සුනිල් පෙරේරා: යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිහින දුටු සංගීත ලොවේ දැවැන්තයා
  
 
"හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා"... මේ අසහාය ගායක ශ්‍රී ලංකාවේ සංගීත ශේෂ්ත්‍රයේ විශාල පෙරලියක් සිදු කළ සුනිල් පෙරේරාගේ ඉතාමත් ජනප්‍රිය මෙන්ම සෑම සාදයකදීම නැතිනම් සෑම මංගල උත්සවයකදීම ගයන ගීතයක පද පෙළකි.
 
ඔහුගේ ගීත දශක ගණනාවක් තිස්සේ මංගල උත්සව සහ සාදවලදී මිනිසුන් නර්තන තල වෙත ඇදගෙන ගොස් ඇත.
 
පෘතුගීසි යටත් විජිතකරණය පිළිබඳ සිහිවටනයක් වූ ලංකාවේ බයිලා ගී ලොවේ ප්‍රබලයෙකු වූ 68 හැවිරිදි සුනිල් පෙරේරා සඳුදා (සැප් 06) කොළඹ පුද්ගලික රෝහලකදී මිය ගියේය. 
 
කොරෝනා ආසදිතව සති ගණනක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරරේරා පසුගියදා සුවය ලබා නැවත නිවස බලා ගියද පෙනහළුවල ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් නැවතත් රෝහල් ගත කෙරිණ.
 
 
 
 
ඔහු මිය ගියේ කොවිඩ් ආශ්‍රිත සංකූලතා හේතුවෙන් යැයි විශ්වාස කෙරේ.
 
 120407281 sunilpdata
 
අති දක්ෂ සංගීතඥයකු වූ සුනිල්, ඔහුගේ සංගීත කණ්ඩායම වන ජිප්සීස් සමඟ බොහෝ විට ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා දේශපාලනය ගැන සිත් ඇදගන්නා සුළු ස්වරයන්ගෙන් හා පදවලින් ගීත රචනා කළේය.
 
ඔහුගේ හාස්‍යය ගැබ්ගත් එම විවේචනාත්මක ස්වරයෙන් ගයනා කළ ගීතයන්ට පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ පැසසුමට ලක්වුවත් ඔහුගේ ඒ නිර්භය ගතිය නිසා සහ කෙලින් කතා කිරීමේ ගුණය නිසා ඔහු නිතර විවේචනයන්ට ලක්විය.
 
1987 දී ජනප්‍රිය ගීතයක් වූ ඔහුගේ අංකල් ජොන්සන් ගීතය මංගල සංවත්සර උත්සවයක් විනාශ වී යෑමේ හාස්‍ය ජනක කතාවකට සම්බන්ධ වූ අතර, සිංඥඥෝරේ ගීතය අවධානය යොමු කළේ පරාජිත දේශපාලනඥයෙකුගේ කෘතඥතාව පළ නොකළ ඡන්දදායකයින්ට තම විලාපය නැගූ ආකාරය කියා පෑමටයි. 
 
සයිමා කට් වෙලා ගීතය, තමන්ගේ පඩි දවසේ බීමතින් ගෙදරට පැමිණි සැමියා සහ තම භාර්යාව අතර ඇතිවන සංවාදයක් පෙන්නුම් කෙරිණ.
 
ශ්‍රී ලංකාවේ ජාතික සමගිය වෙනුවෙන් ඔහු ඇතුළු ජිප්සීස් කණ්ඩායම ගැයූ ලොවේ සැමා ගීතය 90 දශකයේ කැපී පෙනෙන ගීතයක් බවට පත් විය.
 
අයි ඩෝන්ට් නෝ වයි ගීතය සමාජයේ අඩුලුහුඩුකම් දැඩි ලෙස විවේචනය කළ තවත් ජනප්‍රිය ගීතයක් වන අතර ඔහුගේ එතුමා ගීතය දේශපාලන ක්ෂේත්‍රය නිර්දය ලෙස විවේචනය කළ ගීත අතරින් එකකි.
 
 
"වසර 50 වැඩි කාලයක් පුරා විහිදුනු බොහෝ රසිකයින්ගේ සිත් දිනාගත් ජිප්සීස් අප වෙත ගෙන ආවේ, මිනිසාගේ චරිතය, රිද්මයන්, සංගීතය සහ ඔහු වේදිකාව මත මහා ජවසම්පන්න පෞර්ෂයකින් කටයුතු කරන ආකාරය යන ඒවාය." ගායක රොහාන් ද ලැනෙරෝල් බීබීසීය වෙත පැවසීය.
 
"ඔහුට විවිධ ප්‍රේක්‍ෂකයින්ට අනුවර්තනය වීමේ හැකියාව ද ඇත. උත්සවය ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයකට පෙර ඔහු ප්‍රසංගයේ ආකාරය මුළුමනින්ම වෙනස් කළේ එම උත්සවයට සහභාගිවන ප්‍රේක්‍ෂකයින් දෙස හොඳින් බැලීමෙන් පසුව බව මට මතකයි."
 
Sunil Perera (68 years) veteran singer, musician and leader of popular band The Gypsies has passed away at a private hospital while receiving treatment. Twiiter account  
 
අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා, 1952 සැප්තැම්බර් 14 වන දින මොරටුවේදී ළමුන් දස දෙනෙක්කුගෙන් යුත් පවුලේ දෙවෙනි දරුවා ලෙස උපත ලැබීය.
 
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලෙන් හතරවන වසර දක්වා අධ්‍යාපනය ලද සුනිල් ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනයා සඳහා කොළඹ ශාන්ත පීතර විදුහලට ඇතුලත් විය.
 
