ඇඩ්වර්ටයිසිං ලෝකයේ චරිතයක් වන තරමටම කාඩ් වැඩිවේ.

එවැනි කාඩ් ගණනාවක උරුමක්කාරයකු වන්නේ අද අපේ කතානායකයා වන රොහාන් පියදාස යි.

රොහාන්ට ඇත්තේ කවි බසකි.

භාවිතා කළේ හොඳ සිංහල ය.

ඔහු ඔහුගේ බස් ආර දිගටම රැක්කේ ‍ය.

 

රොහාන් පොඩි තැනේ සිට ඉහළට නැගි පුද්ගලයෙකි.

 

ඔහු ඉංග්‍රීසි ඉගෙනගත්තේ ග්‍රාන්ට්ස් එකටම ගුරුවරයකු ගෙන්වා ගැනීමෙනි.

පසුව ඔහු කතා කරන සිංහලත් ඉංග්‍රීසි විය.

මේ ලිපියේ හෙඩිමට "රොහෑන්" කියා දැම්මේ ඔහු විසින් ඔහුගේම නම ප්‍රකාශ කරන ආකාරය දැක්වීමට ය.

විශේෂයෙන්ම ප්‍රසෙන්ටේෂන්වලදී ඔහු ඉංග්‍රීසියෙන් කියන දේ නැවත සිංහලෙන් කීමත් දැකගත හැකි විය.

 

adkj

රොහාන්ට කාලෙන් කාලෙට ගෝලයන් සිටී.

අජිත් නිශාන්ත, ප්‍රභාත් කරුණාරත්න ඔහුගේ ප්‍රියතම ගෝලයෝ වූහ.

නමුත් ඇඩ්ඩා හිටියේ ඔහුගේ ප්‍රියතම ගෝල ලැයිස්තුවේ අන්තිම ඩොටේ ය.

මේ ලිපිය කියැවීමෙන් පසු එතැනිනුත් කැපී යනු ඇත.

 

රොහාන්ට රෙජී කන්දප්පා මහතා විශේෂ කැමැත්තක් දැක්වුයේ ය.

 

ඔහු රොහාන්ට දී තිබුනේ මොන්ටෙගෝ වර්ගයේ මෝටර් රථයකි.

එය කලකට පෙර එංගලන්තයෙන් ගෙන්වා කන්දප්පා මහත්මියට උපන් දින තෑග්ගක් වශයෙන් ලබාදී තිබූ රථයයි.

රොහාන්ට ඒ කාලේ ඩ්‍රයිවින් බැරි නිසා ඔහුට ඩ්‍රයිවින් පුරුදු කළේ ක්ලයන්ට් සර්විසිං එකේ රියන්සි මදුරප්පෙරුම ‍ය.

 

mont

රොහාන් හා ලලිත් පිටුවල වරක් දකුණු පළාතට ගියේ රාජකාරි කටයුත්තකට ය.

වැඩේ ඉවරවී " ලෙට්ස් ගෝ ලල්ලා " කියා රොහාන් වාහනය රිවර්ස් කළේය.

ඩෝං ගා වාහනය ගොස් පොල් ගහක වැදුණි.

ඉන් පසු වාහනය ඉදිරියට ගනිද්දී පොල් ගෙඩියකුත් කාර් එකේ වහලට වැටුණු බව ලලිත් පිටුවල ඉතා සතුටින් වාර්තා කළේය.

කෙසේ හෝ මේ දෙන්නා කොළඹට එනතුරු වචනයක් වත් කතා කර නැත.

රොහාන් කවි පොතක් ගැහුවේය.

පොතේ නම " මට බෑ " ය.

 රොහාන් කන්දප්පා මහතා වෙත ගොස් පොත පිළිගැන්වූයේ මෙසේය.

" බොස්, මං කවි පොතක් ගැහුවා .."

එවිට කන්දප්පා මහතා මෙසේ පැවසීය.

