සැප්තැම්බරය පටන් ගත්තෙ පහන්තුඩාව ඇල්ල ළඟ යුවළක් කරපු වැඩිහිටි වීඩියෝවක අනුරාගයත් එක්ක.
 
පෝර්න්හබ්වල පළවුනු ඒ වීඩියෝව රටම එක දවසින් අවුළුවාලන්න සමත් වුනා. හැම කෙනෙක්ම ඒක නැරඹුවා. නරඹා ආස්වාදය වාවාගත නොහුනු සමහරු ගල්ගැහුවා. පහන්තුඩාව පූජා ස්ථානයක් බවට පත්වුනා. එතන රමණය මහා පාපකාරී වරදක් වුනා. 
 
අන්තර්ජාතික ප්‍රජාව අතර පහන්තුඩාවේ පිවිතුරුබව කෙලෙසීම ගැන විදග්ධ රචනා ලියවුනා. හාමුදුරුවරු ජනාධිපතිට ලියුම් ලිව්වා.
 
 පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති මැදිහත් වුනා. පැය 48කින් මහා මෙහෙයුමක් කරලා ඒ යුවළ අත්අඩංගුවට ගත්තා.
 
ඒ තමයි පළවෙනි කතාව.
 
WhatsApp Image 2021 09 17 at 10.00.51 AM 
 
දෙවෙනි කතාව සිද්ද වෙන්නෙ ඊට දෙසතියකට පස්සෙ. ඇමතිවරයෙක් තමන්ගේ පෙම්වතිය සමග මධුවිතෙන් මත්ව හෙලිකොප්ටර් සවාරියක් යනවා. 
 
ලංකාවෙ ජනතාව මේ ටුවර් එක ස්පොන්සර් කරනවා. 
 
ඒ ගොල්ලො මහ රෑ අනුරාධපුර හිරගෙදර නරඹන්න යනවා. එතනින් වැලිකඩ හිරගෙදරට එනවා. ඒකෙ එල්ලුම්ගහේ පහස ලැබීමේ රති උන්මාදයකින් පෙළෙනවා. 
 
ඒ යට රමණය කිරීමේ ආශාවද, නැත්නම් ඒ ස්මරණය කිරීමේ ආශාවද කියල පැහැදිලි නෑ. 
 
නමුත් ඒක ඉරොතික ෆැන්‍ටසියක් බව පැහැදිලියි. පිස්තෝලයක් ඇදගෙන රැඳවියන් දනගස්සනවා. ඒ සුරතාන්තය එසේ නිමාවෙනවා.
 
  
ඇමතිවරයා තමන්ගේ අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වෙනවා. බන්ධනාගාර අධිකාරීන් කිසිම සිදුවීමක් සිද්ද වුනේ නෑ කියල සනාථ කරනවා. ඒ කියන්නෙ ඒක තනිකරම අපේ මනසේ මැවුනු සිහිනයක් කියන එක.
 
 
දැන් මේ සිදුවීම් දෙකෙන් අසභ්‍ය සිදුවීම වෙන්නෙ මොකක්ද? වඩා වරදකාරී වන්නේ එල්ලුම් ගහ යට රමණයද නැත්නම් ඇල්ල ළඟ රමණයද? 
 
තමන්ගේ බලය පාවිච්චි කරමින්, කිසිවක් කරකියාගත නොහැකි රැඳවියන් පෙලමින්, අපේ සල්ලිවලින් ලත් මේ පරපීඩක කාමයද නැත්නම් ඇල්ල ළඟ වීඩියෝවක් කරලා චැනල් එකක දාලා මුදල් ඉපැයූ ඒ ප්‍රදර්ශනකාමයද අසභ්‍ය? 
 
ඇල්ල ළඟ වීඩියෝව සුවහසක් නැරඹුම්කාමීන්ට ආස්වාදයක් වුනා. එල්ලුම්ගහ ළඟ රමණය ආස්වාදයක් වුනේ කාටද? 
 
ප්‍රසිද්ධ ස්ථානය වෙන්නෙ හිරගෙදර එල්ලුම් ගහද, නැත්තං කවුරුත් නැති වෙලාවක පහන්තුඩාව ඇල්ලද?
 
 
හාමුදුරුවරු ලියුම් ලිව්වෙ නෑ. පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති කිසිම කැළඹීමක් නෑ. ගිනිඅවි ආඥා පණත ක්‍රියාත්මක නෑ. සරලව ඇමතිකම බාරදීලා ගෙදර යනවා. පෙම්වතිය ඒ තමන්ට කරන අපහාසයක් කියල ෆේස්බුක් එකේ ලියනවා. ගල්ගහන සදාචාරවාදියො මෙතන නෑ. ඒ වෙනුවට ඇමතිව වීරත්වය‍ට නංවන මහා පිරිසක් ඉන්නවා. එල්ලුංගහ යට පරපීඩක කාමය බාරගන්න අපේ සමාජය සරල අඹුසැමි එක්වීම බාරගන්නෙ අසභ්‍ය විදිහට.
 
 
බලය පාවිච්චි කිරීම අසභ්‍ය නෑ. රජයේ තනතුරු පාවිච්චි කිරීම අසභ්‍ය නෑ. මිනිස් අයිතිවාසිකම් උදුරාගැනීම අසභ්‍ය නෑ. වරප්‍රසාද අවභාවිතා කිරීම අසභ්‍ය නෑ. අධිකාරීන් වගකීම පැහැර හැරීම අසභ්‍ය නෑ. ඇල්ලක් ළඟ දෙන්නෙක් සෙක්ස් කිරීම අසභ්‍යයි.
 
