මේ ගෙදර යන්නෙකු පිළිබඳ සමහර විට ඔබට නීරස මගේ සාකච්ඡාවේ තවත් දිගුවකි. බොහෝ අය ගෙදර යන මිනිසෙකුගේ විකල්පයට එකඟය. කාටත් ඇති ප්‍රශ්නය ඒ කවුද යන්නය.
සමහරු කරු ජයසුරිය ගැන විමසති. බොහෝ ඇසූ පිරූ තැන් ඇති කරු ජයසුරිය ගෙදර යන්නාගේ භූමිකාවට සුදුසු විය හැකිය. ප්‍රශ්නය ඇත්තේ බලය අත්හැර ක්‍රමය වෙනස් කර ගෙදර යාමට ඔහු හෝ ඔහු වටා සිටින්නන් කැමතිද යන්නය. අපේ සමහර නායකයන්ගේ පෞරුෂය ඇත්තේ එහෙයියන් අතේය. සාධාරණ සමාජය ව්‍යාපාරයේ වර්තමාන සභාපති ලෙස කරු ජයසුරිය, විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වන ඔහු පාලකයන් විවේනය කිරීමෙන් එපිටට යන්නේම නැත. හෙතෙම ක්‍රමය උඩුයටිකුරු කිරීම අමතක කර දමා ඇති හැටියකි.
කරු ජයසුරිය
පසුගිය ජූලි 17 වෙනි දින සාධාරණ සමාජය ව්‍යාපාරය මුල්ව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි එකම පක්‍ෂයේ සජිත් සහ පාඨලී දෙදෙනාත් පසුගියදා උනුන් ඇන කොටා ගත්හ. සේනානායක, ප්‍රේමදාස යුග තවදුරටත් වලංගු නැතැයි පාඨලී කළ ප්‍රකාශයට සමාගාමීව සජිත් 2024 ජනාධිපති අපේක්‍ෂකයා බවට ප්‍රකාශිත, අනියම් පිළිතුරක් ඉම්තියාස් බාකිර් මාකර් ජනගත කළේය.
එවැනි පොර කුකුළන් සහ ඔවුන්ගේ පරිවාර ජනයා අවංකකමට සද්භාවයට කැපවී හෝ සමීපවී නැත. මිනිසෙකු කෙලින් කොට, ඒකා පිටේ යාම සාමාන්‍ය ක්‍රමය නිසාය. ගෝඨාභය කෙළින් කළ වියත් මග හැසිරීම ඊට උදාහරණයකි.
අනුර කුමාරලාත් හොරකම් ගැන මිස, පවත්නා ක්‍රමය වෙනස් කිරීමට කතා කරත්ද? මේ කී නොකී හැම සිඤ්ඤෝරේ කෙනෙක්ම පන්සිය පනස් ජාතක පොතේ ශෛලියෙන් කීවොත් මම්ම වේයයි තමන් වහන්සේලා වෙති. රටේ තත්වය ගැන නොසිතති. සක්‍රිය දේශපාලනයේ නියැළී කිසිදු චරිතයක් අතට පත් බලය අවසන් කොට ගෙදර යාමට කැමති නැත.
චන්ද්‍රිකා තුළ යම් උවමනාවක් පැවතිණ. එහෙත් ඇය කල්පනා කළේ ක්‍රමය අහෝසි කර, තමන්ට ලැබුණ කාලය හමාර වන තෙත් විධායක බලය දැරීමටය. රනිල්ට එය ඉවසිය නොහැකි වීමෙන් සියල්ල වෙනද් විය. මේ අර්ථයෙන් රනිල් චන්ද්‍රිකා දෙදෙනාව අපේ සිඤ්ඤෝරේලා හඳුනාගත හැකි උදාහරණ වේ.
ඩිව් ගුණසේකර සිංහ නාද කළාට, රාජපක්‍ෂලා හමුවේ වැහැරුණ මොකෙක්දෝ එකෙකි. ඔවුන් 18 සංශෝධනයට අත් එසවූයේ නැතිද? මේවා දේශපාලන කිළි හෙවත් වාසියට වැඳ වැටෙන ජාතික හූනියම් වෙති.
මේ අනුව, ගෙදර යන්නෙකු පිළිබඳ සාකච්ඡාවට කිසිදු දේශපාලනඥයෙකු ධනාත්මකව හෝ ඍණාත්මකව සම්බන්ධ වීමට කැමති නැත. හේතු දෙකකි. පළමුවැන්න බලයට සහ විරාජමාන වීමට පවත්නා කෑදරකමය. දෙවැන්න රටේ ප්‍රශ්න ගැන සිවිල් ජනයාගේ කැමැත්තට ක්‍රමය වෙනස්වීම පාලකයාට අවාසි සහගත අවාසි නිසාය.
