ලංකාවේ සිටි ජනාධිපතිවරුන් අතර මෛත්‍රීපාල සුවිශේෂ තැනක් ගන්නෙකි.
ඒ, තම පාලන කාලය තුල ඔහු තරම් ආතල් දුන් වෙනත් ජනාධිපති කෙනෙකු නැති නිසාය.
අපේ රටේ රාජ්‍ය නායකයිනට විවිධ නම් පට බැදී ඇත.
ඩී. එස්. ජාතියේ පියා ය.
ඩඩ්ලි බත් දුන් පියා ය.
ජේ. ආර්. ඇට දුන් පියා ය.
සියල්ලම පිනට ලද බැවින් ඩී.බී. පිං පියා ය.
මෛත්‍රීපාල විතරක් නිකංම නිකං ආප්පයා ය.
මේ රටේ ග්‍රාම සේවක රාළහාමිලාගේ පරමාදර්ශය මෛත්‍රී ය.
ඒ, වැරදීමකින් හෝ ග්‍රාම සේවකයෙකු රටේ ජනාධිපති පදවියට පත්වීම නිසාය.
මෛත්‍රී අවුරුදු 4 ක් ජනාධිපතිකම කළ ආකාරය දුටු විට ඔහු ග්‍රාම සේවකකම කොහොම කළා දැයි සිතා ගත හැකිය.
කෙසේ වෙතත් රනිල් හා ජයම්පති වික්‍රමරත්න එක්ව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති මෛත්‍රී ගේ ධූර කාලය වසරකින් අඩු කිරීම පිළිබදව අප ස්තුති වන්ත විය යුතුය.
මේ රටට සතර වරම් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම තාමත් තියෙන බවට හොදම උදාහරණයකි එය.
මක් නිසා ද යත් මෛත්‍රී තව අවුරුද්දක් හිටියා නම් මුළු ලංකාවම මුල්ලේරියාවක් විය හැකිව තිබුනු බැවිනි.
මෛත්‍රී ගේ පාලන කාලය තුල ඔහු බම්බලපිටිය ඩී. එස්. අයි. සාප්පුවෙන් සෙරෙප්පු කුට්ටමක් ගන්න ගිය සිද්ධිය වැනි සිද්ධි හැරෙන්නට වෙනත් රටට වැදගත් සිද්ධියක් වූයේ නැති තරම් ය.
2019 ජනවාරි 08 වැනිදා මෛත්‍රී හා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් අතර හමුවක් ජනාධිපති නිල නිවසේ පැවැත්විණි.
එහිදී ඔහු කියූ දෑ ඇසූ විට එම මහාචාර්යවරුන්ට ද දෙයියෝ බුදුන් සිහිවන්නට ඇත.
එම කතාවේ සමස්තය ගත් විට ඔහු පැවසුවේ මෙපමණකි.
" මම දන්නේ නෑ...මට කිව්වේ නෑ... මං දැක්කේ පත්තරෙන්..."
".. මම දන්නේ වත් නෑ ජයම්පති වික්‍රමරත්න උසාවියට ලියුමක් දීලා විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කරනවට මං කැමතියි කියලා ..."
මේ මෛත්‍රී එදා කතා කළ හැටිය.
මෛත්‍රී දුන් භෝජන සංග්‍රහය ද භුක්ති විද එළියට පැමිණි ආචාර්ය මහාචාර්යවරුන් ටික ඔළුවල අත් ගසා ගත්තේ ' යකෝ, මේ රටේ ජනාධිපති ද මේ ' කියමිනි.
මෛත්‍රී ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කරන්නට වැඩියෙන්ම වැඩ කළේ මහින්ද ය.
නුගේගොඩ පිහිටි නිවසේ දී බැසිල් මහජන බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ අභාවප්‍රාප්ත ඩබ්ලිව්. කරුණාජීව සමග පැවසුවේ පක්ෂයේ මහ ලේකම් වීමට වඩා සුදුස්සා මෛත්‍රී බවයි.
මෛත්‍රී ආප්පයක් ද කා රනිල් හා එක් වන්නේ මේ සියලු ඉතිහාසය අමතක කරමිනි.
නම මෛත්‍රී වුවත්, මෛත්‍රී පාලනයක් ගෙන යන බව පැවසුවත් රාජපක්ෂවරුන් අරභයා කතා කරද්දී මෛත්‍රී ගේ කටේ මෛත්‍රීය තිබුනේම නැත.
