පහන්තුඩාවට ලැබෙන අනවශ්‍ය ප්‍රචාරය ගැන මට බයයි.
ඒ තමයි ලංකාවේ තියෙන සුන්දරම ගල් දෙබුක්කාව ට (නැත්නම් දොරුව - canyon) අපේ එවුන් වැදිලා ඒක කාල දායි කියන එක.
අර බෝපත් ඇල්ලට උණා වගේ.
දැන් සියළු දිය ඇලි සහ ගංගා වල තත්වය ඕක.
ප්ලාස්ටික් බෝතල්, අරක්කු බෝතල්, සිලි මළු වැහි වහැලා.
ඩෝප් වැඩි උනාම බෝතල් කුඩු කරලා, දිය ඇල්ලට පැනලා, දියේ ගිලිලා අන්තිම විනාශයේ ප්‍රමෝදය ගන්නේ එහෙම. සිහියක් නැහැ.
මේ කොරෝනා වසංගතය ට පිං සිද්ද වෙන්න ගෝලීය පරිසරය යන්තම් පණ ගහගෙන එනවා විතරයි.
සංචාරක කර්මාන්තය ගැන දන්නා අය කියන දෙයක් තමයි ඒ ව්‍යාපාරය මත රජයන් ගොඩක් පරායත්ත වෙන්න එපා කියන එක.
ඒ කියන්නේ මහා පරිමාණ සංචාරක ව්‍යාපෘති වලින් පරිසරයට සිදුවන විනාශය ඉහලයි. පරිසරයට ඒක නැවත ප්‍රකෘති කරගන්න ගතවෙන කාලයත් විශාලයි.
ඒ නිසා සංචාරක ආකර්ෂණයක් වෙත ඉහල ප්‍රචාරයක් ලැබීම එතරම් හොඳ දෙයක් නෙවෙයි.
ලැබෙන සොච්චමට වඩා වැය වෙන ප්‍රමාණය ගොඩයි. හානිය ඉහළයි.
ඒ නිසා මහා පරිමාණ සංචරණය (mass tourism) ලෝකයේ ප්‍රමෝට් කරනවා ගොඩක් අඩුයි දැන් දැන්.
එක්සත් ජාතින්ගේ සංචාරක ප්‍රඥප්තිය (WTO tourism ordinance) යටතේ කියවෙන දෙයක් තමයි යම් සංචාරක ආකර්ෂණයකට පැමිණෙන සංචාරකයෙක් (tourist or visitor) ඒ අවට තියන සංස්කෘතික පරිසරයට ගරු කරන්න ඕනි කියන එක.
ඒකට එක හේතුවක් තමයි අදාළ භූමියේ මෙතෙක් පැවති අව්‍යාජත්වය (authenticity of the site) රැක ගත යුතුයි කියන නියමය.
ඒ ස්ථානය රැකිලා තියෙන්නේ ඒ අවට මෙතෙක් තිබ්බ සමාජය නිසා.
ඒ වගේම මේ කියන අව්‍යාජ බව ගැන උණත් ගොඩක් විවාද කරන්න පුළුවන් ඕනිනම්. ඩීන් මැක්කැනල් (Dean MacCannell) මේ ගැන ලියල තියනවා.
කොහොමත් පහන් තුඩාව පුළුල් සංචාරක ආකර්ෂණයක් විදියට සබරගමු පළාත් සභාවත් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවත් ප්‍රවර්ධනය කරමින් තමයි ඉන්නේ.
පහන්තුඩාව - Image@Iraj Ratnayake
මේක පොදු ස්ථානයක්. පාසල් ළමුන්, වැඩිහිටියන්, ගමේ අය, සංචාරකයින් යන මේ හැමෝම මෙතෙන්ට එනවා.
ලංකාවේ ලස්සන දොරුවක් විදියට අපේ ළමයින්ට මේක පෙන්නන්න ඕනි. සෙක්ස් ලොකේෂන් එකක් විදියට මේක ප්‍රමෝට් වෙන එක ගැන මගේ ප්‍රසාදයක් නැහැ.
දැනුත් වතුර එන්නේ ගොඩක් අඩුවෙන්. ඒකට හේතුව ළඟ තියන ගලගම ජල ව්‍යාපෘතිය.