මා ඉස්මතු කළ පරමාදර්ශී චරිත ලෙස සැලකෙන, කිසිවෙකු ජීවතුන් අතර නොවීම නිරීක්‍ෂණය කළ කෙනෙකු මේ රටේ අවංකභාවය ඒ මිනිසුන් සමගම වල දැමුවාද කියා විමසීය. එසේය. හම්බන්තොට මහ රාජපක්‍ෂලා තුළ තිබුණා යයි ජනතාව කල්පනා කළ යහ ගුණ මැදමුලන වර්තමාන සනුහරේට නැතිකම ඊට උදාහරණයකි.

මා අසා ඇති පරිදි ඔහු රාජ්‍ය සේවකයන්ට හිමි තිරු බදු රහිත වාහන බල පත්‍ර ලබාගෙන නැත. විනිසුරුවන්ට කොළඹින් ලබාදුන් ඉඩම් කැබැල්ල හෝ අයදුම් කළේ නැත. පිටරට නිල සංචාර සඳහා රජයෙන් නිකුත් කළ පරිස්කාර දීමනාවේ අත ඉතිරිය මහාමාන්‍ය ඩි.එස්.සේනානායක මෙන් ආපසු භාණ්ඩාගාරයට භාරදුන් චරිතයකි. 41 වෙනි නීතිපති වීමට සියලු සුදුසුකම් සපුරා සිටියද එය ඔහුට අහිමි විය. එහෙත් යහ පාලන යුගයේ හෙතෙම 45 වෙනි අග විනිසුරුව විශ්‍රාම ලැබීය.
එක් දිනක් හෝ දැක හමුව කතා කර නැති මේ විශිෂ්ඨ මිනිසා මෙසේ උපුටා දක්වා ලංකා දේශපාලන මස් කඩේ කොක්කේ එල්ලීම ගැන සමාව ඉල්ලා සිටිමි.
දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ප්‍රියසාද් ඩෙප් ක්‍රමය අවසන් කර ගෙදර යන්නා වෙයිද? ඒ ගැන මට කිසිවක් කිව නොහැකිය. මා ඔහුව උපුටා දක්වන ලද්දේ ඕනැතරම් විශිෂ්ඨ මිනිසුන් අප අතර ගැවසෙන බවට උදාහරණයක් හැටියටය.
ආණ්ඩුවේ මුදලින් නිම කළ පාරක් දන්දිනා රාජපක්‍ෂ යනුවෙන් නම් කළ බව වාර්තා විය.
ජීවත්ව සිටින මගේ නම පොදු තැන් වලට නොයොදන ලෙස සුප්‍රකට ජේ.ආර්.ජයවර්ධන දුන් විධානය සාපේක්‍ෂවේ. සාමාන්‍ය ජනතාවට විවෘත ජයවර්ධන කේන්ද්‍රය ජේ.ආර්.ගේ පුද්ගලික දේපල පරිත්‍යාගයකි. යම් අවස්ථාවක, මා කළ විමසීමකට පිළිතුතරු දෙමින් රවි ජයවර්ධන කීවේ “මට මේ ගෙදර ඉන්න පුළුවන් අම්මා ජීවත්ව සිටින කල් විතරයි. තාත්තාගේ අන්තිම කැමති පත්‍රය අනුව, ඇයගේ අවසන් කටයුතු වලින් පසුව, ඇඳගෙන ඉන්න වස්ත්‍රය පිටින් මා මේ ගෙයින් පිටවී යා යුතු” බව ය.
තමන්ට අවංකවිම පිළිබඳ ජේ.ආර්. නඩු බොහෝ විය හැකිය. මේ සැසඳිම රාජපක්‍ෂ භාවිතයට සාපේක්‍ෂවය. දේශප්‍රේමි මැදමුලන සහ තම්බි මුදියන්සේගේ පරම්පරා දෙක අතර තමන්ට අවංකවීම දෝලනය වන්නේ එසේය. අතීතයේ ද්‍රෝහින් ලෙස හැඳීන්වූ සමහරු මැදමුලන අයියා මලෝ ඉතිහාසයෙන් නිදහස් කරන්නේ එහෙමය. හෙවත් තක්කඩිකමට මැදමුලන අයියා මලෝ අලුත්අර්ථ සපයමින් සිටින්නාහ.
