මේ දිනවල අලුත් පුරවැසියෙක්, අලුත් දේශපාලනයක් පිළිබද කතිකාවක් විකල්ප දේශපාලන පක්ෂ වලින් ද සිවිල් සංවිධාන වලින් ද මතු වී ඇතිව තිබේ. 
 
එය ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන අයට සුබවාදී පෙරනිමිත්තකි. විකල්ප දේශපාලන දහරාවෝ විවිධ මට්ටමෙන් සක්‍රීයවී සිටීම ප්‍රසංසනීය වේ.  
 
කොරොනා නව සාමන්‍යකරණය තුළ වෙබිනාර් සාකච්ජා සංවාද පැවැත්වීම මගින් අර්ථවත් වන්නේ සක්‍රීය පුරවැසියන් තවදුරටත් ඉතුරු වී ඇති යන පණිවිඩයයි. මාද ඒ පිළිබද  උනන්දු සහගත සක්‍රීය පුරවැසියෙක් වෙමි. 
 
සැබෑ විකල්ප දේශපාලනය කුමක්ද යන්න පිළිබද අපි අවදියෙන් සිටිම සහ විකල්ප දේශපාලනයේ නව දිශානතීන් සකස් විය යුත්තේ කෙසේද යන්න අප විසින් සිතා බැලිය යුතුයි.
 
  
අවුරුදු 70 ක් පුරා සීරු මාරුවෙන දේශපාලන බලය ලබාගත් ප්‍රධාන දේශපාලන පක්ෂවල ක්‍රියාකලාපය පිළිබදව කලකිරී සහ අප්‍රසන්න වී සිටින මොහොතක සියලු ස්ථර නියෝජනය වන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ක්‍රියාකළ හැකි  දීර්ඝකාලීන වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතු වූයේ අද ඊයේ නොවේ. එය කාලයක් තිස්සේ පැවති අවශ්‍යතාවයකි. 
 
 
මෑතකාලින පුරවැසියාගේ එවැනි උත්සාහයන් 2015 යහපාලන ආණ්ඩුවක් ගොඩනගා ගැනීමෙන් ද වියත් දේශපාලනයක් බලාපොරොත්තු වූ පොහොට්ටුව ඇතුළු සියලු සන්ධාන ද අපිට නිදසුන් ලෙස කියවා ගත හැකිය. 
 
ඒ දෙකෙන්ම පොදු ජනතාවගේ අභිලාෂය ඉටුවුණා ද යන්නත් සිතා බැලිය යුතුයි. එය නිතර සක්‍රීය පුරවැසියෙක් ලෙස ප්‍රශ්න කළ යුතු වන්නේ මේ මොහොතේ කරළියට පැමිණ ඇති විකල්ප දේශපාලනය සහ එහි තිරසාරත්වය පිළිබදව නැවත නැවත රෑ වැටුණු වලේ දවල් ද  නැවත නොවැටෙන්නටයි. 
 
75491782 2413737758674883 5418049674231676928 n 
සිංහල බෞද්ධ ඡන්ද පදනමත් සිංහල ඩයස්පෝරා ඡන්ද පදනමත් එකතුව වියතුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි ආණ්ඩුවක් පිළිබද බොහෝ පිරිස්  සිහින මැව්වේය. ඒ නිසා හැට නව ලක්ෂයක විශාල ජනවරමක් පවතින රජයට ලැබිණි. 
 
 
තනි සිංහල ආණ්ඩුවක් ගොඩනැගීමට බලය ලබා දීම සදහා මේ රටේ පුරවැසියන් සහ කතිරයට සාධාරණය ඉටු වූවාද යන්න නැවත නැවත සිතා බැලිය යුතුයි. ඒ නිසා මගහැරුණු ජනකණ්ඩායම් සහ ඔවුන්ගේ අභිලාෂයන් මෙහි අන්තර්ගත වූවාද යන්න අවධාරණයට ලක්කළ යුත්තේ මෙය බහු සංස්කෘතික රටක් ලෙස අතීතයේ සිට හදුනාගෙන තිබීම නිසායි. 
 
නිදසුනක් වශයෙන් ලක්ෂ දෙදකකට අධික ගුරුවරු සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පොහොට්ටු දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඡන්දය භාවිතා කළේය. නමුත් අද වන විට මහ පාරට වැටී අයිතිවාසිකම් ඉල්ලන්ට සිදු වී ඇත.  
 
ගුරු - විදුහල්පතිවරුන්ගේ වසර ගණනාවක වැටුප් විෂමතා ඉටු කරන දෙන මෙන් නොනවතින අරගලයකට ඔවුන් ඇද දමා තිබීම මෙන්ම  ඔවුන් හාස්‍යයට සහ ගරුත්වයට හානි කරන ලෙස ක්‍රියා කරන ආකරය ද පෙනේ.  
 
5cc65f80 farmer protest 3 
 
එසේම ගොවි ජනතාවට දිනෙන් දින සිදුවන වෙනස්කොට සැලකීම සහ ඔවුන්ට සැමදා අරගල කරන්නට සිදුවීම ඛේදයකි. ඔවුන්ට පානීය ජලය නැත. වගා බිම්වලට අවශ්‍ය පොහොර නැත. දුරදර්ශී නොවන දේශපාලන ප්‍රතිපත්තිත් සංවර්ධන යෝජනා ක්‍රමත් නිසා වකුගඩු රෝගීන්, පිළිකා රෝගීබාවය නිධන්ගත රෝගවලට මුහුණ දේ. 
 
එමෙන්ම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම සහ මිළක් නොමැති වීම, වල් අලින්ගේ සිදුවන බලපෑම ආදී අනේකවිද දුඛිත තත්ත්වයට අද ගොවියාට මුහුණ දීමට සිදුවීමයි. 
 
ඒ නිසා අද වන විට රසායනික පොහොර ගෙන්වීමේ අර්බුදය මෙන්ම දිගු කාලීන සැලැස්මක් නැති කාබනික පොහොර පැලැස්තර සෙල්ලමින් ද ගොවියෝ  පිඩා විදිති. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ ඔවුන්ගේ හඩ සහ ඔවුන්ට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක  වූයේ ම නැත.
 
  
නමුත් ගොවියෝ ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් ක්‍රීයාත්මක වන ආණ්ඩුවක් කෙරෙහි විශ්වාසය තබා මිරිගුවක් බව දැන දැනත් කිතිරය ගසති. ඔවුන් කෙරෙහි දයාව සහ හඩ නියෝජනය කරන ආණ්ඩු අවශ්‍ය වන්නේ ද අන්තර්කරණ දේශපාලනයක් අවශ්‍ය වන්නේ ද එබැවිනි. 
 
ග්‍රාමීය කාන්තාවන්ගේ දිනය :
 
 
ඔක්තෝම්බර් 15 වෙනිදා ග්‍රාමීය කාන්තාවන්ගේ දිනය යෙදී තිබුණි. මෙවර ග්‍රාමීය කාන්තාවන්ගේ දිනයේ තේමාව නම් "සියළුම දෙනා සඳහා හොඳ ආහාර වගා කරන ග්‍රාමීය කාන්තාවන්" යන්නයි. එමඟින් ලෝකයේ ආහාර පද්ධති සඳහා ග්‍රාමීය කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කෙරිණි. 
 
බෝග නිෂ්පාදනය කිරීමේ සිට ආහාර සැකසීම, සකස් කිරීම සහ බෙදා හැරීම දක්වා කාන්තාවන්ගේ ශ්‍රමය - ගෙවන සහ නොගෙවූ - ඔවුන්ගේ පවුල්, ප්‍රජාවන් සහ ලෝකය පෝෂණය කරයි. 
 
එසේ වුවද, ඔවුන් පිරිමින් හා සමාන බලයක් භාවිතා නොකරන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් අඩු ආදායමක් උපයන අතර ඉහළ ආහාර අනාරක්‍ෂිත භාවයක් අත්විඳිති. මෙය ලංකාවට ද අදාළයි.
 
158159078 3744311635647690 23733393747106040 n
 
 ක්ෂුද්‍ර මුල්‍ය අර්බුදයේ කිමිදෙමින් සිටින්නේ ග්‍රාමීය කාන්තාවෝය.
 
 
ග්‍රාමීය කාන්තාවන් දිනෙන් දින ද්‍රැවීකරණයට සහ ආන්තීකරණයට ලක්වීම අපිට දක්නට ලැබේ. ක්ෂුද්‍ර මුල්‍ය අර්බුදයේ කිමිදෙමින් සිටින්නේ ග්‍රාමීය කාන්තාවෝය. පුරුෂාධීපත්‍යයේ කඩාවැටීමට පපුව දී ඇත්තේ කාන්තාවෝය. ණය ගෙන ඇත්තේ පවුලේ අභිවෘද්ධියට මිස ස්ත්‍රීන්ගේ පමණක් සුඛ විහරණයට නොවේ. 
 
පසුගිය දා ලංකාවේ වියළි කලාප නියෝජනය කරන ගොවිජනපද නියෝජනය කරන කාන්තාවන්ගෙන් පෙනෙන්නේ ද එයමයි. ඒ සදහා  සෑම පවුලක්ට  යහපත් ආර්ථිකයක් ඇති ස්ථීරසාර විසදුම් අවශ්‍ය වේ.
 
විශේෂයෙන් කෘෂිකර්මාන්තයට මුළුතැන්ගෙය, ජීවනෝපාය සඳහා ජීවය  ලබා දෙමින් විවිධ ස්වයං රැකියා කරමින්  ශ්‍රී ලාකේය කාන්තාවන් අපේ සමාජයේ සහ රාජ්‍යයේ බොහෝ දේ සදහා දායක වන අතර ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන කාන්තාවන් පිළිබද රජයේ සැලකිල්ල පහළ මට්ටමින් තිබේ. 
 
 
මේ ආණ්ඩුව පැමිණ මුලින්ම සිදුකළේ කාන්තාවගේ සහ ගැහැණු ළමයි පීඩාවිදින මාස්ශුද්ධියටත් බදු ගැසීමයි. අද වන විට ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර වල මිළ වැඩිකිරීම් මගින් නැවත වරක් පහර ගසා ඇත්තේ කාන්තාවන්ටම වේ. එය ඔවුන්ගේ පවුලේ භූමිකාව පිළිබද කතන්දරයයි. 
 
 
කොරෝනා වසංගතය තුළ විදේශ සේවා සදහා මැදපෙරදිග ගිය කාන්තාවෝ ඒ රටවල දුක් විදින්නට, පීඩාවට පත්වීමට සිදුවීම මාධ්‍ය මගින් අපි හොදට දැක්කෙමු. අපේ කාන්තාවන් පිළිබද ශෝකවනවා ඇරෙන්නට කරන්නට දෙයක් නොතිබිණි. 
 
ඇගළුම් කම්හල් සහ මැදපෙරදිග රැකියා වලින් උපයන විදේශ විනිමය තුළින් ජීවත් වන රටක ආණ්ඩු කොතරම් කාන්තාවගේ ආරක්ෂාව මෙන්ම උනනතිය සදහා කටයුතු කරනවා ද  ඔවුන්ට සමානාත්මතාවය රැගෙන ඒමට ක්‍රියා කරනවාද යන්නත්  ගැඹුරින්  සිතා බැලිය යුතුයි.  
 
එසේම ආබාධ සහිත ප්‍රජාවට ප්‍රවේශ මාර්ග ඇතුළු පවුල, අධ්‍යාපනය,  ආර්ථිකය, දේශපාලනය ඇතුළු සියලු සමාජ සංස්ථාවල අයිතිවාසිකම් ඉටුවන ඔවුන්ට මිත්‍රශීලි පරිසරයක් නිර්මාණය විය යුතුයි.  
 
 
“සමනළ කතාවක්''
 
 
මේ අතර ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙකු වන මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රසිද්ධ අදහස් දැක්වීමක් මගින් මතු කළේ විවිධ ලිංගික දිශානතීන් වලට ලක් වූවන්ට “සමනළ කතාවක්” කියමින් පීඩාවට පත් කීරීමය. ඔවුන් ද මෙරටේ බදු ගෙවන පුරවැසියන් බව අමතක කරමින් මානසික මෙන්ම සමාජ කොන්කිරීමට ලක් කිරීමට භාජනය කළේය. 
 
දිවංගත මංගල සමරවීරගේ ලිංගික අනන්‍යතාවය ප්‍රසිද්ධියේ පිළි ගැනීම නිසා දේශපාලන වේදිකාවල පහර ගැසීම හාස්‍යයට ලක්කිරීම දක්නට ලැබුණත් ජනාධිපතී‌ගේ කතාව තුළින්  විවිධ ලිංගික දිශානතී නියෝජනය කරන ප්‍රජාව  පිළිබද පීඩාව බරපතල ලෙස ප්‍රතිනිර්මාණය කිරීමක් දක්නට ලැබුණි.  
 
 
ඒවගේම රාජිත සමලිංගිකත්වය පිළිබද දැක්වූ අදහස් ද කුණු විකල්ප දේශපාලනයක් පිළිබද කතා කරන බොහෝ අයට මතක් කරගත යුතුයි. 
 
ජවිපෙ ද මේ ස්ථාවරයේම සිටි බව අමතක නැත. සමලිංගිකයින්ට එරෙහිව නලින්ද ජයතිස්සගේ ප්‍රසිද්ධ කතාව දේශපාලන මණ්ඩලයේ අදහස විය හැකියි. නමුත් ඒ තත්ත්වය අනුර කුමාරගේ මැතිවරණ ව්‍යාපරය තුළ ජාතික ජනබලවේගයට සම්බන්ධ සිවිල් සංවිධාන මගින් හරිගස්වාගෙන තිබීම දක්නට ලැබිණි. එය ගාලු මුවදෙර තිබි 2020 ජනාධිපතීවරණයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායකගේ කතාවෙන් නිවරදි කර තිබුණි.  ඔවුන් ඒ ආස්ථානයේ වෙනස් කරගෙන නැති බව මම විශ්වාස කරමි. 
 
ප්‍රසිද්ධියේ විවේචනය කළ රාජිත සේනාරත්න අද සමලිංගික අයිතිවාසිකම් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නට යොමු වී ඇත. එදා සිංහල බෞද්ධ රාජ්‍යයේ පාරිශුද්ධභාවය පෙන්වීමට කටයුතු කරත් අද මෙවෙනි සෑම පුරවැසියෙකුගේ ජීවිත්වීමේ අයිතිය ගරුත්වය පිළිගැනීම ගැන ප්‍රධාන දේශපාලන පක්ෂ විවෘත වීම දක්නට ලැබේ. 
 
එසේම වද කොත්තු වද බෙහෙත් කියමින් ජනාවර්ගික ආතති තත්ත්වයන් ඇති කළ  දේශපාලන අවකාශවලට මතවාදීමය වශයෙන් පහර දීමටත් නිට්ටාවට සුවකළ හැකි බෙහෙත්  විකල්ප දේශපාලනය තුළ  තිබිය යුතුයි. 
 
 
43 කණ්ඩායමේ දේශපාලනය තුළ පාඨලි චම්පික ඇතුළු පිරිස  ජනවර්ගික සාමය සහ සංහිදියාව පිළිබදත් දේශපාලන විසදුම් පිළිබදවත් විවෘත වියයුතු බව මගේ හැගීමයි. ඔහු ඇතුළු කණ්ඩායම විශ්වාස කරන පිරිසිදු දේශපාලනය තුළ ඔහු විශ්වාස කරන සැබෑ නිර්මල බුහුදහම අවදි කරගත යුතුයි.  
 
 
වාමවාදී දේශපාලන කණ්ඩායම් ද,  පොදු ජනතාව දිනා ගැනීමට මීට වඩා විවෘත විය යුතු බව මගේ හැගීමයි.   සමාජ සාධාරණත්වය මෙන්ම ආර්ථික සාධාරණත්ව කතිකාව තුළ ද දේශපාලන අන්තර්කරණය පිළිබදව මීට වඩා සිතා බැලිය යුතුයි. 
 
බොහෝ වාමවාදී දේශපාලන මතයන් දරන කණ්ඩායම් එක තැන සිටීමට හේතුව ද අන්තර්කරණ පිළිබද විවෘත නොවීමත් ප්‍රායෝගික නොවීමත් එම ඌනතා මගහැර ගැනීමට උත්සුක විය යුතුයි. 
 
 
දේශපාලනය තුළ පිල් බෙදී අපි අපිට උසුළු විසුළුකර ගැනීම නතර කර විකල්ප දේශපාලනය තුළ අන්තර්කරණ දේශපාලනයක් (Inclusive politics) සනිටුහන් කළ යුතුයි. වාම වාදී විකල්පත් ලිබරල් විකල්පත් මේ සදහා එක්විය යුතුයි.  විවෘත විය යුතුයි. එය නිදහස සහ අයිතිවාසිකම් තහවුරු කර ගැනීමේ ගමන් මග සිනිටුහන් කළ හැක්කේ එවිටයි.  
 
 
විශාල සමාජ ආර්ථික ගැටලු ගණනාවක් දිනෙන් දින නර්මාණය වෙන අතර ඒ සදහා ද විකල්ප ප්‍රතිපත්ති තිබිය යුතුයි.  එම ගැටලු කෙරෙහි ද අවධානය යොමු කර සාර්ව ප්‍රවේශයක් අනුගමනය කරමින් අන්තර්කරණ දේශපාලනයක් පිළිබද සිතා බැලිය යුතුයි.
 
දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම අනුගමනය කරන රටවල මෙන්ම විකල්ප ආණ්ඩු ගොඩනගා සිටීම දේශපාලන අසමතුලිතවන සෑමවිටම දේශපාලන පද්ධතිය සමතුලිත කිරීමට සමත් වේ. 
 
නමුත් මේ මොහොතේ දී විකල්ප ආණ්ඩු ගොඩනගා ගැනීම පිළිබද අතීත අත්දැකීම් අමිහිරි මතකයන් ස්මරණය සහ පාපොච්චාරණයන් සිදුකළ යුතුයි. එ වැරදි උගුල්වලට නැවත වැටෙන්නට ඉඩ නොතිබීමට සිවිල් සංවිධාන ව්‍යාපාර නැවත නැවත සිතා බැලිය යුතුයි.
 
Mahatma Gandhi Feature Newsline DKODING 
 
ඉන්දියාවේ අරවින්ද කේජිවාල් සහ අන්න හසාරි ඇතුළු කණ්ඩායම ගොඩනැගු Aam Aadmi Party (AAP) පොඩි මිනිසාගේ පක්ෂය (සාමාන්‍ය ජනතාවගේ පක්ෂය)  2012 දී මගින් භාරතීය ජනතා පක්ෂයට සහ ඉන්දියානු කොන්ග්‍රසයට විරුද්ධව ගොඩනැගුණු තුන්වෙනි බලවේගයක් ලෙස දැක්විය හැකිය.
 
 ගාන්ධීයානු මූලධර්ම පදනම් කරගත් පවතින දුෂණයට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි දේශපාලනයට පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට මතු වූ ප්‍රබල විකල්පයකි. 
 
2015 මැතිවරණයෙන් පසුව දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය හිමි කරගෙන සිටි අතර, භාරතීය ජනතා පක්ෂය ආසන කිහිපයකට සීමා කරමින් කොංග්‍රසය මුළුමනින්ම එළවා දැමීමමට සමත් වුවත්  2019 දී දිල්ලියේ බලය නැවත භාරතීය ජනතා පක්ෂය අත්පත් කර ගත්තේය. මේ විකල්ප දේශපාලනය පිළිබද දකුණු ආසියාවේ වත්මන් අත්දැකීමයි. 
 
 
පක්ෂවල පවතින දේශපාලන අවශ්‍යතාවයට හැමදාම හැදෙන කැඩෙන විකල්ප සන්ධානයක් නොවිය යුතු අතර පුළුල් ශක්තිමත් විකල්ප සන්ධානයක් ගොඩනැගිය යුතුයි. “මිරිස් වෙනුවට ඉගුරු “ ඉගුරු වෙනුවට මිරිස් ද අත්හැර අතීත පාඩම් උගත් පාඩම් ලෙස ගැඹුරින් සලකා බැලිය යුතුයි. 
 
 
විකල්ප දේශපාලනයේ තිරසාරත්වය පිළිබදවත් සමාජයේ සියලු ස්ථරවල නියෝජනය පිළිබදවත් පවතින සමාජ ආර්ථික දේශපාලන ගැටලු වලට ආමන්ත්‍රණය කළ හැකි විකල්ප අභීලාෂයන් ඉටුකර ගැනීමට අවශ්‍ය පොදු ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හැකි පුළුල් සන්ධානයක් විය යුතුයි.  
 
අනාගතයේ ආණ්ඩුකරණයට බලාපොරොත්තු වන දේශපාලන පක්ෂ දේශපාලන කණ්ඩායම් වලට  විවිධත්වයට ආමන්ත්‍රණය කිරීම වැනි  සංවේදී කරුණු ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම වලට ගරුකරන ඇතුළත් දේශපාලනයක් අවශ්‍ය වේ. 
 
ඒ අනුව සංස්කෘතික හා භාෂාමය විවිධත්වයන් නියෝජනය කරන විවිධ වයස් කාණ්ඩ ජනවාර්ගික කණ්ඩායම්, ස්ත්‍රීන්, විවිධ ලිංගික දිශානතීන්ට අයත් ප්‍රජාවන්, ආබාධ සහිත ප්‍රජාවන් ඇතුළු, දුප්පතුන්, ගොවියන් කම්කරුවන් මෙන්ම ආදී වාසී ජනතාව අද මුහුණ දෙන ගැටලු  ඇතුළුව සියලු ප්‍රජාවන්ගේ නියෝජනය ද ඔවුන්ගේ හඩ ද අන්තර්කරණ දේශපාලනය තුළ ඉස්මතු විය යුතුයි.
 
  
 විකල්ප දේශපාලනය තුළ සමානාත්මතාවය,  සාධාරණත්වය, නිදහස , අයිතිවාසිකම් සහ යුක්තිය වෙනුවෙන් විකල්පය ඒජන්තයින් වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. විකල්ප දේශපාලන කතිකාව තුළ මේ දිනවල සාකච්ජා වන කරුණු හුදු රාජපක්ෂ රෙජිමය බිද වැටීමක් පමණක් නොවිය යුතුයි. එම සාකච්ජා වල  අවාසිසහගත කණ්ඩායම් වල අයිතිවාසිකම් සහ යුක්තිය ඉටුකරවීම පිළිබදවත් සලකා බැලිය යුතුයි. 
 
 
අනිවාර්යෙන්ම අන්තර්කරණ දේශපාලනයේ දී  හඩක් නැති පුද්ගලයින්ගේ හඩක් වීමට විකල්ප දේශපාලනය සමත් විය යුතුයි. පුර්ණ සහ සමස්ත සහභාගීත්වය සදහා අන්තර්කරණ දේශපාලනය යොදා ගත හැක්කේ එලෙසනි. 
 