" වෙරි ගුඩ් රොහාන් ... වෙරි ගුඩ්... මොකක්ද පොතේ නම...?"

" මට බෑ..."

රොහාන් කිව්වේය.

628000540cce1b2c4c281fd5 book launch how to build an author platform

ඉන් පසුව ඇතිවූ සංවාදය මෙසේ වී ලූ.

" රොහාන් පොතේ නම මොකක්ද ...?"

" මට බෑ.."

 

" රොහාන් මට විතරක් කියන්න පොතේ නම..?"

" මට බෑ..."

 

" හරි රොහාන් අපි දන්නවා ඔයාට බෑ කියලා ..මං ඇහුවේ පොතේ නම..."

" මට බෑ"

මේ එදා සිට අද දක්වා ‍රොහාන්ගේ පොත සම්බන්ධයෙන් පැවැත එන පුරාවෘත්තය යි.

රොහාන් පසු කලෙක ෆීනික්ස් එකේ ඉන්ටර්විව් එකකට ගියේය.

එහිදී ඔහුට පත්වීම් ලිපියක් ද ලැබුණි.

පත්වීම් ලිපිය ගහ්තද ඔහු ෆීනික්ස් එකට ගියේ නැත.

ඔහු ලිපිය පෙන්වා පඩිය වැඩි කරගෙන ග්‍රාන්ට්ස් එකේම නතර වූයේය.

මේ බව දැනුම් දීමට ඔහු ෆීනික්ස් ලොක්කා වූ අර්වින් වීරක්කොඩිට කෝල් එකක් ගත්තේ ‍ය.

" මට ග්‍රාන්ට්ස් එකෙන් ලොකූ ඉන්ක්‍රිමන්ට් එකක් දුන්නා... ඒ නිසා මම එන්නේ නෑ.."

එවිට අර්වින් දුන් උත්තරය මෙයයි.

Salary Increment Request letter

" රොහාන් තව මාස 6 කින් විතර එන්න .. මං තව ලියුමක් දෙන්නං ආපහු පඩි වැඩි කරගන්න..."

කෙසේ වුවත් රොහාන් පසු කාලයක ෆීනික්ස් එකට ආවේ ග්‍රාන්ට්ස් එකට නඩුත් දාගෙනය.

රොහාන් එවර එන්නේ දිලීප අබේසේකර ෆීනික්ස් එකෙන් නික්ම ගිය පසු ය.

රොහාන්ට ලැබුනේ එලිෆන්ට්හවුස් අයිස්ක්‍රීම් වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් හදන්නට ය.

එහෙත් එය ඔහුට සෙට් වුණේ නැත.

වැද්දන් අතට අයිස්ක්‍රීම් කප් එක දී වැදි නැටුමක් නැටීම ඔහු ලියූ එක ඇඩ් එකකි.

කමර්ෂල් එක තත්පර 30 කි.

එක ස්ටෝරි බෝඩ් එකට ෆ්‍රේම් 60 කි.

අදින එකාටත් දැන් අයිස්ක්‍රීම් එපා වීගෙන යයි.

ගෙනියන ගෙනියන ඇඩ් එක ලක්සිරි වික්‍රමගේ කුණු බක්කියට දමයි.

 

අන්තිමට ඔහු ලිව්වෙ කොල්ලන් හා කෙල්ලන් සෙට් එකක් අයිස්ක්‍රීම් කප් රැගෙන කන්දක් උඩට නගින සීන් එකකි.

 

ඔහු එම අදහස මට ඉදිරිපත් කළේය.

මට හන්තානේ මතක් වෙන බව ඔහුට පැවසීමී.

ඔහු ඒ ඇයිදැයි විමසූ විට කැම්පස් එකේ පළමු වසර බැච් ට්‍රිප් එක යන්නේ හන්තානේ බැවින් මට එය මතක් වූ බව කීවෙමි.

