අපි සූර්යයාටත් ඉර කියා කියමු.
පාරේ යනවිටත් ඉරි තිබේ.
ඉස්සර නම් පරක්කු වී වැඩට ගිය විටත් ඉර වදියි.
මේ කතාවත් ඉරක් සම්බන්ධයෙනි.
' නින්ජා' නමින් අලුත් මදුරු දඟර වර්ගයක් හඳුන්වාදීමට ලහි ලහියේ වැඩ කටයුතු කෙරෙමින් පැවැතිණි.
එහි වෙළෙඳ දැන්වීමේ කටයුතු කෙරුණේ දිලීප අබේසේකර අතිනි.
" අපිව බලාගන්න කවුරුත් නෑනේ..." යන අතිශය ජනප්‍රිය වැකි කොටස සමාජගත වූයේ දිලීප ලියූ වෙළෙඳ දැන්වීම තුලිනි.
දිලීප කිව්වාම තව කතාවක් මතක් වේ.
දිලීප ලියූ නින්ජා කමර්ෂල් එක රූගත කරනු බලන්නට ඩාර්ලි බට්ලර් සමාගමේ කණිෂ්ඨ අලෙවි විධායකයකු ද පැමිණියේ ය.
මේ තරුණ අලෙවි විධායකයා අනිල් වැලිකලගේ ගෝලයා ය.
එය ඔහු රූගත කිරීමක් නරඹන මංගල අවස්ථාව විය.
ඒ වනවිට ඔහු කමර්ෂල් කියා දෙයක් අසා තිබුනේ නැත.
ෂූටිං කියන්නේ වෙඩි තියනවාට කියා හිතා ඉන්න ජාතියේ මනුස්සයෙකි.
දිලීප නින්ජා දෙවැනි කමර්ෂල් එක රූගත කරන විට ඔහු දිලීපට ෂූටිං ගැන උගන්නන්නත් ආවේය.

අද කතා කරනුයේ ඒ දැන්වීම ගැන නොවේ.
නින්ජා මදුරු දඟර පෙට්ටිය ගැන ය.
මේ වැඩ කටයුත්ත පැවරුණේ කුසන්ත පරණවිතානට ය.
කුසන්ත බඩ විකාගෙන නින්ජා පැක් එක ඩිසයින් කළේය.
පැක් එකක් ඩිසයින් කිරීම මදුරු කොයිල් පත්තු කරනවා වැනි ලේසි කටයුත්තක් නොවේ.
ක්ලයන්ට් දාහක් දේ කියයි.
එක්දාස් පන්සීයක් විතර වෙනස්කම් කරයි.
පැක් ඩිසයින් එකක් එළියට එන්නේ මේ සියලු අතවර, බලහත්කාරකම්, අපයෝජන, අඩත්තේට්ටම් මැදිනි.
කෙසේ හෝ මාසයක් පමණ කාල් ගා කුසන්ත නින්ජා පැක් එකේ නිර්මාණ කටයුතු අවසන් කළේය.
ක්ලයන්ට් වැඩේට ඕකේ පාර ද දුන්නේය.
දැන් ඇත්තේ මුද්‍රණය කිරීමයි.
පැක් එකේ ෆයිනල් පෲෆ් එක මුද්‍රණ ශාලාවෙන් ලැබුණි.

ක්ලයන්ට්ට පෲෆ් එක පෙන්වා පැමිණි පසු ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ එක තොවිලයකි.
කුසන්ත පරල වී ගිහින් ය.
සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම කුසන්ත ජාතිය අමතයි.
ඔය අතරේ රාජා තේ අරන් ආවේය.
තේ එක බොන අතරේ කුසන්ත මඳක් කූල් වූයේ ය.
" මොකද මචං, කේස් එක ...? "
මම හිමීට ඇසුවෙමි.
" අර හු...." කියා පටන් ගෙන කුසන්ත කතාව කිව්වේ ය.
ඒ කාලේ ෆීනික්ස් එකේ ප්‍රින්ටරයේ පොඩි අවුලක් තිබුණි.

එම ප්‍රින්ටරයෙන් ගන්නා සෑම ප්‍රින්ට් එකකම ඉහළ සිට පහළට සෙන්ටි මීටරයක පමණ පරතරයකින් ඉරක් මුද්‍රණය වේ.
එය ප්‍රින්ටරයේ වරදකි.
එහෙත් ක්ලයන්ට් හිතාගෙන ඉන්නේ එය ආර්ට් ඩිරෙක්ෂන් එකේ කොටසක් කියාය.
" අපි මේක ඇපෲ කළේ ඉරත් එක්ක... අපිට ඉර ඕන ..."
ක්ලයන්ට් විසින් එසේ පවසා තිබේ.
කුසන්තට මළ පැන ඇත්තේ ඒකට ය.
එහෙත් ක්ලයන්ට් හිතාගෙන ඉන්නේ එය ආර්ට් ඩිරෙක්ෂන් එකේ කොටසක් කියාය.
" අපි මේක ඇපෲ කළේ ඉරත් එක්ක... අපිට ඉර ඕන ..."
ක්ලයන්ට් විසින් එසේ පවසා තිබේ.
කුසන්තට මළ පැන ඇත්තේ ඒකට ය.
අන්තිමට ඉර යොදා ප්ලේට් එකක් කපා නින්ජා පැක් එකේ මුද්‍රණය සිදු කරන ලදි.
ප.ලි. එසේ වුවත් අද ඉන්න ක්ලයන්ට්ලාට වඩා එදා සිටි ක්ලයන්ට්ලා සිය දහස් වාරයකින් හොඳය.