තම පක්ෂය සමාජවාදී නොවන බව 'සමබිම' පක්ෂයේ මහ ලේකම් දීප්ති කුමාර ගුණරත්න අවධාරණය කර සිටියි.


''අප සමාජවාදීන් නොවන බව තරයේ මතක තබා ගන්න! අනෙක් අතට, අපි ජාතිවාදීන් ද නො වෙමු. අප අයත් වන්නේ, නූතනවාදයට යි. එහි අඩුපාඩු ඇත. දැන් තිබෙන අර්බුදයට විසඳුම ඇත්තේ, නූතන ධනවාදයම තුළ යැයි අපි විශ්වාස කරන්නෙමු. ධනවාදය අවසන් විය යුත්තේ, ලෝක ක්‍රමයක් ලෙස මිස තනි රටක මතිභ්‍රමයක් ලෙස නොවේ. අප රටේ සමාජවාදීන් යනු, රාජ්‍ය ධනවාදයක් දේශනා කරන අය බවත් අපි සටහන් කරන්නෙමු. ඔවුහු අනන්‍යතාවාදීන් ය.'' යයි 'සමබිම' නායකයා සඳහන් කරයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, 3mana.com වෙබ් අඩවියේ විශේෂ සටහනක් පළකරමිනි.

එහිදී ඔහු තම පක්ෂයේ ස්ථාවරය තව දුරටත් මෙසේ පැහැදිලි කරයි.


''දැනට රටේ පවතින දේශපාලනික-සමාජීය-ආර්ථික අර්බුදය හුදු වසංගත අර්බුදයක් ලෙසින් සලකා බැලීමට සමහරු උත්සාහ කරති. දැන්, මේ ඇති වී ඇති තත්වය වෛද්‍ය විද්‍යා භාෂාවකින් කිවහොත් සංකූලතාවයකි. කෝවිඩ් වසංගතය නිසා සිදු වූයේ, දශක තුනක් පමණ දික් ගැස්සෙමින් පැවති සමාජ ප්‍රශ්න එකිනෙකට වෙලී අර්බුදයට යාමයි.
 


මේ තත්වය, මෙම ඓතිහාසික හේතු නිසා දියුණු ධනේශ්වර රටකට වඩා වෙනස් විය. උදාහරණයක් ලෙස, ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය වැනි රටවල ඇත්තේ, කෝවිඩ් අර්බුදය නිසා ජන ජීවිතයේ ඇන හිටීමකි. නමුත්, ලංකාවේ වසංගත තත්වය නිසා ආර්ථිකය, ජන ජීවිතය, දෛනික  ජීවිතය, රැකියා, විදේශ සංචිත, අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය මූල්‍ය විනය, කෘෂිකර්මය, බැංකු පද්ධතිය, සමාජ සාරධර්ම, පවුල, ගමනාගමනය, ජාතික ගැටලුව, ආගම පිළිබඳ ගැටලුව, ජාතිවාදය, සමාජ පරාරෝපණය, පළාත් පාලනය, ජාතික ආරක්ෂාව, දේශපාලනය ඩිජිටල් අවකාශයක හිර වීම, ජනමාධ්‍යවල පුද්ගලික අයිතිය යන මෙකී නොකී බහුල සාධක ඒකාබද්ධ වී නිදහසින් පසු වඩාත්ම ගැඹුරු දේශපාලන අර්බුදයක් නිර්මාණය කර ඇත. පවුල් පාලන ආකෘතියක සාධනීය පැත්ත 2005 වර්ෂයේ සිට කතා කළ අයට, එහි දයලෙක්තික විලෝමය සම්මුඛ වී ඇත.



නිදහසෙන් පසුව ලංකාවේ මේ දක්වා, දේශපාලන දෘෂ්ටිවාද තුනක් අත්හදා බලා ඇත. ඒවා නම්, සම්ප්‍රදායවාදය නැතහොත් ජාතිකවාදය යි [CONSERVATISM] ඉන්පසු, ඊට ලිබරල්වාදයේ සිට සමාජවාදය දක්වා දෘෂ්ටින් ආදේශ විය.
 
 
නිදහසින් පසු ලංකාවේ ආර්ථික දෘෂ්ටිය වූයේ, සුභසාධනය මත පදනම් වූ ‘රාජ්‍ය ධනවාදය'[STATE CAPITALISM] යි. 78 ට පසුව පටන් ගත් ‘නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය’ ලංකාවේ දෙවැනි ආර්ථික දෘෂ්ටිය යි. ඒ දක්වා පශ්චාත්තාපව – MELANCHOLIC – සිටි වාම බුද්ධිමතුන් අර්බුදයට ගියේ මේ මංසන්ධියට පසුව ය.
 
