මෙරට ඉතිහාසයේ වැඩියෙන්ම නික්මනක සටහන් ලියැවුණු දේශපාලනඥයා වශයෙන් මංගල ඉතිහාසයට එක් වී අවසන්ය.

එහෙත් ඇමතිවරයෙක් වශයෙන් මංගලගේ වෘත්තීය මැදිහත්වීම් ගැන ප්‍රමාණවත් අවධානයක් ඒ සටහන් තුළ මට දකින්න ලැබුණේ නැහැ.

 

විදුලි සංදේශ ඇමතිවරයෙක්, විදේශ ඇමතිවරයෙක්, මුදල් ඇමතිවරයෙක් සහ ජනමාධ්‍ය ඇමැතිවරයෙක් වශයෙන් මංගල ඉටුකළ භූමිකාව තවමත් ‍ ප්‍රමාණත් විමර්ශනයකට භාජනයවී නොමැතිබව මගේ විශ්වාසයයි. මේ සටහනෙන් මා උත්සහ කරන්නේ මංගල ජනමාධ්‍ය ඇමතිවරයෙකු වශයෙන් ඉටු කළ භූමිකාව පිළිබඳව විමසා බැලීමටයි.

 

විදුලි සංදේශ ඇමතිවරයෙක්, විදේශ ඇමතිවරයෙක්, මුදල් ඇමතිවරයෙක් සහ ජනමාධ්‍ය ඇමැතිවරයෙක් වශයෙන් මංගල ඉටුකළ භූමිකාව තවමත් ‍ ප්‍රමාණත් විමර්ශනයකට භාජනයවී නොමැතිබව මගේ විශ්වාසයයි. මේ සටහනෙන් මා උත්සහ කරන්නේ මංගල ජනමාධ්‍ය ඇමතිවරයෙකු වශයෙන් ඉටු කළ භූමිකාව පිළිබඳව විමසා බැලීමටයි.

මෙරට ඉතිහාසයේ තෙවරක්ම ජනමාධ්‍ය අමාත්‍යධුරය හෙබවූ එකම පුද්ගලයා මංගල සමරවීරය. රට ගොඩනැගීම ගැන මංගලගේ තිබුණු දැක්ම සහ කැපවීම වඩාත් හොඳින් ප්‍රකට වූයේ තුන්වැනි වරටත් ජනමාධ්‍ය අමාත්‍යධුරය බාර ගැනීමෙන් පසුවය.

මංගල වඩාත් උනන්දුවක් දැක් වූ වෘත්තීය විෂය වූයේ ජනමාධ්‍යය. ඒ සඳහා ඔහුගේ කලාව පිළිබඳ අධ්‍යාපන පසුබිම සහ ලිබරල්වාදී කියවීම් බලපා බවයි මගේ අදහස. තුන්වැනි වතාවට ජනමාධ්‍ය (සහ මුදල් අමාත්‍ය ධූරය) මංගල සමරවීර භාරගන්නා විට මෙරට ජනමාධ්‍ය කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔහුගේ තිබූ විග්‍රහය මුළුමනින්ම වෙනස්කට භාජන වී තිබූ බව පෙනිණි.

සමකාලීන සමාජයේ බලවත්ම සමාජීය ආයතනය ජනමාධ්‍ය බවත්, සමස්ත සමාජ පරිවර්තනයකදී ජනමාධ්‍ය ඉදිරි පෙළේ භූමිකාවක් ඉටු කරන්නේය, ඒ නිසා සමාජ පරිවර්තනයකට අත තබන්නට පෙර ජනමාධ්‍ය වපසරිය පුළුල් පරිවර්තනයකට ලක් කළ යුතු බවට විග්‍රහයක් මංගලට තිබුණ බව ඔහු ජනමාධ්‍ය අමාත්‍යධුරය තුන්වැනි වතාවටත් පත්වීමෙන් පසුව ගනු ලැබූ පුදුම එළවන සුළු පියවර වලින් පැහැදිලි වෙනවා

