දැඩි විනිමය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යෑමට ද

මේ වන විට ප්‍රමාද වැඩි බව ආර්ථික විශේෂඥයෝ මෙන්ම විපක්ෂ දේශපාලනඥයෝ පෙන්වා දෙති.

IMF වෙත යාමේ අවශ්‍යතාව මීට මාස කිහිපයකට පෙර අවධාරණය කළත්, ශ්‍රී ලංකාව ස්වදේශීය ප්‍රතිපත්තිය සමග ගමන් කරමින් IMF සමග පවා විසඳාගත නොහැකි අවුලකට පත්ව ඇති බව ආර්ථික විශේලේෂකයෝ පවසති.



ශ්‍රී ලංකාවට ලබන වසරේ දී දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ද අනතුරු අඟවයි.



ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ බැංකුවලට විදේශ විනිමය පහසුවෙන් ලබාගත හැකි ලෙස රුපියල් නොමැති බව යි.

දැනට පවතින මෙම මුදල් හිඟය පියවීමට ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වෙත 6%ක පොලියක් යටතේ මුදල් සපයනු ලබයි.

මෙම තත්ත්වය ඇතිවීමට හේතුව විනිමය අනුපාත සහ පොලී අනුපාත කෘතිම ලෙස පාලනය කිරීම බව ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පැවසිය.


අර්බුදයට හේතුව වැරදි ආර්ථික කළමනාකරණය ද?


Eran1සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කියා සිටියේ වැරදි කළමනාකාරීත්වය හේතුවෙන් රටට මෙම ඉරණම අත්වී ඇති බව යි.



"කිසිම රටක උද්ධමනය ලංකාවේ වගේ සීඝ්‍රයෙන් ඉහළ ගිහින් නැහැ. 2019 ඉදලා දැන් 2021 වෙනකම් උද්ධමනය 10.5කින් ඉහළ ගිහිල්ලා. මේ පසුගිය මාස ටිකේ පමණක් රත්‍රං කිලෝ ග්‍රෑම් 600කට වැඩිය මිනිස්සු විකුණලා තියෙනවා."

"ලංකාවට වැඩිය කොවිඩ් බලපාපු රටවල් තියෙනවා. නමුත් ඒ රටවල ආර්ථිකය කඩා වැටිලා නැහැ. මෙහෙම ආර්ථික සුනාමියක් ඇතිවෙලා නැහැ. පසුගිය අවුරුදු දෙකේ විතරක් මුදල් අච්චු ගහලා තියෙනවා ට්‍රිලියන 1.5ක්. හිතලා බලන්න පුළුවන් බඩුමිල ඉහළ යන සීඝ්‍රතාව," මන්ත්‍රීවරයා පැවසිය.

"රටේ විශාල විදේශ විනිමය හිඟයක් තියෙනවා. ඩොලර් එකේ අගය නිදහස් කළා නම් එක පාරින්ම ඩොලර් එක ගලාගෙන යනවා. වරද ඇවිල්ලා ආණ්ඩුවේ ආර්ථික කළමනාකාරීත්වය. හරියට ඩොලර් එකේ අගය දුන්නා නම් මේක වෙන්නේ නැහැ."


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගන්න මීළඟ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව ඉදිරි කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ ය.
මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට මහ බැංකු අධිපතිවරයාත්, මුදල් අමාත්‍යංශ ලේකම්වරයාත් සහභාගී වනු ඇතැ යි ඔහු කියා සිටියේ ය.


බලාපොරොත්තුවන විදෙස් ණය ලැබෙයි ද?

සය මාසික පෙර දැක්මෙහි ප්‍රකාශිත පරිදි නුදුරේ දීම විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්ෂා කරන බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

මහ බැංකුවේ ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැදපෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමග එ.ජ. ඩොලර් බිලියන දෙකක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වේ.

රජය විසින් ද්වීපාර්ශවික මූල්‍යන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබාගැනීම් මෙන්ම, බහුපාර්ශවික සංවිධාන තුළින් ණය ලබා ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී සිටින බව මහ බැංකුව පවසයි.

මීට අමතරව, බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවල දී සාකච්ඡා කරන ලද අපේක්ෂිත විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේ දී සාර්ථක වනු ඇතැ යි ද මහා බැංකුව පවසයි.

තවද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වාදී ඇති දිරි දීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තන කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළෙඳපොළේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මඟින් දේශීය විදේශ විනිමය වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇතැ යි මහ බැංකුව සඳහන් කළේ ය.

