ඇඩ්වර්ටයිසිං ලෝකයේ අපට හමුවන ඇතැම් චරිත ජීවත්ව සිටියද අපේ මතකයට නොනැඟෙයි.
තවත් සමහර චරිත ජීවතුන් අතර නොසිටියද සදාකල් අපේ මතකයෙන් ඈත්ව නොයයි.
ඩොරති.
ඩොරති ෆර්ඩිනැන්ඩස් එවන් රමණීය චරිතයකි.
දශක දෙකකටත් වැඩි කාලයක් මා ඇය දැක ඇත.
ඒ, හැමදාම එක විදියටය.
ඩොරති ෆර්ඩිනැන්ඩස් එවන් රමණීය චරිතයකි.
දශක දෙකකටත් වැඩි කාලයක් මා ඇය දැක ඇත.
ඒ, හැමදාම එක විදියටය.
ඩොරති ගෙන් අපට ඉගෙනගැනීමට බොහෝ දේ තිබේ.
ඇය තරම් පිළිවෙළට වැඩ කළ තවත් කෙනෙකු මේ ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රය තුල මට හමුවී නැත.
ඩොරති වැඩ කළේ AV ඩිපාර්ට්මන්ට් එකේය.
ඉස්සර කිව්වේ රේඩියෝ ඩිපාර්ට්මන්ට් එක කියාය.
ඒ රූපවාහිනීය එන්නට පෙර යුගයේ ය.
ඇයට කොම්පියුටර් ශාස්ත්‍රය නුහුරු ය.
කැල්කියුලේටර් පාවිච්චියක් නැත.
එහෙත් ඇගේ මොළය කොම්පියුටර් එකකට වඩා ක්‍රියාකාරීය.
පෑනත් කනේ ගසාගෙන ඇය වැඩ කළාය.
සියල්ලම ඇය සටහන් කළේ කොළ කැබලිවලය.
එහෙත් අවුරුදු 10 ක් ගතවුණත් ඇය කැසට් පටය තැබූ තැන ඇයට මතක ය.

ඩොරති ගේ මතක ශක්තිය එතරම් ප්‍රබලය.

ඉදිරිපෙළ වමේ සිට තෙවැනියට අසුන් ගෙන ඉන්නේ ඩොරති ය.
හැම අවුරුද්දකම පොපි දිනය එළැඹෙන විට මතකයට එන්නේ ඩොරති ය.පොපි මල් බෑගයත්, කැටයත් අතින් ගත් ඩොරති මේසයෙන් මේසයට යන්නීය.
ඇතැම් දිනවල ඇය ගාලු පාරේ හිටගෙන පොපි මල් අලෙවි කළාය.
ඇය එය සැලකුවේ ඇගෙන් විය යුතු මහා මෙහෙවරක් වශයෙනි.
ඕනෑම ඒජන්සියක ඇති ලොකුම හොර ගුහාව AV ඩිපාර්ට්මන්ට් එකයි.
එවැනි අංශයක මට හමුවූ එකම අවංක ගැහැණිය ඩොරති පමණි.
එහෙත් මේ රටේ කරුමය නම් හොරෙකුට තිබෙන තැන අවංක මිනිසුන්ට නොමැති වීමයි.අවංකකමට මේ රටේ වෙළෙඳ පොලක් නැත.
ඩොරති ට අත්වූයේ ද එම ඉරණම යි.
ඩොරතිට නිසි ඇගැයීමක් නොලැබුණු බව නම් සහතික ය.
එයට දොස් කීමට නොහැක්කේ මේ රටේ හැටි එහෙම නිසාය.
රැකියාවට අවංකව සේවය කරන්නේ කෙසේද යන්න ඩොරති ඉගෙනගැනීමට ඇති හොඳම පාඩමයි.
ඒ අතින් ඩොරති ඉන්නේ වත්මන් පරපුරට වඩා ගව් සිය දහසකටත් වඩා දුරිනි.
ඩොරති කිසිවිටෙකත් කෑම විසි කරන්නට දුන්නේ නැත.
ඇය ඒවා ඔතාගෙන ගොස් අසරණ පවුල් වෙත දෙන්නීය.

කාර්‍යාලයේ පිරිසිදු කිරිමේ කටයුතුවල නියැලෙන පිරිස්වලට ඇය කෑමෙන් බීමෙන් පමණක් නොව මුදල්වලින් ද උදව් කළාය.
ඇගේ ගෙදර සේවය කළ සේවිකාවගේ දරුවන් දෙදෙනා පාසල් යවා ඉගැන්වීමට උපකාර කළේත් ඩොරති ය.
එවැනි බොහෝ යහපත් ගුණාංග ඇය සන්තකයේ තිබුණි.
ඩොරති ගැන රසවත් කතාවක් තිබේ.
ලංකා බැංකුව සංවිධානය කරන මාසික සංගීත ප්‍රසංගයක් එකල විය.
එහි නිර්මාතෘවරුන් ගැන වෙනම ලිවිය යුතුය.
මේ ප්‍රසංගයට ඇබ්බැහි වූ කිහිප දෙනෙකු ග්‍රාන්ට්ස් එකේ සිටි අතර ඔවුහු ඩොරති ගේ පිහිටෙන් එය නැරඹීමට පුරුදු වී සිටියහ.
වරක් මේ ප්‍රසංගය පැවැත්වුවේ BMICH එකේ ය.
ග්‍රාන්ට්ස් එකේ සිරි අයියා ඇතුළු පිරිස සුපුරුදු පරිදි ප්‍රසංගය නැරඹීමට ගියද ඇතුළට යන්න ලැබුනේ නැත.
පටිගත කරන වැඩසටහනක් බැවින් BMICH එකේ සිකියුරිටි මහත්තයා ඔවුන්ට ඇතුළු වීමට බාධා කළේය.
දැන් එකම පිහිට ඩොරති ය.
" ඩොරති ඉන්නේ කොහේද ...?"
සිරි අයියා ඇසුවේය.
" අතනත් දොරක් තියෙනවා ...මෙතනත් දොරක් තියෙනවා "
සිකියුරිටි උත්තර දුන්නේ ය.
" ඩොරති ඉන්නේ කොහේද ...?"
සිරි අයියා නැවත ඇසුවේය.
" අතනත් දොරක් තියෙනවා ...මෙතනත් දොරක් තියෙනවා "
සිකියුරිටි යලි උත්තර දුන්නේ ය.
වෙලා තිබුනේ මේකය.
ඩොරති ඉන්නේ කොහේදැයි කියා අසන එක සිකියුරිටිට ඇහෙන්නේ දොර තියෙන්නේ කොහේද කියාය.
පස්සේ ඩොරති ඇවිත් සිරි අයියා ඇතුළු සෙට් එක ඇතුළට ගෙන තිබේ.

ඩොරති දශක 4 කටත් වඩා ග්‍රාන්ට්ස් එකේ සේවය කළාය.
දිනක් සේවය නිම කර ගෙදර ගිය ඩොරති පසුවදා වැඩට නොපැමිණීයාය.
ලෙහෙසියෙන් නිවාඩුවක් නොගන්නා ඩොරති ගේ නොපැමිණීම ගැන විමසීමේදී දැනගන්නට ලැබුනේ ඇය ග්‍රාන්ට්ස් එකෙන් පමණක් නොව මෙලොවින් ද සමුගෙන ඇති බවය.
එවන් හිතෛෂි මිනිසුන් ඇඩ්වර්ටයිසිං ලෝකයට යලි පහළ වන්නේ නැත.
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්