20 ගැන තියෙන ලොකුම ප්‍රශ්නය ඕක ය.

20 ගේන්නේ ‍රට වෙනුවෙන් ද ? බැසිල් වෙනුවෙන් ද ? 

ප්‍රශ්නය කොරෝනා නොවේ, මේක ය.

ටොයියන්ට අනුව නම් 20 ගේන්නේ බැසිල් වෙනුවෙනි.

20 ට කලින් 19 ගැන කතා කළ යුතුය.

පිළිවෙළ එහෙම ය.

අද 20 ගැන කතා කරන බොහෝ දෙනා හදිසියේ නින්දෙන් අවදි වූ අය ය.

20 ගේන්නේ බැසිල් වෙනුවෙන් ය කියන අයට මතක් කර යුතු දේ නම් 19 ගෙනාවේ රනිල් වෙනුවෙන් බව ය.

ඒ, ජනතාවගේ ඡන්දය මංකොල්ලකෑමක් හරහා ය.

2015 දී මේ රටේ ජනතාව ඡන්දය දී බලයට පත් කරන්නේ විධායක ජනාධිපතිවරයෙකි.

ඒ විධායක ජනාධිපතිවරයා ගේ බලතල කිසිම දිනෙක මේ රටේ ජනතාවගේ ඡන්දයකින් ජනාධිපති විය නොහැකි රනිල් වික්‍රමසිංහ හොරා ගන්නේ 19 හරහා ය.

එය හරියටම සුබ සහ යස නාට්‍යය මෙනි.

අවසානයේ රජ වූයේ දොරටුපාලයා වූ රනිල් ය.

රනිල් මෛත්‍රී ගේ හිස ගසා දමනු වෙනුවට කළේ ඔහුගේ බලතල කපා දැමීම යි.

රජ දවස රජුගේ අන්තඃපුරය බාරව කටයුතු කළ ඇමැතියන් ට රාජකාරිය බාර දීමට පෙරාතුව ඔවුන්ගේ ශිෂ්ණය  ඡේදනය කරන ලදි.

මෛත්‍රී ට සිදුවූයේත් අන්න ඒ ටිකම ය.

19 ප්‍රධානම වගන්තියක් වූයේ ජනාධිපතිවරයාට වසර 4 1/2 ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය යන්නයි.

ඒ වගන්තිය ඇතුළත් කළේ චන්ද්‍රිකා ගෙන් උගත් පාඩම අනුව ය.

2001 දෙසැම්බර් බලයට පත් රනිල් ගේ ආණ්ඩුව 2004 දී විසුරුවා හැරීමට චන්ද්‍රිකා කටයුතු කළා ය.

චන්ද්‍රිකා විසින් එතෙක් මෙතෙක් ගන්නා ලද නිවැරැදිම තීරණය වූයේ එය යි.

එසේ නොවන්නට ලෝක සිතියමට තවත් එක් රටක් එකතු වන්නට බොහෝ දුරට ඉඩ කඩ තිබුණි.

අද කාටත් අමතකව ඇති මිලේනියම් සිටි පාවාදීම සිදුවූයේ එදා වික්‍රමසිංහ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ‍යටතේ ය.

2015 දී යහපාලන ආණ්ඩුව කරන්නේ ‍රටේ ඔත්තු සේවා බිඳ වැට්ටවීමේ ඉදිරියටත් කරගෙන යෑම යි.

එහි අවසන් ප්‍රතිඵලය ලෙස පාස්කු ප්‍රහාරය රටට බුක්ති විඳීමට සිදුවිය.

එම පාස්කු ප්‍රහාරය ගැන 19 න් පසු නාමික ජනාධිපති වූ මෛත්‍රී දන්නේත් නැත.

19 න් පසු විධායක අගමැති වූ රනිල් දන්නේත් නැත.

පොලීසිය බාර සාගල දන්නේත් නැත.

දැනගෙන සිටි එකම තැනැත්තා වූයේ හරීන් ගේ පියා ය. 

සකෝ බල ලෝ!

මේ යහපාලන නිඝණ්ඨ සමයේ රටේ ආරක්ෂා පත්ව තිබූ තත්ත්වය ‍යි.

19 න් තවත් යෝජනාවක් සම්මත කරගනී.

එනම්, ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසි කිරීම යි.

මේ යෝජනාව පළමුව ගෝඨාභයත්, දෙවනුව බැසිලුත් ඉලක්ක කරගෙන ගෙනෙන ලද්දකි.

ද්විත්ව පුරවැසිභාවය තබා මේ රටේ පුරවැසිභාවයවත් නැති කල්ලතෝනියකු මහ බැංකුවේ මහ පුටුවේ වාඩි කරවද්දී රනිල්ටවත්, රනිල්ගේ සට්ටම්බිරාළලාටත් ප්‍රශ්නයක් වූයේ නැත.

දැන් ප්‍රශ්නය බැසිල් ය.

බැසිල් ඇතුළට ඒම වැළැක්වීම ය.

මක්නිසාද ‍යත් බැසිල් යනු මීටරයකි.

අද දේශපාලන කෙළිබිමේ සිටිනා අංක එකේ ගේම්කාරයා ය.

බැසිල් ගහන ගේම මැතිවරණ කොමසාරිස්ටවත් සිතාගත නොහැකිය.

ලංකාවේ සිටි ලොකුම දේශපාලන ගේම්කාරයා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ අද ජීවතුන් අතර සිටියා නම් ගේම් ගහන හැටි ඉගෙන ගන්න එන්නේ බැසිල් වෙතට ය.