එමඟින් මහ බැංකුවට නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකි වනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.

 

udayanga post 2udayanga post 1සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයක්...



විදේශ රැකියා සඳහා පිටත්වයාමේ මෑත කාලීන වර්ධනයත්, සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයත් සමග ඉදිරි කාලය තුළ විදේශීය අංශය වඩා යහපත් තත්ත්වයට පත් වනු ඇතැ යි අපේක්ෂා කරන අතර, එමඟින් වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇතැ යි අපේක්ෂා කරන බව මහ බැංකුව කියා සිටියේ ය.

මෙම අපේක්ෂිත විදේශ විනිමය ගලාඒම් සමග නිල සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජය සහ මහ බැංකුව අපේක්ෂා කරයි.

එසේම, දෙසැම්බර් 22 දා ප්‍රකාශයක් නිකුත් කරමින් මහා බැංකුව කියා සිටියේ, 2021 වසර අවසාන වන විට නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

කොවිඩ්-19 හි ආර්ථික බලපෑම් හේතුවෙන් ඇති වූ බාධක සහ විදේශීය අංශයේ අහිතකර වර්ධනයන් හේතුවෙන් පැන නැඟුණු අභියෝග මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසර පුරාවට බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළ බව ද මහබැංකුව කියයි.



මහබැංකුවේ රුපියල් දහයේ දීමනාව දීර්ඝ යි...!


විනිමය අර්බුදය මැද විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කිරීමේ දී ලබා දෙන රුපියල් 10ක් වූ අතිරේක දිරි දීමනාව ලබාදීම 2022 ජනවාරි 31 දක්වා දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණයකර ඇත.


ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින්, "විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය" යටතේ දැනට ලබාදෙන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 2ක් වන දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ මෙරටට ප්‍රේෂණයකර ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කරනු ලබන විදේශ ප්‍රේෂණ සඳහා ඩොලරයකට රුපියල් 8ක් ලෙස රුපියල් 10ක් ලබා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, 2021 දෙසැම්බර් මස මේ දක්වා විදේශීය ප්‍රේෂණවල පෙන්නුම් කරනු ලැබූ හිතකර වර්ධනයට ප්‍රතිචාරයන් වශයෙන්, රුපියල් 10ක් වූ මෙම අතිරේක දිරි දීමනාව ඉහත දැක්වූ පරිදි දීර්ඝ කිරීමට තීරණය කළ බව යි.



ගාස්තුවලින් තොරයි...

විදේශ සේවා නියුක්තිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන සහ/හෝ බැංකු හරහා ශ්‍රී ලංකාවට තම විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේ දී දැනට එකී ආයතනවලට ගෙවනු ලබන ගාස්තු නිශ්චිත සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමට තීරණයකර ඇත.

ඒ අනුව, ඉදිරියේ දී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට හැකි වනු ඇතැ යි මහ බැංකුව පවසයි.

මේ සම්බන්ධයෙන් වන ආරම්භක දිනය ද ඇතුළු මෙහෙයුම් උපදෙස් ඉදිරියේ දී මහ බැංකුව විසින් නිකුත් කෙරෙනු ඇත.



ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර පොලියත් ඉහළට

 

image 6e46502de8මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්


ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (ISB) හිමියන්ට ශ්‍රී ලංකා රජය විසින් කූපන් අනුපාතයට පමණක් පොලී ගෙවනු ලබන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසිය.

ඔහු පවසන්නේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (ISB) සඳහා ගෙවන කූපන් පොලී අනුපාතය 2014 වසරේ 5.125%ක පහළ මට්ටමේ සිට 7.85% දක්වා වැඩිකර ඇති බව යි.

මෙයට අමතරව රටේ පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ජනවාරි මසදී ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවීමට ඇති අවස්ථාවේදී රටේ විදේශ මුදල් සංචිත අර්බුදයෙට මුහුණ දීම සඳහා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් රුපියල් වලට හරවන විදේශ ප්‍රේෂණ වලින් සියයට 25ක් මහ බැංකුවට විකිණිය යුතු බවට මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකුවෙත දැනුම් දී ඇත.


(BBC සිංහල සේවය)

සබැඳි පුවත් :

බරපතල දේශපාලන පිපිරීමක් අතළඟ ! - හිටපු අගමැති

 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 
 
 
 
2024 නාමල් රෙඩි  !- The Leader TV
 
 
තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්