 

ආණ්ඩුවේ මාධ්‍ය ආණ්ඩුවේ ග්‍රහණයෙන් නිදහස් කිරීම 

 

මංගල ජනමාධ්‍ය අමාත්‍ය ධුරය භාරගන්නා විට යහපාලන ආණ්ඩුවේ දේශපාලන ආරක්ෂකයන් තුළ ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳව බරපතළ විවේචනයක් තිබිණි. එනම් ආණ්ඩුව මහජන යහපත වෙනුවෙන් ගනු ලැබූ පියවර ගැන ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබාදීමට ආණ්ඩුවේ මාධ්‍ය අසමත් වී ඇත කියාය. එහෙත් මංගල එය දැක්කේ වෙනත් ආකාරයකට බව එක්තරා අවස්ථාවකදී මේ ගැන සාකච්ඡා කිරීම සඳහා පැවැති රැස්වීම්කදී මාහට පසක් වුණා. මෙම රැස්වීමේදී දේශපාලන සන්නිවේදන විශේෂඥයකු විසින් ආණ්ඩුවේ ප්‍රතිරූපය නැංවීමට සඳහා උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළා. එම සැලැස්ම දේශපාලනික සන්නිවේදනය පැත්තෙන් කදිම උපාය මාර්ගයක් බව පෙනෙන්න තිබුනා. එහෙත් ඒ ඉදිරිපත් කිරීම් දෙස උපෙක්ෂා සහගතවව බලා හිටපු මංගල ඒ ගැන කිසිවක් නොකියා සියලු දෙනාටම ස්තූති කර එතනින් නික්ම ගියා.

රාජ්‍ය හිමිකාරත්වය සහිත ජනමාධ්‍ය ආයතන ස්වාධීනව පැවතීම අවංකව මහජන යහපත වෙනුවෙන් කැපවෙන විවෘත ආණ්ඩුවකට වාසි සහගතය යන්න මංගලගේ කියවීම වූ නිසා ඔහු එසේ හැසුරුණේ යයි මගේ විග්‍රහයයි.

එය තහවුරු කරන ඓතිහාසික තීරණයක් ඊට පස්සේ මංගල විසින් ගනු ලැබුවා. එනම් රාජ්‍ය හිමිකාරත්වය සහිත ජාතික රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය සහ ලේක්හවුස් ආණ්ඩුවේ ග්‍රහණයෙන් නිදහස් කර ස්වාධීන මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමයි. එම කමිටුවේ සභාපති වශයෙන් මංගල තෝරාගනු ලැබුවේ ලෝකයේ විවිධ රටවල් ගණනාවක ස්වාධීන මාධ්‍ය පිහිටුවීම සඳහා මැදිහත් වී අත්දැකීම් තිබූ ජාත්‍යන්තර කීර්තියටපත් සන්නිවේදන විසශේෂඥයෙකු වූ යුනෙස්කෝවේ මාධ්‍ය සංවර්ධන අංශයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර මහතාය. එම කමිටුවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන්න මටත් අවස්ථාව ලැබුණා.

Vijayananda Jayaweeraසන්නිවේදන විසශේෂඥයෙකු වූ යුනෙස්කෝවේ මාධ්‍ය සංවර්ධන  අංශයේ  හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර

 

ශ්‍රී ලංකාව වැනි පසුගාමී දේශපාලන පසුබිමක් පවතින රටක ජනමාධ්‍යය විෂයභාර අමාත්‍යවරයා තමන් යටතේ තිබෙන ජනමාධ්‍ය ආයතන ආන්ඩුවේ ග්‍රහණයෙන් නිදහස් කිරීමට තීරණය කිරීම සැබැවින්ම පුදුම එලවන සුළු සිදුවීමක් වුණා. අපි වැනි තුන්වැනි ලෝකයේ රටවල දේශපාලනඥයින් නිතරම කල්පනා කරන්නේ රාජ්‍ය මාධ්‍ය බලයේ සිටින ආණ්ඩුවේ හොරණෑවක් ලෙස භාවිතයට ගැනීමටයි.  

