1200 x 80 DMirror
 
 

 
කබ්රාල් මහ බැංකු අධිපති කිරීමෙන් ම පෙනේන දූෂණයේ දැක්ම 
 
  
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  විසින් මහ බැංකුවේ අධිපති ලෙස නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමෙන් රජයේ ප්‍රධාන තනතුරු දැරීම සඳහා අවශ්‍ය වන සුදුසුකම් කවරේද යන වග ඔප්පු කර  තිබේ. 
 
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය දැන් සෞභාග්‍යයේ දූෂණය හා නොසැලකිලිමත්කම ලෙස පරිණාම වී ඇති බවක් අපට පෙනේ. 
 
සෞභාග්‍යයේ දූෂණය ආරම්භ වන්නේ කබ්රාල් මහතා මහ බැකු අධිපතිකමට පත් කිරීමෙන් ම නොවේ. එය ආරම්භ වූයේ අධිකරණය මඟින් වරදකරුවකු වූ මිනීමරුවෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් වන අතර එය දැන් අධිකරණ අභියාචනයක් මත සිදු වූ බව කියයි.
 
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ රජයේ අත්අඩංගුවේ සිටින සිරකරුවන්ට තර්ජනය කිරීම මෙම තත්ත්වය  දිගටම සිදුවන බවට ලකුණකි. 
 
රත්වත්තේ මහතා  උසස් තනතුරක රැඳීම, නියමිත ක්‍රියාවලිය නොසලකා හැරීමක් වන අතර එය කලින් එල්ල වූ චෝදනාවලට පිළිතුරු නොදීමකි. 
 
  
කබ්රාල් මහතාගේ නම බොහෝ අපකීර්තියට පත් වී ඇති අවධියක වත්මන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීම ද නියමිත ක්‍රියාවලිය නොසලකා හරින ලද්දකි.
 
බොහෝ විට එවැනි විවේචන නිසි පරීක්‍ෂණයකින් හා අධිකරණ ක්‍රියාවලියකින් තොරව බැහැර කරන්නේ දේශපාලන මඩ ගැසීම් යනුවෙන් හුවා දක්වමිනි. 
 
අධිකරණ පද්ධතිය ගරු කරන රටක, චූදිතයකු සාවද්‍ය ලෙස සම්බන්ධ කර තිබේ නම්, ස්වාධීන පරීක්ෂණයක් සහ අපක්ෂපාතී අධිකරණ නඩු විභාගයකින් විත්තිකරුගේ හොඳ නම තහවුරු කෙරෙයි. එම චෝදනා නිවැරදි බව ඔප්පු වුවහොත් චූදිතයන්ට දඬුවම් කළ යුතුය.
 
මහ බැංකුවේ මූලික වගකීම  මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහ ආර්ථික හා මිල ස්ථායිතාව පවත්වා ගැනීමය. මහ බැංකුවේ  ආරම්භක නිර්මාණ ශිල්පීන් විශ්වාස කළේ මූල්‍ය පද්ධතියේ පදනමේ විශ්වාසය බවයි. 
 
මෙය පවත්වා ගැනීම සඳහා මහ බැංකුවේ ඉහළම තනතුරට පත් කරනු ලබන  පුද්ගලයා අවිවාදිතව සාධාරණ සැකයෙන් තොර විශ්වාසවන්ත පුද්ගලයෙකු විය යුතුය. කබ්රාල් මහතා එවැනි විශ්වාසවන්ත චරිතයක්ද?
 
Iran s 
 
මෙම චෝදනාවල බරපතල ස්වභාවය සැලකිල්ලට ගෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති විමර්ශණ කොමිසමක් පත් කළේය. 
 
එවකට අධිපති වූ  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ සභාපතිත්වය යටතේ  පැවැති මහ බැංකුවේ මුදල් මණ්ඩලය, වෝහාරික විගණන කටයුතු සඳහා බීඩීඕ සහ කේපීඑම්ජී යන ආයතන දෙක පත් කළේය. 2019 නොවැම්බර් 7, 8 සහ 9 දිනවල සම්පුර්ණ කරන ලද විගණන වාර්තා ලබා ගත හැකි වූ අතර පහත සඳහන් දෑ ඇතුළත් විය:
 
 
1. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මඟින් 2002 ජනවාරි 01 දා සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම.
 
 
2. 2002 ජනවාරි 1 සිට 2016 පෙබරවාරි 28 දක්වා කාලය තුළ නිකුත් කළ/ගනුදෙනු කළ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු.
 
 
3. ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ කොටස් වල 1998 ජනවාරි 1 සිට 2017 දෙසැම්බර් 31 දක්වා වූ EPFහි ගනුදෙනු.
 
 
4. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මඟින් 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ මහා භාණ්ඩාගාරයට ලැබුණු අරමුදල් පර්යේෂණ. 
 
 
5. 2009 ජනවාරි 1 සිට 2017 දෙසැම්බර් 31 දක්වා  රාජ්‍ය ණය අධිකාරි/බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් තෝරාගත් ප්‍රාථමික අලෙවිකරුවන්ට අදාළව  අධීක්ෂණ හා නියාමන කාර්යභාරය පැවැත්වීම.
 
  
"මිලදී ගැනීම සහ ඉවත දැමීම" (Pumping and Dumping) යන  ක්‍රම මඟින් ඊ.පී.එෆ් අරමුදලට පාඩුවක් සිදු කළ බව කියන සමාගම් 19 ක් වෝහාරික විගණන වාර්තාවලින් නම් කර ඇත. මෙම ආයෝඡනයන් වැඩි වශයෙන් සිදු වී ඇත්තේ 2010-12 කාලය තුළ ය. මෙම ගනුදෙනු තුළින් සිදු වූ අලාභය රුපියල් බිලියන ගණනකි. 
 
 
සේවක අර්ථසාධක අරමුදලේ මිලියන 18 කට වැඩි දායකයින් සංඛ්‍යාවක් සිටින අතර එය මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ප්‍රධාන විශ්‍රාම ඉතිරි කිරීමය.
 
මෙම පාඩු සඳහා කිසිදු තනි පුද්ගලයෙක් වගකිව යුතු නැති නමුත්, වෝහාරික විගණන වාර්තාවල කබ්රාල් මහතාගේ නම දුසිම් දෙකට වඩා වැඩි ස්ථානයන්හි දක්නට ලැබේ. 
 
කබ්රාල් මහතා වෝහාරික විගණනකවරුන් ඉදිරියේ පෙනී සිට නැත, ඔහුගේ පරිගණක වලට ප්‍රවේශය ලබා දුන්නේ ද නැත. ඔහු සඟවන්නේ කුමක්ද?
 
ඔහුගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් වූ ළබැඳියාව සම්බන්ධ ගැටුම්  බොහෝමයක් ඔහු විසින් ප්‍රකාශයට පත් නොකළ කාරණාය. ඒවා වෝහාරික විගණන වාර්තාවල  අවධාරණය කර ඇත.
 
Imaad Shah Ajith nivad 1
 
 
 
2014 දී මහබැංකුව විසින් ඇමෙරිකානු ජාතියකු වූ සුබේරි එක්සත් ජනපදයේ ශ්‍රි ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කොන්ත්රාත්තුවකට එළඹුණි. 2014 දී මාස හයක් තුළදී ඩොලර් මිලියන 8.5 ක මුදලක් සුබේරිට ගෙවීමට ශ්‍රි ලංකාව එකඟ විය.  
 
කොන්ත්‍රාත්තුව අනුව ශ්‍රි ලංකාව ඩොලර් මිලියන 6.5 ක් එවා ඇති බව ඇමරිකානු ෆෙඩරල් නඩු පවරන්නන් විසින් සොයා ගන්නා ලදී. 
 
මෙම අපරාධය හේතුවෙන් සුබේරිට වසර 12 ක සිර දඬුවමක් නියම කෙරුණේ 2021 පෙබරවාරි මාසයේදීය. එවකට මුදල් මණ්ඩලය සහ අධිපති කබ්රාල්ට මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු බොහෝ ප්‍රශ්න තිබේ.
 
එම නිසා, මෙම කොන්ත්‍රාත් ගිවිසුම්වල අංග කිහිපයක්ම මුදල් විශුද්ධිකරණය කිරීමේ සම්භාව්‍යතාවක් ගැන  සැක කිරීමට හේතු වී තිබේ. 
 