එසේ හෙයින් තමන්ට අවංක වීම යනු සෙල්ලම් වැඩක් නොවේ. 17ට එකඟව, 18යට අත් එසවූ නැවත 19 අනුමත කොට 20වෙනි සංශෝධනයට අත් එසවූ හැම එකාම වාසියට සතේ කාසියත් දිවෙන් ගන්නා ජාතියේ අසූචි රසට ප්‍රිය අවජාතකයෝ වෙති.
එහෙත් පාසලක පස් නොපෑගූ ගමේ ගොවියාත් තම මහන්සියෙන් ලබා ගත් බැත ගොඩට හිස නවා, වඳීන්නේ කුඹුර මහ පොළොවට අයිති නිසාය. ගොවියාට ආවේනික, ඒ කෙළෙහි ගුණය, හැදිච්චකම හැට නව ලක්‍ෂයක ඡන්දයෙන් බලයට පත් ගෝඨාභයට තිබුණා නම් රටට මෙහෙම වෙන්නේ නැත. ක්‍රමය අවසන් කර ගෙදර යන්නෙකු පිළිබඳව මේ කරන කතාබහ ඇහෙන තැනක හෝ සිටීමට, කිසිදු දේශපාලනඥයෙකු කැමති නොවේ.
රොබින් හුඩ් විරයෙකු වුණාට එංගලන්තය එහෙම නැත. සරදියෙල් වීරයෙකු වූ ලංකාවේ අදටත් විධායක ජනාධිපති වීමට අවංක මිනිසෙකුට නොහැකිය. ජනතාව පත් කරන්නේම පල් හොරුන්ය. අණ්ඩපාලයන්ය. දිනේෂ් ගුණවර්ධනට ඔහුගේ ජාතකය සඳුදා පාර්ලිමේන්තුවේදී රෝහිණි විජේරත්න මන්ත්‍රීවරිය මතක් කළ විට, හෙතෙම කෝපයෙන් දිළිසිණ. හේතුව අර විශිෂ්ඨ මිනිසා තම පියාවූ බව සිහිපත් වෙලාය. මේ කඩප්පුලියා මගේ අප්පා වුණානේ කියා දිනේෂ්ට සිතෙන්නට ඇත.
අම්මා අප්පාගේ සොහොන හැදීමත් කුණු කතාවකින් අවසන් කළ රාජපක්‍ෂලාට කඩේ යන දිනේෂ් රජ කාලේ අන්ත:පුර සේවයට කැප කළ නපුංසක පිරිමි පරාණයක් පමණකි.

අපි සර් ඔලිවර් වෙත යමු. “අපි හිතුවේ අබ්ලික් පොරක් කියලා.... සර් ඔලිවර් ගුණතිලක ගැන අනිද්දා පාඨකයෙකු කීවේ එවැනි කතාවකි. මාක්ස්වාදය කර තියා ගත් දිනේෂ්ලා ඩිව්ලා තිස්ස විතාරණලා අධිරාජ්‍ය ගැති සර් ඔලිවර් අර්නස්ට් ගුණතිලක පවා නිවැරදි කරවමින් සිටිති. සර් ඔලිවර් වැඩ කළේ දේශපාලනඥයන්ට උවමනා ලෙස නොවේ.
ජෝන් කෙනඩි කී ආකාරයට ඔහු පෙනී සිටියේ තමන් වෙත පැවරුණ වගකීම, රටේ ව්‍යවස්ථාවේ පැවැත්ම වෙනුවෙනි. ජනාධිපති විලියම් ගොපල්ලවත් එහෙමය. තනතුර දැරූ කාලයේ සමහර විට, මාතලේදී ඔහු හමුවන, සාමාන්‍ය කෙනෙකු ගරුසරු ඇතිව හැසිරෙන විට කීවේ.... “හා හා මම මාතලේට ගමේ මිනිහා විතරයි” කියාය.
තම පුත්‍ර මොන්ටි ගොපල්ලව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට ගත් තීරණය ඇසු සැනින් ජනාධිපති විලියම් ගොපල්ලව තමන් ජනාධිපති තනතුරෙන් ඉවත්වන බව අගමැති ඩඩ්ලි සේනානායකට දැන්වීය. ඒ තීරණය වෙනස් කළේ ඩඩ්ලිය.
මහාමාන්‍ය ඩී.එස්. සේනානයක අත ඉතිරි මුදල් භාණ්ඩාගාරයට භාර දුන් බව රට දැන ගත්තේ වසර 2018 දීය. මේ විශිෂ්ඨ මිනිස්සු සිය වගකීම් අවංකව ඉටු කර, ගෞරවයෙන් ජීවත්ව, කීර්ති නාමයන් ඉතිරි කර යන්ට ගියහ.