 

ශ්‍රී ලංකාව වැනි පසුගාමී දේශපාලන පසුබිමක් පවතින රටක ජනමාධ්‍යය විෂයභාර අමාත්‍යවරයා තමන් යටතේ තිබෙන ජනමාධ්‍ය ආයතන ආන්ඩුවේ ග්‍රහණයෙන් නිදහස් කිරීමට තීරණය කිරීම සැබැවින්ම පුදුම එලවන සුළු සිදුවීමක් වුණා. අපි වැනි තුන්වැනි ලෝකයේ රටවල දේශපාලනඥයින් නිතරම කල්පනා කරන්නේ රාජ්‍ය මාධ්‍ය බලයේ සිටින ආණ්ඩුවේ හොරණෑවක් ලෙස භාවිතයට ගැනීමටයි.

මංගල විසින් යෝජනා කරනු ලැබූ මහජන සේවා මාධ්‍ය යනු ආණ්ඩුවේ, වෙළෙඳපොළ සහ නිලධාරීන්ගේ පාලනයෙන්, බලපෑමෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන ව්‍යූහයක්. රටක ජනමාධ්‍ය වෙත පැවරෙන ප්‍රධානතම භූමිකාවක් වන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මහජන යහපත සඳහා වන ප්‍රවේශයකින් සුපරීක්ෂණය කිරීම සහ ආණ්ඩුකරණ ක්‍රියාවලියට මහජනතාව සහභාගී කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ‍ක්‍රියාත්මක වීම මහජන සේවා මාධ්‍ය වෙත පැවරෙන කාර්යයක්.

යහපාලන ආණ්ඩුවේ ප්‍රකාශිත ප්‍රතිපත්තිය වූ ආණ්ඩුවේ විවෘතභාවය, වගවීම්, දූෂණ වංචා අක්‍රමිකතා නැති කර දැමීම, සමාජ සාධාරණත්වය ඇතිකිරීම මෙම මහජන සේවාව මාධ්‍ය ආකෘතිය එක්ක කදිමට ගැලපෙන අදහසක් වුණා.

රටක මහජන සේවා මොඩලයේ ස්වාධීන ජනමාධ්‍ය පැවතීම අවංකව මහජන යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන ආණ්ඩුවකට වාසි සහගතය. මහජන සේවා මොඩලයේ ස්වාධීන ජනමාධ්‍යයේ ක්‍රියාකාරීත්වය හරහා ආණ්ඩුවට මහජන උවමනාවන් හා ප්‍රමුඛතා වෙනුවෙන් සංවේදී වීමටත්, මහජන හඬට කන් දීමටත්, ආණ්ඩුවෙන් සිදුවන වැරදි සහ මගහැරීම් නිවැරැදි කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. එමඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ක්‍රියාශීලී තත්ත්වයකට පත්වී ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් වෙනවා.

මංගල විසින් පත්කළ මහජන සේවා මාධ්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවට පැවරී තිබුණේ එම කාර්යයට ගැලපෙන පරිදි ආණ්ඩුවේ මාධ්‍ය ස්වාධීන මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමේ වගකීම යි.

ජාත්‍යන්තරව වශයෙන් ගත්විට මෙම අදහස් ඉතාම ඉහළ පෙළේ මාධ්‍ය සංස්කෘතියක් සඳහා වන බරපතළ යෝජනාවක් වනවා පමණක් නොව මානව සංයුතියේ යහපත වෙනුවෙන් හේතුවන වන බරපතළ තීරණයකි.

