70 දශකය වෙද්දී රට තුල ක්‍රිකට් ක්‍රීඩාව සීමා වී තිබුනේ ඉංග්‍රිසියෙන් කතා කරන
එක්තරා පෙලැන්තියක ආධිපත්‍යය යටතේ බව කීම අතිශයෝක්තියක් නොවෙයි.
 
ඉඳ හිට සිදුවෙන එංගලන්ත සංචාරයක් හැරෙන්නට ජාත්‍යන්තර කණ්ඩායමක් පැමිණුනේ කලාතුරකිනි. 
 
පාසල් මහා තරඟ දේශීයව සිදුවූ ආශ්චර්යමත් තරග පෙලයි. එයිනුත් රාජකීය-සාන්ත තෝමස්, ත්‍රිත්ව- සාන්ත අන්තෝනි, සාන්ත පීතර-සාන්ත ජෝසප් තරග, ආනන්ද-නාලන්ද තරගයට වඩා ඉදිරියෙන් විය.
 
කෙටියෙන් කිවහොත් ඉදිරිපෙළ පාසල් ක්‍රීඩකයන් එලි බැස්සේ ගෙවල් වල ඉංග්‍රීසියෙන් කතා කරන සමාජ පසුබිම් වලින් පමනි. සිංහල පමණක් භාවිතය සහිත සමාජ මට්ටම් වලින් ආ ආනන්ද නාලන්ද ක්‍රිකට් ක්‍රීඩකයන් හට එතරම් තැනක් නොතිබිණි.
 
ලංකාවට 1972 දී පැමිණි ඔස්ට්‍රේලියානු පාසල් කණ්ඩායමට එරෙහිව ලංකා කණ්ඩායම තේරීමේදී සිංහල කතාකරන පසුබිමක් සහිත පාසලින් පැමිණි ක්‍රීඩකයන් ගණන ඉතාමත් සුළුවිය. රාජකීය නායක අසිත ජයවීරට ලංකා කණ්ඩායමේ නායකත්වය දෙද්දී උප  නායකත්වය දුන්නේ සාන්ත තෝමස් නායකයා හෝ උප නායකයා නොවූ දුලිප් මෙන්ඩිස් ටය. නාලන්ද නායක බන්දුල වර්ණපුර තවත් එක සාමාජිකයකු පමණක් විය.
 
සිංහල පාසලකින් පැමිණුනත් වර්ණපුරට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි විනි. පහල හා පහල මධ්‍යම පන්තික ක්‍රිකට් සමාජය ලෙස හඳුනා ගෙන තිබූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට තමා වැනිම පසුබිම් සහිත ක්‍රීඩකයන්  එක්කරගැනීමට වර්ණපුර සමත් විනි. 
 
ඉංග්‍රීසිය හැසිරවීමට ඇති හැකියාව නිසා පිළිගැනීමට ලක්වීමෙන් තමන්ගේ සහජ හැකියාවන් ඉදිරියටම ගෙන යාමට වර්ණපුර සමත් විනි.
 
 
මයිකල් තිසේරා ගෙන් පසුව සාන්ත තෝමස් ආදි ශිෂ්‍ය අනුර තෙන්නකෝන් නායකයා බවට පත්වෙද්දී නාලන්දාවේ වර්ණපුර නියෝජ්‍ය නායක වීම එක්තරා අන්දමක සමාජ පරිවර්තනයක් අර්ථ ගැන්වීය. 
  
ප්‍රේමසර ඇපාසිංහගේ, පාලිත පෙරේරාගේ සිංහල විස්තර කථනය මෙන්ම වර්ණපුර භූමිකාව ක්‍රිකට් ගමට ගෙනයෑමට ඉවහල් විනි. අනුර රණසිංහ, ජයන්ත සෙනෙවිරත්න, අජිත් ද සිල්වා සහ වර්ණපුර පරිවර්තන ප්‍රතිලාභීන් විය.
 
වර්ණපුර ගේ භූමිකාවට ඉතිහාසයේ කවදාවත් මැකිය නොහැකි තැනක් මැවෙන්නේ මෙම පරිවර්තනය නිසාවෙනි. 
 
ටෙස්ට් සුදුසුකම් නොලැබූ රටක් ප්‍රථම වතාවට පලමු පෙළ රටක් ලෝක කුසලානයේදී පරදවන්නේ වර්ණපුර වැඩබලන නායකත්වයෙනි. අවුරුදු 32 වැනි අඩු වයසකදී අනුර තෙන්නකෝන් විශ්‍රාම යාමෙන් වර්ණපුර ට නිත්‍ය නායකත්වය හිමිවීම දෛවෝපගත සිදුවීමක් වන්නේ 1982 ශ්‍රී ලංකාවේ නිල නායකත්වය පලමු ටෙස්ට් තරගය සඳහා ලැබීම නිසාය. 
 
ආරම්භක පිතිකරු ලෙස පළමු පන්දුවට මුහුණ දීම, පළමු ලකුණ ලබාගැනීම, දෙවැනි අන්තයෙන් ආරම්භක පන්දු යවන්නා වීමද ඉතිහාසය තුල වර්ණපුර භූමිකාවට සාක්ෂි දරනු ඇත.
 
 
ප්‍රභූ පසුබිම් සහිත ශ්‍රී ලංකා කණ්ඩායමේ සමකාලීන සාමාජිකයන් සිලෝන් ටුබැකෝ, ෆ්රෝයිඩන්බර්ග් සහ බෘක් බොන්ඩ් වැනි බහුජාතික සමාගම් වල විධායක ශ්‍රේණි හොබවද්දී වර්ණපුර එදිනෙදා ජීවිකාව සඳහා තෝරාගත්තේ වැල්ලවත්ත රෙදි මෝලේ සුබසාධක කළමනාකාර තනතුරයි.
 
 
Bangula Warnapura.1 
 
පෙරලිකාර දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීම ඔහුගෙන් සිදුවූ වැරැද්දක් වුවත් එම තීරණය ගැනීමට පසුබට නොවිණි. තහනමෙන් පසුව ක්‍රීඩා පරිපාලනයට පැමිණ මෙහෙයුම් කළමනාකරු ලෙස උසස් වැඩ කොටසක් කරමින් පුහුණු කරුවකු ලෙසද ප්‍රචලිත වීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රශංසාවට ලක්විණි.
 
කිසි විටෙක මොනම කලබලයක් හෝ නොපෙන්වූ සන්සුන් මිනිසෙක් වූ ඔහු ක්‍රීඩාව තුල මහත්මා ගතිගුණ පෙන්වූවෙකි. 
 
70 දශකය පරම්පරාවේ ක්‍රිකට් සහ වර්ණපුර ගස සහ පොත්ත වැනි බැදීමක් විය. අඩු පිළිගැනීමක් තිබූ ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව ලෝක කුසලානය දිනීම තෙක් ඉදිරියට පැමිණීම වර්ණපුර නාමයට උපහාරයක් නිසාවෙනි.
 
වඩා පැහැබර තණ තිල්ලකදී හමුවන තුරු සුබ ගමන්.
 
 
(බැට් මෑන් විසිනි)
 

 

 

 


 

THE LEADER TV 
 
 
 

දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන

 

ඉන්දියාව බැසිල්ට මොනවා කරයිද ?! | The Leader TV | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්