ආගම සහ පාලනය පිළිබඳව මහාමාන්‍ය ඩී.එස්. සේනානයකගේ සහ පොල් කගාමේගේ දැක්ම සමග ගෝඨාභය රාජපක්‍ෂ විශ්වවිද්‍යාල කුලපති තනතුරු බෙදා දුන් හැටියෙන් රටක පැවැත්මට බලපාන හැටි තේරුම් ගත හැකිය. මෙහිදී ඩිව්ලා තිස්ස විතාරණලාත් යහ පාලනය භාරදුන් සිරිසේනත් සිහිපත් කර ගත්තාට දෝසයක් නැත.
මැදමුලන දන්දිනා රාජපක්‍ෂගේ දරුවන් බුද්ධාගම මහා සංඝ රතනය ගැන පමණක් නොව සිල් ගන්නා වයසක උදවිය පැවති කරුණාව ඩී.එස්.සේනානායකට ගෑවිලාවත් නොතිබිණ.
මහින්ද රාජපක්‍ෂ 2014දී සිදු කළ සිල් රෙදි බෙදීමේ පින්කම, කිසිදු දේශපාලනඥයෙකු නොකළ දෙයකි. සද් ගුණවත් මහින්ද, රාජ්‍ය භාණ්ඩාගරය බිඳ පුන්‍ය කර්මයට මුදල් සපයා දුන් රාජ්‍ය සේවයේ අර පඩංගුවන් දෙදෙනා හිරෙන් බේරා ගෙන සිදු කළේ කුසල කර්මයක් පමණක් නොවේ. රාජ්‍ය සේවයට හොරකම් කිරීමට ඇති ලජ්ජා බය දෙකද නැති කළේය.

ඩී.එස්. සේනානයක, බණ්ඩාරනායක, සිරිසේන, මහින්ද සහ ගෝඨාභය රාජපක්‍ෂලා සමග රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ ..... පෙළ ගැස්විය යුතුවේ. රුවන්ඩා ජනාධිපති වරයා රටේ පල්ලි සියල්ල වසා දැමීය. පල්ලි නැවත සක්‍රිය කිරිමට නම් දේව ධර්මය ගැන විශ්වවිද්‍යාල උපාධියක් සහිත පූජකවරුන් අවශ්‍ය බව කීය.
රුවන්ඩා ජනගහනයෙන් විවිධ නිකායික ක්‍රිස්තු භක්තිකයන් ප්‍රමාණය 93.2% කි. මියගිය ඩි.ඇස්.ලා ඩඩ්ලිලා විජේතුංගලා මෙන්ම රුවන්ඩා පාලකයාත් ක්‍රියා කළේ රටේ යහපත පිණිස මිස, තම බලය යොදා ස්වර්ගයට යාමට නොවේ.
පෝල් කගාමේ තම කියවීම අනුව, රුවන්ඩාව එක රටක් ලෙස දකින විට, එහි ජීවත්වන ක්‍රිස්තු ලබ්ධික සංඛ්‍යාව සැලකිල්ලට ගත්තේ නැත. “මට මිලිටරි පාලනයක් කරන්න පුළුවන් ” නො කියා කළ යුත්ත ක්‍රියාවෙන් පෙන්වීය. ලංකවේ සිඤ්ඤෝරේලා බුද්ධාගම කී විට අස්ගිරිය මිස මල්වත්ත සිහිපත් නොවේ. එය අස්ගිරියේ වරද නොවේ. නායකයන්ගේ තකතීරුකමය.
ගමේ මිනිසුන් ජාතකය හොඳ නෑ කියන්නේ මෙහෙම හැසිරීම් දක්කාමය. පිස්සු වැටුණ සිරිසේනගෙන් රටේ ජන මතය රැක ගැනීමට 2018 දී පාර්ලිමේන්තුවේදී තනිව සටන් කළ කරු ජයසූරිය මුලින්ම හමුදා නිලධාරියෙකි. රුවන්ඩාවේ ජනාධිපති පොල් කගාමේත් හමුදා නිලධාරියෙකි.
දෙවන දියසේන යනු තිස් අවුරුදු යුද්ධය දිනූ වීරයා බව කියති. සත්‍ය වෙනුවෙන් හැදිච්ච්කම වෙනුවෙන් පෙනී සිටින දෙවෙනි දියසේනට තමන් අවංක වීමට නම් පාස්කු ප්‍රහාරයේ සොනික් සොනික් හෙළි කළ යුතුවේ.