මේ කැන්යොන් එකේ අගට ඒ කියන්නේ කෙලවරට ගියාම තමයි ඔය කුඩා දිය ඇල්ල හම්බ වෙන්නේ.
නමුත් ඇත්ත ලස්සන තමයි ඔය සෙක්ස් කරන තැන ඉඳලා ආපසු බලන කොට ගල් දෙබුක්කාව අතරින් අහස සහ අනන්තය පෙනෙන හැටි.
එතන සෙක්ස් ෆීලින් එකකට වඩා මට එන්නේ කොස්මික් ෆීලින් එකක් (cosmic).
අපි මේ ලෝකෙන් තවත් ලෝකෙකට සම්බන්ද කරනවා වගේ ෆීලින් එකක්. පාර අනුභූතික දෙයක්.
ඒලියන් ෆීලින් එකක්. නේචර් එකේ නියම හැඟීම තමයි ඒක.
ඕනිනම් කියන්න පුළුවන් සෙක්ස් උනත් කොස්මික් තමයි කියල. අනන්තය තමයි කියල.
සංචාරක ආකර්ෂණයක් කියන්නේ පරිභෝජනය කරන තැනක් තමයි (touristification).
ඒත් යම් ආකර්ශනයක සීමාවන් ඒ ඒ ආයතන විසින් තීරණය කරලා තියනවා. අපි ඒ ගැන හිතන්න ඕනි. ශිෂ්ටාචාරයක් ඇතුලෙ නේ අපි ඉන්නේ.
විවෘත ස්ථාන (open spaces) සහ පොදු ස්ථාන (public spaces) කියන්නේ දෙකක්. මේ දෙක එකතු වෙන තැන් ඇති. හැබැයි ගොඩක් වෙලාවට දෙකක්.
විවෘත සෙක්ස් කරන්න ඕනි තැන්, නිරුවත ගැන විවෘත තැන් ලෝකේ හදල තියනවා. ඒවා ගොඩක් වෙලාවට සංවෘත ස්ථාන (confined environments).
කැන්යොන් එක බලන්න යන කෙනෙකුට මම කියන්නේ හුදකළා සංචාරකයෙක් වෙන්න කියල. ඒ කියන්නේ සෝලෝ ට්‍රැවලර් (solo traveler) කෙනෙක් වෙන්න කියන එක.
යුරෝපයේ කෙල්ලෝ ගොඩක් දැන් සෝලෝ ට්‍රැවලර්ස් ල. මොකද කොල්ලන්ගේ අවුල් වැඩි නිසා. තැනකට අරන් යන්න බැරි නිසා.
කැන්යොන් එක බලල එන සෙක්ස් ෆීලින් එක දරාගන්න අපහසු ම නම් ඔය ගඟට බහින තැනම තියනවා බණ්ඩාර අයියගේ ජොයින්ට් එක. ඒකෙ උඩ කාමරේ ගන්න. පොර වැඩිය ගාණක් ගන්නෙත් නැහැ. කන්න මොනවා හරි හදලත් දෙයි කොල්ලෙක් ට කියල.
අවුරුදු තිහක් හතලිකක් හෝටල් කරපු මිනිස්සු. සල්ලි වලට පන්නන අය නෙවෙයි.
පල්ලෙහා බෙලිහුල්ඔය හෝටලේ, ගාමිණී අයියගේ පර්ල් ඉන් එක, ප්‍රදීප් ගේ වෝටර් ගාඩන් එක, අනුරුද්ධගේ රිවර් ගාඩන් එක වගේ හෝටල් පෝලිමක් තියනවා.
ඕනි දෙයක් කරගන්න පුළුවන්. උන් යතුරු හිලෙන් බලන්නේ නැහැ...
සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන දෙයක්.
විවෘත වෙන්න ඕනි දෙයක්. ඒකත් අපි පිළිගන්න ඕනි.
ඒත් අර නෙග්‍රී කියනවා වගේ අධිරාජ්‍යයේ බලවත් සෙක්ස් සංඥා විතරක් ම ද තියන්න ඕනි කියල මට වෙලාවකට හිතෙනවා.
(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
කියවන්න
THE LEADER TV
සුදානමින් ඉන්න! මෛත්‍රී අණතුරු අඟවයි!
සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද?