# දෙවෙනි, තෙවෙනි සාම්පලුත් අසමත් !! 
 
 
# කාබනික පොහොර රැගෙන ආ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම් සමූහයේ නැවක් හරවා ඇරියා ද?
 
 
 
# චීන තානාපතිගෙන් කෘෂිකර්ම ඇමතිට තද ලිපියක්!! 
එකගතාවය අනුව ක්‍රියා කරන්නයි දන්වයි.
 
 
 
# 2020 අතරමැදි කන්නයේ අස්වැන්න සීග්‍රයෙන් පහලට - 
සමහර ගොවිබිම් තණබිම් වෙලා.
 
 
 
# ආණ්ඩුවට මේ කිසිවක් ගාණක් හෝ නැති බව විද්වතුන් මෙන්ම ගොවීන්ද චෝදනා කරති. 
 
  
අගෝස්තු මස 06 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ 10% ක් නයිට්‍රජන් අඩංගු මුහුදු කාබනික කැටිති පොහොර ආනයනය සඳහා රජයේ පොහොර සමාගම් දෙක මඟින් ණයවර ලිපි විවෘත කර තිබේ. 
 
අදාල තොගයෙන් ලබාගත්  ප්‍රථම සාම්පල් ජාත්‍යන්තර රසායනාගාරයක් තුලදී සහ ප්‍රමිති කාර්යාංශයෙන් ප්‍රතික්ෂේප වූ නිසා අමාත්‍යංශයේ සෘජු මැදිහත් වීම මත දෙවන සහ තෙවන සාම්පල් ගෙන්වා ගෙන ඇත.
 
එහෙත් මෙම සාම්පල් තුලද ගොවිතැනට සහ දේශීය පසට අහිතකර අර්වීනියා SPP  සහ බැසිලස් Spp නමැති බැක්ටීරියාවන්  ඇති බව වාර්තා වී තිබේ.
 
ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  නිරෝධායන සේවය මඟින් කරන ලද රසායනාගාර පරීක්ෂණයේදී ඔවුන්ගේ නිගමණය වී ඇත්තේද  මෙම කාබනික අපද්‍රව්‍යවල තවත් අහිතකර බැක්ටීරියා පීවීන් සහ අර්වීනීයා සහ බැසිලස් බැක්ටීරියා වර්ග ද අඩංගු බවයි. ( Thus samples are suspected to be contaminated with several bacterial species including Erwinia spp and Bacillus spp can not be considered as sterile) 
 
ජාතික ශාක නිරෝධායන සේවාව මඟින් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන ලද නිගමණය පහත දක්වා ඇත.
 
 47457
 
මෙවැනි වාතාවරණයක් යටතේ අදාළ පොහොර සමාගම් දෙකත් අමාත්‍යාංශයත් මේ වනවිට දැඩි අර්බුදයට මුහුන දී ඇති බව එහි නිලධාරීන්  පෙන්වා දෙයි.
 
ටොන් 96,000 ක කාබනික පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 42.81 ක මුදලක් සඳහා දුටුවන ණයවර ලිපියක් විවෘත කිරීමෙන් පසු  අදාළ පොහොර තොගය ශ්‍රී ලංකාවට නැව්ගතකර වාණිජ ලියකියවිලි බැංකුවට එවා ඇත්නම් අවම වශයෙන් 75% ක මුදලක් අදාළ ණයවර ලිපියේ කොන්දේසිවලට යටත්ව අපනයනය කරන ලද කින්ඩාඕ සීවින් සමාගමට ගෙවිය යුතුය.
  
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත් මෙම නිර්භීත තීන්දුව නිසා මුලු කාබනික පොහොර තොගයම රට තුළට නොගෙන ප්‍රති අපනයනය කරනවා නම් අපනයන සමාගම සමඟ මේ ගැටළුව විසඳාගන්නේ කෙසේද යන්න ජනතාවට හෙලි කල යුතුය.
 
මෙම කාබනික පොහොර තොගය කෘෂිකර්ම දේපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම (Reject) සම්බන්ධව ශ්‍රී ලංකාවේ චීන තානාපති විසින් සිය විරෝධය පළකරමින්  ලිපියක් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි වාර්තාවේ. 
 
කෙසේ වුවද ණයවර ලිපි විවෘත කර අදාල පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම හෙජින් ගණුදෙනුව මෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 42 ක් අහිමි වී අවසන් විය හැකි ගනුදෙනුවක් විය හැකිය.
  