තිස් අවුරුදු යුද්ධය දිනූ පසුව ඒ 26 පාර විවෘත කරන ලෙස මහනුවර නගර සභාවට ලිඛිතව දන්වා සිටියේ එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ විසිනි. ඒ ලිපියේ පිටපතත් නිලංග දෑලට යොමු කරමින් ශ්‍රී දළදා මාළිගාවට ආරක්‍ෂාව මදි නම් පරිසරයට උචිත ලෙස තාප්පයක් බැඳ ගන්නා ලෙස දන්වා සිටියේය.
ඒ තීරණය හෝ නියෝගය රටේ නීතියට අනුකූල වුවද නිලංග දෑල තාප්ප හැදුවේ නැත. පාර වසා දැමීය. හෙවත් (ඒ ලිපිය පඩේකට ගණන් ගත්තේ නැත.)
ඒ ශ්‍රේණීයේ පාරක් ආඥා පනත අනුව, කිසිසේත් එසේ වසා දැමිය නොහැකිය. එදා තමන් දුන් නියෝගය අදත් දෙවෙනි දියසේනට ක්‍රියාත්මක කළ හැකිය. එසේ කළොත් පොල් කාගමේ පල්ලි වැසුවා තරම් බරපතල නොවනු ඇත.
මහනුවර ජිවත්වන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව සහ මල්වතු මහ නා හිමි දෙවෙනි දියසේනට ආශීර්වාද කරනු ඇත. එහෙත් දෙවෙනි දියසේන එසේ කරන්නේ නැත. හේතුව ඔහු බලය ගත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරිමටය. තම පවුලේ අයට එරෙහි නඩු අවසන් කිරීමටය. නො එසේව රටට ආදරෙන් නොවන බව ඔප්පුවී හමාරය.
රටක පාලකයා කළ යුත්තේ පොදුවේ රටට අවශ්‍ය දේ මිස, පන්සල් පල්ලිවල උවමනා ඉටු කිරීම නොවේ. ලංකාවේ නගර කීයක් හෝ පාරවල් කීයක්දෝ සංවර්ධනය වෙමින් පවතී. ඒ නවය පාර යනු මහනුවරින් ආරම්භව යාපනේ තෙක් දිවෙන මහා මාර්ගයකි. ඒ පාරෙන් යාපනේ යාමට කෙසේ වෙතත් වැහි දවස්වලට අලවතුගොඩටවත් යා නොහැකිය. හේතුව වතුරෙන් යටවීමය.
අකුරණ බොහෝ නිවාස සහ ගෙවතු උයන් සඳහා පිඟාඔය දෑල ගොඩ කර ඇති බැවින් අකුරණ නගරය පොද වැස්කටත් යටවේ. හය මසක කෙටි කාලයක් තුළ ඒ තත්වය සදහටම වෙනස් කළ හැකිය. කිසිවිටකත් එය මේ පාලකයන් සිදු කරන්නේ නැත. ඒ මුස්ලිම් ඡන්ද බලාගෙනය.
ඒ නවය පාරත් ඒ විසිහය පාරත් ආරම්භ වන්නේ මහනුවර එකම තැනනි. අකුරණින් ඒ නවය අවහිර වන්නේ වැස්සට පමණකි. ඒ විසිහය පාර මාළිගාව අනවසරයෙන් වසා දමා ඇත.
ව්‍යවස්ථාවට රටේ නීතියට පමණක් වගකියන ඔලිවර් ගොපල්ලව පන්නයේ නාමික විධායකයෙකු සහිත පාලන ක්‍රමයක් ඇති කිරීමට ගෙදර යන්නෙකු අවශ්‍ය මේ නිසාය.
මට ආමි පාලනයක් ගෙන යන්න පුලුවන් ඒත් මම කරන්නේ නැත. මේ වර්තමාන විධායක ජනාධිපති කළ ප්‍රකාශයකි. මේ රටේ දෙකෝටි විසි ලක්‍ෂයක් මිනිස්සු විධායක ජනාධිපත් ක්‍රමය පවත්නා තාක් මේ වැනි තකතීරු ගොන් කතා ඇසිය යුතුව ඇත. ප්‍රජාතන්ත්‍රවාදය මිහිරි සුවඳැති මලකි. විධායක ජනාධිපති නම් විසකුරු දළඹුවා ඒ මල වසාගෙන සිටි.

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි.)
චීන නැව නැංගූරම දායි ! | මොණරවිලගේ ලියමන
සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!