ආණ්ඩුවේ මාධ්‍ය, ආන්ඩුවේ ග්‍රහණයෙන් නිදහස් කර ස්වාධීන මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමේ මංගලගේ වැඩපිළිවෙළ තම අතට අරගෙන යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මහජන කතිකාවක් සහ මහජන බලපෑමක් ඇති කිරීම ඒ මොහොතේ මෙරට මාධ්‍යකරුවන්ගේ සංගම්වල වගකීම වුවද ඔවුන් කළේ එය නොදුටුවා සේ සිටීමය. එසේ ක්‍රියාකරමින් මෙරට මාධ්‍යකරුවන්ගේ සංගම් මෙම කලාතුරකින් ලැබෙන මොහොත අහිමි අවස්ථාවක් බවට පත් කරනු ලැබුවා.

 

ආණ්ඩුවේ මාධ්‍ය, ආන්ඩුවේ ග්‍රහණයෙන් නිදහස් කර ස්වාධීන මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමේ මංගලගේ වැඩපිළිවෙළ තම අතට අරගෙන යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මහජන කතිකාවක් සහ මහජන බලපෑමක් ඇති කිරීම ඒ මොහොතේ මෙරට මාධ්‍යකරුවන්ගේ සංගම්වල වගකීම වුවද ඔවුන් කළේ එය නොදුටුවා සේ සිටීමය. එසේ ක්‍රියාකරමින් මෙරට මාධ්‍යකරුවන්ගේ සංගම් මෙම කලාතුරකින් ලැබෙන මොහොත අහිමි අවස්ථාවක් බවට පත් කරනු ලැබුවා.

 

 

ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසම 

2015

 

ශ්‍රී ලාංකීය සමාජය බහු ආගමික, බහු සංස්කෘතික, බහුවාර්ගික සමාජයක් යන්න මංගලගේ කියවීම වුණා. ඔහු සුළු ජනවර්ග සහ සමාජයේ කොන් වූ කොටස් වෙනුවෙන් නිර්භය ලෙස පෙනී හිටියා. මංගලගේ මෙරට ජනමාධ්‍ය කර්මාන්තය පිලිබඳ ප්‍රතිපත්තිය සහ දැක්ම මෙම කාරණාව මත පද පදනම් වුණා.

ඒ අනුව මෙරට ජනමාධ්‍ය වපසරිය තුළ ඉහත සමාජ, සංස්කෘතික විවිධත්වය සහ බහුවිධ බව ප්‍රකාශ වෙන්න ඕන කියලා මංගල කල්පනා කළ බව ඔහු ගනු ලැබූ සමහර පියවර වලින් පැහැදිලි වෙනවා.

මංගල ජනමාධ්‍ය අමාත්‍යධුරය තුන්වෙනි වතාවේ බාර ගන්න කොට මෙරට ජනමාධ්‍ය වපසරිය කොළඹ කේන්ද්‍රීය ප්‍රභූ පවුල් කීපයක සහ ආණ්ඩුවේ හිමිකාරත්වය සහිත කතිපයාධිකාරී ආධිපත්‍යයට නතු ව තිබුණා.

ඒ වන විට වාණිජ මාධ්‍ය හිමිකරුවෝ තම දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ඉතාම බරපතළ විදිහට මහජනතාව සතු සීමිත පොදු දේපලක් වන විද්‍යුත් තරංග මාලා අවභාවිතා කරමින් හිටියා. ඒ නිසා මාධ්‍ය වපසරිය තුළ සමාජයේ දේශපාලන, සංස්කෘතික විවිධත්වය සහ බහුවිධ බව දක්නට ලැබුණේ නැහැ. මාධ්‍ය අන්තර්ගතය එක් ජාතියක, ආගමක, එක් කණ්ඩායමක, කොළඹ කේන්ද්‍රීය ප්‍රභූ සහ වෘත්තිකයන්ගේ ආධිපත්‍යයට නතුව තිබුණා.

90 දශකයේ ආරම්භයේ දී ආණ්ඩුව විසින් හඳුන්වාදුන් මහජනතාව සතු පොදු දේපලක් වූ විද්‍යුත් තරංග මාලා පිටිපස්ස දොරෙන්, රහසිගතව, ගුප්ත ලෙස ගජ මිතුරන්ට බෙදා දීමේ ක්‍රමය (බලපත්‍ර ලබාදීමේ) ඉහත තත්ත්වය ඇතිවෙන්න සෘජුවම බලපා තිබුණා.