 
ඉතිහාසය නිර්මාණය කරන්නේ මනුෂ්‍යයන් ය. එම යථාර්ථය තේරුම් ගත හැක්කේ, මිනිසුන් විසින්ම නිර්මාණය කරන සංකල්ප හරහා ය. ඉතිහාසය සහ මානව සබඳතා වටහා ගැනීමේ දී අප බොහෝ දෙනා කරන දෝෂයක් වන්නේ, ‘සංකල්ප’ වෙනුවට ඒ සඳහා ‘පුද්ගලයන්’ ආදේශ කිරීමයි.

ලෙනින්ගේ කෘතිවල න්‍යායට අමතරව විවාදය ද ඇති බව ලංකාවේ සමාජවාදීන් දන්නේ නැත. අද දවසේ වමට බර පටු අදහස් ඇති බහුතරය කරන්නේ, එකිනෙකාගේ පිට කසා ගැනීම මිස විචාරය නොවේ. FACEBOOK යනු, මේ පිටවල් තුවාල වනතුරු කසා ගන්නා ප්‍රකාශන මාධ්‍යය යි. අනෙකාගේ බොරුවට කැමැත්තෙන් යට වීමයි.
 
 
ලංකාවේ ‘ලිබරල්වාදය’ සිදු කරන දෙය, ප්‍රායෝගික තලයක 94 ට පසුව පටන්ගත් චන්ද්‍රිකා ආණ්ඩුවේ ක්‍රියාවලියෙන් ඔප්පු විය. ඔවුන් එක පැත්තකින්, ‘ද්‍රවිඩ ජාතික විමුක්ති අරගලය’ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ඉවත් කළ අතර ‘සිංහල-බෞද්ධ’ ජාතිවාදය රටේ ඡන්ද ක්‍රමයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ජවිපෙ හරහා ගැට ගසන ලදී.
 
 
 
රනිල් බලයට ඒම පිණිස, මෙම ප්‍රජාතාන්ත්‍රීකරණය වූ ජාතිවාදයට අවශ්‍ය අරමුදල් සහ මතවාදී සහයෝගය දෙමින් ඔවුන්ව වක්‍රව පෝෂණය කරන ලදී. චම්පික රණවක ප්‍රපංචය බිහි වූයේ ද, මෙම වක්‍ර සහයෝගය නිසා මිස (මාධ්‍ය ආවරණය ද සහිතව) තෘණ මූල මට්ටමේ ජාතික ව්‍යාපාරයකින් නොවේ.

අනෙක් අතට, 90 දශකය තුළ ජවිපෙ තුළ හටගත් ජාතිකවාදය පිළිබඳ අභ්‍යන්තරවාදය ලංකාවේ ලිබරල් අසංවේදීත්වය නිසා අන්ත ජාතිවාදයටත්, ‘මහින්ද රාජපක්ෂ’ ප්‍රපංචය නිපදවීමටත් ඉවහල් විය. ප්‍රේමදාස ඝාතනයේ සිට 2005 දක්වා යුගය කෙටියෙන් එසේ ය. එමඟින්, ලංකාවේ එතෙක් පැවති ‘රාජ්‍ය ධනවාදය’ ප්‍රපංචයක් ලෙස 2005 ට පසුව සිංහල පමණක් ආර්ථිකවාදයක් බවට පෙරළී, ඉන් ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව ඉවත් කර ඇත.
 
 
 
නැවතත් 2015 දී, ගතානුගතිකත්වය සහ ලිබරල්වාදය අතර දීගයක් තාවකාලිකව හටගත් අතර එමගින්, සිංහල පමණක් ආර්ථිකවාදය ‘රාජපක්ෂ-පමණක්-ආර්ථිකවාදයට’ ඌනනය විය. දැන් අපට ඇත්තේ, පවුලක් වටා කේන්ද්‍රගත වූ ජාතික ආර්ථිකයකි.
 