මොන විරෝධය මතු වූවන් 20 ගෙන එන්නේ ‍ය.

හකීම් ගේ, බදුර්දීන් ගේ, විමල් ගේ, මෛත්‍රී ගේ පක්ෂ කඩා හෝ ඡන්ද බාගෙන 20 සම්මත කරගන්නේ ‍ය.

එය එසේ නොවන්නේ නම් බැසිල් ගෙන් වැඩක් නැත.

බැසිල් ට එය කළ හැකි වන්නේ නම් ද්විත්ව නොව ත්‍රිත්ව පුරවැසිභාවයක් තිබුන ද 20 නොව  25 වැනි සංශෝධනය ගෙනැවිත් හෝ බැසිල් ඇතුළට ගත යුතුය.

මන්ද ‍යත් බැසිල් එවැනි වැඩකාරයෙක් නම් ඔහු සිටිය යුත්තේ පාර්ලිමේන්තුව ඇතුළේ මිස එළියේ නොවේ.

යහපාලනය පුද්ගලයන් ඉලක්ක කරගෙන කළ දෑ බොහෝ ය.

රවී කරුණානායක මන්දිර බද්දක් ගෙනාවේ පුද්ගලයන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන ය.

එහෙත් රවී කරුණානායක අපාර්ට්මන්ට් මිල දී ගන්නා විට මන්දිර බදු කැළේ ය.

CSN එක දඩයම් කළේත් එවැනිම ආකාරයකට ය.

කෘෂිකර්ම අමාත්‍යයාංශයට සබීතා ගේ බිල්ඩින් එක ගැනීම කිසි ලෙසකින් වත් සාධාරණීකරණය කළ නොහැකි විය.

ඩීල් එක පිටුපස සිටියේ වික්‍රමසිංහ සහෝදරයෙකි.

සියලු මඩ ටික කෑවේ දුමින්ද දිසානායක ය.

මේ අසාධාරණයන් සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටිය අයටත් නොපෙනී ගියේය.

" එකක් කඩතොළු 
  මකා ගන්නට
  ගොසින් සිදු වූ කාරියා
  දෙකක් කඩතොළු 
  හදා ගත්තයි 
  කම්මලේ ආචාරියා..."


මේ අපේ පැරණි කතාවකි.

මෙය වර්තමානයට ගලපා ගත් විට කියැවෙන්නේ මෙසේය.

" එකක් කඩතොළු 
  මකා ගන්නට
  ගොසින් සිදු වූ කාරියා
  6 ක් කඩතොළු 
  හදා ගත්තයි 
  සිරිකොතේ ආචාරියා..."

යහපාලනය 19 ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමටවත්, සාධාරණ සමාජයක් ගොඩනැගීමටවත්, දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති කිරීමටවත් වෙන මොන බම්බුවකටවත් නොවේ.

මෙරට දේශපාලනයෙන් රාජපක්ෂවරුන් ඉවත් කිරීමට ය.

අන්තිමේදී සිදු වූයේ එක රාජපක්ෂ කෙනෙකු ඉවත් කරන්නට ගොස් ගෝඨා , මහින්ද , චමල්, නාමල් , ශෂීන්ද්‍ර යන රාජපක්ෂවරුන් 5 දෙනාම පාර්ලිමේන්තුවට තේරී පත් වීම යි.

හෙට අනිද්දාට බැසිල් ද ආවිට සේරම ගණන 6 කි.

පුද්ගලයන් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා හදන්න  ගිය විට සිදුවන නස්පැත්ති මේවා ය.

19 ගෙනෙන විට ජනමත විචාරණයක් අවශ්‍ය වූයේ  නැත.

19 වෙනස් කරන්නට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ කුමන පදනමක් යටතේ ද?

දේශපාලන භේදවලින් තොරව සිතා බැලිය යුතු කාරණා මේවා ය.

අනෙක් අතට මේ රටේ 69 ලක්ෂයක් ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ නිකම් අත ගගා ඉන්නට නොවේ.

ජනතාවට උවමනා වැඩ ය.

20 ගේන්නේ ජතතාවට හොරා නොවේ.

ජනතාව දැනුවත්ව ය.

ජනතාව යහපාලකයන්ට එරෙහිව මනාපය පළ කළේ ඒකට ය.

හඬ අනුව තීන්දු දෙමින් පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් බවට පත් කළ  කරූ ජයසූරිය කතානායකතුමාටත් දැන් හදිසියේම ප්‍රජාතන්ත්‍රවාදය මතක් වී තිබේ.

20 ගැන කෑ මොර ගස්න උදවිය  19 න් මේ රට නපුංසක රටක්, මේ රටේ නපුංසක පාලනයක්. ඇති කළ  අන්දම ගැන කතා කරන්නේ නැත.

19 නිසා රටට වූ වින්නැහිය අපි සියැසින්ම දුටුවෙමු.

20 ගෙන ආ යුතුය.
බැසිල් ද ආ යුතුය.

දැන් අප ඉන්නේ නාසය තෙක් වතුරේ  ගිලී ය.
ඉන් උඩට වතුර ගියා කියා ලොකු වෙනසක් නැත.

 'කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ 'යැයි කීවාක් මෙන් යහපාලන සෙට් එකට දැන් කිරීමට සිදුව ඇත්තේ  කට සහ අනිත් තැන වසාගෙන  සිදුවන දේ බලාගෙන සිටීම පමණකි.

(ඇටමැස්සා )

ඇටමැස්සා ගේ සබැඳි සටහන් :

බැසිල් - THE MAN - ඇටමැස්සා 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්