එහි ප්‍රතිඵලයක් විදිහට රටේ විවිධ රුචි අරුචිකම් තිබෙන ජනතාවට උපරිම තෝරාගැනීමක් කිරීම්ටත්, විවිධ අදහස් මතවාද වෙත ප්‍රවේශ වීමටත්, අදහස් සහ මතවාද ප්‍රකාශ කිරීමටත් වේදිකාව්ක් තිබුණෙ නැහැ. මංගල මෙම තත්වය හොඳින් තේරුම් ගෙන හිටපු බව බව පේනවා.

ඒ අනුව මෙරට විද්‍යුත් මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරත්වය සහ අන්තර්ගතය තුළ බහුවිධ බව සහ විවිධත්වය ඇති කිරීම සඳහාත්, සීමිත මහජන දේපලක් වන විද්‍යුත් තරංග මාලා උපරිම මහජන යහපතට හේතු වන ලෙස විවෘතව, ස්වාධීනව බෙදාහහැරීම සඳහා ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසම පිහිටුවීමට පනත් කෙටුම්පත්ක් සකස් කිරීම් සඳහා මංගල විසින් මහාචාර්ය රොහාන් සමරජීව සභාපතිත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබුවා. විජයානන්ද ජයවීර, මා, එම් . ජී. ආර් ඩේවිඩ්, තිලකා ජයසුන්දර ආදී පිරිසක් කමිටුවේ සාමාජිකත්වය දැරුවා. කමිටුව විසින් මාස හයක් තුළ අඛණ්ඩව රැස් වී ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පනතක් කෙටුම්පත් කරනු ලැබුවා. මංගල මෙම කමිටුවේ ප්‍රගතිය නිතරම සොයා බැලුවා.

මෙම පනත් කෙටුම්පත මගින් මෙරට ගුවන් විදුලි, රූපවාහිනී බලපත්‍ර ලබාදීම සඳහා ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් පිහිටුවීමට විධිවිධාන යොදා තිබෙනවා. යෝජිත ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමට, ආණ්ඩුවට, වෙළඳපොළට හෝ නිලධාරීන්ට අත පොවන්න බැහැ. පනත මගින් මේරට සමාජ, දේශපාලන, සංස්කෘතික විවිධත්වයට ගැළපෙන විදිහට මහජන සේවා, ‍ ප්‍රජා සහ වාණිජ මාධ්‍ය වපසරියක් නිර්මාණය කිරීම්ටත්, මාධ්‍යකරුවන්ගේ කර්තෘ ස්වාධීනත්වය සහ වෘත්තියභාවය ආරක්ෂා කිරීමටත්, ග්‍රාහක අයිතීන් ආරක්ෂා කිරීමටත් විධිවිධාන යොදා තිබෙනවා.

 

මාධ්‍ය සහ සිනමා විශ්ව විද්‍යාලය 

මෙරට ශක්තිමත් ක්‍රියාශීලී ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතීමට නම් මාධ්‍යකරුවා වෘත්තීයභාවයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙන්ම මෙරට ජනයාට සෞන්දර්යාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුතු සිනමා කර්මාන්තයක අවශ්‍යතාවයද මංගල තේරුම් ගෙන සිටියා.

ඔහු ජනමාධ්‍ය ඇමැති ධුරය භාර ගැනීමෙන් පසුව මාධ්‍ය සහ සිනමා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට දැක්වූ උනන්දුවෙන් ඒ බව පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය මාධ්‍ය සහ සිනමා විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට ව්‍යාපෘති යෝජනාවක් සැකසීමටද මංගල විශේෂ කමිටුවක් පත් කර තිබුණා.