 
 
නූතන ගෝලීය ධනවාදී ආර්ථිකය තුළ අප රටේ මිනිස්සුන්ට විගාමික වීමෙන් ද ඇති ඵලයක් නැත. ඒ නිසා, තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය අලුත් කරගෙන දියුණු ධනපති රටකට පැන ගත්තාට එතරම් වැදගත් දෙයක් අනාගතයේ සිදු වන්නේ නැත. නාඳුනන රටක තනි වීමට වඩා වැඩි දෙයක් එතැන නැත. මධ්‍යම පන්තියට යුරෝපය හෝ ඔස්ට්‍රේලියාව වශයෙනුත්, පහළ වැඩ කරන ජනයාට මැදපෙරදිග වශයෙනුත් වූ ‘හම්බ කරන මාදිළිය’ නව ලෝක රටාව තුළ අර්බුදයට ගොස් ඇත. මේ විකල්ප දෙක අවසාන වන්නේ, ‘පවුල්’ අර්බුද නිර්මාණය කිරීමෙන් පමණි.
 
 
 
ඒ නිසා, අපට ඇති එකම විකල්පය ‘අපේ රට’ ශ්‍රී ලංකාව හැටියට දියුණු කිරීම පමණි. ආර්ථික තලයේ ලංකාවට පශ්චාත්-යුධ සමයක් උදා නොවුණා සේම, මෙහි වසංගත ධනවාදයක් ද නැත.
 
 
 
ලංකාවේ පවතින්නේ, යල්පැන ගිය පශ්චාත්-යටත්විජිත රාජ්‍යයක් සහ පවුල් පාලනයක් ය. අවශ්‍ය වන්නේ, යටත්විජිත ස්වාමියාට ආදේශ වී ඇති පවුල් ආකෘතිය සහ රජයේ සේවකයන් ලෙස ආදේශ වී ඇති වහල් මානසිකත්වයන් වෙනස් කිරීමයි. මෙය, හේගල් කතා කරන ‘මාස්ටර්-සේවක’ සම්බන්ධයකට වඩා (ආකෘතිය) ‘ෆ්‍රාන්ට්ස් ෆැනන්’ කතා කරන ‘මාස්ටර්-සේවක’ සම්බන්ධයකට සමීප ය.

ලංකාවේ ස්ත්‍රී-පුරුෂ භේදය වෙනුවට ඇත්තේ ද ‘මාස්ටර්-සේවක’ අනන්‍යතාවයකි. ‘ලිංගික සබඳතා යනුවෙන් දෙයක්’ නො පවතී යන ලැකානියානු ආප්තය යටත්විජිත ස්ත්‍රී-පුරුෂ සබඳතාවලට අදාළ ද යන්න පරීක්ෂා කළ යුතු ය.
 

Marx and Engels
කාල් මාක්ස් සහ එංගල්ස්
 
 
දර්ශනය සහ සමාජ විද්‍යාව ස්වභාවික විද්‍යාවේ හා විද්‍යාත්මක ඥාණයේ වර්ධනයන්ට සමාන්තරව වර්ධනය නොවීම, යුරෝපීය සමාජ චින්තනයේ රික්තකයක් නිර්මාණය කරන ලදී. කාල් මාක්ස් විශ්වාස කරන ලද්දේ, දර්ශනවාදය සහ සමාජ න්‍යායේ එම අඩුව පිරවූයේ තමන් සහ එංගල්ස් බවයි. මේ නව විධික්‍රමය ‘විද්‍යාත්මක’ එකක් බව ඔවුන් විශ්වාස කරන ලදී. ඥාණය ප්‍රායෝගික නම්, එය සමාජ භාවිතාව සමඟ සෘජු ලෙසින් සම්බන්ධ විය යුතු ය. ඥාණය, ලෝකය සතු අභ්‍යන්තර තර්කය වෙනස් කළ යුතු ය.

අප ඉදිරිපත් කළ ඥාණය හා සම්බන්ධ ගැටලුවට නලීන් ද සිල්වා පවා කිසිවක් නො කියන අතර ඔහු ද එතැන දී, රටේ අනෙක් කුහක බහුතරයට ම ඇද වැටී ඇත. ‘විද්‍යාව’ අප නිර්වචනය කරන්නේ, වෙනත් තාලයකට ය. අපට අනුව, ‘විද්‍යාව’ යනු, යමක් ක්‍රමවත්ව අධ්‍යයනය කිරීමයි.


සම්පුර්ණ ලිපිය පහතින්
 

THE  LEADER  TV
 
 
අවි ගත්තෝ අවියෙන්ම නසින ලකුණු ! | මොණරවිලගේ ලියමන
 

 
ජනාධිපති නියෝග පයිසෙට වැටෙයි! | The Leader TV
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්