විශ්‍රාමික යුධ හමුදා නිලධාරියකු සහ රජයේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වූ ඇන්ටන් පෙරේරා ආරම්භ කළ ජිප්සීස් සංගීත කණ්ඩායමට, 1969 වසරේදී පාසලෙන් ඉවත් වූ සැනින් සිය දායකත්වය ලබාදෙමින් ඔහු සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ විය.
 
සුනිල් පසුව ඔහුගේ සහෝදරයින් වන පියල්, නිහාල්, ලාල්, නිමල් සහ ඥති සහෝදරයින් කිහිප දෙනෙකු සමඟ එකතු වී එම සංගීත කණ්ඩායම භාරගෙන ශ්‍රී ලංකාවේ දිනෙන් දින ජනප්‍රිය වූ ගීත විශාල සංඛ්‍යාවක් නිර්මාණය කළ අතර ඔහුගේ සංගීත රටාව ශ්‍රී ලකාවේ සංගීත ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කළේය.
 
ජිප්සීස් සංගීත කණ්ඩායම ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවල ද ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය කිරීමට ඔහුට හැකියාව ලැබුණි.
 
තමාටම ආවේණික වූ ශෛලයකින් කටහඬ මෙහෙයවමින් ජනහද දිනාගත් සුනිල් පෙරේරා, ජිප්සීස් කණ්ඩායම, කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙක් බවට පත් කිරීමට දැඩි කැපවීමෙන් කටයුතු කළේය.
 
ඔහුට පෙර සහ පසුව බොහෝ ශ්‍රී ලාංකික කලාකරුවන් කැමති වූයේ ඔවුන්ගේ සංගීත ජීවිතයෙන් පිටත කැපී නොපෙනෙන මට්ටමක සිටීමටය. එහෙත් සුනිල් වේදිකාවේදී සහ ඔහුගේ පටිගත කිරීම්වලදී උසස් ජවයකින් පිරි ගතික චරිතයක් විය. වේදිකාවෙන් පිටතදී, ඔහු සමාජය කතා කිරීමට අකමැති මාතෘකා කෙලින් කතා කළ සහ බොහෝ අදහස් නිර්භයව ප්‍රකාශ කළ අතර බොහෝ විට කර්මාන්තයෙන් බැහැර දේ පිළිබඳ අදහස් දැක්වීය.
 
 
ගතානුගතික රටක් වන ශ්‍රී ලංකාවේ, බොහෝ විට තහනම් මාතෘකා වූ ලිංගිකත්වය වැනි දෑ ගැන ඔහු විවෘතව කථා කළේය. 
  
එක් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය: "මිනිස්සු ඇවිත් මගෙන් අහනවා 'ඔබ පොත් කියවනවාද' කියා. මම කියනවා, 'ඔව්, මට පොත් කිහිපයක් තියෙනවා. ඔබ උනන්දු විය හැකියි, නමුත් කාරණය නම් - මම ප්‍රධාන වශයෙන් ලිංගිකත්වය ගැන කියවනවා 'කියා."
 
ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් පාලනයට, විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව හැඬ නැඟීය. 
 
2015 දී, රාජපක්ෂ පවුල කෙටි කලකට බලයෙන් පහ වූ විට, ඔහු කියා සිටියේ මහින්ද නැවත තේරී පත් වුයේ නම් ඔහුව මරා දමනු ඇතැයි තමා බිය වූ බවයි. 
 
රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම "රටේ විනාශය" ලෙස හැඳින්වූ ඔහු ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට එක හා සමානව දැඩි වචනයෙන් යුතුව කතා කළේය.
 
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වැනි පසුගිය සමයේ සිදු වූ විශේෂිත වූ මිනී මැරීම්වලට එරෙහිව ඔහු හඬ නැඟූ අතර පොලිසියට එරෙහි දේශපාලන මැදිහත්වීම් විවේචනය කළේය.
 
 
"සුනිල් පෙරේරා සිය අදහස් ප්‍රකාශ කිරීමේදී අවංකව හා සත්‍යවාදීව සිටිය කෙනෙක්. නමුත් ඔහුගේ අදහස් හා දෘෂ්ටීන් වරින් වර පරස්පර විරෝධී වූ බව පෙනුනත් මම සිතන්නේ මිනිසුන් තමන්ගේ වයස, අත්දැකීම් සහ අසනීප සමඟ තමා සිතන ආකාරය වෙනස් වන බවයි. එය අපිට පිළිගන්න පුළුවන් දෙයක්," යැයි සමාජ විවේචකයෙකු හා ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පැවසීය.
 
"කෙසේ වෙතත්, ලංකාව වැනි රටක යම් පුද්ගලයෙකු යම් ජාතියක්, ආගමක් හෝ පංතියක් කෙරෙහි පක්ෂග්‍රාහී නොවන්නේ නම්, එම පුද්ගලයා කෙරෙහි මා තුළ ඇත්තේ ඉමහත් ගෞරවයක්. සුනිල් පෙරේරා තුළ ඒ ගුණාංගය මම දකින අතර ඒ සඳහා මම ඔහුට ගරු කරමි," සන්නස්ගල පැවසීය.
 
 
 
(BBC සිංහල සේවය  -රංග සිරිලාල් සහ අයේෂා පෙරේරා විසින් BBC නිව්ස් වෙත සපයන ලද ලිපියක් ඇසුරෙනි)
 
 
 
කියවන්න 
 
 
 
 

 
 
THE LEADER TV 
 
ස' පත්කළ මිලින්දට ඉන්දියාවෙන් බාල්දියක් ! 
 
 
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්