තිරසාර සංවර්ධනය සඳහා දේශපාලනයට ඇතුළත් කිරීම් කෙරෙහි අවධානය යොමු කිරීමටත් මෙය ප්‍රබල අවස්ථාවක් වේ.   
 
පරිසරය ආරක්ෂා කර ගැනීමේ විකල්ප ප්‍රතිපත්ති  පිළිබද අපි විසින් සිතා බැලිය යුතුයි.
 
ප්‍රජාතන්ත්‍රවාදය යනු සමාජය ආර්ථිකය, දේශපාලනය සහ සොබාදහම සමඟ නැවත සම්බන්ධ කරන සමාජ සංවිධාන ආකාරයකි.  එම නිසා, සියලු මට්ටම් වල බලය සමාන ලෙස බෙදා හැරීම මත පදනම්ව, ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදයක් හුදෙක් යුතෝපියාවක් ලෙස නොව, අර්බුදයෙන් ගැලවීමේ එකම ක්‍රමය ලෙස සැලකිය හැක්කේ එලෙසනි. 
 
කිසිදු හඩක් නොඇසීමට ඉඩ නොතැබිය යුතුය. කිසිවෙකු ඉතිරි නොකළ යුතුයි. කිසිවෙකු කිසිඳු ආකාරයක බැහැර කිරීමේ වාචාල කථාවකට යටත් නොවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය තිරසාර ලෙස පවත්වා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සෑම පුරවැසියෙකුටම දේශපාලන ක්‍රියාවලීන් සඳහා සහභාගී වීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා සහ උත්සුකයන් නියෝජනය කිරීමට ඉඩ දිය යුතු බවයි. 
 
ප්‍රජාතන්ත්‍රවාදය රඳා පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා ක්‍රියාවලීන් සඳහා සියළුම පුරවැසියන්ගේ සහභාගීත්වය සහ නියෝජනය මත ය. මෙම ආයතන හා ක්‍රියාවලියට මැතිවරණ කළමනාකරණ ආයතන සහ මැතිවරණ, ව්‍යවස්ථාමය ආයතන සහ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලීන්, දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තු ඇතුළත් වේ. ඒ නිසා දේශපාලන ඇතුළත් කිරීමකි. 
 
පංතිය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික දිශානතිය, හැකියාව, කණ්ඩායම, සංස්කෘතිය සහ ජනවාර්ගික හෝ ආගමික පසුබිම නොසලකා සෑම පුරවැසියෙකුටම මෙම ආයතන හා ක්‍රියාවලීන්ගේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ වීමට හා දායක වීමට සමාන අයිතියක් හා අවස්ථාවක් තිබිය යුතුයි.  
 
  
විකල්ප දේශපාලනයේ තිරසාරභාවයට රදා පැවතීමට පුළුල් ජනාත සන්ධානයක් ගොඩනැගිය යුතු අතර හඩක් නැති මිනිසුන් අන්තර්කරණය වඩ වාඩාත් උනන්දු විය යුතුයි. ඒ සදහා වම- දකුණු කණ්ඩායම් එකතු විය යුතු අතර අනාගත මැතිවරණ ජයගැනීම සදහා අන්තර්කරණ දේශාපලනයක් අනිවාර්ය අවශ්‍ය වන අතර නැත්නම් විකල්පයටත් පැවැත්මක් නැති බව ද අවසාන වශයෙන් දැක්විය හැකිය. 
 
 
 
WhatsApp Image 2021 10 19 at 12.42.36 PM(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker 
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2021.10.18
 
 
 
 
 

 
 
 
THE LEADER TV 
 
ඔක්කොම හරි විපක්‍ෂයක් කෝ | මෙණෙරවිලගේ ලියමන 
 
 
ස' ගේ ලන්ඩන් සංචාරයේ රහස ! | The Leader TV | Gossip
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්