" ඇත්තද..මට එහෙම අදහසක් ආවේ නෑනේ...මං මේක දයාන් ගෙනුයි, ගාමිණී ගෙනුයි අහන්න ඕන ..."

රොහාන් එසේ කීවේ මාව විස්වාස කරන්න අමාරු බැවිනි.

ගාමිණි හා දයාන් කිව්වේ ගාමිණී අබේකෝන් ට හා දයාන් කොට්ටච්චි ට ය.

රොහාන් ලියන ස්ක්‍රිප්ට්ස් පණ දාගෙන ඇන්දේ මේ දෙන්නා ය.

මම වහාම ගාමිණි හා දයාන් සොයා ගොස් රොහාන් මෙහෙම කතාවක් කිව්වොත් හන්තානෙ මතක් වෙන බව කියපල්ලා යැයි කීවෙමි.

උන් දෙන්නාත් එලෙසින්ම කීවෝය.

ice ice

එවර ස්ක්‍රිප්ට් එක කුණු බක්කියට දැම්මේ ලක්සිරි වික්‍රමගේ නොව රොහාන් මය.

රොහාන් සම්බන්ධ තවත් කතාවක් ඇත.

ජයෝදා ලොතරැයිය කරන කණ්ඩායමට එතෙර යන්න අවස්ථාවක් ලැබුණි.

රට මට දැන් මතක නැත.

මේ පිරිස සතියක් පමණ එහි ගත කළහ.

මුදල් ඉතිරි කර ගැනීම සදහා ගමන් බිමන් ගොස් ඇත්තේ පයින්ම ‍ය.

ඒ රටේ ට්‍රාන්ස්පෝට් නොමිලේ බව ඔවුන් දැනගෙන ඇත්තේ ලංකාවට පැමිණීමට පෙර දිනයේ ය.

 රොහාන් පසු කලෙක පොත් පෙළෙක් ගැසුවේය.

එහි කවර නිර්මාණය කළේ දයාන් කොට්ටච්චි ‍ය.

දයාන් නිර්මාණය කළ පොත් කවර කියැවෙන්නේ මෙලෙසිනි.

'සාරි බැමිණියට පුතෙක් හිටියා රොහාන් පියදාස '

'මසුරු සිටානෝ රොහාන්  පියදාස '

' අනිච්චං රොහාන් පියදාස '

මෙය හිතාමතා හෝ නොහිතා මතා කළ දෙයක් ලෙස එකල ප්‍රචලිත විය.

 

A man's hand holds a smoldering cigar on a dark background. The left side of the frame is a dark background with a lot of smoke

සුනාමිය එන විට රොහාන් දෙවැනි වතාවට ආපසු ග්‍රාන්ට්ස් ඇවිත් හිටියේ ය.

ඔහු වැල්ලවත්තේ බීච් එකට යනවිට මුහුද ආපසු මුහුදටම ගලා තිබිණි.

වැල්ලේ මාළු දඟලමින් සිට ඇත.

රොහාන් එම මාළුන් දෝතින් ගෙන යලි වතුරට දැමූ බව පැවසීය.

කතාවේ ඉතුරු ටික අපෙ එවුන් ගෙතුවේ මෙලෙසිනි.

රොහාන් මෙලෙස මාළු අල්ලා වතුරට දමමින් සිටිද්දී මුහුද ආපසු ගොඩ ගලන්නට පටන්ගෙන තිබේ.

දැන් රොහාන් කරවටක් වතුරේය.

ගොඩබිමට පෙනෙන්නට තිබෙන්නේ ඉහළට එසවුණු  ඔහුගේ අතක් පමණි.

ඒ අතේ ඇඟිලි අතර දැල්වෙන සිගරැට් එකකි.

රොහාන් මෙසේ කියා කෑ ගසයි.

" සේව් මී....ඒ කියන්නේ මාව බේරගන්න ...!"


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්