 

ස්ත්‍රී පුරුෂ සමාජ සමාජභාවය පිළිබඳ  සංවේදී බව 

 

Dayana 20211

 

මෙරට වෙනත් ක්ෂේත්‍ර වල මෙන්ම ජනමාධ්‍යක්ෂේත්‍රය තුළ ද ඉහළ කළමනාකාරිත්වය පිරිමින්ගේ ආධිපත්‍යට නතුව තිබෙනවා. ස්ත්‍රී- පුරුෂ සමාජභාවය පිළිබඳ ලිපි, සාකච්ඡා මාධ්‍ය අන්තර්ගතය තුළ දක්නට ලැබුණද මාධ්‍ය ආයතන තුළ එය යථාර්ථයක් නෙමෙයි.

 

සමාජයෙන් බැහැර කල කණ්ඩායම්වලට පිළිගැනීම සහ අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් මංගල නිතරම පෙනී සිටියා විතරක් නෙවෙයි එය යථාර්ථයක් බවට පත් කරන්න සංකේතාත්මක පියවරද ගනු ලැබුවේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවේ ප්‍රධානතම මාධ්‍ය ආයතන හතරකම සභාපති තනතුරු වලට කාන්තාවන් හතරදෙනෙක් එකවර පත්කරමින්.

 

සමාජයෙන් බැහැර කල කණ්ඩායම්වලට පිළිගැනීම සහ අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් මංගල නිතරම පෙනී සිටියා විතරක් නෙවෙයි එය යථාර්ථයක් බවට පත් කරන්න සංකේතාත්මක පියවරද ගනු ලැබුවේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවේ ප්‍රධානතම මාධ්‍ය ආයතන හතරකම සභාපති තනතුරු වලට කාන්තාවන් හතරදෙනෙක් එකවර පත්කරමින්.

ඒ අනුව ඉනෝකා සත්‍යාංගනී ජාතික රූපවාහිනියේ සභාපති වශයෙන්ද තිලකා ජයසුන්දර ස්වාධීන රූපවාහිනියේ සභාපති වශයෙන් ද උමා රාජමන්ත්‍රී සැලසිනේ ආයතනයේ සභාපති වශයෙන් ද ඩයනා ගමගේ රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපති වශයෙන්  පත්කිරීමට මංගල නිර්භය වුණා. සැබැවින්ම එය උඩුගම් බලා යන අවදානම් තීරණයක් වුණා.

මංගල විසින් මේ ආකාරයට මෙරට මාධ්‍ය කර්මාන්තයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් සඳහා ඉතා රැඩිකල්, ඉදිරිගාමී, කල්පවතින පියවර ගණනාවක් නිශ්ශබ්දව ගනිමින් සිටියද ආණ්ඩුවේ දේශපාලන උපදේශකයින් එම පියවර දුටුවේ තම දේශපාලන පැවැත්මට තර්ජනයක් ලෙසයි. ප්‍රතිඵලය වුණේ ඉතාම කෙටි කාලයකින් මංගල ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමයි.

 

මංගල විසින් මේ ආකාරයට මෙරට මාධ්‍ය කර්මාන්තයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් සඳහා ඉතා රැඩිකල්, ඉදිරිගාමී, කල්පවතින පියවර ගණනාවක් නිශ්ශබ්දව ගනිමින් සිටියද ආණ්ඩුවේ දේශපාලන උපදේශකයින් එම පියවර දුටුවේ තම දේශපාලන පැවැත්මට තර්ජනයක් ලෙසයි. ප්‍රතිඵලය වුණේ ඉතාම කෙටි කාලයකින් මංගල ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමයි.

 

අපි දැන් ජීවත් වන්නේ අනාගතයේ ජීවත් වූ මංගල සමරවීර නම් කෘතහස්ත දේශපාලඥයාගේ ජනමාධ්‍ය දැක්ම සහ ඉලක්ක යථාර්ථයක් කර ගැනීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැනෙන මොහොතකයි.

 

Pradeep N(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, 
කොළඹ විශ්වවිද්‍යාලය.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්