මෙම ගනුදෙනුව සම්පූර්ණයෙන් විමර්ශනය කළ යුතුය. එක්සත් ජනපද අධිකරණය විසින් ශ්‍රි ලංකාවේ බදු මුදල් වලින් වංචනික ලෙස  ප්‍රතිලාභ  ලබා ගත් පුද්ගලයෙකු වරදකරු කර ඇති නමුත් ශ්‍රි ලංකාවේ ඒ පිළිබඳව  කිසිදු පරීක්ෂණයක් සිදු නොවේ. ආවරණය කරන්නේ ඇයි ?. අපි ආරක්ෂා කරන්නේ කාවද?
 
 
2019 ජනාධිපතිවරණයට සතියකට පෙර වෝහාරික වාර්තා නිකුත් කළ හෙයින්, නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට බලයෙන් ඉවත් වන රජයට අවස්ථාවක් නොලැබුණි. 
 
  
කබ්රාල් වැරදි කිරීමකට වරදකරු ලෙස ඔප්පු කර නොමැතැයි යන පදනමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ පත්වීම සිදු කර ඇත්නම්, මෙම තර්කය කලින් අධිපති වරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන් වෙත ද ඉදිරිපත් කළ හැකිය. මහ බැංකු අධිපති ලෙස මහේන්ද්‍රන්ව
ජනාධිපති විසින් පත් කරයිද ?.
 
 
වැදගත් පත්වීම් ලබා දීමේ පරමාධිකාරය ජනාධිපතිවරයා සතු වුවද, පුද්ගලයාගේ යෝග්‍යතාවය තීරණය කිරීම ජනාධිපති කාර්යාලයට පමණක් සීමා නොවිය යුතුය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපේක්‍ෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ අතර, උසස් තනතුරුවලට පත්වීම සඳහා "සුදුසු සහ උචිත" පුද්ගලයෙක් වීම සඳහා ජනාධිපතිවරයාගේ නම් කළ තැනැත්තා ගේ නම අනුමත කළ යුතුව තිබුණි. 
 
කබ්රාල් මහතා පත් කිරීමේ සිද්ධියේදී යම් කාල පරිච්ඡේදයක් තුළ බහු ජන කනස්සල්ල මතු වී තිබිණි.  මේ කිසිදූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට කබ්රාල් මහතාට හෝ ජනාධිපතිවරයාට විනීතභාවයක් තිබෙන බවක් නොපෙනේ.
 
වැඩ භාරගත් දිනයේ දීම මුදල් මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය සිය රාජකාරිවලින් නිදහස් කර ඇති බව වාර්තා වේ. අනාගත විමර්ශනයකදී මතු කළ හැකි සාක්ෂි නව අධිපතිවරයා යටපත් කිරීමට උත්සාහ දරන්නේ ද? මුදල් මණ්ඩලය යටතේ ඇති සාක්ෂි සහ සාක්ෂිකරුවන් ආරක්ෂිත බව සහතික කරන්නේ කවුරුන්ද?
 
  
අද,  වඩාත් නිශ්චිතවම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින්, නියමිත අධිකරණමය  ක්‍රියාවලියට ගරු කරමින්, සමාජයේ වැරදි නිවැරදි කරනු ඇතැයි ලාංකේය මහජනතාව අපේක්ෂා කරති.
 
 
එක් දේශපාලනඥයෙක් වරක් පැවසූ පරිදි "පද්ධතිය අප වෙනුවෙන් වැඩ කරන බව ඔබට තේරෙන්නේ නැද්ද - එසේ නම් අපි එය වෙනස් කළ යුත්තේ ඇයි?" 
 
අපි එම ක්‍රමය නිවැරදි කිරීමට නම් නීතියේ ආධිපත්‍යය තහවුරු කර වඩාත් යුක්ති සහගත   හා සාධාරණ සමාජයක් නිර්මාණය කරන්න, එවිට සිවිල් සමාජය සහ මාධ්‍ය ඇතුළු රජයේ සියලු ආංශික කුළුණු විසින්  වගකීම භාර ගත යුතුය. සෞභාග්‍යයේ දූෂණය හා නොසැලකිලිමත්කමට කිසි සේත් අපට එකඟතාවයක් පළ කළ නොහැකිය .
 
 
ඉරාන් වික්‍රමරත්න (පා.ම)
හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය
පර්යේෂණ හා මාධ්‍ය ඒකකය
 2021.09.22
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

 
THE LEADER TV 
 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
 
ඇමෙරිකන් පාලනයට???
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්