පළවෙනි කතාවට අතිරික්තව නැරඹුම් ශාංගාරය එකතු වෙන අතරෙ දෙවෙනි කතාවට නීතිය කැඩීමේ ශෘංගාරය එකතුවෙනවා.
 
මේ මධ්‍යම රාත්‍රියේ මධුවිතෙන් මත්වී එල්ලුම්ගහ නරඹන්නට ඇතිවෙන පරපීඩකකාමය වඩාත් සමීප වෙන්නෙ BDSM කියන රති කලාපයට.
 
 
B – Bondage – බන්ධනය
D – Discipline or Dominance – විනය හෝ පාලනය
S – Sadism or Submission – පරපීඩකකාමය හෝ යටත්වීම
M – Masochism – ස්වපීඩකකාමය
 
GettyImages 85631897 5715670b3df78c3fa227a403 
 
ඒකෙ තියෙනවා එල්ලුම්ගහ බෙහෙවින්ම සමපාත වෙන බ්‍රෙත්ප්ලේ  (Breath Play) නැත්තං හුස්ම ක්‍රීඩාව කියල ලිංගික විලාසයක්. මේක වඩාත්ම ජනප්‍රිය වුනේ අපේ සුප්‍රකට කුංෆු නළුවා ඩේවිඩ් කැරඩේන් මේ බ්‍රෙත්ප්ලේ ඇක්ට් එකකින් මරණයට පත්වීමත් එක්ක. 
 
හැබැයි කැරඩේන් පරපීඩකකාමයක් වෙනුවට ස්වපීඩකකාමයක් අත්විඳිමින් අනුන්ට හානියක් නැතිව ලබපු ආස්වාදයක් ඒක.
 
කොහොම වුනත් මේ බ්‍රෙත්ප්ලේ නැත්තං ඉරොටික් ඇක්ෆික්සියේෂන් (Erotic asphyxiation ) කියන රති ක්‍රීඩාව ඉතාමත් ඉතාමත් අන්තරායකාරී වෙන අතරම ඒ තරමටම ආස්වාදනීය වෙනවා කියලයි කියන්නෙ. 
 
ලිංගික ක්‍රියාව අතරදී මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුකිරීම තමයි මෙතනදි සිද්ද වෙන්නෙ. ඒ කියන්නෙ යම් විදිහකින් සෙක්ස් කරන අතර හුස්ම හිරකිරීම. 
 
මෙතන තියෙන අවදානම වෙන්නෙ එක්තරා ප්‍රමාණයකට පස්සෙ ඔක්සිජන් අහිමිව මොළයට හානි සිදුවෙන අතර ඒ කොයි ප්‍රමාණයකින්ද කියන එක අතිශයින් අවිනිශ්චිත වෙන එකයි. 
 
නමුත් මේ ස්වයංපීඩක ක්‍රියාව නිසා ලිංගික ක්‍රියාව වඩාත් ඉන්ටෙන්ස් වන අතරෙම ඒ නිසා ලබන සුරතාන්ත අත්දැකීමක් අසමසම වෙනවා. ලිංගික උපදෙස් ලබාදෙන කිසි කෙනෙක් බ්‍රෙත්ප්ලේ එක දිරිමත් කරන්නෙ නැත්තෙ ඒ නිසා ලබන ආස්වාදය පරදන තරමෙ හානි සිදුවන අවස්ථා බොහොමයක් තියෙන හින්දයි.
 
මේ රති ක්‍රීඩාවෙදි මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙන අතරම අනිත් පැත්තෙන් රුධිරයේ කාබොන්ඩයොක්සයිඩ් ප්‍රමාණයත් වැඩි වෙනවා. 
 
ඒ නිසා බ්‍රෙත්ප්ලේ කරන දෙන්නෙක් නම් එකිනෙකාගේ ශරීර ගැන ඉතාම සියුම් මට්ටමේ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම හුස්ම හිරකරන යාන්ත්‍රණය මගින් ශරීරයට දිගුකාලීන ආබාධ ඇති නොකිරීමේ දැනුමත් තියෙන්න ඕන. ඒ කියන්නෙ මේක නිසි අධ්‍යනයකින් සහ පුහුණුවකින් පස්සෙ කරන්න ඕන.
 
අනෙක් බොහොමයක් BDSM ක්‍රීඩාවලදි යොදා ගැනෙන සේෆ් වර්ඩ් එක ඒ කියන්නෙ නතර කිරීමේ වචනය මෙතනදි ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ නිසා ඇහැක පිල්ලම් ගැසීමක් හෝ අතක චලනයක් හෝ වැනි ඉරියව්වකුත් යොදාගන්න වෙනවා. එහෙම වුනත් ඒ දෙකටමත් වඩා සහකරුවා හෝ සහකාරිය විශේෂ අවධානයකින් සහ වටහා ගැනීමකින් පසුවෙන්නත් ඕන. 
 
බීලා බ්‍රෙත්ප්ලේ කරන්න ගියොත් නං අබසරණයි.
 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
 

 
 
THE LEADER TV 
 
ලොක්කෝ මෙච්චර ලොහාන්ට බය ඇයි? 
 
 
බොක්කත් හූරං කන කොරොනා මාෆියාවක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්