රනිල් හම්බන්තොට වරාය චීනුන්ට විකුණුවේ එම මුදල්වලින් වරාය හදන්නට ගත් සියලු ණය පියවන බව පවසමිනි.
අදටත් ඒ ණය ගෙවන්නේ වරාය අධිකාරිය උපයන මුදලිනි.
මෛත්‍රී මේ ගැන කිසිත් නොකළේ තමාට බලය ලබා දුන් එකේ කෙළෙහිගුණ පියවන්නට විය යුතුය.
අඩුම තරමේ මත්තල ගුවන් තොටුපලේ වී වනන විටත් මේ පොළොවෙන් මතු වූ ගොවි පුතා කටක් ඇරියේ නැත.
මහ බැංකුව සිද්ධියේදී වූයේ අශ්වයා පැන යන තෙක් බලා හිද ඉස්තාලය වසා දැමීම වැනි වැඩකි.
රනිල් ට කලින් ප්‍රශ්න ලබා දී රහස්‍ය ලෙස කට උත්තර ලබා දීමට ඉඩ දීමෙන් සිදු වූයේ කොමිසමේ කළිසම ගැල වී යාම පමණක්ම ය.
මෛත්‍රී ගේ කාලය ගැන කියන්නට ඉතිරිව ඇත්තේ පාස්කු ප්‍රහාරය, මීතොටමුල්ල කුණු කන්ද, මහ බැංකුව මංකොල්ලකෑම, ෆොක්ස්වැගන් වැනි කාරණයන් ය.
මෛත්‍රී තම පාලන කාලය තුල බෙර ගැසුවේය.
කවි කිව්වේය.
සිංදුත් කිව්වේය.
ඔහු රටත් පාලනය කළාදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන්ම පමණකි.
මෛත්‍රී ළග සිටි ශිරාල් වැඩ කළේ සජිත්ටය.
මෛත්‍රී ළග සිටි තිසුරි වැඩ කළේ හර්ෂ ද සිල්වාට ය.
නිශාද් උපේන්ද්‍ර වැඩ කළේ ගෝඨාටය.
අන්තිමට බලන විට මෛත්‍රී ළග මෛත්‍රීට වැඩ කරන්න එකෙක්වත් සිට නැත.
මෛත්‍රී කවි කියන්නට ගොස් ලොකුම අපහාසය කළේ මේ රටේ බිහිවූ විශිෂ්ටතම ප්රවෘත්ති නිවේදකයා වූ අමරබන්දු රූපසිංහටය.
මෛත්‍රී ගැන ලියපු පොත ජනාධිපති තාත්තා ය.
එහි උක්ත කර්තෘ චතුරිකා සිරිසේන ය.
ඇත්ත කර්තෘ නොදනී.
චතුරිකා ලිව්වා නම් ඇය මේ පොත අවසන් කරන්නේ " මෛත්‍රී , මෛත්‍රී බුදුන් දැක නිවන් දකීවා..!" කියායි.
ඒ චතුරිකා ගේ ඇඩ්වර්ටිසිං බිස්නස් එක ගොඩ දාගන්නේ ජනාධිපති තාත්තා නිසාය.
කෙසේ වෙතත් චතුරිකා ගේ ජනාධිපති තාත්තාට වඩා ජනප්‍රිය වූයේ සෝෂල් මීඩියා වල ගිය ජනාධිපති තාත්තාය.
එය කොච්චර නැගලා ගියාද කියනවා නම් දවසක් මහ රෑ උදය ගම්මන්පිල ජනාධිපති තාත්තා පොතක් ද රැගෙන මහින්ද හමුවට ගියේ උදයත් බොරු ජනාධිපති තාත්තාට අහු වූ බැවිනි.
මෛත්‍රී ශ්‍රී ලංකා එක ඉවර කළේය.
යූ.එන්.පී. එකත් ඉවර කළේය.
රටත් ඉවර කළේය.
විධායක ජනාධිපති වූ මෛත්‍රී දැන් නිකං මන්ත්‍රී කෙනෙක් වී සිටින්නේ කෙසේදැයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති විය හැකිය.
එය එතරම් ප්‍රශ්නයක් කරගත යුතු නැත.
මොකද මෛත්‍රී ජනාධිපති කාලයේත් වැඩ කළේ නිකං මන්ත්‍රී කෙනෙක් වගේ බැවිනි.
ආපස්සට හැරී බලන විට මෛත්‍රී යුගයෙන් කියා දැන් ඉතිරි වී ඇත්තේ " හිටං" යන්න පමණි.
(ඇටමැස්සා )