්වේ ඒක හෙනගහන අපරාධයක්. ඒකට විරුද්ධ එදා රටේ රාළත් සටන් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට රටේ රාළට තමන්ගේ දේශපාලන ගමන අතර මැදින් නවත්තන්න සිද්ධවුණා. ඒත් නිවැරදි මතයේ හිටගැනීමේ සතුට රටේ රාළට මැරෙන තුරුම තියෙයි. ඇත්තටම ශ්‍රීලනිපය විනාශ කළේ මෛත්‍රී නෙවෙයි. ඒක කළේ මහින්ද. රටේ රාළ සෘජුව මහින්දට ඒ චෝදනාව කරනවා.

maxresdefault

කොහොම උනත් වර්තමාන ශ්‍රීලනිප නායක මෛත්‍රීට මේ තත්වය යටතේ ලොකු වගකීමක් පැවරෙනවා. අද මේ පාලකයන් යමින් තියන දේශද්‍රෝහීන් ගමන නතර කිරීමේ හැකියාව ගැන හිතුවොත් ඒකේ ලොකු පංගුවක් ශ්‍රීලනිපයට තියනවා. ඒකේ ලොකු කොටසක් මෛත්‍රීට තියනවා. මෛත්‍රී ඉස්සෙල්ලාම කරන්න ඕනි බෙදිලා තියෙන ශ්‍රීලනිපය සමගි කරගැනීම. ඒක මෛත්‍රීට පැවරෙන ලොකුම වගකීමක්. රටේ රාළ හිතනවා ඒ නිහතමානීකම මෛත්‍රී ළග තියනවා කියලා. ඊට පස්සේ තමයි එයාලට ශ්‍රීලනිපයට ලොකුම යුතුකම ඉෂ්ඨ කරන්න තියෙන්නේ. ඒ තමයි බණ්ඩාරනායක කියාදුන් මැද මාවතේ හරියට හිටගැනීම. සිරිමාවෝ බණ්ඩාරනායක කියාදුන්න ස්වදේශීක ආර්ථික මුල්කරගත් ආර්ථික උපාය මාර්ගයක් මත හරියට ස්ථානගත වීම. ඔය දෙක හරියට කරන්න. ඒක තමයි අද ලෝකය ඉදිරියේ ඉතිරිවෙලා තියන දේශපාලන යථාර්ථය. 70 වන උපන් දිනය සමරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය කෝකටත් වඩා දෙන්න පුළුවන් හොඳම උපන්දින තෑග්ග ඒක. එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි.
නීල මහා යෝධයාට ජයවේවා.

මීට
රටේ රාළ.

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)

Priyant 2021 1

 


THE LEADER TV 
 
 

සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද? 

 

 
වැඩිහිටි ජනතාව කොරෝනා අනතුරට හෙළිම ගැන දත්ත හෙළිවේ
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්