2020 මහ කන්නය තව දින කිහිපයකින් ආරම්භ වන අතර ගොවීන් උද්ඝෝෂණය කරන්නේ වගාව ආරම්භ කිරීමට අවශ්‍ය කරන කිසිදු කෘෂි පලිබෝධ නාශකයන්, රසායනික පොහොර හෝ කාබනික පොහොර තමන් වෙත ලැබී නොමැති බවයි.
 
 තවද මෙම යල කන්නය මුලුල්ලේම වැසි ලැබෙන බැවින් අර්තාපල්, තක්කාලි, ලූනු ආදිය සදහා අනිවාර්යයෙන්ම පලිබෝධ නාසක ඉසිය යුතු අතර මේ සදහා කිසිදු කාබනික ආදේශයක් වෙලදපලෙහි නොමැති බව ගොවීන් පෙන්වා දෙයි.
 
එළවලු මෙන්ම වී වගාවටත්, බඩ ඉරිඟු ඇතුලු අනිකුත් කෘෂි බෝග සඳහාත් මේ තත්වය බලපානවා ඇත. 
 
මේ සම්බන්ධයෙන් කෘෂිකර්මයට සම්බන්ධ ක්‍රියාකාරීන් පවසන්නේ මේ තත්වය ගොවීන්ට ඉතාමත් පීඩාකාරී එකක් මෙන්ම මිලියන ගණනක ගොවි ජනතාවගේ ජීවිකාව මෙන්ම ජීවත්වීමේ අයිතිය පවා අහිමි කරන ක්‍රියාවක් බවට පත්විය හැකි බවයි.
 
ජනාධිපතිවරයා රටේ නොසිටි අවස්ථාවේදී අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයා විසින් ආනයනය කිරීමේදී 100% ක් මුදල් තැන්පතු ලබා ගත යුතු භාණ්ඩ වර්ග 619 ක් සඳහා පැවති නියෝගය ඉවත් කිරීමට උපදෙස් දුන්නේය.
 
 
 
අගමැතිගේ නිහැඬියාව ප්‍රශ්නයක් !
 
එහෙත් ගොවි ජනතාවගෙන් බලයට පැමිණ වසර 12 ක් පමණ බලයේ සිටින වර්තමාන අගමැතිවරයා,  රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම ගැන වචනයක් හෝ කථා නොකිරීම තේරුම් ගත නොහැකි කාරනයක් බව ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රිවරුන් ප්‍රකාශ කරයි.
 
 
එළැඹෙන වර්ෂයේ ප්‍රථම කාර්තුව වන විට දේශීය වෙළඳපළේ සහල් සහ එළවලු තොග සැපයුම 50% කින් පමණ අඩු විය හැකි බව දැනටමත් සමීක්ෂණ මඟින් හෙළි කර ඇත.‍
  
ගොවි පවුල් ලක්ෂ 15 කට පමණ සිය ජීවිකාව අහිමි විය හැකි මෙම තීරනයෙන් කෘෂිකර්මාන්තයේ යෙදෙන බාහිර  කම්කරුවන් ලක්ෂ දෙකකට කට පමණ රැකියාද අහිමි විය හැකිය. 
 
දේශීය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරනවා යයි උදම් ඇනූ අමාත්‍යවරයා සහ රජය මේ වනවිටත් කාබනික පොහොර ව්‍යාපෘතියෙන් ඇනගෙන හමාරය.
 
චීන කාබනික පොහොර අසමත් වන විට ඉන්දියාවෙන් කාබනික පොහොර ආනයනය කරනවා යයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය  ශෂින්ද්‍ර රාජපක්ෂ කියා සිටියද 2022 වර්ෂය ආරම්භ වන්නේ කෙටි කාලීන විසඳුම් නොමැති මෙම අර්බුදයත් සමග රටේ ආහාර සුරක්ෂිතබාවය ව්‍යසනයක් දක්වා ගමන් කිරීමත් සමගය.
 
(විශේෂ ලියුම්කරුවකු විසිනි)

 

 

 


 

THE LEADER TV 
 
 
 
පැනඩෝරා’ හුටපටයට බැසිල්ව ගාවන කුමන්ත්‍රණයක්! 
 
 
 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්